Facebook සිය සේවා නවත්වයි....??


FaceBook කියන්නේ ලෝකෙ තියෙන ප්‍රසිද්ධ ම, ජනප්‍රිය ම Social Network එකනේ. ඒකේ account එකක් නැති කෙනෙක් හොයනවට වඩා ලේසියි මම හිතන්නේ පිදුරු ගොඩේ වැටුණු ඉඳිකටුවක් හොයන එක...ඒක කොහොමවුනත් මේ දවස්වල හැමතැනම වේගයන් පැතිරිලා යන දෙයක් ගැන කියන්නයි යන්නේ! ඔයාලා දන්නවා ඇතිනේ නේද අළුත්ම ආරංචිය ? Facebook මේ අවුරුද්දේ මාර්තු 15 දා ඉඳලා ඔවුන්ගේ සේවා නවත්වන්න යනවා කියලා. ඒක හරියටම ඇත්තද බොරුද කියලා කියන්න මම දන්නේ නෑ. නමුත් Mark Zuckerberg එහෙම මොනවා හරි කියලා තියෙනවා.

FaceBook ජාලය ඔහුගේ පාලනයෙන් ගිලිහී යමින් තිබෙන බවත්,මේ නිසා ඔහුට ඇතිවූ ආතතිය ඔහුගේ ජීවිතය විනාශ කළ බවත් මේ සියල්ලටම තිත තැබීමට කාලය එලඹ ඇති බවත් PALO ALTO හී ඔහුගේ කාර්යාලයේදී පුවත්පත් සාකච්ඡාවක් පවත්වමින් ඔහු කියා තිබෙනවා.

“Facebook has gotten out of control,” “and the stress of managing this company has ruined my life. I need to put an end to all the madness.”


මෙය මාර්තු 15 සිට ආරම්භ වන බවත් එයින් පසු කිසිවෙකුට හෝ තමන්ගේ account සඳහා පිවිසිය නොහැකි බවත් ඔහු තවදුරටත් පවසනවා. Facebook හී තාක්ෂණික කටයුතු පිළිබඳ උප සභාපති said Avrat Humarthi පවසන්නේ ඊට පෙර ඔබගේ පුද්ගලික දෑ Facebook තුලින් ලබාගත යුතු බවයි.

“After March 15th the whole website shuts down,”“So if you ever want to see your pictures again, I recommend you take them off the internet. You won’t be able to get them back once Facebook goes out of business.”

තවදුරටත් Mark Zuckerberg මෙලෙස පවසනවා.

“I personally don’t think it’s a big deal,” he said in a private phone interview. “And to be honest, I think it’s for the better. Without Facebook, people will have to go outside and make real friends. That’s always a good thing.”

බොහෝ FaceBook රසිකයින් මෙයින් කැළඹී සිටියත් දෙමාපියන්ට නම් සැනසුම් සුසුම් හෙලිය හැකි කාරණයක් වනවාට මෙය නොඅනුමානය. මූල්‍යමය අතින් බැලූ කල පවා FaceBook අංක එකේ සාර්ථක ව්‍යාපාරයක් ලෙස ඉහළ ස්ථානයක වැජඹෙයි. එහි වර්තමාන මූල්‍යමය වත්කම තක්සේරු කර ඇත්තේ ඩොලර් බිලියන 7.9 කටයි.
නමුත් Mark Zuckerberg පවසන්නේ....

“I don’t care about the money, I just want my old life back.”

FaceBook සමාගම බලාපොරොත්තු වෙන්නේ රසිකයින් ඔවුන්ගේ වටිනා කියන දෑ මාර්තු 15ට පෙර ඉවත් කරගනු ඇති බවයි. එයි පසු පුද්ගලික තොරතුරු, ඡායාරූප, සටහන් සියල්ල ස්ථීරවම මකා දමන බවයි ඔවුන් පවසන්නේ..

පසුවදන :

නමුත් FaceBook හී සන්නිවේදනය පිළිබඳ අධ්‍යක්ෂවරයා වන Larry Yu පවසන්නේ මෙය බොරුවක් බවයි...මෙය පතුරුවන්නේ, ළඟදී සිදුවනවා යැයි කියන පිටසක්වල ප්‍රහාරයක් ගැන හා Michelle Obama ගේ ගර්භණී බව ගැන පුවත් පළකිරීම FaceBook ජාලය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබූ තවත් වෙබ් අඩවියක් විසින් යැයි ඔහු පවසයි. ඒ ගැන කියවන්න මෙතැනින් යන්න. කවුරු ඇත්ත කියනවද බොරු කියනවද කියලා FaceBook දෙයියෝ තමයි දන්නේ....
මේ ගැන ඔයාලගේ අදහස් මොනවද කියලත් පහළින් කොටලා යන්නකෝ....

…ප:ලි: මෙය Satire news එකක් බව කාරුණික ව සලකන්න. ඒ කියන්නේ රටේ ලෝකේ මිනිස්සු ගොනාට අන්දවන්න පල කරන ජාතියේ එකකි!

4 comments:

  1. සහෝ මම දන්න විදියට නම්, මේක බොරැවක් කියල තමයි ආරංචිය.

    ReplyDelete
  2. මමත් හිතන්නේ ලණුවක් කියලා තමයි.. හික්ස් :g

    ReplyDelete
  3. අනේ මේක ඇත්තක්ම වෙයන්.

    ReplyDelete
  4. මේක බොරුවක් කියල තමයි මම හිතන්නේ .මොකද ලෝකයේ සුප්‍රසිද්ධ ආයෝජකයෙක් ඩොලර් බිලියන 500 ක් හා තවත් නම ප්‍රසිද්ධ නොවූ තවත් රුසියන් ආයෝජකයෙක් මෙවැනිම මුදලක් Facebook වෙත ඉතා මෑතකදී ආයෝජනය කරල තියෙනව.මේක නිකම්ම නිකම් කටකතාවක් විතරයි.අනිත් එක සමාගමක එහෙම තීරණ ගන්න බෑ.ඒකේ ආයෝජකයින්ගේ බහුතර කැමැත්ත නැතුව. මේකේ ඉන්න උප සභාපති ල හතර දෙනාගෙන් එක්කෙනෙක් ශ්‍රී ලාංකිකයෙක් ‘චමත් පලිහපිටිය‘ කියල. :D http://www.facebook.com/press/info.php?execbios

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !