ලෝකයේ වේගවත්ම පරිගණකය බිහිවෙයි.

ඔන්න මමත් බ්ලොග් කෙරුවාව පටන්ගත්තා.මේක තවත් චීන වැඩක්.කලින් කිව්වෙ ජපන්නු හපන්නු කියලනේ,ඒත් දැන් කියන්න වෙන්නෙ චීන්නු හපන්නු කියලා වගේ නේද?දැන් දැන් චීනය තාක්ෂණික අතිනුත් ලෝකය පුරා තමන්ගේ අණසක පතුරුවන්න පටන් අරන් මතකයිනේ චීනය ඔලිම්පික් වලිනුත් වැඩ පෙන්නුවා.
නමුත් මේ සැරේ චීනය හදලා තියෙන්නේ සුපිරි වේගයක් තියෙන සුපිරිම මට්ටමේ පරිගණකයක් චීනයේ ටියැන්ජින් වල තියෙන ජාතික පරිගණක මධ]ස්ථානයේදි නිර්මාණය වුන මේ පරිගණකය නම් කරලා තියෙන්නෙ ටියන්හේ-1A (Tianhe-1A) කියලයි.ලෝකයේ ඉස්සරවෙලාම සුපිරි පරිගණකයක් නිපදවූයේ Cray Research, Inc.කියන ඇමෙරිකානු සමාගම විසින් 1976 දී.ඒ Cray-1 කියන පරිගණකය.එහි integrated circuits 200,000ක් අන්තර්ගත වුණා.ඒකෙ වේගය විදියට තියෙන්නෙ 100 million floating point operations per second (100 MFLOPS). නමුත් චීන ජාතිකයෝ නිපදවූ මේ පරිගණකය ඒ වගේ 29,000,000ක් ඒ කියන්නේ මිලියන 29 ගුණයක් වේගවත්.මේ සුපිරි පරිගණකය නිපදවීමත් සමගම ඇ.එ.ජ සතුව තිබූ වේගවත්ම පරිගණකය වෙනුවෙන් වූ වාර්තාව චීනය අත්කරගත්තා.මීට කලින් ජපානය 2002 දි මෙතෙක් ලොව තිබූ වේගවත්ම පරිගණකය නිර්මාණය කලත් 2004 දි නැවතත් ඇ.එ.ජ මේ වාර්තාව බිද දැම්මා.
ඒ වුනත් චීනය තැබූ මේ වාර්තාව නම් ලේසියෙන් බිදින්න අමාරුයි කියලයි ඔවුන් නම් කියන්නේ.ඊට හේතුව පරිගණක දහස් ගණනක් හා Intel,Nevada වගේ පරිගණක චිප දහස් ගණනක් එකතු කරලා මේ පරිගණකය නිර්මාණය කල තාක්ෂණය රහසක් නිසයි.චීනය මේ පරිගණකය මගින් ගොඩාක් සේවාවන් කරන්න බලාපොරොත්තු වෙනවා.ඒ ඔවුන්ගේ ජාතික ආරක්ශාව,බලශක්තිය,ආර්ථිකය,තොරතුරු,තාක්ෂණය වගේ දේවල් දියුනු කරගැනීම වගේම ඊට අදාල තොරතුරු ගබඩා කරලා කාර්යක්ෂමව පාවිච්චි කරන්න.කොහොම වුනත් මේ සිදුවීම ඇ.එ.ජ ට ලොකු තර්ජනයක් කියලනම් කියන්න පුලුවන්............‍
මේ තමයි මගේ පලමු බ්ලොග් සටහන.මෙහි අන්තර්ගතය ගැන ඔයාලට හිතෙන්නේ මොනවද කියලා පුලුවන්නම් Comment1k දීලා යන්න පහලින්.

1 comment:

  1. ඔන්න එහෙනම් මාත් පටන් ගත්තා පෝස්ට් මුල ඉදන් කියවන වැඩේ.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !