කලින් සටහනේ නැවැත්තුවේ, ලෝකයේ හිටිය බොහෝ දෙනා එකිනෙකා මරාගෙන විනාශ වුණ තැනින් නේ. අම්මා පුතා ව වත් පුතා අම්මාව වත්, තාත්තා දුවව වත් දුව තාත්තව වත් අඳුරාගන්නෙ නැතුව එකිනෙකා මරාගන්න එක කොයිතරම් නම් ශෝචනීය දෙයක් ද? කොහොම වුණත් ඒ දේවල් අනාගතයේ දි සිද්ධ වේවි කියලා හිතෙනවා දැන අහන දකින දේවල් වලින් පවා. ඒත් ඒ දේවල් සිදුවෙන එක නවත්වන්න කාටවත් බැහැනේ. ඉතින් මේ විනාශයෙන් සුළු පිරිසක් ඉතුරු වුණා කියලා මම කලින් කිව්වනේ, ඒ අය තමන්ගේ ආයුෂ අවුරුදු 80,000 ක් වෙනකල් වර්ධනය කරගත්තේ කොහොමද කියලයි මේ කියන්න යන්නේ.
මේ ඉතුරු වුණ පිරිස හරීම ප්‍රඥාවන්ත කොටසක්. ඒ අය මේ විනාශයෙන් පස්සෙ හුදෙකලා තැන්වලට ගිහිල්ලා කල්පනා කළා ඇයි මෙහෙම වුණේ කියලා. ඊට පස්සෙ ඒ අය මේ විදියට කල්පනා කරනවා. "අපි කිසිවකු නොමරමු, කිසිවෙක් අප නොමරත්වා! අපි තණ ලැහැප්වලට හෝ පඳුරු වලින් ගැවසීගත් ස්ථාන වලට හෝ ගස්වලින් ගැවසීගත් ස්ථාන වලට හෝ ගංගා මැද දූපත වලට හෝ කඳුමුදුන් වලට හෝ පැමිණ වනයෙහිවූ අල, මුල් පලවැල කා ජීවත් වන්නෙමු නම් යහපතැයි" එහෙම හිතලා ධාර්මික ව ජීවත් වෙන්න පටන් ගන්නවා. ඒත් එක්ක ම ඔවුන් තුළ කුසල් ධර්මයන් වැඩෙන්න පටන් ගන්නවා. අකුසල්, පව් දවසින් දවසම දුරුකරගන්නවා. ඒ නිසා ම ඒ අයගේ ආයුෂ, වර්ණය වැඩෙන්න පටන් ගන්නවා. කාලයක් ගියා ම මේ අයගේ පරමායුෂ අවුරුදු විස්ස දක්වා වැඩිවෙනවා. මේ විදියට කුසල ධර්මයන් පුරුදු කරගෙන අකුසල ධර්මයන් නැතිකරමින් තමන්ගේ ආයුෂ අවුරුදු දහස , විසිදහස, හතළිස්දහස අන්තිමේට අවුරුදු අසූදහස දක්වා ම වැඩිවෙනවා.
මිනිස්සුන්ට අවුරුදු 80,000ක් ආයුෂ ඇති කාලයේ දී ඒ අය කායික රෝගාබාධ වලින් තොරයි. කුසගින්න, නිදිමත සහ වයසට යෑම විතරයි ඒ අයට පවතින ආබාධ හැටියට කියන්නේ. ඒ කාලයේ දඹදිව අතිශයින් ම සමෘද්ධි සම්පන්නයි. සශ්‍රීකයි. ගම්, නියම්ගම්, ජනපද, රාජධානි එකිනෙකට සම්බන්ධ වෙලා තමයි පවතින්නෙ. මේ සියළු රාජධානි පාලනය කරන්නේ කේතුමතී රාජධානිය ප්‍රධාන කොටගෙන වාසය කරන සංඛ කියන සක්විති රජතුමා. දඬුවමකින් තොරව ඉතා ම ධාර්මික විදියට තමයි රජතුමා රාජ්‍යය පාලනය කරන්නේ. ඒ කාලෙදි දඹදිව් තලය කොයිතරම් මිනිස්සුන්ගෙන් පිරිලා ඉතිරිලා ගියාද කියනවානම් හරියට බට(උණ) කැලයක් වගේ හැමතැනකම මිනිස්සු හිටියා. හැම තැනක් ම ජනාවාස වෙලයි තිබුණේ. තවත් උපමාවක් කියනවා. නගර අසූහාරදහසකින් යුක්ත කේතුමතී රාජධානියේ එක කෙළවරකින් කුකුළෙක් වහළයකට නැග්ගොත් ඒ කුකුළාට කිසි ම කරදරයක් නැතුව වහළෙන් වහලෙට පනිමින් බිමට බහින්නෙ නැතුව ම නගර අසූහාරදහස හරහා ගිහින් එහා කෙළවරෙන් බිමට බහින්න පුළුවන් කියනවා. හරිම අපූරුයි නේද!
ඒ කාලෙදි තමයි මෛත්‍රී බෝසතාණන් කේතුමතී නුවර පහලවෙන්නේ. ඒ වෙද්දි සන්තුසිත දිව්‍යරාජයා නමින් තුසිත දිව්‍ය ලෝකයේ ඉපදිලා මතු බුද්ධත්වය ලැබීමේ අපේක්ෂාවෙන් වැඩ වාසය කරන මෛත්‍රී බෝසතාණන්ට මහා බ්‍රහ්මයා ඇවිත් "කාලෝ අයං තේ මහාවීරෝ.." ආදී වශයෙන් ආරාධනා කරනවා. මෛත්‍රී බෝසතාණන් පස්මහ බැලුම් බලලා දඹදිව කේතුමතී නම් රාජධානිය පාලනය කරන සංඛ නම් සක්විති රජතුමාගේ පුරෝහිතයා වුණු සුබ්‍රහ්ම බ්‍රාහ්මණයාට දාව බ්‍රහ්මවතී බැමිණියගේ කුසින් මෙලොවට බිහි වෙලා නා ගසක් බෝධි වෘක්ෂය බවට පත්කරගෙන උතුම් සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා මුල යහපත්වූ, මැද යහපත්වූ, අර්ථ සහිතවූ, ව්‍යඤ්ජන සහිතවූ, සර්ව සම්පූර්ණවූ බ්‍රහ්මචර්යය ප්‍රකාශ කරනවා. බොහෝ සංඝයා පිරිවරාගෙන ලෝසතුන්ට ධර්මය දේශනා කරනවා. මෛත්‍රී බුදුන් වහන්සේ ශ්‍රද්ධාධික බුදුවරයෙක් විදියට තමයි සැලකෙන්නෙ. ගෞතම බුදුන් වහන්සේ ප්‍රඥාධික බුදුවරයෙක්. අනිත් කොටස තමයි වීර්යාධික බුදුවරු. මේ බුදුවරු එකිනෙකට වෙනස් වෙන්නෙ බුද්ධත්වය සඳහා පෙරුම් පුරන කාල ප්‍රමාණය අනුවයි. සමහරු කියනවා මෛත්‍රී බුදුන් වහන්සේ වීර්යාධික බුදුවරයෙක් විදියට, අභිධර්මයේ සමහර කොටස් එක්ක ගලපලා බලද්දි මෛත්‍රී බුදුන් වහන්සේ ශ්‍රද්ධාධික බුදුවරයෙක් වීමත් එක්ක හොඳින් ගැලපිලා යනවා.
ඒ කාලෙදිම සංඛ කියන සක්විති රජතුමත් මහා පනාද කියන පෙර රජෙක් විසින් කරවන ලද ගංගා නදියේ ගිලී තිබුණු ප්‍රාසාදයක් මතුකරගෙන එහි කලක් වාසය කරලා ඒ ප්‍රාසාදය දුගී, මගී යාචකාදීන්ට දන්දීම පිණිස වෙන්කරලා ගිහිගෙයින් නික්මිලා මෛත්‍රී බුදුන් වහන්සේ සමීපයෙහි කෙස් රැවුල් කපා දමලා සිවුරු පොරවාගෙන ශාසනයට ඇතුළු වෙනවා. ඊටපස්සෙ උත්සහයෙන් ම ධර්මය අවබෝධ කරගෙන උතුම් වූ අර්හත් බවට පත්වෙනවා. ඔය විදියට තමයි මෛත්‍රී බුදුන් වහන්සේ ගේ පහලවීම සිද්ධවෙන්නෙ. ඒ සඳහා තව ගොඩාක් කල් තියෙනවා නේද හිතාගන්නත් බැරි තරම්! ඉතින් අපි මෛත්‍රී බුදුන් දැක නිවන් දකිනවාද නැත්තම් මේ ආත්මයේදී ම අවබෝධයක් කරා යනවාද කියන එක තම තම නැණ පමණින් තේරුම් ගන්න එක කියවන ඔබට බාරයි. මම කළේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ අනතුර පෙන්වා දීම පමණයි. සම්පූර්ණ සටහන් මාලාව කියවන්න ඕනෙ නම්
ප.ලි: අදින් මේ ලිපි පෙළ සමාප්තයි. ඔයාලා මේ සති කිහිපයක් තිස්සේ කියෙව්වේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ දීඝ නිකායේ තුන්වෙනි කොටසට අයිති චක්කවත්ති සීහනාද සූත්‍රයෙන් කොටසක්. මුලින් ම මේ කියන්නේ සූත්‍ර දේශනාවක් කියලා කිව්වනම් සමහරු නොකියවා යන්නත් තිබුණා, ඒකයි මුලින් නොකිව්වේ. උතුම් ශ්‍රී සද්ධර්මය සහ හසිතගේ ආගිය කතා බ්ලොගයත් මේ සටහන ලියන්න උපකාර වුණා. ඒ හැමෝටම පින්! අවුරුදු දෙදහස පන්සියයකට කලින් මේ දේවල් තම නුවණින් ම අවබෝධ කළ ගෞතම බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කොයිතරම් නම් ආශ්චර්යයවත් ද!
very good post! keep it up
ReplyDeleteThankz bro!
Deleteනොදැන හිටිය දේවල් ටිකක් ලහිරු අයියේ..
ReplyDeleteඒකමයි මම කිව්වෙත්!
Deleteමගේ අම්මෝ..තවත් අවුරුදු 80,000ක් ආයුෂ වර්ධනය වෙනකම් ඉන්න..!!පිස්සු හැදෙයි..
ReplyDeleteඉක්මනට කොහොම හරි කරලා නිවන් අවබෝධ කරගන්න ඕන..
ස්තුතියි ලහිරු..
ඇත්තටම කිව්වොත් මේක තමයි මේ පෝස්ට් එකේ spirit එක අක්කේ...තව summary එක කිව්වත් වැරැද්දක් නැහැ.
Deleteසිරාම සිරා...
ReplyDeleteඅර සෙට් එකම නියමයි...
තවත් මේ වගේ පෝස්ට් දාමු ඉස්සරහට...
එල ඈ...
ජයවේවා!!!!!!!!!!!
ම්ම්ම්... බලමු ඉස්සරහට විවේක තියෙන විදියට සහෝ!
Deleteනියමයි.. මරු ඈ..
ReplyDelete(y)
Deleteඉතාම වටිනා ලිපියක්.. මගේ අදහස නම් මේ බුද්ධ ශාසනයේදී නිවන් අවබෝධ කරගන්න උත්සාහ කරන එක හොඳයි කියන එකයි. බොහොම ස්තුතියි මේ කරුණු කියල දෙන එකට!!
ReplyDeleteලහිරු, මට පුංචි ගැටළුවක් ඇති වුනා..
//මිනිස්සුන්ට අවුරුදු 80,000ක් ආයුෂ ඇති කාලයේ දී ඒ අය කායික රෝගාබාධ වලින් තොරයි//
එතකොට මේ අය හැමෝම මිය යන්නේ ක්ෂණිකව ම ද..? මේ කාලෙත් ඉඳ හිට අහන්න ලැබෙන්නේ නින්දෙ දි එහෙම ගමන් මියගිය මිනිස්සු ගැන.ඒ වගේ.??
බොහොම ස්තුතියි සහෝදරයා පැහැදිලි කිරීමට!
Deleteක්ෂණිකව කියන වචනෙට වඩා, මිනිස්සු සාමාන්‍ය විදියට මහළු වෙලා මියයනවා කියලා හිතන්නකෝ... දැනටත් සමහර වයසක අය ඉන්නෙ කිසිම ලෙඩක් දුකක් නැතුව ස්වාභාවික විදියට ආයුෂ කෙළවර වෙලා මරණයට පත්වෙන. අන්න ඒ වගේ කියලා හිතමු සහෝ.
Deleteමේ කමෙන්ට් දෙක උඩ යට මාරු වෙලානේ. මං //බොහොම ස්තුතියි සහෝදරයා පැහැදිලි කිරීමට!// කියලා ලිව්වේ පැහැදිලි කිරීම කියෙව්වට පස්සේ. අනේ මන්දා බ්ලොගර් අවුලක් ද කොහෙද..!
Deleteනෑ නෑ ඒක බ්ලොගර් අවුලක් නෙවෙයි, මම ඒ මුල් කමෙන්ටුව ඉවත් කලා සමහර අකුරු හරියට ටයිප් වෙලා නැති නිසා, ඒකයි ඒක යටට ආවේ!
DeleteV.I. article. thanks.
ReplyDeleteyou are Welcome bro!
Deleteඅද කාලේ උනානම් කුකුලගේ පිහට්ටක්වත් ඉතිරි වෙන්නේ නැහැ
ReplyDeleteහරිම වැදගත් ලිපියක්.
ReplyDeleteඅවුරුදු 80, 000ක් ජීවත් වෙනවට වඩා නිවන් අවබෝධ කරගන්න එක හොඳයි වගේ.
පැහැදිලිව ම !
Deleteනියමම නියමයි.
ReplyDeleteමුල ඉදලම ආසාවෙන් කියෙව්වා.හොද දැනුමක් ලැබුවා.
තවත් මේ වගේ දේවල් දාන්න කියල ඉල්ලනවා.
ඔව්, එහෙම කරන එක අපි හැමෝටම වැදගත් වේවි කියලා මමත් හිතනවා.
Delete//කොහොම වුණත් ඒ දේවල් අනාගතයේ දි සිද්ධ වේවි කියලා හිතෙනවා දැන අහන දකින දේවල් වලින් පවා. ඒත් ඒ දේවල් සිදුවෙන එක නවත්වන්න කාටවත් බැහැනේ.//
ReplyDeleteඔයා දැන් රටේ තියෙන බෞද්ධ ප්‍රබෝධයට කැමති නෑ වගේ.බලන්නෙකො ගහක් ගලක් ගානෙ බුදු පිලිම හදනව,මහ ලොකු විහර ආරාම හදනව. බුදු හාමුදුරැවන්ට උනත් සැක හිෙතන්න පුලුවන් තමන් හරියට කාලය ද්වීපය දේශය බැලුවද කියල.
ලෝකෝත්තර(ලෝකෙයෙන් එතෙර)දේවල් දැන ගන්න මුලින්ම ලෝකය ගැන දැන ගන්න.
රටේ ඔය කියන තරම් ලොකු බෞද්ධ ප්‍රබෝධයක් තියෙනවා කියලා ඔබ කියනවා නම් මමත් සතුටුයි. හැබැයි ඒ දේ මනින්න හදන්නේ ගහක් ගලක් ගානෙ හදන බුදු පිලිම ,මහ ලොකු විහර ආරාම වලින් නම් ඔබට වැරදිලා. බුදුරජාණන් වහන්සේ කවදාවත් මේ භෞතික දේවල් වර්ණනා කළේ නැහැ. උන් වහන්සේ සතුටු වුණේ ප්‍රතිපත්ති පූජාවටයි.
Delete//බුදු හාමුදුරැවන්ට උනත් සැක හිෙතන්න පුලුවන් තමන් හරියට කාලය ද්වීපය දේශය බැලුවද කියල
මේ ගැන කියන්න තියෙන්නෙ කනගාටුයි ඔබ ගැන කියලා විතරමයි.
//ලෝකෝත්තර(ලෝකෙයෙන් එතෙර)දේවල් දැන ගන්න මුලින්ම ලෝකය ගැන දැන ගන්න
බොහොම ස්තූතියි ඔබතුමාගේ වටිනා උපදෙසට!!!
හැමදාමත් වගේ අදත් ලහිරුගෙන් හිත නිවෙන.. හිතන්න යමක් ඉතුරු කරපු පෝස්ට් එකක්....
ReplyDeleteහැබැයි හිතලා එහෙම ම අමතක කරලා දාන්න එපා සහෝ!
Deleteසිරාම සිරා...පට්ට......
ReplyDeleteනිවන් අවුබෝධ කරන එක දැන් හිතල දැන් ඉවර කර ගන්න පුළුවන් නම් හොඳයි. ඒත් දැන් ආරම්භ කලොත් ගෞතම බුදු සසුන පවතිදීම චතුරාර්ය සත්‍ය අවුබෝධ කර ගන්න පුළුවන්. වයස සීමාවක් නෑ. අද තමයි දවස. ඔයාට ගොඩාක් පිං.
ReplyDeleteඋත්සහය, කැපවීම තමයි වැදගත්. ඇත්තෙන් ම වයස සීමාවක් නැහැ, යමක් හිතන්න ශක්තිය යොදවන්න පුළුවන් නම් ඒ ප්‍රමාණවත්! ස්තූතියි සහෝ !
Deleteහරිම ආසාවෙන් කියෙව්වෙ....
ReplyDeleteකියවලා අළුතින් යමක් හිතනවා නම් තවත් වටිනවා මල්ලි!
Deleteහොඳ ලිපියක් මචෝ
ReplyDeleteස්තූතියි සහෝ!
Deleteකේතුමතී නුවර ගැන එහෙන් මෙහෙන් අහල තිබුනත් සම්පූර්ණ විස්තරයක් අදයි දැක්කේ .එල
ReplyDeleteඋපරිමයි බොස්,,
ReplyDeleteතවත් ඔය විදියේ ටිකක් දාන්න. අපි කැමැත්තෙන් කියවනවා.
සතුටුයි මේ වගේ දේවල් කියවන්න කැමති අය ඉන්නවා දැක්කම!
Delete//අවුරුදු 80,000ක් ආයුෂ ඇති කාලයේ දී ඒ අය කායික රෝගාබාධ වලින් තොරයි//
ReplyDeleteඒකනම් ලොකුම ලොකු සම්පතක්..
මම ඒත් බැලුවා ලහිරු මල්ලි කුකුල්ලු ගැන පෝස්ට් ලියන්න පටන් අරගෙනද කියලා :)
"ශ්‍රද්ධාධික, වීර්යාධික, ප්‍රඥාධික" මේ තුන ගැන අදමයි ඇහුවේ.
හැම බුදු කෙනෙක්ම ඉන්දියාවේම පහල වෙන්න මොකක්හරි හේතුවක් තියනවද?
සටහනට ඍජුව ම සම්බන්ධ නැතිවුණත් කුකුළා ව, මාතෘකාව එහෙම දාන්න නම් හේතුවක් තියෙනවා.(ප්‍රසිද්ධියේ කියන්න බැහැ! )
Deleteශ්‍රද්ධාධික, වීර්යාධික, ප්‍රඥාධික මේ ආකාර තුන නිසා ලොවුතුරා බුදුවරුන් අතරේ සර්වඥතා ඥානයේ හරි එහෙමත් නැත්නම් සෘද්ධි බලයේ හරි කිසිම අඩුවක් වෙන්නේ නැහැ. ඒත් ඒ ඒ බෝසතාණන් වහන්සේලා පාරමිතා පුරන කාල සීමාවන් වෙනස් වන නිසයි ඒ ආකාරයෙන් ආකාර තුනක් තිබෙන්නේ. හරියටම ඒක විස්තර කළොත් ප්‍රඥාධික බුදුවරුන්ගේ බෝසත් කාලය සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්. ශ්‍රද්ධාධික බුදුවරුන්ගේ බෝසත් කාලය අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක්. වීර්යාධික බුදුවරුන්ගේ බෝසත් කාලය දහසය අසංඛ්‍ය කල්ප ලක්ෂයක්.
මේ වෙනස්කම නිසා ඒ ඒ බුදුවරුන් පහළ වන කාලය වගේම බුදුවරුන්ගේ ආයුෂ තීරණය වෙනවා.
ත්‍රිපිටමයේ සූත්‍රවල නූතන ඉන්දියාවටත් වඩා ලොකු ප්‍රදේශයක් තමා ජම්බුද්වීපය කියන නමෙන් හඳුන්වලා තියෙන්නේ. ඒකට මම දන්න විදියට දකුණු ආසියාව ම වගේ ඇතුලත්. බුදුවරු පහළ වෙන්නේ ඉන්දියාවේ ම ද කියන එකට කියන්න වෙන්නේ බුදුවරුන් පහළ වෙන්නේ ජම්බුද්වීපයේ කියන එක. බෝසතාණන් වහන්සේ මව් කුස පිළිසිඳ ගන්න පස් මහ බැලුම් බලද්දී "දීපය" යටතේ සතර මහා දිවයින් වෙන අපරගෝයානය, උතුරුකුරු දිවයින, පූර්ව විදේහ ද්වීපය සහ ජම්බුද්වීපය කියන ඒවායින් ජම්බුද්වීපයේ පමණක් බුදුවරු පහළ වෙන නිසා ජම්බුද්වීපය තෝරා ගන්නවා. ඒක මම හිතන්නේ නියමයක්.
බුදුවරුන්, බෝසත්වරුන් ක්‍රියා කරන්නේ ඊට පෙර සිටිය බෝසත්වරුන්ගේ සහ බුදුවරුන්ගේ ක්‍රියා පටිපාටිය නිසා අනන්ත අපරිමාණ ප්‍රමාණයක් බුදුවරුන් පහළ වුණේ ජම්බුද්වීපයේ නිසා ඒ ප්‍රදේශය තෝරාගන්නා බවත්, අනෙක් දිවයින් තුනේ බුදුවරු පහළ නොවෙන නිසාත් බෝසත්වරු ජම්බුද්වීපය තෝරාගන්නවා බව තමා අනාගත වංස දේශනාවේ කියවෙන්නේ.
ජම්බුද්වීපයේ වුණත් හැමතැනකම බුදුවරුන් පහළවෙන්නෙත් නැහැ, එයිනුත් මධ්‍ය මණ්ඩලය ඉතා වැදගත්. හිමාල පර්වතයෙන් මෙපිට ඊසාන දිගට නැඹුරුව පහළ මැද කොටස තෙක් භූමිය තමයි මධ්‍ය මණ්ඩලය. ගණන් මිනුම් කියනවා නම් යොදුන් 300 ක් දිග යොදුන් 250 ක් පළල ප්‍රදේශයක්...
ප්‍රසිද්ධියේ කියනන් බැරිනම් මටවත් කියන්නකෝ :)
Deleteශ්‍රද්ධාධික, වීර්යාධික, ප්‍රඥාධික කතාව හරියටම පැහැදිළි උනා. ස්තුතියි.
ඔව් ඔව්, මම ඉන්දියාව කියලා අදහස් කලේ වර්තමාන ඉන්දියාව විතරක් නෙමෙයි.
හී හී... ප්‍රසිද්ධියේ නොකියා අක්කට විතරක් කියන්නෙ කොහොමද ඈ :) :) :) :D
DeleteAta tami Dhampasaladi kiyala dunat obage lipi pela taram hitata waduna naha..uparimi..ayamat may wge dayak balaporatu wami,
ReplyDeleteJayawewa,
Sajith Mendis.
ඔව්, මේ වගේ අදහස් මට ශක්තියක්! ස්තූතියි ඔබට.
Deleteහරිම ආසාවෙන් කියෙව්වේ සහෝ..ඇයිද මන්ද මට හැමවෙලේම හිතෙන්නේ මොන විනාශය උනත් මම අන්තිමට මේ ලෝකේ ඉතුරු වෙයි කියල :)
ReplyDeleteඒක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය නංගී, අපි කැමති නෑ අපිට කරදරයක් වෙනවට ඇත්තෙන්ම. සමහර වෙලාවට මටත් හිතුණ වෙලාවල් තියෙනවා!
Deleteයමක් ලුහුඪින් නමුත් සවිස්තරව දැක්වීමට ඔබට ඇති හැකියාව අතිශයින් අගය කරනවා .ඉතාමත් ස්තූතියි අපව දැනුවත් කලාට .බොහොම පිං ...
ReplyDeleteස්තූතියි ඔබේ ඇගයිමට!
Deleteලහිරු ඉතාම වැදගත් පොස්ටුවක් උපරිමයි ඈ.......... දිගටම ලියන්න මේ වගේ.
ReplyDeleteස්තූතියි කෝරලේ මහත්තයා!!!
Deleteහැමදාම වගේ සිරාම සිරා පොස්ට් එකක්. දැන්ම ඉඳන් හිතට ගත්තොත් අධිෂ්ඨානයක් එක්ක, අපිටත් මෛත්‍රී බුදුන් දැකලා නිවන් දකින්න පුළුවන් වේවි.
ReplyDeleteමම නම් මේ පෝස්ට් එකෙන් කියන්න අදහස් කළේ මෛත්‍රී බුදුන් ගේ කාලේ එනකල් ඉන්නෙ නැතුව ඊට කලින් නිවන් දකින්න කෙනෙක් ව උත්සහවත් කරන්නයි!
Deleteමේ භවයේම එක කරන්න පුළුවන් නම් කොච්චර හොඳද
ReplyDeleteඋත්සහ කළොත් කරන්න බැරිවෙන එකක් නැහැ සහෝ!
Deleteවටිනා ලිපියක් අප අතරට ගෙන ඒම සම්බන්ධව වගේම මාවත් සිහිපත් කිරීම සම්බන්ධව ස්තුතියි අයියා
ReplyDeleteI know this if off topic but I'm looking into starting my own weblog and was curious what all is needed to get set up? I'm assuming having a
ReplyDeleteblog like yours would cost a pretty penny? I'm not very web smart so I'm not 100% certain. Any recommendations or advice would be greatly appreciated. Thanks
my web page - Cccam