2004 වසර පමණ වන විට BIND ලෝකයේ බහුල ලෙස භාවිතා කරන Domain Name Systems (DNS) අතරින් ප්‍රමුඛ ස්ථානයේ රැඳී තිබුණු අතර UNIX වැනි Operating Systems සඳහා වෙළඳපල තිබූ ස්ථානය ආක්‍රමණය කරන තරම් විය. එහි කේතයන් මුලින්ම ලියන ලද්දේ Berkeley හි California, සරසවියේ උපාධි අපේක්ෂකයන් විසින් Computer Systems Research Group හි සේවය කරන කාලයේදී ය. Douglas Terry, Mark Painter, David Riggle සහ Songnian Zhou විසින් 1980 දී එය නිර්මාණය කල අතර එහි නම නිර්මාණය කර ඇත්තේ Berkeley Internet Name Domain යන අදහස ලැබෙන පරිදි වීම විශේෂත්වයකි. නිදහස් හා විවෘත කේත මෘදුකාංගයක් ලෙස එය මුලින්ම නිකුත් කරන ලද්දේ Berkeley Software Distributions විසිනි. 1988 දී Digital Equipment Corporation හී සේවය කල Paul Vixie විසින් එය මුලින්ම වැඩිදියුණු කල අතර වර්තමානයේ එය සිදු කරනු ලබන්නේ Internet Systems Consortium සමාගම විසිනි. මෑතකදී නිකුත් වූ BIND 9 පෙර BIND හී තිබූ ගැටළු බොහෝමයක් නිරාකරණය කිරීමට සමත් වූ අතර එය DNSSEC සඳහා ද පහසුකම් සපයයි. BIND 9 හි අන්තර්ගත අනෙකුත් පහසුකම් අතර TSIG විශේෂ වෙයි. නව සංස්කරණයක් වූ BIND 8 වෙළඳපල සඳහා නිකුත් වූයේ 1997 මැයි මාසයේදී වන අතර BIND 9 නිකුත් වූයේ 2000 සැප්තැම්බර් මාසයේදී ය. BIND 9 සංස්කරණයේ දී වාණිජ හා ආරක්ෂක අරමුණු ප්‍රමුඛ වූ අතර ම එහි ඇති බොහෝ පහසුකම් UNIX භාවිතා කරන්නන් සඳහා ද පොදු වීම Microsoft's DNS සමඟ විශාල තරඟයක් දීමට ඉවහල් වී ඇත. Databases සමඟ කටයුතු කිරීමේදී BIND හී පෙර සංස්කරණයන් එතරම් සහයෝගයක් නොදැක්වුවද නවතම සංස්කරණය වූ BIND 9 විවිධ database formats සඳහා පහසුකම් සපයයි. ඒ අතර LDAP, Berkeley DB, PostgreSQL, MySQL, ODBC වැනි database formats වෙයි.
ඉතින් මම ඒකත් අත් ඇරලා වෙන ක්‍රමයක් හොයන්න පටන් ගත්තා. සොයන්නාට හම්බ වේ කියලා කියන නිසාම ද මන්දා මට හම්බ වුනා පට්ට ම විධියක්! මේ Firefox extension එකක්, Easy Sinhala කියලා. Develop කරලා තියෙන්නේ එස්. සුහෝතයන් කියලා කෙනෙක්.
extension එක බාගත කරගෙන සාමාන්‍ය විධියට install කරගන්න. ඊටපස්සේ Firefox restart කරන්න. එතකොට ඔයාගේ Navigation tool bar එකේ extension එකට අදාල icon එක මේ විධියට තියේවි.
ඒක click කරලා භාෂාව වෙනස් කරගන්න ලේසියෙන්ම පුළුවන්.
ඔන්න මම C drive එකේ hidden කියලා folder එකක් හැදුවා.
දැන් ඒ folder එක ඇතුලට ඔයාට සඟවන්න ඕන file එක copy කරගන්න.
ඊළඟට ඒ file එක WinRAR භාවිතයෙන් zip කරගෙන rar file එකක් හදාගන්න.
දැන් යන්න Command prompt එකට ( Start-> Run -> cmd ). එහෙම ගිහින් C:\ ඉදිරියෙන් මෙහෙම type කරන්න.
C:\hidden>copy/b wwe.jpg + hidden.rar wwe2.jpg
ප .ලි :
හරියට වැඩ කරන්නේ නැත්නම් Rename කලාට පස්සේ Tools -> Folder Options -> View ගිහින්
"hide extention for known files" Uncheck කරන්න.
දැන් වැඩේ හරියාවි. ඉංග්‍රීසි බ්ලොග් එකක් ලියන මගේ යාළුවෙක් තමයි මටත් මේ ගැන කිව්වේ! හරිම සාර්ථක ක්‍රමයක්. උත්සහ කරද්දි මොනාහරි ප්‍රශ්නයක් මතු වුනොත් Comment එකක් දාන්නකෝ...!
ඔයාලට මතක ඇතිනේ මම VLC Player එකෙන් ගන්න පුලුවන් නියම වැඩ කෑලි ටිකක් ගැන කිව්වා. අද ඉතිරි ටික ගැන කියන්නයි යන්නේ. ගොඩක් දෙනෙක් කලින් පෝස්ට් එක බලලා තිබුනා. මම හිතන්නේ හැමෝම වගේ කැමති වෙන්න ඇති. කලින් පෝස්ට් එක බැලුවේ නැත්තම් මෙතනින් ගිහින් බලන්නකෝ.
3. Convert Audios/Videos
ඔයාලට VLC Player එක භාවිතයෙන් ලේසියෙන්ම audio/video files විවිධ file formats වලට convert කරගන්න පුලුවන්! MP4, MP3, WMV, AVI, OGG වගේ file formats support කරනවා ඒ සඳහා. ඒකට Media-> Convert/Save යන්න මුලින්ම. Add button එකෙන් ඔයාගෙ file එක load කරගන්න.
දැන් Convert කරන්න. ඊළඟට output format එක සහ output file location එක දෙන්න. දැන් වැඩේ හරි.
4. Download Youtube video/Videos
ඔයාට ඕන video එකේ URL එක copy කරගන්න.
දැන් Media-> Open Network Streaming ගිහින් URL එක Paste කරන්න. දැන් Play කරන්න. Video එක play වෙන අතරේ Tools –>Codec Information ගිහින් පහළ තියෙන Location box එකේ තියෙන URL එක Copy කරගෙන address bar එකේ paste කරන්න. එතකොට browser එක මඟින් අදාළ file එක download වේවි.
වැඩේ හොඳයි නම් Comment එකක් දාන්නත් අමතක කරන්න එපා හොඳද.........!
සාමාන්‍යයෙන් අපි ජීවත් වෙන පිළිවෙල දිහා බැලුවම අපිට තේරෙන දෙයක් තමයි අපේ ශරීරයයි, හිතයි කියන්නේ එකිනෙකට සපුරා වෙනස් දෙයක් කියලා. ඒක ඇත්ත. අපි හිතට ඇලෙනවා කියන්නෙත් ශරීරයට ඇලෙනවා කියන්නෙත් ඒ වගේම වෙනස් ක්‍රියාවන් දෙකක් නේ. මේ දෙකෙන් ශරීරයට ඇලී ඉන්නවා කියන දේ අපිට තේරෙන දෙයක් වුනත් හිතට ඇලෙනවා කියන දේ ලේසියෙන් තේරෙන්නෙ නෑ. ඇයි මම එහෙම කියන්නෙ? අපිට අසනීපයක් වුනාම, තුවාලයක් වුනාම එහෙමත් නැත්නම් උහුලන්න බැරි රස්නයක්, සීතලක් දැනුනාම අපේ ඇඟට ඒක දැනෙනවානේ. එතකොට නම් හිතෙනවා මේ ලෙඩ හැදෙන,රිදෙන ඇඟ මොනාටද, මේ මොන වධයක්ද කරුමයක්ද කියලා. අපි අපේ ඇඟ ගැන ලේසියෙන්ම කළකිරෙනවා නේද? ඒ වගේම බරපතල අසනීපයක් හැදුන, වයසට යන එහෙමත් නැත්නම් එක්තැන් වෙලා දුක් විඳින අය දැක්කමත් ලොකු කළකිරීමක් ඇතිවෙනවා නේද අනේ මට නම් එහෙම වෙන්නෙපා කියලා! ඇස් පේන්නේ නැති, කන් ඇහෙන්නේ නැති, කතා කරන්න බැරි, ඇවිදින්න බැරි අය දැක්කමත් හිතෙනවා මේ වගේ ජීවිතයක් නම් මොනාටද කියලා නේද?
විමර්ශන : බුදු සමිඳු දැක ගනිමු (පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ)
අද ඔයාලට කියන්න යන්නේ නියම site එකක් ගැන...මේ site එකට ගිහින් අපිට ඕනේ කරන ගොඩාක් E books, Films, පුංචි පුංචි audio, video කෑලි එහෙම ලේසියෙන්ම බාගත කරගන්න පුලුවන්. Programming පැත්තට එහෙම යොමු වෙලා ඉන්න අයට, යොමු වෙන්න බලාපොරොත්තුවෙන් ඉන්න අයට එහෙම හොඳ E books බාගත කරගන්න පුලුවන්. මමත් ගොඩාක් වැඩ ගත්තා ඔය site එකෙන්! මෙතනින් යන්න ඒ site එකට, එතකොට පහලින් එනවා වගේ screen එකක් ඒවි.
ඔයාට ඕන E book එකේ හරි video එකේ හරි නම type කරලා Enter කරන්න. ඒ එන list එකේ ඔයා හොයන දේ තිබුනොත් link එක Click කරන්න.
එතකොට Rapidshare, Hotfiles, Fileserve, Depositfiles, Megaupload වගේ site වලින් එකකට යයි. මේවා ගෙන් පළවෙනි වතාවට නම් බාන එක අවුලක් නෑ, ඒත් දිගින් දිගටම බාන එකනම් ලොකුවටම අවුල් නේ නේද? Waiting time එකක් නිසා හරිම වදයක් විඳින්න වෙනවනේ. මම ඒකටත් විසඳුමක් කියන්නයි හදන්නේ(ගොඩක් දෙනෙක් දන්නවත් ඇති!)... අපි ගොඩාක් දෙනෙක් අන්තර්ජාලගත වෙන්න පාවිච්චි කරන්නේ dongle නේ. ඉතින් එක සැරයක් බාගත කළාට පස්සේ ඊළඟ සැරේ බාගත කරන්න කලින් Connection එක disconnect කරලා Connect කරන්න. ඊටපස්සෙ ඕනදෙයක් නිදහසේ බාගන්න ඔයාට පුලුවන්!
එතකොට ඒ ප්‍රශ්නෙත් හරි. ඔයාලත් try කරලා බලන්නකෝ කොහොමද කියලා...!
මම : හෙලෝ මචෝ....
ඉලන්දරියා : හෙලෝ!
මම : ගෙදරද ඉන්නේ?
ඉලන්දරියා : ඔව් ඔව් දැන් නුවර ගිහින් ආවේ .
මම : උඹේ ගෙවල් කොහෙද? .
ඉලන්දරියා : මම හුලංගමුවේ.
මම : මම පඩිවිට, මාව දන්නවද? ....
ඉලන්දරියා : දොරේ ගේ යාලුවා නේද?
මම : ඔව් ඔව් ,උඹ හේමෂාන් දන්නවද? .
ඉලන්දරියා : මම හේමෂාන් ගේ අයියානේ මලේ....
මම : අප්පට හුඩු,කවුද දන්නේ අයියේ..!
ඉලන්දරියා : ඒකනේ!
මම : මම දැන් එන්නද අයියාව බලන්න? ....
ඉලන්දරියා : උඹට කරදරයක් නැත්තම් වරෙන් මලේ..!
මම : එහෙනම් මම එනවා..! ....
ඉලන්දරියා : බුදුසරණයි!
මම ගිය සතියේ ඉරිදා, ඒ කියන්නේ ගිය 30 වෙනිදා ගියා ඉලන්දාරියා බලන්න. ඒක හර්‍රිම අහම්බෙන් වුන දෙයක්. ඉලන්දාරියා ගේ පෝස්ට් එක දැක්ක ගමන් ඒකේ පහළ තිබුණ සබැඳියෙන් මූණපොතට request එකක් දැම්මා. ඒක එදා හවසම් accept කරලා තිබුණත් ඔහුව මට chat එකට හමුවුණේ ඉරිදා රෑ වෙලා. පෝස්ට් එකේ මාතලේ ලංකා බැංකුව ගැන සඳහන් කරලා තිබුම නිසා මමත් ටිකක් උනන්දුවෙන් chat කළා(හි හි ..මමත් මාතලේ! ),අනිත් එක photo එක උනත් ටිකක් හුරුපුරුදු ගතියක් දැනුනා මට. බලනකොට ඉලන්දාරියා ඉන්නේ අපිට අල්ලපු ගමේ.
ඒ විතරක් නම් ම්දෑ, ඔහු මගේ හොඳම යාලුවෙක්ගේ සොහොයුරා...ඉලන්දාරියා තමයි මුලිම මාව හඳුනාගත්තේ, එතකොට රෑ 730 විතර ඇති. බයික් එකක් හොයාගෙන ඔහුව බලන්න කොහොමහරි එනවා කියලා ඉලන්දාරියාට මම පොරොන්දු උනා. කොහොමහරි බයික් එකක් හොයාගෙන ඉලන්දාරියා බලන්න යද්දි රෑ 9ට විතර ඇති. මම යද්දි ඔහු පොඩි alert එකක් දාගෙන හිටියේ. එතැන් ඉඳන් ගලාගෙන ගියේ අතිශය සංවේදි පැය එකහමාරක් වගේ කාලයක් කිව්වොත් ඒකේ වැරැද්දක් නෑ කියලයි මම හිතන්නේ. ඔහු ගොඩාක් දේවල් කතාකලා. රැකියාව ගැන ඉලන්දාරියා අපිත් එක්ක කතාකලේ ගොඩාක් ආසාවෙන්. ඉලන්දාරියාගේ පුංචි කාලේ ගැන තොරතුරු කිව්වේ ආදරණීය අම්මා සහ තාත්තා. ඉලන්දාරියා අසනීප වුන මුල් දවස්වල ඉඳන් වුන හැම සිදුවීමක්ම වගෙ ඔවුන් දිගහැරියා. ඒ දවස් වල ඉඳන් ඒ අම්මා. තාත්තාගේ සහෝදරයගේ කැපවීම් නම් අප්‍රමාණයි කියලයි මටනම් දැනුනේ. එහෙම රැකවරණයක් ලබන්න තරම් ඔහු ගොඩාක් පින් කරලා තියෙනවා. ඉලන්දාරියා එයාගේ අසනීපය ගැන හැමදේම වගේ අපිත් එක්ක කිව්වා. මුල් දවස්වල සායන වලට සහභාගී වීමේ පටන් ඊයේ වෙනකල්ම වුන සිදුවීම් ඒ අතර තිබුණා.
බ්ලොග් අවකාශයේ ඉන්න සහෝදරවරු ගැන ඔහු ලොකු හැඟීමකින් යුතුවයි කතාකලේ. බිංකු සහෝදරයා ඉලන්දාරියාට කරපු උදව් ගැන විශේෂයෙන් ඔහු සඳහන් කළා. Car wash එකටත් ඉලන්දාරියා එනවාමයි කියලා මතක් කළා. පැය එක හමාරක විතර කාලයක් ඔහුගේ නිවසේ ගතකළා සොඳුරු මතකයන් රැසක් මැදින්. මට හිතුනා තවත් ඉන්න එක ඉලන්දාරියාට වෙහෙසක් දෝ කියලා මට හිතුනා, මොකද ඒ වෙනකොටත් ඔහු සෙම්ප්‍රතිශ්‍යාවෙන් පෙළෙමිනුයි හිටියේ...ඉලන්දාරියාගෙන් ඒ වෙලාවේ සමුගෙන ආවත් මගේ හිත ගොඩාක් වෙලා ඉලන්දාරියාගේ නිවසේම රැඳිලා වගේ තමයි මට දැනුනේ...කොහොම වුනත් අපේ බ්ලොග් ලියන සහෝදරයන් ගොඩාක් ඉලන්දාරියාට උදව් කරනවා වගේම උදව් කරන්න ලෑස්ති වෙලා ඉන්නවාත් කියලා මට දැනගන්න ලැබුණා. අපේ යාලුවන්ට මේ දැන්ම වුනත් කරන්න පුලුවන් උදව්ව තමයි පුලුවන් වෙලාවට ඉලන්දාරියාත් එක්ක Chat කරන එක. එහෙම කියන්නෙත් ලොකු හේතුවක් ඇතුවයි. මම දන්න සමහර දේවල් මේකේ පළ කරන්නේ නැතුව ඉන්න හිතුවා, මොකද මේ දවස්වල ඉලන්දාරියා හැමවෙලේම වගේ බ්ලොග් අවකාශයේ රැඳි ඉඳලා මේ දේවල් කියවනවා. ඔහුගේ හුදෙකලාව නැතිකරගන්නේ පරිගණකය ඉදිරියේ රැඳී ඉඳලයි. ඉතින් ආයෙත් මේ දේවල් ඔහුට කියවන්න වුනොත් දුක හිතෙයි වත්ද දන්නේ නෑ කියලා මට හිතුනා. ඒ තමයි මෙතෙක් කථාව. ඉතින් අපි හැමෝම බලාපොරොත්තු වෙන්නේ ඉස්සර අපි අතර හිටිය ඉලන්දාරියාම අපි අතරට ගන්නේ කොහොමද කියලයි.තවත් විස්තර මෙතැනින් ගිහින් ගන්නකෝ. මේ සටහන ඊයේ දාන්න හිටියත් කැම්පස් එකේ තිබුණු නොසන්සුන් තත්වයක් නිසයි බැරිවුණේ. ඉතින් මේ ගැන ඔයාලගේ අදහස් හැකිනම් පහළින් සටහන් කරලා යන්න.
2 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !