unread gmail messages ගැන දැනගන්න ලේසි විදියක්...!



ඔයාලා කියෙව්ව නැති emails (unread gmail messages ) ප්‍රමාණය ලේසියෙන් ම count කරගන්න විදියක් ගැන තමයි මේ කියන්න යන්නේ. මේකත් එක්තරා විදියක Unread message icon එකක් තමයි. මේක ටිකක් විතර අළුතින් ආව option එකක්. ඔයාලත් කැමතිනම් try කරලා බලන්නකෝ...! මෙහෙමයි කරන්නේ. ඉස්සරවෙලාම ඔයාගේ gmail account එකට log වෙන්නකෝ.


…1. Options -> Mail Settings යන්න.

…2. Labs tab එක click කරන්න.

…3. පිටුවේ පහළ ම තියෙන "Unread Message icon" එක Enable කරන්න.



…4. දැන් Save Changes දෙන්න.

දැන් වැඩේ ඉවරයි. වැඩේ කොහොමද කියලා මතක් කරලා කියලා ම යන්න.

….....ලාහිරු දහසක් දිලි දිලී.....

0 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඔයාගේ බ්ලොගයටත් Facebook fan Page එකක්.... -2



Facebook fan Page එකක් හදන විදිය ගැනයි අද මම ඔයාලට කියන්න යන්නේ. ඉතින් Facebook fan Page එක ගැන විස්තරයක් මම කලින් පෝස්ට් එකක දැම්මා ඔයාලා ඒක බලන්න ඇතිනේ නේද? ඒක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් ඒකත් බලලා ම ඉන්නකෝ. එහෙනම් දැන් පටන් ගනිමු Facebook fan Page එක හදන වැඩේ.

…මුලින්ම Log වෙන්නකෝ ඔයාලගේ Facebook account එකට. ඊටපස්සේ මෙතනින් ගිහින් Create a Page පිටුවට යන්න. ඔයාලා Facebook fan Page එක හදන්නේ බ්ලොගයකට හරි වෙබ් පිටුවකට හරි නම් Brand or Product තෝරන්න. වැඩි විස්තර වලට පහත රූපය බලන්නකෝ!



දැන් ඒකේ website කියන option එක තෝරලා ඊළඟට ඔයාගේ බ්ලොගයේ/වෙබ් පිටුවේ Title එක දීලා පහල ටික් එකත් දාලා ම Get Started දෙන්න.

…දැන් ඔයාලා page එක නම් හදලා ඉවරයි. ඔයාලා දැන් ඉන්නේ page එකේ Get Started tab එකේ. ඔය කොටස පෙනෙන්නේ page එකේ admin ට විතරයි. මෙතනින් තමයි page එකේ settings ගොඩාක් හදන්නේ. 1,2,3,4 කියන instructions ඔයාට පුළුවන් නම් කරන්න. එහෙම නැතත් කමක් නෑ. මම උදව් කරන්නම්කෝ! ඊළඟට තව පොඩි වැඩක් කරන්න තියෙනවා. දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙනවා Edit Page option එක. ඒක Click කරන්න.



ඒකේ Basic Information ගිහින් category එකට Websites & blogs දෙන්න. subcategory එක සඳහා Computers/Internet දෙන්න. දැන් පහලින් තියෙන පුංචි පුංචි විස්තර ටික සම්පූර්ණ කරලා Save Changes දෙන්න. දැන් ගොඩාක් වැඩ ඉවරයි. ඊළඟට තියෙන්නේ page එක් හැඩකරන්න තමයි. Profile Picture tab එකට ගිහින් ඔයාගේ Photo එකක් එහෙම දාගන්න. දකුණු පැත්තේ උඩ කෙළවරේ තියෙන View page ගිහින් ඔයා හැදුව page එක බලන්න.

…Invite your friends ගිහින් ඔයාගේ Fb යාළුවන්ට එන්න කියන්න ඔයාව බලන්න. තව wall එකේ Post Status Updates එහෙමත් කරන්න. ඔන්න අදට වැඩ ඉවරයි. මම ඊළඟ පෝස්ට් එකෙන්, ඔයා ලියන අළුත්ම පෝස්ට් fan page එකේ notes වලින් බලන්න හදාගන්න විදිය කියලා දෙන්නම්කෝ. ඔන්න ඔයාට හිතෙන දේවල් Comment එකකින් දාලා යන්නත් අමතක කරන්නෙපා හොඳද!

.....ලාහිරු දහසක් දිලි දිලී.....



3 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

බ්ලොගයට Facebook fan page එකක් හදාගන්න කැමතිද...?



Facebook කියන්නේ ලෝකේ තියෙන ජනප්‍රිය ම සමාජ ජාලයන් අතරින් එකක් නේ. හික්ස්...ඒක මම කියන්න ඕන ද නේද! ඒ කොහොම උනත් මම දැන් කියන්න යන්නේ මමත් කාලයක් තිස්සේ හෙව්ව දෙයක් ගැන. ඒ Facebook fan page එකක් හදාගන්නේ කොහොමද කියලා. මේක ගොඩාක් ම වැදගත් වෙන්නේ තමන්ටම කියලා ව්‍යාපාරයක්, සමාගමක්, බ්ලොග‍යක් එහෙමත් නැත්නම් වෙබ් අඩවියක් තියෙන අයටයි. ඉතින් ඔයාලට පුළුවන් Facebook fan page එකක් හදලා ඔයාගේ site එකේ, බ්ලොගයේ traffic වැඩිකරගන්න ලේසියෙන්ම. කොහොමද ලස්සන Facebook fan page එකක් හදාගෙන බ්ලොගයට Like button එකක් දාගෙන fans ලා ගොඩාක් එකතු කරගෙන ඉද්දි නේද!!

ඒ වගේ ම මේකෙන් තියෙන වාසි ගැන ටිකක් කිව්වොත්...

…1. Facebook හරහා සෘජු බ්ලොග් කියවන්නන් පිරිසක් ඇතිකරගැනීමට පුළුවන්.

…2. ඔයාටම කියලා රසික පිරිසක් (fans)ලැබෙනවා.

…3. බ්ලොගය update කරන හැමවෙලේම ඔයාගේ මිතුරන් ට ඒ බව දකින්නට ලැබේවි.

…4. ඔයාට ඕන වුනොත් ඔයාගේ රසිකයන්ට(fans) එක සැරේ message යවන්න පුළුවන්.

…5. බ්ලොගයට/වෙබ් පිටුවට වෘත්තීයමය බවක්(Professional) ලබාගන්නත් පුළුවන්.

…6. ඔයාලගේ facebook page එක වෙනුවට fan page එක භාවිතා කරලා යාළුවන්ගේ බ්ලොග්/Status වලට Comment දාන්න පුළුවන්. ඒක ඔයාගේ බ්ලොග‍යට ගොඩාක් දෙනෙක් ගෙන්වන්න පුළුවන් විදියක්...

…7. search engines වල ඔයාඅගේ බ්ලොග‍ය දකින්නත් ලැබේවි.

…මේකේ තව තව වැඩ කෑලි ගොඩාක් තියෙනවා. අපේ පෝස්ට් facebook එකෙන් කියවන්න, පෝස්ට් Twitter කරන්න, යාළුවෝ එකතු කරන්න වගේ ගොඩක් දේවල් තියෙනවා. ඉතින් මම ඊළඟ පෝස්ට් එකෙන් fan page එකක් හදන හැටි කියන්නම්.ඔයාලා මේකට කැමති නම්.... Comment එකක් දාන්නකෝ ඒ ගැන කියලා!

…......ලාහිරු දහසක් දිලි දිලි......

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Hard disk එකේ Partitions නොපෙනෙන්න සඟවන්න....




ඔයාලට මතක ඇතිනේ මම කලින් පෝස්ට් එකක කිව්වා Cmd එක භාවිතා කරලා Partitions hide කරන හැටි. ඒක බැලුවේ නැත්නම් මෙතනින් ගිහින් බලන්නකෝ. ඒකත් දැනගෙන ඉන්න එක කෝකටත් හොඳයිනේ නේද! දැන් කියන්න හදන්නේ Computer Management එක පාවිච්චි කරලා Partitions hide කරන හැටි කියලා දෙන්න. එහෙනම් ලෑස්ති වෙන්නකෝ...

1. My Computer/Computer මත Right click කරලා Manage තෝරන්න.

2. Manage ->Computer Management -> Storage තෝරන්න.

3. දැන් Disk Management යන්න.

4. ඔයාට hide කරන්න ඕන Partition එක Right click කරන්න.




5. Change drive letters and paths -> Remove දෙන්න.

දැන් ඔයා තේරුව Partition එක hide වෙලා ඇති. My Computer/Computer ගිහින් බලන්නකෝ. ඉතින් hide කල Partition එක අපිට ආයෙත් ගන්න ඕන වුනොත්...

7. Computer Management–>Select drive–> Change drive letters and paths යන්න.

8. Add -> Assign the following drive letter -> OK දෙන්න.


දැන් ආයෙත් සැඟවූ Partition එක ඔයාට display වේවි. මේ ගැන මොනාහරි ගැටළුවක් තිබුනොත් Comment එකක් විදියට දාන්නකෝ. ඒ කොහොම වුනත් මේ ගැන ඔයාලට හිතෙන දේවල් පහලින් Comment එකක් විදියට දාලා යනවනම් මම ගොඩාක් කැමතියි.

....... ලාහිරු දහසක් දිලි දිලි .......

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

නොමිලේ AVG Internet Security 2011...



ඔන්න ගෙනාවා AVG Internet Security 2011. AVG කියන්නේ ලෝකේ ගොඩාක් දෙනෙක් පාවිච්චි කරන Anti virus software එකක්. Viruses, spyware, hackers, spam and malicious websites වලට එරෙහිව හොඳින් වැඩ කරනවා. PC එකේ වේගයට වුනත් ලොකූ බලපෑමක් මේකෙන් වෙන්නේ නෑ. ඒ වගේම AVG මඟින් පළමු වතාවට හඳුන්වා දෙන AVG Identity Theft Recovery Unit එකට පිවිසෙන්නත් ඒක පාවිච්චි කරන්නත් ඔයාලට පුළුවන්. Malicious websites block කිරීම සඳහා AVG විශේෂයෙන් ම LinkScanner තාක්ෂණයත් භාවිතයට ගන්නවා. ඉතින් ඔයාලා කැමති නම් පහත සබැඳියෙන් ගිහින් AVG Internet Security 2011 බාගත කරගෙන AVG අත්දැකීම විඳගන්න.

…AVG Internet Security 2011 v10.0.1204

ඔයාලට තවත් විස්තර ඕනෙ නම් ඔන්න පහලින් ඒ ගැන තියෙනවා.

…• Safely bank and shop online without fear of identity theft thanks to AVG's Identity Protection technology
• Surf, and search with confidence, with LinkScanner® checking web pages at the only time that matters - right before you click that link

Additionally, Internet Security 9.0 pulls together elements of AVG’s Firewall, Identity Protection, and Anti-Virus Signature Detection Capabilities to deliver the most accurate detection of new and unknown threats. This enhanced protection level makes use of cutting-edge technologies like application white-listing and “in-the-cloud” automated testing for tell-tale signs that indicate the presence of a new threat.

When you install AVG Internet Security, every one of these features is fully-functional - there's no need to do a thing.

Banking And Shopping Online

•AVG Identity Protection - Keeps your private information safe from known and unknown threats
• NEW Enhanced Firewall - Prevents hackers from seeing inside your computer

Surfing And Searching The Web And Social Networking

• LinkScanner® Active Surf-Shield - Ensures every web page you visit is safe – even before you go there
• LinkScanner® Search-Shield - Applies safety ratings to your Google, Bing/MSN and Yahoo search results
• NEW Superior Phishing Protection - Checks to make sure web pages really are what they appear to be

Emailing, Chatting And Downloading

NEW Enhanced Anti-Spam - Blocks spammers and scammers from clogging your system
Web Shield - Lets you download and exchange files without risking virus infections
E-mail Scanner - Keeps you safe from dangerous attachments and links in your e-mail

Whether You're Online Or Offline

• Anti-Virus - Makes sure you can't get or spread a virus, worm, or Trojan horse
• Anti-Spyware - Prevents unauthorized information access by spyware and adware
• Anti-Rootkit - Ensures even the toughest and most sophisticated threats are kept out of your PC
• Game Mode - Keeps you safe without interrupting your Game-play
• Update Manager - Makes sure you're always protected against the latest threats – automatically
• System Tools - Lets you customize how AVG protection works with your system

1 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Partitions hide කරන්න ලේසියෙන්ම ... Software ඕනෙම නෑ!



අද නම් මම කියන්න යන්නේ හරිම Cool, Simple trick එකක්. ඔයාලා ගොඩාක් ආස වෙයි කියලා මම හිතනවා. අපිට සමහර වෙලාවට අතිශය*** රහසිගත දේවල් තියෙනවනේ අනිත් අයගෙන් හංගලා තියාගන්න ඕන වෙන, ඉතින් ඒ වගේ දේවල් වලට නම් මේක ගොඩක් ප්‍රයෝජනවත් වේවි. සමහර Folder Locks නම් තියෙනවා, ඒත් ඒවගේ කාර්යක්ෂමතාවය හරිම අඩුයි (මට දැනිලා තියෙන විදියට! ). දැන් ඉතින් මේක තියෙන නිසා Partition එක පිටින්ම ඕන දෙයක් සඟවන්න පුළුවන් ලේසියෙන්ම.

…එහෙනම් වැඩි කතා නැතුවම වැඩේට බහිමුකෝ. කරන්න තියෙන්නේ මේ ටික!

…1. Start–>Run යන්න.

…2. Diskpart කියලා type කරලා Enter කරන්න.

…3. ඊළඟට List volume කියලා type කරලා Enter කලාම PC එකේ තියෙන drives ඔක්කොම පෙනේවි.



දැන් ඔයාට සඟවන්න ඕන drive එක තෝරන්න. මම මෙතනදි තෝරලා තියෙන්නේ මගේ E drive එක. මෙතනදි volume 2 කියලා තමයි මගේ E drive එක පෙන්නන්නේ.

…4. දැන් type කරන්න Select volume 2 කියලා, Enter කරන්න.

…5. remove letter E කියලා type කරලා Enter කරන්න.


…දැන් ගිහින් බලන්නකෝ Partition එක තියෙනවද කියලා... නෑ නේද? කොහොමද වැඩේ!
හැබැයි මේක හැංගුවා වගේ නෙවෙයි ආයෙත් ගන්නත් දැනගන්නෝන නේ. ඒකට ආයෙත් මුලට ගිහින් Select volume 2 type කරලා Enter කරලා assign letter එ කියලා type කරලා Enter කරන්න. ආයෙත් Partition එක ඇවිත් ඇති. මේක try කරලා බලන්න බයවෙන්නෙපා හොඳද, මේකේ කිසිම risk එකක් නෑ. ඒ නිසා ඔයාලත් try කරලා බලන්නකෝ කොහොමද කියලා. Partitions hide කරන ක්‍රම කිහිපයක්ම තියෙනවා, ඒවා මම ඊළඟ පෝස්ට් එකකින් දාන්නම්කෝ. වැඩේ ෆට්ට කියලා හිතෙනවනම් Comment එකක් දාන්න අමතක කරන්නෙපා හොඳද....!

…ලාහිරු දහසක් දිලී දිලී...........................

6 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

බ්ලොග් සටහන් ලේසියෙන්ම Share කරන්න...!


කව්ද අකමැති තමන්ගේ බ්ලොග් එකේ Traffic වැඩිවෙනවානම් නේද...! ඉතින් මම අද ඔයාලට ගෙනාවා අපේ පෝස්ට් ලේසියෙන්ම හැමෝම අතරෙ Share කරන්න පුළුවන් ක්‍රමයක්. Facebook, Twitter, Digg වගේ ජනප්‍රියම සමාජ ජාල වල අපේ පෝස්ට් එක Share කරන්න පුළුවන්. එතකොට බ්ලොග් කියවන්න උනන්දුවක් නැති යාළුවෝ වුනත් ඇවිත් අපේ බ්ලොග් එක බලලා Comment එකක් එහෙම දාලා යයි.

…වැඩි කතා ඕනේ නෑ, අපි බලමු කොහොමද මේ වැඩේ කරන්නේ කියලා...

…1. අපේ බ්ලොග් එකේ Dashboard--> Desing- -> Edit HTML යන්න.

…2. "Expand Widget Templates" check box එකට ටික් එකක් දාන්න.

…3. Ctrl+F යතුරෙන් body tag එක සොයාගන්න.

4. body tag එක ඇතුලේ මෙතනින් ගිහින් ගන්න Code එක Paste කරන්න.



දැන් වැඩේ ඉවරයි. බලන්නකෝ බ්ලොග් එකට ගිහින් වැඩේ කොහොමද කියලා...!

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Marquee Widjet එකකට කැමතිද..... !


Scrolling Or
marquee text for blogger Demo



කාලෙකින් අපේ යාළුවන්ට මොනවත් අළුත් දෙයක් දෙන්නත් බැරිවුනානේ. ඒ නිසාම අද ගෙනාවා හරිම අපූරු විජට්ටුවක්. මේක හරිම් ආකර්ෂණීය දෙයක් වේවි මම හිතන්නේ ඔයාලට. අපේ බ්ලොගය/ වෙබ් පිටුව ට නවතාවයක් අරන් ඒවි මේ විජට්ටුව. “Scrolling Or marquee text" වර්ගයේ මේ විජට්ටුව, අපේ බ්ලොගය බලන්න එන අයගේ අවධානය දිනාගන්න නියම ක්‍රමයක්. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා...

ඉස්සරවෙලාම Layout>Edit html>click the add a page element> select html/javascript ගිහින් පහත තියෙන code එක <Copy & Paste Code විදියට කරන්න.

marquee direction="Up" scrollamount="8" width="318" style="font-size: 8pt;
color: #800000; font-family: Tahoma" height="66" bgcolor="#FFCC99">Your Text


ඔය Your Text තියෙන තැන අපිට display කරන්න ඕන message එක type කරන්න. ඊට පස්සේ code එක marquee විදියට Closing tags යොදලා වහන්න, Save කරන්න. දැන් වැඩේ හරි. අය්යෝ...මේ තියෙන text colors, background colors, fonts, table sizes, speed.... මට හරියන්නේ නෑනේ කියලා නේද හිතුනේ? අහ්...මම දෙන්නම් ඒකටත් විසඳුම. HTML ගැන පොඩි දැනුමක් තියෙනවනම් වැඩේ ලේසියෙන් ම ගොඩ දාගන්න පුළුවන්, එහෙම නැතත් අවුලක් නෑ, මම උදව් කරන්නම්. පහල තියෙන වගුව බලලා ඔයාලට ඕන කියලා හිතෙන වෙනස්කම් code එකට කරන්න.


Color Pallette එකබලන්න මෙතනින් යන්න. ඔයාට ඕන Color codes එතනින් අරගන්න.මම හිතන්නේ ඔයාලගේ හිතේ මේ ගැනතිබුණ හැම ප්‍රශ්නයකටම විසඳුම් ලැබුනා කියලා. ඒ කොහොම උනත් මොනාහරි ප්‍රශ්නයක් ආවොත් Comment එකකින්දාන්න. ඒ වගේ ම මේ ගැන ඔයාලට හිතෙන දේවල් Comment එකකින් දාලා යන්නත් අමතක කරන්නෙපා හොඳද....!






1 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Command Prompt එකේ tricks....!



Command Prompt එකේ tricks දැනකියාගෙන ඉන්න එක අපේ එදිනෙදා පොඩි පොඩි වැඩ පහසුවෙන් කරගන්න ලොකු උදව්වක් වෙනවා. ඒ ගැන කියන්න කලින් මම හිතුවා Command Prompt එක ගැන වැඩිය මොනාත් විස්තර දන්නෙ නැති අයත් ඇතිනේ, එයාලා වෙනුවෙන් මේ ගැන පොඩි සටහනක් දාන්න.

Command Prompt එක ගැන කතා කරද්දී සාමාන්‍යයෙන් මතක් වෙන්නෙ java එහෙමත් නැත්නම් C# නේ නේද? ඒ වගේ පරිගණක ක්‍රමලේඛණ භාෂා වල තියෙන Console application එක run වෙන්නේ මේ Command Prompt එක මතයි. ඒ කොහොම උනත් Command Prompt එක කියන්නේ Microsoft ආයතනයෙන් ලබාදෙන CLI එක, ඒ කියන්නේ Command Line Interpreter එකයි. මොකක්ද මේ Command Line Interpreter එක කියන්නේ?

අපේ පරිගණකයේ තියෙන Operating System එක හරි වෙනත් Softare එකක් හරි පරිගණකය හ සම්බන්ධ කරන එක්තරා විදියක ක්‍රියාවලියක් තමයි Command Line Interpreter එක. මේ ක්‍රියාවලියේ දී අපට අවශ්‍ය කරන tasks සිද්ධ කෙරෙන්නේ අපි විසින් type කරන commands හරහා වීම මෙහි තියෙන විශේෂත්වයක්. ඒවගේම මේක text-only interface එකක් කිව්වොත් තවත් නිවැරදියි. OS/2, Windows CE , Windows NT
කියන Operating Systems පාදක කරගෙන තමයි මුලින්ම මේ Command Line Interpreter එක හඳුන්වා දෙන්නේ. එතැන් පටන් අද අපි භාවිතා කරන Windows 7 දක්වා ම Command Prompt එක භාවිතයට ගැනෙනවා.

මේ තමයි tricks....

1. systeminfo

මෙමඟින් අපේ පරිගණකයේ පහත විස්තර දැනගන්න පුළුවන්.

Host Name
OS Name
OS Version
OS Manufacturer
OS Configuration
OS Build Type
Registered Owner වගේ තව ගොඩාක් විස්තර තියෙනවා.

2. driverquery

අපේ පර්ගණකයේ මෙතෙක් install කරලා තියෙන සියලුම drivers වල විස්තර මෙයින් පෙන්නුම් කරනවා.

3. ipconfig

අපි වැඩ කරන පරිගණකයේ Ip address එක බලාගන්න පුළුවන්.

4. tasklist

පරිගණකයේ මේ මොහොතේ run වෙන සියළුම process බලාගන්න.

5. taskkill /im programnames.exe /f

… run වෙන process එකක් (im programnames.exe) නවත්වන්න පුළුවන්.

ඉතින් ඔයාලත් try කරලා බලන්න, සමහරවිට නොදන්න ඒවා එහෙමත් ඇතිනේ...මොනාහරි ගැටළුවක් ආවොත් Comment එකක් දාන්නකෝ....

3 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

මගේ සුදු මැණික......



වෙනදා ලියන සාමාන්‍ය රටාවෙන් පොඩ්ඩක් ව්තර අයින් වෙලා අද වෙනස් ම දෙයක් ගැන ලියන්නයි යන්නේ. ඒකට හේතුව අද (මාර්තු 1) මට මගේ ජීවිතයේ විශේෂම දවසක් වෙන එක. ඒකට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි මගේ පුංචි කෙල්ලගේ (සුදු මැණික ගෙ ) උපන් දිනය අද වීම. අනිත් හේතුව තමයි අපි දෙන්නගේ ආදර සංවත්සරය යෙදිලා තියෙන්නෙත් අද වගේ දවසක වීම. අපි දෙන්නා ආදරය කරන්න පටන් අරන් අදට හරියටම අවුරුදු 8 ක් වෙනවා. දවස හරියටම කිව්වොත් 2004 මාර්තු 1 දා. ඒ කාලේ අපි A/L කරන දවස්! ඒත් එහෙම කියලා අපි අපේ exam එක අවුල් කරගත්තෙත් නෑ, හැමදේම හරියට manege කරගෙන කළා. අද අපි දෙන්නම අනාගතයට හොඳට මුහුණ දෙන්න පුළුවන් ස්ථාවර මට්ටමක ඉන්නවා. ඒ ගැන අපි දෙන්නම ගොඩාක් සතුටු වෙනවා. එදා ඉඳන් අපේ ආදරය තාමත් ඉදිරියටම ගලාගෙන යනවා. පුංචි පුංචි ප්‍රශ්න ඇතිවුනේ නැත්තෙමත් නෑ. ඒ වුනත් හරියට බාධක මැදින් ගඟක් ලස්සනට ගලනවා වගේ ඒ හැමදේම අතරින් අපි ඉස්සරහටම ගියා.

දෙපැත්තෙම දෙමව්පියන්ගේ ආශිර්වාදය ලබන්න තරම් අපි ගොඩාක් වාසනාවන්තයි කියලා මට හිතෙනවා. ඒක කොහොම වුනත් අපි affair පටන් අරන් අවුරුදු හතරක් විතර ගියාට පස්සේ තමයි අපි ගැන ගෙවල් වලින් වුනත් දැනගත්තේ. කොහොමද අපේ management එක නේද... ඒ ගැන කියලා අපි අදටත් පුදුම වෙනවා. මගේ සුදු මැණික ගොඩාක් ම ලස්සනයි, ඒ වගේ ඊටත් වඩා මම ආස කරන දේ තමයි එයගේ හොඳ ගතිගුණ. ගොඩක් අයට ඒ දෙකම එක සැරේ පිහිටන්නේ හරිම කලාතුරකින් නේ. මගේ සුදු මැණිකගේ හිනාව දැක්කම හිත පිරෙනවා මගේ කියලා කිව්වොත් මම වැරදි නෑ, ඒ තරම් අහිංසක හිනාවක් ඈට තියෙනවා. ඉතින් ඒ පුංචි කෙල්ලව මගේ ම කරගන්න පුළුවන් වීම ගැන මට තියෙන්නේ අහිංසක ආඩම්බරයක්.....


දුකේදී හැඬුමට සැපේදී
සිනාසෙන්නට ළඟ ඉඳන්
තවත් අම්මා කෙනෙකු ඇත්නම්
නුඹයි ඒ අම්මා
සොඳුරියේ නුඹයි ඒ අම්මා

අහස මෙන් ලත් චෝදනා
පොළව මෙන් දුක් උහුලනා//
මෑණියන්ගේ සෙනෙහසින් මුල් වරට ඉපැදනා
සොඳුරියේ ඔබේ සෙනෙහසින් ඉමි ලොවේ රජ වීලා

දුකේදි හැඬුමට....

සිතට සැනසුම් කල්පනා
ගෙනෙන පාදා වාසනා
තනා ටජ්මහලයක් පිවිතුරු සෙනෙහෙ ගං තීරේ
සොඳුරියේ නුඹේ රුව අඹා ගමි මහද මන්දීරේ

…දුකේදි හැඬුමට....

…සුදු මැණිකගේ අධ්‍යාපනික කටයුතු වගේම ජීවිතේ හැමදේම හොඳින් කරගෙන යන්න අවශ්‍ය දිරිය, ශක්තිය නොඅඩුව ලැබෙන්නයි මගේ ප්‍රර්ථනාව. මගේ සුදු මැණිකට සුබ ම සුබ උපන් දිනයක් වේවා......

9 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !