ඒ කාලේ දඹදිව තිබුණ රජ සිරිත තමයි අළුතින් කුමාරයෙක්/ කුමරියක් ඉපදිලා ටික දවසකින් උත්සවයක් පවත්වන එක නමක් තියන්න. ඒකට ආරාධනා ලැබෙන්නෙත් බොහෝ උගත් වියත් බ්රාහ්මණයන්ටයි. ඉතින් බෝසතාණන් වහන්සේත් තුසිත දිව්‍යලෝකයෙන් චුත වෙලා මහා මායා දේවියගේ කුසින් ඉපදුණාට පස්සෙ සුද්ධෝදන පිය රජතුමාත් කුමාරයාට නමක් තියන්න උත්සවයක් සූදානම් කළා. මේ උත්සවයට බ්‍රාහ්මණයන් 108 දෙනෙක් ඇවිත් හිටියා. මේ හැමෝම කුමාරයාගෙ අංග ලක්ෂණ පරීක්ෂා කරලා කිව්වේ මේ කුමාරයා අනාගතයේදි රජ වුණොත් සක්විති රජ වෙන බවත් එහෙම නැතිනම් මහණ වුණොත් උතුම් ශාස්තෲ කෙනෙක් වෙනවා කියලයි. ඊට එහා කතන්දරේ හැමෝම දන්නවනේ. අද කියන්න යන්නෙ කවුද මේ සක්විති රජ කෙනෙක් කියලා කියන්නෙ කියලයි.
අර මුලින් ම සිද්ධියේදි බ්‍රාහ්මණයෝ කොහොමද හරියටම කිව්වේ අරවගේ අනාවැකි දෙකක්? එහෙම කිව්වේ කුමාරයා ගේ අංග ලක්ෂණ එහෙමත් නැත්තම් මහා පුරුෂ ලක්ෂණ පරීක්ෂා කරලයි. මහා පුරුෂ ලක්ෂණ 32ක් කුමාරයාගෙන් දකින්න ලැබුණු නිසා තමයි ඒ බව හරියට ම කිව්වේ. ඒ කියන්නෙ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට වගේම සක්විති රජ කෙනෙකුටත් මහා පුරුෂ ලක්ෂණ 32ක් පිහිටනවා. එතකොට කොහොමද සාමාන්‍ය රජ කෙනෙකුගෙන් සක්විති රජ කෙනෙක් වෙනස් වෙන්නෙ? සක්විති රජ බවට පත්වෙන්න නම් මහා පින් බලයක් තියෙන්න ඕන. ඒ වගේ ම රජ කෙනෙක් සක්විති වත් සම්පූර්ණ කළාට පස්සෙ තමයි සක්විති රජ කෙනෙක් බවට පත්වෙන්නෙ. එතකොට මොනවද මේ සක්විති වත් එහෙමත් නැත්තම් පුරන්න ඕන චාරිත්‍ර? ඒවා තමයි...
(1). "ධර්මයෙහි පිහිටා, ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගරු කරමින්, ධරමය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මද්වජයක්ව, ධර්මකේතුවක්ව, ධර්මය ප්‍රධාන කොට ගෙන, සිය අඹු දරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා, ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙල කළයුතු ය"
(1). "ධර්මයෙහි පිහිටා, ධර්මයට සත්කාර කරමින්, ධර්මයට ගරු කරමින්, ධරමය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්, ධර්මද්වජයක්ව, ධර්මකේතුවක්ව, ධර්මය ප්‍රධාන කොට ගෙන, සිය අඹු දරුවන් සීලය අනුව හැසිරීමෙහි පිහිටුවා, ඔවුනට කළයුතු ධාර්මික ආරක්ෂා පිළියෙල කළයුතු ය"
(2). "බලසෙනගද, ධාර්මික ක්ෂත්රියයන්ද, බ්‍රාහ්මණ ගෘහපතීන්ද, සීලයෙහි පිහිටුවා ඔවුනට කළයුතු ආරක්ෂා පිළියෙල කළයුතු ය"
(3). "නිගම ජනපද වාසීන්ද, මහණ බමුණන්ද, සිවුපාවුන් හා කුරුල්ලන්ද, ජීවිත දානයෙන් ආරක්ෂා කළයුතු ය".
(4). "සිය රටෙහි අධර්ම ක්‍රියා නොපවත්නා ලෙස කටයුතු කළයුතු ය"
(5). "සිය රටෙහි ජීවත්වන දුප්පතුන්ට ධනය ලබාදීම කළයුතු ය"
(6). "සිය රටෙහි රාගාදිය දමනය කළ, සමනය කළ, විනාශ කළ යම් මහණ බමුණෙක් වෙත්ද, ඔවුන් කරා කලින් කල පැමිණ උන්වහන්සේලාගෙන් අසා යමක් අකුසල්ද එය අත්හැරිය යුතුය. යමක් කුසල්ද එය පිළිගෙන පැවතිය යුතුය"
මේ සක්විති වත් සම්පූර්ණ කරනවාත් සමඟ ම රජතුමාට මාණික්‍යරත්න හතක් පහල වෙනවා. ඒ වගේ ම සක්විති රජතුමාට ම සුවිශේෂ වුණ ලක්ෂණ හතරකුත් තියෙනවා. මෙහිදී මාණික්‍යරත්න කියන්නෙ මැණික් ම නෙවෙයි, ඒ හා සමාන වටිනා දේවල් කියන අදහසින්. මේ මාණික්‍යරත්න හත තමයි චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රිරත්නය, ගෘහපතිරත්නය සහ පරිණායක රත්නය. මේවා මොනවද කියලත් මම කෙටියෙන් කියන්නම්කෝ.
චක්‍රරත්නය කියලා කියන්නෙ කරකැවෙන මැණිකක් වගේ දෙයක් කියලයි කියන්නෙ. මේ චක්‍රරත්නය පහළ වුණාට පස්සෙ රජතුමා සිල් සමාදන් වෙලා චක්‍රරත්නයට පැන් වඩනවා. එතකොට චක්‍රරත්නය කරකැවෙමින් ගමන් කරන්න පටන්ගන්නවා. ඒත් එක්ක ම රජතුමා තමන්ගේ චතුරංගනී සේනාවත් එක්ක මැණික පසුපස ගමන් කරනවා. මේ චක්‍රරත්නය උතුරු දිශාවට ගමන් කරනවා නම් ඒ දිශාවේ ඉන්න රජවරු ඇවිත් සක්විති රජතුමාට මෙහෙම කියනවා "මහරජ, එනු මැනවි. මහරජ, ඔබගේ පැමිණීම යහපත් පැමිණීමකි. මහරජ, මේ දිවයින ඔබ අයත්ය. මහරජ, අනුශාසනා කරනු මැනවැයි" කියලා. එතකොට රජතුමා මේ විදියට අවවාද කරනවා. "ප්‍රාණවධ නොකළ යුතුයි. හොරකම් නොකළ යුතුයි. කාමමිත්‍යාචාරයෙහි නොහැසිරිය යුතුයි. බොරු නොකිය යුතුයි. මත්පැන් භාවිතයෙන් වැළකිය යුතුයි. පෙර රාජ්‍ය අනුභව කළ පරිදිම අනුභව කරව්" ආදී වශයෙන්. ඉතින් රජවරු ඒ අවවාද පිළිගන්නවා. ඒ අනූව රාජ්‍ය පාලනය කරනවා. මේ විදියට ම අනිත් දිශාවන් වල ඉන්න රජවරුත් සක්විති රජතුමාට අවනත වෙනවා මේ චක්රරත්නයේ ආනුභාවයෙන්. අවසානයේ සාගරය මායිම් කරලා තියෙන මේ මුළු භූමිය ම සක්විති රජතුමාගේ අණසකට යටත් කරලා චක්‍රරත්නය නැවතත් සක්විති රජතුමාගේ මාළිගාවට ම එනවා.
එකදිගට ම ලියාගෙන ගියොත් කියවන්නත් එපාවෙයි කියලා හිතුණ නිසා කොටස් දෙකකට කඩනවා ඔන්න. ඉතිරි ටික ඊළඟ කොටසින්. අද ඉඳන් මේ ඇරඹෙන්නෙ විශේෂ සටහන් මාලාවක්. මේ ඒකේ පළමුවෙනි කොටස. මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000 ඉඳන් අවුරුදු දහයකට අඩු වෙලා ආයෙත් ආයුෂ අවුරුදු 80,000 ක් දක්වා වැඩිවෙන මෛත්‍රී බුදු සමය තෙක් කාලය ගැන දැනගන්න පුළුවන් ලාහිරු දහසක් දිලී...එක්ක දිගටම රැඳිලා හිටියොත්! මේ සටහන ලියන්න මනසේ ඇදි සිතුවම් සහ උතුම් ශ්‍රී සද්ධර්මය …අඩවි ත් උදව් වුණා. ඔවුන්ට පුණ්‍යානුමෝදනා කරන ගමන් ම ආරාධනය මේ සමඟ දිගටම රැඳී ඉන්නයි...
පුරන්න ඕනි චාරත්‍ර 1 ට කියන වෙනම නමක් තියෙනවද?
ReplyDeleteම්ම්ම්... ඒක නම් හරියටම දන්නෙ නැහැ. සක්විති වත් කියලා තමයි සාමාන්‍යයෙන් හඳුන්වන්නෙ!
Deleteවටිනා වැඩක්.දිගටම මේ ලිපි පෙළ ලියන්න.
ReplyDeleteතෙරුවන් සරණයි!!
ඔව්, එක දිගටම ලියන්නයි මමත් හිතුවෙ..තෙරුවන් සරණයි ඔබටත් !!
Deleteසක්විති රජ කෙනෙක් වෙන්න මේ තරම් පින් කරන්න ඕන බව අදනේ දන්නේ :D
ReplyDelete........................
එතකොට සක්විති රජවරු මේ වෙද්දී කොච්චර ඉදල තියනවද?මම අහල නැහැ එහෙම නමක්වත් සක්විති රජ කෙනෙක්ගේ...
(අර ඉංගිරීසි සක්විති රජ ගැන නම් අහල තියේ... )LOL :D
ඔව්! අප්‍රමාණ පින් කරන්න ඕන. ගෞතම බුද්ධ කාලයටත් බොහෝ කලින් තමයි මේ චක්‍රවර්ති රජවරු හිටියේ... ඒකයි ඒ ගැන වැඩිය විස්තර ප්‍රකට වෙලා නැත්තේ. දළ්හනේමි කියන්නෙ ඒ වගේ සක්විති රජකෙනෙකුගේ නමක්. ඒ වගේ බොහෝ ප්‍රමාණයක් සක්විති රජවරුත් ඉඳලා තියෙනවා!
Delete@ රෙහානි
Deleteකොණ්ඩඤ්ඤ බුදුන්ගෙන් අපේ බෝසතාණෝ නියත විවරණ ගන්නේ විජිතාවි කියන සක්විති රජතුමා විදිහට ඉද්දී. ඒ වගේමයි සුජාත බුදුන්ගෙන් අපේ බෝසතාණෝ නියත විවරණ ගන්නේත් සක්විති රජතුමෙක් විදිහට ඉද්දී....
ෂා...මරුනේ....අනිත් කොටසුත් දාන්න...
ReplyDeleteඔව්! ඉක්මනට ම දාන්නම්කෝ!
Deleteසක්විති රජ මෙන්න මේ මං වගේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අහලකින් වත් නෑ ඔන්න!
Deleteවටිනා ලිපියක් ලහිරු...
ReplyDeleteසක්විති රජ කෙනෙකුට මහා පුරුෂ ලක්ශන 32කම පිහිටන්නෙ නෑ නේද.. මම දන්න විදියට ඌර්ණ රෝම ධාතුව පිහිටන්නේ බුදු කෙනෙකුටම පමණයි.. අනිත් ( සක්විති රජ කෙනෙකුගේ ඌර්ණ රෝම ධාතුව දකුණට කැරකෙවෙනවා , බුදු කෙනෙකුගෙනම් වමට කැරකෙනවා කියලත් අහල තියෙනවා ) කොණ්ඩඤ්ඤ බමුණා හරියටම සිදුහත් කුමාරය සම්මා සම්බුදු වෙන බව කිව්වෙ මේ ඌර්ණ රෝම ධාතුව නිසා කියලත් මම අහල තියෙනවා..
කොහොම උනත් සක්විති රජකමට උරුම කම් කියන්නේ බුදුවෙන්න පාරමී පුරණ බෝධිසත්වයෙක්ම තමයි
මහා පුරුෂ ලක්ෂණ 32 ම පිහිටනවා, ඌර්ණ රෝම ධාතුවේ වෙනසත් ඇතුව. කොණ්ඩඤ්ඤ බමුණා හරියටම සිදුහත් කුමාරය සම්මා සම්බුදු වෙන බව කිව්වෙත් ඒ නිසා තමයි, හැබැයි මම දන්න තරමින් සක්විති රජ වෙන හැමෝම නම් බුද්ධත්වයට පත්වෙන්නෙ නැහැ. සමහර සක්විති රජවරු, බුද්ධ ශාසනයන්හී පැවිදි වෙලා මාර්ගඵල පවා අත්කරගෙන තියෙනවා. කොහොම උණත් ස්තූතියි මේ දේවල් ගැන කිව්වට සහෝ!
Delete@ ලහිරු
Deleteමෛත්‍රී බුදු සසුනේ ඒ වෙනකොට දඹදිව පාලනය කරන සංඛ කියන සක්විති රජතුමා පැවිදි වෙන බව අනාගත වංස දේශනාවේදී කියවෙනවා.
ඌර්ණ රෝම ධාතුව කරකැවී ඇති දිශාව බුදුරජාණන්වහන්සේ සහ සක්විති රජෙකුගේ වෙනස්. (වම් / දකුණු ලෙස) .ඒක තමයි වෙනස. ඒ ඇරුණාම සක්විති රජෙකුටත් මහා පුරුෂ ලක්ෂණ 32 ම පිහිටනවා ( ඌර්ණ රෝම ධාතුව කරකැවී ඇති දිශාවේ වෙනස සහිතව)
Deleteවටින ලිපි පෙළක් ලහිරු...දිගටම ලියන්න.
ReplyDeleteනියමයි!
ReplyDeleteමේවගේ දේ හැමතැනින්ම කියවන්න වෙන්නේ නැහැනේ..
දිගටම ලියන්න.
ජයම වේවා ඔබට!
ඒකනේ මම තරමක් වෙනස් දේවල් ලියන්නෙත්!
Deleteබොහෝම කලාතුරකින් කියවන්න ලැබෙන ජාතියේ ලිපියක්. දිගටම ලියන්න.
ReplyDeleteකියවන්න ආස දෙයක් බොරුව දාලා කොටස් දෙකකට කඩලාලු... එහෙම කරන්න එපා හොදේ... හි හි... දිගටෝම ලියන්නෝ...... මම ඔයාගෙ බ්ලොගයත් මගේ පුංචි සයිඩ් සින්ඩියට දාගත්ත. කමක් නැත්ද?
ReplyDeleteනෑ, සමහර අය කැමති නෑනේ ගොඩක් දිග සටහන් කියවන්න, ඒකයි. අපොයි මක් වෙනවද ඒකට!
Deleteනියම ලිපියක් සහෝ
ReplyDeleteඔය කරුණු මම නම් ඇත්තටම දැනන් හිටියේ නැහැ ඔයාට ගොඩක් පින් අපිට ඕවා කියලා දෙනවට
"ඒ කාලේ දඹදිව තිබුණ රජ සිරිත තමයි අළුතින් කුමාරයෙක්/ කුමරියක් ඉපදිලා ටික දවසකින් උත්සවයක් පවත්වන එක නමක් තියන්න"
ReplyDeleteමේක රජ සිරිතක්ම නෙමේ... හින්දු දහමේ එන විදිහට ද්විජයන් වෙන බ්‍රාහ්මණ, ක්ෂත්රිය, වෛශ්‍ය යන වර්ණ තුනේ අය කරන්න ඕනේ සිරිත් 16 ක් තිබුණා "සංස්කාර" කියලා. ඒවා පුද්ගලයෙකුගේ උපතට පෙර ඉදන් ඒ පුද්ගලයාගේ මරණය දක්වා සිදුවුණු සිරිත්.
උදාහරණයක් කිව්වොත් ගර්භදාන - දරු ගැබ පිහිටියාම කරන චාරිත්‍රයක්, උපනයනය- පුන නූල පැළැඳවීමේ චාරිත්‍රය. ඒ වගේ එකක් තමා දරුවාට නම් තැබීම හෙවත් "නාමකරණ සංස්කාරය"
"ඉතින් බෝසතාණන් වහන්සේත් තව්තිසාවෙන් චුත වෙලා මහා මායා දේවියගේ කුසින් ඉපදුණාට"
බෝසතාණෝ තුසිත දිව්‍ය ලෝකයෙන් චුතවෙලා තමා මහාමාය දේවියගේ කුසේ පිළිසිඳ ගත්තේ..
සක්විති වත් 10 ක් තියෙනවා නේද ?
ඔය චක්‍ර රත්නය නිසා සක්විති රජතුමාට අහසින් යාමේ හැකියාව ලැබෙනවා කියලාත් අහලා තියෙනවා..
වටිනා ලිපි පෙළක් ලියන්න පටන් ගත්තු එක නම් වටිනවා අයියේ :)
සංස්කාර ගැන නම් දැනගෙන හිටියෙ නැහැ, වගේ ම බෝසතාණන් වහන්සේ තුසිතයේ ඉඳන් තමයි චුත වුණේ. වැරදීමකින් තමයි එහෙම සටහන් වුණේ, ස්තූතියි නිවැරදි කළාට. චක්කවත්ති සීහනාද සූත්‍රයේ නම් සඳහන් වෙන්නෙ සක්විති වත් මේ විදියටයි. ඔව්, අහසින් යන්නත් පුළුවන්, තව එහෙම යන්න පුළුවන් ක්‍රමත් තියෙනවා. ඒ ගැන ඉස්සරහට.....
Delete01. ධර්මය හෙවත් දස කුසලය ගරු තන්හිලා සලකමින් අභ්‍යන්තර ජනයා වූ අඹු දරුවන්ගේ ආරක්ෂාව සැලසීම. (අන්තෝජනස්මිං)
Delete02. රටේ ආරක්ෂක බලකාය කෙරෙහිද (බළකායෙසු)
03. රජ පරපුරෙහි ජනයා කෙරෙහිද (ඛත්තියෙසු)
04. රාජ්‍ය තන්ත්රයෙහි යෙදී සිටින ජනයා කෙරෙහිද (අනුයුතෙනසු)
05. රටෙහි වෙසෙන බ්‍රාහ්මණ ගහපති ආදී විවිධ ජන කොටස් කෙරෙහි ද (බ්‍රාහ්මණ ගහපතිකේසු)
06. නියම්ගම් ජනපද වැසියන් කෙරෙහිද (නේගමජානපදෙසු)
07. රටෙහි වෙසෙන සිල්වත් ගුණවත් පැවිද්දන් කෙරෙහිද (සමණ බ්රාහ්මණෙසු)
08. මෘග පක්ෂීන් ආදී සතුන් කෙරෙහිද (මිගපක්බීසු) යන මෙකී අය කෙරෙහි ආරක්ෂාව සැලසීමද,
09. තමන්ගේ රජයෙහි අධර්මක්රියා නැති කිරීම සඳහා ධනය නැති දුප්පතුන් හට ධනය ලැබෙන්නට සැලසිමෙන් ඔවුන් සැපවත් කිරීමද,
10. තමන්ගේ රජයෙහි වෙසෙන පවින් වැළකුණු නවවිධ මානයෙන් බැහැර වූ පඤ්චකාමයෙන් වෙන් වූ ස්වකීය චිත්ත දමනය කළ කෙලෙස් සන්සිඳුවා ගත් (රහත් හෝ රහත් බඳු) පැවිදි උතුමන් වෙත කළින් කල එළඹ දහම, අදහම, වරද, නිවරද කුමක්දැයි අසාදැන ගන අදහමින්, වරදින් වැළකී දහමෙහි නිවරදෙහි පැවතීම, මේ දස කරුණු චක්‍රවර්තී වත් කියලා තමයි කියන්නේ. උඩ සඳහන් වෙන කරුණු කඩලා අරන් තමයි මේ ටික හැදිලා තියෙන්නෙත්. ඒකයි ඒවා දස සක්විති වත් කියලා හැඳින්වෙන්නෙ!
වටින ලිපි පෙලක ආරම්භයක්.. දිගටම එනවා අයියේ..
ReplyDeleteඔව් ඔව් ඇවිත් යන්න එන්න!
Deleteකොහෙන්ද අප්පා මේවා හොයාගන්නේ...නියමයි නේ..
ReplyDeleteබුද්ධ දේශනා ම තමයි අක්කේ!
Deleteදිගටම එන්න හිතාගත්තා මල්ලි..
ReplyDeleteගොඩක් පින් මේ වගේ දෙයක් කරපු එක ගැන..
:)
Deleteගොඩක් අසාවෙන් කියෙව්වෙ.............. අපුරුයි ......
ReplyDeleteආයෙත් එන්න එහෙනම්!
Deleteයහපතක්ම වේවා....සාධු සාධු සාධු.
ReplyDeleteඔබටත් යහපතක් ම වේවා සහෝ!
Deleteමෙවුවා ඉතිං මෙහෙම මිසක් පොතක් පතක් කියෝලා දැනගන්න ලැබෙනවා අඩුයි..
ReplyDeleteබොහොම පිං මේක දැම්මට!!!!!!!!!!!
මටත් සතුටුයි කවුරුහරි කෙනෙක් මම නිසා හෝ යමක් දැනගන්නවට!
Deleteගොඩක් පරක්කු වුණා මෙහෙ එන්න. හැමදාම වගේ ගොඩක්ම වටිනා ලිපි පෙළක්. මිනිසාගේ ආයුෂ කතාව දැන ගන්න මම ආසාවෙන් ඉන්නවා
ReplyDeleteආ.. එහෙනම් ලබන සතියේ සිට බලාපොරොත්තු වෙන්නකෝ....
Deleteමානික්යරත්න අතරට ස්ත්‍රීරත්නය එකතු වෙන එක තමා පුරස්නේ...
ReplyDeleteනොදන්න කරුණු ටිකක් මතකයට එකතු උනා.
බොහොමත්ම පින් !
ප.ලි. - අද තමයි කියවන්න පුලුවන් උනේ. පහුගිය ටිකේ අපේ සීයා නැති උනා (අන්ත්‍රා උනා) නෙව.
මොකෝ ස්ත්‍රීරත්නයත් එක්ක තරහා වෙලාද ? මම ඒත් බැලුවා ඇයි පේන්න නැත්තේ කියලත්? ඇත්තට ම ඒ ගැන නම් දන්නෙ නැහැ, දන්නවනම් ඇවිල්ලා වත් යන්න තිබුණා....
Deleteදන්නෙ නැති දෙයක්, දිගටම එන්නම්කො හොදේ
ReplyDeleteඋතුම් ශ්‍රී සද්ධර්මය සන්තතිකව ගලා යෑමට ගත් ධර්ම පුජා ව තියුණු නුවණ පිණිස හේතු වේවා!
ReplyDelete