මේ ඊයේ පෙරේදා දවසක මට තිබුණා පොඩි IQ ජාතියේ ටෙස්ට් එකක්. ඒකේ ප්‍රතිඵල නම් එද්දි තව සතියක් විතර යයි. ඉතින් මේ අපූරු වීක් එන්ඩ් එකේ මොළයට පොඩි ව්‍යායාමයකටත් එක්ක, (ඔන්න මොළේට වද දෙන්න කැමති නෑ කියන්න බෑ...) මේ කතන්දර ටික කියවන්නකෝ. කියවලා කියවලා කියවලා හිතලා හිතලා හිතලා අසා ඇති ප්‍රශ්නයට පිළිතුරු සපයන්න එහෙනම්..
ප්‍රශ්න අංක එක
ඔන්න පරෙවියො ඇතිකරන මනුස්සයෙක් ඉන්නවා. ඔය මනුස්සයා හවසට පරෙවියො ටික කූඩුවට දාන්න ගියා ම සෑහෙන්න ලොකු ප්‍රශ්නෙකට මැදිවෙනවා. එක පරෙවියෙක් එක කූඩුවකට ගානේ දැම්මොත් පරෙවියෙක් ඉතුරු වෙනවා. පරෙවියෝ දෙන්නෙක් එක කූඩුවකට ගානේ දැම්මොත් කූඩුවක් ඉතුරුවෙනවා. එහෙනම් කියන්නකෝ එතන ඉන්න පරෙවියෝ සහ තියෙන කූඩු ප්‍රමාණය? (පරෙවියන් සියල්ල එක කූඩුවකට නොදමන බව කාරුණික ව සලකන්න!)
ප්‍රශ්න අංක දෙක
ඔන්න දවසක් තාත්තායි පුතායි කාර් එකේ ගමනක් යනවා. හදිසියේ ම අනතුරක් වෙලා දෙන්නටම තුවාල වෙනවා. රෝහලට අරන් යන අතරෙදි තාත්තා මියයනවා. පුතා ව ඇතුළුකරනවා ශල්‍යාගාරයට සැත්කමකට. හොඳට ම වයසක අබල දුබල සර්ජන් හෙමීට හෙමීට ලෙඩා ළඟට ඇවිත් බයවෙලා වගේ කියනවා "මේ මගේ පුතානේ, මට බෑ මේක කරන්න" කියලා! කොහොමද මෙහෙම වෙන්නෙ? වෙන්න පුළුවන්ද ඇත්තටම?
ප්‍රශ්න අංක තුන
හමුදා සෙබළු දෙන්නෙක් ඔන්න තමන්ගේ බැරැක්කයට වෙලා සතුරු හමුදා නිරීක්ෂණය කරමින් ඉන්නවා. හැබැයි සද්ද නැතුව. එක්කෙනෙක් පාර දිගේ ඉහළ පැත්ත බලාගෙන ඉන්නවා, ඒ කියන්නේ නැගෙනහිර දිශාව. අනිත් එක්කෙනා ඊට විරුද්ධ පැත්ත, ඒ කියන්නේ පාරෙ පහළ කෙළවර, බස්නාහිර දිශාව බලාගෙන ඉන්නවා. හදිස්සියේ ම එක සෙබලෙක් නිරීක්ෂණය කරන එක පැත්තකට දාලා අනිකාගෙන් සැරෙන් වගේ අහනවා "උඹ මොකද හිනාවෙන්නේ? මටද? " කියලා! කොහොමද මෙහෙම වෙන්නෙ? වෙන්න පුළුවන්ද ඇත්තටම? දන්න කෙනෙක් කියන්න!
ප්‍රශ්න අංක හතර
ඔන්න ගෑණු ළමයි දෙන්නෙක් එක ම දවසේ එක ම විභාගයට ඉල්ලුම්පත් දෙකක් දානවා. දෙන්නට ම එකම දවසේ එක ම තැන එක ම වෙලාවට තමයි විභාගෙ තියෙන්නෙ. මේ දෙන්නා ම රූපයෙන් එක ම සමානයි, ශරීර ප්‍රමාණත් එක වගේ. එක ම අම්ම්ගේ තාත්තගෙත්. දොර ළඟ ඉන්න ආරක්ෂක නිළධාරියා අහනවා ඔයාලා twins ලා ද කියලා. දෙන්නම එක සැරේ කියනවා නෑ... කියලා. කොහොමද මෙහෙම වෙන්නෙ? (ලෝකයේ එක වගේ හත්දෙනෙක් නොමැති බව සලකන්න!)
ප්‍රශ්න අංක පහ
ඔන්න ඔයාට ලැබෙනවා රන් කුට්ටි අටක්. මේ අතරින් එකක් තියෙනවා ව්‍යාජ එකක්. ඒක ටිකක් විතර අනිත්වාට වඩා බර වැඩියි. බැලූ බැල්මට ම හැම එකක් ම සමානයි හැම අතින් ම. ඔයාට ලැබෙනවා තරාදියක්. අර පඩි දාන වර්ගයේ එකක්. මේ තරාදිය දෙපාරක් විතරක් භාවිතා කරලා කොහොමද හරියට ම ව්‍යාජ රන් කුට්ටිය හඳුනාගන්නේ?
ප.ලි: තවත් ප්‍රශ්න නම් තියෙනවා, ඒවා වෙන දවසක දාන්නම්. නිවැරදි පිළිතුරු විතරක් පළකරන්නේ නැහැ ඔන්න දැන් ම . මිනිස්සුන්ගේ ආයුෂ සහ මෛත්‍රී බුදු සමය තෙක් කාලය ගැන ලිපි පෙළ ලබන සතියේ ඉඳන් එකදිගටම දාන්න තමයි හිතාගෙන ඉන්නේ....
මල් සිංදු
2 days ago
බලන බලන හැම බ්ලොග් එකම ප්‍රශ්න අහනවනේ.
ReplyDeleteබලාගෙන යනකොට ප්‍රශ්න නැති තැනක් නෑ වගේ නේද! ඒ වුණත් කෝ උත්තර?
Deleteමඤ්ඤං වෙලා ගියා බං සති අන්තිම. මගේ මොලේ උලුක් වුනා උත්තර හොයන්න ගිහින්, හෙහ් හෙහ් විහිළුවක් කලේ, අඩේ සිරාවටම උත්තර නැති ප්‍රශ්නද මන්දා..? මට තේරෙන්නේ නෑ බං... උත්තර ටිකත් දාපන් හොඳේ අන්තිමටවත්.
ReplyDeleteනෑ නෑ උත්තර තියෙනවා, ටිකක් හිතුවා නම් ගොඩ!
Delete1.කුරුල්ලො 4යි, කූඩු 3යි
ReplyDelete2.සර්ජන් අම්මා වෙන්ඩ ඇති
3.ඒකනං හරියට හිතාගන්ඩ බෑ.සමහරවිට අනිත් එකා මහ සද්දෙට හිනා උනාද දන්නෑනේ.
4.දෙන්නෙකුට වඩා ඉන්න අවස්ථාවක් වෙන්ඩැති.තුන් නිවුන්නු, සිව් නිවුන්නු වගේ
5.කුට්ටි 8න් දෙකක් පැත්තකින් තියලා අනිත් ටික තුන තුන තරාදියේ දෙපැත්තට දානවා.ඒවයේ බර සමානනම් බර වැඩි එක තියෙන්නේ අර පැත්තකින් තියපු දෙකේ.එතකොට ඊළඟ පාර ඒ දෙක තරාදියේ දෙපැත්තට දාලා බර වැඩි එක හොයා ගන්ඩ පුළුවන්.එහෙම නැතුව මුළින් තුන තුන කිරද්දි එක පැත්තක් බර වැඩිනම් ඒ බර වැඩි පැත්තේ කුට්ටි තුන අරගෙන එකක් පැත්තකින් තියලා අනිත් දෙක තරාදියෙ දෙපැත්තට දානවා.එතකොට එක්කෝ දෙකෙන් එකක් බර වැඩියි.දෙක බරින් සමානනම් පැත්තකින් තිබ්බ එක තමයි බර වැඩි එක.
3 එකට උත්තරේ තමයි.... දෙන්න දෙපැත්ත බලාගෙන ඉන්නෙ මූහුනට මුහුණ හැරිලා...
Delete4 ට උත්තරේ - දෙබිඩි දරුවෙක්....
Deleteඋත්තර පහල තියෙනවා, ගිහින් ම බලන්නකෝ!
Deleteඋබම කීං උත්තර ටික..
ReplyDeleteමං නං දන්නෑ..
අයියෝ... එහෙම කියන්න එපා, ට්‍රයි කරන්න!
Deleteඅංක 5 ට පිළිතුර- කුට්ටි හතර බැගින් තරාදියේ දෙපැත්තට දානවා.බරින් වැඩි පැත්තෙයි වියාජ එක තියෙන්නේ..
ReplyDeleteඒ වුණාට හරියටම ව්‍යාජ එක හොයාගන්න විදියක් කියලා නෑනේ නංගී...
Deleteබුවක්කා! :(
Deleteආයේ හිතන්න වෙයි
ම්ම්ම්... අයේ හිතුවත් පාඩුවක් වෙන එකක් නෑ ඔන්න !
Deleteසමහර එවට නම් උත්තර හිතින් හිතා ගත්තා දපන්කො බලන්න උත්තර ටික... මරු බන් ප්‍රශ්න ටික....
ReplyDeleteමෙන්න හොරෙක්! උත්තර හිතේ තියාගෙන ඉන්නෙ නැතුව කිව්වනම්...
Deleteඔන්න දිනුක නම් ප්‍රශ්න පහෙන් හතරකට හරියට උත්තර දීලා තියෙනවා!
ReplyDelete5න් 4ක් හරි කියන්නේ 80%ක්නේ බොලේ.ෆස්ට් ක්ලාස් එකක් බොලවු හුරේ..........
Deleteම්ම්ම්...ඔව්! ඒ වුණාට වැරදෙන ඒවට ලකුණු අඩු කරනවා, ඒ හින්දා 80% නෑ! යන්තම් B- එකක් වගේ දෙන්න පුළුවන් ඈ!
Delete1. පරවියෝ 4 යි කූඩු 3 යි
ReplyDelete2. සර්ජන් කියන්නේ අම්මා (එයා ගෑනු කෙනෙක්). මේක කලින් අහලා තිබුණා
3. මේක හරියට තේරුනේ නෑ මම හිතන්නේ? ඔයා ඇහුවේ මේ දෙන්නට දෙන්නගේ මූන පේන්නේ නැත්නම් එහෙම ඇහුවේ කොහොමද කියලද? මූණු පේන විදියටත් ඉන්න පුළුවන්නේ...දෙපැත්ත බලාගෙන
4. එකම අම්මගේ තාත්තගේ කිව්වේ සහෝදරියන් කියන එක නේද?
5. මුලින්ම රන් කුට්ටි 3 බැගින් අරගෙන තරාදියේ දෙපැත්තට දානවා. එතකොට එළියේ තව කුට්ටි 2 ක් ඉතුරුයි.
අපි හිතමු දෙපැත්තේ බර සමාන උනා කියලා. ඒ කියන්නේ එළියේ තියන කුට්ටියක් තමයි ව්‍යාජ එක. ඉන් පස්සේ එළියේ තියන කුට්ටි දෙක තරාදියේ දෙපැත්තට දානවා. පහල බහින පැත්තට දාපු කුට්ටිය තමයි ව්‍යාජ එක.
එහෙම නැතුව අපි හිතමු, කුට්ටි 6 දාපු වෙලාවේ එක පැත්තක බර වැඩි උනා කියලා. එතකොට කරන්නේ ඒ බර වැඩි උන පැත්තේ කුට්ටි තුන අරගෙන තුනෙන් දෙකක් තරාදියේ දෙපැත්තට දාන එක. එක පැත්තක බර වැඩි උනොත් ඒක තමා ව්‍යාජ. නැත්නම් ඒ 3 න් ඉතුරු එක තමයි ව්‍යාජ.
තේරුනාද මන්දා.
1.parawiyo=4
ReplyDeletekuudu=3
2.danne naha
3.danne naha
4.danne naha
5.thaama hithanawa....
ම්ම්ම්ම්.... එහෙනම් හිතලා ඉතුරු ඒවටත් උත්තර කියමු බලන්න
Deleteme wade hariyanne naha affa..
Delete5 weni prashneta,,2 paarak nathuwa 3 paarakin num boru raththaran kuttiya hoyaganna puluwan..
ahema barida..
hari uththara ikmanata denna hode..
5 වෙනි ප්‍රශ්නෙට දෙසැරයකින් පුළුවන්. තව සුට්ටක් විතර හිතන්න!
Deletekohoma unath patta prashna tika...
ReplyDeleteikmanatama uththara danna ..
හී හී හැබැයි ඉතින් මේවා මම හැදුව ඒවා නම් නෙවෙයි! ඉරිදා හවසට වගේ උත්තර ටික දාන්නම්කෝ!
Deleteසයුරි අක්කත් ප්‍රශ්න හතරකට හරි උත්තර දීලා තියෙනවා. සහෝදරියෝ රූපයෙන්, ප්‍රමාණයෙන් එක ම වෙන්න තියෙන අවස්ථා අඩුයිනේ අක්කේ. උපකල්පන වලට නිදහස තියෙනවා ඔන්න!
ReplyDeleteහිහි...එහෙනම් මෙහෙම වෙන්නැති. එයාලා ට්වින්ස් ලා නෙමෙයිනම් දෙබිඩි ළමයි වෙන්න ඇති (පස්සේ ඔපරේෂන් කරලා වෙන් කරන්න ඇති. හික්ස්). ආ මෙහෙම වෙන්නත් පුළුවන්..ඔය ගෑනු ළමයි දෙන්නා කිව්වට එතන ඉන්නේ එක්කෙනයි. අනිත් කෙනා එයාගේ හැඳුනුම් පත..
Deleteවැරදිද?
නෑ නෑ දෙබිඩ්ඩොත් නෙවෙයි! අනිත් කතාවත් වැරදියි ඔන්න... තව පොඩි දෙයක් තියෙන්නෙ හිතන්න, අක්කා ටිකක් ළංවෙලා උත්තරේට!
Deleteටියුබ් බේබීස්ලද
Deleteම්ම්ම්... නෑ නෑ!
Deleteඅන්‍යන්ට අවස්ථාව ලබාදෙමි :D
ReplyDeleteමෙන්න තවත් හොරෙක් මාරුවෙනවෝ!
Delete@ලහිරු අයියා
Deleteමමත් "අන්‍යන්ට අවස්ථාව ලබාදෙමි " :)
@ වකා - WAKA:
Deleteආ... එහෙම කොහොමද? හොරු හොරු!
1. පරවියො 3යි කූඩු දෙකයි
ReplyDelete2. පුළුවන අර කාර් එකේ ඇවිත් තියෙන්නේ.. වෙන පුතෙකුගේ තාත්තෙක්
3. විය හැකියි.. දෙදෙනා මුහුණට මුහුණ ලා සිටින්නේ
4. නිවුන්නු නූනට එකම අම්මගෙයි තාත්තගෙයි දූල දෙන්නේක් අක්කයි නන්ගියි... අක්ක දෙවනි වර විභාගය කරනව වෙන්න ඇති
( හොල්මන්ද පොල්කොළ .. පිස්සු හැදෙනවා ... අසභ්‍ය දේවළුත් හිතුනා.. ළහිරුගේ පෝස්ට් එකක් හින්දා එහෙම වෙන්න බැරි නිසා සභ්‍ය විදියට හිතල උත්තර දුන්නා )
5. තුන තුන දෙපැත්තට දනවා.. එතකොට සමානනම් ව්‍යාජ එක වෙන්නේ තරදියෙන් පිට දෙකෙන් එකක්... එක පැත්තක් පහල යයිනම් ඒ පැත්තෙ තමා ව්‍යාජ එක තියෙන්නේ...
එක පැත්තක් පහල ගියොත්
ඒ පැත්තෙන් 3න් දෙක නැවත දෙපැත්තට දානවා ... එවිට සමානනම් 3නෙන් නොදාපු එක ව්‍යාජ එක.. අසමානනම් පහල යන එක අව්‍යාජ එක...
තුන තුන දැමූ විත සමානනම්
ව්‍යාජ එක තියෙන්නේ එළියේ.. ඒ දෙක තරාදියේ දෙපැත්තත දැම්මහම පහල යන්නේ ව්‍යාජ එක තියාන් පැත්ත
@ Mee Godayaa
ReplyDeleteප්‍රශ්න පහෙන් 3, 5 ප්‍රශ්න වල උත්තර හරි, ඉතිරි ඒවා නම් හරි නෑලු!
හ්ම්ම්ම්ම්ම්ම්ම්ම් දක්ෂයොන්ට මෙන්න අවස්ථාවක්. මේ වයසක මගේ පෙෂර් එකත් නගිනවා මේවට උත්තර හොයන්න ගියොත්
ReplyDeleteඅවුලක් නෑ, උත්තරේ මතක් වුණ ගමන් නැග්ග ප්‍රෙෂර් එක බහීවි!
Deleteහප්පා.....එන්නං ඈ පස්සේ උත්තර බලන්න මේ වෙලාවේ මොනවත් හිතෙන්නේ නෑ...
ReplyDeleteඒ මොකෝ ඒ ?
Delete1. කූඩු 3 , පරවියෝ 4යි
ReplyDelete2.
3. දෙන්නා මුහුනෙන් මුහුන බලාගෙන ඉන්නේ
4.
5. මුලින්ම කුට්ටි 8 ගොඩවල් 3 ගහනවා, 3 ගොඩවල් 2යි, 2 ගොඩවල් 1. ඊට පස්සේ 3 ගොඩවල් 2 තරාදියේ දෙපැත්තට දානවා..දෙපැත්ත සමාන නම් ඉතිරි 2න් 1ක්...නැත්තම් බර අඩු ගොඩ නැවත දෙපැත්තට 1 බැහින් දාලා කිරනවා.... දැන් වැඩේ හරිනේ....
දෙවෙනි එකට උත්තරේ කාර් එකේ යන්නෙ තාත්තෙකුයි පුතෙකුයි උනාට ඒ දෙන්නා තාත්තයි පුතයි කියලා මේ ප්‍රශ්නෙ දි කියලා නෑ නේ...
ReplyDeleteතුන්වෙනි ප්‍රශ්නෙදි සෙබලු දෙන්නා බලන් ඉන්නෙ දෙපැත්තට... ඒ කියන්නෙ වම් පැත්තෙ ඉන්න කෙනා පහල බලන්න දකුණු පැත්ත බලනවා. දකුණු පැත්තෙ ඉන්න කෙනා පාරේ ඉහළ බලන්න ඕනෙ වම් පැත්ත බලලා. ඉතින් අරූට මුගෙ මූන පේන එක සාධාරණයිනෙ?
@ ජිනේ:
ReplyDeleteනෑ නෑ ඒ තාත්තගෙ ම පුතා තමයි! අනිත් එක නම් හරි ඔන්න!
@ මියුරු රටා :
ReplyDeleteඋත්තර තුන ම හරි! අනිත් දෙකත් ට්‍රයි කරන්න එහෙනම්!
1.පරවියන්4, කූඩු3
ReplyDelete2.//තාත්තෙකුයි පුතෙකුයි// ඒ කියන්නෙ තාත්තයි තමුන්ගෙම පුතයි නෙවෙයි වෙන්න පුළුවන්. පුතා දොස්තරගෙ පුතා ඒකයි උත්තරේ.
3.ඒ දෙන්න ඉන්නෙ මුහුණට මුහුණ බලාගෙන. අනෙකාට ඉදිරියෙන් තමයි නිරීක්ෂණය කරන්නෙ.
4. එකම අම්ම තාත්තගේ නිවුන් නොවන ළමයි. මේ ජාතියේ උදවිය ඕන තරම් ඉන්නව. හොඳම උදාහරණයක් තමයි අපේ තාත්ත සහ බාප්ප. එක්තරා කාලයක ඔවුන් දෙන්න සර්වසම නිඹුල්ලු වගේලු.
5. රන් කුට්ටි 8න් 6ක් වෙන්කරගන්නව. ඒ 6 තුන බැගින් දෙපැත්තට දාල කිරනව. වෙන්න පුවවන් දේවල් 2යි. එක්කෝ දෙපැත්ත බැලන්ස්. එහෙම උනොත් ව්‍යාජ එක තියෙන්නෙ එලියෙ තියන දෙකේ. ඒ දෙක කිරල තෝරගන්නව. දෙපැත්ත බැලන්ස් නොවුනොත් පහල යන පැත්තෙ තමයි ඒක තියෙන්නෙ. ඒ තුනෙන් දෙකක් කිරල බැලුවම හරි. එක්කෝ සමාන වෙයි.එහෙම උනොත් ඉතිරිඑක. නැත්තං බර වැඩිඑක.
මෙයින් iq ප්‍රශ්න වෙන්නෙ 1,5 විතරයි. මොකද උත්තර නිවැරදිව යම් ක්‍රමයකට හොයාගන්න පුළුවන් ඒ දෙකේ විතරයි. 3ප්‍රශ්නයටත් වෙනස් උත්තර තියෙන්න පුළුවන්. මොකද දෙන්න දෙපැත්තෙ තියන කණ්නාඩි වගේ දේකින් උනත් පේන්න පුළුවන්.2,4ට මම දීපු උත්තර හරිද දන්නෙ නෑ. ඒත් ඒව වැරදියි කියල කියන්න කාටවත් බෑ.
@ රාජ්:
ReplyDelete…
…එතන මගේ සිංහල ගැන පොඩි වැරැද්දකුත් තිබුණා, ඔන්න ඒක හැදුවා! 1,3,5 නම් හරි. 2,4 ත් වැරදි නැහැ කලින් තිබුණ විදියට. හැබැයි දැන් ඉඳන් වැරදියි. අනිත් එක හමුදා බැරැක්ක වල කණ්ණාඩි හයි කරලා තියෙයි කියලා හිතන්න නම් අමාරුයි! හැබැයි අයියගෙ උත්තරේ හරි.
1 ප්‍රශ්නයට-කුඩු 3යි පරවියෝ 4යි
ReplyDelete2 ප්‍රශ්නයට-වෙනද පුළුවන්.සේර්ජන් කියන්නේ තාත්තගේ තාත්තා.පුතාගේනම් සීයා.
3 ප්‍රශ්නයට-දෙන්නා නිරීක්ෂණය කරන්නේ මුනෙන් මුණ බලාගෙන ඉන්න විදිහට
4 ප්‍රශ්නයට-ඒ කියන්නේ ඔය ප්‍රශ්නේ අහලා තියෙන්නේ ඔය 2නාගෙන් එක්කෙනෙක් & වෙනකෙනෙක් ගෙන්
4 ප්‍රශ්නයට-මුලින්ම ක් ගන්නවා ඊට පස්සේ 3 3 ගැනේ දෙපැත්තට දානවා.එතකොට ඒ දෙපැත්ත සමනනම් වියාජ එක තියෙන්නේ කලින් අයින් කරපු 2න් එකක.ඒ දෙක ඊලග පාරට තරාදියට දල වියාජ එක හොයාගන්ඩ පුළුවන්.
එහෙම නැති උනොත් අර 3,3 දාපු වෙලාවේ බර වැඩි 3 ගන්නවා.ඒකෙන දෙකක් දෙපැත්තට දානවා.එතකොට ඒ දෙකෙන් එකක් වියාජද කියල දැන ගන්ඩ පුළුවන්.ඒ දෙක හොදනම් අනිත් එක තම හොර එක
හොද ප්‍රශ්න ටිකක් යාළුවා. මම මගේ උත්තරේ දැනගන්ඩ බලාගෙන ඉන්නවා.ඉක්ක්මනට මේකට reply කරන්ඩ.මම මේක email වලින් subscribe කරලා ඉන්නේ
Delete1,3,5 උත්තර හරි, කණගාටුයි කමෙන්ටුව පළ කරලා Reply කරන්න බැරිවීම ගැන, මොකද එහෙම වුණොත් අනිත් කම්මැලියෝ ටික හිතන්නෙ නැතුව ම උත්තරේ බලාගනීවිනේ! සර්ජන් සීයා නෙවෙයි!
@ Vishwajith Rajapakse :
ReplyDelete1,3,5 උත්තර හරි, කණගාටුයි කමෙන්ටුව පළ කරලා Reply කරන්න බැරිවීම ගැන, මොකද එහෙම වුණොත් අනිත් කම්මැලියෝ ටික හිතන්නෙ නැතුව ම උත්තරේ බලාගනීවිනේ! සර්ජන් සීයා නෙවෙයි!
මේ වෙලාවේ නම් පට්ට නිදිමතේ කමෙන්ට් ඒක දාන්නේ!හෙට උදේම ට්‍රයි කොරන්නම්!;)
ReplyDeleteආ... ඒක හොඳයි. එතකොට සමහරවිට හීනෙන් වුණත් උත්තර පෙනෙන්න බැරි නැහැ :)
Deleteමගේ සුට්ටි මොලේට මේවා තේරෙන්නේ නෑ වගේ :)
ReplyDeleteසුට්ටි මොළෙන් වැඩක් ගත්තොත් මොකද, නැත්තම් ඕක වැඩ කරන්නැතුව යාවි ඔන්න!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteමෙන්න උත්තර :
ReplyDelete1. කුඩු 3යි පරවියෝ 4යි
2. සර්ජන් කියන්නේ අම්මා, ඉතින් පුතා කිව්ව එකේ වැරැද්දක් නෑ නේද ?
3. දෙන්නා නිරීක්ෂණය කරන්නේ මුනෙන් මුණ බලාගෙන ඉන්න විදිහට, අනිත් කෙනාගේ උරහිසට උඩින් වගේ! ඒ නිසා හිනා වෙනවා පේනවා ලේසියෙන් ම.
4. ඒ දෙන්නා twins ලා නෙවෙයි triplets ලා! ඒ කියන්නේ තුන් නිවුන්නුන් ගෙන් දෙන්නෙක් තමයි ඒ ඇවිත් තියෙන්නෙ!
5. මුලින්ම රන් කුට්ටි 3 බැගින් අරගෙන තරාදියේ දෙපැත්තට දානවා. එතකොට එළියේ තව කුට්ටි 2 ක් ඉතුරුයි. අපි හිතමු දෙපැත්තේ බර සමාන උනා කියලා. ඒ කියන්නේ එළියේ තියන කුට්ටියක් තමයි ව්‍යාජ එක. ඉන් පස්සේ එළියේ තියන කුට්ටි දෙක තරාදියේ දෙපැත්තට දානවා. පහල බහින පැත්තට දාපු කුට්ටිය තමයි ව්‍යාජ එක. එහෙම නැතුව අපි හිතමු, කුට්ටි 6 දාපු වෙලාවේ එක පැත්තක බර වැඩි උනා කියලා. එතකොට කරන්නේ ඒ බර වැඩි උන පැත්තේ කුට්ටි තුන අරගෙන තුනෙන් දෙකක් තරාදියේ දෙපැත්තට දාන එක. එක පැත්තක බර වැඩි උනොත් ඒක තමා ව්‍යාජ. නැත්නම් ඒ 3 න් ඉතුරු එක තමයි ව්‍යාජ.
ප්‍රශ්න ටික හොඳ ද මන්දා! කොහොම උණත් උත්සහ කල, උත්තර දුන්නු හැමෝටම ස්තූතියි!
මේක කොහොමද මට මිස් වුණේ? උත්තරත් දාලානේ මම එනකොට. :)
ReplyDeleteමිස් එනකොට හොඳටම පරක්කුයි, ඒකයි මිස් වුණේ!
Deletehoda welawta mama enokata "utara" tikadala.
ReplyDeleteJayawewa,
Sajith Mendis.
@ Sajith Mendis :
Deleteකමක් නෑ ආයෙත් එන්නකෝ!