දුරකථනය ගැන අපි නොදන්න කතාවක්....?



අද කියන්න යන්නේ නම් ටිකක් විතර වෙනස් විදියේ කතාවක්. දුරකථනය නිර්මාණය කලේ ( 'සොයා ගත්තා' කියලා දැම්මා නම් කවුරු හරි අහන්න බැරි නෑ ඒක නැති වෙලා තිබුනද කියලා... හික් හික් ! ) ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් කියලා අපි ඉගෙන ගන්නේ පොඩි කාලේ නේ. ඒක වුනේ 1876 වගේ කාලෙක. ඒත් දුරකථනය සොයාගත් අළුතම ඒක හිතුව තරම් ජනප්‍රිය වුනේ නෑ. බෙල් තමන් ගේ දුරකථනය අරගෙන තැපෑලේ ප්‍රධාන ඉංජිනේරුවා ළඟට ගියා ම ඔහු කිව්වේ ඒක තමන්ට අනවශ්‍ය බවයි. ඔහුට ඇති තරම් පණිවිඩකාරයන් ඉන්නා බවත් කිව්වා. ම්ම්ම්ම්... හිතන්න පුළුවන්ද දුරකථනය ප්‍රතික්ෂේප වෙන්න හේතුව...? ඒකට හේතුව තමයි බෙල් ගේ දුරකථනයට අංක පුවරුවක් නොතිබුන එක. පහත රූපය බලන්නකෝ.


දුරකථනය හරහා කාටහරි ඇමතුමක් ගන්න ඕන නම් ඒ ගෙදර ඉඳලා අනිත් හැම ගෙදරකට ම වයර් අදින්න ඕන වුනා. ඒක මොනතරම් කරදර වැඩක් ද කියලා තේරෙනවනේ. ඉතින් කාලයක් ගියාට පස්සේ ඒකටත් විසඳුමක් හොයාගත්තා. ඒ තමයි දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක් (Telephone Exchange) එකක් හරහා දුරකථන ඇමතුම් ලබාගන්න එක. ඒකට ඉතින් Hello Girl නංගි කෙනෙක් එහෙමත් ඕන වුනා. දුරකථනය හරහා කාටහරි ඇමතුමක් ගන්න ඕන නම් ඒ ගෙදර ඉඳලා දුරකථන හුවමාරු මධ්‍යස්ථානයට ඇමතුවා ම ඒකේ ඉන්න Hello Girl, ඕන කෙනා ව සම්බන්ධ කරලා දෙන එක තමයි සිද්ධ වෙන්නේ.


මේ ඔක්කොම සිදු වෙන්නේ ඇ.එ.ජනපදයේ Kansas කියන නගරයේ. දැන් තමයි මේ කතාවේ හොඳ ම හරිය! මේ නගරයේ ඉන්නවා Almon Brown Strowger. එයා වෘත්තියෙන් මිනී පෙට්ටි සාප්පු කාරයෙක් (අද කාලේ නම් අවමංගල අධ්‍යක්ෂක කෙනෙක්! ). Strowger ට නියම වැඩක් වෙනවා මේ කාලයේ. බලාගෙන ඉද්දිම බිස්නස් බහිනවා. හිතාගන්න බෑ ඇයි කියලා. ටිකක් හෙමීට හොයලා බලද්දි මරු වැඩක් වෙනවා කියලා Strowger හොයාගත්තා. හිතන්න පුලුවන්ද කාටහරි...? නගරයේ කවුරුහරි කෙනෙක්, මිනී පෙට්ටි සාප්පු කාරයෙක් ව සම්බන්ධ කරලා දෙන්න කියලා Hello Girl ගෙන් ඉල්ලුවාම එයා හැම වෙලේම සම්බන්ධ කරන්නේ එකම එක්කෙනෙක් ව. හොයලා බලද්දි ඒ Hello Girl ගේ husband තමයි ඒ මිනීපෙට්ටි සාප්පුකාරයා. Strowger බැලුවා මේ වැඩේ හරියන්නේ නෑ, මොනා හරි කරන්නෝන කියලා. (අපේ අයියලා නම් කෙලින් ම පාතාලෙට contract එකක් දෙයි නේද Hello Girl ට වැඩක් දෙන්න කියලා...! ). ඒත් Strowger එහෙම කලේ නෑ. වෙන විදියක් හිතුවා කොහොමද මේ Hello Girl මෙතනින් අයින් කරන්නේ කියලා. ඒ හිතුව එකේ ප්‍රතිඵලයක් විදියට තමයි 1897 දි අද අපි භාවිතා කරන අංක පුවරුව සහිත දුරකථනය බිහිවෙන්නේ.


දුරකථන ග්‍රාහකයාට නියමිත අංකයක් ලැබීමත් එක්ක ම Hello Girl නංගි ගේ රස්සාවත් නැතිවෙලා ම යනවා. හැබැයි ඊටපස්සේ Strowger ගේ බිස්නස් නැගලා ගියාද කියලා නම් මම දන්නේ නෑ. එදායින් පටන් ගත්ත දුරකථනය අද අපි පාවිච්චි කරන නවීනතම ජංගම දුරකථනය දක්වා ම වැඩිදියුණු වෙලා.

…අපි මේ දවස් වල කැම්පස් එකේ ඉගෙන ගන්නවා Networking & Telecommunications සබ්ජෙක්ට් එක. ඉගෙන ගන්නකොට නම් ආස හිතෙනවා, ඒත් ටිකක් අමාරුයි. ඒත් එපා වෙන්නේ නම් නෑ, අහගෙන ඉන්නවා....කොහොම උනත් කතාව ඔන්න පුළුවන් හැටියට කිව්වා. හොඳ ද නැද්ද කියලා නම් දන්නේ නෑ. ඒ ගැන කියන්න පුළුවන් ඔයාලටම තමයි....!

19 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Blogger Updated New Interface එක දැක්කද...ගිහින් ම බලන්නකෝ...


මේ අද මගේ බ්ලොගේ කඩයිමක් පසු කරනවා. 50 වෙනි බ්ලොග් පෝස්ට් එක විදියටයි මේක ලියවෙන්නේ. අදට මට මටක විදියට මාස 7ක් විතර. කොහොම උනත් මේ දක්වා මාත් එක්ක හිටිය හැමෝටම ගොඩාක් ස්තූතියි. Blogger Interface එක අළුත් කරලා... ඔයාලා දැක්කද ඒක? ම්ම්ම්... අළුත් වෙලා වගේ ම ලස්සනත් වෙලා...මම පහලින් Screenshots ටිකක් දාලා තියෙනවා, බලන්නකෝ කොහොමද කියලා.







මෙතනින්http://draft.blogger.com/ ගිහින් බලන්නකෝ ඔයාගේ Dashboard එකත් කොහොමද කියලා....

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඇස් අන්ධවන සේ ඇසිඩ් ගැසීමට උසාවියේ අවසර......!!!






වෙනදා ලියන ලිපි වලින් තරමක වෙනස් ආකාරයක දෙයක් ගැන තමයි අද කියන්න යන්නේ. කියවලා බලන්නකෝ මේ කථාව.

…විසි හතර වියේ පසු වු සුරූපී අමීනා බ්‍රාහ්මී හට විවාහ යෝජනාවක් ඉදිරිපත් වුණා. විවාහ යෝජනාව ඉදිරිපත් උනේ ඈ හා ඉගෙන ගත් තවත් තරුණ සිසුවෙකු වූ මොවාහ්දිගෙනි. (Movahedi) මේ දෙදෙනාම විසුවේ ඉරානයේ ටෙහෙරානයේ. අමීනා විවාහ යෝජනාවට අකමැති වීම නිසා කෝපයට පත් මොවාහ්දි ඇයට ඇසිඩ් දමා ගැසුවා. මේ නිසා ඇස් අන්ධ වු අතර මුහුණ විරූපී වුණා. අමීනා උසාවියට ගියා.
උසාවියේ තීන්දුව වුනේ අමීනාට සිදුකල අපරාධයට වන්දි ගෙවීමක් වශයෙන් ඇසිඩ් දමා මොවාහ්දිගේත් ඇස් අන්ධ කළයුතු බවයි. නඩු තීන්දුව ඇසු අමීනා කියා සිටියේ මෙය ඉතා සාධාරණ නඩු තීන්දුවක් වන බවත්, තමන්ට පෙරළා ඔහුට ඇසිඩ් ගැසීමට අවස්ථාව ලැබේ නම් එය ඉටුකිරීමට තමන් කැමැත්තෙන් පසුවන බවයි.කෙසේ වෙතත් තීන්දුව ක්‍රියාත්මක කිරීම භාර වුනේ වෛද්‍යවරයෙකුට. දැන් ඉරාන අධිකරණය විසින් තීන්දුව ක්‍රියාත්මක කිරීම කල්දමා තිබෙනවා. තීන්දුව ක්‍රියාත්මක වුනොත් මොවාහ්දිගේ ඇස් අන්ධවන සේ ඇසිඩ් දැමීමට කටයුතු කිරීමට නියමිතයි.



…Iran’s judiciary has postponed the blinding of a man as punishment for throwing acid in the face of a young woman in 2004, after she rejected his offer of marriage. The delay came in the face of mounting outcry both inside Iran and in the West over the sentencing, which is permissible under qesas, a principle of Islamic law allowing victims analogous retribution for violent crimes.

පුදුම හිතෙන කතාවක් නේද? අදහාගන්නත් බෑ වගේ නේද? හැබැයි මේක ඇත්ත සිදුවීමක්. ඒ අපේ සංස්කෘතියෙන් පිටත අපිට ඇහෙන දෙයක් නිසා වෙන්න ඇති කියලයි මම නම් හිතුවෙ. කොහොම වුනත් මේ ගැන ඔයාලගේ අදහසුත් කියන්නකෝ.....

…මේ ගැන වැඩිදුර දැනගන්න ඕන නම් මෙතැනින් යන්න.

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

හැමෝම History Clean කරගන්න................. !


ම්ම්ම්ම්.... සෑහෙන කාලෙකින් බ්ලොගේ පැත්තේ ආවේ....! එන්න ඕනකම තිබුනත් වෙලාවක් තිබුනෙ ම නෑ, ඇවිත් අනිත් අයගේ බ්ලොග් කියවලා යනවා. ඒ නිසා ම ගොඩාක් දෙනෙකුට මාව අමතක වෙලා ත් ඇති! ඒ කොහොම උනත් කාලේකින් අලුත් මොනාත් දෙන්නත් බැරිවුන නිසා හැමෝටම වගේ ගොඩාක් ප්‍රයෝජනවත් වෙයි කියලා හිතෙන මෘදුකාංගයක් ගැන කියන්නයි මේ ලෑස්ති වෙන්නේ.....

…මේකේ නම Browser Cleaner . නමින් ම හිතාගන්න පුලුවන් නේද මොකක්ද කියලා... හරි, මම මේ ගැන තව විස්තර ටිකකුත් කියන්නම්කෝ. අපි ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නවනේ සාමාන්‍යයෙන් web browsers එකකට වැඩි ගණනක් පාවිච්චි කරන්න. ඉතින් මේ නිසා අපේ පරිගණකයේ සැලකිය යුතු ඉඩක් මේ browsers වල temporary files, cookies, browsing histories රඳවාගන්න වැය වෙනවා. ඒක ම හේතුවක් වෙනවා පරිගණකයේ වේගය දවසින් දවස අඩු වෙන්නත්. සමහරු නම් කාලෙන් කාලෙට මේවා මකා දමන්න උනන්දු වුනත් බහුතරයක් ඒ ගැන අවධානයක් දක්වන්නේ නෑ. ඉතින් ඒ නිසා තමයි මේ වගේ මෘදුකාංගයක් අපිට වැදගත් වෙන්නේ. මේ මෘදුකාංගය පහසුවෙන් බාගත කරගැනීම කරන්නත් පුළුවන්. 1MB විතර පොඩි ප්‍රමාණයක් තමයි වෙන්නේ, ඒ වගේම සමහර මෘදුකාංග වගේ කරදර කාරි toolbar එහෙම එන්නෙත් නෑ. බාගත කිරීම කලාට පස්සේ සාමාන්‍ය විදියට ස්ථාපනය කරගන්න පුළුවන්.



…Run කලාට පස්සේ පහත ආකාරයට තමයි දිස් වෙන්නේ. භාවිතය අතින් ඉදිරියෙන් ම තියෙන browsers තමයි ඇතුලත් කරලා තියෙන්නේ. ඉවත් කිරීම් කල යුතු browsers වලින් ඔයාට ඕන කරන ඒවා තෝරලා දෙන්නත් පුලුවන්.


…Options ගිහින් මේ දේවල් කැමති විදියට තෝරන්න. (ඔක්කොම තෝරලා දෙන 1 තමයි ගොඩක් ම හොඳ! )


…Windows Items වල තියෙන්නේ සාමාන්‍යයෙන් පරිගණකයේ ගබඩා වෙන අනවශ්‍ය …Windows යෙදවුම්. ඒ අතර ඔයාට ඕන කියලා හිතෙන මොනාහරි තියෙනවනම් ඉවත් කරන්න.


…Applications වල තියෙන්නේ අපි එදිනෙදා භාවිතා කරන මෘදුකාංග වලින් ලැබෙන අනවශ්‍ය ගොනු.


…Wipe free Space මඟින් වෙන්නේ අපි මකා දමන මේ ගොනු නිසා පරිගණකයේ overwrite වෙන free space එක ඉවත් කරන එක. ඒ වගේම Recovery කරන්න නොහැකි විදියට history එක මකාදැමීම. එහෙම කරන්න උවමනා නෑ කියලා හිතෙනවා නම් කෙලින් ම Clean Now කරන්න.

හැබැයි එක දෙයක් කියන්න ඕන. මේ සඳහා විනාඩි 3-4ක් විතර ගත වෙනවා. ඒක තීරණය වෙන්නේ පරිගණකයේ තත්වය හා එහි භාවිතය මත.... හැබැයි ලැබෙන සේවය නම් විශිෂ්ඨයි......! ඔයාලත් කැමති නම් නොමිලේ දෙන මේ මෘදුකාංගය අරගෙන බලලා හොඳ නරක කියන්නකෝ, ආයෙත් ඉක්මනින්ම හමු වෙනකල් හැමෝටම තෙරුවන් සරණයි................

3 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !