ගොඩාක් පින් කරලා දිව්‍ය ලෝකයේ ඉපදුනු දිව්‍යාංගනාවක් තවත් දෙවියකු සමගින් කල් යවමින් ඉද්දී එක දවසක් උදේ ඒ දිව්‍යාංගනාව ආයුෂ අවසන් වෙලා දිව්‍ය ලෝකයෙන් චුත වුණා. ඒක නොදන්න දිව්‍ය පුත්‍රයා උදේ වරුව තිස්සෙ ඇයව හෙව්වා. ඒ අතර කාලයේදි ඒ දිව්‍යාංගනාව මිනිස් ලොව කාන්තාවක් විදියට ඉපදිලා විවාහ වෙලා දරුවෝ කිහිපදෙනෙකුත් බිහි කරලා නැවතත් ගොඩාක් පින්දහම් කරලා වසර හැත්තෑ ගණනක් ආයුෂ විඳලා පෙර රූපයෙන් ම දිව්‍ය ලෝකයේ දිව්‍යාංගනාවක් විදියට ඉපදුණා. දිව්‍යාංගනාව සොයමින් හිටිය ඒ දිව්‍ය පුත්‍රයාට සවස් වරුවේ අර දිව්‍යාංගනාව හම්බ වුණා. ඊටපස්සෙ දිව්‍ය පුත්‍රයා ඇගෙන් අහනවා මම දවස පුරා ම ඔබව හෙව්වා, උදේ වරුවේ ඉඳන් ඔබ කොහෙද ගියේ කියලා?
මේ කතාව ප්‍රබන්ධයක් නම් නෙවෙයි. ඇයි දන්නවද? සාමාන්‍යයෙන් දිව්‍ය ලෝකයක දිනයක් මිනිස් ලොව දිනයකට සමාන වෙන්නෙ නැති නිසා. උදාහරණයකට කිව්වොත් ශක්‍ර දෙවියන්ගේ අධිපති භාවය තියෙන දිව්‍ය ලෝක වෙන චාතුම්මහාරාජිකයේ දිනයක් කියන්නේ මිනිස් ලෝකයේ අවුරුදු වලින් නම් 50 ක්. තව්තිසාවේ දිනයක් කියන්නෙ මිනිස් ලොව අවුරුදු 100 ක්. ඒ කියන්නෙ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ඒ දිව්‍ය ලෝක වලට තාම දවස් කිහිපයයි. මීට වඩා සැප තියෙන, ආයුෂ තියෙන, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා තවමත් දිනයක් විතරක් ගතවෙලා තියෙන දිව්‍ය ලෝකත් තියෙනවා. අපි කරන පින් වලට සැප විපාක දෙන දිව්‍ය ලෝක වල ආයුෂ ඔය වගේ වුණාට අපි කරන පව් වලට දුක් විපාක දෙන එක තැනක් තමයි නිරය කියන්නෙ. එතැන ආයුෂ මීටත් වැඩියි. සත්තුන්ට(මිනිස්සුත් ඇතුළු ව ) වධහිංසා කරන, ප්‍රාණඝාතය කරන අය ඉපදෙන සංජීවය කියන නරකයේ ආයුෂ අවුරුදු 500ක්. ඒකේ අවුරුද්දක් කියන්නෙ මිනිස් අවුරුදු වලින් නම් 900,000 ක්.
ඇත්තටම මම කියන්න හැදුවේ මේ ඉලක්කම්, සංඛ්‍යාලේඛන නෙවෙයි. අපි ටිකක් ගැඹුරින් කල්පනා කරලා බැලුවොත් තේරෙනවා අපිට ජීවත් වෙන්න ඉතිරිවෙලා තියෙන්නෙ කොයිතරම් සුළු කාලයක්ද කියලා. සමහර අය ඉන්නවා මේ ලෝකෙ එළිය දකින්නෙ ම නැතුව මව් කුසේදිම කළලයක් කාලෙදි ම මැරිලා යනවා. තවත් සමහරු ඉපදෙද්දි මැරෙනවා. තවත් අය පුංචි කාලෙදි ම මැරෙනවා. තව සමහරු තරුණ වයසෙදි මැරිලා යනවා. තවත් කොටසක් මැදි වියේදි මැරිලා යන අතරෙදි සුළු පිරිසක් විතරක් ඉන්නවා පරමායුෂ විඳල ම මැරෙන.
ඒ විදියට බලද්දි අපි ටිකක් වාසනාවන්තයි. හේතුව මුල් අවධි කිහිපය ම අපි පහුකරලයි ඉන්නෙ. නමුත් අපි කාටහරි කියන්න පුළුවන්ද අපි තරුණ වයසෙදි හරි මැදි වයසකදි හරි නොමැරෙයි කියලා? ඇත්ත ම කතාව නම් බෑ කියන එකයි. නොමැරී ඉන්න අපි කාටවත් ම බැහැනේ. එතකොට අපි මොනවද කරන්න ඕන? භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ආයුෂ ගැන අපූරු උපමාවක් වදාළා.
“පින්වත් මහණෙනි, හොඳට හයිය හත්තිය තියෙන දක්ෂ දුනුවායෝ හතර දෙනෙක් නුවර හතරමං හන්දියකට එනවා. පුළුවන් තරම් වෙර දාල එකම වෙලාවට ඊතල හතරක් හතර දිශාවට විදිනවා. තවත් පුරුෂයෙක් මේ ඊතල හතර ම බිමට වැටෙන්න නො දී අල්ලගන්නව නම් ඒ පුද්ගලයාගේ වේගය ගැන ඔබ මොකද හිතන්නේ?” කියල බුදු සමිඳුන් ස්වාමීන් වහන්සේලාගෙන් අහනවා".
“අනේ ස්වාමීනි, එක ම වෙලාවේ දී හතර දිශාවට විදින ඊතල හතර ම බිම වැටෙන්න නො දී අල්ලා ගන්නවා නම් ඒ පුද්ගලයාගේ වේගය ගැන හිතන්නවත් බෑ.” කියලා ඒ ස්වාමීන් වහන්සේලා පිළිතුරු දෙනවා, “පින්වත් මහණෙනි, ඊටත් වඩා වේගෙන් මේ ඉර හඳ දෙක ගමන් කරනවා. මේ ඉර හඳ ගමන් කරනවට වැඩිය වේගෙන් ඒවාට අධිගෘහිත දෙවියන් ගමන් කරනවා. පින්වත් මහණෙනි, ඊටත් වඩා වේගෙන් මේ උපන් මනුස්සයාගේ ජීවිතේ ගෙවිලා යනවා.”
ඔන්න ඔය විදියටයි උන්වහන්සේ වදාළේ. ඒ නිසා ඇත්තට ම බැලුවොත් මරණය කියන දේ අපි අතේ තියාගෙන වගෙයි ඉන්නෙ. ඒ තරමට පැහැදිලි දෙයක්. අපි ඉදිරියෙදි ධර්මය කියන දේ තවත් අවබෝධ කරන්න පුළුවන් දෙවියන් අතර ඉපදෙනවද නැත්තම් ලේසියෙන් ගොඩ එන්න බැරි නිරයට වැටිලා දුක් විඳිනවද කියන දේ තීරණය කරන්නෙත් අපිමයි. ඒ නිසා ධර්මය අහන්න, අවබෝධ කරන්න උත්සහ කරන එක කවදාවත් ඉස්සරහට කල් දාන්න එපා. පුංචි කතාවක් කියන්නම්. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ ඉන්න කාලේ සැවැත් නුවර හිටියා කියනවා මිනිස්සු කෝටි හතක්. බුදුරජාණන් වහන්සේ ජීවමාන ව වැඩ ඉඳලත්, උන් වහන්සේගෙන් ම බණ අහන්න හැකියාව තිබිලත් ඒ අය අතරින් මාර්ගඵල අවබෝධ කරගන්න පුළුවන් වුණේ කෝටි පහකට විතරයි. එතකොට ඉතිරි කෝටි දෙක??? ප්‍රශ්නයක් නේද? ඒ අයට ඒ සඳහා එක්කෝ පින තිබිලා නෑ, එහෙමත් නැත්තම් නුවණ තිබිලා නෑ. එහෙමත් නැත්තම් වෙන වෙන දෘෂ්ඨි වලින් (මතවාද ) හිත වැහිලා ගිහින් තියෙන්න ඇති. ඒ සැවැත් නුවර හිටිය මිනිස්සු විතරයි. එතකොට ඉන්දියාවේ, ලෝකෙ පුරා හිටිය මිනිස්සුන්ට මොකද ධර්මය අවබෝධ කරන්න බැරිවුණේ. ඒත් හේතුව ඒකම තමයි. ඒ කාලේ අපි සතෙක් වෙලා එහෙම ඉපදිලා හිටියනම් ඒත් ඒ ධර්මය අවබෝධ කරන්න බැහැ.
ඒ කාලෙත් එහෙම නම් බුදුරජාණන් වහන්සේ ජීවමාන ව නැති මේ කාලෙ ගැන මොන කතාද ? එතකොට මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්න බලාගෙන ඉන්න අයට???????? ඒ තත්වයට ම මුහුණ පාන්න වෙන එකක් නෑ කියල කියන්න කාටද පුළුවන්? නිරයේ ඉපදිලා හිටියොත්, ප්‍රේතයෙක් වෙලා ඉපදිලා හිටියොත්, තිරිසනෙක් වෙලා ඉපදිලා හිටියොත් එහෙමත් නැත්තම් වාසනාවකට හරි මනුස්සයෙක් වෙලා ලෝකෙ එහා කෙළවරේ ඉපදුණොත්! ඒ නිසා අනාගතය ගැන අපිට හරියටම කියන්න නැහැ. ඒ නිසා ගෞතම බුද්ධ ශාසනයේ ධර්මය සුරක්ෂිත ව තාමත් තියෙන මේ කාලයෙදිමයි අපි අවබෝධය සඳහා උත්සහ කරන්න ඕන. ඒ නිසා අපිමයි මනස මෙහෙයවිය යුත්තේ. ඒක වෙන කාටවත් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද අපි නතර වෙලා හිටියට කාලය කියන දේ නතර වෙන්නෙ නැහැ.
අපිට මේ දේවල් නොහිතුණා කියලා දුක්වෙන්න ඕන නැහැ. ඒකට කරන්න තියෙන්නෙ නුවණ දියුණු කරගන්න එකයි. නුවණ දියුණු වෙන්න නම් බුද්ධ දේශනා අහන්න, කියවන්න ඕන. ඒ බුද්ධ දේශනා නැවත නැවත නුවණින් මෙනෙහි කරන්නෝන. තියුණු නුවණක් ලැබෙන්නෙ එතකොටයි. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම ම මුල් කරගෙන පින් දහම් කරල කුසල් වඩාගන්නවා නම් ඒක ගොඩක් හොඳ දෙයක්. (ඒ කියන්නෙ, අපි මොනවහරි පිනක් සිද්ධ කළා ම "මේ පින උතුම් වූ ධර්මාවබෝධය සඳහා මට උපකාර වේවා " කියලා හිතන්න! ). තමන්ගේ හිත කියන දේ නෙවෙයි, මේ ධර්මය ම විශ්වාස කරගන්න. මේ ධර්මයේ ගුණයක් තමයි සන්දිට්ඨික බව. මේක අකාලික දහමක්. ඕපනයිකයි. තමා තුළින් දැකිය හැකියි. ඒ නිසා මේ ධර්මය සත්‍යයක් කියල අවබෝධයෙන් ම දහම් මඟ අනුගමනය කරන්න.
පසුවදන 1: පින කියන දේට මහා ලොකුවට මුදල් වියදම් වෙන්නෙ නෑ. කාලා අතසෝදනකොට "මේ ඉඳුල් ටික සතෙකුට ආහාරයක් වේවා" කියලා හිතුවාත් ඒකත් පිනක්. දිව්‍යලෝක සහ අපාය ගැන තවත් කියවන්න කැමති අය ඉන්නවනම් දේවදූත සූත්‍රය සහ ත්‍රිපිටකයේ ඛුද්දක නිකායේ 'ප්‍රේත වත්ථු විමාන වත්ථු' කියවන්න.
පසුවදන 2: ඔපීසියෙ පැයක විතර පොඩි නිවාඩුවක් ලැබුණ වෙලාවේ ලිව්වෙ. උදව් කළා මහාමේඝ. බ්ලොගෙ අකුරු ලොකු කරන්න කියලා යෝජනාවක් තියෙනවා. අකුරු කියවන්න අමාරුද කියලත් පොඩ්ඩක් කියලා යන්න අමතක කරන්නෙපා.

අර කතාව ඇත්ත.. පින් කරගන්ඩ මුදල් වැය වෙන්නේ නෑ.. ගොඩක් වෙලාවට සිතුවිල්ලකින් උනත් පින් කරගන්ඩ පුලුවං !
ReplyDeleteමේ වගේ දේවල් කියවන්ඩ සලස්වලා උබ කරගන්නෙත් පිනක් මචං !!!
ප.ලි. - පෝස්ට් එක කියවන්ඩ හම්බ වෙච්ච වෙලාව මරු...
හවස තේ බොන වෙලාව... ටී එකත් බි බී නිවාඩු පාඩුවේ පෝස්ට් කියෙව්වා...
This comment has been removed by the author.
Deleteඔව්, ඒක හරි සහෝ! ඒ වගේම පින කියන්නෙ සැපයට කියන තවත් නමක් විදියටයි බුදුන් වහන්සේ දේශනා කරන්නෙ....
Deleteදිව්‍ය ලෝක/අපාය ඇත්තෙ සූර්යයාට ගොඩක් දුරින් වෙන්නැති. ඒකයි කාලය වැඩි. (විහිළුවක්)
ReplyDeleteදිව්‍යාංගනාවගෙ කතාව නියමයි තමයි. හවස් වෙනකොට වෙනත් ආත්මෙක ඉපදිලා මැරිලත් ඉවරයි.
හැබැයි මෙහෙම දෙයක් තියනව. එයාලට "දැනෙන්නෙ" අපේ කාලයේ වේගයම නම් අවුරුදු දහස් ගනනක් ජීවත් උනා කියල වැඩක් නෑ නේද?
අකුරු ලොකු කරනඑක හොඳයි. මමත් ctrl + ගහගෙනයි බලන්නෙ.
හුඟක්ම වැදගත් ලිපියක්...
Deleteරාජ් විහිළුවක් කියල කිව්වට ඇත්තම හේතුව මේක වෙන්නත් බැරි නෑ
@ රාජ්: අපේ කාලයේ වේගයම තමයි. ඒ වුණාට අපිට කාලය ගතවීමේ සීඝ්‍රතාවය වැඩියි. එහේ ඒ සීඝ්‍රතාවය අඩු නිසා සැප කියන දේ වින්දනයට වැඩි කාල පරාසයක් ලැබෙනවා. අපිට හැමදේට ම තියෙන්නෙ හරිම පොඩි කාලයක්. ඒකත් ඉක්මනට ම ගෙවිලා යනවා. අකුරු ටිකක් ලොකු කළා. දැන් හරිද බලන්නකෝ! (අයියට නම් හතළිස් ඇඳිරිය ද මන්දා! පෙනීම අඩු වෙනවා එන්න එන්න ම (විහිළුවට))!!
Deleteසම්පූරුණ ඇත්ත කතාව....100%ක් එකගයි...ඒත් ගොඩක් අය වැඩ කරන්නෙ කවදාවත්ම මැරෙන්නෑ කියලා හිතාගෙනනේ..
ReplyDeleteවතුර රත් වෙනකල් විතරනෙ මලේ කකුළුවා නටන්නෙ... ඊටපස්සෙ?
Deleteමමත් මේ ආත්මේ පින් කරගන්න ඕනා ටිකක් වැඩිපුර...
ReplyDeleteපේනවනේ මට වෙලා තියෙන දේ :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ඔයාට වෙලා තියෙන දේ ගැන හිතලා ම නෙවෙයි, ඇත්ත ම දේ තේරුම් අරන් පින් කළොත් ගොඩක් වටිනවා මලේ!
Deleteබුදු හාමුදුරුවන්ගේ ධර්මය පහදා දීම් කොච්චර සරලයිද කියල හිතෙනවා උඩ තියන "මනුස්සයාගේ ජීවිතේ ගෙවිලා යන හැටි" දේශනා කරලා තියන විදිහ දැක්කාම. පින් කරන්න වයසට යනකම් සමහරු ඉන්නවා. අන්තිමට වයසට යන්නත් කලින් මැරිලා ගිහින්. පිනම් දහමක් නොකරම.
ReplyDeleteඒක නම් ගොඩක් අයට වෙන දෙයක් තමයි. අන්තිමේට එකතැන් වෙලා මොනවත් කරකියාගන්න බැරිවුණාම තමයි අනිත්‍යය සිහිවෙන්නෙ. එතකොට පෙරහැර ගිහින් ඉවරයි!
Deleteවටිනා ලිපියක් සහො හරිම අගෙයි ................
ReplyDeleteස්තූතියි!
Deleteබොහොම පින් පුතා.
ReplyDeleteමේ සසර දුක දකින කෙනා ඉක්මනින්ම සසර කෙටි කරගන්නට උත්සාහ කරනවා. මේ දේ දකින අය අද ලෝකෙ හරිම අඩුයි. ඒ අය අනෙක් අයගෙ අඩුපාඩු සොය සොයා කල් ගෙවනවා. කවදාවත් එතෙර වෙන්න හදන්නෙ නෑ. වෙන එකක් තියා දැන් බුදු පිළිම වහන්සේලාටත් ගරහන්න පටන් අරන්. ඇයි? මේ රන් පිළිම, ඒවට ඇයි මෙච්චර වියදම් කලේ, වෙන දෙයක් කරන්න තිබ්බෙ නැත්ද?, මුදල් තියේ නම් කරන්න දේවල් ද නැත්තෙ? ඔහොම තමයි කියන්නෙ. මේ අය කවදා මේ ගිනිගෙන දැවෙන සසර භය දකීවි ද?
ශ්‍රද්ධාව නැති එක තමයි මිනිස්සුන්ට තියෙන ලොකුම අවාසනාව. බහුතරයකට තියෙන්නෙ මෝඩ ශ්‍රද්ධාවක්. ඉතින් මිනිස්සු එහෙම දකින එක පුදුමයක් නෙවෙයි. අනිත් එක බුදුන් වහන්සේ විසින් දේශිත සමහර දේවල් කියන්නත් බෑ, මිනිස්සු ඒ දේවල් ගැන සැක පහළ කරලා බොහෝ පව් රැස් කරගන්නවා. උදා: සත්ත සුරියුග්ගමන සූත්‍රය වගේ... ඉතින් ඒ වගේ අයගේ සසර බිය ගැන කවර කතාද? ඔබතුමියට බොහෝම ස්තූතියි අදහස් දැක්වීම පිළිබඳ ව.
Deleteඅදත් වටිනා ලිපියක්...ආයුෂ කතාවනම් හරිම සිත් ගන්න සුළුයි..
ReplyDeleteහරියට ම කියනවනම් මතක තියාගන්න වටින කාරණයක්...
Deleteරාජ් කිව්ව කතාවම තමයි මටත් හිතෙන්නේ.ඔබ දී තිබෙන උත්තරය ප්‍රමාණවත් මදි යැයි සිතේ.දිව්‍ය පුත්‍රයා සව වෙනතුරු හොයලා ඇයව හමු උනා හවස.ඒ කියන්නේ ඒ දෙවියාට අවුරුදු 70ක් ගියා කියලා දැනිලා නෑනේ.
ReplyDeleteඇත්තටම අර ඔබ උපුටා දක්වා ඇති දේශනාව දැක්වෙන සූත්‍රය පවසනවාද? එය කුමන නිකායට අයත්දැයි පැවසිය හැකිනම් වඩාත් සතුටු වෙමි.
අනික පින් කරමින්ම සිටියා කියා නිවන් දැකිය හැකිද?බැහැ නේද? ඊළඟ පියවර තබන්නේ කොහොමද?
ඔබේ ප්‍රශ්නය ඇතුලෙ ම පිළිතුරත් තියෙනවානෙ! ඔව්, දිව්‍ය පුත්‍රයාට අවු 70ක් දැනිලා නැහැ. ඒක තමයි දිව්‍ය ආත්ම භාවය සහ මිනිස් ආත්මය අතර වෙනස. මිනිසෙක් අවුරුදු 70කින් පස්සෙ මරණයට පත්වෙලා වෙනත් භවයක්/උපතක් කරා ගියත් දෙවියෙකුට මිනිස් අවු 70කින් එහෙම වෙන්නෙ නැහැ. ඔවුන්ට ඒක තවත් එක දවසක් විතරයි. තව්තිසාව උදාහරණයට ගන්න. එහි තවමත් බුද්ධ පරිනිර්වාණයෙන් දින 25ක් විතරයි ගෙවිලා තියෙන්නෙ, නමුත් අපිට??? එහි තවමත් බොහෝ දෙවිවරු බුදුබණ ඇහුව, බුදුන් දැක්ක අයයි. නමුත් මිනිස්සු? මම හිතන්නෙ මේ ප්‍රමාණවත් කියලා. (ප්‍රමාණවත් නැතිනම් ඒත් කියන්න ).
Deleteඋපුටනය මම කලිනුත් අහලා තියෙන එකක් වුණත් උපුටා ගත්තේ සටහනේ අන්තිමට දක්වලා තියෙන සබැඳියෙන්. නමුත් කණගාටුයි, එහෙම හරියටම කොතනද කියලා කියන්න දේශනාව නම් මතක නැහැ. නමුත් එය බුද්ධ භාෂිතයක් කියලා නම් මට සහතික වෙන්න පුළුවනි.
පින් කරමින් ම හිටියා කියලා නිවන් දකින්න බැහැ ඍජුවම. නමුත් එයින් මාර්ගය හදාගන්න පුළුවනි. උදාහරණයකට කියනවානම් පින් කරලා අපිට හැකියාව තියෙනවා දෙවියන් අතර උපදින්න. දෙවියන් අතර බොහෝ අය ඉන්නවා මාර්ගඵල ලාහ්හින්. ඒ වගේ ම දෙව්ලොව තවමත් ධර්මය බහුල ලෙස කතා වෙනවා. ඒකට හේතුව එහි තවමත් බුද්ධ පරිනිර්වාණයෙන් දින කිහිපයක් විතරයි ගතවෙලා තියෙන්නෙ. අනිත් කාරණය අපිට පුළුවන්කම ලැබෙනවා උතුමන් වහන්සේලා ඇසුරට පත්වෙන්නත් ලේසියෙන් ම. ඊළඟ පියවර වෙන්න ඕන කුසල් වැඩීමයි. පටිච්ච සමුප්පාද ධර්මය ගැන පැහැදිලි අවබෝධයක් ලබන්න පුළුවන් නම්, අප්‍රමාදී වෙන්න පුළුවන් නම්.... ඔබ ජයගත්තා වෙනවා.
කුමටද ? කුසලට කම්මැලි වන්නේ ? නේද !! අගේ ඇති ලිපියක් . ඉතාමත් වටිනවා .මේ ආයුශ පිලිබඳ සංකයාලේකන ඉතා නිවැරදි බවයි අහල තියෙන්නේ .මෙය බුද්ධභාශිතය වියයුතුමයි . මා නිවැරදිද ? මදක් පහදනවාද ?
ReplyDeleteඔව්, නිවැරදියි. මෙය බුද්ධ භාෂිතයක්. විස්තර සඳහා දේවදූත සූත්‍රය කියවන්නකෝ!
Deleteඇත්ත පින් කරන්න කියල හිතලා තියෙන ලොකුම දේ කරන්න ඕන නෑ.. තම්න්ට පුළුවන් විදිහට කරන පුංචි දෙයක් උනත් ගොඩක් වටිනවා..
ReplyDeleteහැබැයි ඉතින් ඒ ප්‍රමාණය අපි අතින් වෙන පව් වලට සාපේක්ෂ ව වැඩි වෙන්නත් ඕන මලයෝ!
Deleteනියමයි ලහිරු අයියේ,,:)
ReplyDeleteමම මුල ටික කියවනකොට හිතුනා සුරංගනා කතාවක්දෝ කියලා..
පස්සේ බලනකොට නැහැනේ..:)
කොහොම උනත් අපූරුයි!
ජය~
මට සතුටුයි කවුරුහරි ජීවිතේට වැදගත් දෙයක් අළුතින් ඉගෙනගන්නවා නම් නංගී ! ඒක සුරංගනා කතාවකින් කරන්න අමාරුයි :)
Deleteඅපුරු ලිපියක්..හිතන්න දේවල් ගොඩයි..මෙහෙම බුදු දහම ගෙන හෙමෝම හිතනවානම්..ඒ ඔස්සේ ජීවිතය සකසා ගන්නවානම් කොයිතරම් දෙයක්ද..
ReplyDeleteස්තුතියි ඔබට..
ඒක එහෙම වෙන්නෙ නැති එක ලෝක ස්වභාවයනේ. නමුත් පුද්ගලික ව අපිට ඕන නම් අපේ ජීවිතය හදාගන්න අපිට පුළුවනි. ඒකේ ප්‍රතිඵල අපිටයි!!!
Deleteඅර ඉතුරු කෝටි දෙකට මොකද වුනේ කියලා අහනකොට හිතුනේ..හදිසියේ හරි බෝධි සත්වයෙත් ඉපදිලා බුදුබව ලබලා ඉපදිලා ආයෙත් බණ කියන්න පටන් ගත්තොත් අපිට උන්වහන්සේව අඳුරගන්න පුළුවන්වෙයිද?
ReplyDeleteනිදහස් චින්තනය ගැන කතාකරපු ආගමික ශාස්තෘවරයෙක්ගෙ පිළිවෙත අනුගමනය කරන අපි කොච්චර නිදහස්ද කියලා ආපහු හිතන්න කාලය ඇවිත්..
මේ ප්‍රශ්නෙට උත්තරේ විදිහට කියන්න එපා තව කල්පයකින් තමා ඊළඟ බුදුහාමුදුරුවො උපදින්නෙ නැත්නම් ගෞතම බුද්ධ ශාසනයට තව ආයුෂ තියනවා ඒක නිසා බුදුකෙනෙක් උපදින්න බෑ වගේ කතා..අපි අපේ බුද්ධියට කතා කරන්න කාලය ඇවිත්..
ප්‍රශ්නෙට උත්තරේ විදියට මම ඒ දෙකම කියන්නෙ නැහැ. හදිසියෙ නම් කොහොමත් බෝධිසත්වවරු උපදින්නෙ නැහැ. බුද්ධත්වය ලබන අවසන් ආත්ම භාවය උපදින්න කලින් උන්වහන්සේලා පස්මහ බැලුම් බලනවා, එයින් එකක් තමයි කාලය කියන්නෙ. බෝධිසත්වයෙක් ඉපදිලා බුදුබව ලබලා බණ දේශනා කළොත් අපිට උන්වහන්සේ ව රූපයෙන් නම් හඳුනාගන්න වෙන්නෙ නැහැ. නමුත් ගුණ වශයෙන් උන්වහන්සේ හඳුනාගන්න පුළුවනි.
Deleteකාලාම සූත්‍රය නිදහස් චින්තනය ගැන හොඳ උදාහරණයක්.
හැබැයි මෙහෙම දෙයකුත් තියෙනවා අක්කේ... මෛත්‍රී බෝධිසත්වයන් බුද්ධත්වයට පත්වෙන්නෙ මිනිස් ආයුෂ 80,000ක් වුණ කාලෙක කේතුමතී රාජධානියේ කියන එක බුද්ධ භාෂිතයක්. ඒ නිසා ඒ කාලය ළඟක නැහැ කියන එක බොහොම ප්‍රත්‍යක්ෂ දෙයක්. ඒ නිසා ඒ ගැන හිතලා අපි වදවිය යුතු නැහැ. ගෞතම බුද්ධ ශාසනයේ ආයුෂ විදියට උන්වහන්සේ දේශනා කරලා තියෙන්නෙ අවුරුදු දහසක්. එයින් පස්සෙ ශාසනය ඇතුළෙම ඉන්නා කඳ පණුවන් වැනි කොටසක් නිසා පරිහානියට පත්වෙනවා කියලයි දේශනාවේ තියෙන්නෙ....
ඔය ගාන හොදා යි
ReplyDeleteඒ කියන්නෙ?
Deleteහ්ම්ම්ම් අගේ ඇති වටිනා පොස්ටුවක්
ReplyDeleteස්තූතියි!
Deleteවැදගත් ලිපියක්.
ReplyDeleteපින් කියන වචනෙට හොද වැඩක් කියන්නත් පුළුවන් නේද? මං නම් කොයිම මොහොතකවත් විශ්වාස කරන්නේ නෑ මල් තියලා බුදුන් වැද්දා කියලා පින් ලැබෙවා කියලා.මල් තියලා වදින එක නරක වැඩක් නොවුනට ඒකෙන් නිවන් අවබෝධ කරගන්න බෑනේද?
ඔව්, එහෙම කියන්නත් පුළුවන්, ඊටත් වඩා හොඳම වචනය තමයි සැපය කියන එක. ඔබ විශ්වාස නොකලාට බුදුන් දවස හිටිය විශාඛා මහ උපාසිකාවකගේ දුප්පත් මිතුරියක්, බුදුන් වහන්සේට වැටකොළු මලක් පූජා කරලා, පූර්වාරාමය පූජා කළ විශාඛාවටත් වැඩි දිව්‍ය සැප ලබාගත්තා. හැබැයි මල් පූජා කළා කියලා නිවන් දකින්න නම් බැහැ, පිනක් විතරයි රැස්වෙන්නෙ. නිවනට පිවිසෙන්න නම් දස සංයෝජන දුරු කරන්න ඕන....
Deleteගොඩක් ගැඹුරට හිතන්න පුළුවන් ලිපියක්
ReplyDeleteනියමයි සහෝ!
කවුරුහරි එහෙම හිතනවා නම් මේ නිසා හරි මට ඒක සතුටක්!
Deleteහප්පා.... කාලය පැන යනවා කියන්නේ ඕක වෙන්ටැති.... පළවෙනිම කතාව ඇහුවම පුදුම හිතුණා...
ReplyDeleteඑතකොට අයියේ මට පොඩි ප්‍රශ්නයක්... බුදු හාමුදුරුවෝ තව්තිසා දෙව්ලොවට වැඩිය බව විතරයි අහල තියෙන්නෙ... අනිත් දිව්‍ය ලෝක 5 ටත් වැඩලා තියෙනවද?
අකුරු ගාන හොඳායි!!!
බුදු හාමුදුරුවෝ බ්‍රහ්ම ලෝ වලටත් වැඩම කරලා තියෙනවා, ඉතින් දිව්‍ය ලෝක ගැන මොන කතාද! උන්වහන්සේ ට අවශ්‍ය ඕනෑම තැනකට ඕනෑ ම විදියකින් වැඩම කිරීමේ හැකියාව තිබුණා!
Deleteනියම කතාවක්.... මටනම් හිතෙන්නේ දිව්‍ය සම්පත් වලට වඩා නිවන හොඳයි, මොකද දිව්‍යලෝකයේ කොච්චර සැප තිබ්බත්, දිර්ඝායුෂ වින්දත් ආයුෂ ඉවර වුනගමන් ආයිත් අර නරාවලටම වැටෙනවානේ.. හරියට අපි අපේ බැංකු ගිණුමේ රුපියල් කෝටි ගනනක් තිබුනොත් අපි ඔකෙන් හැමදාම සල්ලි අරන් කාලා බීලා සතුටින් හිටියොත් කවදා හරි සල්ලි ඉවර වෙලා අපි දුප්පත් වෙනවනේ.... ඒ වගෙතමයි දිව්‍යලෝකයත්..
ReplyDeleteපැහැදිලිව ම නිවනමයි උතුම්. ඒකේ විවාදයක් නැහැ. දිව්‍ය ආත්ම භාවයක් ලැබුවා කියලා අපි සුරක්ෂිත නැහැ. ආයෙත් සතර අපායට වුණත් ඇදගෙන වැටෙන්න පුළුවනි. හේතුව දෙව්ලොව කියන්නෙ කාමපුරයක්. කාමයට ඇබ්බැහි වුණොත් ගැලවීමක් නැහැ. නමුත් මම කියන්න අදහස් කලේ බොහෝදෙනා නිවන ගැන පැහැදිලි අදහසක් නැති නිසා අඩුම තරමේ සුගතිගාමි වෙලා එහෙමවත් ධර්ම මාර්ගය අනුගමනය කරන්න කියලයි. දක්ෂ දෙවියෙකුට පුළුවනි සිල්වතුන් වහන්සේලා මුණ ගැහෙන්න, ධර්මය අහන්න....
Deleteවටිනා කියන අවවාද කීපයක්. ඒත් බුදු දහමේ පදනමටත් වඩා බාහිරින් තිබෙන දේවල් එක්ක නොවැ මිනිස්සුන්ගේ බැඳීම වැඩි :)
ReplyDelete