Data encrypt කරන්න Truecrypt පාවිච්චි කරන්න...




මේක එන්ක්‍රිප්ට් කිරීමක් විදීයට කිව්වත් එන්ක්‍රිප්ට් කිරීමක්ම මත් නෙවෙයි, හැබැයි එන්ක්‍රිප්ට් කිරීමක් නෙවෙයි කියලා කියන්නත් බෑ....ම්ම්ම්ම් මොකක්ද මේ හතර බීරී කතාව? තව ටිකක් ඉස්සරහට කියවගෙන යන්නකෝ, එතකොට තේරේවි මම එහෙම කිව්වේ ඇයි කියලා! සාමාන්‍යයෙන් අපේ පරිගණකයේ තියෙන ෆයිල්, ෆෝල්ඩර් අපි ආරක්ෂා කරගන්නේ මුරපදයක් දාලා නේ. අන්තර්ජාලයේ තියෙන සාමාන්‍ය මෘදුකාංග වලින් මේ දේ කරන එක ටිකක් විතර වදයක්( මගේ අත්දැකීම් අනූව! ) හැම ෆයිල්, ෆෝල්ඩර් එකකටම මුරපද දාන්න වෙන එක තමයි වදේ. කොහොම උනත් අද මම මේ කියන්න යන මෘදුකාංගයෙන් ඒ වගේ කරදර හැමදේටම විසඳුම් ලබාදෙනවා.

TrueCrypt කියන්නේ විවෘත කේත මාදිලියේ,ඒ කියන්නේ ඕපන්සෝස් මෘදුකාංගයක්. TrueCrypt වැඩ කරන්නේ ටිකක් විතර වෙනස් විදියකට. TrueCrypt මුලින්ම අපේ හාඩ් එකෙන් කොටසක් වෙන් කරගෙන ඒ පාටිෂන් එකට මුරපදයක් යෙදීම තමයි කෙරෙන්නේ. ඒක එතකොට Encrypted පාටිෂන් එකක් වෙනවා. ඒ පාටිෂන් එක ඇතුලට අපිට ඕන කරන ෆයිල්, ෆෝල්ඩර් දාලා මුරපදය යෙදුවම ඉබේම ඒ පාටිෂන් එක නොපෙනී යනවා. ඒ කියන්නේ පාටිෂන් එක සැඟවීම තමයි කෙරෙන්නේ. ඊටපස්සේ Disk Management ගියත් පෙන්නන්නේ නෑ. හරිම සාර්ථක මෘදුකාංගයක්. මම අත්දැකීමෙන් කියන්නේ. ඔයාලත් කැමති නම් උත්සහ කරලා බලන්න. 8 MB විතර පොඩි file එකක් මේ!




දැන් බලමුකෝ කොහොමද මේක කරන්නේ කියලා. මුලින්ම මෙතැනින් බාගත කරගෙන සෙටප් ෆයිල් එක රන් කරන්න.
1. සාමාන්‍ය විදියට ස්ථාපනය කරගෙන Start->All programs->Truecrypt වලට ගිහින් ප්‍රධාන වින්ඩෝව ලබාගන්න.

2. එහි Create Volume ලබාදෙන්න.



3. දැන් ලැබෙන TrueCrypt Volume Creation wizard වින්ඩෝවෙන් Create an encrypted file container ලබා දී Next යන්න. මෙමඟින් හාඩ් ඩිස්කයේ කොටසක් වෙන් කිරීම සිදු කරයි. Flash drives සඳහා නම් Encrypt a non-system partition/drives දෙන්න.



3. ඊළඟට Standard TrueCrypt volume දීලා Next යන්න.

4. දැන් Volume Location වින්ඩෝව ලැබෙයි. එයින් අපේ volume file එක save විය යුතු drive එක සහ file name එක දීලා save කරන්න.



දැන් Next කරලා ඊළඟට ලැබෙන Encrypted Options වින්ඩෝ එකත් Next කරන්න. දැන් එන්නේ Volume Size වින්ඩෝ එකයි. ඒකේදි ඔයා හදන්න යන පාටිෂන් එකේ ප්‍රමාණය කැමති විදියට දෙන්න. ආයෙත් Next කළා ම එන වින්ඩෝවෙන් Password/Confirm Password දීලා ඉදිරියට යන්න. එතකොට Volume format වින්ඩෝව ලැබෙනවා. එහි Options->file system වල NTFS දෙන්න. ඔයා හැදුව පාටිෂන් එක එතනදි format කරන්න විධානය දෙන්න. Format වෙලා අවසන් වුනා ම එන Volume Created වින්ඩෝව Next කරන්න. දැන් ලැබෙන TrueCrypt Volume Creation wizard වින්ඩෝවෙන් Cancel විධානය දීලා ඉවත් වෙන්න.

දැන් ආයෙත් Start->All programs->Truecrypt වලට ගිහින් ප්‍රධාන වින්ඩෝව ලබාගන්න. Drive කියන තැනින් ඔයා කැමති සාමාන්‍යයෙන් භාවිතා නොවෙන අකුරක් drive letter එක විදියට දෙන්න. ඒක තමයි ඔයාගේ encrypted drive එක. දැන් පහල තියෙන Select file තෝරලා අපි මුලින් ම අපේ Volume file එක save කල ස්ථානය දෙන්න. Ok එහෙම කරලා වම් පැත්තේ පහල තියෙන Mount button එක දෙන්න. ඔයා ලබාදුන්න password එක දීලා OK කරන්න. දැන් Computer ගිහින් බලන්න, ඔයාගේ රහස් පාටිෂන් එක පෙන්නුම් කරයි. මේක වැඩ කරන්නෙත් සාමාන්‍ය විදියට ම තමයි. ඕන කරන දේවල් ටික ඒක ඇතුලට දාලා TrueCrypt වින්ඩෝවේ Dismount button එක දෙන්න. දැන් Computer ගිහින් බලන්න, ඔයාගේ රහස් පාටිෂන් එක ඒකේ නෑ....! ආයෙත් ගන්න ඕන වුනොත් Start->All programs->TrueCrypt->Select file->Mount වලට ම යන්න වෙනවා.

ම්ම්ම්ම්ම්.... කොහොමද වැඩේ? වැඩේ නම් ටිකක් දිගයි තමයි, ඒත් වටින දේ වලට ටිකක් මහන්සි වෙන්න වෙනවා! මම pen එකට මේක දාන්න බැලුවා, ඒත් හරිගියේ නෑ. කවුරුහරි කරලා බලලා හරි ගියොත් මටත් කියන්න. කියලා තියෙන විදියට කලොත් නම් වැඩේ අවුලක් වෙන 1ක් නෑ. ඒත් මොනවා හරි තිබුනොත් කියන්න.......

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අළුත් ම ඉන්ටනෙට් ප්‍රොටෝකෝලය IPv6....- 2






මේ ගැන මම දැම්ම මුල් ම සටහන කියවන්න බැරි වුනා නම් මෙතනින් ගිහින් කියවලා එන්නකෝ, මම හිතන්නේ ඒක ගොඩක් වැදගත් වේවි. එහෙම නතිවුනොත් සමහරවෙලාවට අගක් මුලක් තේරෙන්නේ නැතුව යාවි. මම කලින් කිව්වනේ ලෝකේ පුරා IP address බෙදන රාජකාරිය අයිති ICANN කියන සමාගමට කියලා. මේ සමාගමට අයත් IANA (International Assigned Numbers Authority) කියන සමාගම තමයි මුලු ලෝකයම කලාප වලට බෙදලා ඒ ඒ කලාප වලට IP address බෙදලා දෙන්නේ. මේ අවුරුද්දි මුල දි, ඒ කියන්නේ පෙබරවාරි 8 වෙනිදා IANA ආයතනයෙන් විශේෂ උත්සවයක් සංවිධානය කරලා තිබුණා. ඒ තමයි නිල වශයෙන් IPv4 ක්‍රමයට සමුදීමේ උත්සවය. එහිදී දැනට ඉතුරු වෙලා තිබුණ IPv4 ආකාරයේ IP address ,එක්කෝටි හැට ලක්ෂයක් විතර අදාළ කලාප වලට බෙදලා දුන්නා. එයාලා අපේක්ෂා කරන්නේ මේ සැප්තැම්බර් වෙන විට IPv4 ආකාරයේ IP address අවසාන වේවි කියලා.



…හැබැයි මේ දේ මේ විදියට වෙන එක ලොකු ගැටළුවක්, ඇයි දන්නවද? IPv6 ආවා කියලා එක සැරේ ම IPv4 නැතිවෙලා යන්නේ නෑනේ. එතකොට අන්තර්ජාලය පුරා මේ අංක 12ක් හා 16ක් සහිත ප්‍රොටෝකෝල දෙක ම භාවිතා වෙනවා. එහෙම වුනාම මේ ප්‍රොටෝකෝල දෙක අතර දත්ත හුවමාරුවට වෙනම ප්‍රවේශ ක්‍රම(gataways) හදන්නෝන. ඒ වගේ ම ඒවට හරියන විදියට දෘඩාංග, මෘදුකාංග හදලා සර්වර් වලට දාන්නෝන. එතනින් නවතින්නෙත් නෑ. අපි දැනට භාවිතා කරන OS, Web browsers, Search engines එහෙමත් මේ ප්‍රොටෝකෝල දෙකට ම හරියන විදියට හදන්නෝන. ම්ම්ම්ම්...ඔයාලාට බය හිතෙන්නේ එහෙම නෑ නේද! එහෙනම් කමක් නෑ. මේ ගැටළුව ඇතිවෙන බව කලින් හඳුනාගත්ත සමාගම් තමන්ගේ දෘඩාංග, මෘදුකාංග මේ ක්‍රම දෙකටම අදාල වෙන ආකාරයට යාවත්කාලීන කරලා ඉවරයි. දැන් අපි භාවිතා කරන මේ දෘඩාංග, මෘදුකාංග වුනත් ක්‍රම දෙකටම ගැලපෙනhttp://www.blogger.com/img/blank.gifවා. පසුගිය ලෝක IPv6 දිනයේ දී ලෝකයේ ප්‍රකට සමාගම් වෙන Microsoft, Yahoo, Google, Cisco, Facebook එකට එකතු වෙලා මේ ගැන පෙරහුරුවක් කලා!


…මෙතැනදි අපිට(End Users) මේ වගේ තාක්ෂණික යාවත්කාලීනයන් සිද්ධ වුනා කියලා දැනෙන වෙනසක් අපේ පද්ධති වලට වෙන්නේ නෑ. අපිට තියෙන්නේ පුරුදු පරිදි ම දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න එකයි...! මේ IPv6 යටතේ ආරම්භ වෙන අළුත් වෙබ් අඩවි ගොඩාක් වෙලාවට හොයාගන්න ලේසියි. ඒ අඩවි වල වෙබ් ලිපින(url) සාපේක්ෂ වශයෙන් ටිකක් දිගයි. කොහොම වුනත් අපිට අපේ දෘඩාංග, මෘදුකාංග IPv6 එක්ක ගැලපෙනවද කියලා බලාගන්න ඕනෙම නම් www.test-ipv6.com එකට ගිහින් බලාගන්න පුළුවන්. අපි අළුතින් මොනාහරි දෘඩාංග, මෘදුකාංග මිලදී ගන්නවා නම් ඒවත් මේකට ගැලපෙනවද කියලා හොයලා බැලුවට වැරැද්දක් නෑ!.

…උඩ ඡායාරූපයේ ඉන්න පුද්ගලයා ගැන විශේෂයෙන් කියන්නෝන. සමහරු නම් දන්නවත් ඇති වින්ට් සර්ෆ් කිව්වම. අද Google සමාගමේ ප්‍රධාන උපදේශකයා විදියට වැඩ කරන ඔහු කීර්තිමත් පරිගණක විද්‍යාඥයෙක්. ඔහු ව අන්තර්ජාලයේ පියා විදියට හඳුන්වන්නේ 1977 දි මේ IP address ක්‍රමය ඔහු විසින් හඳුන්වා දුන් නිසයි.

…ඔන්න ඉන්ටනෙට් ප්‍රොටෝකෝල් ගැන ලියලා නම් ඉවරයි. කොහොම වුනත් මේ ලිපි වලට ඒතරම් හොඳ ප්‍රතිචාර නම් තිබුණේ නෑ. එහෙම වුනත් ලිව්වේ කවුරුහරි කියවලා දැනුමක් ලබාගනී කියලා හිතලා සහ ආත්ම තෘප්තිය වෙනුවෙනුයි. IPv6 ගැන ලියන්න භූපති ජයසුන්දර සොයුරා ගෙන් ලැබුන උදව්වත් මතක් කරන්නෝන. ආයෙත් මොනවා හරි අරන් ඉක්මනටම එන්නම්.... එතෙක් :)

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Google Headquarters පැත්තේ රවුමක් යමුද...?


ඔයාලා තාමත් හිතාගෙන ඉන්නේ ඔයාලා වැඩ කරන්නේ හරි ම තැන කියලද? කිව්ව්ට අහන්නේ නෑනේ, එහෙනම් මේ ටික බලලා ම තේරුම් ගන්නකෝ. ඊට පස්සේ ඔයාලා ම තීරණය කරන්නකෝ හරිද තැන කියලා!


වැඩ කරන අතරේ පුංචි විවේකයක්! එහෙ මෙහෙ පීනන මාළු බල බල මනසට විවේකයක් ලබාගන්න ගමන් ම මේ පුටු වලින් ඉබේ ම සම්බාහනයක් ලැබෙනවා. ම්ම්ම් කොහොමද ඒක?


තමන් වැඩ කරන පරිගණකයේ මොනා හරි ලෙඩක් ද? එහෙනම් මෙතනට අරන් ඇවිත් දෙන්න. ඒක හදන කල් ඕන නම් පොඩි අඩියක් එහෙමත් ගහන්න පුළුවන්!


ඈ... මල් කඩනව නේද මෙතනට ඇවිල්ලත්? ඔව් ඔව් ඒ වගේ පුද්ගලික වැඩ වලට වෙන් වුන පුංචි කැබින් හැම තට්ටුවෙ ම තියෙනවා!


වැඩ කර කර ඉද්දි ප්‍රශ්න එහෙම ඇති වුනොත් තැන, මේ තමයි පුස්තකාලය. ලෝකේ කොයිතරම් දියුණු වෙලත් Google ලා පුස්තකාලයක් තියාගන්න අමතක කරලා නෑ.


කාර්යාලයේ පුටුවේ ඉඳගෙන ඉන්න හැමවෙලාවෙම නම් අළුත් අදහස් ඔළුවට එන්නේ නෑ කියලයි Google ලොක්කෝ කියන්නේ. ඒ නිසයි මේ ලොකු boards හැමතැනම තියලා තියෙන්නේ!


මෙතන තමයි වැඩ කරන්නේ... හැම කෙනෙකුටම අඩුම තරමින් large screen දෙකක් වත් තියෙනවා අනිත් පහසුකම්වලට අමතරව! අපිට මේ එකකින් වත් වැඩ කරන්න බැරුව ඉන්නවා, එතකොට දෙකක්?


ම්ම්ම්ම්ම්... අපි ආසම තැන. ඕනම දෙයක් ඕන තරම් කන්න පුළුවන්. කෑම වගේ ම තමයි බීමත් ඕන හැටියට තියෙනවා. අපිට කියාපු තැන!


ඈ... ලිස්සන පුවරුවක් ද? ඔව් ඔව් ඒකක් තමයි. තට්ටුවකින් තවත් එකකට යන්න පාවිච්චි කරන ලේසිම ක්‍රමය තමයි මේ. බයවෙන්නෙපා, ලිෆ්ට්, පඩි පෙළවල් නතුව එහෙම නෙවෙයි!


වැඩ කර කර ඉන්න ගමන් කම්මැලි හිතුනොත් මෙතනට ඇවිත් pool සෙල්ලම් කරන්න, තව video games එහෙම ගහන්නත් හැමතැනම වගේ තියෙනවා.


වැඩ කරන අයට ඇඟේ පතේ අමාරු එහෙම හැදුනොත් මෙතනට ඇවිත් මෙතන ඉන්න වෘත්තියමය සම්බාහන කරුවන් ගේ සේවය ලබාගන්න පුළුවන් ඔන්න!

දැන් ඔයාලාට හිතෙන්නේ මොනවද කියන්නකෝ! දැන් ගිහින් ඔයාලාගේ ලොක්කට එහෙම කරදර කරන්නෙපා මේවා ඉල්ලලා...මට තියෙන ප්‍රශ්නේ තමයි මෙයාලා වැඩ කරන්නේ කොයි වෙලාවෙද කියන එක! හැබැයි වැඩ කරනවත් ඇති වැඩ කරන වෙලාවට සැරටම! නැත්තම් Google අද මේ වගේ තැනකට එන එකක් නෑනේ! ඇත්තටම බැලුවොත් ලංකාවේ තියෙන ඉහළ පෙලේ මෘදුකාංග සමාගම් වල මේ තරමටම නැතත් මීට ආසන්න තරමකට පහසුකම් වැඩ කරන අයට ලබාදෙනවා. ගෙවීම් එහෙමත් සුපිරි මට්ටමක තියෙනවා. ඒක එක්තරා විදියක උපක්‍රමයක් තමයි මේ බහුජාතික සමාගම් භාවිතා කරන, තමන්ගේ සේවකයන්ගෙන් උපරිම Output එකක් ගන්න. පහසුකම් වලට ආයෝජනය කරන එක ඒකත් එක්ක බලද්දි ලොකු වියදමක් නෙවෙයි එයාලාට! කොහොමට තියෙයිද ඒ වගේ තැනක ජොබ් 1ක් set වුනොත්...... !

9 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

අළුත් ම ඉන්ටනෙට් ප්‍රොටෝකෝලය IPv6....




අපි අන්තර්ජාලය පුරා සැරිසරන අවස්ථා වලදි, එහෙමත් නැත්නම් ලෝකය පුරා ඇති කෝටි සංඛ්‍යාත පරිගණක අතර දත්ත හුවමාරු වෙන්නේ ඊටම ආවේණික විශේෂ ක්‍රමයකින් කියලා ඔයාලා දන්නවනේ. ඒ තමයි IP Address හරහා. දැන් දැන් පරිගණක විතරක් නෙවේ ස්මාට් ෆෝන්, අයිපෑඩ්, නෝට්බුක්, අළුත් ම රූපවාහිනී, ශීතකරණ, වායු සමීකරණ වගේ උපකරණ ත් IP Address හරහා දත්ත හුවමාරු කරගන්න එකතු වෙලා ඉන්නවා(ඔයාලා Home network ගැන එහෙම අහලා ඇති කියලා මම හිතනවා!) හැම ගෙදරකටම ඊට ම වෙන් වුන ලිපිනයක් තියෙනවා වගේ අන්තර්ජාලයට සම්බන්ධ වෙන හැම උපාංගයකට ම වෙන් වුන IP Address එකක් තියෙනවා.

ම්ම්ම්ම්.... හරි! ඔයාලාට හිතුනා වගේ ම තමයි, ප්‍රශ්නයක් එනවා එතකොට. කාලයක් ගියාම මේ IP Address ඉවර වෙනවා තමයි. දැන් කාලේ අන්තර්ජාලයට විවිධ ආකාරයේ උපාංග එකතු වෙන වේගයත් එක්ක බැලුවම මේ දවස වැඩි ඈතක නම් නෙවේ තමයි! අද අපි මේ භාවිතා කරන IP Address ක්‍රමය 1981 දී හඳුන්වා දුන් IPv4 IP Address ක්‍රමයයි. ඒක හඳුන්වන තාක්ෂණික නම තමයි බිට් 32 (32 bit) කියන්නේ. අපි භාවිතා කරන IP Address එකක තියෙන්නේ අංක 12ක් කියලා ඔයාලා දන්නවානේ. ඉතින් ඒ අංක 12 විවිධ විදියට භාවිතා කරලා එකිනෙකට වෙනස් IP Address 2හි 32වන බලයක තරම් ප්‍රමාණයක්, එනම් ආසන්න වශයෙන් කෝටි 430ක් හදන්න පුළුවන්. ඒත් මට මතක විදියට දැනටමත් ලෝක ජනගහනය කෝටි 700කටත් ආසන්නයි.

ඉතින් එනපොට හොඳ නැති නිසා ලෝකයේ IP Address පාලනය කරන ICANN ( International Corporation for Assigned Numbers & Names) ආයතනයට අනුබද්ධ IETF ( the Internet Engineers Task Force) ආයතනය මඟින් 1996 දි IPv6 ක්‍රමය හඳුන්වා දුන්නා. ඒක අංක 16 කින් යුත් IP Address අංකයක්. ඒ කියන්නේ බිට් 128 (128 bits) ක්‍රමයක්. එමඟින් 2 හි 128වන බලයක තරම් ප්‍රමාණයක්, එනම් ආසන්න වශයෙන් ට්‍රිලියන ට්‍රිලියන ට්‍රිලියන 340ක්. මේ ඉලක්කම කොයි තරම් ලොකු ද කියන්න මෙහෙම උදාහරණයක් කියන්නම්කෝ. IPv6 ක්‍රමය යටතේ එක පුද්ගලයෙකුට IP Address කෝටි ලක්ෂය බැගින් ලෝකේ ඉන්න හැමෝටම IP Address බෙදලා දෙන්න පුළුවන්. ම්ම්ම්ම්... කොහොමද වැඩේ...!

මේ ප්‍රශ්නේ ලෝකෙට කොයිතරම් බලපාන එකක් ද කියලා කියන්න හොඳම උදාහරණය තමයි ජූනි 8 වෙනිදා ලෝක IPv6 දිනය විදියට නම් කරලා තියෙන එක. කොහොම උනත් මේ ගැන තව විස්තර නම් ගොඩාක් තියෙනවා, ඒත් එක දිගටම ලිව්වොත් කියවන්නත් එපා වෙයි කියලා හිතුන නිසා තවත් විස්තර ඊළඟ පෝස්ට් එකෙන් දාන්නම් ඉක්මනටම!

2 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !