අද ඔන්න කතාවක් කියන්නයි යන්නේ. මේක ඇත්ත ම සත්‍ය කතාවක්. කතාව කියවලා ඔයාලට හිතෙන දෙයක් ඒ විදියටම කියලා යන්නත් අමතක කරන්නෙපා කියලා මුලින් ම කියනවා ඔන්න. ඒ අක්කගේ නම ගීතිකා. අයියාගේ නම සුනෙත් කියමුකෝ. ගීතිකා අක්කා හිටියෙ, අපේ ගෙවල් වලට ප්‍රධාන පාරෙන් හැරෙන පාරෙ පළවෙනි ගෙදර. ඒ අක්කට ලස්සන දිග කොණ්ඩයක් වගේ ම සැරයක් දැක්කොත් ආයේ හැරිලා බලන්න තරම් ප්‍රියමනාප හැඩරුවක් තිබුණ නිසා ම මටත් පොඩි කාලේ ඉඳන් ම හොඳට මතකයි. එයා ඉස්කෝලෙ ගියෙ මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලෙකට.
අම්මා ගෘහණියක් සහ තාත්තා සාමාන්‍ය රැකියාවක් තමයි කළේ. ඊට අමතරව අවුරුදු පහක් විතර බාල මල්ලියෙකුත් හිටියා. ළඟම අසල්වැසියෝ නොවුන නිසා ම අපි අතරෙ ලොකු හිතවත්කමක් නම් තිබුණෙ නැති වුණත් උදේට හම්බවුණොත් ගුඩ් මෝර්නින් මල්ලි කියලා කියන්න වගේම දැක්ක තැනක කටපුරා හිනාවෙලා මොනවා හරි කතාකරන්නත් ගීතිකා අක්කා අමතක කලේ නැහැ. කාලය හෙමීට ගතවෙද්දී අක්කා පාසල් අධ්‍යාපනය ඉවර කරලා පුද්ගලික ආයතනයක රැකියාවක් කරන්න පටන් ගත්තා. මේ කාලෙදි තමයි ගීතිකා අක්කට සුනෙත් අයියා හම්බවෙන්නෙ. ටික කාලයක් පෙම්වතුන් විදියට ඇසුරු කරලා දෙපැත්තෙම මව්පියන්ගෙ ආශිර්වාදය මැද ඒ දෙන්නා විවාහ වෙනවා. පවුලේ එක ම ගෑණු ළමයා නිසා ම විවාහ උත්සවයත් තරමක් ජයට ම තිබුණා. විවාහයෙන් පස්සෙ දෙන්නම විදෙස්ගත වෙනවා රැකියාවන් සඳහා. මේ කාලෙදි තමයි මේ දෙන්නගේ ජීවිත වල ලොකු පෙරළියක් වෙන්නෙ. එහෙමත් නැත්තම් ජීවිත වලට ආලෝකයක් ලැබුණේ කිව්වොත් මම හිතන්නෙ නිවැරදියි.
මේ කාලෙදි අයියයි අක්කයි, ඒ රටේ වැඩ සිටිය ස්වාමින් වහන්සේලාගේ ඇසුරට පත්වෙනවා. ධර්මය අහන්න පටන්ගන්නවා, කුසලයේ හැසිරෙන්න පටන් ගන්නවා. අවුරුදු කිහිපයක් ගතවෙද්දි මේ දෙන්නා ලංකාවට එනවා ඉපැයුව මුදලුත් අරගෙන ම. එහෙම ඇවිත් මේ දෙන්නා හරි අපූරු තීරණයක් ගන්නවා. ඒ තමයි විවාහයෙන් මිදිලා පැවිද්ද ලබාගන්න. වයසේ හැටියට තරමක් විප්ලවකාරී තීරණයක්. පැත්තෙම මව්පියන්, සොයුරු සොයුරියන් විරුද්ධ වෙනවා මේ තීරණය සම්බන්යෙන්. අළුතින් විවාහ වුණ යුවළකගෙන් ලෝකයා වගේ ම මව්පියනුත් ගොඩාක් දේවල් බලාපොරොත්තු වෙනවනෙ. තමන්ගෙ පරම්පරාව ඉදිරියට අරන් යන්න දරුවෝ බලාපොරොත්තු වෙනවා වගේ ම කාලයත් එක්ක වයසට ගියා ම තමන් ව රැකබලා ගනීවී කියන අහිංසක බලාපොරොත්තුවත් ඒ අය තුළ ඇතිවෙන එක සාධාරණයි. එහෙම වුණත් මේ දෙන්නා අධිෂ්ඨානය අත්හරින්නෙ නැහැ පොඩ්ඩක්වත්. තත්වය එහෙම වුණත් යම්තාක් දුරකට මව්පියන් කැමතිකරගන්න සමත් වෙනවා කාලයත් එක්ක. ඒත් එක්ක ම අයියයි අක්කයි උතුම් වූ පැවිද්ද කරා ගිහිගෙයින් නික්මෙනවා තමන් ඉපැයූ මුදල් ගෙදර අයට දීලා. අක්කා අනගාරිකාවක් වෙන්නත් අයියා භික්ෂූත්වය සඳහාත් එකිනෙකාගෙන් වෙන්වෙලා යනවා. ඒ කාලෙදි හරි අපූරු දෙයක් සිද්ධ වෙනවා.
සුනෙත් අයියා පැවිදි බවට හුරුවෙන්න තිසරණ සරණ ගිය උපාසකයෙක් විදියට කටයුතු කරන්න පටන් ගත්ත මුල් කාලෙ රෑ නිදාගන්න උත්සහ කරද්දි භයානක සිහින පෙනෙන්නත්, හරියට කවුරුහරි ඇවිත් ඇඳෙන් ඇදලා දානවා වගෙ දැනෙන්නත් පටන් අරන් තියෙනවා. ඉතින් ස්වාමින් වහන්සේලාට මේ බව කිව්ව ම උන් වහන්සේලා පිරිත් දේශනා කරලා තිබුණත් ඒ තත්වය මඟහැරිලා ගිහින් තිබුණේ නැහැ. ඊටපස්සෙ සුනෙත් අයියා තීරණය කරනවා ආයෙත් පැවිදි බව සඳහා උත්සහ නොකර ගිහි ජීවිතේට ඇතුළුවෙන්න. එතකොට ස්වාමින් වහන්සේ උපදෙස් දීලා තියෙන්නෙ ඒ සඳහා එයාගේ ගෙදරට නොයා බිරිඳගේ ගෙදරට යන්න කියලයි. ඉතින් සුනෙත් අයියා ගීතිකා අක්කගේ ගෙදරට ඇවිත් කාරණය කිව්වම අක්කගේ දෙමව්පියන් එකඟ වෙනවා නැවත ගිහින් අක්ක ව එක්කරගෙන එන්න.
මේ වෙද්දි අක්කා ඉන්නෙ අනගාරිකාවන්ට ම වෙන්වුණු අසපුවක ඒ සඳහා පිළිවෙත් පුරමින්. කරුණු කාරණා මේ විදියට සකස් වෙද්දි හැමෝම යනවා අක්කව නැවතත් ගිහි ජීවිතයට අරන් එන්න හිතාගෙන අනගාරිකා අසපුවට. ගිහින් කාරණය කිව්ව ම අක්කා ගිහි කාලයේ තමන්ගේ සැමියා වුණ සුනෙත් අයියා ව තමන් ළඟට කැඳවාගන්නවා. ඊට පස්සෙ තමන් ඉගෙනගත්ත ධර්මය අයියාට කියලා දීලා නැවතත් උතුම් වූ භික්ෂූත්වය වෙනුවෙන් සුනෙත් අයියාගේ හිත මෙහෙයවනවා වගේ ම දෙමව්පියන්ටත් උතුම් ධර්ම කාරණා අවබෝධ කරලා දෙනවා. ඒ හේතුවෙන් ම සුනෙත් අයියාට පුළුවන් වෙනවා නැවතත් පැවිදි බව වෙනුවෙන් උත්සහ කරන්න පටන්ගන්න. ඒ හේතුව නිසා ම එයාලා ආව කාරණය මඟහැරිලා ගියා වගේ ම සුනෙත් අයියා නැවතත් ගිහි ජීවිතෙන් අයින් වුණා. මේ සටහන කියන අද දවස වෙද්දි ගීතිකා අක්කා උතුම් වූ අනගාරිකාවක් බවට පත්වෙලා, ඒ පසුගිය වෙසක් පෝය දවසෙදි. ඒ වගේ ම තව නොබෝ දිනකින් ම සුනෙත් අයියත් උතුම් වූ පැවිදි භූමියට පත් වෙන්නට නියමිතයි.
ගිය සතියෙ ගෙදර ගියාම අම්මා තමයි මට මේ කතාව කිව්වේ. ඒ කතාව ඇහුව ගමන් මට ලොකූ සතුටක් දැනුණා වගේ ම ගීතිකා අක්කා ගැන මගේ හිතේ ලොකු ගෞරවයක් ඇතිවුණා. තමන් නිවැරදි මාර්ගයේ ගමන් කරන ගමන් ම තමන්ගේ සැමියා වගේ ම දෙමව්පියනුත් ඒ නිවැරදි මාර්ගයේ ගමන් කරවන්න තරම් වීරවරියක් වුණා නේද කියලා තමයි මට හිතුණේ. (තමන්ගේ දෙමව්පියන් ට ධර්ම මාර්ගය විවර කරලා දෙනවා තරම් දරුවෙකුට වෙන ණය ගෙවන්න විදියක් නැහැනේ දෙමව්පියන් ට ) බුදු සසුනේ අග්‍ර දායිකාව වුණ විශාඛාවත් මේ විදියටම තමන්ගේ සැමියා ඇතුළු ව නෑදෑ පිරිස ධර්මයේ හික්මවූවා, ඒ වගේ ම වරක් පසේනදී කෝසල රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහමින් ඉද්දි පණිවිඩකරුවෙක් ඇවිත් කියනවා මල්ලිකා දේවියට දියණියක් උපන්නා කියලා. මේක ඇහුව රජතුමාගේ මුහුණ ශෝකයෙන් අඳුරු වුණා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මය අවබෝධ කරනවා කියන එකේ ස්ත්‍රී/පුරුෂ භේදයක් නැති බව. ඒ වගේ ම ලෝකය එළිය කරන්නත් ඇයට හැකි බව. ඒ කතා දෙකත් මට මතක් වුණා.
ප.ලි: මගේ ලැප් බබාට අවුරුද්දක් පිරෙන උපන්දින දවසේ පොඩි කරදර ගොඩක් වුණා එයාට. කී බෝඩ් එකේ යතුරු වැඩ කරන්නෙ නැතුව ගියා, බ්ලූටූත් වැඩ කළේ නැහැ. ඩිස්ප්ලේ එකේ කලර් පැච් වගයක් ආවා. (ඒවා ගැන යාළුවෝ නම් එක එක කට කැඩිච්ච කතා කියනවා, ඒත් මම ගණන් ගනීද ඒවා!) ඒ නිසා පහුගිය සති දෙකේ බ්ලොග් සටහන් ලියන්නවත් කාටවත් කමෙන්ට් කරන්නවත් විදියක් තිබුණෙ නැහැ. අද වෙද්දී කී බෝඩ් එකනම් හරි. අනිත් ඒවා තව ඉස්සරහට... (hp agents ලා හොඳ නිසා යන්තම් ගොඩ ගියා! )

හරිම කලාතුරකින් අහන්න ලැබෙන විදියේ කතාවක්...තරුණ අය මෙහෙම තීරණ ගන්නවා හරි අඩුයිනේ. ඊටත් දෙන්නම එක පාරට...
ReplyDeleteඅනගාරිකාවක් කියන්නේ කවුද මල්ලි ?
ලංකාවේ මම දන්න හැටියට භික්ෂුණී ශාසනය නැහැනේ අක්කේ. ඒක නැවත පිහිටවන්න නම් උපසම්පදා වුණ භික්ෂුණීන් වහන්සේලා ඉන්නෝන. ඒකයි හේතුව. ඒ නිසා ලංකාවේ දැනට ඉන්නෙ දසසිල මාතාවෝ නේ. අන්න ඒ වගේ තත්වයකට කියන නමක් තමයි ඒ. ගිහි ජීවිතෙන් ඈත් වෙලා බ්‍රහ්මචාරී ව ඉන්නව වගේ. මතකද අනගාරික ධර්මපාලතුමා.... අන්න ඒ වගේ!
DeleteCommented By හදවතින්ම ශ්‍රී ලාංකිකයි..ඔයා ඔය ලියලා තියන ලිපිය කියවපුවම මට හිතෙන්නේ ඒ දෙන්න පැවිදි වෙන්නේ මහමෙව්නා අසපුවක කියලා...
Deleteමම හරි නේද?
ස්තුතියි මල්ලි, එහෙනම් අනගාරිකාවක් කියන්නේ දස සිල් මාතාවකට.
Deleteහැබැයි මම හිතන්නේ දැන්නම් භික්ෂුණි ශාසනය තියනවා ලංකාවේ. මිට අවු. 3 කට විතර උඩදී භික්ෂුණින් වහන්සේලා දෙන්නෙක් අපේ ගෙදරට ආවා. අපි හිතුවේ ඔවුන් දසසිල් මාතාවෝ කියලා. පස්සේ විස්තර කතා කරද්දී ඔවුන් භික්ෂුණින් බව දැන ගත්තා. වෙනත් රටකින් භික්ෂුණින් වහන්සේලා ගෙන්නවලා තමයි මෙහෙ උපසම්පදාව ඇති කරලා තියෙන්නේ. දවසක් රුපවාහිනි වැඩසටහනකත් භික්ෂුණියක් හිටියා කියලා මතකයි...
ආ... එහෙනම් වෙන්න ඇති අක්කේ. මම දැනගෙන හිටියෙ නැහැනෙ. ස්තූතියි කිව්වට ඒ ගැන!
Delete@ All in one: අනිවාර්යෙන් ම...
Deleteඅනගාරික කියන්නේ ගෙයක් නැහැ කියන එකට.ඒ කියන්නේ ගිහි බැඳීම් නෑ.
Deleteනියමයි
ReplyDeleteමැද හරියත එද්දිම මට විශාකා සිටු කුමරිය මතක් උනා..... ළහිරු ඒටෛකත් ලියලනේ....ගීතිකා අක්ක අපේ කාලේ විශාකාවක්..
ReplyDeleteතුන් වතාවක් සාදු .... කියල මේ උතුම් මිනිස්සුන්ට ගෞරව කලාට පව් නෑ....
ස්තුතියි ළහිරු හිත පහන් වෙන කතාවක් ලිව්වට
සහතිකව ම...
Deleteවැදගත් කතාවක් බොහොම ඉස්තුතියි අපිත් එක්ක බෙදා ගත්තට
ReplyDeleteස්තූතියි මේ පැත්තේ ආවටත්!
DeleteAththatama kathavata sathutui.Oya mona ratedida? Lankave Hamuduruwaru asuru karalada ema vasanavanththa thathvaya labuve? Nathnam ema rate Hamuduruwaru asuru karalada? Lankaven giya pitaratavala inna samahara Hamuduruwaru godak durata karanne vena vena wadane.
ReplyDeleteමහමෙව්නාව භාවනා අසපුවේ පිටරට ශාඛාවක ස්වාමින් වහන්සේලා ඇසුරෙන් තමයි එහෙම වුණේ. කල්‍යාණ මිත්‍ර ආශ්‍රය වටිනවා නේද!
Deleteඇඩෙනවා බං.. සීන් එක...
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
හ්ම්ම්ම්... සතුටුයි නේද! එසේ ම වේවා කිව්වා!
Deleteපුදුම හිතෙනවා..එ වගේ තිර්ණයක් ගන්න හිත කොයිතරම් නම් ශ්‍රද්ධා වෙන්න ඔනේද.. අපුරු දෙදෙනෙක්.. ගීතිකා අක්කා වගේම සුනෙත් අයියත්..මොකද ඔය දෙන්නාගෙන් එක්කෙනෙක් හරි අද ඕකට අකමැති උනා නම් කොච්චර ප්‍රශ්න එන්න පුලුවන්ද..එහෙම බලද්දි එ දෙන්නාගේ ආදරෙත් උතුම්..
ReplyDeleteඇත්තෙන්ම... සංසාරෙයේ ඈත ඉඳන් පතාගෙන ආව දෙන්නෙක් වෙන්නත් පුළුවන්!
Deleteමේ වගේ තරුණ වයසින් සාසනය ඇතුල් වෙන අය ගැන අහන්නත් සතුටුයි.
ReplyDeleteඔව්, එහෙම අය අවබෝධයෙන්මයි පැවිදි වෙන්නෙ, ඉතින් උපැවිදි වෙනවා හරි අඩුයි!
Deleteඇත්තමයි කවදාවත් අහපු නැති විදියේ සිද්දියක්. ඒ වගේ දෙයකට හිත හදාගන් ඒ දෙන්නට පුළුවන් වීම ගැන පුදුමයි.
ReplyDeleteඒ වගේම සතුටුයි නේද?
Deleteඅයියො මේක ඇත්තම සිද්ධියක්ද...?? අදහගන්නත් බෑ.....
ReplyDelete100% ක් ඇත්ත!
Deleteනාකි වෙලා මහණ වෙලා මොකුත් තේරුම් යන්ඩ කළිං මැරෙන එකයි, පොඩි කාලෙ දැනුම් තේරුම් නැතුව ඉන්නකොට මහණ කරවලා පස්සෙ ලොකුවෙලා මදනයා ඔළුවට ගහපුවාම චීවරේ ඉඳං පිස්සු නටන එකයි එක්ක බැලුවම තරුණ වයසෙන් මහණ වෙන එක හොඳයි.
ReplyDeleteඅනිවා, කොහොම උණත් අවබෝධය තමයි වැදගත් වෙන්නේ!
Deleteසෑමාගේ කතාව බලලා එද්දි තවත් ඒ වගේම වටිනා අගය කරන්න ඕන කතාවක්..
ReplyDeleteආ... මමත් කියෙව්වා ඒක!
Deleteස්තුතියි ලහිරු හැමෝගෙම සිත් පහන්වෙන ආකාරයේ කතාවක් බෙදාගත්තට..
ReplyDeleteමෙහෙම හිතන අය ලෝකේ ගොඩක් ඉන්නවා..ඒ හැමටම තමන්ගේ උතුම් අරමුණු ඉටු කරගන්න හැකියාව ලැබේවා...
එක ම අරමුණ නිර්වාණය සාක්ෂාත් කරගැනීම වෙන්නෝන! සාදු සාදු සාදු!
Deleteඔයවගේ ජාතක කතාවකුත් තවත් චරිත කතාවකුත් තිබුන මතකයි.
ReplyDeleteඒ මොකක්ද? මටනම් මතක නෑනේ!
Deleteධර්මය හරියට අවබෝධ වෙන්න පටන් ගත්තම මේ වගේ කුසල් කරන්න හිතෙනවා. වාසනාවන්.
ReplyDelete