මිලින්ද-නාගසේන ප්රශ්නය කියන කතාව තමයි අද කියන්න යන්නේ. මේක බොහෝම ඵෛතිහාසික ප්‍රසිද්ධ කතාවක්. මෙතනදි නාගසේන කියලා හඳුන්වන්නේ රහතන් වහන්සේ නමක්. මිලින්ද කියලා හඳුන්වන්නේ රජකෙනෙක් ව. මිලින්ද රජතුමා ගැන විස්තර කරද්දි මෞර්ය රාජ වංශයේ ධර්මාශෝක රජතුමා ත් සම්බන්ධ වෙනවා. ධර්මාශෝක රජතුමාගේ පියා තමයි බින්දුසාර රජතුමා. බින්දුසාර රජතුමාගේ පියා තමයි චන්ද්‍රගුප්ත රජතුමා. මේ චන්ද්‍රගුප්ත රජතුමා මෞර්ය රාජ වංශය ආරම්භ කරමින් ක්‍රි.පූ 321 දී බලයට පත්වෙන්නෙ එවකට ඉන්දියාව පාලනය කරමින් හිටිය නන්ද රාජ වංශය පරාජය කරලයි. ක්‍රි.පූ. 316 වන විට වයඹ දිග ඉන්දියාවත්, මධ්‍යම හා දකුණු ඉන්දියාව හා බටහිර දෙසටත් බලය පතුරවන්න චන්ද්‍රගුප්ත රජතුමා සමත් වෙනවා. වර්තමාන පැට්නා හෙවත් පාටලීපුත්රය අගනුවර කරගෙන දුර්ධාරා කුමරියත් සමඟ විවාහ වුණ ජෛන ආගමිකයෙක් වෙන චන්ද්‍රගුප්ත රජතුමා ජෛන ආගමට බොහෝ සෙයින් අනුග්‍රහ දක්වනවා. වියපත් වීමත් එක්ක ම චන්ද්‍රගුප්ත රජතුමා තම රජකම සහ රාජ්‍යය පුත්‍රයා වුණ බින්දුසාර ට පවරා දීලා ජෛන පූජකයන් සමඟ එක් වෙනවා. පසු කාලෙක චන්ද්‍රගුප්ත රජතුමා ආචාර්ය භද්‍රබාහුගේ ශිෂ්‍යයෙකු බවට පත්වෙලා අවසන් දින කිහිපයකදී ආත්මය පාරිශුද්ධ කරන්නා වු ජෛන පිළිවෙතක් අනුගමනය කරමින් කර්ණාටක ප්‍රාන්තයේ බේලගොල ආශ්රමයේ දී මරණයට පත්වෙනවා.
චන්ද්‍රගුප්ත රජතුමාගෙන් පස්සේ ක්‍රි.පු. 298 දී රජකමට පත්වෙන දෙවිසි වියැති බින්දුසාර රජතුමා රාජ්‍යය තවත් පුළුල් කරනවා. මේ කාලේ වෙද්දි මෞර්ය අධිරාජ්‍යය උතුරින් ස්වාභාවික දේශ සීමාවක් වන හිමාලය දක්වාද, නැගෙනහිරින් ඇසෑමය දක්වාත් බටහිරින් වර්තමාන පාකිස්ථානයද, ඇෆ්ගනිස්ථානයේ වැදගත් ප්‍රදේශ වන හේරාට් සහ කන්දහාර් පළාත්ද ,ඉරානයට අයත් සිස්තාන් සහ බලුකිස්ථාන් කියන පළාත් සහ ඉන්දියාවෙන් එතෙර මැසිඩෝනියානු නීතිය යටතේ පවතින ප්‍රදේශ දක්වා පුළුල් වෙනවා. හිතාගන්නකෝ කොයිතරම් ලොකු ඇතිද කියලා මේ අධිරාජ්‍යය... පහල තියෙන සිතියම බලන්නකෝ, තද නිල් පාටින් දක්වලා තියෙන්නෙ මෞර්ය අධිරාජ්‍යයට අයිති ප්‍රදේශය.(අශෝක අධිරාජ්‍යයා ගෙනුත් පස්සෙ ) සිතියමේ හැටියට ඉන්දියාවේ දකුණු ප්‍රදේශය, ඒ කියන්නේ චෝල, පාණ්ඩ්‍ය රාජ්‍යයන් සහ ශ්‍රී ලංකාව මෞර්ය අධිරාජ්‍යයට කප්පම් ගෙවන රාජ්‍යයන් විදියට තමයි දක්වලා තියෙන්නෙ. (හැබැයි ලංකාව ඇත්තට ම ඒ කාලේ එහෙම කප්පම් දුන්නද කියලා හරියටම හොයාගන්න බැරිවුණා!). මෞර්ය අධිරාජ්‍යයා සතුව පැවති බලසම්පන්න හමුදාව එහි පුළුල් ව්‍යාප්තිය සඳහා මහත් රුකුලක් වුණා කියලා තමයි කියන්නෙ. මෙගස්තිනිස් නම් ග්‍රීක ජාතික දේශාටකයාගේ වාර්තාවන්ට අනුව මෙම හමුදාව 600,000 පමණ වූ භට පිරිසකගෙන්, 30 000 පමණ වූ යුධ අශ්වයින්ගෙන්, 9000 පමණ වූ යුධ ඇතුන්ගෙන් ද සමන්විත වෙලා තියෙනවා වගේ ම මුළු අධිරාජ්‍යයම ආවරණය වන පරිදි පැවති පුළුල් ඔත්තු සේවා ජාලයකුත් ක්‍රියාත්මක වෙලා තියෙනවා. බින්දුසාර රජතුමාගේ පුතුන් දෙදෙනා වූණ සුසිම සහ අශෝක, තක්ෂිලා සහ උජෙයින් කියන නගර වල යාපා පදවි දැරුවා. (සිතියම බලන්න). ආගම් ගැන කියනවනම් බින්දුසාර රජතුමා අනුග්‍රය දැක්වුවේ ආජීවක දහමටයි. ක්‍රි.පු. 272 දි බින්දුසාර අධිරාජ්‍යයා මියයෑමෙන් අනතුරුව අනුප්‍රප්තිකයා විදියට ඊළඟට රජවෙන්නෙ බින්දුසාර රජතුමාගේ පුත්‍රයෙක් වුණ අශෝක කුමාරයයි.
කෞටිල්‍ය පඩිවරයා විසින් රචිත "අර්ථශාස්ත්‍රයෙහි” සඳහන් වන විදියට අශෝක මෞර්ය අධිරාජ්‍යයාගේ පාලනය ඒකාධිපතිවාදී ස්වරූපයක් තමයි පෙන්නුම් කරලා තියෙන්නෙ. චණ්ඩාශෝක කියලා කුප්‍රසිද්ධ වෙන්නත් හේතුව ඒක ම වෙන්න ඕන. ඒ වෙනකොටත් මෞර්ය අධිරාජ්‍යයට යටත් නොවුණු කාලිංග දේශය යටත් කරගැනීමේ සටනින් ජයග්‍රහණය කරන්න අශෝක අධිරාජයා සමත් වුණත් යුධ බිමෙන් නොනවත්වා ඇහෙන තුවාල වූවන්ගේ වේදනා හඬවල්, මියගිය අයගේ ඥාතීන්ගේ විලාප හඬවල් රජතුමාගේ හිත කම්පනයට ලක් කරනවා. ඒ කාලේ තමයි රජ මාලිගාව ඉදිරිපිටින් වඩින නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ ගේ සන්සුන් ඉරියව් දැකලා පැහැදෙන්නෙ. ඒ ගැන රසවත් කථාවකුත් තියෙනවානේ. අහලා තියෙනවද මන්දා. අශෝක රජතුමා නිග්‍රෝධ සාමණේරයන් වහන්සේව මාළිගයට වැඩම කරවලා, තමා කැමති ආසනයකින් වැඩ හිඳින්න කියල ආරාධනා කළා. එතකොට නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ සුදුසු තැනක් බැලුවා. දැන් උන්වහන්සේ දන්නව මේ තමා ඉදිරියෙ ඉන්නෙ මුළු දඹදිව් තලයම ත්රස්තයට පත් කරවපු අධිරාජයා කියල. ඒ වුනාට උන්වහන්සේට මොහොතකටවත් බියක්, තැති ගැනීමක් හෝ අමුතු හැඟීමක් ඇති වුනේ නෑ. උන්වහන්සෙ දන්නවා මෙතන ඉන්න බලවත්ම කෙනා උන්වහන්සේ බව. ඒකට හේතුව තමයි උන්වහන්සේ ලෝකයේ පහල වෙච්ච ශ්‍රේෂ්ඨතම ශාස්තෘන් වහන්සේ වන ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෙක් වීම. ඒ නිසා පුංචි උනත් නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ කිසිම තැති ගැනීමක් නැතිව රජ්ජුරුවන්ගේ සිංහාසනයේම අසුන් ගත්තා. අශෝක අධිරාජයත් නිහතමානී විදියට පහත් අසුනකින් හිඳගත්තා. ව්‍යක්ත, විනීත, විශාරද , බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙන් යුක්ත කෙනෙක් නිසා රජතුමා අහන ප්‍රශ්න වලට පහසුවෙන් උත්තර දෙන්නත් උන්වහන්සේ ට හැකියාව ලැබුණා. ඒ වගේ ම නිග්‍රෝධ සාමණේරයන් වහන්සේ “ අප්පමාදෝ අමතපදං” යන ගාථාව මුල් කර ගෙන රජතුමාට ධර්මය දේශනා කරනවා. ධ්රමය කෙරේ පැහැදුණ අධිරාජයා අර පුංචි සාමණේරයන් වෙතින් තෙරුවන් සරණට පත්වෙලා පංච ශීලයෙහි පිහිටියා.එදා ඉඳල චණ්ඩ ගති අත හැරල ධර්මය ප්‍රගුණ කරන්න පටන් ගත්තා වගේ ම ධාර්මික රජ කෙනෙක් බවටත් පත් වුණා.
ධර්මාශෝක රජතුමාගෙන් බුදුදහමට වුණ අනුග්රහයන් විස්තර කරන්න ඕන නැහැ කියලා හිතනවා, හැමෝම දන්න නිසා. ධර්මාශෝක රජතුමා ක්‍රි.පූ 232 දී මරණයට පත්වෙනවා. ධර්මාශෝක රජතුමාගෙන් පස්සේ රජකම උරුම වෙලා තිබුණ තීවර, කුණාල, ජලෞක කියන පුත් කුමාරවරුන්ට හරියට මේ සුවිසල් රාජ්‍යය පාලනය කරගන්න බැරිවෙනවා. ඒ නිසා ම රාජ්‍යය අස්ථාවර බවට පත්වෙනවා. මේ අර්බුදය දැනගත්ත පුෂ්පමිත්ර නම් සෙනවියා, ඒ කාලේ රජකළ ධර්මාශෝක මුණුපුරකු වූ බ්‍රැහැත්රථ මරා දාලා මෞර්ය වංශය සම්පූර්ණයෙන් ඉතිහාසයට එක් කරනවා. මේ නිසාම දඹදිව රාජ්‍යය කෑලි කෑලිවලට කැඩිලා ගිහිල්ලා කුඩා රාජ්‍යයන් ගණනාවකට වෙන වෙනවා. මුලින් කිව්වා මතකද ධර්මාශෝක රජතුමාගේ සීයා වෙන චන්ද්‍රගුප්ත රජතුමා, මැසිඩෝනියානු ප්‍රදේශත් යටත් කරගත්තා කියලා. මෙහිදී චන්ද්‍රගුප්ත රජතුමාගෙන් පැරදිලා පලා ගියේ ග්‍රීකයන්. මෞර්ය රාජ්‍යය අස්ථාවරයි කියලා දැනගත්ත ග්‍රීකයනුත් මේ රාජ්‍යය ට බැල්ම හෙලන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් විදියට ක්‍රි.පූ 200 දි විතර යුතෙමඩස් කියන ග්‍රීක රජතුමා වර්තමාන ඇෆ්ගනිස්තානයේ කොටසක් අල්ලාගෙන පාලනය කරන්න පටන්ගත්තා. ඉන්පසු රජවුණ යුක්‍රටඩීස් රජු සාගල නුවරත් යටත් කරගෙන වයඹ දිග ඉන්දියාව පාලනය කළා. එයින් පස්සේ සාගල නුවර රජකමට පත්වුණේ මිනෙන්ඩර්(මෙනැන්ඩර්) නමින් ප්‍රකට වූණ මිළිඳු රජතුමා. මේ සාගල නුවර කියන්නෙ වර්තමාන පකිස්තානයේ සියල්කොට් නගරය තියෙන ප්රදේශයටයි. මේ සාගලපුරය ඉතාම සශ්‍රීක රාජ්‍යයක් වුණා වගේම සතරවරම් දෙවියන්ගෙන් කෙනෙක් වුණ වෛශ්‍රවණ දිව්‍යරාජයාගේ ආලකමන්දා දිව්‍යපුරයට තමයි සමාන කරලා හඳුන්වන්නෙ. ඒ තරම් දියුණු, සශ්‍රීක නගරයක්. මේ මිළිඳු රජතුමා අවුරුදු 20 ක් සාගල පුරවරයේ රාජ්‍යය පාලනය කළා. ඒ අතරතුරේදි තමයි මේ මිලින්ද-නාගසේන ප්රශ්නය ඇතිවෙන්නෙ.
ඉතා පණ්ඩිත ප්රඥවක් ඇති සියලු කටයුත්තෙයි දක්ෂ මිළිඳු රජතුමා සමඟ වාදයට එළැඹීම අපහසු වූ රහතන් වහන්සේලා පවා සාගල පුරවරය හැර ගියා කියලා තමයි කියන්නේ. මිලින්ද රජතුමා ඒ තරම් ම නුවණැති කෙනෙක්. ඉතින් බොහෝ රහතන් වහන්සේලාට වාද කරලා පරාජයට පත් කරන්න බැරි වුණ මිලින්ද රජතුමා ව නාගසේන හාමුදුරුවෝ පරාජය කළේ කොහොමද කියලා ලබන සතියේ කියවමු එහෙනම්. කතාව කියවන්න කලින් ඒ කාලේ වටාපිටාව දැනගෙන ඉන්න එක හොඳයි කියලා හිතුණ නිසා තමයි මේ විස්තර ටික දැම්මේ.
ප.ලි: ඉදිරි මාස දෙක හරිම කාර්යබහුල වෙන ලකුණු තියෙන නිසා පෝස්ට් දානකොට ටිකක් ටිකක් පරක්කු වේවි සමහරවිට!!!! උදව් කළා විකිපීඩියාව සහ හොඳ ඔක්කොම කියන අඩවියත්...
හ්ම්... නියමයි.මරු ඈ.මට මතකයි අපේ ආච්චි කියනවා ඔය කතාව.
ReplyDeleteඅයියෝ... මම පුංචි කාලේ නම් අහලා නෑ මේ කථා, ලොකු වුණාට පස්සෙ තමයි!
Deleteම්..සමහර දේවල් නම් කලින් කියවලා තිබුනත් ලහිරුගෙ පිහිටෙන් මුල ඉඳන් පිළිවෙලට කියවමුකෝ..
ReplyDeleteවැඩේට කලින්ම සුභ පැතුම්..
අහ්.. එහෙනම් මට මග හැරෙන තැන් මතක් කරලා දෙන්න වෙයි අක්කට? ආයෙත් කැම්පස් පටන් ගත්තනේ :)
Deleteඔය කතාව දැනගන්න ආසාවෙන් හිටියෙ. පරක්කු කරන්න එපා.
ReplyDeleteපරක්කු කරන්නෙ නම් නෑ, හැබැයි වැඩිම වුණොත් සතියක් විතර යාවි!
Deleteදිග පෝස්ට් කියවන්න කම්මලියි,, ඒත් මේකනම් ඔක්කොම වැඩ පැත්තකට දාලා එක දිගට කියෝගෙන ගියා.. දන්න කරුනු වගේම නොදන්න කරුනු බොහොමයක් දැනගත්තා...
ReplyDeleteඉතුරු ටිකත් ඉක්මනට දාන්න
හී හී දිග පෝස්ට් දාලත් බෑ නොදා ත් බෑ. මමත් දන්නවා දිග පෝස්ට් කියවන්න පොඩි කම්මැලිකමක් එනවා කියලා. ඒක ඉතින් ලියලා තියෙන විදියටත් තමයි නේද!
Deleteමේ සමහර දේවල් ගැන විස්තර ටිකක් අහල තිබ්බට හරියටම දැනගෙන හිටියෙ නෑ.ඉතුරු ටිකත් වෙලාව තියෙන විදිහට ලියන්න ලහිරු...
ReplyDeleteඔව්, වෙලාව තමයි ලොකුම ගැටළුව. ඇයි දැන් Chams සිංහල බ්ලොග් එක ලියන්නෙ නැත්තේ ?
Deleteපහුගිය ටිකේ නම් මටත් ලහිරුට වගේ වෙලාව හොයාගන්න එක ප්‍රශ්නයක් උනා. ඒත් දැන් නම් ආයෙත් ලියන්න පටන් ගත්තා :)
Deleteමම දැක්කෙ නෑනේ, අළුත් එකක් ලියලා තියෙනවා කියලා!
Deleteඅනේ මචෝ කුතුහලේ අවුස්සලා නිකන් ඉන්නේ අන්තිව අදම දාපන් ඉතිරි ටිකත් ප්ලීස්............. නැත්තන් අල්ලලා ගහනවා දඬු කඳේ :)
ReplyDeleteඅපොයි... රටේ මහත්තයට පැමිණිලි කොරන්ට වෙන හැඩයි මේ අවනඩුව ගැන....
Deleteහිකිස්ස්ස්ස්ස්........
Deleteමම නම් මේ කතාව මුලින්ම කියවන්නේ අද.
ReplyDeleteගොඩක් වටිනවා මචං මේ කතාව පෝස්ට් කරනවට !
අන්තිම ටිකත් ඉක්මනටම ලියන්ඩ පුලුවන් නම් තමා වටින්නේ
කියන්ඩ අමතක උනා. අළුත් ඇඳුම නම් පංකාදුයි !
Deleteඅහ්.. ඒ කියන්නෙ සෑහෙන කාලෙකින් මේ පැත්තෙ ඇවිත් නෑ නේද...:( බලමු පුළුවන් ඉක්මනට ලියන්න තමයි උත්සහය!
Deleteහ්ම්ම්ම්ම්..... සෑහෙන කාලෙකට පස්සේ තමා ගොඩක් බ්ලොග් සටහන් කියවන්නේ...
Deleteසසර කලකිරිලා හිටියා සෑහෙන දවසක් ! දැන් නම් ටිකක් විතර ෂේප් !
එහෙනම් සසර කලකිරිලා නෑ, වෙන මොකක් හරි/ කවුරුහරි ගැන කළකිරිලයි ඉඳලා තියෙන්නෙ... :) එහෙම නේද? ඇත්තටම මොකක්ද අවුල? දැන් ශේප් නම් කමක් නෑ!
Deleteහෑ... ඔය කප්පම් සිද්ධි ඒ දවස්වලත් තිබුණද? පෝස්ට් එකේ වැදගත් දේ බොහොමයි... දිගටම ලියන්න... ඔබට ජය...
ReplyDelete:)
Deleteමේ ගැන පුංචි දැනීමක් තිබුන. ඔන්න ඒ ටිකට තව ගොඩක් එකතු කර ගත්තා මේක කියවලා. ලහිරු ගේ මේ ලියන ශෛලිය නිසා කියවන්න කම්මැලි නෑ. ජය!!
ReplyDeleteතව කොටසක් තියෙනවා, ඒකත් කියවන්නකෝ...
Deleteකෝ බොල කතාව? :D :D
ReplyDeleteපොඩ්ඩක් හිටියනං ලබන සතිය වෙනකල්... කියවන්න ඇහැකි :) කතාවට ඕන බැක්ග්‍රවුන්ඩ් එක තමයි මේ සතියෙ!
Deleteආසවෙන් කියවපු තවත් කතාවක්.....
ReplyDeleteඊළඟ එකත් කියවලා ම ඉමුකෝ!
Deleteබොහොම වටිනා කතාවක් අරගෙන ඇවිත් තියෙන්නේ අයියා. පොඩි එකතු කිරීම් කීපයකුත් කරන්නම් කතාවේ වටිනාකම වැඩි වෙන්න.
ReplyDelete"මේ අර්බුදය දැනගත්ත පුෂ්පමිත්ර නම් සෙනවියා"
මෙයාගේ නම පුෂ්යමිත්ර සුංග. එයාගෙන් ඇරඹෙන රජ පෙළපත සුංග වෙන්නේත් ඒ නිසා.
"සාගල නුවර රජකමට පත්වුණේ මිතෙන්ඩර් නමින් ප්‍රකට වූණ මිළිඳු රජතුමා"
රජතුමාගේ නම කියවෙන්නේ Menander කියලා. ඒක සිංහලෙන් මෙනැන්ඩර් කියලා තමා කියන්නේ.
මේ ලින්ක් එකෙන් රජතුමා ගැන තව විස්තර වගේම මිළිඳු නාගසේන වාදයේ පින්තූරෙකුත් ගන්න පුලුවන් වේවි. ඒක ඊළඟ සටහනට ප්‍රයෝජනවත් වෙයි කියලා හිතනවා.
http://en.wikipedia.org/wiki/Menander_I
ස්තූතියි මල්ලි නිවැරදිකිරීම් වලට, මම ඒවා හදන්නම්. මෞර්ය රජ පරම්පරාව අවසන් කරලා පුෂ්යමිත්ර සෙනවියා බලය ලබාගත්තට පස්සෙ ඇරඹෙන්නේ සුංග කියන රාජ පරම්පරාව තමයි. මම සබැඳියට ගියා, ඒ පින්තූරත් ඊළඟ සටහනට එකතු කරන්නම්කෝ...
Deleteඅයියෝ..ඒක ලබන සතියට කල් දාලනේ. මට මතකයි බුද්ධධර්මය පොතේ මේ ගැන සඳහන් කරලා තිබුනත් වැඩි විස්තරයක් තිබුනේ නෑ. බලමුකෝ එහෙනම් ලබන සතියේ.
ReplyDeleteඈ... මොන පොතේද තිබුණේ? මට මතක නෑ ඒක, මතක තිබුණනම් කලින් ම ලියනවා මේක :)
Deleteඔව් ඔව් එක්කෝ 10, නැත්නම් 11 බුද්ධාගම පොතේ "මිලින්ද ප්රශ්නය" කියලා තිබුණා කොහේ හරි. මට මේක හොඳට මතක අපේ කට්ටිය මිලින්ද කියලා සහෝදර පාසලේ කෙනෙක් ගැන ඉන්ටරෙස්ට් එකක් දක්වපු නිසා ඕක නැගලා ගියා ඒ දවස්වල.
Deleteඒ කියන්නේ අක්කලාට මිලින්ද ප්රශ්නය සෑහෙන්න තදට තිබිලා තියෙනවා ඒ කාලේ නේද :) :) :)
Deleteබුදුසරණ පත්තරේ ගියා "මිලිඳු-නාගසේන ප්‍රශ්ණය" කියලා ලිපි මාලාවක් කාලෙකට ඉහතදී.
Deleteසැහෙන ඒවා තියනවනේ....
ReplyDeleteඒකනේ!
Deleteරහතන් වහන්සේලා නම් පැරදුවා කියල කියන eka තර්කානුකුල නැහැ නේද?
ReplyDeleteවරදවා වටහා ගන්න එපා, මම කියලා තියෙන්නෙ වාදයෙන් පරාජය කළා කියලයි. ස්වාමින් වහන්සේලා උතුම් අර්හත්වයට පත්වෙන්නෙ ක්ලේශයන් ප්රහාණය කරලායි. ක්ලේශයන් ප්රහාණය කළා කියලා ධර්මය ගැන, ත්‍රිපිටකය ගැන සම්පූර්ණ දැනීමක් ලැබෙන්නෙ නැහැ. එහෙම ලැබෙනවා කියලා නියමයකුත් නැහැ. ඒ නිසා ත්‍රිපිටකය ප්‍රගුණ කළ මිලින්ද රජතුමා අහන ගැඹුරු ධර්ම කොටස් සියල්ල විග්රහ කරන්න රහතන් වහන්සේලාට බැරිවුණා කියන එක වෙන්න පුළුවන් දෙයක්. එතරම් ගැලපෙන්නෙ නැති වුණත්, උදාහරණයක් විදියට PhD එකක් ගත්තා කියලා හැම දෙයක් ගැන ම දැනුමක් ලැබෙන්නෙ නෑනේ. අන්න ඒ වගේ.
Deleteමම හිතන්නේ ලහිරු ඔයාට පොඩි වරදක් වෙලා තියෙනවා. රහත්භාවය ලබන්නේ කෙලෙස් දුරු කරලා තමයි. නමුත් ඒක විතරක් නෙවෙයි. ධර්මය අවබෝධ වෙන්නත් ඕන. කෙලෙස් දුරු වෙන්නත් උදව් වෙන්නේ ඒ අවබෝධය. ධර්මය අවබෝධ වෙන්නේ නැතුව කෙනෙක්ට නිවන් දකින්න බෑ.
Deleteමෙතන කියන දේ මට හිතෙන්නේ ක්‍රම දෙකකින් වෙන්න පුළුවනි. එකක් තමයි, රහතන්වහන්සේලා ධර්මය දැනගත්තට ඒක හරියට ඒ අදාළ ප්‍රශ්නවලට අදාලව පැහැදිලි කරන්න බැරි වුනා වෙන්න පුළුවනි.
නැත්නම්, රහතන්වහන්සේ කියලා ඉතිහාස මූලාශ්රවල වැරදියට තිබුනාද දන්නේ නෑ. අනික මේ රහතන්වහන්සේලා කියල කියන්නේ අපි කියන රහතන්වහන්සේලා නෙවෙයි නම්.? ජෛන ආගමේත් පූජකයින්ට රහතන්වහන්සේලා කියල එයාල කියපු බවක් මම අහල තියෙනවා වගේ මතකයි. මේ එහෙම කට්ටියක් ගැන කියන කතාවක්ද දන්නේ නෑ නේ.
සමාවෙන්න ප්‍රමාද වුණාට ප්‍රතිචාර දක්වන්න. රහත් බව ලබන්න නම් දස සංයෝජන දුරු කරන්නෝන. ඔබ අහලා තියෙනවද බාහිය කියලා රහතන් වහන්සේ කෙනෙක් ගැන? බාහිය කියන්නේ ගිහියෙක්, බුදුරජාණන් වහන්සේ වඩින අතරමඟ පාරෙදි බණ අහලා තමයි රහත් වුණේ. ඔබ හිතනවද ඒ වගේ සුළු වෙලාවකින් සමස්ත ධර්මය ම අවබෝධ කරගන්න පුළුවන් වෙයි කියලා කෙනෙකුට? තව ස්වාමින් වහන්සේලා ඉන්නවා එක සූත්‍රයක් ඇසුව පමණින් ම උතුම් අර්හත් බවට පැමිණුන. නමුත් ත්‍රිපිටකයේ සූත්‍ර 18,000කට අධික ප්‍රමාණයක් තියෙනවා. ඒ හැම ධර්ම කොටසක් ම රහතන් වහන්සේලා දන්නවා/ දැනගතයුතුයි කියලා හිතනවනම් මම හිතන්නේ ඒක වැරදියි, එහෙම නේද? අනිත් එක ධර්ම සේනාපති සාරිපුත්තයන් වහන්සේ සමඟ ධර්ම සාකච්ඡා කරලා උන්වහන්සේගෙන් දහම් කරුණු දැනගත්ත තවත් රහතන් වහන්සේලා ගැනත් සූත්‍ර වල සඳහන් වෙනවනේ. මම පිළිගන්නවා ධර්මය අවබෝධ වෙන්නෙ නැතුව නිවන අවබෝධ කරගන්න බෑ කියලා, හැබැයි ඒකට ධර්මයේ හැම කොටසක් ම නම් ඕන වෙන්නෙ නැහැ කියලයි මම කියන්නේ.
Delete//ජෛන ආගමේත් පූජකයින්ට රහතන්වහන්සේලා කියල එයාල කියපු බවක් මම අහල තියෙනවා
…ඔව්, ඒක හරි, නමුත් මෙතනදි තියෙන්නෙ එහෙම දෙයක් නෙවෙයි යාළුවා.
ත්‍රිපිටකයේ තියෙන අකුරක් නෑර දැන ගන්න නම් කෙනෙක්ට බෑ. ධර්මය අවබෝධ කරගන්න කෙනෙක් දැන ගත යුතුම කාරණා ටිකක් තියෙනවා. එක එක අයට ධර්මය අවබෝධ වෙන්නේ එක එක විදියට. ඒකයි එක එක අයට එක එක විදියට අවබෝධ වෙන්නේ. එකම දේ වුනත් තේරුම් ගන්න විධි ගොඩක් තියෙන්න පුළුවන් නේ. ඒක අපිට සරලව මෙහෙමයි කියන්න අමාරුයි...
Delete@ Chamara Sumanapala & ලහිරු
Deleteමේ සංවාදයට කිසියම් සහයක් වේවි ටික කලකට කලින් සයිබර්යයට මම එකතු කරපු මේ කරුණු ටික
රහතන් වහන්සේලා කියන්නේ කෙලෙසුන් නැති කරලා [තවත් විදිහකට කිව්වොත් දස සංයෝජන නැති කරලා] රහත් බෝධියෙන් නිවන් අවබෝධ කරගනිපු අය.
ඒත් ඒ විදිහට නිවන් අවබෝධ කරගත්තත් පුරන ලද පාරමී ධර්මයන්, කරන ලද කුසල කර්මයන් වගේම ප්‍රාර්ථනාවන් නිසා රහතන් වහන්සේලා හැකියාවන් විවිධාකාරයි.
ඒක නිසා තමා ශුෂ්ක විදර්ශක රහතන් වහන්සේලා, ත්රිවිද්යාලාභි රහතන් වහන්සේලා, ෂඩ් අභිඥාලාභී රහතන් වහන්සේලා සහ සිව්පිළිසිඹියාපත් රහතන් වහන්සේලා කියලා ප්‍රභේද වීමක් තියෙන්නේ.
සරල උදාහරණයක් කිව්වොත් උසස් පෙළ සමත් වෙන පිරිස අතරින් ලංකාවෙන් පළවෙනියෝ දෙවෙනියෝ වෙන අය වගේම යන්තමින් පාස් වෙන අයත් ඉන්නවානේ. පොදුවේ ගත්තාම හැමෝම උපෙ පාස් වුණත් බුද්ධියේ හැකියාවේ වෙනස්කම් තියෙනවා නොවැ...
මේ වෙනස්කම් එකින් එක පැහැදිලි කළොත් කෙලෙස් පමණක් නැති කරලා සෘද්ධි බලයක් ලබන්නේ නැතුව රහත් බෝධියෙන් නිවන් අවබෝධ කරගන්නා අය ශුෂ්ක විදර්ශක රහතුන් වෙනවා.
පෙර විසූ ජාති සිහි කිරීම, දිවැස්, කෙලෙසුන් නැසීම කියන ඥාණත්රය සහිතව රහත් බෝධිය ලබාගන්න අය ත්‍රිවිද්‍යා රහතුන් වෙනවා.
කලින් කියපු ඥාන තුනත් ඒ හැරෙන්න සෘද්ධි විධ, දිව කන්, පරචිත්ත විජානන කියන ඥාන තුන ඇතුලු ඥාන 6 ක් සහිතව රහත් බෝධිය ලබාගන්නා අය ෂඩ් අභිඥාලාභී රහතුන් වෙනවා.
අත්ථ පටිසම්භිදා, ධම්ම පටිසම්භිදා, නිරුක්ති පරිසම්භිදා සහ පටිභාන පටිසම්භිදා කියන ඥාණ හතර සහිතව රහත් බෝධිය ලබාගන්නා අය සිව්පිළිසිඹියාපත් රහතුන් විදිහට හඳුන්වනවා.
රහතන් වහන්සේ කෙනෙක් ලබාගන්න උපරිම උසස් මට්ටම තමා ඒක. අග සව් දෙනම ඇතුළු ප්‍රධාන ශ්රාවකය්න් වහන්සේලා සිව් පිළිසිඹියාපත් සහිත රහතන් වහන්සේලා.
ඒ හැරෙන්න රහතන් වහන්සේලා පෙර භවයන්වලදී කරපු ප්‍රාර්ථනා අනුව අග්‍රස්ථාන හිමිවීමත් සිදුවෙනවා.
හරිම පැහැදිලි විස්තරයක් මල්ලි, සමහර කරුණු මම දැනගෙන හිටියෙත් නැහැ. බොහොමත් ම ස්තූතියි ආයෙත්!
Deleteඉතිරි කොටස් බැලිමට ආසයි . හැකි ඉක්මනින් !!
ReplyDeleteතව දවස් දෙක තුනක් ඉවසන්නකෝ!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteනොදැන හිටිය විස්තර ටිකක් ලහිරු අයියේ.. ඉතිරියත් පුළුවන් විදිහට ලියමු..
ReplyDeleteඔව්, දැනටත් ලියාගෙන යනගමන්!
Deleteමිලින්ද ප්රශ්නය පොත download කරගන්න...
ReplyDeletehttp://www.ogatharana.org/page2.php
ස්තූතියි සබැඳියට... මම ගිහින් බැලුවා, ප්‍රයෝජනවත් පොතක්. කාටහරි ඕන නම් මිලින්ද ප්රශ්නය පොත මෙතනින් ගිහින් බාගන්න. ආයෙමත් ස්තූතියි ඇනෝ!
Delete"ඉතින් බොහෝ රහතන් වහන්සේලාට වාද කරලා පරාජයට පත් කරන්න බැරි වුණ මිලින්ද රජතුමා ව නාගසේන හාමුදුරුවෝ පරාජය කළේ කොහොමද කියලා ලබන සතියේ කියවමු එහෙනම්." :(හය්යු..
ReplyDeleteඉක්මනින් ලියමුකො..
මඳක් ඉවසන්නකෝ...
Deleteමහන්සි වෙලා ලිව්වට පාඩුවක් නම් නැහැ සහෝ..නොදන්න දේවල් ගොඩක් ඔබේ බ්ලොගයෙන් අපිට අහුවෙනවා..ජයම වේවා!
ReplyDeleteකවුරුහරි යමක් අළුතින් දැනගන්නවනම් ඒක තමයි මගේ සතුට!
Deleteනොදනත් කරුණූ ගණනාව් දැනගන්නට උදව් වුනු රසවත් ලිපියක් ..ඇත්තෙන්ම මෙවැනි ලිපි මඟින් සිංහල බ්ලොග් අවකාශයට වැදගත් වටිනාකමක් ලබා දෙනවා ...
ReplyDeleteස්තුතියි
ස්තූතියි අයියේ ඇගයීමට . ආයෙත් ඇවිත් යන්න එන්න මේ පැත්තේ!
Deleteලස්සනට ලියලා තියෙනවා යාලුවා. මම ආසයි ඔයා ලියන ශෛලියට. ඉතුරු ටිකත් බලමු නේද?
ReplyDeleteසිතියමේ ප්‍රශ්නයක් තියෙන බව ඔයාම පෙන්නලා දීලා තියෙනවා. තව ගැටලුවක් තියෙනවා. අපි දන්නවා අසෝක අධිරාජ්‍යයා තමයි කාලිංගය යටත් කලේ. නමුත් මේ සිතියමේ හැටියට අපි කාලිංගය කියලා කියන වත්මන් ඔරියා (ඔරිස්සා කියලා මෑතක් වෙනකල් කියපු ප්‍රාන්තය) ප්‍රදේශය අසෝකටත් කලින්ම මෞර්ය අධිරාජ්‍යයට අයත් වෙලා තියෙනවා.
සිතියම ගත්තේ කොහෙන්ද කියලා ලින්ක් ඒක දාන්න පුළුවනි නම් හොඳයි. ඒ වෙබ් සයිට් ඒක විශ්වාස කටයුතුද කියල ප්‍රශ්නයක් තියෙනවා. ඉතිහාසයේ අපි අහල තියෙන දේවල් දෙකක්ම මේ සිතියමේ වැරදියි නේ... මේක ගත්තේ ඉන්දියානු සයිට් එකකින් නම් ලංකාව බදු ගෙවන රාජ්‍යයක් කියලා දාපු එක තේරුම් ගන්න පුළුවනි. නමුත් අනික් කාරණේ???
මෙතනදි වැරද්ද කරලා තියෙන්නෙ මමයි. මේ සිතියම මඟින් දැක්වෙන්නෙ අසෝක අධිරාජ්‍යයා ගේ කාලයේ මෞර්ය රාජධානිය. ඒ කියන්නේ කාලිංගයත් යටත් කරගත්තට පස්සේ. මම සිතියම යොදලා තියෙන තැන වැරදියි. සිතියම ගත්තේ නම් විකිපීඩියාවෙන් සිතියම තවත් සටහනේ පහළට වෙන්නයි තියෙන්න ඕන. ස්තූතියි වැරැද්ද පෙන්නලා දුන්නට. මම ඒක හදන්නම්!!!!
Deleteඑල :-)
Deleteඅහාලා නොතිබුණු කථාවක් .ඔබට ස්තුතියි!
ReplyDeletehttp://www.facebook.com/manasindiviyata
:)
Deletegood
ReplyDelete