BIND DNS...


2004 වසර පමණ වන විට BIND ලෝකයේ බහුල ලෙස භාවිතා කරන Domain Name Systems (DNS) අතරින් ප්‍රමුඛ ස්ථානයේ රැඳී තිබුණු අතර UNIX වැනි Operating Systems සඳහා වෙළඳපල තිබූ ස්ථානය ආක්‍රමණය කරන තරම් විය. එහි කේතයන් මුලින්ම ලියන ලද්දේ Berkeley හි California, සරසවියේ උපාධි අපේක්ෂකයන් විසින් Computer Systems Research Group හි සේවය කරන කාලයේදී ය. Douglas Terry, Mark Painter, David Riggle සහ Songnian Zhou විසින් 1980 දී එය නිර්මාණය කල අතර එහි නම නිර්මාණය කර ඇත්තේ Berkeley Internet Name Domain යන අදහස ලැබෙන පරිදි වීම විශේෂත්වයකි. නිදහස් හා විවෘත කේත මෘදුකාංගයක් ලෙස එය මුලින්ම නිකුත් කරන ලද්දේ Berkeley Software Distributions විසිනි. 1988 දී Digital Equipment Corporation හී සේවය කල Paul Vixie විසින් එය මුලින්ම වැඩිදියුණු කල අතර වර්තමානයේ එය සිදු කරනු ලබන්නේ Internet Systems Consortium සමාගම විසිනි. මෑතකදී නිකුත් වූ BIND 9 පෙර BIND හී තිබූ ගැටළු බොහෝමයක් නිරාකරණය කිරීමට සමත් වූ අතර එය DNSSEC සඳහා ද පහසුකම් සපයයි. BIND 9 හි අන්තර්ගත අනෙකුත් පහසුකම් අතර TSIG විශේෂ වෙයි. නව සංස්කරණයක් වූ BIND 8 වෙළඳපල සඳහා නිකුත් වූයේ 1997 මැයි මාසයේදී වන අතර BIND 9 නිකුත් වූයේ 2000 සැප්තැම්බර් මාසයේදී ය. BIND 9 සංස්කරණයේ දී වාණිජ හා ආරක්ෂක අරමුණු ප්‍රමුඛ වූ අතර ම එහි ඇති බොහෝ පහසුකම් UNIX භාවිතා කරන්නන් සඳහා ද පොදු වීම Microsoft's DNS සමඟ විශාල තරඟයක් දීමට ඉවහල් වී ඇත. Databases සමඟ කටයුතු කිරීමේදී BIND හී පෙර සංස්කරණයන් එතරම් සහයෝගයක් නොදැක්වුවද නවතම සංස්කරණය වූ BIND 9 විවිධ database formats සඳහා පහසුකම් සපයයි. ඒ අතර LDAP, Berkeley DB, PostgreSQL, MySQL, ODBC වැනි database formats වෙයි.

2 comments:

  1. හෑමොටම වෑදගත් ලිපියක් මල්ලී ...ස්තුතියි!!!

    ජයවෙවා!!

    ReplyDelete
  2. bohoma honda lipiyak....godak dena ganne nathi dewal gana liyana eka godak agaya karanwa...math 2003di withra BIND use karala tiyenwa testing environment ekaka

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !