Flash movies, Games ලේසියෙන් download කරගන්න...!




ගොඩාක් දෙනෙක් Firefox වලින් ඉවත් වෙලා Chrome වලට මාරු වෙන කාලේ මම තාමත් පාවිච්චි කරන්නේ Firefox... හිකිස්! ඒකට හේතුව තමයි Firefox වලින් දීලා තියෙන Add-on s මට ගොඩාක් ප්‍රයෝජනවත් වීම! Chrome වලත් Add-on s නැත්තේ නෑ තියෙනවා, ඒත් තාමත් Firefox වල තරම් ලොකු Collection එකක් නෑ. ඉතින් මං වගේ අය තවත් නැතෑ, ඒ නිසයි මේක දෙන්න හිතුවෙ! මුලින්ම කියන්න ඕන මේක ගිනි නරියා ගේ තවත් Add-on එකක්. මේකෙ තියෙන විශේෂත්වය තමයි ඉතාම කෙටි පියවර ප්‍රමාණයකින් අවශ්‍ය දේ බාගත කළ හැකි වීම. වැඩේ කරන්නේ මෙහෙමයි. මුලින්ම මෙතැනින් ගිහින් Add-on එක බාගත කරගන්න.


ඊටපස්සෙ ඒක install කරගන්න සාමාන්‍ය විදියටම. එතකොට browser එක restart කරන්නද කියලා අහයි. OK කරන්න ඒක. දැන් පහත රූපයේ විදියට නිල් පාට පසුබිමක සුදු පාට ඊ තලයක් browser එකේ දකුණු පැත්තේ පහත කෙළවරේ ඔයාට දකින්න ලැබේවි.



අපි මොනාහරි movies හෝ flash හෝ අඩංගු site එකකට ගිහින් අර Icon එක උඩ Click කළාම ඒ site එකේ අඩංගු movies/Games... list එක පෙන්නනවා. එතනින් ඔයාට ඕන එක Click කලාම ඒ වෙලාවෙම Download වෙන්න පටන් ගන්නවා. පහත උදාහරණය බලන්නකෝ, ඔය Gaming site එකක download කළ එකක්.



ඔන්න ඕකයි කතන්දරේ...ඔයාලත් කරලා බලන්නකෝ කොහොමද කියලා...!

2 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Spam වලින් ඔබේ Email Account එක බේරාගන්න...!




අම්මෝ... මාසයක් ගිය ඉක්මන, දැනුනෙවත් නෑනේ. හි..හි..මම blog ලියන්න පටන් අරන් අදට මාසයක් වෙනවා. ගිය අවුරුද්දේ දෙසැම්බර් 27 තමයි පටන්ගත්තේ. එදා ඉඳන් මේ මාසෙට අපේ යාලුවෝ 1700 කට වඩා ඇවිත් බ්ලොග් 1 බලලා තියෙනවා. මමත් බ්ලොග් සටහන් 18ක් විතර දාලා තියෙනවා. ඉතින් මගේ බ්ලොග් අඩවිය බැලුව, Comment කළ හැමෝටම ගොඩක්ම ස්තූතියි. ඔයාලාගේ Comments මට ලොකු ශක්තියක් වුනා දිගටම ලියන්න. කොහොමවුනත් දිගටම මාත් එක්ක රැඳිලා ඉන්න කියලා තමයි ඉල්ලන්නේ!

…අද නම් ඔයාලට දෙන්න යන්නේ නියම item එකක්. ඔයාලා ගොඩක් දෙනෙක් කැමති වෙයි මේකට. දැන් ගොඩාක් වෙලාවට හැම site එකකින්ම වගේ e-mail address එක ඉල්ලනවානේ අපිව verify කරගන්න, එයාලා එවන link එක click කළාම තමයි එයාලා අපිව verify කරගන්නේ. එතකොට e-mail address එක දීලත් බෑ නොදී ත් බෑ ඒ වගේ වෙලාවට. මොකද සමහර වෙලාවට ඔහොම දුන්නම ඊළඟට spam, newsletters එන්න පටන් ගන්නවා වක්කඩේ කැඩුවා වගේ. ඔන්න ඒ වගේ වැඩ වලට නියම විසඳුමක් මම ගෙනාවා.
…ඒකට විසඳුම තමයි pepbot. pepbot කියන්නේ disposable වර්ගයේ email address සපයන සේවාවක්. තේරුනේ නැද්ද මන්දා, ඒ කියන්නේ වරක් පාවිච්චි කරලා ඉවත දැමිය හැකි වර්ගයේ එකක්! Sign Up, Register එහෙම වෙන්න වුවමනාවක් නෑ මේකට. ඔයාලා කැමති නමක් එක්ක @pepbot.com කියලා email address එකක් හදාගෙන ඔයාට veryfy වෙන්නෝන site එකට දෙන්න. හරියට මෙන්න මේ වගේ ( lahiru@pepbot.com, me@pepbot.com).



එතකොට Register වුනා වගේ තමයි. ඔයාට ඕනේ තැනක ඔය email address එක දෙන්න. ඔය email address එකට ආව emails බලන්න ඕනෙනම් pepbot එකට log වෙලා email address එක enter කරන්න.



එතකොට ඒ emails බලන්න පුලුවන්.



හැබැයි ඔයාගේ පුද්ගලික දේවල් නම් ඒකට දාන්න එපා, මොකද ඔය account එකට Password නෑ හොඳද!!!
…හොඳම දේ කියන්නේ මේකයි... pepbot ඔයා වෙනුවෙන් එන verification links පවා automatically click කරන්න ලෑස්තියි. ඒකට ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි. ඔයාගේ හදාගත්ත e-mail address එක මැදට -a එකතු කරන්න විතරයි. උදහරණයක් විදියට Me-a@pepbot.com, lahiru-a@pepbot.com වගේ!



ඔයාට තියෙන්නේ ඔහේ පැත්තකට වෙලා ඉන්නයි ඒ ගැන හිතන්නෙ නැතුව!!! මේකෙ උපරිම වශයෙන් e-mails 10ක් store වෙනවා. හැබැයි ඒවා පැය දෙකකින් ඉබේම delete වෙනවා. ඔන්න ඔය වගේ features තමයි pepbot අපිට දෙන්නේ. කොහොම උනත් ඔයාලත් try කරලා බලන්නකෝ කොහොමද කියලා. මොනාහරි ප්‍රශ්නයක් නම් Comment කරන්න හොඳද! තව විනාඩියක් ඉඳලා post එක ගැන Comment එකකුත් දාලම යන්න හොඳද!!!

0 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඈ.... රු 100 ක Current reload එකක්... !




ගොඩක් දෙනෙකුට මතක ඇතිනේ අනර්කලී මන්ත්‍රී තුමිය රමේෂ් අයියාගෙන් රුපියල් පනහක reload එකක් ඉල්ලන වෙළඳ දැන්වීම... ඒ වුනාට මේ කියන්න යන්නේ අනර්කලී ගැන කතාවක් නෙවෙයි, reload ගැන කතාවක්. ලංකාවේ අපට නම් පෙර ගෙවුම් දුරකථන සබඳතා හොඳට හුරුයි නේ නේද? ඔන්න අපේ විදුලියත් පෙරගෙවුම් කරන්න යනවාලු...
…මේක මුලින්ම නියමු ව්‍යාපෘතියක් විදියට කොළඹ නාගරික ප්‍රදේශයේ කරන්න විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය බලාපොරොත්තු වෙනවා. වැඩේ වෙන්නේ මෙහෙමයි. වෙනදා නම් අපේ ගෙදරට meter reader කෙනෙක් ඇවිල්ලා මේ සැරේ මනුවෙන් ගියසැරේ මනුව අඩු කරලා මේ මාසේ වැය වුණු විදුලි ප්‍රමාණය හොයාගෙන එයාලගේ සටහනකට අනූව අපිට Bill එක ලැබෙනවානේ. නමුත් මේ විදුලි පෙර ගෙවුම් මීටර ක්‍රියා කරන්නේ සංඛ්‍යාංක හෙවත් digital ක්‍රමයටයි. සවිකළාට පස්සේ ඍජුවම විදුලිබල මණ්ඩලයට පුලුවන් ඒකෙ ක්‍රියාකාරීත්වය මෙහෙයවන්න. අපි රු 500ක හරි 1000 ක හරි විදුලිය reload කලා කියලා හිතන්න, එතකොට අපිට පුලුවන් ඒ මුදල ඉවරවෙනකල්ම ඊට අදාළ විදුලි ප්‍රමාණය භාවිතා කරන්න. ඒ මුදල අවසන් වූ වහාම ස්වයංක්‍රීයවම විදුලිය විසන්ධි වෙන්නත් නැවත reload කළ විට ක්‍රියාත්මක වෙන්නත් හැකියාව ඊට තියෙනවා. එතකොට අපිටම දැනගන්න පුලුවන් අපේ විදුලිය භාවිතය කොයිවගේද,මොනවගේ වෙලාවටද වැඩියෙන් විදුලිය වැයවෙන්නේ කියලා නේද? මෙයින් බලාපොරොත්තු වෙන ලොකුම අරමුණ තමයි බලශක්ති සංරක්ෂණයට මිනිස්සු පුරුදු කරන එක.....
…විදුලිය නිසා සාමාන්‍යයෙන් වෙන්නේ අපේ සාක්කු හිස් වෙන එකනේ. නමුත් අපිට කීයක් හරි හොයාගන්න විදියකුත් විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දෙන්න යනවා Net meter System මඟින්. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ ගෙදර වහළේ තියෙනවානම් සූර්ය පැනලයක්, ඒකෙ ජනනය වෙන විදුලි ප්‍රමාණය අපේ පරිභෝජනයට වැඩිනම් අපිට පුලුවන් ඒ වැඩිපුර විදුලි ප්‍රමාණය විදුලිබල මණ්ඩලයට විකිණීමට. (මම දන්න විදියට කුඩා ජල විදුලි බලාගාර ආශ්‍රිතව මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා ). මේ වගේ දෙයක් හඳුන්වා දීම තුලින් අනාගතයේ ඇතිවෙතැයි අපේක්ෂා කරන බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න අපේ අයව දිරිමත් කරන්න පුලුවන් කියලා මටනම් හිතෙනවා. මොකද, මේ වගේ පුනර්ජනනීය සම්පත් තවමත් ලංකාව සාර්ථක විදියට කළමණාකරණය කරනවා දකින්න නැතිනිසා. නමුත් තවමත් මේ ක්‍රමය පරීක්ෂණාත්මක මට්ටමේ තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි අපේ විදුලු බල පද්ධතියට තවමත් තීරක ක්‍රමවේදයක් පාවිච්චි වෙන්නේ නැතිනිසා. ඒ කියන්නේ ප්‍රධාන පද්ධතියට පිටතින් විදුලිය අවශ්‍ය මොනවෙලාවටද, එහෙම අවශ්‍ය නැත්තේ මොනවෙලාවටද යන්න ස්වයංක්‍රීයව නිර්ණය කිරිමේ හැකියාවක් නැතිකමයි.



…මෙයට විකල්පයක් විදියට තමයි Smart Meters සංකල්පය භාවිතා කරන්නේ. Smart Meters කියන්නේ විද්‍යුත් තාක්ෂණයට ICT(Info: & Comm: Technology) එකතුවීමයි. මේ සඳහා අවශ්‍ය කරන ප්‍රධාන උපකරණය තමයි Smart මීටරය. මෙයත් බැලූ බැල්මට සාමාන්‍ය විදුලි මීටරයක් වගේ පෙනුනට ඊට වඩා ලොකු වැඩ කොටසක් මෙමඟින් සිද්ධ කෙරෙනවා. ස්ථානයේ විදුලි පාරිභෝජනය කාලයත් සමඟම වඩාත් තොරතුරු සහිතව ලබාගැනීමේ හැකියාව ඊට තියෙනවා. එය අවසානයේ බිල්පත සෑදීම දක්වාම කාර්යක්ෂම පද්ධතියක්. Smart Meters ගැන තවදුරටත් දැනගන්න ඕනනම් මෙතැනින් යන්න. මේ වගේ පද්ධතියක් ස්ථාපිත කරන්න නම් විධිමත් රැහැන් පද්ධති, කාර්යක්ෂම බලශක්ති ප්‍රභව, පුනර්ජනනීය බලශක්තිය, තාක්ෂණය මේ හැමෝටමත් වඩා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍යයි. ඉතින් ලංකාව වගේ හැමදාමත් දියුණු වෙමින් පවතින රටකට මේ වගේ දෙයක් සිහිනයක්ම නොවන්නට නම් ලොකු කැපකිරීමක් හැමෝගෙන්ම අවශ්‍ය වෙනවා. කොහොම උනත් මේක නම් හරිම අපූරු අත්දැකීමක් වේවි නේද? මේ ගැන ඔයාලගේ අදහස් මොනවගේද කියලා පහළින් සටහන් කරලා යන්නත් අමතක කරන්නෙපා.( වැඩිම උනොත් තව විනාඩියක් යාවි ඒකට..... )

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

$ 30ක් ඉතුරු කරගන්න...!




මම කලිනුත් ඔයාලට pdf Converter එකක් ගෙනාවා මතක ඇතිනේ. ඒක බැලුවෙ නැත්නම් මෙතැනින් යන්න. මේ Software එක ඊට වඩා Advanced එකක්. කලින් Software එක කරදර ගොඩක් කියලා හිතෙනවා මේක පාවිච්චි කරද්දී. PDFZilla තමයි අපිට මේ පහසුකම දෙන්නේ. මේ Software එක අපට නොමිලේ ගන්න පුලුවන්, හැබැයි 2011 පෙබරවාරි 5 වෙනිදා වෙනකල් විතරයි ( ඒකයි $ 30ක් ඉතුරු කරගන්න කිව්වේ! ).
…මේ Software එකේ පහසුකම් ගොඩයි. ඒ අතර PDF files, MS Word Documents, Rich Text Documents, Plain Text Files, Images, HTML Files, Shockwave Flash SWF Files බවට ඉක්මනින් Graphical data සමඟම හරවා ගැනීමේ හැකියාව තියෙනවා.
…1 MB PDF file එකක් විනාඩි 5කින් විතර වගේ පුලුවන්.



…1. Convert PDF to Word - MS Word වලින් edit කරන්න.

2. Convert PDF to RTF - Wordpad වලින් edit කරන්න.

3. Convert PDF to TXT - Notepad වලින් edit කරන්න.

4. Convert PDF to Images - PDF ගොනු BMP, JPG, GIF, TIF files වලට හරවන්න.

5. Convert PDF to HTML - HTML වල Index file එකක් හදාගන්න.

6. Convert PDF to SWF - PDF ගොනුව Flash Animation file එකකට හරවන්න.

…මේ Software එක ඕනම Windows OS එකක් එක්කම වැඩ කරනවා වගේම ඉංග්‍රීසි වලට අමතරව ප්‍රංශ, ජර්මන්, ඉතාලි, ස්පාඤ්ඤ, Unicode එක්කත් වැඩ. නියමයි නේද? මෙතැනින් ගිහින් බාගන්න. ඊටපස්සේ සාමාන්‍ය විදියට install කරන්න. Register වෙද්දි registration code එකක් ඉල්ලයි, ඒ සඳහා 8061822TWDV6YUK දෙන්න. මතක ඇතුව පෙබරවාරි 5ට කලින් බාගන්න හොඳද!! .

…මොනාහරි අවුලක් නම් පහලින් කොටන්න. Comment කරන්නත් අමතක කරන්නෙපා.

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

පහසුවෙන් disk Write කරන්න ඕනෙ නම්....!



ඔන්න ඔයාලට ගෙනාවා පහසුවෙන් CD, DVD ඒ විතරක් නෙවෙයි Blue-ray පවා පහසුවෙන් Write කරගන්න පුලුවන් Software එකක්. මට සමහරවෙලාවට Nero 8 එක්ක වැඩ කරනකොට ලෙඩ දෙනවා. ඒ වගේ වෙලාවට මේ වගේ එකක් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. Hamster Free Burning Studio එක සම්පූර්ණයෙන්ම නොමිලේ දෙන එකක්. මේ Software එක Windows XP/Vista/7 (32 & 64 Bit) එක්ක හොඳින් වැඩ කරනවා. වැඩි කතා ඕනේ නෑ. මෙතැනින් බාගන්න.

…ඕනේ නම් පාටත් වෙනස් කරගන්න....



Software එක හොඳයි කියලා හිතෙනවනම් Comment කරන්නත් අමතක කරන්නෙපා.....

1 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Facebook සිය සේවා නවත්වයි....??



FaceBook කියන්නේ ලෝකෙ තියෙන ප්‍රසිද්ධ ම, ජනප්‍රිය ම Social Network එකනේ. ඒකේ account එකක් නැති කෙනෙක් හොයනවට වඩා ලේසියි මම හිතන්නේ පිදුරු ගොඩේ වැටුණු ඉඳිකටුවක් හොයන එක...ඒක කොහොමවුනත් මේ දවස්වල හැමතැනම වේගයන් පැතිරිලා යන දෙයක් ගැන කියන්නයි යන්නේ! ඔයාලා දන්නවා ඇතිනේ නේද අළුත්ම ආරංචිය ? Facebook මේ අවුරුද්දේ මාර්තු 15 දා ඉඳලා ඔවුන්ගේ සේවා නවත්වන්න යනවා කියලා. ඒක හරියටම ඇත්තද බොරුද කියලා කියන්න මම දන්නේ නෑ. නමුත් Mark Zuckerberg එහෙම මොනවා හරි කියලා තියෙනවා.

FaceBook ජාලය ඔහුගේ පාලනයෙන් ගිලිහී යමින් තිබෙන බවත්,මේ නිසා ඔහුට ඇතිවූ ආතතිය ඔහුගේ ජීවිතය විනාශ කළ බවත් මේ සියල්ලටම තිත තැබීමට කාලය එලඹ ඇති බවත් PALO ALTO හී ඔහුගේ කාර්යාලයේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ඔහු කියා තිබෙනවා.

“Facebook has gotten out of control,” “and the stress of managing this company has ruined my life. I need to put an end to all the madness.”


මෙය මාර්තු 15 සිට ආරම්භ වන බවත් එයින් පසු කිසිවෙකුට හෝ තමන්ගේ account සඳහා පිවිසිය නොහැකි බවත් ඔහු තවදුරටත් පවසනවා. Facebook හී තාක්ෂණික කටයුතු පිළිබඳ උප සභාපති said Avrat Humarthi පවසන්නේ ඊට පෙර ඔබගේ පුද්ගලික දෑ Facebook තුලින් ලබාගත යුතු බවයි.

“After March 15th the whole website shuts down,”“So if you ever want to see your pictures again, I recommend you take them off the internet. You won’t be able to get them back once Facebook goes out of business.”

තවදුරටත් Mark Zuckerberg මෙලෙස පවසනවා.

“I personally don’t think it’s a big deal,” he said in a private phone interview. “And to be honest, I think it’s for the better. Without Facebook, people will have to go outside and make real friends. That’s always a good thing.”

බොහෝ FaceBook රසිකයින් මෙයින් කැළඹී සිටියත් දෙමාපියන්ට නම් සැනසුම් සුසුම් හෙලිය හැකි කාරණයක් වනවාට මෙය නොඅනුමානය. මූල්‍යමය අතින් බැලූ කල පවා FaceBook අංක එකේ සාර්ථක ව්‍යාපාරයක් ලෙස ඉහළ ස්ථානයක වැජඹෙයි. එහි වර්තමාන මූල්‍යමය වත්කම තක්සේරු කර ඇත්තේ ඩොලර් බිලියන 7.9 කටයි.
නමුත් Mark Zuckerberg පවසන්නේ....

“I don’t care about the money, I just want my old life back.”

FaceBook සමාගම බලාපොරොත්තු වෙන්නේ රසිකයින් ඔවුන්ගේ වටිනා කියන දෑ මාර්තු 15ට පෙර ඉවත් කරගනු ඇති බවයි. එයි පසු පුද්ගලික තොරතුරු, ඡායාරූප, සටහන් සියල්ල ස්ථීරවම මකා දමන බවයි ඔවුන් පවසන්නේ..

පසුවදන :

නමුත් FaceBook හී සන්නිවේදනය පිළිබඳ අධ්‍යක්ෂවරයා වන Larry Yu පවසන්නේ මෙය බොරුවක් බවයි...මෙය පතුරුවන්නේ, ළඟදී සිදුවනවා යැයි කියන පිටසක්වල ප්‍රහාරයක් ගැන හා Michelle Obama ගේ ගර්භණී බව ගැන පුවත් පළකිරීම FaceBook ජාලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ තවත් වෙබ් අඩවියක් විසින් යැයි ඔහු පවසයි. ඒ ගැන කියවන්න මෙතැනින් යන්න. කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියලා FaceBook දෙයියෝ තමයි දන්නේ....
මේ ගැන ඔයාලගේ අදහස් මොනවද කියලත් පහළින් කොටලා යන්නකෝ....

…ප:ලි: මෙය Satire news එකක් බව කාරුණික ව සලකන්න. ඒ කියන්නේ රටේ ලෝකේ මිනිස්සු ගොනාට අන්දවන්න පල කරන ජාතියේ එකකි!

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

pdf වලට වැඩක් දෙමු...!




ගොඩාක් ප්‍රයෝජනවත් දෙයක් වගේ නේද? බයවෙන්න එපා, සල්ලි ගෙවන්න ඕන නෑ. ඒ නිසාමයි මම ගෙනාවෙත්. අපේ Programming කරන යාළුවන්ට තමයි මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද, ගොඩක් e books තියෙන්නේ pdf format එකෙන් නේ, code එකක් වුනත් copy කරන්න බෑනෙ එතකොට. වරු ගාණක් කොටලා බලන්න ඕන test කරලා බලන්න වුනත්. Word document එකකට pdf එක එන නිසා වැඩේ ලේසියි. වැඩි කතා ඕන නෑ. Online conversions කරලා දෙන නිසා register වෙන්න එහෙම ඕනනෑ. මෙතැනින් යන්න



…1. ඔයාගේ pdf එක තියෙන තැන තෝරලා browse කරන්න.

…2. ඔයාට ඕන file format 1, ඒ කියන්නේ docx කියලා දෙන්න.

…3. ඔයාගේ e-mail address එක දෙන්න.

…4. Convert කරන්න.

…විනාඩි කිහිපයකින් ඔයාගේ in box එකට mail එකක් ඇවිල්ලා එයි link එකක් එක්ක. ඒක බාගත කරගන්න. දැන් ඔයාගේ වැඩේ හරි ඔන්න. මේ site එකෙන් pdf ->JPEG බවට, pdf -> Excel sheet එකක් වුනත් හරවන්න පුලුවන්. ඒ වගේ දෙයක් ගොඩාක් වැදගත් නැති නිසා දැම්මේ නෑ. ඕන කෙනෙක් ඉන්නවානම් Comment එකකින් අහන්නකෝ... කොහොමද වැඩේ, හොඳයි නම් Comment එකකුත් දාලා ම යන්න....
…ඔයාලට තෙරුවන් සරණයි...!

4 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

දෙන දේ හරියට දැනගෙන දෙන්න......



මේ සටහන කියවන්න පටන් ගන්න ඔයාට වඩා වෙනස් ම කෙනෙක් සටහන කියවලා ඉවර වෙද්දි ඉඳියි කියලා මට හිතෙනවා. අපි අපේ ජීවිතේ කරන සමහර දේවල් හරියට දැනගෙන කරන්න මේ සටහන උපකාරී වේවි කියලා හිතෙන නිසයි. අපි හැමෝම දානයක් පූජා කරලා ඇතිනේ නේද? නැත්නම් අඩුම තරමේ දානයකට සහභාගී වෙලා හරි ඇතිනේ. ගොඩක් දෙනෙකුට දානයක් කිව්වම මතක් වෙන්නේ ස්වාමින් වහන්සේලාට දෙන දානයක්නේ. එහෙම නේද? ඒත් ඒක එහෙමම විය යුතු නෑ. අපි සතෙකුට කෑම ටිකක් දුන්නත් හිඟන්නෙකුත්ට යම් මුදලක් දුන්නත් ඒකත් එක්තරා විදියක දානයක්. ඒක එහෙම වෙන්නේ අපි ඒ ගැන හිතන විදිය අනූව තමයි.

මේ ගැන ලස්සන කතාවක් තියෙනවා. මේක වුනේ බුදුරජාණන් වහන්සේගේ කාලේදී. උන් වහන්සේ කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයේ වැඩ ඉඳිද්දි සුළු මෑණියන් වන මහා ප්‍රජාපති දේවිය ඇවිත් වන්දනා කරලා උන්වහන්සේට මෙහෙම කිව්වා. "ස්වාමිනී, මේ වස්ත්‍ර යුගල මගේ අතින්ම නූල් කැටලා, වියලා මා විසින්ම පිළියෙල කළේ ඔබ වහන්සේටමයි, ඒ නිසා අනුකම්පා කරලා මේ වස්ත්‍ර පිළිගන්නා සේක්වා" එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. "පින්වත් ගෞතමිය සංඝයාට පූජා කරන්න, එවිට එය මටත් සංඝයාටත් පිදුවා වෙනවා" එවිට දෙවන තෙවන වතාවටත් ප්‍රජාපතිය වස්ත්‍ර පිළිගන්නා ලෙස ඉල්ලා සිටියා. එවිට ද බුදුරජාණන් වහන්සේ පෙර පරිදිම වදාළා.

ඒක අහගෙන ළඟ හිටිය ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රජාපතියගේ ගුණ සිහි කළා. "ස්වාමිනි, ප්‍රජාපතිය ඔබ වහන්සේට බොහෝ සේ උපකාරී උන කෙනෙක්, ඔබ වහන්සේ කුඩා කාලේදී කිරි පෙව්වා, හැදුවා වැඩුවා පෝෂණය කලා. ඒ වගේම ඔබ වහන්සේත් එතුමියට බොහෝ සේ උපකාර කලා. ඇය තෙරුවන් සරණ ගියේ ඔබ වහන්සේ නිසයි. ඇය පංච ශීලය ආරක්ෂා කරන්නේ ඔබ වහන්සේ නිසයි. ඇය චතුරාර්‍ය සත්‍යය ගැන සැකයෙන් මිදුනේ ඔබ වහන්සේ නිසයි. ඒ නිසා අනුකම්පා උපදවා එතුමියගේ මේ දානය පිළිගන්නා සේක්වා. " එවිට එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. "පින්වත් ආනන්දය ඒක එහෙමම තමයි කෙනෙක් යම් පුද්ගලයෙක් කරා පැමිණිලා තෙරුවන් සරණ ගියානම්, පංච ශීලය ආරක්ෂා කළානම්, චතුරාර්‍ය සත්‍යය ගැන සැකයෙන් මිදුනා නම් ඒ කෙනා විසින් අර පුද්ගලයාට මොනම ආකාරයකින් වත් කළගුණ දක්වලා අවසන් කරන්න බෑ "
බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා තවත් විග්‍රහ කරනවා ඒ ගැන මේ විදියට.

"පින්වත් ආනන්දය වෙන වෙනම දිය හැකි පුද්ගලික දාන දහ හතරක් තියෙනවා. ඒවා මේ විදියයි.

1. බුදුරජාණන් වහන්සේ උදෙසා දන් දෙනවා,
2. පසේ බුදුරජාණන් වහන්සේ උදෙසා දන් දෙනවා,
3. තථාගත ශ්‍රාවක රහතන් වහන්සේලා උදෙසා දන් දෙනවා,
4. අරහත් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් උදෙසා දන් දෙනවා,
5. අනාගාමි ශ්‍රාවකයන් උදෙසා දන් දෙනවා,
6. අනාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් උදෙසා දන් දෙනවා,
7. සකදාගාමි ශ්‍රාවකයන් උදෙසා දන් දෙනවා,
8. සකදාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් උදෙසා දන් දෙනවා,
9. සෝවාන් ශ්‍රාවකයන් උදෙසා දන් දෙනවා,
10. සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් උදෙසා දන් දෙනවා,
11. ශාසනයෙන් බැහැරව සිටින කාමයෙන් ඈත් වූ වීතරාගී කෙනෙකු උදෙසා දන් දෙනවා,
12. පෘථග්ජන සිල්වත් කෙනෙක් උදෙසා දන් දෙනවා,
13. පෘථග්ජන දුශ්ශීල කෙනෙක් උදෙසා දන් දෙනවා,
14. තිරිසන්ගත සතුන් උදෙසා දන් දෙනවා."

"පින්වත් ආනන්දය, දානය දෙන පුද්ගලයා තිරිසන්ගත සතුන් උදෙසා දන්දීලා සියගුණයක දාන ආනිසංසයක් කැමති විය යුතුයි. පෘථග්ජන දුශ්ශීල කෙනෙක් උදෙසා දන්දීලා දහස් ගුණයක දාන ආනිසංසයක් කැමති විය යුතුයි. පෘථග්ජන සිල්වත් කෙනෙක් උදෙසා දන්දීලා ලක්ෂ ගුණයක දාන ආනිසංසයක් කැමති විය යුතුයි. ශාසනයෙන් බැහැරව සිටින කාමයෙන් ඈත් වූ වීතරාගී කෙනෙකු උදෙසා දන්දීලා කෝටි ලක්ෂ ගුණයක දාන ආනිසංසයක් කැමති විය යුතුයි. සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් උදෙසා දන්දීලා අප්‍රමාණ දාන ආනිසංසයක් කැමති විය යුතුයි....ඒ ඒ ආකාරයෙන් බැලූ විට බුදුරජාණන් වහන්සේ උදෙසා දන් දීලා ලැබෙන ආනිසංස ගැන කවර කතාද? "

හිතාගන්නත් අමාරුයි නේද? හොඳම දේ දැනගන්න වෙන්නේ ඊළඟ කොටස කියවලයි.

"පින්වත් ආනන්දය, සංඝගත දක්ෂිණා හතක් තියෙනවා. ඒවා මෙසේයි.

1. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී මහා සංඝයාට,
2. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ විට භික්ෂු භික්ෂුණී මහා සංඝයාට,
3. භික්ෂු මහා සංඝයාට,
4. භික්ෂුණී මහා සංඝයාට,
5. මට සංඝයාට උදෙසා මෙපමණ භික්ෂු භික්ෂුණී සංඝයා වඩමවා දෙන්නැයි කියා දන්දීම,
6. මට සංඝයාට උදෙසා මෙපමණ භික්ෂු සංඝයා වඩමවා දෙන්නැයි කියා දන්දීම,
7. මට සංඝයාට උදෙසා මෙපමණ භික්ෂුණී සංඝයා වඩමවා දෙන්නැයි කියා දන්දීම

මේ තමයි සංඝගත දක්ෂිණා හත"

මේත් එක්කම බුදුරජාණන් වහන්සේ හරිම අපූරු දෙයක් දේශනා කරනවා. අනාගතයේදී මේ ශාසනය අපවිත්‍ර කරන කසාවත පමණක් දරා සිටින පවිටු ගුණ ඇති දුස්සීලයන් පහළ වෙනවා. ඉතින් ඒ දුසිල් සංඝයා උදෙසා පවා මිනිස්සු දන් දෙනවා. ඒ අතීතයේ සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කාශ්‍යප ආදි මහ තෙරවරුන්ගේ පටන් පැවත එන භික්ෂු භික්ෂුණී මහා සංඝයා උදෙසා මේ දානය පූජා කරනව කියන අදහසින් එකල වුනත් දෙන දානය අප්‍රමාණ ආනිසංස සහිතයි කියලා. වැදගත් ම දේ උන් වහන්සේ දේශනා කරන්නේ මේ විදියට.

"පින්වත් ආනන්දය, මම කිසින ක්‍රමයකින් සංඝයා උදෙසා දෙන දානයට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල මහානිසංසයි කියලා කියන්නේනෑ. "

එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රජාපතිය යොමු කරවන්න හැදුවේ මහත්ඵල මහානිසංස ලැබෙන දානයකටයි. ඒ බුදුරජාණන් වහන්සේ මහා කාරුණික නිසයි. අපි වුනත් දානයක් පූජා කරද්දී පුද්ගලිකව පූජා කරනවට වඩා මේ කරුණු ගැන දැනගෙන ඒ දේ පින් ගොඩක් රැස් වෙන ආකාරයට මහා සංඝයා වෙනුවෙන්ම පූජා කරන එක තමයි වඩා සුදුසු. අපි උනත් සතෙකුට ,මනුස්සයෙකුට යමක් දෙනකොට ඒ දේ මේ වගේ ආනිසංස තියෙනවා කියලා සිහිකරගෙන දෙන්න. පසුවත් ඒ පින සිහි කරලා සතුටු වෙන්න. ඒ සතුට කවදාවත් මුදලට ගන්න බෑනේ නේද? ඒ වගේම තමයි අපි ඒ රැස් කරන පින අපේ සංසාර ගමන සැපවත් කරන්න බොහෝ සේ හේතුවෙනවා.( අපි මේ විදියට මනුෂ්‍ය ආත්මයක් ලබලා මේ විදියට මේ මොහොත ගත කරන්නෙත් සංසාරේ අපි විසින් කළ පින් නිසයි, හැබැයි මේ පින් කියන දේ ක්ෂය වෙනවා කියලත් මතක තියාගන්න. )

මම මේ වටිනා දහම් කරුණු උපුටා ගත්තේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ විසින් සිංහලයට පරිවර්තනය කරන ලද සූත්‍ර පිටකයට අයත් මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකයට අයත් දක්ඛිණාවිභංග සූත්‍ර දේශනාවෙන්. උන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා...! සටහන නම් ට්කක් දිග වැඩි වුනා, කමක්නෑ ඔයාලා මොනවාහරි අළුතින් ඉගෙනගන්න ඇතිනේ. ඔයාලට මොනාහරි දෙයක් දැනගන්න තියෙනවානම් Comment 1ක් විදියට එකතු කරන්නකෝ. මේ සටහන ගැන ඔයාලගේ අදහස් දක්වන්නත් අමතක කරන්නෙපා හොඳද.......
ඔයාලට තෙරුවන් සරණයි...!

8 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ක්‍රිකට් පිස්සෝ ඉන්නවද.....!



හික් හික්.... වෙනදා ලියන ලිපි වලින් වෙනස් ම ආරක් ගත්ත දෙයක් ගැනයි මේ ලියන්න යන්නේ!!! අම්මෝ.. ක්‍රිකට්! මම ආසම මාතෘකා වලින් එකක් තමයි මේ. ඉතින් මං වගේ තව ක්‍රිකට් පිස්සෝ ඉන්නවා ඇතිනේ කොයිතරම්වත්! පොඩි කාලේදි නම් අම්මාගෙන් අප්‍රමාණ බැනුම් අහලා ඇති පාඩම් කර කර ඉද්දි TV එකේ යන match හොරෙන් බලන්න ගිහින් මාට්ටු වෙලා. (රෑ වෙලා නම් අම්මා නිදාගත්තම Mute කරලා බලන එක වෙනම කතාවක්! ) ඒත් අම්මාට බැනලා නම් එපා වෙන්න ඇති, ඇයි කී දෙනෙකුට කියලා බනින්නද? අප්පච්චියි අයියලා දෙන්නයි මමයි ඇස්පිල්ලන් ගහන්නෙත් නැතුව match 1 බලාන ඉද්දි එක එක්කෙනාට වෙන වෙනම බැන්නත් ඇහෙන්නෑනේ!!!
… කොහොමහරි දැන් කියන්න යන්නේ IPL ගැන කතාවක්. IPL ක්‍රීඩක වෙන්දේසිය ජනවාරි 8-9 දෙදින ඉන්දියාවේ බැංගලෝරයේදී පැවැත්වුනා. ක්‍රීඩකයන් 139ක් කණ්ඩායම් 10ක් අතරේ මිලදී ගැනුනා. එහිදී ඉන්දීය ක්‍රීඩක ගෞතම් ගම්භීර් තමයි වැඩිම මිලකට වෙන්දේසි වුනේ. ඒ ඩොලර් මිලියන 2.4 කට. මහේල ජයවර්ධන, මුත්තයියා මුරලිදරන්, ඇන්ජලෝ මැතිව්ස්, කුමාර් සංගක්කාර වගේ අපේ අයටත් ලොකු මිලක් ලැබුනා. දන්නවානේ කලින් තිබුන කණ්ඩායම් 8ට අමතරව තවත් කණ්ඩායම් දෙකක් IPL 4 තරඟාවලියට එකතු වුනා කියලා. ඒ Kochi Bruisers හා Pune Worriors කියන කණ්ඩායම්. මේ තරඟාවලිය පැවැත්වෙන්නේ මෙවර අප්‍රේල් 8 ඉන්දියාවේ දි ...

…මේ විදියට තමයි කණ්ඩායම් වල ක්‍රීඩකයෝ මිලදී ගත්තේ...

1. …Chennai Super Kings

වියදම් කළ මුදල : $8.6 million

…පිතිකරුවෝ

…Suresh Raina (retained), M Vijay (retained), Michael Hussey ($425,000), S Badrinath ($850,000), George Bailey ($50,000), MS Dhoni (retained-WK), Wriddhiman Saha(WK) ($100,000)

පන්දු යවන්නෝ

Doug Bollinger ($700,000), R Ashwin ($850,000), Ben Hilfenhaus ($100,000), Joginder Sharma ($150,000), Nuwan Kulasekara ($100,000), Sudeep Tyagi ($240,000), Suraj Randiv ($80,000), Faf du Plessis ($120,000)

තුන් ඉරියව්

Albie Morkel (retained), Dwayne Bravo ($200,000), Scott Styris ($200,000)

…2. Deccan Chargers

වියදම් කළ මුදල : $6.88 million

…පිතිකරුවෝ

Kevin Pietersen ($650,000), Cameron White ($1.1m), JP Duminy ($300,000), Shikhar Dhawan ($300,000), Michael Lumb ($85,000), Kumar Sangakkara (WK)($700,000)

පන්දු යවන්නෝ

Ishant Sharma ($450,000), Dale Steyn ($1.2m), Pragyan Ojha ($500,000), Amit Mishra ($300,000), Manpreet Gony ($290,000), Chris Lynn ($20,000), Rusty Theron ($85,000)

තුන් ඉරියව්

Dan Christian ($900,000)

…3. Delhi Daredevils

වියදම් කළ මුදල : $8.25 million

…පිතිකරුවෝ

Virender Sehwag (retained), David Warner ($750,000), Aaron Finch ($300,000), Venugopal Rao ($700,000), Travis Birt ($20,000), Colin Ingram ($100,000), Naman Ojha(WK) ($270,000), Matthew Wade (WK)($100,000)

පන්දු යවන්නෝ

Morne Morkel ($475,000), Ajit Agarkar ($210,000), Ashok Dinda ($375,000), Umesh Yadav ($750,000), Robert Frylinck ($20,000)

තුන් ඉරියව්

Irfan Pathan ($1.9m), James Hopes ($350,000), Roelof van der Merwe ($50,000), Andrew McDonald ($80,000)

…4. Kings XI Punjab

වියදම් කළ මුදල : $6.95 million

…පිතිකරුවෝ :

Shaun Marsh ($400,000), David Hussey ($140,000), Adam Gilchrist (WK)($900,000), Dinesh Karthik (WK)($900,000)

පන්දු යවන්නෝ :

Stuart Broad ($400,000), Praveen Kumar ($800,000), Ryan Harris ($325,000), Piyush Chawla ($900,000), Nathan Rimmington ($20,000)

තුන් ඉරියව් :

Abhishek Nayar ($800,000), Dimitri Mascarenhas ($100,000)


…5. Kochi Bruisers

වියදම් කළ මුදල : $7.79 million

…පිතිකරුවෝ :

Mahela Jayawardene ($1.5m), VVS Laxman ($400,000), Brad Hodge ($425,000), Owais Shah ($200,000), Michael Klinger ($75,000), Brendon McCullum (WK)($475,000), Parthiv Patel (WK)($290,000)

පන්දු යවන්නෝ :

Sreesanth ($900,000), RP Singh ($500,000), Muttiah Muralitharan ($1.1m), Ramesh Powar ($180,000), Vinay Kumar ($475,000), Steve O'Keefe ($20,000)

තුන් ඉරියව් :
Ravindra Jadeja ($950,000), Steven Smith ($200,000), Thisara Perera ($80,000), John Hastings ($20,000)


…6. Kolkata Knight Riders

වියදම් කළ මුදල : $8.57 million

…පිතිකරුවෝ :

Gautam Gambhir ($2.4m), Manoj Tiwary ($475,000), Eoin Morgan ($350,000), Brad Haddin (WK)($325,000)

පන්දු යවන්නෝ :

L Balaji ($500,000), Brett Lee ($400,000), Jaidev Unadkat ($250,000), James Pattinson ($100,000

තුන් ඉරියව් :

Yusuf Pathan ($2.1m), Jacques Kallis ($1.1m), Shakib Al Hasan ($425,000), Ryan ten Doeschate ($150,000)

…7. Mumbai Indians

වියදම් කළ මුදල : $8.52 million

…පිතිකරුවෝ :

Sachin Tendulkar (retained), Rohit Sharma ($2m), Aiden Blizzard ($20,000), Davy Jacobs (WK)($190,000)

පන්දු යවන්නෝ :

Harbhajan Singh (retained), Lasith Malinga (retained), Munaf Patel ($700,000), Clint McKay ($110,000)

තුන් ඉරියව් :

Kieron Pollard (retained), Andrew Symonds ($850,000), James Franklin ($100,000), Moises Henriques ($50,000)

…8. Pune Warriors

වියදම් කළ මුදල : $8.07 million

…පිතිකරුවෝ :

Robin Uthappa ($2.1m), Yuvraj Singh ($1.8m), Graeme Smith ($500,000), Callum Ferguson ($300,000), Time Paine (WK)($270,000)

පන්දු යවන්නෝ :

Ashish Nehra ($850,000), Murali Kartik ($400,000), Wayne Parnell ($160,000), Jerome Taylor ($100,000)

තුන් ඉරියව් :

Angelo Mathews ($950,000), Mitchell Marsh ($290,000), Jesse Ryder ($150,000), Nathan McCullum ($100,000), Alfonso Thomas ($100,000)

…9. Rajasthan Royals

වියදම් කළ මුදල : $6.02 million

…පිතිකරුවෝ :

Ross Taylor ($1m), Rahul Dravid ($500,000)

පන්දු යවන්නෝ :

Shane Warne (retained), Johan Botha ($950,000), Shaun Tait ($300,000), Pankaj Singh ($95,000)

තුන් ඉරියව් :

Shane Watson (retained), Paul Collingwood ($250,000)

10. Royal Challengers Bangalore

වියදම් කළ මුදල : $8.64 million

…පිතිකරුවෝ :

Virat Kohli (retained), Saurabh Tiwary ($1.6m), Cheteshwar Pujara ($700,000), Tillakaratne Dilshan ($650,000), Mohammad Kaif ($130,000), Luke Pomersbach ($50,000), Rilee Rossouw ($20,000), Jonathan Vandiar ($20,000), AB de Villiers (WK)($1.1m)

පන්දු යවන්නෝ :

Zaheer Khan ($900,000), Dirk Nannes ($650,000), Abhimanyu Mithun ($260,000), Charl Langeveldt ($140,000), Nuwan Pradeep ($20,000)

තුන් ඉරියව් :
Daniel Vettori ($550,000), Johan van der Wath ($50,000)

සනත් ජයසූරිය, සවුරව් ගංගුලි, ක්‍රිස් ගේල් වගේ ප්‍රසිද්ධ නම් දැරූ ක්‍රීඩකයොත් විවිධ හේතු නිසා වෙන්දේසි නොවූ අය අතර ඉන්නවා. බොහෝවිට ඔවුන් මේ තරඟාවලියට ක්‍රීඩා නොකරාවි. බලමු, චමින්ද වාස්, හර්ෂල් ගිබ්ස්, මාක් බවුචර්, ජේකබ් ඕරම්, ශිවනරීන් චන්ද්‍රපෝල් වැන්නන් ඉදිරියේදී හෝ කුමන හෝ කණ්ඩායමකට එකතු වේවිද කියලා........

3 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඇත්තටම මෙහෙමද-2 .



ජීවිතේ අපට අත්විඳින්න ලැබෙන සමහර දේවල් අපට පුදුම විදියේ දේවල් ජීවිතය ගැන කියලා දෙනවා කියලා කියන එක මට ගොඩාක් වෙලාවට හොඳටම දැනෙන දෙයක්. අපේ රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතන හා ඒවායේ ක්‍රියාකාරිත්වය ගැන මට හිතෙන දේවල් වැරදිද හරි ද කියන්න මම දන්නෙ නෑ. මම ඒ ගැන ලිව්ව සටහන බැලුවේ නැත්නම් මෙතැනින් ගිහින් බලන්නකෝ. හැමෝටම ඒ හා සම්බන්ධ අපූරු අත්දැකීම් ඇති කියලා මට හිතෙනවා. ඒවගේ දේවල් ගැන තවදුරටත් කථා කරන්න කලින් මට හිතුනා අපේ රටේ නීතියේ ඉතිහාසය ටිකක් මතක් කරන්න. නීතියේ පසුබිම දැනගෙන ඉන්න එක කාටත් ප්‍රයෝජනවත් වෙයි නේද?
ඔයාලා දන්නවනේ ලංකාවේ තාමත් පවතින්නේ රෝම-ලන්දේසි නීතියයි කියලා. මේ නීති පද්ධතියට ඒ නම භාවිතා කරන්න හේතුව තමයි 17-18 වෙනි සියවසේ දී මේ රෝම නීතිය මුලින්ම භාවිතා කලේ නෙදර්ලන්තයේ දි නිසයි. නෙදර්ලන්තය 19 වෙනි සියවස ආරම්භයේදි රෝම-ලන්දේසි නීතිය ක්‍රියාත්මක කිරීම නතර කළත් තවමත් මේ නීති පද්ධතිය ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාව, ඉන්දුනීසියාව හා තවත් අප්‍රිකානු රටවල් කිහිපයක අධිකරණ වල භාවිතයට ගැනෙනවා! නෙදර්ලන්තය, ප්‍රංශයේ යටත් විජිතයක් බවට පත්වීම නිසා නෙදර්ලන්තයේ පැවතුනු රෝම-ලන්දේසි නීතිය, ප්‍රංශ නීතිය බවට ආදේශ වුනත් ඒ කාලයේ නෙදර්ලන්ත යටත් විජිතයක් වීම නිසා අපේ රටවල් වලට උරුම වුන රෝම-ලන්දේසි නීතිය නම් වෙනස් වුනේ නෑ. 1656 න් පසු ලංකාව පාලනය කළ ඕලන්ද ජාතිකයන් ඒ කාලයෙදීම වගේ මේ නීතිය අපට හඳුන්වා දුන්නා. 1796 දී බ්‍රිතාන්‍ය නැගෙනහිර ඉන්දීය සමාගම විසින් ලංකාවේ මුහුදුබඩ පළාත් අල්ලාගත්තට පසුව 1796 ජූනි 1 දා ස්ථිර ලෙසම දිවයිනේ අධිකරණ ස්ථාපිත කලා.
1815 දී සිදු වුන උඩරට ඇදවැටීමත් සමඟම මුලින් මුහුදුබඩ පළාත් වල පමණක් ක්‍රියාත්මක වුනු මේ රෝම-ලන්දේසි නීතිය මුලු රට පුරාමත් ක්‍රියාත්මක වෙන්න පටන්ගත්තා. ඉංග්‍රීසීන් ලංකාවේ නූතන සිවිල් පරිපාලනය, අධිකරණ පද්ධතිය ඇතිකළා වගේම ඒ කලේ වෙද්දි ව්විධ ජාතීන් අතර පැවතුනු චාරිත්‍ර වලටත් සැලකිල්ලක් දැක්වූවා නීති පැනවීමේදී. ඒකට හොඳම උදාහරණය තමයි 1801 දී ඔවුන් ගෙනා අධිකරණ පනත. එමඟින් එවකට උඩරට පළාතේ පැවති උඩරට නීතිය, යාපනය ප්‍රදේශයේ පැවති තේසවලාමෙයි නීතිය, මුසල්මානුවන් අතර තිබූ මුස්ලිම් නීති, පන්සල් දේවාලගම් නීතිය ආදියත් රෝම-ලන්දේසි නීතිය සමඟ බද්ධ වුනා. එවිට පරිපාලනයේ දුෂ්කරතා සමඟ නීතියේ ඇතිවුන සංකීර්ණ නොගැළපීම් ස්වභාවය නිසා ඉංග්‍රීසීන් ක්‍රම ක්‍රමයෙන් දේශීය නීති වෙනුවට ඔවුන්ගේ නීති, පද්ධතිය තුලට ඇතුල් කළා. ඊට හේතු වශයෙන් ඔවුන් දැක්වූයේ දේශීය නීති නිසි ලෙස සම්පාදනය(රචිත) නොවූ ඒවා බවයි.
…නමුත් උඩරට නීති පද්ධතියේ අන්තර්ගත ඇතැම් කරුණු අදටත් ලංකාවේ නීති පද්ධතිය තුල ක්‍රියාත්මකයි. ඒ විවාහය, දික්කසාදය, සංක්‍රමණය වගේ කරුණු සඳහා. මෙම නීති ලංකාව පුරා ඉන්න සිංහලයන්ටම නම් වලංගු වෙන්නේ නෑ, ඒක වලංගු වෙන්නේ උඩරට පළාතේ අයට පමණයි. උඩරට පළාතේ සිංහලයන්ට විවාහය සම්බන්ධයෙන් තෝරාගැනීම් දෙකක් ලැබෙනවා. ඒ උඩරට විවාහ හා දික්කසාද නීතිය යටතේ හෝ සාමාන්‍ය නීතිය යටතේ. ඔවුන් උඩරට නීතිය යටතේ විවාහ වුවහොත් එතැන් සිට ඒ හා සම්බන්ධ කාරණා වලදී ඔවුන්ට බලපවත්වන්නේ උඩරට නීතියයි. එහෙම වෙන්නේ ඒ අය උඩරට වෛවාහික සහ ප්‍රවේණිය පිළිබඳ ආඥා පනතට ඔවුන් යටත් වෙන නිසයි. සාමාන්‍ය නීතිය යටතේ විවාහ වුනොත් ඒ අයට බලපාන්නේ සාමාන්‍ය නීතියයි. කොහොමද ඒ වැඩේ......!!!!
…ඔන්න ඔහොමයි ඒ ඒ දේවල් ඒ කාලේ වෙලා අද දක්වා පවතින මේ නීති පද්ධතිය විකාශනය වෙලා තියෙන්නේ. කොහොම වුනත් ඊළඟ බ්ලොග් සටහනෙන් මේ ගැන තවත් දේවල් කියන්න බලාපොරොත්තු වෙනවා. මේ ගැන කියවලා හොඳයි කියලා හිතෙනවනම් Comment 1ක් දාලා යන්නත් අමතක කරන්නනෙපා!!!!
…ඔයාලට තෙරුවන් සරණයි.

1 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

Email Signature එකෙන් හැඩ වෙමුද?



ආහ්... කවුද අකමැති හැඩ වෙන්න නේද? අපිත් හැඩ වෙලා අපේ කියන දේවලුත් ලස්සන කරගත්තම කොයිතරම් අපූරුවට තියේවිද නේද? ඒ නිසාම මම අද කියන්න යන්නේ අපූරු දෙයක් ගැන. ඒ අපේ gmail account 1 ට ලස්සන Signature 1ක් එකතු කරන විදිය ගැන. අපි කාට හරි යවන e mail 1ක් ලස්සනට යවන්න පුලුවන් ක්‍රමයක් මේ. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති, ඒත් මේ නොදන්න යාලුවෝ වෙනුවෙනුයි.

…මුලින්ම කරන්න ඕන දේ තමයි ලස්සන Signature 1ක් නිර්මාණය කරගන්න එක. ඒ වැඩේ Photoshop වලින් තමයි කරගන්න වෙන්නේ. තමන්ට ඕන නම් අපි ගැන කෙටි හැඳින්වීමකුත් එක්කම මේ වැඩේ Photoshop වලින් ලස්සනට කරගන්න පුලුවන්. font size1 6pt/7pt වගේ දුන්නනම් ඇති. Image1 save කරනකොට .jpg විදියට save කරන්න අමතක කරන්නෙපා.(නැත්නම් Image quality 1 අඩු වෙන්න පුලුවන්! ).
ඊළඟ වැඩේ තමයි image 1 host කරගන්න 1. මේකට උවමනා වෙන්නේ free image hosting site1k. Picasa, Flicker වගේ sites මේ සඳහා සුදුසුයි. මම නම් පාවිච්චි කලේ Picasa. අපි blog වලට upload කරන images ගිහින් නතර වෙලා ඉන්නේ මෙතන තමයි!!! අපේ gmail account 1න්ම Picasa web album 1ට log වෙන්න පුලුවන් පහසුවෙන්ම. ඒ නිසා ආයේ අමුතුවෙන් accounts හද හදා ඉන්න ඕනෙත් නෑ. ඒක ලේසියි. Picasa 1 ට මෙතැනින් යන්න.

…ඉහළ මැද කෙළවරේ තියෙන Upload button1 click කරන්න. එතකොට එන window 1කේ අලුත් album 1ක් හදලා හෝ තියෙන album එකකට Image එක upload කරන්න. Image 1 upload වුනාට පස්සේ Image 1 මත right click කරලා Copy URL හෝ Page info ගිහින් එන URL එක Copy දෙන්න. දැන් වැඩේ හරි සෑහෙන දුරට! දැන් යන්න ඔයාගේ gmail account 1ට. Settings ගිහින් General tab එකේ Signature එක දෙන්න. ඊටපස්සේ Image icon 1 click කරන්න. පහළ රූපය බලන්නකෝ.

…දැන් එන dialog box එකේ URL 1 ඉල්ලන තැන right click කරලා Paste කරන්න. ඔයාලා වැඩේ හරියට කළා නම් ඒත් එක්කම පහළින් Image 1 දිස්වේවි! ඔයාලට ඕනෙනම් ඒ මත click කරලා ප්‍රමාණය එහෙමත් වෙනස් කරන්න පුලුවන්! දැන් OK කරලා Save Changes දෙන්න. දැන් වැඩේ ඉවරෙටම ඉවරයි!!!!!!! Compose mail ගිහින් බලන්නකෝ කොහොමද වැඩේ කියලා. නියමයි නේද!!!! මොනාහරි අවුලක් ආවොත් Comment 1 කින් ඒ ගැන කියන්නකෝ, මම උදව් කරන්නම්. වැඩේ නියමයි කියලා හිතෙනවානම් Comment එකක් දාන්න අමතක කරන්නෙපා!!!!!
…තෙරුවන් සරණයි.........

8 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !

ඇත්තටම මෙහෙමද.....?



පසුගිය කාලේ අහන්න ලැබුණු දේවල් ටිකක් නිසයි මේ වගේ සටහනක් තියන්න හිතුනේ. ඇත්තටම ලංකාවේ හැමෝටම එක හා සමාන විදියට යුක්තිය ඉෂ්ට වෙනවද? අපේ රටේ අධිකරණයේ ලකුණ පෙන්නුම් කරන හැටියටම! කිසිම උස් පහත් භේදයක් නැතුව එක සමානව ම? ම්ම්ම්ම්.... මට නම් හිතෙන්නෙ එහෙම ම නෑ කියලයි.(මේක මගේ පුද්ගලික මතය! ).
……මේ කථාව කියවලා බලන්නකෝ, හැමෝම දන්නවානේ කටුනායක තියෙන නිදහස් වෙලඳ කලාපය ගැන. අපේ රටේ සොයුරු සොයුරියෝ විශාල ප්‍රමාණයක්, විශේෂයෙන්ම සොයුරියෝ දහස් ගණනක් ශ්‍රමය හෙලනවා අපේ රට වෙනුවෙන්.(ගොඩාක් දෙනෙක් දන්නේ/හිතන්නේ නෑ එහි දහඩිය හෙලන්නෙත් අපේ රටේ අපි වගේම ම්නිස්සු කොටසක් කියලා) මෙහි ජීවිතය නම් ඇත්තටම කටුකයි. ලැබෙන වැටුපත් එක්ක ඔවුන්ගේ මූලික ඇවැසිකම් ඉටුකරගන්නත් පවා ලොකු වෙහෙසක් ගන්නවා. එහෙම අත්දැකීම් පවා තුරුළු කරන් ඔවුන් එහි දුක් විඳගෙන ජීවත් වෙන්නේ ඇත්තටම දුප්පත්කම නිසයි.
…එහි තිබෙන එක්තරා කර්මාන්ත ශාලාවක සේවය කරන තරුණියකට එහි ප්‍රධානියෙකුගෙන් ලිංගික හිංසනයක් සිදු වුනා. මේ ගැන පැමිණිලි කරන්න ළඟ තියෙන පොලිස් ස්ථානයකට ගියත් එහි ළමා හා කාන්තා අංශයක් තිබුනේ නෑ. පැමිණිල්ල භාරගන්න ආවේ වෙනත් අංශයක නිළධාරිනියක්. මේ ගැන ඇහුව ඒ නිළධාරිනිය කිව්වේ මෙහෙම කථාවක්. "මේ ළමයා... කලු ගලේ ඔලුව ගහගන්නේ නැතුව වෙන වැඩක් බලාගන්න". නීතිය රකින්න ඉන්න අයගේ උපදෙස් මෙහෙම නම් එතනින් එහාට දේ ගැන කවර කතාද? හැබැයි ඒ කථාවේ ඇත්තකුත් නැත්තෙම නෑ කියලාත් හිතෙනවා. රු 10000 ක විතර වැටුපක් ගන්න සේවිකාවකට පුලුවන්ද ආයතන ප්‍රධානියෙකුත විරුද්ධව නඩුවක් පවරන්න. හරි, නඩු පැවරුවා ම කියමු. ඒත් ඇයට හැකියාවක් තියෙනවද ඇය උපයන වැටුපත් එක්ක ඒ නඩුව දිගටම පවත්වාගෙන යන්න? ඇයට කරදරයක් නැතුව දිගටම රැකියාව කරගෙන යන්න ලැබේවිද? එතනයි ප්‍රශ්නය තියෙන්නේ.
…මම දන්න විදියට නඩුවක් නීතීඥයෙකුට භාර දීලා ඒක ගොනු කරන්න විතරක් ඉලක්කම් පහේ මුදලක් වැයවෙනවා. ඊටපස්සේ හැම නඩු වාරයකටම සැරයක් නීතීඥයාට, සාක්ෂිකරුවන්ට මුදල් ගෙවන්න වෙනවා, එහෙම වෙලත් නඩුව කිහිප සැරයක් කල් ගියොත් නම් දෙවියන්ගේම පිහිටයි. එහෙම තත්වයක් යටතේ කොහොමද සාමාන‍ය්‍ය කෙනෙක් නීතියත් එක්ක ගනුදෙනු කරන්නේ. ඒකයි මම කිව්වේ අපේ නීති පද්ධතියේ කොහේ හරි ගැටලුවක් තියෙනවා කියලා. කෙනෙකුට ලොකු මුදලක් වියදම් කරන්න පුලුවන් නම් දක්ෂ නීතීඥයෙක්, සාක්ෂිකාරයෝ ගොඩාක් ලේසියෙන්ම හොයාගන්න පුලුවන්. මේ දිහා බලන කෙනෙකුට මුදල් මත නීතිය දෝලනය වෙනවා වගේ කියලා පෙනුනොත් ඒක පුදුමයට කාරණයක් නෙවෙයි.
…උදාහරණයක් විදියට හිතන්න යතුරු පැදියක යනකොට මාර්ග නීති කඩ කිරීමකට අහුවෙලා අධිකරණයට යොමුකලා කියලා. ඒ වැරැද්ද පිලි අරන් දඩය ගෙවන්නත් නීතීඥයෙක් ඕන වෙනවා. ඒ වගේ දේයකදි වැරැද්ද පිලි අරන් දඩය ගෙවන්න ලොකු නීති දැනුමක් ඕන වෙන්නෙ නෑනේ නේද? ඒ වුනත් යථාර්ථය ඒකයි. එතකොට හරියටම බැලුවොත් දඩ දෙකයි නේද!!!!
…මේ දේවල් කොහොම වුනත් නොමිලේ නීති උපදෙස් ගන්න පුලුවන් විදියට නීති ආධාර කොමිසම කියලා දෙයකුත් හදලා තියෙනවා. හැම දිස්ත්‍රික්කයකම වගේ ඒකෙ කාර්යාලයක් තියෙනවා. ඒත් එහි කාර්යක්ෂමතාවය කොහොමද කියලා නම් මම දන්නෙ නෑ. ඒත් ඒක ලොකු සේවයක්.
…මේ දේවල් එක්ක බලද්දි අපේ රටේ ගොඩ දෙනෙක් තමන්ගේ ජීවිත කාලය ඇතුලතදි පොලිසියකට, උසාවියකට යන්න නම් ලැබෙන්නෙපා කියලා ප්‍රාර්ථනා කරන එකේ වැරැද්දක් වත් පුදුමයක් වත් නෑ නේද? ඔයාලට මේ ගැන මොනවද හිතෙන්නේ කියලා ප්‍රතිචාරයක් දීල ම යන්න.

5 දෙනෙකුට හිතුණ දේවල්:

Post a Comment

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !