Windows 7/ Vista/ XP Genuine කරගන්න...


Windows 8 Beta version එකත් ඇවිල්ලා තියෙන කාලෙක අහවල් දේකට Win 7/Vista/XP ගැන කියනවද මන්දා කියලා ඔයාලට හිතෙනවා ඇති නේද? ඒත් සමහරු ඉන්නවනේ කොයිතරම් අළුත් ඒවා ආවත් පරණ OS එක දාලා යන්න අකමැති අය. උදාහරණයක් විදියට Microsoft සමාගමේ මෙතෙක් බිහි වුණ හොඳම OS එක විදියට ගොඩක් දෙනා සලකන්නේ Windows XP. ඒකට විවිධ හේතු තියෙනවා. Win XP ගොඩක් stable සහ reliable වීම, ගොඩක් මෘදුකාංග සමඟ හොඳින් ක්‍රියාකිරීම වගේ ඒවා. Windows 2000, me වගෙ ඒතරම් සාර්ථක නොවුණ OS වලින් පස්සෙ කැපී පෙනෙන වෙනස්කම් සහිතව එළියට ආවේ Windows XP තමයි. ගොඩක් දෙනාට ඒකේ User interface එක එහෙම හොඳට හිතට අල්ලලා ගියා. ගොඩක් දෙනා වගේම මමත් Windows XP වලට ගොඩක් ආස වුණා. ඒත් නොමිලේ ම හම්බවුණ Windows 7 key එක අපරාදෙනෙ කියලා හිතලා තමයි මමත් සිම්පල් ප්ලෑන් එකකට මාරු වුණේ.

දැන් කියන්න යන්නෙ මේ Windows OS කොහොමද serial key එකක් නැතුව Genuine කරන්නෙ කියලයි. ගොඩක් දෙනා පාවිච්චි කරන්නෙ Crack නේ නේද? එහෙම වෙන්නත් හේතුවක් තියෙනවා ඉතින්. නියම Windows OS එකක් ලංකාවේ සාමාන්‍ය කෙනෙකුට තරමක් දරන්න අමාරු මිලකටනෙ තියෙන්නෙ. ඒ නිසා Crack ජනප්‍රියයි. හැබැයි මතක තියාගන්න ඕන දේ තමයි අපි කරන්නෙ නම් හොඳ වැඩක් නොවන විත්තිය. ජනප්‍රිය මෘදුකාංග වල කාර්යයන් ඒ විදියටම නොමිලේ ම කරලා දෙන විවෘත කේත මෘදුකාංග ඕනතරම් අන්තර්ජාලයේ තියෙනවා කියලා සමහරු දන්නෙත් නැහැනේ.

වැඩි කතන්දර ඕනෙ නැහැ. මේ ඇවිල්ලා තවත් ක්‍රැක් එකක් නම් නෙවෙයි. පොඩි මෘදුකාංගයක්. WAT Remover(Windows Activation Technology). සාමාන්‍යයෙන් ක්‍රැක් දැම්මම update කරන්න බැහැනේ. නමුත් මේ විදියෙදි පුළුවන්. ඒ වගේ ම සැරින් සැරෙ එන pop up notification එහෙමත් නවතිනවා. පහළ සබැඳියෙන් බාගත කරගන්නකෝ. පාවිච්චියට උපදෙස් මෙහෙමයි. දැන් තියෙන Windows OS සම්පූර්ණයෙන් ම format කරලා අළුතින් ම serial key එක දෙන්නෙ නැතුව Windows 7 install කරගන්න. ඊට පස්සේ Auto Windows Update එක Off කරන්න. දැන් RemoveWAT 2.2.5 setup file එක සාමාන්‍ය විදියට Run කරන්න. දැන් ඔයාගේ Windows 7 OS එක(32/64 bit) සම්පූර්ණයෙන් ම Genuine. දැන් Auto Windows Update එක On කරගන්න. මේ Windows 7 වලට විතරයි හොඳද...

Win Vista/XP වලටත් ඕනෙ නම් මෙතනින් බාගන්න. බාගත කරගැනීමේදි Download Manager මෘදුකාංග භාවිතා නොකර Slow Download Button for Free User Downloading ආකාරයට බාගත කරගන්න.

Windows 7 සඳහා

Win Vista/XP සඳහා

25 comments:

  1. එළ ඈ....හැබැයි මම නම් දාල තියෙන්නේ ලෝඩර් එකක්. වික්ඩෝස් 7 වලට. මෙච්චර කාලෙකට කිසිම අවුලක් වෙලා නෑ (අවුරුදු 1 2/1ක් 2ක් ඇති මට මතක විදිහට) මම මට ඕනි කරන ඔක්කොම අප්ඩේට් කරනවා. අද වෙනකන්නම් ඒක දෙයියෙක් වගේ. අනිත් ලෝඩර් වලට කේස් උන අප්ඩේට් ඉදන් මම මෙකෙන් දාල බලලා තියනවා.
    කොහොම උනත් අයිය කියලා තියන එකත් මරු වගේ...මං ඒකත් බා ගත්තා..තැන්කිව් ඈ..

    ReplyDelete
    Replies
    1. ඔව්, ලෝඩර් එකත් අවුලක් නැහැ, ඒත් සමහර ලෝඩර් තියෙනවා දැම්ම දවසෙ ඉඳන් ලෙඩ. හොඳ එකක් අහුවුණොත් ගොඩ! එහෙනම් දැන් Win 8ට මාරුවෙන්න කාලෙ හරි වගේ නේද?

      Delete
    2. යා යා Win 8 දාලා බැලුවා.ඒත් තාම 7න්ම තමයි....මගේ ලෝඩර් එකත් දෙයියනේ කියලා එලට වැඩ...

      Delete
    3. හ්ම්ම්..මාත් ලෝඩර් එක තමයි යූස් කරන්නෙ..කොහොම උනත් නොදන්නා අයට හොද ලිපියක් යාලු..ස්තුතියි.

      Delete
  2. අඩේ මරු වැඩ කෑල්ලක් !!!
    ගෙදර මැසිමට දාලා බලන්ඩෝන !!!

    ReplyDelete
    Replies
    1. මැසිම දැන් වැඩද? අහන්නත් සන්තෝසයි!

      Delete
    2. ඇයි දන් නෑ... මේ කමෙන්ට් එක දැකලා මට හිනාව නවත්තගන්න බැරි උනා.

      Delete
  3. මට මෙව්වා නිකං මැජික් වගේ

    ReplyDelete
    Replies
    1. හැහ්... ඒ මොකෝ? එහෙනම් වෙනස් කරන්න වෙයි මී ගොඩයන්ට මැජික් කියලා නේද?

      Delete
  4. මං බබීතනම් මොකුට් ටේලුනේ නෑ....මොන්තිසෝලි නන කාලෙ අපෙ තූති අයියගෙ පිසිස් පොට බැලුව වගේ......

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට දැන් ඔය යස අගේට පිසිස් තේරෙන්නෙ. ඒවගේ ලොකු වුණා ම ඔයාටත් තේරෙයි. ඒ නිසා බත් කාලා ලොකු වෙන්න හොඳද..

      Delete
  5. අන්න එල කොල්ලෙක්... :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  6. මම මේ Xp වලට මාරු වෙන්න ඉන්නේ... :)

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ? ලෝකේ පස්සට කැරකෙන්නවත් පටන් අරන්ද ?

      Delete
  7. එල...මචං දැන් ඔකේ තව Update එකක් ඇවිත්.. එකත් සුපිරි

    ReplyDelete
    Replies
    1. අහ්... එහෙමද? බලන්නම්කෝ! ස්තූතියි කිව්වට

      Delete
  8. වැදගත් තොරතුරක් මලේ..ස්තුතියි..

    ReplyDelete
  9. ස්තූතියි පොස්ට් එකට. කාලෙකින් ආවත් ඔයාගෙ රාජසිංහ රජු ගැන කියෙව්වා හොඳේ. වැදගත් ලිපි පෙලක් දැක්කා, ජයම වේවා!

    ReplyDelete
  10. ශා ... වටින ලිපියක්...මගෙත් තියෙන්නෙ ජෙනුයින් නෙවි.. ඒත් ඉතින් අප්ඩේට් ඩිස්සේබල් කරල තියන නිසා දැනට නම් අවුලක් ආවෙ නෑ. ඒත් මේකත් ලඟ තියාගන්න ඕන.. ගොඩාක් වටිනවා

    ReplyDelete
    Replies
    1. මේකේ තියෙන වාසිය තමයි OS එක update කරන්න පුළුවන් එක. ඩිසේබල් කරන්න ඕනෙ නැහැ.

      Delete
  11. මගදී හිර වෙන එකක් නැහැ නේ. ළඟ තියාගෙන ඉන්න ඒක කෝකටත් හොඳයි.

    ස්තුතියි මේ ලිපියට.

    ReplyDelete
    Replies
    1. නැහැ නැහැ. මේ කෝකටත් තෛලය!

      Delete
  12. මගේ ලැප් එකට VGA ගත්තෙ නැති නිසා පොඩි අප්ඩේට් එකක් දැම්ම.වැඩේ ඇනුනා.ලෝඩර් පිහිටවත් බලමු.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !