Image එකක් විදියට files සඟවන්න, ආයෙ හොයනවා බොරු ....!




අද නම් මම කියන්න යන දේ පට්ට ම දෙයක්. අණ්ඩපාල වැඩ වලට කියාපු දෙයක්. files හංගන්න හදන්නේ image එකක් විදියට... ඔයා image එක උඩ click කලා ම load වෙන්නෙ image එක. නමුත් ඒක ඇතුලේ අපේ file එක හැංගිලා තියෙනවා. image ගොඩාක් තියෙද්දි කාටවත් හොයාගන්න බෑ, අපි විතරයිනේ දන්නේ මොකක්ද image එක කියලා! මේ වැඩේ කරන්න නම් WinRAR ඕනේ වෙනවා, ඒක හැමෝම ළඟ ඇතිනේ නේද? එහෙනම් වැඩේට ලෑස්ති වෙන්න.
මුලින්ම කරන්න තියෙන්නෙ ඔයා කැමති තැනක folder එකක් හදන එක.


ඔන්න මම C drive එකේ hidden කියලා folder එකක් හැදුවා.
දැන් ඒ folder එක ඇතුලට ඔයාට සඟවන්න ඕන file එක copy කරගන්න.






ඊළඟට ඒ file එක WinRAR භාවිතයෙන් zip කරගෙන rar file එකක් හදාගන්න.







දැන් ඉතින් කොහෙන්හරි image එකක්( .jpg ) අරගෙන ඒ folder එක ඇතුලටම copy කරගන්න. මම ගත්තෙ wwe.jpg කියන image එක හොඳද.







දැන් යන්න Command prompt එකට ( Start-> Run -> cmd ). එහෙම ගිහින් C:\ ඉදිරියෙන් මෙහෙම type කරන්න.



C:\hidden>copy/b wwe.jpg + hidden.rar wwe2.jpg

…දැන් Enter කරලා, cmd එකෙන් අයින් වෙන්න. දැන් අර hidden folder එක ඇතුලට wwe2.jpg කියලා image එකක් ඇවිත් නේද? ඒ image එක ඉතිරි වෙන්න අනිත් files ටික මකලා දාන්න. දැන් කවුරුහරි ඔය image එක open කලොත් image එක තමයි open වෙන්නේ. අපිට ආයෙත් අර සැඟවූ file එක ලබාගන්න ඕන වුනාම මේ විදියට Rename කරන්න. wwe2.jpg -> wwe2.rar. ආයෙත් සඟවන්න නම් ආයෙත් Rename කරන්න. ඔහොම තමයි වැඩේ සිද්ධ වෙන්නේ.

ප .ලි :

හරියට වැඩ කරන්නේ නැත්නම් Rename කලාට පස්සේ Tools -> Folder Options -> View ගිහින්
"hide extention for known files" Uncheck කරන්න.








දැන් වැඩේ හරියාවි. ඉංග්‍රීසි බ්ලොග් එකක් ලියන මගේ යාළුවෙක් තමයි මටත් මේ ගැන කිව්වේ! හරිම සාර්ථක ක්‍රමයක්. උත්සහ කරද්දි මොනාහරි ප්‍රශ්නයක් මතු වුනොත් Comment එකක් දාන්නකෝ...!

5 comments:

  1. මේක නියම වෑඩක් මලේ..දෑන් ඉතින් හන්ගගෙන අරගෙන යන්න තමයි තියෙන්නේ .....

    ReplyDelete
  2. මේකනම් නියමයි වගේ ට්‍රයි කරලා බලන්නම වටිනවා...

    ReplyDelete
  3. ෂා මරු වැඩක්නේ.. නියමයි යාලුවා...........

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !