කලින් සටහනේ දි දැනගත්තනේ කොහොමද මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 80,000 ඉඳන් අවුරුදු 1000 කට අඩුවුණේ කියලා. සොරකම් කරන්න පටන් අරන්, ප්‍රාණඝාතය කරලා ඒවයින් බේරෙන්න බොරු කියලා, කේලාම් කියලා වගේ එක එක විදියේ පව් වැඩ කරලා තමයි ඒ විදියට ආයුෂ අඩු වුණේ. හැබැයි ඉතින් මේක ක්ෂණික ව සිදුවුණ දෙයක් නම් නෙවෙයි, අවුරුදු කෝටි ගණනාවක් තිස්සේ ක්‍රමයෙන් වුණ දෙයක්. එහෙනම් අද කියන්න යන්නේ ඒ ඉතිරි ටික. අපි නැවැත්තුවේ තද ආශාව, ක්‍රෝධය වගේ හැඟීම් නිසා ආයුෂ අවුරුදු දාහකට අඩුවුණ තැනින් නේ.
ඊට පස්සේ ඒ කාලේ මිනිස්සු අතර මිථ්‍යාදෘෂ්ඨිය ප්‍රබල වශයෙන් පැතිරිලා ගියා. මෙතනදි මිථ්‍යාදෘෂ්ඨිය විදියට අදහස් කළේ ක්‍රියාවන් වල විපාක නැහැ, පව් පින් නැහැ, මරණින් පසු පුනර්භවයක් නැහැ, මව්පියන්ට සැලකීමෙන් වැඩක් නැහැ, තෙරුවන් නැහැ වගේ දේවල්. ඒ නිසා ම ආයුෂ අවුරුදු පන්සියය දක්වා අඩුවුණා. ආයුෂ වසර පන්සියයක් වුණ මිනිස්සු අතරෙත් අධර්ම රාගය, විෂම ලෝභය, මිථ්‍යා ධර්ම වගේ දේවල් පැතිරිලා ගියා. ඉතින් ඒ නිසා ආයුෂ ආයෙත් දෙසියපනහ දක්වා අඩුවුණා. මව කෙරෙහි වරදවා පිළිපැදීම, පියා කෙරෙහි වරදවා පිළිපැදීම, ශ්‍රමණයන් කෙරෙහි වැරදි ලෙස හැසිරීම, සිය පවුලෙහි වැඩිහිටියන්ට යටහත් නොවන බව කියන වැරදි නිසා ආයුෂ දෙසිඅය පනහක් වුණ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු සියය දක්වා ම අඩුවුණා. මේ වැරදි දේවල්, පාපි ක්‍රියා දිගින් දිගටම අඩුවක් නැතුව ම ලෝකය පුරා ම සිද්ධ වෙද්දි තවත් කාලයක් ගිහින් මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු දහයක් වෙන කාලයක් ඉදිරියට එනවා. ඒ කියන්නේ කෙනෙකුගේ පරමායුෂ අවුරුදු දහයක් විතරයි. ඒ කාලේ අවුරුදු පහක ගැහැණු ළමයෙක් විවාහයට සුදුසුයි කියලයි සලකන්නේ. අවුරුදු පහක් වෙද්දි කාන්තාවක් සැමියෙක් ලබාගන්න තරම් කායික ව මානසික ව වැඩිලා ඉන්නවා. ඒ කාලේ වෙද්දි ගිතෙල්, වෙඞරු, තල තෙල්, මී, සකුරු, ලුණු කියන ආහාර/රසකාරක වල රසය අතුරුදහන් වෙනවා ලෝකයෙන්. ඒ කියන්නේ ඒවයේ ප්‍රණීත රසය නැතිවෙනවා ඒ කාලේ වෙද්දි. ඒ වගේ ම දස අකුසල් වේගයෙන් පැතිරිලා යනවා. අඩුම තරමේ කුසලයක්/ පිනක් ගැන වචනයකවත් අහන්න ලැබෙන්නෙ නෑ ඒ කාලේ මිනිස්සුන්ට.
මේ දස අවුරුදු කාලසීමාවේදි ඒ මිනිස්සුන්ට ඔවුනොවුන් කෙරෙහි දැඩි කෝපය, දැඩි ව්‍යාපාදය, දැඩි ද්වේෂය, දැඩි වධක චිත්තය (මැරීමේ ආශාව) වගේ හැඟිම් උත්සන්න වෙනවා. ඒත් එක්ක ම තීරණාත්මක සතියක්, එහෙමත් නැත්තම් දින හතක් උදාවෙනවා මිනිස්සුන්ට. ඒ සතියෙදි මිනිස්සුන්ට ඇතිවෙනවා මිග චිත්තය කියන සිත. ඒ කියන්නේ දඩයක්කාරයෙකුට මුවෙක් දැක්කම මරන්න ඕන කියලා ඇතිවෙන හිත වගේ දෙයක්. මිනිස්සු ඒ සතිය මුළුල්ලේ ම එකිනෙකා ඇණ කොටාගෙන මරාගන්නවා. බිරිඳ, සැමියාවත් සැමියා බිරිඳ වත්, දෙමව්පියෝ දරුවන් වත් දරුවෝ දෙමව්පියන්වත් හඳුනාගන්නෙ නැතිව එකිනෙකා මරාගන්නවා. ඒ අයට තව කෙනෙක් මරන්න ඕන කියලා හිතද්දි ආයුධ අතට ලැබෙන කාලයක් තමයි ඒ. මේ සතියෙන් පස්සෙ ලෝකයේ ජීවත් වෙලා හිටිය බොහෝ දෙනා මරණයට පත්වෙනවා. පෙර ආත්ම වල කුසල් වඩලා තිබුණ ඉතා ම සුළු පිරිසක් විතරක් ජීවිත බේරාගන්නවා.
මේ ඉතුරුවෙන පිරිස කොහොමද තමන්ගේ ආයුෂ අවුරුදු 80,000 දක්වා නැවත වර්ධනය කරගන්නේ, මෛත්‍රී බුදුන් වහන්සේගේ පහළවීම කොහොමද කියන කොටස තමයි ඊළඟ සටහනෙන් කියන්න හිතාගෙන ඉන්නෙ. ඉතින් මේ සටහන් පෙළ කියෙව්වේ නැති කෙනෙක් ඉන්නවා නම් පහත සබැඳි වලින් ගිහින් පිළිවෙලින් කියවන්නත් පුළුවන්.
1. සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද?
2. අහසින් යන ඇතෙක් සහ අශ්වයෙක් ! සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද -2
3. සොරකම් කරන්න කරන්න සල්ලි දෙන රජතුමා...!
හප්ප 80 000 නං වැඩියි අප්පා...මුස්ලිම් ආගමටවත් යන්න වෙනවා 100 පැනපු ගමන්...
ReplyDeleteඑහෙමඕන වෙන එකක් නැතිවෙයි. මොකද වර්ධනය වයසට සමානුපාතික වෙන නිසා. ඒකාලේ අවුරුදු 100ක් දණ ගාන වයසේ විතර ඉඳිවි මට හිතෙන හැටියට!
Deletepasugiya lepi siyala kiyuwa, itiri post tika kiyawana balagena inwa. gedara ayath dena hitagena iny.
ReplyDeleteJayawewa,
Sajith Mendis.
ඔව්, ආයෙත් එන්න එහෙනම්
Deleteඅවුරුදු 10ක් ජීවත් වෙද්දි කොහොමද නේ?
ReplyDeleteඊලග කොටස එනකම් ඉන්නවා වයස අවු.80 000 කරගන්නේ කොහොමද කියලා බලන්න.
හිතන තරම් සුන්දර වෙන එකක් නම් නෑ මලේ, මොකද කුසලය කියන වචනය වත් ඒ කාලේ ඇහෙන්නෙ නෑනේ!
Deleteපුදුම හිතෙන කතාවක්.. බලමු ආයෙ 80000 ට වැඩි වෙන්නෙ කොහොමද කියලා.. :)
ReplyDeleteපුදුමයි, හැබැයි ඇත්තයි
Deleteමේ කාලේ උදාවේගෙන එනවදෝ කියල මට හිතෙනවා මේ දවස්වල අහන දකින ඒවා නිසා.
ReplyDeleteඑතැනට තමයි මේ යන්නේ අපි...
Deleteඅවුරුදු 10 ක් පරමායුෂ තියන කාලේදී ද තුත්තිරි ගහ යටත් සෙවන ලබන්න මිනිස්සුන්ට පුළුවන් වෙනවා කියන්නේ..?
ReplyDeleteඒක නම් හරියටම දන්නෙ නැහැ. හැබැයි ඉතින් එහෙම වෙන්නත් බැරිකමක් නෑ නේද...
Deleteමටත් හිතෙන්නේ මචං දැන් ටික ටික අපි අවුරුදු දහයේ සීමාවට යනවා වගෙයි. ඒක නවත්තගන්න බැරි වේවි නේද මෛත්‍රී බුදු හාමුදුරුවෝ පහල වෙනකම් ?
ReplyDeleteමෛත්‍රි බුදුහාමුදුරුවෝ පහළ වෙන්නෙ ඔය අවුරුදු දහය අසූදාහකට වැඩිවුණාට පස්සෙයි...
Deleteතව ඉස්සරහට ආයුෂ තවත් අඩුවෙයි
ReplyDeleteඇත්ත තමයි කතාව
:)
Deleteමගේ ඔලුව කොලොප්පන් උනා බන්...
ReplyDeleteඒ ඇයි ? ඊළ්ඟ සටහන කියවන්නකෝ එතකොට හරියයි!
Deleteකොසොල් රජ්ජුරුවෝ දැකපු හීනෙත් තිබුනේ මේ වගේ සීන් එකක් නේද??
ReplyDeleteමටනම් ඒක හරියටම මතක නැහැ, ඊළඟට ඒ ගැන ලියන්න අදහසකුත් තියෙනවා, බලමුකෝ!
Deleteඔව් ඔව් එහෙම සීන් එකක් තමා. කොසොල් රජතුමා දැක්ක හීන 16 ගැන බුදු හාමුදුරුවන් විස්තර කරද්දී බුදු හාමුදුරුවෝ දේශනා කරන්නේ ඒවා අනාගතයේ සිද්ධ වෙන දේවල් ඒක නිසා ඔබතුමා කලබල වෙන්න එපා කියලා. මහා සුපින ජාතකයෙන් මේ කතාව හොඳට විස්තර කරනවා....
Deleteහේ හේ නියමයි.
ReplyDeleteඒ මොකෝ ?
Deleteහ්ම්ම්...එතකොට ගෞතම බුදු හාමුදුරුවෝ බිහි වෙද්දී පරම ආයුෂ 100 වගේ නේද තිබුනේ? ඔහොම ආයුෂ අඩු වෙලා මිනිස්සු විනාශ වෙලා යන කාල සිමාවකටද කල්පයක් කියන්නේ?
ReplyDeleteඅවු. 80000 ඉන්න ගියොත් කම්මැලි හිතෙනවා අප්පා :)
කවුද අකමැති ජීවත් වෙන්න, කම්මැලි හිතෙන එකක් නම් නෑ මම හිතන්නෙ!
Deleteනෑ ලහිරු. අවු. 200 ක් ජිවත් වෙන්න කිව්වත් මමනම් කැමති නෑ. එකම ආත්මෙක එච්චර කල් ඉන්න ගියාම මටනම් එපා වෙයි. මිනිස්සුන්ගේ ජිවත් වීමේ ආසාව රඳා පවතින්නේ වෙනස් වීම් මත කියලයි මට හිතෙන්නේ.
Deleteම්ම්...මේ ගැන පොඩ්ඩක් ලියන්න හිතෙනවා...බලමු.
මම හිතන්නෙ නැහැ අක්කෙ එහෙම එපා වෙයි කියලා, මොකද, අපි නිකමට හිතුවොත් අවුරුදු 10 ආයුෂ තියෙන කාලෙට ගිහින්, ඊසර කාලේ අවුරුදු 100ක් ආයුෂ තියෙන අය හිටියා කිව්වොත්, ඒ අයත් කියාවි අයියෝ අවුරුදු 100ක් ඉන්න ගියොත් එපා වෙයි නේද කියලා. හැබැයි අපි දන්නවා අවුරුදු 100ක් ඉන්න එක එපා වෙන්නෙ නැහැ කියලා. මම නම් හිතන්නෙ මිනිස්සුන්ගේ ජිවත් වීමේ ආසාව රඳා පවතින්නේ අවශ්‍යතා මත කියලයි... ලියන්න ලියන්න, ඒ වගේ දේවල් සංවාදයට විවෘත වෙන තරමට වටිනවා!
Deleteඅක්කා කල්පය ගැන ඇහුවට කියන්න බැරිවුණා නේ.
Deleteදවසක් බමුණෙක් බුදුරජාණන් වහන්සේ හමුවිමට ඇවිල්ලා "පින්වත් ගෞතමයානන් වහන්ස, දැනට ඉක්ම ගොස් ඇති කල්ප ගණන කෙතෙක් ද?" කියලා ඇහුවා. එහිදි තථාගතයන් වහන්සේ පිළිතුරු දුන්නේ 'බ්‍රාහ්මණය, ඉක්මගිය කල්ප ඉතා බොහෝය. ඒවා මෙපමණ සිය ගණනක්ය, දහස් ගණනක්ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණ කිරිමට පුළුවන් කමක් නෑ" එසේනමි ස්වාමිනි උපමාවකින් වදාල මැනවයි කියලා බමුණා කිව්වා. "බ්‍රාහ්මණය, මේ ගංගා නදිය පටන් ගන්නා තැන සිට මුහුදට වැවටන තැන දක්වා ඇත්තාවු සියලුම වැලිකැට ප්‍රමාණ කල නොහැකිවා වාගේ අතිතයේ ගතවු කල්ප ගණනත් ප්‍රමාණ කල නොහැකි බව උන්වහන්සේ පෙන්නලා දුන්නා.
තවත් දවසක් එක්තරා භික්ෂුන්වහන්සේ නමක් බුදුන්වහන්සේ වෙත ගොස්, කල්පය කෙතෙක් දිග වන්නේදැයි විමසුවා. එවිට තථාගතයන් වහන්සේ විසින් කියා සිටියේ "මහණ කල්පය යන්න, මෙතෙක් වසර ගණනක් දිගය, එය වර්ෂ සිය ගණනක්ය, දහස්ගණනක්ය, ලක්ෂ ගණනක්ය කියා ප්‍රමාණ කරන්න බැහැ" කියාය. එවිට ඒ භික්ෂුව එසේ නමි ස්වාමිනි එය උපමාවකින් වදාලන සේක්වා යැයි කියා සිටි විට, "මහණ දිග පළල යොදුන(සැතපුම් 16) බැගින් ඇති උසින් යොදුනක් ඇති ඝන කළුගලක් සිය වසරකට එක වරක් කසි සළුවකින් පිස දැමුවහොත් ඒ කළුගල කලකදී ගෙවි යන්නේය. නමුත් කල්පය ගෙවි නොයන්නේය." කියලා දේශනා කළා. අක්කට තේරුණාද මන්දා! මේ අපි ජීවත්වෙන කල්පය ඇතුළත බුදුවරු පස්නමක් පහළ වෙන නිසා මේකට මහා භද්‍ර කල්පය කියලත් කියනවා.
ඔව, ආයුෂ ගැන කතාවේදී එහෙම වෙන්න පුළුවන්. ඒ කාලෙට ගියාම අවු. 80000 කියන එක වැඩි නෑ වගේ දැනේවි. මම විරුද්ධ උනේ මෙන්න මේකට..එතකොටනම් කම්මැලි හිතෙන එකක් නෑ. අපිට ඒක හිතාගන්න බැරි උනාට.
Delete//කවුද අකමැති ජීවත් වෙන්න//
මේ දැන් ඉන්න තත්වේදී තව අවු. 100 ක් වැඩිපුර ආයුෂ දුන්නත් මම එපා කියනවා කියලයි මම කිව්වේ.
කල්පය ගැන විස්තරේට ස්තුතියි මල්ලි. ඇත්තටම මට දැනගන්න ඕන කල්පයක අවසානය අපි අඳුරගන්නේ කොහොමද කියලා..
//කවුද අකමැති ජීවත් වෙන්න
Deleteකියලා මම කිව්වේ මේ වගේ හේතුවක් නිසයි. අපෙන් කවුරුහරි ඇහුවොත් හෙට මැරෙන්න කැමතිද කියලා, බහුතර පිළිතුර තමයි නැහැ කියන එක. ඒ සාමාන්‍ය තත්ව යටතේ. හැබැයි බරපතල ලෙඩකින් දුක් විඳින කෙනෙක්ගෙන් ඒක ම ඇහුවොත් කියාවි ඔව් කියලා. මේ විශේෂිත තත්වයක් යටතේ. අපිට තියෙන අතහරින්න අපහසු යම් යම් බැඳීම් නිසා ම හැමෝම කැමතියි ප්‍රායෝගික ව තව දවසක් හරි වැඩිපුර ජීවත් වෙන්න. අක්කා වුණත් අවුරුදු 100 දි නිරෝගී ව හිටියොත් අයියත් ළඟින් ඉන්නවනම්, දරුවොත් එක්ක සතුටින් ඉන්න පුළුවන් නම් තව අවු. 100 ක් වැඩිපුර ආයුෂ දුන්නොත් එපා කියන එකක් නැහැ මම හිතන්නේ. සමහරවිට මම වුණත්. අක්ක ව උදාහරණයකට ගත්තට තරහා නෑ නේද?
කල්ප විනාශය ගැන නම් වෙන ම පෝස්ටුවක් ලියන්න තරම් දේවල් තියෙනවා. කෙටියෙන් කියන්නම්කෝ, අංගුත්තර නිකායේ සත්ත සුරියුග්ගමන සූත්‍රයේ කියනවා ලෝක විනාශය වෙන්නේ සූර්යයා ගේ බලපෑමෙන් කියලා. මේ තියෙන සූර්යයා එක, දෙක, තුන... හත දක්වා සූර්යයන් හත් දෙනෙක් පායලා අන්තිමේට ලෝකය ගිනිගෙන දැවිලා යනවා මොනවත් ඉතුරු නොවෙන්න ම! ඒ කියන්නේ සූර්යයන්ගේ වැඩිවීම අනූව තමයි කල්පයක අවසානය අපිට අඳුරගන්නේ වෙන්නේ. ඉස්සරහට විස්තර ඇතුව ලියන්නම්කෝ! ගැටළු තැනක් තියෙනවනම් කියන්නකෝ....
අන්න හොඳයි...කල්ප විනාශය ගැනත් ලියන්නකෝ දවසක....
Deleteහ්ම්ම්...මල්ලි කියපු තත්ත්ව යටතේ උනත් තව අවු. 100 ක් ඉන්න දුන්නොත් ඒත් මට කැමැත්තක් හිතෙන්නේ නැහැ. ඒකට හේතු අර මම දාපු පෝස්ට් එකේ තියනවා. ඒ තමයි එකම දේවල්, පුද්ගලයින්, දක්ෂතා, රූපය මේ හැම දෙයක්ම එච්චර දිගු කාලයක් තිස්සේ අත්වින්දම වෙහෙසකර බවට පත් වෙන නිසා. අනේ ඒකට කිසිම තරහක් නෑ :)
අපොයි රූපය, දක්ෂතා වගේ දේවල් නම් ඒකාකාරී වෙන එකක් නෑ, හරිම ඉක්මනට වෙනස්වෙලා යනවනේ! ඒ වුනාට දවසින් දවස අළුත් දේවල් ජීවිතේට එකතුවෙද්දි ජීවත් වීමේ ආසාව තවත් වැඩිවෙනවා කියලයි මටනම් හිතෙන්නෙ. උදාහරණයකට කිව්වොත් පුංචි කාලේ ආසාවෙන් හිටියා ඉස්කෝලෙ යන්න, ඊටපස්සෙ කැම්පස්, ජොබ් එකක්, විවාහයක්, දරුවෝ, මුණුපුරෝ.... වගේ යද්දි සාමාන්‍යයෙන් කෙනෙකුට ඇතිවීමක් වෙනවනම් හරිම කලාතුරකින්. තව තවත් ඒවට බැඳීමක්මයි ඇතිවෙන්නෙ. ඉතින් මම හිතන්නෙ සාමාන්‍ය මිනිස්සු හරියට කැමතිවෙයි තමන්ට තව එක දවසක් හරි වැඩියෙන් ජීවත්වෙන්න තියෙනවනම් නේද අක්කේ !
Deleteඔයා තාමත් එහෙමද හිතන්නේ :) ඇත්තටම මේ දේවල් ඇති උන අය දැකලා නැද්ද? මමනම් ඕන තරම් දැකලා තියනවා. අපිට ලැබිලා තියන දේවල්වලට අපි කැමති නිසා, ඉගනගෙන කැම්පස් යන්න, හොඳ ජොබ් එකක් කරන්න අපිට පුළුවන් උන නිසා, හොඳ සහකරුවෙක් ලැබුන නිසා මේවට අපි බැඳිලා ඉන්නවා. ඒවා එහෙම නොවෙන අය කොයි තරම් ඉන්නවද? ඒක නිසා මල්ලි මමනම් හිතන්නේ හැමෝම ගැන ඒ මිම්මෙන් හිතන එක වැරදියි.
Deleteඔව් මම තාමත් එහෙමයි හිතන්නෙ! ඇයි දන්නවද? ඔය ඇතිවුණ මිනිස්සු බහුතරයකගේ ඇතිවීම හරි ම තාවකාලිකයි. //හොඳ ජොබ් එකක් කරන්න අපිට පුළුවන් උන නිසා, හොඳ සහකරුවෙක් ලැබුන නිසා මේවට අපි බැඳිලා ඉන්නවා. ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තත්. ඒ අයට නොලැබුණ නිසා තමයි ඒ එපාවීම. හිතන්නකෝ බැරිවෙලාවත් ඒ අයට ඒ දේවල් ලැබුණොත්... ඒ එපාවීම ක්ෂණික ව වෙනස්වෙනවා නේද? මොනවත් ම නැති කෙනෙකුට හිතන්නකෝ කෝටි ගාණක ලොතරැයියකින් මුදල් ලැබෙනවා. එතකොට එයාට නැතුව තිබුණ මුදල්, සමාජ තත්වය, සහකරුවෙක්, රැකියාවක් වගේ හැමදේම ලැබෙනවා. එතකොට එයා කැමති වෙයිද, මට එපාවෙලා හිටියෙ, ඒ නිසා මට මේ දේවල් එපා කියන්න... ඒ වගේ හැමෝම තමන් කැමති දේවල් නොලැබුණු නිසා තමයි දුකින් ඉන්නෙ. හැබැයි ලැබුණොත් ඒවා කෙරෙහි බැඳිලා ආසාවෙන් ඉන්නවා. අත්හරින්න කැමති නැහැ. නමුත් අවබෝධයෙන් ම ඇතිවීම/ එපාවීම/ කළකිරීම තමයි වටින්නෙ. ඒක ඇතිකරගන්න හැමෝටම අමාරුයි නේද අක්කේ! ඒ නිසා ගොඩක් අය ඔය කියන කුලකය ඇතුළට තමයි වැටෙන්නෙ මට හිතෙන හැටියට... :D
Delete// ඔය ඇතිවුණ මිනිස්සු බහුතරයකගේ ඇතිවීම හරි ම තාවකාලිකයි.//
Deleteඒ වගේමයි ඇති නොවුන මිනිස්සුන්ගේ ඇති නොවීමත් හරිම තාවකාලිකයි.
// ඒ වගේම තමයි ඒකේ අනිත් පැත්තත්. ඒ අයට නොලැබුණ නිසා තමයි ඒ එපාවීම.//
අන්න ඒක කියන්න තමයි මම මෙච්චර වෙලා උත්සාහ කරේ. මට පේන විදියට මල්ලි මම කියන දේ තේරුම් ගන්නේ වැරදියට. මෙහෙම එපා වෙලා ඉන්න මිනිස්සුන්ට තව ආයුෂ 100 ක් දුන්නා කියලා එයාලට සතුටක් ලැබෙයිද?
// ඒ වගේ හැමෝම තමන් කැමති දේවල් නොලැබුණු නිසා තමයි දුකින් ඉන්නෙ.//
නැහැ ඒ නිසා විතරක්ම නෙමෙයි. කොයි තරම් සැප සම්පත් තිබුනත් ඒ හැමදේකම වෙහෙසකර බවක් කල් ගත වෙද්දී ඇති වෙනවා. අපිට උනත් පස්සේදී ඒක වෙන්න පුළුවන්. තවමත් ඒවා එපා වෙන්න තරම් කාලයක් උනේ නැති නිසා දැනට එහෙම නොවෙන්න ඇති. ඒත් තව අවු. 20 කින්..30 කින්..කවුද දන්නේ?
නෑ නෑ අක්ක කියන දේ මට තේරෙනවා. මම කියන්න හදන්නේ මිනිස්සුන්ට මේ එපාවෙනවා කියන එක බොරු දෙයක් උඩ කියන එකයි. ඒක ක්ෂණික ව වෙනස් වෙනවා. ඉතින් කෙනෙකුට අමරණීය වෙන එක කැමති වෙන්නත් පුළුවන්, තව කෙනෙක් අකමැති වෙන්නත් පුළුවන්. ඒක පදනම් වෙන්නේ ඒ අයගේ පැවැත්ම මත කියලයි මට හිතෙන්නෙ.
Delete// කොයි තරම් සැප සම්පත් තිබුනත් ඒ හැමදේකම වෙහෙසකර බවක් කල් ගත වෙද්දී ඇති වෙනවා
සමහරවිට මෙහෙම වෙන්නත් පුළුවන්, බොහෝවිට එහෙම නොවෙන්නත් පුළුවනි. ඒක රඳා පවතින්නේ වෙනස්වීම කියන සාධකය මතයි. වෙනස් නොවී (පරිසරය, අදහස්...)හිටියොත් නේද කෙනෙකුට ඒකාකාරි බවක් දැනෙන්නෙ?
//…සමහරවිට මෙහෙම වෙන්නත් පුළුවන්, බොහෝවිට එහෙම නොවෙන්නත් පුළුවනි. ඒක රඳා පවතින්නේ වෙනස්වීම කියන සාධකය මතයි. වෙනස් නොවී (පරිසරය, අදහස්...)හිටියොත් නේද කෙනෙකුට ඒකාකාරි බවක් දැනෙන්නෙ?//
Deleteහ්ම්ම්. මේක කියන්න ඕන මෙහෙම.. "සමහරවිට එහෙම නොවෙන්නත් පුළුවන්, බොහෝ විට එහෙම වෙන්නත් පුළුවන්" කියලා. මොකද ඒකට බලපාන්නේ පරිසරය, අදහස් විතරක් නෙමෙයි නිසා. පරිසරය නම් අනිවාර්යෙන් වෙනස් වෙයි. ඒත් තමන් සහජයෙන් අරගෙන ආපු කුසලතා, ගතිගුණ, නෑයින්, දක්ෂතා, හැඩරුව, ආබාධ මේ දේවල් දිගටම එහෙමමයි. ඒ වගේමයි ජිවිත කාලේ ඇතුලත සිද්ධ වෙන හිත් රිදීම් එක්ක දිගටම ජීවත් වෙන්න වෙනවා. ඒක සේරටම වඩා වෙහෙසකරයි. (මේක විස්තර වශයෙන් මම පෝස්ට් එකේ ලිව්වා)
අමරණීය වෙලා ඉන්න මිනිස්සු පිරිසකට මැරෙන්න වරයක් දුන්නොත් වැඩි දෙනා ඒක තෝරාගන්න ඉඩ තියනවා. ඒකයි මම කිව්වේ.
// ඒත් තමන් සහජයෙන් අරගෙන ආපු කුසලතා, ගතිගුණ, නෑයින්, දක්ෂතා, හැඩරුව, ආබාධ මේ දේවල් දිගටම එහෙමමයි. ඒ වගේමයි ජිවිත කාලේ ඇතුලත සිද්ධ වෙන හිත් රිදීම් එක්ක දිගටම ජීවත් වෙන්න වෙනවා
Deleteකුසලතා, ආබාධ කෙසේ වෙතත් නෑයින්, ගතිගුණ දක්ෂතා හිත් රිදීම් වුණත් අවශ්‍ය නම් කෙනෙකුට වෙනස් කරගන්න පුළුවනි නේද? එතකොට ඕන නම්, ඇත්තටම ඕන නම් කෙනෙකුට ජීවිතය ප්‍රීතිමත් තැනක් කරගන්න පුලුවනි. ඒක රඳා පවතින්නෙ කෙනෙකුගේ අවශ්‍යතාවය මත. මට උවමනාවක් නැත්තම් වෙනස් වෙන්න, නරක මිනිස්සුන්ගෙන් ඈත්වෙන්න, සැඟවුණු දක්ෂතා මතුකරගන්න, හිත් රිදීම් ඇතුළෙම ජීවත්වෙන්න මම හැමදාමත් දුකෙන් ඉඳීවි, හැබැයි මම දක්ෂ නම්, ශක්තිමත් හිතක් තියෙනවානම් ආත්ම ශක්තියක් තියෙනවා නම් මට පුළුවනි ඒ දේවල් මඟ ඇරලා සතුටින් ඉන්න. (හැබැයි දැන් කියන්නෙපා හැමෝටම එහෙම බැහැ කියලා ඔන්න :) ).
//අමරණීය වෙලා ඉන්න මිනිස්සු පිරිසකට මැරෙන්න වරයක් දුන්නොත් වැඩි දෙනා ඒක තෝරාගන්න ඉඩ තියනවා.
හැබැයි මට එහෙම ලැබුණොත් මම කරන්නෙ, ඒ වෙනකල් මම කරලා තියෙන පව්-පින් බලලා පින් පැත්ත ගොඩා....ක් වැඩිනම් විතරක් මැරෙන්න තෝරාගන්නවා, නැත්තම් දිගටම එහෙමම ඉන්නවා, මැරුණට පස්සෙ නැත්තම් ඊටවඩා දුක් විඳින්න වෙනවනේ නැත්තම්!
// ගතිගුණ දක්ෂතා හිත් රිදීම් වුණත් අවශ්‍ය නම් කෙනෙකුට වෙනස් කරගන්න පුළුවනි නේද?//
Deleteමම හිතන්නේ නැහැ.
//ඒ දේවල් මඟ ඇරලා සතුටින් ඉන්න. (හැබැයි දැන් කියන්නෙපා හැමෝටම එහෙම බැහැ කියලා ඔන්න :) )//
හෙහෙ..ඒකම තමයි කියන්න වෙන්නේ. බහුතරයකට එහෙම බැරි එකයි ප්‍රශ්නේ.
//ඒ වෙනකල් මම කරලා තියෙන පව්-පින් බලලා පින් පැත්ත ගොඩා....ක් වැඩිනම් විතරක් මැරෙන්න තෝරාගන්නවා, නැත්තම් දිගටම එහෙමම ඉන්නවා, මැරුණට පස්සෙ නැත්තම් ඊටවඩා දුක් විඳින්න වෙනවනේ නැත්තම්!//
මේකයි මම මුලිනුත් කිව්වේ ඔයා මම කියපු දේ තේරුම් අරගෙන නෑ. කොහොම උනත් මේ ගැන දිගින් දිගට වාද කිරීමේ තේරුමක් නැති බව පේනවා. දෙන්නා කතා කරන්නේ දෙපැත්තක් ගැන. ඒ නිසා මම මේක මෙතනින් නවත්තනවා. ඔයා තව අවු. 20 කින් 30 කින් විතර ආපහු මේ කමෙන්ට්ස් ටික කියවල බලන්නකෝ. එදාට ආපහු මේ ගැන කතා කරමු :) එතකන් බායි...ටටා
This comment has been removed by the author.
Delete//හෙහෙ..ඒකම තමයි කියන්න වෙන්නේ. බහුතරයකට එහෙම බැරි එකයි ප්‍රශ්නේ.
Deleteහී හී.. ඒකට කියන්නෙ බැරිකම නෙවෙයි ඕනකමක් නැති එකයි!
උදාහරණයකට සරල දෙයක් කියන්නම්කෝ. ගෙයක් නැති ගොඩක් මිනිස්සු හැමදාමත් කියන්න කැමති ගෙයක් නැහැ කියලයි, කැමති නෑ මහන්සියෙන් ගෙයක් තියා පොඩි පැළක්වත් හදාගන්න. කොහෙන්හරි ඉබේ හරි ලැබේවි කියලා උඩ බලාගෙන හීන ලෝක වල ඉන්නවා දෛවයේ හැටියටනේ කියලා. හැබැයි ඇත්තටම ඕනනම් ගෙයක් හදාගන්නත් පුළුවනි. හිත් රිදීම් වුණත් හරියට හිඟන්නාගේ තුවාල වගේ තමයි, හොඳ කරගන්න කැමති නෑ, කැමති ඒක තියාගෙන ඉන්නයි! හා බොරුද?
තව අවුරුදු විස්සකින් අපි හොඳටම වයසට ගිහින් ඉඳියි නේද! අක්කත් දැන් ම Reminder එකක් දාගන්න ඔන්න! මම හිටියොත් අනිවාර්යෙන් ම කියවලා බලනවා, හැබැයි මම හිතන්නෑ මගේ ස්ථාවරය වෙනස් වෙලා තියේවි කියලා :) ඒ පණ්ඩිතකමට කියනවා නෙවෙයි. මට එහෙම තමයි හිතෙන්නෙ! කමෙන්ට් කළා ට අක්කට ස්තූතියි !
//කොහෙන්හරි ඉබේ හරි ලැබේවි කියලා උඩ බලාගෙන හීන ලෝක වල ඉන්නවා දෛවයේ හැටියටනේ කියලා. හැබැයි ඇත්තටම ඕනනම් ගෙයක් හදාගන්නත් පුළුවනි. …හිත් රිදීම් වුණත් හරියට හිඟන්නාගේ තුවාල වගේ තමයි, හොඳ කරගන්න කැමති නෑ, කැමති ඒක තියාගෙන ඉන්නයි! හා බොරුද? //
Deleteඅන්තිමට ප්‍රශ්නයක් අහලා තියන හින්දා ආපහු කමෙන්ට් එකක් දාන්න උනා...
ඔව් මේක ඇත්ත. ඒක තමයි මිනිස්සු කියන ජාතියේ හැටි. ඒක ඔයාටවත් මටවත් හදන්න බෑ. ඒක හින්දා තමයි මම මුලින්ම කිව්වේ ඔය අමරණීය වෙන වැඩේ මිනිස්සුන්ට හරියන වැඩක් නෙමෙයි කියලා...
එහෙනම්..නැවතත් බායි
හී හී... එහෙම කමෙන්ට් එකක් ආයෙත් දානවා කියලා දන්නවා නම් මම දිගටම අන්තිමේට ප්‍රශ්නයක් අහනවානේ! එතකොට අක්කා ආයෙත් මේ පැත්තෙ එනවනේ. ඇත්ත, මිනිස්සුන්ගේ සාමාන්‍ය ජීවන රටාව එක සැරේටම වෙනස් වුණොත් ඒක දරාගන්න බෑ, ඔරොත්තු දෙන්නෙ නැහැ. අනිත් එක බැරිවෙලාවත් මිනිස්සු අමරණීය වුණොත් ඒක ගොඩක් අය ඒක යොදාගන්නේ හොඳ පැත්තට නම් නෙවෙයි කියලා මම හොඳටම දන්නවා! මිනිස්සු මත්වේවි ඒකෙන්! ඒක නිසා අමරණීය බව නම් ඕනෙම නෑ :) හෙටත් එන්න අළුත් පෝස්ට් එක බලන්න එහෙනම්! ආයෙත් ටටා බායි අක්කේ!
Deleteඊලග කොටසත් ඉක්මනටම දාන්න.. බොහොම අපුරු ලිපි පෙලක්..... ම්ම්ම් ජය....
ReplyDeleteඔව්, ඉක්මනට ම දාන්නම්කෝ!
Deleteදැන් ලංකාවෙ වෙන දේවල් වල හැටියට ඉක්මනටම මේ දේ වෙයි.
ReplyDeleteවැදගත් ලිපියක්!
ජය!
:)
Deleteමේ කාලෙ ලංවේගෙන එනව නේද?
ReplyDeleteඔව්, හැබැයි එහෙම වෙන්නත් තව සෑහෙන කාලයක් යාවි!
Deleteහ්ම්ම්....
ReplyDelete??
Deleteඑතෙන්ටමයි අන්තිමට!
ReplyDeleteඒ කිව්වේ කොතනටද ?
Deleteමං සෑහෙන දවසකින් බ්ලොග් පැත්තේ ආවේ...ආයිත් පරන ටික බලලා එන්නම් ඈ..
ReplyDeleteහ්ම්ම්... පේනවා පේනවා!
Deleteකවද්ද මේ ඇදුම ඇන්දේ...ඒකත් පට්ට ඈ....
ReplyDeleteආ... ඒ කියන්නෙ සෑහෙන කාලෙකින් ඇවිත් නෑ නේද ?
Deleteසයුරිගේ ලිපිය කියවලා ආවාම හිතුනේ පොඩි කාලයක් ජීවත් වෙන එක වටිනවා කියලා..
ReplyDeleteඑක දවසක් වුණත් අර්ථාන්විත ව ජීවත් වෙන එකයි වටින්නෙ!
Deleteමේ කතාවල ඇත්තක් තියනවා.මොකද අපේ අම්මලාගෙ තාත්තලාගෙ ලමා කාලේ ඒ අයගේ මනස වැඩ කලේ කොහොමද කියලා ඒ අයගෙ අත්දැකීම් ඇසුරින් අපට හිතාගන්න පුලුවන්.ඒ කියන්නේ අපිට වඩා හොදට ඒ අය එයාලගේ ළමා කාලය විඳලා තියනවා.අපේ ළමා කාලයත් නරකම නැහැ.(මගේ වයස දැන් අවුරුදු 43ක්.)අපේ දරුවන්ගේ ළමා කාලය ගැන මගේ අත්දැකීම් තුලින් මට පේනවනේ.ඔය ආයුශ අඩුවීම මේ පරම්පරා තුනේ ළමයින්ගේ හැසිරීම් තුලින්ම අපට හිතාගන්න පුලුවන්.
ReplyDeleteවර්තමානයේ ඔය රූපවාහිනී චැනල් වල යන ළමා ස්ටාර් වැඩ සටහන් වලින් පේනවා නේද අවුරුදු 3 -4 ළමයි දක්වන දක්ශකම්.මගේ පරම්පරාවේ ලමයි ඔය වයස වෙනකොට ඒ වගේ දස්කම් දක්වන එක හිතන්නවත් බැරි දෙයක්.ඒ වගේම අපේ අම්මලගේ තාත්ත පරම්පරාව කාලේ ඔය වයස කියන්නේ කිරි බොන වයස.ලෙඩ රෝග වලින් අතුරු ආන්තරාවක් වුනේ නැත්නම් ඒ කාලේ අවුරුදු 120ම භුක්ති විදින්න තිබුනා.අපිට දැන් තියෙන්නේ පූර්නායුශ අඩුවෙන විදියට සාපේක්ශව අනිත් දේවලුත් හදාගන්න එක.අපි ජීවත් වෙන්නේ අවුරුදු හැට නම් අපි අවුරුදු තිහක්ම අද්යාපනය ලබලා වැඩක් නැහැනෙ.ඒ නිසා අපේ ජීවිත කාලය අනුව අනිත් දේවල් භුක්ති විදින්න ඕන කාලය තමන්ම හිතලා මතලා තීරනය කරගැනීම තමයි සුදුසුම දේ.
පැහැදිලිව ම ඔබ කියලා තියෙන කාරණයට එකඟයි මම! ස්තූතියි ඔබේ අදහසට!
Deleteajee67 කියල තියන කතාව ඇත්ත, කාලයත් එක්ක දක්ශකම් කෙටි කාලයක් තුල ලබා ගන්නවා. හැබැයි ඒ පිරිහීමත් ඒ වගේම තමා.
ReplyDeleteඔව්, ඒ දක්ෂතා කෙටිකාලීනයි සහෝ. හරියට නිවෙන්න ළංවෙද්දි පහනේ දැල්ල වැඩිවෙනවා වගේ!
Delete