‘පව් කරන හැමෝ ම දුක් විඳිනව ද..?’, කියල ඇහුවොත් සමහර කෙනෙක් කියයි, “අපෝ නැහැ ඔය ඕන තරම් ඉන්නේ පව් කර කර සැප විඳින අය...” කියලා.. බොහෝ විට ඒ අය ඒ දේ කියන්නේ මේ ජීවිතයේ පින් පව් වල විපාක නැහැ කියන අදහසේ පිහිටල වගේ ම, මේ ජීවිතය ගැන විතරක් කල්පනා කරල යි. ඒ විදියට පව් කම් කරමින් මේ ජීවිතය තුළ සැප සේ ජීවත්වන බව පෙනෙන සිය දහස් ගණන් පිරිස් නිසා, සමහර උදවිය කර්ම-කර්මඵල විශ්වාසයෙන් පවා බැහැර වෙන අවාසනාවන්ත සිදු වීම් ඕනතරම් තිබෙනවා...ප්‍රශ්නේ තියෙන්නෙ අපිත් එහෙම වෙන්න ඕනද කියන එකයි. මේතරම් වටින ධර්මයක් අපිට තියෙද්දි ඇයි අපි අයාලේ යන්නේ?
“ඔය විපාක ලැබෙනවා කියන එක මොන බොරුවක් ද..? අරගොල්ල අර අපිටත් වැඩිය හොඳට ඉන්නෙ..” ඔවැනි කථා කියන අය අද සමාජයේ වැහි වැහැල. විශේෂයෙන් ම හොර බොරු වංචාවලින් සත්ව ඝාතනවලින් ධනය උපයාගෙන සුඛෝපභෝගී ජීවිත ගත කරන අය දිහා බැලුවා ම ප්‍රඥාව දුබල කෙනාට එසේ සිතීම අරුමයකුත් නොවෙයි. නමුත් එසේ සිතා කර්මකර්ම ඵලය විශ්වාස නොකිරීමෙන් මිත්‍යා දෘෂ්ටියට ඇද වැටීම ඉතා ම භයානකයි..මොකද මිත්‍යා දෘෂ්ටිකයාට පරලොව දෙකයි තිබෙන්නේ. එක්කෝ නිරය නැතිනම් තිරිසන් ලෝකය. එය සනාතන සත්‍යයක්.
බොහෝ දෙනෙක් එවැනි මිත්‍යා දෘෂ්ටියකට වැටෙන්නේ, ඒ අය සිතාගෙන සිටිනවා, පව් කරන අයට ඒවා මේ ජීවිතයේ දී ම ඇස් පනාපිට ම විපාක දිය යුතු යි කියා. එයත් එක්තරා මිත්‍යා දෘෂ්ටියක්. මේ නිසා අපව නිරයට ඇද දැමිය හැකි එම භයානක මිසදිටුවලින් අත්මිදීම උදෙසා, මේ කරුණ පිළිබඳව යම් දැනුවත් භාවයක් ඇති කර ගැනීම වැදගත් වෙනවා. අපට නොතේරෙන එම කරුණු ගැන යථාර්ථය දෙව්මිනිසුන්ට කියා දුන්නේ අපේ භාග්‍යවතුන් වහන්සේ යි.
“පව් කරන හැමෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිනවා” ය කියා, එහෙමත් නැත්නම් “දුක් දොම්නස් විඳිය යුතු යි” කියා යමෙක් සිතාගෙන සිටිනවා නම් එය අයත් වන්නේ මිත්‍යා දෘෂ්ටියකටයි. ඒ බව භාග්‍යවතුන් වහන්සේ ඉතා සුන්දර අයුරින් පාටලී කියන ගම් ප්‍රධානියාට පැහැදිලි කොට දුන්නා. දැන් ඒ දෙසුමේ ඇතුළත් වෙන මේ සොඳුරු දහම් කථාව කියවමු.
“ගාමණී, මෙවැනි මතවාදවලින් යුක්ත, මෙවැනි දෘෂ්ටිවලින් යුක්ත ඇතැම් මහණ බමුණන් සිටිනවා. එනම්, ‘යමෙක් සතුන් මරණවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් සොරකම් කරනවා නම් ඒ සියල්ලෝ ම, මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් කාමයන් හි වැරදි ලෙස හැසිරෙනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති. යමෙක් බොරු කියනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දී ම දුක් දොම්නස් විඳිති.’ කියා යි.
ගාමණී, මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජුන් ලෙස ඉඳුරන් පිණවන ඇතැම් අය දකින්නට පුලුවන්.
එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා මේ විදියට, මල් මාලා පළඳාගෙන,…………රජෙක් ලෙස ඉඳුරන් පිණවමින් කාලය ගත කිරීම පිණිස, ඔහු සිදු කළේ කුමක් ද..?”
එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්ව පරාජය කොට ඔහුව ජීවිතයෙන් තොර කළා. රජු ඔහු ගැන සතුටු වී පඬුරුත් ලබා දුන්නා. එයින් තමයි මේ පුරුෂයා, මේ විදියට, මල් මාලා පළඳාගෙන, ආභරණ දරාගෙන, හොඳින් ස්නානය කර, සුවඳ විලවුන් ගැල්වූ, හොඳින් කැපූ කෙස් රැවුල් ඇතිව, කාන්තාවන් සහිත කාමයන් විඳිමින් රජෙක් ලෙස ඉඳුරන් පිණවනමින් කාලය ගතකරන්නේ..”
ගාමණි, මේ ලෝකයේ ඇතැම් කෙනෙක් ව දැඩි ලණුවලින් අත් පිටුපසට කර බැඳලා, හිස මුඬු කරලා, රළු ශබ්ද ඇති බෙරවලින් යුතු ව වීදියෙන් වීදියට, හතරමං හන්දියෙන් හතර මං හන්දියට ගෙන ගොස්, දකුණු දොරටුවෙන් බැහැරට ගෙන ගොස්, නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමනවා. එය දැක මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ විදියට මේ පුරුෂයාව දැඩිලණුවලින් අත් පිටුපසට කර බැඳලා නගරයේ දකුණු දිශාවේ දී හිස ගසා දමන්නේ, ඔහු කුමක් කළ නිසා ද?”
එවිට මිනිසුන් මෙසේ කියනවා. “පින්වත්නි, මේ පුරුෂයා රජුගේ සතුරෙක්. මොහු කාන්තාවක් හෝ පුරුෂයෙක් ව ඝාතනය කළා. ඒ නිසා රජු ඔහු අල්ලාගෙන, මෙවැනි දඬුවමක් ලබා දෙනවා.”
“ගාමණි, ඔබ කුමක් ද මේ ගැන සිතන්නේ..? ඔබ මෙවැනි දෙයක් දැක තිබෙනවා ද, අසා තිබෙනවා ද?”
“ස්වාමීනී භාග්‍යවතුන් වහන්ස, අප විසින් මේ දේ දැකලත් තිබෙනවා, අසලත් තිබෙනවා, ඒ වගේ ම අසන්නටත් ලැබෙනවා”
ප්‍රාණඝාතය නම් වූ අකුසලය සිදු කොට එක් අයෙක් රජෙක් සේ සැප විඳින අයුරුත් තවකෙක් ජීවිතයෙන් වන්දි ගෙවන අයුරුත් පාටලියට සිහිපත් කොට දුන් අප ගේ භාග්‍යවතුන් වහන්සේ ඉන් පසු ඔහුට මේ විදියට වදාළා..
“ගාමණී, එහි යම් ඒ ශ්‍රමණබ්‍රාහ්මණයින් කෙනෙක්, “යම් කිසිවෙක් ප්‍රාණඝාතය කරනවා නම්, ඒ සියල්ලෝ ම මේ ජීවිතයේ දීම දුක් දොම්නස් විඳිනවා” කියා මෙවැනි මතවාදයක් දරනවා නම්, මෙවැනි දෘෂ්ටියක් ඇතිව සිටිනවා නම්, ඔවුන් ඇත්ත කියනවා ද, බොරු කියනවා ද?”
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඔවුන් පවසන්නේ බොරු යි...”
“යමෙක් හිස් වූ බොරු කියනවා නම්, ඒ අය සිල්වත් ද, දුස්සීල ද?”
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, දුස්සීල යි...”
“යමෙක් දුස්සීල නම් පාපී ස්වභාවයෙන් යුක්ත නම්, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද, නිවැරදි ප්‍රතිපදාවකට පැමිණි අය ද..?”
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය වැරදි ප්‍රතිපදාවකට පැමිණි අය.”
“යමෙක් වැරදි ප්‍රතිපදාවකට පැමිණ සිටිනවා නම්, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි ද සම්මා දෘෂ්ටික යි ද..?”
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස, ඒ අය මිත්‍යා දෘෂ්ටික යි.”
“යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටික යි නම්, ඔවුන් ගැන පැහැදීම සුදුසු යි ද?”
“ස්වාමීනි භාග්‍යවතුන් වහන්ස එය සුදුසු නොවේ ම යි..”
ඉන් පසු භාග්‍යවතුන් වහන්සේ නොයෙක් උදාහරණ දක්වමින්, සොරකම් කිරීම, වැරදි කාමසේවනයේ යෙදීම, බොරු කීම ආදී අකුසල් ගැනත් ඒ අයුරින් පාටලිය ගාමණිට පෙන්වා වදාළා..
මෙයින් අපට පැහැදිලි වෙනවා, ලෝකයේ පව්කම් කරන අය, මේ ජීවිතයේ දීම අනිවාර්යයෙන් දුක් දොම්නස් විඳීමක් සිදු වනවා කියා එකක් නොමැති බව. යමෙක් එසේ විය යුතු යි කියා කල්පනා කරනවා නම් එය මිත්‍යා දෘෂ්ටියක්. කර්ම-කර්ම පල නො පිළිගන්නා බොහෝ අය තුළ මේ මිත්‍යාදෘෂ්ටියත් සියුම් ලෙස පවතිනවා.
කෙනෙක් පව් කම් කළ පසු, එයට විපාක මේ ජීවිතයේ දී ම ලැබීම අනිවාර්ය නොවන නමුත් යම් පවක් කළ පසු එහි කර්ම විපාක වශයෙන් සැප සම්පත් ලබනවා, සැප වේදනවා විඳිනවා කියා දෙයක් කිසිදු අයුරකින් කිසි දා සිදු වන්නේ නැහැ. සුලු හෝ පව් කමකට ලැබෙන විපාකය දුක් සහිත ම යි. එම විපාකය ලැබෙන්නේ මේ ජීවිතයේ ද නො එසේ නම් වෙනත් ජීවිතයක දී ද කියන එක පමණයි අපට නිශ්චිතව පැවසිය නො හැකි කරුණ වන්නේ. ඉහත සිදුවීමේ දී මනුෂ්‍ය ඝාතනය සිදු කළ කෙනාට, සැප සම්පත් ලැබුණේ, ඔහු ඒ සිදු කළ පාපකර්මයේ කර්මවිපාකයක් හැටියට නොවෙයි. එයට වෙනත් කිසියම් දෙයකුයි හේතු භූත වුයේ.
ඒ වගේ ම තමයි වර්තමානයේ දීත්, විවිධ අකටයුතු කම් සිදු කරන අය සැප සම්පත් විඳින්නේ, ඔවුන් සිදු කරන ඒ පව්වල විපාක ලෙස නොවෙයි. ඇතැම් විට ඔවුන් සැප සම්පත් විඳිම පිණිස පෙර පින් කළ අය යි. නමුත් කිසියම් අවාසනාවකට ඒ පිරිස වර්තමානයේ අකුසලයට පෙළඹී සිටිනවා. ඒවාගේ දුක් විපාක, ඔවුන්ට මේ ජීවිතයේ ම හෝ මතු ජීවිතයක දී හෝ ලැබීම සිදු වෙනවා. යම් අයෙක් සිදු කරනු ලබන පාපයන් අලුයට සැගව ඇති ගිණි පුපුරු මෙන් පැවතී සුදුසු අවස්ථාවේ දී පැමිණ, පාපය සිදු කළ අඥාන පුද්ගලයා ව දවන බවයි භාග්‍යවතුන් වහන්සේ පෙන්වා දී තිබෙන්නේ..
එසේ ම තවත් අවස්ථාවක භාග්‍යවතුන් වහන්සේ මෙසේත් වදාළා..
පාපෝ’පි පස්සති භද්‍රං යාව පාපං න පච්චති
යදා ච පච්චති පාපං අථ පාපෝ පාපානි පස්සති..
“පව විපාක නොදෙන තාක් පව් කරන කෙනාත් යහපත දකිනවා (පෙර කල පින් බලයෙන් සැප විඳිනවා). යම් දවසක පව විපාක දෙනවා ද, එවිට පාපී කෙනා පාපයේ විපාක දකිනවා..”
මේ නිසා අපි මේ පිළිබඳව ඉතා හොඳ දැනුවත් භාවයකින් යුතුව වාසය කළ යුතු යි. එසේ නොවුණහොත්, ඉතා පහසුවෙන් මිත්‍යාදෘෂ්ටියට වැටී අපාගාමී වීමේ ඉඩකඩක් තිබෙනවා. එවැනි විපතක් සිදු නොවේවා, අඩුම තරමින් කර්ම කර්මඵල විශ්වාස කිරීමේ ලෞකික සම්මා දිට්ඨියට හෝ පැමිණේවා...යන අදහසින් තමයි මේ සටහන තියන්නේ!
ප.ලි: මේක ලියන්න මට ආව ඊයකුත් උදව් වුණා. මේ පෝ දින විශේෂ සටහනක්. පොසොන් පෝයේ වැදගත්කම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කලින් සටහන් බලන්න ඕන නම් මෙතනින් යන්න. සියළු දෙනාටම තෙරුවන් සරණයි...

තවත් පුංචි කතාවක් තියෙනවා කියන්න, ඒකත් කියලම සටහන ඉවර කරන්නම්. අහලා ඇතිනේ සත්බුදුරජාණන් වහන්සේලා ගැන. ඒ කියන්නේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ පටන් අවසානයට බුද්ධත්වයට පත්වුණ විපස්සී, සිඛී, වෙස්සභූ, කකුසඳ, කෝණාගම, කාශ්‍යප කියන බුදුරජාණන් වහන්සේලා. මෙයින් විපස්සී බුදුරජාණන් වහන්සේ පහළ වුනේ මීට කල්ප 90කට කලිනුයි. ඊට පස්සේ සිඛී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත්වෙන්නේ කල්ප 30කට පස්සෙයි. ඒ අතරතුර කල්ප 60ක් තියෙනවනේ. ඒ කාලය බුදුවරු පහළ නොවුණ, ධර්මය නොමැති වුණ බුද්ධ ශුන්‍ය කල්ප විදියට තමයි හඳුන්වන්නේ. ඒ කල්ප 60 ඇතුළත සුගතිගාමී වෙලා තියෙන්නෙ එකම එක පුද්ගලයයි කියලා තමයි ධර්මයේ සඳහන් වෙන්නේ. ඊට හේතුව ඒ කෙනා කර්ම-කර්ම ඵල විශ්වාස කිරීමයි. අනිත් හැමෝම දුගතියට තමයි ගිහින් තියෙන්නේ. හිතන්නකෝ කොහොමද මිථ්‍යාදෘෂ්ඨියේ බලපෑම නේද...
මේ නිසා අපි මේ පිළිබඳව ඉතා හොඳ දැනුවත් භාවයකින් යුතුව වාසය කළ යුතු යි. එසේ නොවුණහොත්, ඉතා පහසුවෙන් මිත්‍යාදෘෂ්ටියට වැටී අපාගාමී වීමේ ඉඩකඩක් තිබෙනවා. එවැනි විපතක් සිදු නොවේවා, අඩුම තරමින් කර්ම කර්මඵල විශ්වාස කිරීමේ ලෞකික සම්මා දිට්ඨියට හෝ පැමිණේවා...යන අදහසින් තමයි මේ සටහන තියන්නේ!
ප.ලි: මේක ලියන්න මට ආව ඊයකුත් උදව් වුණා. මේ පෝ දින විශේෂ සටහනක්. පොසොන් පෝයේ වැදගත්කම අමුතුවෙන් කියන්න ඕන නැහැනේ. කලින් සටහන් බලන්න ඕන නම් මෙතනින් යන්න. සියළු දෙනාටම තෙරුවන් සරණයි...
පොහෝය දිනයේදී මෙවැනි ලිපියක් පලකිරීම ඉතාමත් මහගු කාර්ය්‍යකි
ReplyDeleteස්තූතියි ආවාට වගේ ම ප්‍රතිචාරයටත්!
Deleteරතු පාටින් හයිලයිට් කරපු කොටස කියවන්න අසීරුයිග එය කහපාට අකුරින් දැම්මානම් අගෙයි.
Deleteසිරාවට පින් තියන පෝස්ටුවක්...
ReplyDeleteසුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
ඔබටත් එසේම වේවා සහෝ!
Deleteදුමින්දටයි, මරුවින්ටයි කල දේවල් පල දෙනවාද බලමුකො. කම්බ මිනීමරුවෙක් වෙච්ච කරුණාත් දැන් ජොලියෙ.
ReplyDeleteඔය තියරිය හරිද කියල බලමුකො.
අනිවාර්යෙන් ම මේක සාර්වත්‍ර නියමයක්!
Deleteමම නං කර්මය විශ්වාස කරනව. ඒ වගේම මම දැකල තියනව මිනී මරල නිදැල්ලෙ ඉන්න උදවිය. එයාලට දඬුවම් නෑ වගේ පෙනුනත් ඉන්නෙ 24පැයේම සැකෙන් භයෙන්. ඒ දඬුවම හොඳටම ඇති කියල හිතෙනව.
ReplyDeleteලෝකයා ඉස්සරහා හිනා වෙලා හිටියට ඒ අයට හරියකට නින්දක්වත් නැහැ රෑට... තව වෙන මොනවද?
Deleteබ්ලොග් පුරාවට සිත් පහන් වෙන පෝස්ටුමයි.... කර්ම ඵල මම තදින් විෂ්වාස කරනවා...
ReplyDeleteහොඳ පෝස්ටුවක් ලහිරු.. හැබැයි අකුරු ටිකක් කියවන්න අමාරුයි
ස්තූතියි... ම්ම්ම් අකුරු පොඩීද? අපැහැදිලියිද ?
Deleteඉතා හොද Post එකක්... මේ පොසොන් එකේ කියවපු පළමු සිත පහන් කරන පොස්ට් එක... ජයෙන් ජය
ReplyDeleteස්තූතියි ප්‍රතිචාරයට වගේ ම මේ පැත්තෙ ආවටත්!
Deleteබොහොම පින් ඔයාගේ ලිපියට .අපිව මේ පිලිබදව දැනුවත් කලාට.
ReplyDeleteකියෙව්වට ඔයාලටත් පින්!
Deleteබොහොම පින් ඔයාගේ ලිපියට .අපිව මේ පිලිබදව දැනුවත් කලාට.
ReplyDeleteගොඩක් පින් මෙහෙම දේවල් පෝස්ට් කරනවට !
ReplyDeleteඔයාටත්! ස්තූතියි ඇගයුමටත්!
Deleteඇත්තටම හොද පොස්ට් එකක්..
ReplyDeleteස්තූතියි...!
Deleteඅපි කරන හැම ක්‍රියාවකම ප්‍රතිඵලය මතුදිනෙක අපිටම බුක්තිවිඳින්ට ලැබෙනව සිකුරුයි
ReplyDeleteඔව්, වපුරන හැටියට නේ නෙලාගන්න පුළුවන්... නේද අයියේ!
Deleteහැම පෝය දිනකදීම මෙවැනි ලිපිය ඔබෙන් කියවීමට අපි දැන් පුරුදුවෙලා
ReplyDeleteගොඩාක් පිං
ඒක තමයි සහෝ මටත් ඕන කරලා තිබුණේ... පෝය දවසකට හරි අපේ හිත පොඩ්ඩක් පහන් කරන්න මේක හොඳ ක්‍රමයක් මම හිතන්නේ!
Deleteකර්මය ගැන මමත් ටිකක් විශ්වාස කරනවා අයියේ.. අදත් වැදගත් තොරතුරු ටිකක්..
ReplyDeleteඇයි ටිකක්? ඒ කියන්නේ ඔයාට සැක තැන් තියෙනවා නේද මලයෝ...? එහෙම තියාගන්න එපා, කාගෙන්හරි අහලා දුරුකරගන්න!
Deleteවැදගත් තොරතුරු ටික.හැබැයි මම කර්මය ඔය තියෙන විදිහට විශ්වාස කරන්නෙ නෑ.එතකොට ඔය තියරියට අනුව මම මිත්‍යා දෘෂ්ඨිකයෙක්.අපාය තමයි නේ!!!!
ReplyDeleteඅනිවාර්යයෙන් ම, ඒකේ සැකයක් නැහැ සහෝ... මරණය කියන එක කොයිවෙලේද කියන්න අපට බැහැනේ. ඒ නිසා ධර්මය ගැන ඔයාගේ තියෙන සැක තැන් ඉක්මනින් නැතිකරගන්න, ඒක ඔයාට ලාභයක්මයි!
Deleteහපුයි....මට කෝමට් මේ සබ්ජෙක්ට් එක මඩුලු කොයිල්නෙ අයියෝ......:(
ReplyDeleteඒ වුණාට මේක තමයි නගෝ ජීවිතේ හොඳටම දැනගෙන ඉන්නෝන සබ්ජෙක්ට් එක. හැමදේම තීරණය වෙන්නේ මේක මතයි. මොකද මිනිස් ජීවිතයක් ලබාගන්න එක කොයිතරම් අමාරුද කියලා කෙනෙක් දන්නවා නම් එයා වැරදි අඩුවෙන් කරන කෙනෙක් වේවි!
Deleteහ්ම්ම්ම්ම්ම්ම්ම් :)
Deleteඅද පෝය ඩේ ස්පෙෂල් නේ? අයියේ... අර රතු පාට අකුරු ටික බලද්දී ඇහැට අමාරුයි වගේ නැද්ද? (තලා වෙන්න එපා. මට පෙනුණු හැටි :( )
ReplyDeleteඔව් ඔව්, ඒත් මොකටද තරහා වෙන්නෙ. අවංක කමෙන්ට්ස් තමයි වටින්නෙ. මම මේ පෝස්ට් එක schedule කරලා පෝස්ට් කළ නිසා හරියටම කලින් පාට මැච් කරගන්න බැරිවුණා. පරණ පුරුද්දට පාට දැම්මේ!
Deleteකළ කම් පැමිණේ...ගොනු බැඳී ගැල සේ...
ReplyDeleteමල්ලි අහෝසි කර්ම ගැනත් වෙලාවක කියනවද? ඒ ගැන දැනගන්න ආසයි :)
කර්ම අහෝසි වෙන්නේ රහත් භාවයට පැමිණුනමයි. රහත් බව ලබල පිරිනිවන් පෑවට පස්සේ කර්ම ඵල විපාක දෙන්නේ නැනේ. ඒවා අහෝසි කම්ම වෙනවා.
Deleteඑහෙමත් වෙනවා, නමුත් සමහර වෙලාවට එහෙම නොවෙන විදි ත් තියෙනවා, ඒ ගැන හරියටම දැනගෙන දාන්නම්කෝ අක්කේ!
Deleteසිත් නිවී සැනහෙන සිතුවිල්ලක්...ස්තුතියි ලහිරු..
ReplyDeleteබොහෝ පින්කොට පැමිණ උසස් ආත්මභාවයක් ලැබ ඒත් පව් කිරීමට පෙළඹෙන එක ගැන ලහිරු හිතන්නේ මොකද්ද?
ඒක සමහර විට සසර පුරුද්දක් වෙන්නත් පුළුවන්, එහෙමත් නැත්තම් පංච න්‍යාම ධර්ම අනූව ඒ දේ වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දෙමව්පියන්, පරිසරය , කාලය වගේ දේවල් වලට අනුව. මොකද කර්මය කියන්නෙත් තවත් එක න්‍යාම ධර්මයක් විතරයිනේ. අක්කා මොකද හිතන්නේ ?
Deleteපෝ දිනට පමනක් නොවේ සැමදාටම වටින අදහසක්....!! (දැන් නම් පෝය පහු වෙලා තිබුනත්)
ReplyDeleteඇත්තටම, ඒත් කීයෙන් කීදෙනාටද මේ දේවල් නැවත නැවත මතක් වෙන්නෙ?
Deleteගොඩක් වටින පෝස්ට් එකක්...
ReplyDelete