අද කියන්න යන්නේ නම් ටිකක් විතර වෙනස් විදියේ කතාවක්. දුරකථනය නිර්මාණය කලේ ( 'සොයා ගත්තා' කියලා දැම්මා නම් කවුරු හරි අහන්න බැරි නෑ ඒක නැති වෙලා තිබුනද කියලා... හික් හික් ! ) ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල් කියලා අපි ඉගෙන ගන්නේ පොඩි කාලේ නේ. ඒක වුනේ 1876 වගේ කාලෙක. ඒත් දුරකථනය සොයාගත් අළුතම ඒක හිතුව තරම් ජනප්‍රිය වුනේ නෑ. බෙල් තමන් ගේ දුරකථනය අරගෙන තැපෑලේ ප්‍රධාන ඉංජිනේරුවා ළඟට ගියා ම ඔහු කිව්වේ ඒක තමන්ට අනවශ්‍ය බවයි. ඔහුට ඇති තරම් පණිවිඩකාරයන් ඉන්නා බවත් කිව්වා. ම්ම්ම්ම්... හිතන්න පුළුවන්ද දුරකථනය ප්‍රතික්ෂේප වෙන්න හේතුව...? ඒකට හේතුව තමයි බෙල් ගේ දුරකථනයට අංක පුවරුවක් නොතිබුන එක. පහත රූපය බලන්නකෝ.
දුරකථනය හරහා කාටහරි ඇමතුමක් ගන්න ඕන නම් ඒ ගෙදර ඉඳලා අනිත් හැම ගෙදරකට ම වයර් අදින්න ඕන වුනා. ඒක මොනතරම් කරදර වැඩක් ද කියලා තේරෙනවනේ. ඉතින් කාලයක් ගියාට පස්සේ ඒකටත් විසඳුමක් හොයාගත්තා. ඒ තමයි දුරකථන හුවමාරු මධ්‍යස්ථානයක් (Telephone Exchange) එකක් හරහා දුරකථන ඇමතුම් ලබාගන්න එක. ඒකට ඉතින් Hello Girl නංගි කෙනෙක් එහෙමත් ඕන වුනා. දුරකථනය හරහා කාටහරි ඇමතුමක් ගන්න ඕන නම් ඒ ගෙදර ඉඳලා දුරකථන හුවමාරු මධ්‍යස්ථානයට ඇමතුවා ම ඒකේ ඉන්න Hello Girl, ඕන කෙනා ව සම්බන්ධ කරලා දෙන එක තමයි සිද්ධ වෙන්නේ.
මේ ඔක්කොම සිදු වෙන්නේ ඇ.එ.ජනපදයේ Kansas කියන නගරයේ. දැන් තමයි මේ කතාවේ හොඳ ම හරිය! මේ නගරයේ ඉන්නවා Almon Brown Strowger. එයා වෘත්තියෙන් මිනී පෙට්ටි සාප්පු කාරයෙක් (අද කාලේ නම් අවමංගල අධ්‍යක්ෂක කෙනෙක්! ). Strowger ට නියම වැඩක් වෙනවා මේ කාලයේ. බලාගෙන ඉද්දිම බිස්නස් බහිනවා. හිතාගන්න බෑ ඇයි කියලා. ටිකක් හෙමීට හොයලා බලද්දි මරු වැඩක් වෙනවා කියලා Strowger හොයාගත්තා. හිතන්න පුලුවන්ද කාටහරි...? නගරයේ කවුරුහරි කෙනෙක්, මිනී පෙට්ටි සාප්පු කාරයෙක් ව සම්බන්ධ කරලා දෙන්න කියලා Hello Girl ගෙන් ඉල්ලුවාම එයා හැම වෙලේම සම්බන්ධ කරන්නේ එකම එක්කෙනෙක් ව. හොයලා බලද්දි ඒ Hello Girl ගේ husband තමයි ඒ මිනීපෙට්ටි සාප්පුකාරයා. Strowger බැලුවා මේ වැඩේ හරියන්නේ නෑ, මොනා හරි කරන්නෝන කියලා. (අපේ අයියලා නම් කෙලින් ම පාතාලෙට contract එකක් දෙයි නේද Hello Girl ට වැඩක් දෙන්න කියලා...! ). ඒත් Strowger එහෙම කලේ නෑ. වෙන විදියක් හිතුවා කොහොමද මේ Hello Girl මෙතනින් අයින් කරන්නේ කියලා. ඒ හිතුව එකේ ප්‍රතිඵලයක් විදියට තමයි 1897 දි අද අපි භාවිතා කරන අංක පුවරුව සහිත දුරකථනය බිහිවෙන්නේ.
දුරකථන ග්‍රාහකයාට නියමිත අංකයක් ලැබීමත් එක්ක ම Hello Girl නංගි ගේ රස්සාවත් නැතිවෙලා ම යනවා. හැබැයි ඊටපස්සේ Strowger ගේ බිස්නස් නැගලා ගියාද කියලා නම් මම දන්නේ නෑ. එදායින් පටන් ගත්ත දුරකථනය අද අපි පාවිච්චි කරන නවීනතම ජංගම දුරකථනය දක්වා ම වැඩිදියුණු වෙලා.
අපි මේ දවස් වල කැම්පස් එකේ ඉගෙන ගන්නවා Networking & Telecommunications සබ්ජෙක්ට් එක. ඉගෙන ගන්නකොට නම් ආස හිතෙනවා, ඒත් ටිකක් අමාරුයි. ඒත් එපා වෙන්නේ නම් නෑ, අහගෙන ඉන්නවා....කොහොම උනත් කතාව ඔන්න පුළුවන් හැටියට කිව්වා. හොඳ ද නැද්ද කියලා නම් දන්නේ නෑ. ඒ ගැන කියන්න පුළුවන් ඔයාලටම තමයි....!
කතාව ලස්සනයි. නොදැන හිටපු දෙයක්.
ReplyDeleteනොදැන හිටපු දෙයක් එතකොට number pad එක හොයාගත්තේ Strowger ද? නැත්නම් එයාගේ ඒ සිදුවීම මේක හොයාගන්න මුල්වුනාද?
ReplyDeleteStrowger තමයි පරීක්ෂණ කරලා කාලයක් තිස්සේ...number pad එක හොයාගත්තේ. ස්තූතියි ප්‍රතිචාර වලට...!
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteහුම් අද නොදන්න දේවල ඉගනගන්න දවස වගේ නොදන්න දේවල් ගොඩක් ඉගනගත්තා :l
ReplyDeleteඔය හෙලෝ කියලා කියන්නේ ග්‍රැහැම්බෙල් ගේ වයිෆ්ගේ නම ලූ. මම එහෙම කොහෙද කියවලා තිබුනා.
ReplyDeleteගොඩක් වටින ලිපියක්. නොදන්න ගොඩක් දේවල් මේ ලිපියෙන් දැනගත්තා.
පට්ටයි , නියම ලිපිය ටෙලිෆෝන් 1 ක හොයාගත්තෙ කවුද කියලා දැන ගත්තට අදයි දන්නෙ මේක තනි උත්සාහයක් නෙවේ කියල ස්තුතියි දැනුවත් කිරීමට ........
ReplyDeleteඔන්න මචං කවුද මොලේ අමාරු කාරයෙක් පැනලා ........
:n
ReplyDelete:a
ReplyDeleteනියමයි මචං.. ඕන දෙයක ඉතිහාසය දන්නෙ නැතුව අලුත් ඒවා ඉගෙන ගත්තට වැඩක් නෑ.. කොතන හරි හිර වෙනවා.. ස්තූතියි අපිත් එක්ක බෙදාගත්තට
ReplyDeleteදැනගෙන හිටියේ නැති කතාවක් දැනගත්තා..ස්තුති කතාව කියවන්න ආසා හිතෙන විදියට ලිව්වට
ReplyDeleteහැමෝටම ස්තූතියි ප්‍රතිචාර වලට. ඉස්සරහට තව මේ ගැන තොරතුරු දාන්නම්කෝ.....
ReplyDelete:a
ReplyDeleteඑල කොල්ලෙක්...thankz........ :f
ReplyDeleteමාත් මේ කතාව කලින් අහලා තිබුනේ නෑ ...
ReplyDeleteස්තූතියි දැනුවත් කළාට .
හොඳ පෝස්ට් එකක් .......
ReplyDeleteඒ කියන්නෙ ග්‍රැහැම්බෙල් තනියෙන් නෙමේ වැඩේ කරලා තියෙන්නෙ ...
පට්ට ඈ... :r
ReplyDeleteniyama lipiyak... :g
ReplyDeleteසිද්ධිය පරණ වුනත් මේ කථාවෙන් අහල නොතිබ්බ (අළුත්) දෙයක් දැනගත්තා.
ReplyDelete