ඈ.... රු 100 ක Current reload එකක්... !



ගොඩක් දෙනෙකුට මතක ඇතිනේ අනර්කලී මන්ත්‍රී තුමිය රමේෂ් අයියාගෙන් රුපියල් පනහක reload එකක් ඉල්ලන වෙළඳ දැන්වීම... ඒ වුනාට මේ කියන්න යන්නේ අනර්කලී ගැන කතාවක් නෙවෙයි, reload ගැන කතාවක්. ලංකාවේ අපට නම් පෙර ගෙවුම් දුරකථන සබඳතා හොඳට හුරුයි නේ නේද? ඔන්න අපේ විදුලියත් පෙරගෙවුම් කරන්න යනවාලු...
…මේක මුලින්ම නියමු ව්‍යාපෘතියක් විදියට කොළඹ නාගරික ප්‍රදේශයේ කරන්න විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය බලාපොරොත්තු වෙනවා. වැඩේ වෙන්නේ මෙහෙමයි. වෙනදා නම් අපේ ගෙදරට meter reader කෙනෙක් ඇවිල්ලා මේ සැරේ මනුවෙන් ගියසැරේ මනුව අඩු කරලා මේ මාසේ වැය වුණු විදුලි ප්‍රමාණය හොයාගෙන එයාලගේ සටහනකට අනූව අපිට Bill එක ලැබෙනවානේ. නමුත් මේ විදුලි පෙර ගෙවුම් මීටර ක්‍රියා කරන්නේ සංඛ්‍යාංක හෙවත් digital ක්‍රමයටයි. සවිකළාට පස්සේ ඍජුවම විදුලිබල මණ්ඩලයට පුලුවන් ඒකෙ ක්‍රියාකාරීත්වය මෙහෙයවන්න. අපි රු 500ක හරි 1000 ක හරි විදුලිය reload කලා කියලා හිතන්න, එතකොට අපිට පුලුවන් ඒ මුදල ඉවරවෙනකල්ම ඊට අදාළ විදුලි ප්‍රමාණය භාවිතා කරන්න. ඒ මුදල අවසන් වූ වහාම ස්වයංක්‍රීයවම විදුලිය විසන්ධි වෙන්නත් නැවත reload කළ විට ක්‍රියාත්මක වෙන්නත් හැකියාව ඊට තියෙනවා. එතකොට අපිටම දැනගන්න පුලුවන් අපේ විදුලිය භාවිතය කොයිවගේද,මොනවගේ වෙලාවටද වැඩියෙන් විදුලිය වැයවෙන්නේ කියලා නේද? මෙයින් බලාපොරොත්තු වෙන ලොකුම අරමුණ තමයි බලශක්ති සංරක්ෂණයට මිනිස්සු පුරුදු කරන එක.....
…විදුලිය නිසා සාමාන්‍යයෙන් වෙන්නේ අපේ සාක්කු හිස් වෙන එකනේ. නමුත් අපිට කීයක් හරි හොයාගන්න විදියකුත් විදුලිබල මණ්ඩලය විසින් හඳුන්වා දෙන්න යනවා Net meter System මඟින්. ඒක වෙන්නේ මෙහෙමයි. අපේ ගෙදර වහළේ තියෙනවානම් සූර්ය පැනලයක්, ඒකෙ ජනනය වෙන විදුලි ප්‍රමාණය අපේ පරිභෝජනයට වැඩිනම් අපිට පුලුවන් ඒ වැඩිපුර විදුලි ප්‍රමාණය විදුලිබල මණ්ඩලයට විකිණීමට. (මම දන්න විදියට කුඩා ජල විදුලි බලාගාර ආශ්‍රිතව මේ ක්‍රමය ක්‍රියාත්මක වෙනවා ). මේ වගේ දෙයක් හඳුන්වා දීම තුලින් අනාගතයේ ඇතිවෙතැයි අපේක්ෂා කරන බලශක්ති අර්බුදයට මුහුණ දෙන්න අපේ අයව දිරිමත් කරන්න පුලුවන් කියලා මටනම් හිතෙනවා. මොකද, මේ වගේ පුනර්ජනනීය සම්පත් තවමත් ලංකාව සාර්ථක විදියට කළමණාකරණය කරනවා දකින්න නැතිනිසා. නමුත් තවමත් මේ ක්‍රමය පරීක්ෂණාත්මක මට්ටමේ තමයි තියෙන්නේ. ඒකට හේතුව තමයි අපේ විදුලු බල පද්ධතියට තවමත් තීරක ක්‍රමවේදයක් පාවිච්චි වෙන්නේ නැතිනිසා. ඒ කියන්නේ ප්‍රධාන පද්ධතියට පිටතින් විදුලිය අවශ්‍ය මොනවෙලාවටද, එහෙම අවශ්‍ය නැත්තේ මොනවෙලාවටද යන්න ස්වයංක්‍රීයව නිර්ණය කිරිමේ හැකියාවක් නැතිකමයි.



…මෙයට විකල්පයක් විදියට තමයි Smart Meters සංකල්පය භාවිතා කරන්නේ. Smart Meters කියන්නේ විද්‍යුත් තාක්ෂණයට ICT(Info: & Comm: Technology) එකතුවීමයි. මේ සඳහා අවශ්‍ය කරන ප්‍රධාන උපකරණය තමයි Smart මීටරය. මෙයත් බැලූ බැල්මට සාමාන්‍ය විදුලි මීටරයක් වගේ පෙනුනට ඊට වඩා ලොකු වැඩ කොටසක් මෙමඟින් සිද්ධ කෙරෙනවා. ස්ථානයේ විදුලි පාරිභෝජනය කාලයත් සමඟම වඩාත් තොරතුරු සහිතව ලබාගැනීමේ හැකියාව ඊට තියෙනවා. එය අවසානයේ බිල්පත සෑදීම දක්වාම කාර්යක්ෂම පද්ධතියක්. Smart Meters ගැන තවදුරටත් දැනගන්න ඕනනම් මෙතැනින් යන්න. මේ වගේ පද්ධතියක් ස්ථාපිත කරන්න නම් විධිමත් රැහැන් පද්ධති, කාර්යක්ෂම බලශක්ති ප්‍රභව, පුනර්ජනනීය බලශක්තිය, තාක්ෂණය මේ හැමෝටමත් වඩා විශාල ප්‍රාග්ධනයක් අවශ්‍යයි. ඉතින් ලංකාව වගේ හැමදාමත් දියුණු වෙමින් පවතින රටකට මේ වගේ දෙයක් සිහිනයක්ම නොවන්නට නම් ලොකු කැපකිරීමක් හැමෝගෙන්ම අවශ්‍ය වෙනවා. කොහොම උනත් මේක නම් හරිම අපූරු අත්දැකීමක් වේවි නේද? මේ ගැන ඔයාලගේ අදහස් මොනවගේද කියලා පහළින් සටහන් කරලා යන්නත් අමතක කරන්නෙපා.( වැඩිම උනොත් තව විනාඩියක් යාවි ඒකට..... )

5 comments:

  1. මේකත් හැබැයි ඉතිං ඔය සමහර ජංගම දුරකථන සමාගම් කලා වගේ ජනතාව ගසා කන ක්‍රමයක් වෙයිද දන්නෙ නෑ. :p

    ReplyDelete
  2. පාඨලී උන්නැහේ සරම කටට අරන් කිව්වට මේක කරන්න නම් තව සෑහෙන කාලයක් යාවි. ඔය ෆෝන් කනෙක්ෂන් වලට කලා වගේ කපල් පැකේජ් එහෙම නැතිවෙයිද දන්නෙ නෑ නේද ?

    ReplyDelete
  3. ආසියවෙ ආශ්චර්ය

    ReplyDelete
  4. ව්හ්ජ් .-ල්ජ්ක්ම්.

    ReplyDelete
  5. දේශපාලන ඇගිලි ගැසීම් නැතිව ඉදිරි සැලසුමකට අනුව ක්‍රියාත්මක කලොත් වැඩේ හොදයි. නැත්නම් වෙන්නෙ පාරිබෝගිකයට කබලෙන් ලිපට වැටෙන්න වෙන එකයි..

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !