Showing posts with label තාක්ෂණික. Show all posts
Showing posts with label තාක්ෂණික. Show all posts

ලැබෙන Email, Desktop එකට ම ගෙන්නා ගන්න... (Gmail)



Google සමාගමෙන් නොමිලේ ලබාදෙන, අපි හැමෝම වගේ පාවිච්චි කරන දෙයක් තමයි Gmail කියන්නෙ. Hotmail සහ Yahoo වගේ නොමිලේ සේවාවන් ලබාදෙන්නන් අතරින් Google සමාගම ඉන්නේ ප්‍රමුඛතම ස්ථානයේ. එහෙම හැමෝම අතරේ ජනප්‍රිය වෙන්න හේතුව ඔවුන් ලබාදෙන සේවාවේ තියෙන ගුණාත්මක බව නිසා වෙන්නෝන. කාලෙකින් ටෙක්නිකල් සම්බන්ධ දෙයක් ලියන්නත් බැරිවුණ නිසා ම අද කියන්න යන්නෙ කොහොමද ඊමේල් පණිවුඩයක් ඩෙස්ක්ටොප් එකට නොටිෆිකේෂන් එකක් විදියට ගෙන්නාගන්නේ කියලා. සාමාන්‍යයෙන් අපිට එන ඊමේල් එකක් කියවන්න නම් අපිට ඊමේල් ගිණුමට ලොග් වෙන්න වෙනවනෙ. හැබැයි ඉතින් අපි මොනාහරි වැඩක් කරමින් ඉද්දි සැරින් සැරේ ඊමේල් බලන්න යන එක කරදර වැඩක්නේ. ඉතින් Gmail Notifier ඒකට හොඳ විසඳුමක් දෙනවා.

මේක පාවිච්චි කිරීමේදි විශේෂ වාසි කිහිපයක් ම තියෙනවා ලැබෙන. එකක් තමයි සැරින් සැරේ ලොග් වෙන්න ඕන නැතිවීම. කියවන්න ඕන වෙන්නෙ නැති ඒවා ඒ වෙලාවෙම නොබලා ඉන්න පුළුවන්. තව ඒ ලින්ක් එක මඟින් ඊමේල් එකට reply කරන්නත් පුළුවන්. ඒ වගේම gmail ගිණුම් කිහිපයක් තියෙන කෙනෙකුට වුණත් හරිම පහසුවක් මේක.



මෘදුකාංගය බාගත කරගෙන සාමාන්‍ය විදියට ස්ථාපනය කරගෙන යන්න. එතකොට පහතින් වගේ වින්ඩෝ එකක් ලැබේවි, රූපයේ විදියට ටික් දෙක ම දාන්න. Run on start-up කියන එකෙන් වෙන්නෙ අපි Windows වලට ලොග් වෙද්දි ම මේ Gmail Notifier එක විවෘත වෙන එක. Use for outgoing mail තේරීමෙන් වෙන්නෙ ආව ඊමේල් එකට reply කරන්න අවශ්‍ය පහසුකම ලබා දීමයි. ඊටපස්සෙ ඊමේල් ලිපිනය සහ මුරපදය ඉල්ලනවා අපෙන්. ඒකත් දුන්නට පස්සෙ වැඩේ හරි.



දැන් ඔයාලට system tray එකේ දකින්න පුළුවන් Gmail icon එක. ඒ මත Right-click කළාට පස්සෙ ඔයාලට පුළුවන් අවශ්‍ය වෙනස්කම් කරගන්න. බලන්නකෝ වැඩේ ලේසියිද කියලා....

පසුවදන : සමහර වෙලාවට connection error එකක් එන්න පුළුවන්. ඒ HTTPS secure encryption නිසා. බැරිවෙලාවත් එහෙම වුණොත් මේ .zip file එක බාගත කරගෙන notifier_https.reg file එක විවෘත කරලා Confirm කරන්න. එතකොට ඒ ගැටළුවත් හරි....

37 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

නැනෝ තත්පරේට වෙලාව කියන පරමාණුක ඔරලෝසු...




මොනවද මේ පරමාණුක ඔරලෝසු එහෙමත් නැත්තම් Atomic Clocks කියලා කියන්නෙ? ඒ ගැන කතාකරන්න කලින්, ඔරලෝසු ගැන කිව්වම මතක්වෙනවනේ නොයෙක් ජාතියෙ ඒවා නේද? අතේ බඳින ඒවා, බිත්තියෙ එල්ලන ඒවා, වයින් කරන ඒවා, බැටරි තියෙන ඒවා, එලාම් ඔරලෝසු, ඔරලෝසු කණු වල තියෙන විශාල ප්‍රමාණයේ ඒවා... වගේ. හැමෝටම මතක ඇතිනේද ඉස්සර පරණ ගෙවල් වල තිබුණා බට්ටා ඔරලෝසු. අර හැම පැයකටම සැරයක් කෑගහන්නෙ. ඒවායේ කාලය ගණනය කරන්නෙ සාමාන්‍යයෙන් ඒකේ මැද ඉන්න බට්ටා එහෙමත් නැත්තම් අවලම්බයේ දෝලනය මුල් කරගෙනයි. අපේ සාමාන්‍ය එදිනෙදා ගෙදරදොර වැඩකටයුතු වලට ප්‍රමාණවත් තරමේ නිවැරදි බවක් පෙන්වන ඔරලෝසුව මුලින් ම නිර්මාණය කලේ ක්‍රි.ව 1656 දී ක්‍රිස්ටියන් හයිජින් කියන පුද්ගලයා.

අපේ ගෙවල් වල දැන් තියෙන ජාතියෙ ඔරලෝසු වල තාක්ෂණය ආරම්භ වුණේ ක්වාට්ස් කියන පාෂාණයේ එහෙමත් නැත්තම් පළිඟු කියලා හැමෝම කියන පාෂාණයේ අනුනාද සංඛ්‍යාතය මුල් කරගෙනයි. ඒ වුණාට දැන් නම් ඒ පලිඟුව වෙනුවට යොදාගන්නෙ ආදේශක තමයි. මේ ක්වාට්ස් ඔරලෝසු වල කාල ගණනයේ නිරවද්‍යතාවය ගත්තොත් සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී මාසයකට තත් 15 ඉඳන් අවුරුද්දකට තත් 10 දක්වා විචලනයක් දකින්න පුළුවන්. සාමාන්‍ය අවලම්බ ඔරලෝසු වලට වඩා නිවැරදිව කාලය ගණනය කරන මේ ඔරලෝසුව නිර්මාණය කළේ කැනේඩියානු ජාතික සන්නිවේදන මැවිසුරෙක් වෙන වොරන් මැරිසන් විසින්.


ඔන්න දැන් අපි අපේ මාතෘකාවට එන්නයි හදන්නෙ. පරමාණුක ඔරලෝසු. උඩ රූපයේ තියෙන්නෙ නවීනතම පරමාණුක ඔරලෝසුවක්. මේ පරමාණුක ඔරලෝසු නිපදවන්න යොදාගෙන තියෙන්නෙ පරමාණුක ක්‍රමාංකය 133ක් වෙන සීසියම් කියන මූලද්‍රව්‍යය. සීසියම් පළමුවෙනි කාණ්ඩයේ සක්‍රීය ලෝහයක්. ඔය පළමුවෙනි කාණ්ඩයේ ලෝහ වතුරට එහෙම දාලා ටැස් කරලා තියෙන අය එහෙම ඇතිනෙ! (මමත් එකෙක්!).

එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍යය එකසිය ගාණක් තියෙද්දි ඇයි සීසියම් ම මේ සඳහා තෝරගත්තේ කියලා. ඇත්ත. මටත් එහෙම හිතුණා. ඒකට හේතුව තමයි අනෙක් මූලද්‍රව්‍ය වලට සාපේක්ෂ ව කාල ගණන ක්‍රියාවලියේදි සීසියම් මූලද්‍රව්‍යය අසාමාන්‍යය නිවැරදි බවක් පෙන්වීම. පරමාණුක ඔරලෝසුවේ යාන්ත්‍රණය ටිකක් විතර සංකීර්ණ වුණත් ඒකෙදි භාවිතා වෙන න්‍යාය නම් සරල එකක්. විද්‍යාත්මක ව තත්පරය අර්ථ දක්වලා තියෙන්නෙත් මූලද්‍රව්‍යයක අර්ධ ආයුකාලය සැලකිල්ලට අරන් නේ (1 second = 9,192, 631,770 cycles of the standard Cs-133 transition). ඉතින් මේකේ භාවිතා කරන න්‍යාය තමයි සීසියම් ලෝහය එහි ශක්ති මට්ටම් දෙකක් අතර සංක්‍රමණය වීමට ගතවෙන කාලය මැනීම කියන දේ. මේ සඳහා සීසියම් පරමාණුව ක්ෂුද්‍ර තරංග වලට නිරාවරනය කරනවා ඒවායේ අනුනාද සංඛ්‍යාතයට ළඟා වෙනකල්. මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒකයි මම කිව්වෙ සරලයි වගේම සංකීර්ණයි කියලා. මේ පරමාණුක ඔරලෝසු වල නිරවද්‍යතාවය ගැන කියනවා නම් දවසකට නැනෝ තත්පර 0.1ක් හෝ අවුරුදු 1,400,000 කට වරක් තත්පරයක් වෙනස් වීමේ හැකියාව තියෙනවා. හිතන්නත් අමාරු තරමේ නිවැරදි බවක් නේද? මේ කියන පරමාණුක ඔරලෝසුවේ අයිතිය එහෙමත් නැත්තම් පේටන්ට් බලපත්‍රය තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ වල බෝල්ඩර් කියන නගරයේ පිහිටලා තියෙන National Institute of Standards and Technology එකට තමයි.


මේ පරමාණුක ඔරලෝසුවක අභ්‍යන්තර ක්‍රියාවලියක් රූපයේ තියෙන්නෙ. කෙනෙකුට හිතෙන්න පුලුවන් තවත් ප්‍රශ්නයක් තමයි ඇයි මේතරම් දුරකට නිවැරදි ව කාලය ගණනය කරන්නේ කියලා? ලංකාව වගේ පුංචි රටකට ඒකේ වැදගත්කම ලොකුවට නොදැනුනාට ලෝකය පුරා සන්නිවේදන කටයුතු, ආරක්ෂක කටයුතු, මූල්‍ය කටයුතු වලට මේ නිරවද්‍ය වෙලාව ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් ලෝකය පුරා ම සන්නිවේදන කටයුතු දැන් සිද්ධ කරන්නෙ චන්ද්‍රිකා (නෝනා නෙවෙයි ඈ... ) ආධාරයෙන් නේ. ඒ චන්ද්‍රිකා මඟින් ලබාගන්න තොරතුරු පොළවට ලබාගන්නේ GPS Receivers මඟිනුයි. සමාන්‍යයෙන් යම් තොරතුරක් නිවැරදිව ලබාගන්න චන්ද්‍රිකා තුනක වත් දත්ත ඕන කරනවා. ඒ ඇයි කියලා මම කියන්නෙ නැහැ. (පෘථිවිය ආසන්න වශයෙන් ගෝලයක් නෙ. එහෙනම් හිතාගන්න පුළුවන් නේද ඒ ඇයි කියලා? ). මෙහිදී දත්ත ලබාගන්න චන්ද්‍රිකා ගණන වැඩිවෙන්න වෙන්න දත්තයේ නිරවද්‍ය බව ඉහළ යනවා. මේ චන්ද්‍රිකා භ්‍රමණය වෙන්නෙ පොළවට කිලෝමීටර දහස් ගණනක් ඈතින් නෙ. එතකොට ඒ එවන දත්තයක් ඒ දුර තරණය කිරීමේදී යම් කාලයක් ගන්නවනෙ. එතකොට චන්ද්‍රිකාව තොරතුරු ලබාගත්ත වෙලාවයි අපි ඒක ගන්න වෙලාවයි අතර පොඩි අන්තරයක් තියෙනවනේ නේද? එහෙම වුණා ම තොරතුරේ නිවැරදි බව ගැන ගැටළු ඇතිවෙනවා බොහෝවිට. මේ දෝෂය අවම කරගන්න තමයි පරමාණුක ඔරලෝසු වලින් නිවැරදි ව වෙලාව ගණනය කරන්නේ. ඒ කියන්නෙ චන්ද්‍රිකාවේ වෙලාවයි GPS Receiver වල වෙලාවයි එකටම යාවත්කාලීන වුණා ම අර මුලින් කියන දෝෂය මඟහැරෙනවා.

මේ පරමාණුක ඔරලෝසුවක් සාමාන්‍යයෙන් ලංකා මුදලින් රුපියල් මිලියන 15 ක් විතර වෙන හින්දා ඇමති කෙනෙකුට වගේ කෙනෙකුට ඇරෙන්න ලේසියෙන් කාටවත් ගෙදර පාවිච්චියට නම් ගන්න අමාරුයි.


ලංකාවෙත් පාවිච්චි කරනවා මේ ඔරලෝසු. ඒ රුබීඩියම් පරමාණුක ඔරලෝසුවක්. සීසියම් පරමාණුක ඔරලෝසුව වගේම තමයි, වෙනසක් නැහැ. සීසියම් පරමාණුක ඔරලෝසුවේ පේටන්ට් අයිතිය තියෙන්නෙ ඇමරිකාවට හින්දා (ඔරලෝසු ඕන අය ගන්න ඕන ඇමරිකාවෙන්) චීන්නුත් අතෑරියෙ නැහැ රුබීඩියම් කියන මූලද්‍රව්‍යය අරගෙන එයාලත් හැදුවා එකක්. අපේ රටේ සම්මත වෙලාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1995 අංක 35 දරණ මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනතට අනුව කාලය හා සංඛ්‍යානය පිළිබඳ ජාතික ප්‍රමිතීන් මිනුම් ඒකක,ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවට අයත්වන ජාතික මිනුම් විද්‍යාගාරය තුල පවත්වාගෙන යනවා. ජාත්‍යන්තර සම්මත වේලාව (Coordinated Universal Time - UTC) කියන්නෙ මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා අධ්‍යක්ෂගේ අධීක්ෂණය යටතේ 2011වසරේ සිට ශ්‍රී ලංකාව තුල පවත්වාගෙන යාමට නියමිත කාල පරිමාණයක්. ඒ අනුව ශ්‍රී ලංකාවේ සම්මත කාලය, ජාත්‍යන්තර සම්මත වේලාවට වඩා පැය 5කුත් මිනිත්තු 30ක් ඉදිරියෙන් ස්ථාපිත කරලා තියෙනවා. (සමහරු ඕක කාලෙකට ඉස්සරහට පස්සට කරකවනවනෙ.. )

ජාත්‍යන්තර සම්මත වේලාව (UTC) ගැන කියනවා නම් කාලය සඳහා නෛතික පදනම ලෙස ප්‍රංශයේ පිහිටි කිරුම් හා මිනුම් පිළිබඳ ජාත්‍යන්තර කාර්යාංශය (BIPM) මගින් හදුන්වා දුන්න දෙයක්. මෙහිදී කාලය පිළිබඳ මිනුම් ලබා ගැනීම සඳහා, ලෝකය පුරා ස්ථාපිත කර ඇති කාලය පිළිබඳ මිනුම් විද්‍යාගාරවල පරමාණුක ඔරලෝසු මගින් ලබා ගන්නා දත්ත සමායෝජනය කිරීමක් තමයි වෙන්නෙ.

ප.ලි: මේ දවස් වල Non-Academic staff වැඩ වර්ජනය නිසා ලෙක්චර්ස් යන්නෙ හරිම අසීරුවෙන්. එයාලා හොස්ටල් එකට එන වතුර ලයින් එක වහලා නිසා බොන්න/ නාන්න වතුරත් නැහැ, ඒ නිසා කැන්ටින් එකේ කෑමත් නැහැ(කැන්ටින් කෑම සහ ජලය අතර ඇත්තේ අවිච්ඡින්න බැඳීමක් බැව් දන්නෝ දනිති!!! ). ඔය හින්දා දැන් ඉතිරි වැඩෙත් ඕනවෙන්නෙ නැති මට්ටමකට ඇවිත් තියෙන්නෙ!!!!! හෆෝයි!

44 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Windows 7/ Vista/ XP Genuine කරගන්න...



Windows 8 Beta version එකත් ඇවිල්ලා තියෙන කාලෙක අහවල් දේකට Win 7/Vista/XP ගැන කියනවද මන්දා කියලා ඔයාලට හිතෙනවා ඇති නේද? ඒත් සමහරු ඉන්නවනේ කොයිතරම් අළුත් ඒවා ආවත් පරණ OS එක දාලා යන්න අකමැති අය. උදාහරණයක් විදියට Microsoft සමාගමේ මෙතෙක් බිහි වුණ හොඳම OS එක විදියට ගොඩක් දෙනා සලකන්නේ Windows XP. ඒකට විවිධ හේතු තියෙනවා. Win XP ගොඩක් stable සහ reliable වීම, ගොඩක් මෘදුකාංග සමඟ හොඳින් ක්‍රියාකිරීම වගේ ඒවා. Windows 2000, me වගෙ ඒතරම් සාර්ථක නොවුණ OS වලින් පස්සෙ කැපී පෙනෙන වෙනස්කම් සහිතව එළියට ආවේ Windows XP තමයි. ගොඩක් දෙනාට ඒකේ User interface එක එහෙම හොඳට හිතට අල්ලලා ගියා. ගොඩක් දෙනා වගේම මමත් Windows XP වලට ගොඩක් ආස වුණා. ඒත් නොමිලේ ම හම්බවුණ Windows 7 key එක අපරාදෙනෙ කියලා හිතලා තමයි මමත් සිම්පල් ප්ලෑන් එකකට මාරු වුණේ.

දැන් කියන්න යන්නෙ මේ Windows OS කොහොමද serial key එකක් නැතුව Genuine කරන්නෙ කියලයි. ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ Crack නේ නේද? එහෙම වෙන්නත් හේතුවක් තියෙනවා ඉතින්. නියම Windows OS එකක් ලංකාවේ සාමාන්‍ය කෙනෙකුට තරමක් දරන්න අමාරු මිලකටනෙ තියෙන්නෙ. ඒ නිසා Crack ජනප්‍රියයි. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි අපි කරන්නෙ නම් හොඳ වැඩක් නොවන විත්තිය. ජනප්‍රිය මෘදුකාංග වල කාර්යයන් ඒ විදියටම නොමිලේ ම කරලා දෙන විවෘත කේත මෘදුකාංග ඕනතරම් අන්තර්ජාලයේ තියෙනවා කියලා සමහරු දන්නෙත් නැහැනේ.

වැඩි කතන්දර ඕනෙ නැහැ. මේ ඇවිල්ලා තවත් ක්‍රැක් එකක් නම් නෙවෙයි. පොඩි මෘදුකාංගයක්. WAT Remover(Windows Activation Technology). සාමාන්‍යයෙන් ක්‍රැක් දැම්මම update කරන්න බැහැනේ. නමුත් මේ විදියෙදි පුළුවන්. ඒ වගේ ම සැරින් සැරෙ එන pop up notification එහෙමත් නවතිනවා. පහළ සබැඳියෙන් බාගත කරගන්නකෝ. පාවිච්චියට උපදෙස් මෙහෙමයි. දැන් තියෙන Windows OS සම්පූර්ණයෙන් ම format කරලා අළුතින් ම serial key එක දෙන්නෙ නැතුව Windows 7 install කරගන්න. ඊට පස්සේ Auto Windows Update එක Off කරන්න. දැන් RemoveWAT 2.2.5 setup file එක සාමාන්‍ය විදියට Run කරන්න. දැන් ඔයාගේ Windows 7 OS එක(32/64 bit) සම්පූර්ණයෙන් ම Genuine. දැන් Auto Windows Update එක On කරගන්න. මේ Windows 7 වලට විතරයි හොඳද...

Win Vista/XP වලටත් ඕනෙ නම් මෙතනින් බාගන්න. බාගත කරගැනීමේදි Download Manager මෘදුකාංග භාවිතා නොකර Slow Download Button for Free User Downloading ආකාරයට බාගත කරගන්න.

Windows 7 සඳහා

Win Vista/XP සඳහා

25 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Laptop හොරු අල්ලමු.... සහ මගේ 100!


අළුත් අවුරුද්දත් කට ළඟටම ඇවිල්ලා නේද... හැබැයි මේ සැරෙ වෙනදාට කෑගහන කොහා නම් ආවෙවත් නැහැ. කොහාට අමතක වෙලාද නැත්තම් කොහා කෑගහනවා අහගෙන ඉන්න අපට වෙලාවක් නැති තරමට අපි කාර්යබහුල වෙලාද මන්දා. දවසින් දවස මිනිස්සු අතේ සල්ලි හිඟවෙන්න පටන් අරන් වගේම බඩු මිලත් රොකට් වේගෙන් ඉහළ යන්න පටන් අරන්. ඒක දැන් පසුගිය අවුරුදු කිහිපයකම ඉඳන් දකින්න ලැබෙන දෙයක් මට නම්. තව විදියකින් කිව්වොත් ඇති නැති පරතරය වේගයෙන් වැඩිවෙමින් තියෙනවා. එකී මෙකී නොකී ප්‍රශ්න මැද්දේ අවුරුදු කන මිනිස්සු අවුරුදු ඉවර උණාම කියන්නේ අවුරුද්දක් ඇවිත් අපිව කාලා ගියා කියලයි. මිනිස්සු කීයටවත් හිතන්න කැමති නැහැ තමන්ගේ කළමණාකරණය හරි දුර්වලයි කියලා. මාස ගාණක් පුරාවට මහන්සියෙන් හරිහම්බ කරගත්ත සල්ලි ටික එක විනාඩියෙන් වියදම් කරලා දාන්න අපේ අය හරිම සූරයෝ නේ.

මේ අවුරුදු කතන්දර නිසා කියන්න ආව දේත් අමතක වුණානේ. අද කියන්න යන්නේ අපේ පරිගණකය හරි ස්මාට් ජංගම දුරකතනය හරි නැතිවුණොත් සොයාගන්න උදව් කරන අපූරු මෘදුකාංගයක් ගැනයි. සොරකම් කළ device එක අන්තර්ජාලයට එක් කල සැණින් සියළු තොරතුරු ලබාදෙන්න මේ මෘදුකාංගයට හැකියාව තියෙනවා. මේ මෘදුකාංගයේ නම Prey. සාමාන්‍ය පරිගණක වැඩසටහනක් විදියටම බාගත කරගෙන පරිගණකයේ ස්ථාපනය කරගන්න. ඊටපස්සේ Start මෙනුවෙන් ගිහින් Prey වැඩසටහන විවෘත කරගන්න.


එතකොට විවෘත වෙන්නේ Prey Configurator වින්ඩෝව. දැන් රූපයේ තියෙන විදියට Setup reporting method තෝරලා Next යන්න. ඊළඟ වින්ඩෝවෙන් Prey+Control Panel තේරීම දෙන්න. Next යන්න. අපි තාමත් අළුත් නිසා New User දීලා සාමාන්‍ය විදියට ෆෝම් එක පුරවලා එකවුන්ට් එක Create කරගන්න. දැන් ඊමේල් ගිණුමට ලොග් වෙලා බලන්න Confirmation ඊ-මේල් එකක් ඇවිත් ද කියලා. දැන් activation link එක ක්ලික් කළා ම ඔයාට යන්න පුළුවන් එයාලගේ වෙබ් පිටුවට. එතනදි ඔයාගේ User name, Password නිවැරදි ව ලබා දීලා ලොග් වෙන්න. දැන් පෙන්නාවි ඔයාගේ device එක ගැන විස්තර සේරම.


දැන් අපි බලමු බැරිවෙලාවත් පරිගණකය නැතිවුණොත් මොනවද කරන්නේ කියලා. වෙනත් පරිගණකයකින් අන්තර්ජාලයේ තියෙන ඔයාගේ Prey ගිණුමට ඇතුළුවෙලා All your devices->Managing ගිහින් Missing තේරීම Yes කරන්න. ඊටපස්සේ ඔයාට ඕන නම් තව තේරීම් ගොඩක් දෙන්න පුළුවන්. නැතිවුණු පරිගණකය ගැන විනාඩි කීයකට වරක් වාර්තා කළ යුතුද, දැන් පරිගණකයේ IP address එක මොකක්ද, ආදි වශයෙන්. Webcam තේරීම ON කළොත් දැනට භාවිතා කරන කෙනාගේ ඡායාරූපයක් පවා ඊ-මේල් එකවුන්ට් එකට ගෙන්වා ගන්න පුළුවන්. මීට අමතරව නැතිවුණු පරිගණකය lock කරන්න, alarms, alerts යවන්න එහෙමත් පුළුවන්. මේ සමහර තේරීම් කරද්දි ඒකෙන් වෙන්නෙ මොකක්ද කියලා හොඳට කියවලා බලලා කරන්න අමතක කරන්න එපා.

කාටහරි හිතෙන්න පුළුවන් හොරා පරිගණකය Format කළොත් මොකද වෙන්නේ කියලා. ඒකට උත්තරේ දැනගන්න ඕනේ නම් මේ පෝස්ට් එක ගිහින් බලන්නකෝ.

*******************************************************************************

දැන් කියන්න යන්නේ නම් ටිකක් විශේෂ දෙයක් වගේ ම කලින් කිව්ව මාතෘකාවට සම්බන්ධ නැති දෙයක් ගැනයි. මේ ලියවෙන්නේ ලාහිරු දහසක් දිලී බ්ලොගයේ සියවන සටහනයි. මේ සටහන් සියය අකුරු කරන්න මට අවුරුදු එක හමාරකට ටිකක් අඩු කාලයක් ගියා. මුලින් ම පටන්ගත්තේ තාක්ෂණික සහ විනෝදාස්වාද හෙඩිම යටතේ. පොඩි පොඩි හැලහැප්පීම් තිබුණත් ඔය හෙඩිං දෙක අතරේ දෝලනය වෙවී ලියන්න තමයි උත්සහ කළේ. මුල් කාලේ නම් සටහන් වලට ප්‍රතිචාර හරිම අඩුයි. ප්‍රතිචාර නැති ඒවත් නොතිබුණා නෙවෙයි. අදට වුණත් මහා ලොකු කමෙන්ට් ප්‍රමාණයක් නැතිවුණත් ඒ ලැබෙන කමෙන්ට් ටිකේ ගුණාත්මක බව ගැන මම තෘප්තිමත්. ගොඩක් දෙනෙකුට යම් යම් තාක්ෂණික විදියට උදව් කරන්නත් ලැබීම මට ලොකු සතුටක්.

මේ තරම් දුර ආව ගමනේ උදව් කළ අයනම් ගොඩයි. හැමදෙනාගෙම බැරිවුණත් ටිකදෙනෙක් හරි නම් කියන යුතුකමක් මගේ. හැමදාම මගේ ළඟ ඉඳන් මාව දිරිමත් කරන මගේ පුංචි හා පැටික්කිට, ආදරණීය කෝච්චියා වෙන ගෙහාන් චන්දික සොහොයුරාට, ඉස්සර මේ පැත්තේ ඇවිත් ගිය පන්සල් හන්දිය ලියන කල්හාර අයියාට, පීටර්සන් අයියට, සිතක සංකල්පනා ලියන මධුරංග සහෝ ට, රාජ් ගේ නවාතැන ලියන රාජ් අයියට, පහන් යාය ලියන සයුරි අක්කට, රූ සිරිනි ලියන රූ අක්කට, අසරණයා ලියන අසාර් ට, වර්ණයට පාට තවරන දිනේශ් මලයට, නොදුටු ලොවක් ලියන බණ්ඩාර අයියට වගේම හොස්ටල් එකේ මගේ රූමා වෙන කණිෂ්කටත් ගොඩක් ස්තූතියි සෑහෙන කාලයක ඉඳන් මාත් එක්ක රැඳිලා හිටියට. ඊට අමතරව සිත් රූ, පැතුම්, නෙත්පානි, දිනූක, ශානි නංගිට, වර්ණාට, සිහින මතකයන්, නොහිම් සිහින, හිරු... වගේ නම් කිව්ව නොකිව්ව ගොඩක් අයත් මගේ සටහන් කියවනවා. එයාලටත් ගොඩක් ස්තූතියි. නම් නොකිව්ව අය ඉන්නවනම් තරහාවෙන්න එපෝ...(අළුත් අවුරුද්දේ තරහා හිතේ තියාගන්නත් හොඳ නෑ ඕං)...

එහෙනම් සංතෝසෙටත් එක්ක ම අවුරුදු මේසෙටත් ගොඩවෙලා මොනාහරි කාලා ප්ලේන්ටියකුත් බීලා ම යන්නත් අමතක කරන්නෙපා...


ඔයාලා හැමෝටම යහපත් වූ පින් සිතිවිලි ම වැඩෙන සුබ නව වසරක් වේවා...........

34 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

BIOS password පරිගණක සොරුන් ගෙන් ඔබ සුරකියි...


සාමාන්‍යයෙන් Windows පාදක වුණ පරිගණකයකට අනවසර ඇතුළුවිම් පාලනය කරන ප්‍රධාන ක්‍රම දෙකක් තියෙනවා. ඒවා තමයි
1. Windows Password යෙදීම මඟින්
2. BIOS password යෙදීම මඟින්

මේකෙන් ගොඩාක් ම ආරක්ෂිත සහ ප්‍රයෝජනවත් වෙන්නේ දෙවෙනියට කිව්ව BIOS password යෙදීමයි. ගොඩක් අය හිතාගෙන ඉන්නේ Windows Password එක ප්‍රමාණවත් ආරක්ෂාවක් අපිට දෙනවා කියලා. ඔව්, හැබැයි සමහර වෙලාවට. ඕන නම් වැඩ දන්න කෙනෙකුට Windows Password එක crack කරනවා කියන එක ලොකු දෙයක් නෙවෙයි ඒ හිතන තරම්! BIOS password ගැන කියනවානම් ගොඩක් අය ඒ ගැන දන්නේ නෑ. සමහරු දන්නවා වුණාට පාවිච්චි කරන්නෙත් නෑ. දන්නවද, Windows Password යෙදීම ආරක්ෂිතයි තමයි, නමුත් ඒකට වඩා දහස් ගුණයකින් ඔයා ආරක්ෂිතයි ඔය මුරපද දෙකම පාවිච්චි කරනවානම්.

මේ වගේ දෙයක් හදිස්සියේ ම මතක් වුණේ කැම්පස් එකේ අඳුරන මල්ලි කෙනෙකුට වුණ පොඩි අකරතැබ්බයක් නිසයි. මෑන් දවසක් බස් එකේ කැම්පස් එන ගමන් පැල්මඩුල්ල හරියෙදි බස් එක තේ බොන්න නවත්තලා. එයාත් බෑග් ටික ඉඳගෙන හිටිය සීට් එක උඩින් තියලා සිංදුවක් කියන්න ගිහින්. නිදහසේ සින්දුව කියලා පොඩ්ඩක් වටපිට කාරිය බලලා ආයෙත් බස් එකට ඇවිත් බලනකොට ලැප් බෑග් එක නෑ. බස් එකේ හිටිය හැමෝම වගේ බැහැලා ගිහින් නිසා අහන්න කවුරුවත් ඉඳලත් නෑ. හිටිය එක්කෙනා දෙන්නගෙන් අහද්දි කිව්වලු තුන් හතරදෙනෙක් ඇවිත් අරන් යනවා දැක්කා, ඒ මිනිස්සු ඒ ගැන වැඩි අවධානයක් යොමු කරලා නෑ. මොනවා කරන්නද ඉතින්, පාඩුව විඳගත්තා මලයා. පස්සේ හොයලා බලද්දි තමයි දැනගත්තේ එතන එහෙම බස් වල බඩු හොරකම් කරන මැර කල්ලියක් ඉන්නවා කියලා.

ඔය වෙනකල් ම මම වුණත් හිතලා තිබ්බේ නෑ පොඩ්ඩක්වත් ලැප් එකේ ආරස්සාව ගැන. ඊට පස්සෙ මම හොයලා බලලා දැනගත්ත දේවල් ඔයාලටත් …ඕනවෙන්න පුළුවන්නේ කියලා හිතලා තමයි මේ පෝස්ට් එක දාන්නේ. හරි හරි ඒ කතාව ඉවරයි, අපි යමුකෝ අපේ මාතෘකාවට. BIOS password එක මඟින් කෙරෙන්නේ CMOS වල ගබඩා කරලා තියෙන Settings වලට ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන එකයි. තවදුරටත් කියනවා නම් පරිගණකයේ දෘඪාංග සඳහා වන පිවිසීම අවහිර කරනවා මෙයින්. එහෙමත් තේරුණේ නැත්තම් මෙහෙමයි, පරිගණකයට ඔයා නැතුව මොනවවත් වෙනස්කමක් කරන්න දෙන්නෙ නැහැ. හිතන්නකෝ මෙහෙම. ඔන්න ඔයාගේ පරිගණකය කවුරුහරි සොරකම් කළා කියලා. අපි හිතනවා "බයවෙන්න දෙයක් නෑ, මම XXXX මෘදුකාංගය දාලානේ තියෙන්නෙ, ඒකෙන් ලැප් එක ගත්ත කෙනාගේ ෆොටෝ එකයි ඉන්න තැන ගූගල් මැප් එකකිනුයි කියලා ඊ මේල් එකක් එයිනේ"

එහෙම වේවි හොරා ඔයාගේ පරිගණකයට log වෙලා අන්තර්ජාලයට සම්බන්ධ වුණොත්!!! හැබැයි ඔයාගේ අවාසනාවට හොරා ලැප් අරගෙන Format කරනවා.... එතනදී ගූගල්ටත් ඔයාට උදව් කරන්න බැරුව යනවා. ඊට පස්සේ තියෙන්නේ හිත හදාගන්න එක විතරයි නේද? නෑ නෑ එහෙම වෙන්න ඕන නෑ දැන්... ඒක වළක්වන්න තමයි අපි BIOS password දාන්නේ. එතකොට කාටවත් අනවසරයෙන් පරිගණකය Format කරන්න බැහැ. හොරාට එතකොට හොරකම් කල එකෙන් මෙලෝ වැඩක් වෙන්නේ නැහැ!

අපි බලමුකෝ කොහොමද BIOS password එකක් දාන්නේ කියලා, හරිම ලේසි වැඩක්! සාමාන්‍යයෙන් පරිගණකය Boot වෙනකොට වම් පැත්තේ පහළින් එනවා F1, F2, DEL, ESC, F10 වගේ keys වලින් එකක් ඔබන්න කියලා CMOS Settings සඳහා ඇතුළුවෙන්න. එක එක පරිගණක වල වෙනස් විධි වලට මේ පණිවිඩය දිස් වෙන්න පුළුවන්.

ඊටපස්සේ ඔයාට ලැබෙන්නේ නිල්පාට තිරයක් සහිත මේ වගේ Window එකක්. ඒකේ තියෙනවා Security කියලා tab 1ක්.

ඒකේ තියෙනවා තේරීම් දෙකක්. "Set User Password" සහ "Set Supervisor Password" විදියට. "Set User Password" එකෙන් කරන්නෙත් password එකක් දෙන එක තමයි , නමුත් එතනදි ඒක දන්න කෙනාට පුළුවන් CMOS Settings සඳහා ඇතුළුවෙන්න සහ බලන්න විතරයි. වෙනස්කම් කරන්න ඉඩදෙන්නෙ නැහැ.

"Set Supervisor Password" එක දන්නවනම් ඕන විදියක වෙනස්කම් කරන්න ඉඩදෙනවා. එහෙනම් තෝරන්නකෝ "Set Supervisor Password" කියන එක (ENTER ක්ලික් කරන්න). දැන් Password එක දෙන්න. ඒක ආයෙත් Confirm කරන්න. ඕන කියලා හිතෙනවා නම් "Set User Password" එකත් ඒ විදියටම දෙන්න. දැන් F10 ඔබලා Save කරන්න. ඊටපස්සේ ඔයා පරිගණකයට log වෙන හැමවෙලාවෙම වගේ ඔය Password එක අහාවි. User/Supervisor දෙකෙන් කොයි එක දුන්නත් ගැටළුවක් නැහැ.

ප.ලි: මතක තියාගන්න පුළුවන් Password එකක් දෙන්න, බැරිවෙලාවත් ඒක අමතක උණොත් ආයෙත් log වෙන එක Desktop වල නම් ඒතරම් අවුලක් නොවුණත් Laptop වල ටිකක් කරදරකාරී වැඩක්.

40 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Pen එක RAM එකක් කරමු - ReadyBoost




කාලෙකින් ටෙක්නිකල් පෝස්ට් මුකුත් ම ලියන්න බැරිවුණා. මම බ්ලොග් එක පටන් ගත්තෙත් ටෙක්නිකල් මොනාහරි ගැන ලියන්න, ඒත් කම්මැලිකම තමයි ලොකුම හේතුව වෙලා තියෙන්නෙ මම හිතන්නේ. ඒ හින්දා අද හිතුවා ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක එහෙමත් නැත්තම් අපි හැමෝම දන්න පෙන් එක RAM එකක් කරන හැටි කියන්න. ඉස්සර කාලේ වගේ නෙවෙයි දැන් ලොකු, කුඩා, බාල, මහළු, තරුණ, වැඩිහිටි, ළමා ළපටි හැමෝම ළඟ ෆෝන් එකට අමතරව තියෙන දෙයක් තමයි පෙන් එක කියලා කියන්නෙ.

සමහරුන්ට වැඩක් නැති වුණත් පෙන් එකක් පේන්න තියාගෙන එකත් කාලයක් ෆැෂන් එකක් වෙලා තිබුණානේ. කොහොම වුණත් ඔය පෙන් එකට පුළුවන් ගොළුබෙලි ගමනෙන් යන පරිගණකයට අස්ප වේගයක් දෙන්නත්. ඒ නිසා පෙන් එකේ තියෙන හිස් ඉඩෙන් ප්‍රයෝජනයක් ගත්තොත් කොහොමද? මේක Windows 7 වල තියෙන සැකසුමක්. ඒ කියන්නෙ ටිකක් විතර පරණයි නේද? Windows 8 එන්නත් දැන් ළඟයිනේ. කමක්නෑ දන්නෙ නැති/ පාවිච්චි කරන්නේ නැති අය ඇතිනේ.

හැබැයි ඉතින් පෙන් එක ෆුල් කරගෙන ඉන්න අයට නම් මේක කරන්න බැරිවෙයි ඔන්න. ඒ නිසා වහා ම ක්‍රියාත්මක වන පරිදි 2GB වත් හිස් ඉඩක් තියාගන්න. මට මතක නැතිවුණානේ මේ මොකක්ද කියලා කියන්න. මේ සැකසුමට කියන්නේ ReadyBoost කියලා. පෙන් ඩ්‍රයිව් වලින් විතරක් නෙවෙයි SD Card වලින් වුණත් ReadyBoost කරන්න පුළුවන්. ගොඩක් ම ප්‍රයෝජනවත් වෙන්නේ පරිගණකය ගොඩක් ස්ලෝ අයට තමයි. ඒ කියන්නේ හාඩ් ඩිස්ක් එක ගොඩක් පිරිලා නම් එතකොට පරිගණකය හෙමීට තමයි වැඩ කරන්නේ. ReadyBoost පහසුකම එකතුකළා කියන්නේ හරියට අමතර RAM එකක් එකතු කළා වගේ තමයි. තිබුණට වඩා දැනෙන තරමකට වේගය වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා ලැබෙනවා මෙයින්.

දැන් බලමු කොහොමද කරන්නේ කියලා. පොඩි වැඩ ටිකක් තියෙන්නේ. මුලින් ම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කරන්නකෝ. එතකොට ඒක Auto Play වෙලා මේ වගේ Window එකක් ඒවි. ඒකේ පහලින් ම තියෙන Speed up my system තෝරන්න.


එතකොට යන්නේ මේ වගේ තැනකට. එතනදී Use this device තේරීම දෙන්න. ඊටපස්සේ පහලින් කැමති ඉඩ ප්‍රමාණයක් දෙන්න. අඩුම තරමේ 2GB වත් දෙන්න උත්සහ කරන්න. නැත්තම් මේ වැඩෙන් තේරුමක් නැතිවේවි. මම නම් ලෝබ නැතුව අත දිග ඇරලා ම 5GB දීලා තියෙන්නෙ. ඊට පස්සෙ Apply->OK කරන්න. එච්චරයි වැඩේ.


Device එක Auto Play වෙන්නෙ නැති අයට කරන්න තියෙන්නේ …Computer ගිහින් device එක තෝරලා Properties->ReadyBoost යන එකයි. ReadyBoost ඕන නෑ කියලා හිතෙනවා නම් ආයෙම Computer ගිහින් device එක තෝරලා Properties->ReadyBoost ගිහින් Do not use this device දෙන්න. නැත්තම් පෙන් එක plug කරන සැරයක් ගානෙම පරිගණකය ඔයාගේ පෙන් එකෙන් ඔයා කලින් දුන්න ඉඩ ගන්නවා RAM එක විදියට. මතක තියාගන්න ඔයා RAM එක විදියට පෙන් එකෙන් දුන්න ඉඩ ප්‍රමාණය ඔයාට data store කරන්න පාවිච්චි කරන්න ගන්න බෑ.

4GB-8GB වගේ RAM එකක් තියෙන අයට නම් ReadyBoost වලින් වැඩක් නෑ. සාමාන්‍යයෙන් 1GB-2GB වගේ RAM එකක් තියෙනවා නම් ගොඩක් ප්‍රයෝජනවත්. ReadyBoost පහසුකම ගොඩක් active වගේ දැනෙන්නේ Games, Graphics වල වැඩ කරද්දි තමයි. බලන්නකෝ එතකොට ඒවා load වෙන්න යන කාලය ගොඩක් අඩුයි. හරියට මුල් කාලයෙන් 1/3ක් විතර ඉක්මනට load වෙනවා. අනිත් වැඩ වලදි නම් ලොකුවට දැනෙන එකක් නෑ! කරලා බලන්නකෝ මේ වැඩේ ඔයාටත් ප්‍රයෝජනවත් වේවි. එහෙනම් ඒ ගැන මොනාහරි කියලත් යන්න. වැඩ කරන්නෙ නැත්තම් ඒකත් කියන්න...........


ප.ලි: වැඩේ සැකයි වගේ නම් Start->Resource monitor ගිහින් බලන්න ReadyBoost active කරන්න කලින් සහ පස්සේ කොහොමද පෙන්නන්නේ කියලා!

38 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

WiFi Hotspot එකක් හදාගන්න අන්තර්ජාලයත් එක්කම...



අපි ළඟ තියෙන ලැප්ටොප් එක ලේසියෙන් ම පට්ට WiFi Hotspot එකක් කරන්නේ කොහොමද කියලා තමයි කියන්න යන්නේ මේ! හිතමුකෝ අපි ළඟ රවුටර් එකක් ගන්න සල්ලි නෑ කියලා, ඉතින් කොහොමද අපි මැෂින් ගොඩක් සෙට් වෙන නෙට්වර්ක් එකක් හදාගන්නේ. ඉතින් ලැප් එකේ තියෙන WiFi පහසුකම පාවිච්චි කරලා නෙට්වර්ක් එකක් හදාගන්න හැමෝම දන්නවා ඇතිනේ. අද මේ කියන්න යන්නේ WiFi Hotspot එකකින් අන්තර්ජාල පහසුකම බෙදාගන්නේ කොහොමද කියලා.

සාමාන්‍යයෙන් WiFi පහසුකම පාවිච්චි කරන්නේ File Sharing කරන්නනේ. අපි නම් ඒකටත් නෙවෙයි පාවිච්චි කළේ... ගේම් ගහන්නනේ. හොස්ටල් එකේ කට්ටිය සෙට් වෙලා ලැප් 10 ක් 15ක් නෙට්වර්ක් කරගෙන Wulfenstein, Halo වලින් වෙඩි තියාගන්නවා, NFS වල කාර් පැද පැද ඉන්නවා, සමහර දවස් වල රෑ එකයි දෙකයි නිදාගනිද්දී.

කියාගෙන ආව එකෙන් පිටට ගියානේ, මේ Connectify කියන software එක ස්ථාපනය කරගත්තා ම ලේසියෙන් ම WiFi Hotspot එකක් හදාගන්න පුළුවන්. ඊටපස්සේ ඩොන්ගල් එකක් නැති යාළුවෙකුට අපේ අන්තර්ජාල සම්බන්ධතාවය හරහා ලේසියෙන් ම සම්බන්ධතාවය ලබාදෙන්න පුළුවන්. Configuration කරගන්න පුළුවන් විනාඩියෙන්. ස්ථාපනය කළාට පස්සේ Hotspot name 1, Password එක දුන්නා ම task bar එකේ WiFi device පෙන්නන තැන (Notification Tray එකේ )Connectify පෙන්නනවා. එතැනින් ලේසියෙන් ම අන්තර්ජාල පහසුකම ලබාදෙන කෙනාගේ WiFi Hotspot එකට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒකට අපේ පරිගණකයේ මේ මෘදුකාංගය තියෙන්න ඕනෙත් නෑ. බලන්නකෝ ඔයාලත් කැමති නම් බාගත කරගෙන ම....

ප.ලි : Win 7 වෙන්නෝන OS එක. ඒ වගේ ම හැමෝටම WiFi තියෙන්නත් ඕන!

බාගන්න මෙතැනින්

14 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Bootable CD දැන් කැලේ... !


ඉස්සර කාලේ, ඒ කිව්වේ දැනට අවුරුදු 10 කට කලින් floppy disk එකක අයිතිකාරයෙක් කියන්නේ හරිම ලොක්කෙක් විදියට තමයි අනිත් අයට පෙනුනේ. හික් හික්.. මම උනත් ඒ අය දිහා කට ඇරගෙන බලාගෙන ඉඳලා තියෙනවා ඕන තරම්. මොකටද ආයේ බොරු කියන්නේ. ඒ නිසා ම සමහරු ක්ලාස් යද්දි පොත් අතේ අරන් යනවා වගේ අතේ අරන් ගියෙ ෆ්ලොපියක්. කෙල්ලන්ට පේන්න අරන් යන්නෙත් ෆ්ලොපියක්. සමහර විට ගෑණු ළමයි වුනත් හිතනවා ඇති අන්න වැඩකාරයා කියලා.

ඒ කතා කොහොම වුනත් ඒ කාලේ හැටියට ෆ්ලොපියේ 1.44 MB කියන්නේ සෑහෙන ධාරිතාවයක්. ෆ්ලොපියෙ වුනත් එක එක සයිස් තියෙනවානේ 5 1/4, 3 1/2 එහෙම කියලා. ඔය උඩ තියෙන ෆොටෝ එකේ තියෙන්නෙත් ඒ වගේ එකක් තමයි! සමහරු නම් දැකලත් නැතුව ඇති. Bootable ෆ්ලොපියක් තියෙනවා නම් ඒ කාලේ හරි වටිනවා. මට මතක විදියට ඒ කාලේ වුනත් රු 50/= විතර තමයි වුණෙත්. ටික කාලයක් යද්දී ඒ කියන්නේ bootable CD එහෙම ආවම ෆ්ලොපියට තිබුණ තැන නැතිවෙලා අන්තිමට floppy drive එකට system unit එකෙනුත් එළියට යන්න වුණා.

ඊටපස්සේ OS එකක් එහෙම දාන්න ඕන වුණා ම/ format කරන්න එහෙම ඕන වුණා ම ඒකට bootable DVD එකක් ගත්ත එක තමයි කළේ. දැන් ඉතින් ඒකටත් සමුදෙන්න කාලය ඇවිත්. සමහරු නම් මේක දැනටමත් පාවිච්චි කරනවත් ඇති. බලමුද එහෙනම් අපි හැමෝම දන්න pen එක එහෙමත් නැත්තම් Flash drive එක bootable කරලා Windows 7 install කරන්න. මේකට ඕන කරන්නේ OS එකේ .iso එහෙමත් නැත්තම් image file එකක් සහ 4 GB විතර හිස් පෙන් ඩ්‍රයිව් එකක්. . මේකට පොඩි ටූල් එකක් ඕනවෙනවා Windows 7 USB/DVD download tool එක. මේක Microsoft විසින් නොමිලේ දෙන tool එකක්. ඒක මෙතනින් බාගත කරගෙන ඔයාගේ machine එකට install කරන්න. ……

ඉස්සරවෙලා ම එන ඩයලොග් බොක්ස් එකේ තියෙන්නේ ඔයාගේ .iso file එකේ location එක දෙන්නයි.




ඊළඟට අපේ booting media එක තෝරන්න ඕන. අපි USB නිසා USB device දෙන්න.



දැන් ඔයාගේ පෙන් ඩ්‍රයිව් එක පෙන්නනවා. ඒකට අර .iso file එක copy වෙන්න Begin විධානය දෙන්න.



ඔන්න කොපි වෙනවා. දැන් තියෙන්නේ එහෙනම් වැඩේ ඉස්සරහට කරගෙන යන්න.

ප.ලි: ඉස්සර කාලේ CD-ROM එකේ bootable cd එකක් තිබ්බ ම ඒක first boot device එක විදියට ගන්නවා වගේ ම දැන් එන අළුත් machine වල ගන්නේ ඒ වෙනුවට USB Port එකයි.

කොහොමත් CD එකකින් boot වෙනවට වඩා ඉක්මනට මේ විදියට ඔයාගේ වැඩේ කරගන්න පුළුවන්. ඒ නිසා bootable CD/DVD හොය හොය දැඟලුව කාලේ ඉවරයි. මොනාහරි ප්‍රශ්නයක් නම් කියන්නකෝ . වැඩේ ප්‍රයෝජනවත් කියලා හිතෙනවා නම් මොනාහරි කොටලා ම යන්න පහළින්!!!

42 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Notepad එකෙන් RAM එක Clean කරන්න.....



අපේ පරිගණකයේ වේගයට බලපාන ප්‍රධාන උපාංගයක් තමයි RAM එක කියලා කියන්නේ. RAM එක කියන්නේ තාවකාලික මතකයක්, ඒක විදුලිය මත රඳා පවතිනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අපි ගොඩාක් වෙලාවක් පරිගණකයත් එක්ක වැඩ කරද්දී, ඒ කියන්නේ අපි එක දිගට පරිගණකය පාවිච්චි කරන තරමට RAM එක මත තැන්පත් වෙන දත්ත ප්‍රමාණය වැඩිවෙනවා. ඒ හා සමානුපාතික ව පරිගණකයේ වේගයත් ටික ටික අඩුවෙනවා. ඒක සමහර වෙලාවට දැනෙන තරමකට වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒක රඳා පවතින්නේ තමන් පරිගණකයේ කරන්නේ මොන විදියේ වැඩද කියන එක මතයි. ඒ නිසාම මම හිතුවා ලේසියෙන් ම RAM එක clean කරගන්න විදියක් කියලා දෙන්න. හැබැයි මේ දේ කරන්න software එහෙමත් තියෙනවා හොඳද! (උදා: Ram Cleaner 6.7). ඒත් ඊට වඩා ලේසියෙන් අපිට මේ විදියට RAM එක clean කරගන්න පුළුවන්.

1. ගන්න Notepad එකක්.

2. Type කරන්න මේ විදියට(quotes නැතුව ). "FreeMem=Space(10240000000)"

3. Save කරන්න “CLEANER.VBS" කියලා (quotes නැතුව )ඔයා කැමති තැනක.

4. ඔයාගේ RAM එක 512MB නම් 1024 වෙනුවට 512 replace කරන්න. 2GB නම් 2048 replace කරන්න.

5. දැන් Save කළ තැනට ගිහින් file එක Run කරන්න.

වැඩේ හරිගියාද කියලා Comment කරලා යන්නත් අමතක කරන්නෙපා හොඳද!

9 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Windows 7 සිංහලකරණය කරමු....





Windows 7 ඇවිල්ලත් දැන් අවුරුදු දෙකකටත් වැඩියි වගේ. ලබන අවුරුද්දේ Windows 7 එන්නත් තියෙනවා. ම්ම්ම්... ඔයාලට හිතෙනවා ඇති ඒ අස්සේ මොනවද මේ කියන්න යන්නේ කියලා නේද? හැබැයි ඉතින් එක අතකට මේකේ කාලින වැදගත්කමකුත් තියෙනවද මන්දා. දේශප්‍රේමය, ජාත්‍යාලය ගැන වැඩියෙන් කතා කරන කාලයක් නිසා!!!! හ්ම්... ඒවයින් කමක් නෑ, මම මේ කියන්න යන්නේ Windows 7 වල වැඩි දෙනෙක් දන්නේ නැති පහසුකමක් ගැනයි. Windows 7 OS එක සිංහලෙන් තිබුණොත් කොහොම හිටීද? එහෙම කිව්වට එහෙමම නෑ හැබැයි...

Microsoft Windows Language Interface Pack (LIP) පැකේජය මඟින් තමයි මේ පහසුකම දෙන්නේ. මේ පැකේජය ඇතුළට Windows බෙහෙවින් ම භාවිතා කරන ප්‍රදේශ වල තියෙන භාෂා ඇතුළත් වෙනවා. ඒ අතරට අපේ සිංහල භාෂාවත් තියෙනවා කියන එක ගැන අහන්නත් සතුටුයි නේද? මෙතනදි වෙලා Windows වල මූලික භාෂාව වෙන ඉංග්‍රීසී එහෙමම තියෙද්දී එයින් 80%ක් විතර සිංහල අතුරු මුහුණතක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මෙහිදී ඉංග්‍රීසි මූලික වුන LIP පැකේජ කිහිපයක් වුනත් පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ ඕන නම් තවත් භාෂා කිහිපයක් වුනත් එක මත එක පිහිටුවන්න පුළුවන්. ලෝකය පුරා භාෂා විශාල ප්‍රමාණයකට මේ පහසුකම දීලා තියෙනවනේ. ඒ කොහොම වුනත් බාගත කරන්න තියෙන්නේ 7 MB විතර පොඩි file 1ක්.

බලන්නකෝ පහත screenshots දිහා.





මෙතනින් ගිහින් බාගන්න වගේ ම ස්ථාපනය කරන්න ඕන උපදෙස් එහෙමත් ගන්න පුළුවන්! කැමති අය try කරලා බලන්නකෝ...!

2 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Trojan Horse ගේ කතන්දරේ....



ඔන්න හා හා පුරා කියලා දෙවෙනි වතාවට මම කතන්දරයක් කියන්නයි යන්නේ. කතන්දරයක් කිව්වට මේක තාක්ෂණික කතන්දරයක්. සමහර අයට මතක ඇති මගේ පළවෙනි තාක්ෂණික කතන්දරේ දුරකථනය ගැන. ඒකෙයි මේකේ සම්බන්ධයක් නම් නෑ ...සමහර දේවල් තියෙනවා කොයිතරම් ඉගැන්නුවත් වැඩක් නෑ, අපිට උදාහරණ වලින් කිව්වම නම් නියමෙට තේරෙනවනේ, ගොඩාක් හොඳට මතක හිටිනවනේ! මමත් Trojan Horse ගේ ක්‍රියාකාරීත්වය ගැන හරියටම තේරුම් ගත්තේ ඒ විදියට. ඔයාලාට නම් ඒක කොයිතරම් දුරට හරියයි ද දන්නේ නෑ, බලන්නකෝ කතන්දරේ කියවලා ම!


මේ ට්‍රෝජන් අශ්වයාගේ කතාව. ඔන්න එකමත් එක කාලෙක පුරාණ නගරයක් තිබුණා බටහිර ආසියාවේ කෙළවරට වෙන්න, ග්‍රීසිය කිට්ටුව (ග්‍රීසිය මුහුදෙන් එහා පැත්තේ තියෙන්නේ ) ට්‍රෝයි පුරය කියලා. උඩ map එකේ රතු පාට රවුමකින් තියෙන්නේ ට්‍රෝයි පුරය තමයි. ග්‍රීක් වරු කියන්නේ රණකාමි ජාතියක් කියලා ඔයාලා දන්නවා ඇතිනේ, සූර පප්පා එහෙම බැලුව අය!!! ග්‍රීක් වරු කොයිතරම් රණකාමී ජාතියක් වුනත් එයාලට ට්‍රෝයි පුරය නම් ජයගන්න බැරිවුනා. ඒකට හේතුව තමයි ට්‍රෝයි වැසියෝ සතුරු ආක්‍රමණයන්ට එරෙහිව නගරය වටේට ශක්තිමත් ප්‍රාකාරයක් බැඳලා තිබුණා. යුද්ද කාලේ මේ ප්‍රාකාරයේ දොරටු වහලා තිබුණා පිටතින් සතුරන් එන එක වළක්වන්න. ඒ වගේම දුනුවායෝ ඒක උඩ ඉඳන් සතුරු හමුදා වලට විදලා පලවා හරිනවා නගරයට ඇතුළු වෙන්න කලින්. ග්‍රීක්වරු කොයිතරම් නගරය යටත් කරගන්න මහන්සි වුනාද කිව්වොත් අවුරුදු දහයක් පුරා ඔවුන් යුද්ධ කලා. ඒකට හේතුව තමයි එයාලගේ නම්බුව වෙනුවෙන් පරාජය පිළිගන්න අකමැති වුන එක. ඒ කොහොම උනත් දෙපැත්තෙම අය හෙම්බත් වෙලා හිටියේ අවුරුදු දහයක් යුද්දෙන්.


එක දවසක් ග්‍රීක ජෙනරාල්වරයා වුන ඔඩිසිස් ට නියම අදහසක් පහළ වුනා යුද්දේ දිනන්න පුලුවන් විදියේ. ඔහු තීරණය කලා ට්‍රෝයි නගරය අතහැරලා යන්න, ඒ වගේම ට්‍රෝයි නගර වැසියන් ට සාමයේ ත්‍යාගයක් යවන්නත්. ඒ තමයි දැවයෙන් කල විශාල ප්‍රමාණයේ ලස්සන අශ්වයෙක්. කොහොමත් ග්‍රීක්වරු රණකාමි වගේ ම ගොඩාක් කලාකාමී ජාතියක් නිසා ම සිත් ඇදගන්නා සුළු විදියට දැව අශ්වයා හදන්න ඔවුනට පුළුවන් වුනා. ඒ අශ්වයා ව එක් පුද්ගලයෙක් මඟින් ට්‍රෝයි පුරයට යවන ගමන් ම ග්‍රීක් වරු ට්‍රෝයි පුරයෙන් ඈතට යන්න ගියා. ට්‍රෝයි වැසියෝ, ග්‍රීක් වරු යනවා දැකලා ඉතා ම සතුටට පත් වුනා වගේ ම ආඩම්බරයට පත් වුනා ඔවුන් යුද්දේ දිනුවා කියලා. ඒ නිසා ම අර තෑග්ග සතුටින් පිළිගත්තා. "හරි ම අපූරු අශ්වයෙක්, අපේ ජයග්‍රහණයේ සැමරුම තමයි මේ" කියලා උදම් අනලා ප්‍රීති උත්සව පවත්වන්න පටන් ගත්තා.

දැන් තමයි නියම වැඩේ වුනේ. ප්‍රීති වෙමින් හිටිය ට්‍රෝයි වැසියෝ රාත්‍රිය බොහොම සතුටින් නිදාගත්තා. ඔවුන් නින්දට යනකල් ඉඳලා අර ලී අශ්වයා ඇතුලේ හංගලා හිටිය ග්‍රීක් සෙබළු එලියට ඇවිත් නගර ප්‍රාකාරය උඩට නැඟලා නගරයේ දොරටු විවෘත කලා ග්‍රීක් හමුදාවට. ග්‍රීක් හමුදාවත් යනවා වගේ පෙන්නුවත් ටිකක් දුරට ගිහින් ආයෙත් ඇවිත්. ඉතින් හිතාගන්න පුලුවන් නේ ට්‍රෝයි පුරයේ අවසානය ගැන. ඔන්න ඔහොම තමයි ග්‍රීක් වරු ට්‍රෝයි පුරය ජයග්‍රහණය කරලා තමන්ගේ කීර්ති නාමය ආරක්ෂා කරගත්තේ. "Beware of Greeks bearing gifts!" කියන අපූරු කියමන හැදුනෙත් ඔය විදියට තමයි.

ඔය තමයි Trojan Horse ගේ කතාව. ඒ වුනත් අපි Trojan Horse ව දන්නේ ප්‍රසිද්ධ malicious program එකක් විදියට නේ. මේ විදියට තමයි කතා දෙක සම්බන්ධ වෙන්නේ. Trojan Horse වයිරස් වගේ ස්වයං පුනරාවර්තනය වෙන්නෙ නම් නෑ. ඒත් ඊට වඩා විනාශකාරී විදියට අපේ පරිගණකය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. මොනයම් විදියකින් හරි Trojan Horse වැඩසටහනක් පරිගණකයේ ස්ථාපනය වුනා කියලා හිතන්නකෝ, වෙනත් තැනක ඉන්න hacker කෙනෙකුට ඒ වැඩසටහන යොදාගෙන අපේ information access කරන්න පුළුවන්. ඒ වගේම විවිධ ආකාරයේ හානි කරන්න පුළුවන් පරිගණකයේ දත්ත වලට. මේ තමයි Trojan Horse ට කරන්න පුළුවන් දේවල්.

1. අපේ පරිගණකය botnet එකක සාමාජිකයෙක් කරන එක.
2. දත්ත සොරකම් කිරීම.
3. Third-party malwares install කිරීම.
4. Files Downloading or uploading.
5. Data Modification.
6. Crashing the computer.
7. Keystroke logging

Trojan Horse ගෙන් බේරෙන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි අන්තර්ජාලයෙන් මෘදුකාංග බාගත කිරීමේ දී පිළිගත් අඩවි වලින් විතරක් ගන්න එක. ඒ වගේ ම ස්ථාපනය කිරීමේදිත් සැලකිලිමත් වෙන්නෝන. මෘදුකාංග බාගත කරන්න කලින් ඒ ගැන තියෙන Comments එහෙමත් බලන්න. කතන්දරේ කොහොමද කියලා ප්‍රතිචාරයක් දාලා ම යන්න අමතක කරන්න එපා.

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Hibernate කිරීමත් Sleep කිරීමත් අතර වෙනස දන්නවාද ...?



Laptop එකක් හරි වෙනත් මොනාහරි බැටරියෙන් වැඩ කරන්න පුළුවන් උපාංගයක් තියෙන ඕන ම කෙනෙක් බලාපොරොත්තු වෙන්නේ තමන් පාවිච්චි කරන බැටරිය එකේ උපරිම ම භාවිතා කරන්නයි. මොකද ඔය බැටරි අස්ප ගණන් නිසා කියලා හැමෝම දන්නවානේ. ඒ කොහොම වුනත් Laptop එකක බැටරිය භාවිතා කරද්දි පුලුවන් හැම වෙලාවෙම වගේ ප්‍රධාන විදුලියත් එක්ක සම්බන්ධ කරලා පාවිච්චි කරන්න ඕනනේ. ඒ වගේ ම යම්කිසි කාලයකට වරක් බැටරිය ක්ෂය කරන එකත් කරන්නෝන. සමහරු නම් කියන්නේ මාසයකට සැරයක් බැටරිය ක්ෂය කලාම ඇති කියලා. සමහරු කියන්නේ සතියකට සැරයක් වත් බැටරිය සම්පූර්ණයෙන් ම භාවිතා කරන්නෝන කියලා. ඒ කොහොම උනත් එහෙම කරන්න ඕන වෙන්නෙ බැටරියේ ක්ෂය වීම-ආරෝපණය වීමේ චක්‍රය නිවැරදිව පවත්වාගෙන යන්නනේ. එහෙම වුනේ නැත්තම් පසු කාලෙක බැටරියේ ක්ෂය වීම-ආරෝපණය වීමේ චක්‍රයේ ගැටළු ඇතිවෙලා බැටරියේ උපරිම ඵලදායිතාවය නොලැබෙන්න පුළුවන්.

Laptop එකේ power options වල තියෙන ප්‍රධාන ක්‍රියාකාරීත්වයන් දෙකක් බැටරියේ ආයු කාලය වැඩිකරන ආකාරයට පාවිච්චි කරන්නේ කොහොමද කියලා කියන්නයි මම යන්නේ. සාමාන්‍යයෙන් අපි වැඩක් කරමින් ඉද්දි අපිට එතනින් නැඟිටලා යන්න ඕන වෙන අවස්ථාවන් ඇතිවෙනවා. ඒ වගේ වෙලාවට අපිට Laptop එක shut down කරන්නත් බෑ. ඒ වගේ වෙලාවට තමයි මේ ක්‍රම වැදගත් වෙන්නේ. එකක් තමයි ගොඩාක් දෙනා දන්න Sleep mode එක. අනිත් එක තමයි ගොඩාක් දෙනා දන්නවා වුනත් වැඩිය භාවිතා නොකරන Hibernate option එක.මේ දෙක එකිනෙකින් වෙනස් වෙන්නේ භාවිතා කරන විදුලි ප්‍රමාණය සහ භාවිතා කළ යුතු අවස්ථාව අනුවයි.

Sleep mode

හිතන්නකෝ අපිට හදිසියේ කෑමට, මීටින් එකකට පොඩි වෙලාවකට එළියට යන්න වුනා කියලා. එතකොට අපි කරමින් හිටිය වැඩ ඔක්කොම නතර කරලා shut down කරන්න වෙනවනේ, ඒ වෙලාවට කරන්න තියෙන හොඳම වැඩේ තමයි Sleep කරන එක. Laptop එක Sleep mode එකට පත් කලා ම අපි කරමින් සිටි වැඩ ටික ගිහින් Save වෙන්නේ RAM එකේ. මේ නිසා ම අපි Sleep mode එකෙන් ඉවත් වුන ගමන්, ඒ කියන්නේ touch pad එකට අත වැදුන වෙලාවෙම ඉතාම ඉක්මනින් අපි කරමින් සිටි වැඩ ටික load වෙනවා. මේ වෙලාවෙදි RAM එක ක්‍රියාකාරි විදියට පවත්වා ගෙන යන්න විදුලිය අවශ්‍ය වෙන නිසා Sleep mode එකේදි යම් ප්‍රමාණයක් විදුලිය වැය වෙනවා. පරිගණකයේ Monitor එක විතරයි ක්‍රියා විරහිත වෙන්නේ. එහෙම බලද්දි පොඩි වෙලාවකට නම් අපි ඉවත් වෙන්නේ කරන්න තියෙන හොඳම දේ තමයි Sleep කරන එක.

Hibernate mode

Hibernate mode එක විශේෂයෙන් ම නිර්මාණය කරලා තියෙන්නේ Laptop පරිගණක වල power-saving සඳහාමයි. Sleep mode එක …Hibernate mode එකේ මුල් අවස්ථාවක් කියලා හැඳින්වුවත් වරදක් නෑ. අපි සැලකියයුතු වෙලාවකට පරිගණකයෙන් ඉවත් වෙලා යනවා නම්, shut down නොකර ඉන්න බැරි නම් කරන්න තියෙන හොඳම දේ තමයි Hibernate කරන එක. Hibernate කළා ම අපි කරමින් සිටි වැඩ ගිහින් Save වෙන්නේ hard disk එකේයි. එතකොට Monitor එක වගේ ම hard disk එකත් ක්‍රියා විරහිත වෙනවා. ඒ නිසා ම Hibernate mode එකේදි විදුලිය වැය නොවෙන තරම්. ඒ වගේ ම කියන්නෝන නැවත ක්‍රියාත්මක වීමේදි Sleep mode එකට වඩා සැලකියයුතු වෙලාවක් නම් ගතවෙනවා. සමහර වෙලාවට save වුන data, hard disk එකේ ඉතුරු වෙන්නත් පුළුවන්.

මේ අවස්ථා දෙකෙන් අපි අඩුවෙන් ම ප්‍රයෝජනයට ගන්න වගේ ම වඩාත් ම ප්‍රයෝජනවත් වෙන්නේ Hibernate mode එක තමයි. ඒ කොහොම වුනත් අපි දවසක් දෙකක් වුනත් පරිගණකය භාවිතයට නොගෙන හිටියත් බැටරියේ බැසයාමක් වෙන්නේ නම් නෑ. මම දන්න දේවල් නම් ලිව්වා ඔන්න. මීට වඩා දන්න කෙනෙක් ඉන්නවා නම් Comment එකක් දාලා හැමෝම දැනුවත් කරන්නකෝ.

8 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අළුත් ම ඉන්ටනෙට් ප්‍රොටෝකෝලය IPv6....- 2






මේ ගැන මම දැම්ම මුල් ම සටහන කියවන්න බැරි වුනා නම් මෙතනින් ගිහින් කියවලා එන්නකෝ, මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් වේවි. එහෙම නතිවුනොත් සමහරවෙලාවට අගක් මුලක් තේරෙන්නේ නැතුව යාවි. මම කලින් කිව්වනේ ලෝකේ පුරා IP address බෙදන රාජකාරිය අයිති ICANN කියන සමාගමට කියලා. මේ සමාගමට අයත් IANA (International Assigned Numbers Authority) කියන සමාගම තමයි මුලු ලෝකයම කලාප වලට බෙදලා ඒ ඒ කලාප වලට IP address බෙදලා දෙන්නේ. මේ අවුරුද්දි මුල දි, ඒ කියන්නේ පෙබරවාරි 8 වෙනිදා IANA ආයතනයෙන් විශේෂ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ඒ තමයි නිල වශයෙන් IPv4 ක්‍රමයට සමුදීමේ උත්සවය. එහිදී දැනට ඉතුරු වෙලා තිබුණ IPv4 ආකාරයේ IP address ,එක්කෝටි හැට ලක්ෂයක් විතර අදාළ කලාප වලට බෙදලා දුන්නා. එයාලා අපේක්ෂා කරන්නේ මේ සැප්තැම්බර් වෙන විට IPv4 ආකාරයේ IP address අවසාන වේවි කියලා.



…හැබැයි මේ දේ මේ විදියට වෙන එක ලොකු ගැටළුවක්, ඇයි දන්නවද? IPv6 ආවා කියලා එක සැරේ ම IPv4 නැතිවෙලා යන්නේ නෑනේ. එතකොට අන්තර්ජාලය පුරා මේ අංක 12ක් හා 16ක් සහිත ප්‍රොටෝකෝල දෙක ම භාවිතා වෙනවා. එහෙම වුනාම මේ ප්‍රොටෝකෝල දෙක අතර දත්ත හුවමාරුවට වෙනම ප්‍රවේශ ක්‍රම(gataways) හදන්නෝන. ඒ වගේ ම ඒවට හරියන විදියට දෘඩාංග, මෘදුකාංග හදලා සර්වර් වලට දාන්නෝන. එතනින් නවතින්නෙත් නෑ. අපි දැනට භාවිතා කරන OS, Web browsers, Search engines එහෙමත් මේ ප්‍රොටෝකෝල දෙකට ම හරියන විදියට හදන්නෝන. ම්ම්ම්ම්...ඔයාලාට බය හිතෙන්නේ එහෙම නෑ නේද! එහෙනම් කමක් නෑ. මේ ගැටළුව ඇතිවෙන බව කලින් හඳුනාගත්ත සමාගම් තමන්ගේ දෘඩාංග, මෘදුකාංග මේ ක්‍රම දෙකටම අදාල වෙන ආකාරයට යාවත්කාලීන කරලා ඉවරයි. දැන් අපි භාවිතා කරන මේ දෘඩාංග, මෘදුකාංග වුනත් ක්‍රම දෙකටම ගැලපෙනhttp://www.blogger.com/img/blank.gifවා. පසුගිය ලෝක IPv6 දිනයේ දී ලෝකයේ ප්‍රකට සමාගම් වෙන Microsoft, Yahoo, Google, Cisco, Facebook එකට එකතු වෙලා මේ ගැන පෙරහුරුවක් කලා!


…මෙතැනදි අපිට(End Users) මේ වගේ තාක්ෂණික යාවත්කාලීනයන් සිද්ධ වුනා කියලා දැනෙන වෙනසක් අපේ පද්ධති වලට වෙන්නේ නෑ. අපිට තියෙන්නේ පුරුදු පරිදි ම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එකයි...! මේ IPv6 යටතේ ආරම්භ වෙන අළුත් වෙබ් අඩවි ගොඩාක් වෙලාවට හොයාගන්න ලේසියි. ඒ අඩවි වල වෙබ් ලිපින(url) සාපේක්ෂ වශයෙන් ටිකක් දිගයි. කොහොම වුනත් අපිට අපේ දෘඩාංග, මෘදුකාංග IPv6 එක්ක ගැලපෙනවද කියලා බලාගන්න ඕනෙම නම් www.test-ipv6.com එකට ගිහින් බලාගන්න පුළුවන්. අපි අළුතින් මොනාහරි දෘඩාංග, මෘදුකාංග මිලදී ගන්නවා නම් ඒවත් මේකට ගැලපෙනවද කියලා හොයලා බැලුවට වැරැද්දක් නෑ!.

…උඩ ඡායාරූපයේ ඉන්න පුද්ගලයා ගැන විශේෂයෙන් කියන්නෝන. සමහරු නම් දන්නවත් ඇති වින්ට් සර්ෆ් කිව්වම. අද Google සමාගමේ ප්‍රධාන උපදේශකයා විදියට වැඩ කරන ඔහු කීර්තිමත් පරිගණක විද්‍යාඥයෙක්. ඔහු ව අන්තර්ජාලයේ පියා විදියට හඳුන්වන්නේ 1977 දි මේ IP address ක්‍රමය ඔහු විසින් හඳුන්වා දුන් නිසයි.

…ඔන්න ඉන්ටනෙට් ප්‍රොටෝකෝල් ගැන ලියලා නම් ඉවරයි. කොහොම වුනත් මේ ලිපි වලට ඒතරම් හොඳ ප්‍රතිචාර නම් තිබුණේ නෑ. එහෙම වුනත් ලිව්වේ කවුරුහරි කියවලා දැනුමක් ලබාගනී කියලා හිතලා සහ ආත්ම තෘප්තිය වෙනුවෙනුයි. IPv6 ගැන ලියන්න භූපති ජයසුන්දර සොයුරා ගෙන් ලැබුන උදව්වත් මතක් කරන්නෝන. ආයෙත් මොනවා හරි අරන් ඉක්මනටම එන්නම්.... එතෙක් :)

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අළුත් ම ඉන්ටනෙට් ප්‍රොටෝකෝලය IPv6....




අපි අන්තර්ජාලය පුරා සැරිසරන අවස්ථා වලදි, එහෙමත් නැත්නම් ලෝකය පුරා ඇති කෝටි සංඛ්‍යාත පරිගණක අතර දත්ත හුවමාරු වෙන්නේ ඊටම ආවේණික විශේෂ ක්‍රමයකින් කියලා ඔයාලා දන්නවනේ. ඒ තමයි IP Address හරහා. දැන් දැන් පරිගණක විතරක් නෙවේ ස්මාට් ෆෝන්, අයිපෑඩ්, නෝට්බුක්, අළුත් ම රූපවාහිනී, ශීතකරණ, වායු සමීකරණ වගේ උපකරණ ත් IP Address හරහා දත්ත හුවමාරු කරගන්න එකතු වෙලා ඉන්නවා(ඔයාලා Home network ගැන එහෙම අහලා ඇති කියලා මම හිතනවා!) හැම ගෙදරකටම ඊට ම වෙන් වුන ලිපිනයක් තියෙනවා වගේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම උපාංගයකට ම වෙන් වුන IP Address එකක් තියෙනවා.

ම්ම්ම්ම්.... හරි! ඔයාලාට හිතුනා වගේ ම තමයි, ප්‍රශ්නයක් එනවා එතකොට. කාලයක් ගියාම මේ IP Address ඉවර වෙනවා තමයි. දැන් කාලේ අන්තර්ජාලයට විවිධ ආකාරයේ උපාංග එකතු වෙන වේගයත් එක්ක බැලුවම මේ දවස වැඩි ඈතක නම් නෙවේ තමයි! අද අපි මේ භාවිතා කරන IP Address ක්‍රමය 1981 දී හඳුන්වා දුන් IPv4 IP Address ක්‍රමයයි. ඒක හඳුන්වන තාක්ෂණික නම තමයි බිට් 32 (32 bit) කියන්නේ. අපි භාවිතා කරන IP Address එකක තියෙන්නේ අංක 12ක් කියලා ඔයාලා දන්නවානේ. ඉතින් ඒ අංක 12 විවිධ විදියට භාවිතා කරලා එකිනෙකට වෙනස් IP Address 2හි 32වන බලයක තරම් ප්‍රමාණයක්, එනම් ආසන්න වශයෙන් කෝටි 430ක් හදන්න පුළුවන්. ඒත් මට මතක විදියට දැනටමත් ලෝක ජනගහනය කෝටි 700කටත් ආසන්නයි.

ඉතින් එනපොට හොඳ නැති නිසා ලෝකයේ IP Address පාලනය කරන ICANN ( International Corporation for Assigned Numbers & Names) ආයතනයට අනුබද්ධ IETF ( the Internet Engineers Task Force) ආයතනය මඟින් 1996 දි IPv6 ක්‍රමය හඳුන්වා දුන්නා. ඒක අංක 16 කින් යුත් IP Address අංකයක්. ඒ කියන්නේ බිට් 128 (128 bits) ක්‍රමයක්. එමඟින් 2 හි 128වන බලයක තරම් ප්‍රමාණයක්, එනම් ආසන්න වශයෙන් ට්‍රිලියන ට්‍රිලියන ට්‍රිලියන 340ක්. මේ ඉලක්කම කොයි තරම් ලොකු ද කියන්න මෙහෙම උදාහරණයක් කියන්නම්කෝ. IPv6 ක්‍රමය යටතේ එක පුද්ගලයෙකුට IP Address කෝටි ලක්ෂය බැගින් ලෝකේ ඉන්න හැමෝටම IP Address බෙදලා දෙන්න පුළුවන්. ම්ම්ම්ම්... කොහොමද වැඩේ...!

මේ ප්‍රශ්නේ ලෝකෙට කොයිතරම් බලපාන එකක් ද කියලා කියන්න හොඳම උදාහරණය තමයි ජූනි 8 වෙනිදා ලෝක IPv6 දිනය විදියට නම් කරලා තියෙන එක. කොහොම උනත් මේ ගැන තව විස්තර නම් ගොඩාක් තියෙනවා, ඒත් එක දිගටම ලිව්වොත් කියවන්නත් එපා වෙයි කියලා හිතුන නිසා තවත් විස්තර ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම් ඉක්මනටම!

2 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

දුරකථනය ගැන අපි නොදන්න කතාවක්....?



අද කියන්න යන්නේ නම් ටිකක් විතර වෙනස් විදියේ කතාවක්. දුරකථනය නිර්මාණය කලේ ( 'සොයා ගත්තා' කියලා දැම්මා නම් කවුරු හරි අහන්න බැරි නෑ ඒක නැති වෙලා තිබුනද කියලා... හික් හික් ! ) ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් කියලා අපි ඉගෙන ගන්නේ පොඩි කාලේ නේ. ඒක වුනේ 1876 වගේ කාලෙක. ඒත් දුරකථනය සොයාගත් අළුතම ඒක හිතුව තරම් ජනප්‍රිය වුනේ නෑ. බෙල් තමන් ගේ දුරකථනය අරගෙන තැපෑලේ ප්‍රධාන ඉංජිනේරුවා ළඟට ගියා ම ඔහු කිව්වේ ඒක තමන්ට අනවශ්‍ය බවයි. ඔහුට ඇති තරම් පණිවිඩකාරයන් ඉන්නා බවත් කිව්වා. ම්ම්ම්ම්... හිතන්න පුළුවන්ද දුරකථනය ප්‍රතික්ෂේප වෙන්න හේතුව...? ඒකට හේතුව තමයි බෙල් ගේ දුරකථනයට අංක පුවරුවක් නොතිබුන එක. පහත රූපය බලන්නකෝ.


දුරකථනය හරහා කාටහරි ඇමතුමක් ගන්න ඕන නම් ඒ ගෙදර ඉඳලා අනිත් හැම ගෙදරකට ම වයර් අදින්න ඕන වුනා. ඒක මොනතරම් කරදර වැඩක් ද කියලා තේරෙනවනේ. ඉතින් කාලයක් ගියාට පස්සේ ඒකටත් විසඳුමක් හොයාගත්තා. ඒ තමයි දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක් (Telephone Exchange) එකක් හරහා දුරකථන ඇමතුම් ලබාගන්න එක. ඒකට ඉතින් Hello Girl නංගි කෙනෙක් එහෙමත් ඕන වුනා. දුරකථනය හරහා කාටහරි ඇමතුමක් ගන්න ඕන නම් ඒ ගෙදර ඉඳලා දුරකථන හුවමාරු මධ්‍යස්ථානයට ඇමතුවා ම ඒකේ ඉන්න Hello Girl, ඕන කෙනා ව සම්බන්ධ කරලා දෙන එක තමයි සිද්ධ වෙන්නේ.


මේ ඔක්කොම සිදු වෙන්නේ ඇ.එ.ජනපදයේ Kansas කියන නගරයේ. දැන් තමයි මේ කතාවේ හොඳ ම හරිය! මේ නගරයේ ඉන්නවා Almon Brown Strowger. එයා වෘත්තියෙන් මිනී පෙට්ටි සාප්පු කාරයෙක් (අද කාලේ නම් අවමංගල අධ්‍යක්ෂක කෙනෙක්! ). Strowger ට නියම වැඩක් වෙනවා මේ කාලයේ. බලාගෙන ඉද්දිම බිස්නස් බහිනවා. හිතාගන්න බෑ ඇයි කියලා. ටිකක් හෙමීට හොයලා බලද්දි මරු වැඩක් වෙනවා කියලා Strowger හොයාගත්තා. හිතන්න පුලුවන්ද කාටහරි...? නගරයේ කවුරුහරි කෙනෙක්, මිනී පෙට්ටි සාප්පු කාරයෙක් ව සම්බන්ධ කරලා දෙන්න කියලා Hello Girl ගෙන් ඉල්ලුවාම එයා හැම වෙලේම සම්බන්ධ කරන්නේ එකම එක්කෙනෙක් ව. හොයලා බලද්දි ඒ Hello Girl ගේ husband තමයි ඒ මිනීපෙට්ටි සාප්පුකාරයා. Strowger බැලුවා මේ වැඩේ හරියන්නේ නෑ, මොනා හරි කරන්නෝන කියලා. (අපේ අයියලා නම් කෙලින් ම පාතාලෙට contract එකක් දෙයි නේද Hello Girl ට වැඩක් දෙන්න කියලා...! ). ඒත් Strowger එහෙම කලේ නෑ. වෙන විදියක් හිතුවා කොහොමද මේ Hello Girl මෙතනින් අයින් කරන්නේ කියලා. ඒ හිතුව එකේ ප්‍රතිඵලයක් විදියට තමයි 1897 දි අද අපි භාවිතා කරන අංක පුවරුව සහිත දුරකථනය බිහිවෙන්නේ.


දුරකථන ග්‍රාහකයාට නියමිත අංකයක් ලැබීමත් එක්ක ම Hello Girl නංගි ගේ රස්සාවත් නැතිවෙලා ම යනවා. හැබැයි ඊටපස්සේ Strowger ගේ බිස්නස් නැගලා ගියාද කියලා නම් මම දන්නේ නෑ. එදායින් පටන් ගත්ත දුරකථනය අද අපි පාවිච්චි කරන නවීනතම ජංගම දුරකථනය දක්වා ම වැඩිදියුණු වෙලා.

…අපි මේ දවස් වල කැම්පස් එකේ ඉගෙන ගන්නවා Networking & Telecommunications සබ්ජෙක්ට් එක. ඉගෙන ගන්නකොට නම් ආස හිතෙනවා, ඒත් ටිකක් අමාරුයි. ඒත් එපා වෙන්නේ නම් නෑ, අහගෙන ඉන්නවා....කොහොම උනත් කතාව ඔන්න පුළුවන් හැටියට කිව්වා. හොඳ ද නැද්ද කියලා නම් දන්නේ නෑ. ඒ ගැන කියන්න පුළුවන් ඔයාලටම තමයි....!

18 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

හැමෝම History Clean කරගන්න................. !


ම්ම්ම්ම්.... සෑහෙන කාලෙකින් බ්ලොගේ පැත්තේ ආවේ....! එන්න ඕනකම තිබුනත් වෙලාවක් තිබුනෙ ම නෑ, ඇවිත් අනිත් අයගේ බ්ලොග් කියවලා යනවා. ඒ නිසා ම ගොඩාක් දෙනෙකුට මාව අමතක වෙලා ත් ඇති! ඒ කොහොම උනත් කාලේකින් අලුත් මොනාත් දෙන්නත් බැරිවුන නිසා හැමෝටම වගේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන මෘදුකාංගයක් ගැන කියන්නයි මේ ලෑස්ති වෙන්නේ.....

…මේකේ නම Browser Cleaner . නමින් ම හිතාගන්න පුලුවන් නේද මොකක්ද කියලා... හරි, මම මේ ගැන තව විස්තර ටිකකුත් කියන්නම්කෝ. අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවනේ සාමාන්‍යයෙන් web browsers එකකට වැඩි ගණනක් පාවිච්චි කරන්න. ඉතින් මේ නිසා අපේ පරිගණකයේ සැලකිය යුතු ඉඩක් මේ browsers වල temporary files, cookies, browsing histories රඳවාගන්න වැය වෙනවා. ඒක ම හේතුවක් වෙනවා පරිගණකයේ වේගය දවසින් දවස අඩු වෙන්නත්. සමහරු නම් කාලෙන් කාලෙට මේවා මකා දමන්න උනන්දු වුනත් බහුතරයක් ඒ ගැන අවධානයක් දක්වන්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි මේ වගේ මෘදුකාංගයක් අපිට වැදගත් වෙන්නේ. මේ මෘදුකාංගය පහසුවෙන් බාගත කරගැනීම කරන්නත් පුළුවන්. 1MB විතර පොඩි ප්‍රමාණයක් තමයි වෙන්නේ, ඒ වගේම සමහර මෘදුකාංග වගේ කරදර කාරි toolbar එහෙම එන්නෙත් නෑ. බාගත කිරීම කලාට පස්සේ සාමාන්‍ය විදියට ස්ථාපනය කරගන්න පුළුවන්.



…Run කලාට පස්සේ පහත ආකාරයට තමයි දිස් වෙන්නේ. භාවිතය අතින් ඉදිරියෙන් ම තියෙන browsers තමයි ඇතුලත් කරලා තියෙන්නේ. ඉවත් කිරීම් කල යුතු browsers වලින් ඔයාට ඕන කරන ඒවා තෝරලා දෙන්නත් පුලුවන්.


…Options ගිහින් මේ දේවල් කැමති විදියට තෝරන්න. (ඔක්කොම තෝරලා දෙන 1 තමයි ගොඩක් ම හොඳ! )


…Windows Items වල තියෙන්නේ සාමාන්‍යයෙන් පරිගණකයේ ගබඩා වෙන අනවශ්‍ය …Windows යෙදවුම්. ඒ අතර ඔයාට ඕන කියලා හිතෙන මොනාහරි තියෙනවනම් ඉවත් කරන්න.


…Applications වල තියෙන්නේ අපි එදිනෙදා භාවිතා කරන මෘදුකාංග වලින් ලැබෙන අනවශ්‍ය ගොනු.


…Wipe free Space මඟින් වෙන්නේ අපි මකා දමන මේ ගොනු නිසා පරිගණකයේ overwrite වෙන free space එක ඉවත් කරන එක. ඒ වගේම Recovery කරන්න නොහැකි විදියට history එක මකාදැමීම. එහෙම කරන්න උවමනා නෑ කියලා හිතෙනවා නම් කෙලින් ම Clean Now කරන්න.

හැබැයි එක දෙයක් කියන්න ඕන. මේ සඳහා විනාඩි 3-4ක් විතර ගත වෙනවා. ඒක තීරණය වෙන්නේ පරිගණකයේ තත්වය හා එහි භාවිතය මත.... හැබැයි ලැබෙන සේවය නම් විශිෂ්ඨයි......! ඔයාලත් කැමති නම් නොමිලේ දෙන මේ මෘදුකාංගය අරගෙන බලලා හොඳ නරක කියන්නකෝ, ආයෙත් ඉක්මනින්ම හමු වෙනකල් හැමෝටම තෙරුවන් සරණයි................

3 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Bitdefender USB Immunizer සමඟින් pen drives සුරක්ෂිත කරගන්න...



Bitdefender USB Immunizer කියන්නේ අපේ USB devices, autorun-based malware වලින් ආරක්ෂා කර දෙන වැඩසටහනක්. Autorun පාදක වූ වෛරස සහ malwares තමයි USB pen drives භාවිතා කරන අයට තියෙන ලොකුම ගැටළුව. හැමදෙනාටම වගේ පොදු පරිගණක භාවිතය කරන්න වෙන නිසා ඒක තවත් සංකීර්ණයි. ඉතින් මේ ප්‍රශ්නයට හොඳම විසඳුම තමයි Bitdefender USB Immunizer.

…මෙහි තිබෙන Immunize option එක මඟින් තමයි USB storage device එක autorun-based malware එකට එරෙහිව ක්‍රියාත්මක කරවන්නේ. USB storage device එක වෛරස සහිත පරිගණකයකට සම්බන්ධ කලත් අදාල malware එකට ඊට අවශ්‍ය කරන autorun.inf file එක නිර්මාණය කිරීමට අවස්ථාව ලබාදෙන්නේ නැහැ. ඊට අමතරව Immunize Computer slider option එක මඟින් USB device එකේ autorun පහසුකම On/Off කිරීමේ හැකියාව ලබාදෙනවා. දැනටමත් USB device එක වෛරස ආසාදනයකට ලක්වී ඇත්නම් එය සම්බන්ධ කරන පරිගණකයට autorun වීම මඟින් වෛරසය පැතිරීම වළක්වාලනවා.

…ඉතින් ඔයාලත් කැමතිනම් පහත සබැඳියෙන් Bitdefender USB Immunizer බාගත කරගෙන බලන්න කොහොමද කියලා.....

Bitdefender USB Immunizer

7 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

unread gmail messages ගැන දැනගන්න ලේසි විදියක්...!



ඔයාලා කියෙව්ව නැති emails (unread gmail messages ) ප්‍රමාණය ලේසියෙන් ම count කරගන්න විදියක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේකත් එක්තරා විදියක Unread message icon එකක් තමයි. මේක ටිකක් විතර අළුතින් ආව option එකක්. ඔයාලත් කැමතිනම් try කරලා බලන්නකෝ...! මෙහෙමයි කරන්නේ. ඉස්සරවෙලාම ඔයාගේ gmail account එකට log වෙන්නකෝ.


…1. Options -> Mail Settings යන්න.

…2. Labs tab එක click කරන්න.

…3. පිටුවේ පහළ ම තියෙන "Unread Message icon" එක Enable කරන්න.



…4. දැන් Save Changes දෙන්න.

දැන් වැඩේ ඉවරයි. වැඩේ කොහොමද කියලා මතක් කරලා කියලා ම යන්න.

….....ලාහිරු දහසක් දිලි දිලී.....

0 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !