වෙලාවට වැඩ කරන්න ඕන අයට විතරයි....




මේ මාතෘකාව මම කතා කරන්නේ වැරදි රටකද මන්දා...මොකද අපේ රටේ ගොඩක් දෙනෙකුට වෙලාවට වැඩ කරනවා කියන 1 ලොකු විහිලුවක් නිසා. ඒ වගේ අය තමන්ගේ කාලෙත් නාස්ති කරගෙන අනුන්ගේ කාලයත් විනාශ කරනවා. කොහොම උනත් මේ නිසා තමන්ට වගේම රටට වෙන හානිය නම් අති විශාලයි. මේ කාලය මිනිස් පැය වලින් ගණනය කරලා බැලුවොත් ඒක හොදටම දැනේවි නාස්තිය කොයිතරම් ද කියලා. මේ ගැන කාට හරි හොද අත්දැකීමක් ලබන්න ඕනම නම් නිකමට හරි රජයේ කර්යාලයකට ගොඩවැදිලා බලන්නකෝ සිද්ධ වෙන ප්‍රමාදය කොයිතරම්ද කියලා.
මේ දේවල් කොහොම උනත් තව ටිකෙන් කියන්න ආව දේ අමතක වෙනවා. ගොඩක් දෙනෙකුට කාලය සම්බන්ධයෙන් තියෙන ලොකු ගැටලුවක් තමයි අමතක වීම කියලා කියන්නේ. අමතක වීම නිසා වෙලාවට කරන්න තිබුන වැඩ බොහොමයක් අතපසු වෙලා ලොකු ලොකු පාඩු එහෙමත් වෙලා ඇතිනේ නේද? ඒකට තමයි කාල කළමණාකරනය කියලා දෙයක් තියෙන්නේ. අපි පොඩි කාලේදි නම් අම්මා අපිට කාලසටහනක් හදලා දෙනවා පිළිවෙලකට වෙලාවට වැඩ කරන්නේ මෙහෙමයි කියලා. අපි පොඩිම කාලේදි අම්මා අපිට නොදැනීම කියලා දීලා තියෙන්නෙත් ඒ ගැන තමයි. ඒත් ඉතින් ලොකු උනාම අපිට එහෙම කරලා දෙන්නේ කවුද නේද? අනිත් එක අපිට ඕවා හද හදා ඉන්න වෙලාවකුත් නෑනේ නේද?
කෝටියක් වැඩ අස්සේ ඉන්න අපිට හිතන්නකෝ කවුරුහරි කෙනෙක් අද හරි හෙට හරි තියෙන event 1ක් ගැන නොමිලේම කෙටි පණිවිඩයක්(SMS) එකක් එවලා මතක් කරලා දෙනවානම් කොහොමද කියලා!! ෂාහ්....අද කාලේ කියලා වත් කරගන්න බැරි උදව්වක් නේද? ඔන්න ඉතින් ඒ වැඩේ අපි වෙනුවෙන් Google සමාගම භාර අරන්...මේ application 1 නම් ටිකක් පරණ 1ක්, නමුත් මම හිතන්නේ ගොඩක් දෙනෙක් දන්නේ නැති දෙයක් මේක. දන්න අයත් පාවිච්චි කරනවා අඩුයි. මේකයි වැඩේ. Google Calender.
අපි හැමෝටම Google Accounts තියෙනවනේ නේද? නැත්නම් මෙතැනින් ගිහින් හදාගන්න. ඊටපස්සෙ ඔයාගේ Gmail account 1 ට log වෙන්න. ඒකේ වම් පැත්තේ උඩම කෙළවරේ තියෙනවා Calender කියලා tab1 ක්. ඒක open කරගන්න. එතකොට වෙනමම Calender කියලා page1 ක් load වෙයි. පහත රූපය බලන්නකෝ.


ඒකේ ඔයාලට ඕන දවසේ වෙලාවේ ඔයාගේ තියෙන event 1 දෙන්න. වැඩේ තව ඉවර නෑ.



වම් පැත්තේ තියෙනවා නේද settings, ඒක click කරන්න. එතකොට එන Page 1කෙ Mobile setup ගිහින් ඔයාගේ ජoගම දුරකථන අoකය දෙන්න(හැබැයි මම දන්න විදියට නම් Mobitel විතරයි නොමිලේ මේ පහසුකම දෙන්නේ ). එතකොට ඔයාට කෙටි පණිවිඩයක් ලැබේවි රහස් කේතයක් සදහන් කරලා. ඒ එන කේතය පහලින් රහස් කේතය අහන තැනට දෙන්න. Save කරන්න. දැන් General tab 1ට යන්න, ඒකෙත් පොඩි පොඩි settings ටිකක් තියෙනව හදන්න. මම හිතන්නේ ඒවා ඔයාලට හදාගන්න පුලුවන්. ඒවත් හදලා Save කරන්න. දැන් වැඩේ හරි.
දැන් ඉතින් ඔක්කොම හරිනේ, කෙටි පණිවිඩය වෙලාවට ඇවිත් ඔයාට ඕන දේවල් මතක් කරලා දෙයි. SMS ගැන Alert 1k ඉන්න. මොනාහරි ප්‍රශ්නයක් තියෙනවනම් comment 1ක් දාන්නකෝ. එහෙනම් මම යනවා, උදාවෙන ඉoග්‍රිසි අලුත් අවුරුද්ද හැම බාධාවක්ම ජයගෙන ඉදිරියටම යන සුබ නව වසරක් වේවා කියල මම ප්‍රාර්ථනා කරනවා, හැබැයි එහෙම ප්‍රර්ථනා කළාට විතරක් නම් මදි, ඒක එහෙම වෙන විදියට වැඩත් කරන්නෝන. එතකොට හැමදේම සාර්ථක වේවි......

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

PHP තවදුරටත්...3


මම කලින් post 1න් පොරොන්දු වුනානේ Variables define කරන විදිය කියනවා කියලා. ඒ ලිපිය බැලුවෙ නැත්නම් මෙතැනින් ගන්න. අනිත් languages වල වගේම තමයි PHP වලදිත්.

1. Variable name 1 අනිවාර්යෙන්ම අකුරකින් හෝ '_' ලකුණෙන් ආරම්භ කළ යුතුයි.
2. Variable name 1 අනිවාර්යෙන්ම අකුරු, ඉලක්කම් සහ සළකුනු (Symbols) වලින් යුක්ත විය යුතුයි.(A-Z, a-z, 0-9, !-? )
3. Variable name 1 හි space නොතිබිය යුතුයි. ඒ සදහා '_' පාවිච්චි කළ යුතුයි ($my_string). නැතිනම් Capital අකුරු භාවිතා කළ යුතුයි ($myString).

$my_string= true/false; // boolean
$my_string= 10; // decimal
$my_string= 1.45; // floating point

The Connection Operator

PHP වල භාවිතා වෙන string Operator 1 තමයි Concatenation operator 1(.). ඒක භාවිත වෙන්නේ Variables 2ක් එකට එකතු කරන්නයි. ඒ සදහා (.) operator 1 යි පාවිච්චි වෙන්නේ. පහත උදාහරණය බලන්න, එතකොත හොදට තේරේවි.



මේ තමයි output1.



මේ ගැන මොනාහරි ප්‍රශ්නයක් තියෙනවනම් comment 1k දාන්නකෝ. එහෙනම් ඊළග blog සටහනෙන් හමුවෙමු.






0 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

හැමදාම අලුත් එකක් .....??


හැමදාම අලුත් සොෆ්ට්වෙයාර් එකක් ගන්න කැමතිද?මෙතැනින් ගිහින් බලන්න, මේ සයිට් එකෙන් හැමදාම අලුත්1ක් නිකම් දෙනවා,හැම පැය 24කට සැරයක්ම අලුත් 1ක් ඔයාලට බාගත කරගන්න පුලුවන් නොමිලේම. රෙජිස්ටර් වෙන්න වත් සයින් අප් වෙන්නෙත් නැතුව බාගන්න පුලුවන්.හැබැයි ඒ පැය 24 ඇතුලත බාගන්න ඕන,ඊට පස්සේ ඒ සොෆ්ට්වෙයාර් 1 බාගත කරන්න දෙන්නේ නෑ. අනිවාර්යෙන්ම ඒ බාගත කරන සොෆ්ට්වෙයාර්1 ඒ පැය 24 ඇතුලතම ඉන්ස්ටෝල් කරන්නත් ඕනේ. නැත්නම් වැඩ කරන1ක් නෑ.


වැඩි කතා ඕනේ නෑ,ගිහින්ම බලන්නකෝ. පුලුවන්නම් මේ ගැන කොමෙන්‍ටුවක් දාල ම යන්න.

6 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

PHP තවදුරටත්...2


ඔන්න අද තමයි සින්ඩියෙන් ලියමනක් ආවේ මගේ බ්ලොග් එකත් ඇතුලත් කරගත්තා කියලා.මම මාසයක් විතර බලන් හිටියා අද දවස එනකල්. ගොඩක් සතුටුයි පරක්කු වෙලා හරි ලියමන ආව1 ගැන.කොහොමහරි අපේ පාඩමත් ටිකක් විතර පරක්කු වුනා වැඩ ටිකක් වැඩිවුන නිසා. ඔයාලා කලින් ලිපි බැලුවෙ නැත්තම් මෙතැනින් බලන්න.
අපි කලින් output1k ගන්න පාවිච්චි කලේ echo කියන function1 නේ. ඒ වෙනුවට අපිට print කියන function1 ත් පාවිච්චි කරන්න පුලුවන්. ඒ වගේම comments වලට // සහ /*........*/ පාවිච්චි කරන ආකාරය හරිම පහසුයි.පහත code1 බලන්නකෝ.


මේ තමයි output1.


Variables define කරන හැටි ඊලග සටහනෙන් ඉදිරිපත් කරන්න මම බලාපොරොත්තු වෙනවා. මේ ගැන මොනාහරි ගැටලුවක් තියෙනවනම් comment1k දාන්නකෝ. ඊලග සටහනෙන් හමුවෙමු එහෙනම්.



4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

PHP තවදුරටත්...


දැන් ඉතින් PHP ගැන ගොඩක් දේවල් කතා කලානේ.කලින් සටහන් බැලුවෙ නැත්නම් මෙතනින් යන්න. දැන් කතා කලා ඇති වගේ නේද? ඔන්න එහෙනම් අපි වැඩේට බහිමුකෝ හා හා පුරා කියලා...මම හිතන විදියට දැන් ඔයාලා PHP වගේම Wamp server1 ත් බාගත කරගෙන ඇති. codes ලියන්න PHP පාවිච්චි කරන්න පුලුවන්, මම නම් ඒකට පාවිච්චි කරන්නේ DreamViewer කියන software1. ඒක language ගොඩක codes execute කරන්න support කරනවා. ඒ කොහොම උනත් සරලවම හිතුවොත් Notepad 1 වුනත් PHP වලට support කරනවා.

මේ පටන් ගන්න හදන්නේ අපේ පලමුවෙනි PHP code1 ලියන්නයි.



මේ තමයි code1. Wamp server1 open කරලා ඒකෙ තියෙන wampmanager.exe file1 execute කරන්න. දැන් ඔයාලගෙ system Tray1k සුදු පාට අඩ කවයක් වගෙ Icon 1k ඇවිත් ඇති. ඒකෙ start all sevices click කරන්න. ඊටපස්සෙ ඒකෙ උඩම ඇති Localhost කියල 1ක්. ඒකත් click කරන්න. එතකොට එයි මේ වගේ screen1k.

දැන් මේක save කරන්න ඕන. Wamp server1 open කරන්න. ඒකෙ ඇති www කියලා Folder1k. ඒක ඇතුලේ New Folder එකක් හදලා ඒකට save කරන්න. ඒ සදහා file extention1 විදියට .php කියලා දෙන්න. දැන් open වුන web browser1k Address bar 1k http://localhost/Your_folder_name/Your_file_name.php කිඅලා type කරලා Enter කරන්න. එතකොට මේ වගේ screen1k එයි.


දැන් ඒ link එක click කරන්න. මේ අපේ පලමු PHP program1...


මේ ගැන ඔයාලට මොනාහරි ගැටලු තියෙනවනම් Comment1ක් දාන්න. මම දන්න විදියට කියන්නම්. ඊලග පාඩමෙන් හමුවෙමු එහෙනම්...

2 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

PHP ගැන දන්නවද? -2


PHP පාඩම් මාලාව පටන් ගන්න කලින් ඒ ගැන හදුන්වා දුන්න කලින් පෝස්ට්1 ඔයාලා බලන්න ඇතිනේ.බැලුවෙ නැත්තම් මෙතැනින් බලන්න. පාඩම් මාලාව පටන් ගන්න කලින් තව ටිකක් PHP ගැන දැනගෙන ඉන්න 1 හොදයි කියලා මට හිතුනා. PHP කියන language1 නිර්මාණය කරලා තියෙන්නේ 1995 දී Rasmus Lerdorf කියන developer. PHP 5.3.3 කියන Version 1 තමයි අලුතින්ම නිකුත් උනේ 2010 ජූලි මාසේ.

PHP විශේෂයෙන්ම design කරලා තියෙන්නේ web development සදහා. එහිත් dynamic web pages නිර්මාණය ඉතා පහසුවෙන් මගින් කරගන්න පුලුවන්. PHP සදහා C,Perl,Java,C++ වගේ languages වල codes උපයෝගී කරගෙන තියෙනවා. PHP කියන්නේ free software1ක් නිසා ඔයාලට මෙතැනින් PHP නොමිලේ බාගත කරගන්න පුලුවන්. PHP වල අන්තර්ගත වෙන්නේ text, HTML tags and scripts කියන දේවල්. ඒ කියන්නේ PHP ඉගෙනගන්න නම් HTML, Javascripts ගැන තරමක දැනුමක් තියෙන්නෝන කියන එකයි සරලවම කිව්වොත්!

කලින් post 1දි Server 1ක් ඕනේ කිව්වා මතක ඇතිනේ. PHP සදහා IIS, Apache, Wamp...etc වගේ servers support කරනවා.කලින් PHP වලදි, ඉස්සරවෙලාම PHP install කරලා database1කට connect කරලා පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙනවානම් mySQL install කරලා ඊට පස්සෙ server 1 විදියට IIS හරි Apache හරි install කරලා තමයි PHP codes execute කරන්න වෙන්නේ.ඒ වුනත් දැන් තියෙන Wamp(Windows apache mySQL php) server 1 install කලාම ඕන කරන හැමදේම ඒක ඇතුලේ තියෙන නිසා අමුතුවෙන් software හොය හොය කරදර වෙන්නෝන නෑ. Wamp 2.0 කියන අලුත්ම version 1 ඔයාලට මෙතැනින් බාගත කරගන්න පුලුවන් නොමිලේම. මේ software 1, Win2000/XP/2003/Vista/7 කියන ඕන OS 1ක් එක්ක නියමෙට වැඩ කරනවා.
තවත් දැනගෙන ඉන්නවනම් හොදයි කියලා හිතන පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා, ඒ ටික පාඩම් මාලාව යන අතරතුරේදී පොඩ්ඩ පොඩ්ඩ මම කියන්නම්කෝ. ඒ නිසා මම හිතන්නෙ දැන් නම් PHP පාඩම් මාලාව පටන් ගන්න ඕන කරන හැමදේම හරි කියලයි. ඊලග Post1k ඉදන් අපි PHP ඉගෙනගමු එහෙනම්. ඔයාලට මේ ගැන දැනගන්න මොනාහරි දෙයක් තියෙනවනම් Comments වල දාන්නකෝ. එහෙනම් ඊලග Post1න් හමුවෙමු. ඔන්න එහෙනම් මම ගියා. Bless U Triple Gems!!!

3 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

PHP ගැන දන්නවද?


සමහර අය නම් මේ ගැන හොදටම දන්නවා ඇති,ඒත් නොදන්න අයත් ගොඩක් ඇතිනේ.ඒ නිසා මම හිතුවා අද PHP ගැන බ්ලොග් සටහනක් දාන්න.මොකද Scripting Language විෂය අද වෙනකොට ලෝකේ ගොඩක් දෙනෙක් උනන්දු වෙන විෂයක්.
සමහරු බලනව ඇති මොකක්ද මේ Scripting Language 1ක් කියන්නේ කියලා.සරලව හිතන්නකො Programm‍ing Language1ක් ම කියලා.අද වෙනකොට ලෝකේ Scripting Language වර්ග කිහිපයක්ම පාවිච්චි කරනවා. පහත රූපය බලන්නකො,මේ Programmers ලා 18,500ක් විතර එකතු කරගෙන කල සමීක්ෂණයක්.



ඔයාලට පේනවනේ 75%ක් විතර ලොකු ඉඩක් PHP වලට වෙන්වෙලා තියෙනවා කියලා.ඔක්කෝටම කලින් කියන්න බැරි වුනානේ, PHP හැදිලා තියෙන්නේ Hypertext Preprocessor කියන වචනයෙන්.හරියටම කිව්වොත් PHP කියන්නෙ server-side scripting language 1ක්. ඒ කියන්නේ PHP codes execute වෙන්න නම් server1k ඕනෙ කියන එක.විශේෂයෙන්ම කියන්න ඕන දේ තමයි PHP, object-oriented, open source software 1ක් කියන දේ.
තව වැඩි විස්තර වගෙම PHP ගැන පාඩම් මාලාවක් ඉස්සරහට ඉදිරිපත් කරන්නත් මම බලාපොරොත්තු වෙනවා. මේ ගැන ඔයාලගෙ අදහස් වගේම තව දැනගන්න මොනාහරි දෙයක් තියෙනවනම් Comment කරන්නකෝ.

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ලෝකයේ වේගවත්ම පරිගණකය බිහිවෙයි.


ඔන්න මමත් බ්ලොග් කෙරුවාව පටන්ගත්තා.මේක තවත් චීන වැඩක්.කලින් කිව්වෙ ජපන්නු හපන්නු කියලනේ,ඒත් දැන් කියන්න වෙන්නෙ චීන්නු හපන්නු කියලා වගේ නේද?දැන් දැන් චීනය තාක්ෂණික අතිනුත් ලෝකය පුරා තමන්ගේ අණසක පතුරුවන්න පටන් අරන් මතකයිනේ චීනය ඔලිම්පික් වලිනුත් වැඩ පෙන්නුවා.
නමුත් මේ සැරේ චීනය හදලා තියෙන්නේ සුපිරි වේගයක් තියෙන සුපිරිම මට්ටමේ පරිගණකයක් චීනයේ ටියැන්ජින් වල තියෙන ජාතික පරිගණක මධ]ස්ථානයේදි නිර්මාණය වුන මේ පරිගණකය නම් කරලා තියෙන්නෙ ටියන්හේ-1A (Tianhe-1A) කියලයි.ලෝකයේ ඉස්සරවෙලාම සුපිරි පරිගණකයක් නිපදවූයේ Cray Research, Inc.කියන ඇමෙරිකානු සමාගම විසින් 1976 දී.ඒ Cray-1 කියන පරිගණකය.එහි integrated circuits 200,000ක් අන්තර්ගත වුණා.ඒකෙ වේගය විදියට තියෙන්නෙ 100 million floating point operations per second (100 MFLOPS). නමුත් චීන ජාතිකයෝ නිපදවූ මේ පරිගණකය ඒ වගේ 29,000,000ක් ඒ කියන්නේ මිලියන 29 ගුණයක් වේගවත්.මේ සුපිරි පරිගණකය නිපදවීමත් සමගම ඇ.එ.ජ සතුව තිබූ වේගවත්ම පරිගණකය වෙනුවෙන් වූ වාර්තාව චීනය අත්කරගත්තා.මීට කලින් ජපානය 2002 දි මෙතෙක් ලොව තිබූ වේගවත්ම පරිගණකය නිර්මාණය කලත් 2004 දි නැවතත් ඇ.එ.ජ මේ වාර්තාව බිද දැම්මා.
ඒ වුනත් චීනය තැබූ මේ වාර්තාව නම් ලේසියෙන් බිදින්න අමාරුයි කියලයි ඔවුන් නම් කියන්නේ.ඊට හේතුව පරිගණක දහස් ගණනක් හා Intel,Nevada වගේ පරිගණක චිප දහස් ගණනක් එකතු කරලා මේ පරිගණකය නිර්මාණය කල තාක්ෂණය රහසක් නිසයි.චීනය මේ පරිගණකය මගින් ගොඩාක් සේවාවන් කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ ඔවුන්ගේ ජාතික ආරක්ශාව,බලශක්තිය,ආර්ථිකය,තොරතුරු,තාක්ෂණය වගේ දේවල් දියුනු කරගැනීම වගේම ඊට අදාල තොරතුරු ගබඩා කරලා කාර්යක්ෂමව පාවිච්චි කරන්න.කොහොම වුනත් මේ සිදුවීම ඇ.එ.ජ ට ලොකු තර්ජනයක් කියලනම් කියන්න පුලුවන්............‍
මේ තමයි මගේ පලමු බ්ලොග් සටහන.මෙහි අන්තර්ගතය ගැන ඔයාලට හිතෙන්නේ මොනවද කියලා පුලුවන්නම් Comment1k දීලා යන්න පහලින්.

1 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !