ඇත්තට ම අපි අම්මට, තාත්තට (අප්පච්චිට) කොයිතරම් ආදරෙයිද? අපේ හිතේ ඒ දෙන්නා ගැන තියෙන ආදරය, ගෞරවය ගැන කෙළවරක් අපිට හිතාගන්න බැහැ. අපි මව්කුසට ආව දවසේ ඉඳලා, අපි මේ ලෝකෙ එළිය දකිනකල් ම අම්මා කොයිතරම් පරෙස්සම් වෙනවා ඇතිද? අප්පච්චි, අම්ම ව කොයිතරම් පරෙස්සම් කරනවා ඇතිද? අපි ඉපදුනාට පස්සෙ ලස්සන මලක් පරෙස්සම් කරනවා වගේ, අඩුම තරමේ මැස්සෙක්, මදුරුවෙක් වත් ඇඟේ වහන්නෙ නැතිවෙන්න අපි ව බලාගන්නවා. ඒ අතරේ අපිට ලෙඩක් දුකක් හැදුණොත් දිවා රෑ නොබලා වෙහෙස වෙලා අපි ව සනීප කරනවා. ඇවිදගන්න පුළුවන් වෙන කාලේ ඉඳන් වගේ ම ඊළඟට හොඳ අධ්‍යාපනයක් දීලා, තව හොඳ විවාහයකුත් කරලා දීලා විතරක් එයාලා නවතින්නෙ නැහැ. සමහර වෙලාවට දරුවොන් ගේ දරුවොත් බලාගන්නෙ ඒ අය. බලාගෙන ගියා ම දෙමව්පියෝ අපිට කොයිතරම් නම් උපකාර කරනවද? හැබැයි අපි මොහොතකටවත් හිතුවද ඒ කළ උදව් වලට ප්‍රති උපකාර කරන්නෙ කොහොමද කියලා? සමහරු කියයි වයසට ගියා ම කන්න බොන්න දීලා ලෙඩට බෙහෙත් අරන් දීලා බලාගන්නවා කියලා. තව කියයි උපන්දිනේට/ අවුරුද්දට තෑගි බෝග දීලා කියලා... ඔව්! හරි. ඒවා ගොඩක් හොඳ සිරිත්. හැබැයි එහෙම කළ පමණින් අපිට ප්‍රති උපකාර කරලා සෑහීමකට පත්වෙන්න පුළුවන්ද? හැබැයි ඒකට ඔව් හරි නෑ හරි පිළිතුර ලැබෙන්නෙ අපේ දැනුමේ හැටියටයි. අන්න එතැන තමයි ගැටළුව තියෙන්නෙ අපි හරියටම හරි ද කියලා.
බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා, යම් දරුවෙක් තමන්ගේ අම්ම තාත්තා දෙන්නා තමන්ගේ උරහිස් මත්තේ තබාගෙන අවුරුදු සීයක් පුරාවටම ඇප උපස්ථාන කළත්... ඒ දරුවා, දෙමාව්පියන් උරහිස් මත්තේ තබාගෙන අවුරුදු සීයක් උදව්කරනව. කන්න බොන්න දෙමින් සලකනව. ඒ දෙමව්පියෝ මළ පහ කිරීම් පවා කරන්නෙ උරහිස් මත්තේ ඉඳගෙනම යි. මේ ආකාරයෙන් දෙමාපියන්ට සැළකුවා වුනත්, ඒ දෙමාපියන්ගෙන් ලැබුණ උපකාරයට ප්‍රතිඋපකාර දක්වලා අවසන් කරන්න ලැබෙන්නේ නෑ කියල.
ඇත්තටම බැලුවොත් අපි දෙමව්පියන් ට අපි ණයගැතියි නේද. එතකොට අපිට ප්‍රති උපකාර කරන්න/ ණය ගෙවන්න ක්‍රමයක් තියෙනවද? ඔව් තියෙනවා. එහෙනම් ඒ මොකක්ද? ඒක තමයි මම මේ කියන්න යන්නේ. අපිට පුළුවන් නම් ශීලයක පිහිටලා නැති දෙමව්පියන් ව ශීලයේ පිහිටුවන්න, ඒක දෙමව්පියන්ට කරන්න පුළුවන් ලොකු උපකාරයක් කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙනවා. පන්සිල් සමාදන් වෙලා ඒවා ආරක්ෂා කරන්න දෙමව්පියන් ව උත්සහ කරවන්න පුළුවන් නම්, එහෙමත් නැත්තම් උතුම් අටසිල් හී පිහිටුවන්න/ මාර්ගය පෙන්නලා දෙන්න පුළුවන් නම් ඒක ඒ අයට කරලා දෙන ලොකු ම උදව්වක්.
බුදුරජාණන් වහන්සේ ගැන, ධර්මය ගැන, ශ්‍රාවක සංඝයා ගැන ශ්‍රද්ධාවක් නැති දෙමව්පියන් ට ශ්‍රද්ධාව ඇතිකරගන්න උදව් කරන්න පුළුවන් නම්! ඒකත් ලොකු උපකාරයක්. ඒ වගේම, දෙමාපියන් දන් පැන් දෙන්න පොළඹවනවා නම්, දන් පැන් දෙන්න දෙමාපියන් උනන්දු කරනවා නම්, අන්න ඒකත් දෙමාපියන්ට කරන ලොකුම උපකාරයක්. ලෝභය දුරුකරන්න, අත්හැරීම කියන ගුණය වැඩිදියුණු කරගන්න උපකාර කරන්න කරන්නෝන. ඒක ඒ අයට ලොකු ලැබීමක්. ප්‍රඥාව මෙහෙයවන්නෙ නැති දෙමව්පියන්ට ප්‍රඥාව මෙහෙයවන්න උදව් කරන්න අපිට පුළුවන් නම් තමයි ඇත්තට ම අපි දෙමව්පියන්ට ආදරේ අය වෙන්නෙ. ධර්මය ගැන දැනුම අඩු දෙමව්පියන් ව දහම් දැනුමේ පිහිටුවන්න අපි උත්සහවත් වෙන්න ඕන. ඒ අයවත් දහමේ හැසිරෙන්න පොළඹවන්න ඕන.
එ නිසා අපි හැමෝම අපිට ගොඩක් උපකාර කල, අපිට ප්‍රමාණ රහිත වූ උපකාර කළ, අපේ දෙමාපියන්ට උපකාර කරන්න දක්ෂ වෙන්න ඕන. ඒ සඳහා කවුරුත් දෙමාපියන් කෙරෙහි ඉතාම කරුණාවෙන්, ඉතාම ගෞරවයෙන් යුක්තව, සෙනෙහසින් යුක්තව, ඒ සැබෑම උපකාරය කරන්නෝන. සැබෑ උපකාරය තමයි ඒ. දෙමාපියන් තෙරුවන් කෙරෙහි සමාදන් කරවල, තෙරුවන් කෙරෙහි දෙමාපියන් තුළ ප්‍රසාදය උපදවල දෙන්න අපි මහන්සි ගන්න ඕන. සිල්වත් ජීවිතයක් ගත කරන්න දෙමව්පියන්ට උදව් කරන්න ඕනෙ. ඒ වගේම දෙමාපියන් තුළ මසුරුකම දුරුවෙන ආකාරයට, දන් පැන් දීම පිළිබඳව උනන්දුව ඇතිකරවන්න ඕන. කැමැත්ත උපදවල දෙන්න ඕන.
ඒ විදිහට දෙමාපියන්ට මේ ජීවිතය වාසනාවන්ත කරගන්න කියලා දුන්නොත්, දරුවන් විදිහට දෙමාපියන්ට ඇත්ත ම උපකාරය කළ අය බවට පත්වෙනව. ණය ගෙව්ව අය බවට පත්වෙනවා. මේ විදිහට අපි දෙමාපියන්ට උපකාර කළොත්, එමඟින් අපේ ජීවිතයටත් විශාල පිනක් රැස්වෙනව. ඒ විදියට බැලුව ම අපිත් යහපත කරගෙන, දෙමාපියන්ටත් සැබෑම යහපත උපදවල දෙන්න තරම් හැකියාව අපට ලැබෙනවා. හැබැයි ඉතින් මේක කරන්න බෑ අපි මේ මාර්ගයේ යන්නෙ නැතුව. අර කවියකුත් තියෙන්නෙ "ඔවා දෙනු පර හට, තමා සම්මතෙහි පිහිටා සිට" කියලා. ඒ නිසා අපි මේ මාර්ගයේ ගමන් නොකර එහෙම දෙමව්පියන්ට උදව් කරන්නත් අමාරුයි.
කිසිම දෙයක් නොදන්න, නොතේරෙන අය විදියට මේ ලෝකෙට ආව අපි ට දෙමව්පියන්ගේ උපකාර නොලැබුණා නම් අපි අසරණ වෙනවා. නමුත් අපේ දෙමව්පියන් අපි ව එහෙම අසරණ කළේ නැති නිසා ම අපෙත් යුතුකම තමයි එයාලවත් අසරණ නොකරන එක. ඒකට අපිට කරන්න පුළුවන් දේ තමයි කලින් කිව්වෙ. එහෙම අපිට කරන්න බැරිවුණොත් එයාලා සසරේ අසරණ වෙන්නත් පුළුවන් නේද? ඒ හින්දා දෙමව්පියන් ව ශ්‍රද්ධාවේ, ශීලයේ, දම් දැනුමේ, දන්දීමේ, ප්‍රඥාවේ පිහිටුවන්න අද ම හිතාගන්න.
මේ දේ දේශනා කරලා ඒක බුදුරජාණන් වහන්සේ ක්‍රියාවෙන් ම සනාථ කළා. ගිහි කාලයේ තමන් වහන්සේ ගේ උපතින් දින 07කට පස්සෙ කළුරිය කළ මව වුණ මහා මායා දේවිය ඒ වෙද්දි හිටියේ තුසිත දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍යරාජයා විදියට උපත ලබලා. බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයෙන් පසු ව ගෙවුණු සත් වෙනි වස් කාලයේ දි තව්තිසාවට වැඩම කරලා මාතෘ දිව්‍යරාජයා ඇතුළු පිරිසට අභිධර්මය දේශනා කරනවා. එයින් ම මාතෘ දිව්‍යරාජයා සෝවාන් ඵලයට පත්වෙනවා. ඒ වගේ ම පිය රජතුමා වුණ සුද්ධෝදන රජතුමා මරණ මංචකයේ ඉද්දි බුදුරජාණන් වහන්සේ එතැනට වැඩම කරලා සුද්ධෝදන රජතුමාට ධර්මය දේශනා කරනවා. එහිදී සුද්ධෝදන රජතුමා උතුම් වූ අර්හත්වය සාක්ෂාත් කරගෙන පිරිනිවන් පානවා. ඒ විදියට තමයි බුදුරජාණන් වහන්සේ සිය මව්පියන්ට කෘතගුණ සැලකුවේ.
බුදු සසුනේ වැඩ සිටිය උතුම් රහතන් වහන්සේලා අතරින් අග්‍රස්ථානයේ වැඩ සිටිය ප්‍රඥාවන්තයන් අතරින් අග්‍ර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇතුළු රේවත, චුන්ද, චාලා, උපචාලා, සිසුපචාලා ආදී සහෝදර සහෝදරියන් සත්දෙනා ම බුදු සසුනේ උතුම් දායාදය ලබාගෙන හිටියත් සාරිපුත්ත මහරහතන් වහන්සේ පරිනිර්වාණයට ළං වෙද්දිත් ඒ අයගේ මව වුණ සාරි බැමිණිය හිටියේ තවමත් බ්‍රහ්මයා වන්දනා කරමින් මිථ්‍යාදෘෂ්ඨික ව. මේ බව දැනගත්ත සාරිපුත්ත මහරහතන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ ගෙන් අවසර ලබාගන්නවා තමන්ගේ උපන් ගමේදී පිරිනිවන් පාන්නට. දැඩි ලෙස රෝගාතුර වුණ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ බාල සොයුරු චුන්ද ස්වාමින් වහන්සේ සමඟින් උපන් ගම වුණ නාලක ගමට වැඩම කරලා නිවසට වඩිනව. සාරිපුත්ත මහරහතන් වහන්සේ ගේ අර්හත්වය ගැන නොදන්නා සාරි බැමිණිය, බුදු පුතුන්ට නිග්‍රහ කරන ගමන් ම තමන්ගේ පුත්‍රයා වුණ නිසා ම රෝගාතුර වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ ට නිවසේ ප්‍රත්‍ය පහසුකම් දෙනවා. එදා මධ්‍යම රාත්‍රියේ සතර දිශාවෙන් මහා එළි හතරක් ඇවිල්ලා ආයෙත් ගියා. ඉතින් සාරි බැමිණිය අහනවා පුතණුවනි මොනවද ඒ මහා එළි හතරක් ආවේ කියලා. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා ඒ තමයි මට උපස්ථාන කරන්න ආව සතරවරම් දෙවිවරු. ඒ අයව මම හරවලා යැව්වා, මට උපස්ථානයට භික්ෂූන් වැඩ ඉන්න බව කියලා. තවත් රෑ වෙද්දි ඊටත් වඩා ප්‍රභාමත් එළියක් ඇවිත් ගියා. ආයෙමත් සාරි බැමිණිය අහනවා මොකක්ද පුතණුවනි ඒ මහා එළිය කියලා කියලා. සාරිපුත්තයන් වහන්සේ පිළිතුරු දෙනවා ඒ මට උපස්ථාන කරන්න ආව ශක්‍ර දේවේන්ද්‍රයා කියලා.
මධ්‍යම රාත්‍රිය වෙද්දි පළාත ම ඒකාලෝක කරමින් මහා ආලෝකයක් නිවසට ඇවිත් ගියා. සාරි බැමිණිය අහනවා මොකක්ද ඒ එළිය කියලා. සාරිපුත්තයන් වහන්සේ පිළිතුරු දෙනවා ඒ මට උපස්ථාන කරන්න ආව මහා බ්‍රහ්මයා කියලා. ඒක ඇහුව සාරි බැමිණිය හිතනවා මම ගෞරවයෙන් මෙච්චරකල් වැඳ වැඳ හිටිය මහා බ්‍රහ්මයත් මගේ පුතාට වන්දනා කරනවා නේ, මගේ පුතා මහා බ්‍රහ්මයාටත් වඩා ශ්‍රේෂ්ඨයෙක් නේ කියලා. ඇගේ මිථ්‍යාදෘෂ්ඨිය/මානය එයින් ම දුරු වෙනවා. ඊටපස්සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ මවට ධර්මය දේශනා කරලා සෝවාන් ඵලයට පත් කරමින් ම පිරිනිවන් පානවා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේ බිව් මව්කිරි වලට කෘතගුණ දැක්වූ විදියයි.
මධ්‍යම රාත්‍රිය වෙද්දි පළාත ම ඒකාලෝක කරමින් මහා ආලෝකයක් නිවසට ඇවිත් ගියා. සාරි බැමිණිය අහනවා මොකක්ද ඒ එළිය කියලා. සාරිපුත්තයන් වහන්සේ පිළිතුරු දෙනවා ඒ මට උපස්ථාන කරන්න ආව මහා බ්‍රහ්මයා කියලා. ඒක ඇහුව සාරි බැමිණිය හිතනවා මම ගෞරවයෙන් මෙච්චරකල් වැඳ වැඳ හිටිය මහා බ්‍රහ්මයත් මගේ පුතාට වන්දනා කරනවා නේ, මගේ පුතා මහා බ්‍රහ්මයාටත් වඩා ශ්‍රේෂ්ඨයෙක් නේ කියලා. ඇගේ මිථ්‍යාදෘෂ්ඨිය/මානය එයින් ම දුරු වෙනවා. ඊටපස්සෙ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන්ගේ මවට ධර්මය දේශනා කරලා සෝවාන් ඵලයට පත් කරමින් ම පිරිනිවන් පානවා. ඒ සාරිපුත්ත මහරහතන් වහන්සේ තමන් වහන්සේ බිව් මව්කිරි වලට කෘතගුණ දැක්වූ විදියයි.
කැමතිද දැනගන්න අපිට මේ තාක් සසරේ කොයිතරම් අම්මලා, තාත්තලා ඉඳලා තියෙනවද කියලා දැනගන්න... කැමතියි නේද? ඒ කාලේ මිනිස්සුත් ඒක දැනගන්න කැමතිවෙලා තියෙනවා අපි වගේ ම. ඒ නිසා ම වරක් බුදුරජාණන් වහන්සේ වරක් දේශනා කළා පොළවේ තියෙන ගල් කැට එක බැගින් අරගෙන ඒ එකක් එකක් ගානේ, "මේ ගල් කැටය මේ ජීවිතේ අම්මා වෙනුවෙන්... මේ ගල් කැටේ කලින් ජීවිතේ අම්මා වෙනුවෙන්... " කියලා වෙන්කරගෙන යද්දි ලෝකෙම තියෙන ගල් කැට ප්‍රමාණය ඉවර වුණත් සසර පුරාවට ම අපිට ඉඳලා තියෙන මව්වරු ප්‍රමාණය කෙළවරක් නැහැ. ඒ වගේ ම පොඩි කොටු කැබලි අරගෙන කෑල්ල කෑල්ල කඩලා "මේ ගල් කැටය මේ ජීවිතේ අප්පච්චි වෙනුවෙන්... මේ ගල් කැටේ කලින් ජීවිතේ අප්පච්චි වෙනුවෙන්..." විදියට වෙන් කරගෙන යද්දි කෝටු කෑලි ප්‍රමාණය ඉවරවුණත් සසරේ හිටිය පියවරු නම් නිමක් නෑ කියලා දේශනා කරනවා.
පසුවදන: මේ ටික දවසකට කලින් පටන් ගත්ත ආයුෂ ගැන ලියැවෙන විශේෂ සටහන් මාලාවේ කොටසක් නෙවෙයි. බිනර පුන් පෝය දවස වෙනුවෙනුයි මේ සටහන. මේ ගැන ලියන්න ගොඩක් කලින් හිතාගෙන හිටියත් දවසින් දවස කල් ගිහින් අද තමයි ලියැවුණේ...පින්වත් නාවලපිටියේ අරියවංශ ස්වාමින් වහන්සේ ගේ දේශනාවකුත් උදව් කරගත්තා මේක ලියන්න. පින්තූරේ ගත්තේ හසිත ගේ බ්ලොග් එකෙන්! කොහොමද අළුත් ඇඳුම? වැඩ ඉවරත් නෑ ඒකේ. ඒ නිසා අඩුපාඩු ත් කියන්න. අකුරු එහෙම...
අළුත් ඇදුම නම් හොදයි.ඉස්සර එකට වඩා හොදට කියවගන්නත් පුළුවන්.
ReplyDeleteදෙමව්පියන්ට සැලකීම නම් අති උතුම් දෙයක්.මේ ලිපිය අපේ නෑදෑ සෙට් එකක් ඉන්නවා ගම්පහ.එයාලට නියමයි.
පින් සිදුවේවා !
පොහොය දවසට පහන් සිතුවිල්ලක්....
ReplyDeleteඅලුත් පෙනුම හුඟාක් හොඳයි ළහිරුවො....
මහමාය දේවියට බණ කියන්න ගියාම වෙච්ච රසවත් සිදුවීමකුත් තියෙනවනේ!
ReplyDeleteබුදුහාමුදුරුවෝ තමන්ගේ මෑණියන්ට ධර්මය දේශනා කරන්න ගියාම අම්මව අඳුරගන්න බැරිලු!දිව්‍යලෝකේ ඉන්න සේරම රුපකායෙන් ඒක වගේලු!ඒ නිසා උන් වහන්සේ පතුවලු මගේ මෑණියන්ගේ තනන් කිරි බේරෙන්න කියල!
පෝය දවසේ වටිනා සිතුවිල්ලක්!
පෝස්ටුවත් නියමයි.....
ReplyDeleteඇදුමත් නියමා........යි :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ම්ම්ම්ම් ලස්සන පෝස්ටුවක්... ලස්සන ඇඳුමක්....
ReplyDeleteපෝය ඩේ ස්පෙෂල් එක කියවන්නමයි මේ පැත්තට ආවේ...මේ සැරියුත් තෙරුන්ගේ පිරිණිවන් පෑම ගැන තොරතුරු නම් අහල තිබුණේම නැහැ අයියේ...
සැබැ වෙනසක්... පොස්ටුව නම් ගොඩක් වටිනවා ජය
ReplyDeleteඇදුම එල...
ReplyDeleteපෝස්ට් එකත් එලම එල...
ජයවේවා!!!!!!!!!!!!
@ ධමිමික සදරුවන්:
ReplyDeleteඒ මොකෝ නෑදෑයෝ අවුල් ද?
@ Mee Godayaa:
ReplyDeleteස්තුතියි මී ගොඩයෝ!
@ වකා - WAKA
ReplyDelete:)
@නුවන්:
ReplyDeleteමේ කතාව නම් දැනගෙන හිටියෙ නැහැ. ස්තූතියි කිව්වට!
@ අඩවි රජ:
ReplyDeleteතැන්කූ ඈ.. !
@ අනූ:
ReplyDeleteනංගි ගේ පෝස්ට් එකත් දැක්කා මම, එන්න ලැබුණෙ නම් නැහැ. ඒත් නිවාඩු පාඩුවේ කියවන්නම්කෝ!
@ සචිත්:
ReplyDeleteස්තූතියි මලේ!
@ තරියා අබේ:
ReplyDeleteතැන්කූ තැන්කූ !
මේ විදිහට බලාගෙන යනකොට අපි අවට ඉන්න හැමෝම කවදා හරි දවසක අපේ අම්මලා තාත්තාලා වෙලා ඉඳලා ඇති නේද?
ReplyDeleteඅළුත් ඇඳුම ටිකක් අපිලිවෙලයි වගේ..හරියට හදලා ගත්තානම්..
කෙමෙන්ට් වල අකුරුත් පොඩියි..
වෙනද වගේම පෝය දවසේ පින් අතේ වැඩක්. බොහොම පින්.
ReplyDeleteඅලුත් පෙනුම ලස්සනයි
මං එනකොට ගොඩක් පරක්කු වෙලා වගේ... අගේ ඇති පෝස්ටුව...
ReplyDeleteමේ බ්ලොගයෙන් විතරයි මම දකින විදියට දහම් කරුණු ගැන කියලා දෙන්නේ. කරන සේවයට සාධු සාධු සාධු .
ReplyDeleteහැමදාම වගේ ගොඩක් වටිනවා ලහිරු අයියේ.
ReplyDeleteමුනත්තහඩුවත් එලියට දාල තියෙන්නේ, නියමයි නියමයි, අකුරු පොඩ්ඩක් ලොකු කරානම් හොඳයි. කියවන්න ලේසියි එතකොට
ලියවිල්ලට මම කැමතියි.ලියවිල්ල වගේම ඔබ ගැන අපේ හිත්වල පහන් හැඟීමක් ඇති කරන්නත් මේ ලියන විදිහ ඇත්තටම බලපානවා කිව්වොත් මම වැරදි නැහැ.
ReplyDeleteජයෙන් ජය සහෝ..
@රූ....
ReplyDeleteඔව්! හැමෝම නෑදෑයෝ තමයි.... කොයිතරම් කාලයක් අපි සසරේ ඉන්න ඇද්ද??
@සයුරි
ReplyDeleteස්තූතියි අක්කේ! කියවන අක්කටත් පින්!
@අළුත් මල්ලි
ReplyDeleteතාමත් පරක්කු නෑ මලේ!
@ලාබයි ඇපල්
ReplyDeleteමේ වගේ තවත් බ්ලොග් ඇති අයියේ, ඒත් ගොඩක් අය කියවන්න යන්නෙ නෑ අයියේ. ඒ ඇයි කියන්න නම් දන්නෙ නෑ, ඒ වගේ ම තමයි සාපේක්ෂ ව මේ වගේ පෝස්ට් දානකොට ප්‍රතිචාර ප්‍රමාණය වගේ ම කියවන පිරිසත් අඩුයි මේ බ්ලොගෙත්!!!
@පැතුම් [සිතුම් පැතුම්]
ReplyDeleteමේ සැරේ මුණත්තහඩුවත් එළියට දැම්මා හා හා පුරා කියලා! හැබැයි වැරදිලා තමයි වැටුණේ ඒක!
@හිරුහිමාවී
ReplyDeleteකවුරුහරි මේවා කියවලා තමන්ගේ දැනුම වැඩිකරගන්නවා නම් ඒක තමයි මගේ සතුට! ස්තූතියි නංගී!
"කළුරිය කළ මව වුණ මහා මායා දේවිය ඒ වෙද්දි හිටියේ තව්තිසා දිව්‍ය ලෝකයේ මාතෘ දිව්‍යරාජයා විදියට උපත ලබලා"
ReplyDeleteමහාමායා දේවිය මාතෘ දිව්‍ය රාජයා විදිහට උපත ලබන්නේ තව්තිසාවේ නෙමෙයි තුසිත දිව්‍ය ලෝකයේ...
මට මතක විදිහට සිඟාලෝවාද සූත්‍රයෙත් දරුවන්ගෙන් මව්පියනට ඉටුවෙන්න ඕනේ යුතුකම්වලින් එකක් තමා මව්පියන්ගේ පරලොව සුගතිය පිණිස කටයුතු කිරීම.
අලුත් ඇඳුමේ මොකක් හරි අවුලක් තියෙනවා වගේ. බ්ලොග් එකට ආවට බ්ලොග් එකේ නම ටැබ් එකේ පෙන්නන්නේ නැහැනේ අයියා
@Hasitha
ReplyDeleteමම දන්න විදියට නම් මාතෘ දිව්‍ය රාජයා ඉපදුණේ තව්තිසාවේ තමයි, පොඩ්ඩක් හොයලා බලන්න මල්ලි. ඔව් මමත් ඒක දැක්කා, ඒත් හදන්න, පෝස්ට් එකක් ලියන්න මේ දවස්වල වෙලාව හරි ම අඩුයි! ස්තූතියි කිව්වට !
බොහොම ලස්සන ලිපියක් ආසාවෙන් කියෙව්වා
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDelete@ Lahiru Karunarathna
ReplyDeleteතව්තිසාවේ ඉන්නේ ශක්‍ර දේවේන්ද්‍රයා ඇතුළු පිරිස. මතු බුදුවන බෝසතාණන් වහන්සේ සන්තුසිත නමින් ඉපදෙන්නේත් ඒ බෝසතුන්ගේ මව වුණු තැනැත්තිය උපත ලබන්නේත් තුසිත දිව්‍ය ලෝකයේ.
තුසිතය හා තාවතිංසය අතර කිට්ටු සබඳතා තියෙනවා. බුදු හාමුදුරුවෝ අභිධර්මය දේශනා කරද්දී මාතෲ දිව්‍ය රාජයාත් තව්තිසාවට පැමිණෙනවා බණ අහන්න.
ඒ වගේමයි තව්තිසාවේ සිළුමිණි සෑය සහ සලුමිණිසෑය කියන ස්ථූප දෙකත් පිහිටලා තිබෙන නිසා බොහෝ දෙවිවරු ඒ ස්ථූප වන්දනා කරන්නත් පැමිණෙනවා.
හ්ම්ම්ම් වටිනා පොස්ටුවක් මෙ දවස් වල බ්ලොග් වල දැකපු වටිනාම පොස්ටුව....
ReplyDelete@Naleen Dilruksha
ReplyDeleteස්තූතියි!
@Harshani Egodawaththe
ReplyDeleteස්තූතියි ඔයාටත්!
@Hasitha
ReplyDeleteඔව්, මල්ලි හරි, ඔයා කිව්වට පස්සෙ මම දීඝ නිකායේ අච්ඡරිය අද්භූත සූත්‍රය කියෙව්වා. ස්තූතියි මාව නිවැරදි කළාට. මම ඒක හදන්නම්. සලුමිණිසෑය ගැන නම් අහලා නෑ, මොනවද ඔයා දන්නෙ ඒ ගැන?
@ ලහිරු
Deleteබෝසතාණන් වහන්සේ මහබිනික්මන් කරලා පැවිදි වෙන්න කලින් හිසකෙස් කපලා අහසට විසි කළාම ඒ හිස් කෙස් අරගත්තු ශක්‍ර දේවේන්ද්‍රයා සිළුමිණි සෑය ඉදිකරනවානේ. පස්සේ කාලේ සර්වඥ ධාතු බෙදීමේදී ද්‍රෝණ බමුණා ජටාවේ සඟවා ගත්තු දළදාවත් ශක්‍රයා අරගෙන සිළුමිණි සෑයේම තැන්පත් කරනවා. ඒ වගේමයි පැවිදි වෙන අවස්ථාවේ බෝසතාණන් ඉවත් කළ වස්ත්‍ර තැන්පත් කරලා සළුමිණිසෑයත් ශක්‍රයා විසින්ම ඉදි කරනවා...
ස්තූතියි මලේ සලුමිණිසෑය ගැන කිව්වට!
Delete@සචිත්
ReplyDeleteස්තූතියි මලේ!