මොනවද මේ පරමාණුක ඔරලෝසු එහෙමත් නැත්තම් Atomic Clocks කියලා කියන්නෙ? ඒ ගැන කතාකරන්න කලින්, ඔරලෝසු ගැන කිව්වම මතක්වෙනවනේ නොයෙක් ජාතියෙ ඒවා නේද? අතේ බඳින ඒවා, බිත්තියෙ එල්ලන ඒවා, වයින් කරන ඒවා, බැටරි තියෙන ඒවා, එලාම් ඔරලෝසු, ඔරලෝසු කණු වල තියෙන විශාල ප්‍රමාණයේ ඒවා... වගේ. හැමෝටම මතක ඇතිනේද ඉස්සර පරණ ගෙවල් වල තිබුණා බට්ටා ඔරලෝසු. අර හැම පැයකටම සැරයක් කෑගහන්නෙ. ඒවායේ කාලය ගණනය කරන්නෙ සාමාන්‍යයෙන් ඒකේ මැද ඉන්න බට්ටා එහෙමත් නැත්තම් අවලම්බයේ දෝලනය මුල් කරගෙනයි. අපේ සාමාන්‍ය එදිනෙදා ගෙදරදොර වැඩකටයුතු වලට ප්‍රමාණවත් තරමේ නිවැරදි බවක් පෙන්වන ඔරලෝසුව මුලින් ම නිර්මාණය කලේ ක්‍රි.ව 1656 දී ක්‍රිස්ටියන් හයිජින් කියන පුද්ගලයා.
අපේ ගෙවල් වල දැන් තියෙන ජාතියෙ ඔරලෝසු වල තාක්ෂණය ආරම්භ වුණේ ක්වාට්ස් කියන පාෂාණයේ එහෙමත් නැත්තම් පළිඟු කියලා හැමෝම කියන පාෂාණයේ අනුනාද සංඛ්‍යාතය මුල් කරගෙනයි. ඒ වුණාට දැන් නම් ඒ පලිඟුව වෙනුවට යොදාගන්නෙ ආදේශක තමයි. මේ ක්වාට්ස් ඔරලෝසු වල කාල ගණනයේ නිරවද්‍යතාවය ගත්තොත් සාමාන්‍ය පරිසර උෂ්ණත්වයේදී මාසයකට තත් 15 ඉඳන් අවුරුද්දකට තත් 10 දක්වා විචලනයක් දකින්න පුළුවන්. සාමාන්‍ය අවලම්බ ඔරලෝසු වලට වඩා නිවැරදිව කාලය ගණනය කරන මේ ඔරලෝසුව නිර්මාණය කළේ කැනේඩියානු ජාතික සන්නිවේදන මැවිසුරෙක් වෙන වොරන් මැරිසන් විසින්.
ඔන්න දැන් අපි අපේ මාතෘකාවට එන්නයි හදන්නෙ. පරමාණුක ඔරලෝසු. උඩ රූපයේ තියෙන්නෙ නවීනතම පරමාණුක ඔරලෝසුවක්. මේ පරමාණුක ඔරලෝසු නිපදවන්න යොදාගෙන තියෙන්නෙ පරමාණුක ක්‍රමාංකය 133ක් වෙන සීසියම් කියන මූලද්‍රව්‍යය. සීසියම් පළමුවෙනි කාණ්ඩයේ සක්‍රීය ලෝහයක්. ඔය පළමුවෙනි කාණ්ඩයේ ලෝහ වතුරට එහෙම දාලා ටැස් කරලා තියෙන අය එහෙම ඇතිනෙ! (මමත් එකෙක්!).
එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් ආවර්තිතා වගුවේ මූලද්‍රව්‍යය එකසිය ගාණක් තියෙද්දි ඇයි සීසියම් ම මේ සඳහා තෝරගත්තේ කියලා. ඇත්ත. මටත් එහෙම හිතුණා. ඒකට හේතුව තමයි අනෙක් මූලද්‍රව්‍ය වලට සාපේක්ෂ ව කාල ගණන ක්‍රියාවලියේදි සීසියම් මූලද්‍රව්‍යය අසාමාන්‍යය නිවැරදි බවක් පෙන්වීම. පරමාණුක ඔරලෝසුවේ යාන්ත්‍රණය ටිකක් විතර සංකීර්ණ වුණත් ඒකෙදි භාවිතා වෙන න්‍යාය නම් සරල එකක්. විද්‍යාත්මක ව තත්පරය අර්ථ දක්වලා තියෙන්නෙත් මූලද්‍රව්‍යයක අර්ධ ආයුකාලය සැලකිල්ලට අරන් නේ (1 second = 9,192, 631,770 cycles of the standard Cs-133 transition). ඉතින් මේකේ භාවිතා කරන න්‍යාය තමයි සීසියම් ලෝහය එහි ශක්ති මට්ටම් දෙකක් අතර සංක්‍රමණය වීමට ගතවෙන කාලය මැනීම කියන දේ. මේ සඳහා සීසියම් පරමාණුව ක්ෂුද්‍ර තරංග වලට නිරාවරනය කරනවා ඒවායේ අනුනාද සංඛ්‍යාතයට ළඟා වෙනකල්. මේක ටිකක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒකයි මම කිව්වෙ සරලයි වගේම සංකීර්ණයි කියලා. මේ පරමාණුක ඔරලෝසු වල නිරවද්‍යතාවය ගැන කියනවා නම් දවසකට නැනෝ තත්පර 0.1ක් හෝ අවුරුදු 1,400,000 කට වරක් තත්පරයක් වෙනස් වීමේ හැකියාව තියෙනවා. හිතන්නත් අමාරු තරමේ නිවැරදි බවක් නේද? මේ කියන පරමාණුක ඔරලෝසුවේ අයිතිය එහෙමත් නැත්තම් පේටන්ට් බලපත්‍රය තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ කොලරාඩෝ වල බෝල්ඩර් කියන නගරයේ පිහිටලා තියෙන National Institute of Standards and Technology එකට තමයි.
මේ පරමාණුක ඔරලෝසුවක අභ්‍යන්තර ක්‍රියාවලියක් රූපයේ තියෙන්නෙ. කෙනෙකුට හිතෙන්න පුලුවන් තවත් ප්‍රශ්නයක් තමයි ඇයි මේතරම් දුරකට නිවැරදි ව කාලය ගණනය කරන්නේ කියලා? ලංකාව වගේ පුංචි රටකට ඒකේ වැදගත්කම ලොකුවට නොදැනුනාට ලෝකය පුරා සන්නිවේදන කටයුතු, ආරක්ෂක කටයුතු, මූල්‍ය කටයුතු වලට මේ නිරවද්‍ය වෙලාව ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. උදාහරණයක් විදියට කිව්වොත් ලෝකය පුරා ම සන්නිවේදන කටයුතු දැන් සිද්ධ කරන්නෙ චන්ද්‍රිකා (නෝනා නෙවෙයි ඈ... ) ආධාරයෙන් නේ. ඒ චන්ද්‍රිකා මඟින් ලබාගන්න තොරතුරු පොළවට ලබාගන්නේ GPS Receivers මඟිනුයි. සමාන්‍යයෙන් යම් තොරතුරක් නිවැරදිව ලබාගන්න චන්ද්‍රිකා තුනක වත් දත්ත ඕන කරනවා. ඒ ඇයි කියලා මම කියන්නෙ නැහැ. (පෘථිවිය ආසන්න වශයෙන් ගෝලයක් නෙ. එහෙනම් හිතාගන්න පුළුවන් නේද ඒ ඇයි කියලා? ). මෙහිදී දත්ත ලබාගන්න චන්ද්‍රිකා ගණන වැඩිවෙන්න වෙන්න දත්තයේ නිරවද්‍ය බව ඉහළ යනවා. මේ චන්ද්‍රිකා භ්‍රමණය වෙන්නෙ පොළවට කිලෝමීටර දහස් ගණනක් ඈතින් නෙ. එතකොට ඒ එවන දත්තයක් ඒ දුර තරණය කිරීමේදී යම් කාලයක් ගන්නවනෙ. එතකොට චන්ද්‍රිකාව තොරතුරු ලබාගත්ත වෙලාවයි අපි ඒක ගන්න වෙලාවයි අතර පොඩි අන්තරයක් තියෙනවනේ නේද? එහෙම වුණා ම තොරතුරේ නිවැරදි බව ගැන ගැටළු ඇතිවෙනවා බොහෝවිට. මේ දෝෂය අවම කරගන්න තමයි පරමාණුක ඔරලෝසු වලින් නිවැරදි ව වෙලාව ගණනය කරන්නේ. ඒ කියන්නෙ චන්ද්‍රිකාවේ වෙලාවයි GPS Receiver වල වෙලාවයි එකටම යාවත්කාලීන වුණා ම අර මුලින් කියන දෝෂය මඟහැරෙනවා.
මේ පරමාණුක ඔරලෝසුවක් සාමාන්‍යයෙන් ලංකා මුදලින් රුපියල් මිලියන 15 ක් විතර වෙන හින්දා ඇමති කෙනෙකුට වගේ කෙනෙකුට ඇරෙන්න ලේසියෙන් කාටවත් ගෙදර පාවිච්චියට නම් ගන්න අමාරුයි.
ලංකාවෙත් පාවිච්චි කරනවා මේ ඔරලෝසු. ඒ රුබීඩියම් පරමාණුක ඔරලෝසුවක්. සීසියම් පරමාණුක ඔරලෝසුව වගේම තමයි, වෙනසක් නැහැ. සීසියම් පරමාණුක ඔරලෝසුවේ පේටන්ට් අයිතිය තියෙන්නෙ ඇමරිකාවට හින්දා (ඔරලෝසු ඕන අය ගන්න ඕන ඇමරිකාවෙන්) චීන්නුත් අතෑරියෙ නැහැ රුබීඩියම් කියන මූලද්‍රව්‍යය අරගෙන එයාලත් හැදුවා එකක්. අපේ රටේ සම්මත වෙලාව ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 1995 අංක 35 දරණ මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා පනතට අනුව කාලය හා සංඛ්‍යානය පිළිබඳ ජාතික ප්‍රමිතීන් මිනුම් ඒකක,ප්‍රමිති හා සේවා දෙපාර්තමේන්තුවට අයත්වන ජාතික මිනුම් විද්‍යාගාරය තුල පවත්වාගෙන යනවා. ජාත්‍යන්තර සම්මත වේලාව (Coordinated Universal Time - UTC) කියන්නෙ මිනුම් ඒකක, ප්‍රමිති හා සේවා අධ්‍යක්ෂගේ අධීක්ෂණය යටතේ 2011වසරේ සිට ශ්‍රී ලංකාව තුල පවත්වාගෙන යාමට නියමිත කාල පරිමාණයක්. ඒ අනුව ශ්‍රී ලංකාවේ සම්මත කාලය, ජාත්‍යන්තර සම්මත වේලාවට වඩා පැය 5කුත් මිනිත්තු 30ක් ඉදිරියෙන් ස්ථාපිත කරලා තියෙනවා. (සමහරු ඕක කාලෙකට ඉස්සරහට පස්සට කරකවනවනෙ.. )
ජාත්‍යන්තර සම්මත වේලාව (UTC) ගැන කියනවා නම් කාලය සඳහා නෛතික පදනම ලෙස ප්‍රංශයේ පිහිටි කිරුම් හා මිනුම් පිළිබඳ ජාත්‍යන්තර කාර්යාංශය (BIPM) මගින් හදුන්වා දුන්න දෙයක්. මෙහිදී කාලය පිළිබඳ මිනුම් ලබා ගැනීම සඳහා, ලෝකය පුරා ස්ථාපිත කර ඇති කාලය පිළිබඳ මිනුම් විද්‍යාගාරවල පරමාණුක ඔරලෝසු මගින් ලබා ගන්නා දත්ත සමායෝජනය කිරීමක් තමයි වෙන්නෙ.
ප.ලි: මේ දවස් වල Non-Academic staff වැඩ වර්ජනය නිසා ලෙක්චර්ස් යන්නෙ හරිම අසීරුවෙන්. එයාලා හොස්ටල් එකට එන වතුර ලයින් එක වහලා නිසා බොන්න/ නාන්න වතුරත් නැහැ, ඒ නිසා කැන්ටින් එකේ කෑමත් නැහැ(කැන්ටින් කෑම සහ ජලය අතර ඇත්තේ අවිච්ඡින්න බැඳීමක් බැව් දන්නෝ දනිති!!! ). ඔය හින්දා දැන් ඉතිරි වැඩෙත් ඕනවෙන්නෙ නැති මට්ටමකට ඇවිත් තියෙන්නෙ!!!!! හෆෝයි!

අනද්‍යන ස්ට්‍රයික් හින්ද කොල්ලට ටොයිලට් යන්ඩත් බැරි තත්වයක් වගේ තියෙන්නේ...ඔන්න මරු රැග..හික්ස් මොනා උනනත් හොඳ තොරතුරු ටිකක්
ReplyDeleteඔව් ඔව් කෑමයි වතුරයි නැති නිසා යන්න ඕනෙම නෑ!
Deleteමම www.ceylonlanka.infoමම දැනගෙන හිටියේ නැති දෙයක්, බෙදාගත්තට ස්තුතියි
Deleteඅපේ රටේ ගොඩාක් අයටනම් මේ ඔරලෝසු තියා සාමාන්‍ය ඔරලෝසුවකිනුත් වැඩක් නැහැනේ. එහෙමත්ම කෙනෙක්නෙ වෙලාවට වැඩ කරන්නේ
ඒක නම් ඇත්ත! ඔන්න මම ඒ පැත්තෙත් ගියා. ප්‍රයෝජනවත් අඩවියක්නේ!
Deleteලංකාවේ ඇමතිලා හරි වෙලාවටම වැඩ කරන නිසා පරමාණුක ඔරලෝසුවක් තිබුණා නම් වැඩේ තවත් පහසු වෙයි :D
ReplyDeleteකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ පරමාණුක ඔරලෝසුවක් තියෙනවා කියන්නේ ඇත්තද ???
ඔව් ඔව් ඒක ඇත්ත. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවටත් වෙලාව ටක්කෙටම ඕනවෙනවනේ. ඒ නිසා අනිවා ඇති!
Deleteපොටෑසියම්ද කොහෙද අපිත් වතුරට දාල බැනුං ඇහුව.
ReplyDeleteඔරලෝසු වෙලාවට වැඩ කලාට අපේ එවුන් වෙලාවට වැඩ නෑනේ. ඒකයි අවුල.
බැණුම් අහලා ගොඩ ගියා නම් ඇති, මූණ අතපය සමතලා කරගන්නෙ නැතුව!
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඅයි යකෝ ගෙවල් වලට පලයව් කෝ කන්න රෙන්න නැත්නම්. :P මොන නැතත් හිරිකට්ට තිය නෙ නේ.
ReplyDeleteපොඩි පොඩි අපැහැදිලි තැන් තියනව. ලිපිය හොඳයි.
මේකත් බලන්න
GPS Receivers මගින් කරන දේ අපැහැදිලියී.
DeleteGPS වලින් කරන වැඩේට නම් සැටලයිට් 3ක් ඔනෙ තමා හැබැයි හැම එකකටම එහෙම ඕනෙ නෑ. (උදා: චන්ද්‍රිකා චායාරූප, කාලගුණ...)
// චන්ද්‍රිකාව තොරතුරු ලබාගත්ත වෙලාවයි අපි ඒක ගන්න වෙලාවයි අතර පොඩි අන්තරයක් තියෙනවනේ නේද? එහෙම වුණා ම තොරතුරේ නිවැරදි බව ගැන ගැටළු ඇතිවෙනවා බොහෝවිට//
මේක තවත් වැරදි මතයක්. GPS වලදි ඒ කාල වෙනස තමයි ගනනය කරන්නෙ.
GPS
ඔන්න දැන් බ්ලොග් එක බලපු කට්ටිය 50000ක් වෙන්නත් ලඟයි. ඒක නිසා ලියන දේවල් ගැන හොඳින් හොයල වගකීමෙන් කරන්න. වැරදි හොයන්නෙ තරහට කියල හිතන්න එපා
අපි ගෙදර ගියා ම ලෙක්චර්ස් ලා අපි ට විභාගෙදී #$%*&#$ නේද? හිරිකට්ටෙ නම් වතුර හිඳිලා මේ දවස්වල...
Deleteමම කියන්න හදන දේ අයියට තේරිලා නැද්ද නැත්තම් මට වැරදිලා ද මන්දා...මම එතනදි කියන්නෙ පරමාණුක ඔරලෝසු පාවිච්චි නොකළොත් කාල අන්තරයක් ඇතිවෙලා ගැටළු ඇතිවෙනවා කියලයි. ඒකයි පරමාණුක ඔරලෝසු භාවිතා කරන්නෙ කියන එක තමයි මම කියන්න උත්සහ කළේ! GPS Receivers ගැන විස්තර කරන්න උත්සහ නොකළේ ඒක මම ගත්තේ උදාහරණයකට විතරක් හින්දයි. මාතෘකාවට සම්බන්ධයක් නැහැනේ. වැරදි පෙන්නලා දෙන එක කොයිතරම් දෙයක්ද? මම කැමතියි ඒකට. මටත් අළුතින් යමක් ඉගෙනගන්න පුළුවනි එතකොට. අපිට මෙ දවස්වල GIS කරනවා ඔයාලගෙ ෆැකල්ටියෙන් තමයි visiting එන්නෙ!
Boru liyanna epa machan , gps receiver use karanne sattelite signal ganna newe eka Use karanne sattalite signal walin location eka recognise karanna , and Sattalite signal ganna sattalite 3k oneth naha , sattalite 3k ona GPS position eka identified karaganna , before write da thinsgs do proper studies about the subject
ReplyDeleteBefore comment on these stuff please refer the meaning of 'receiver' and tell me how to identify a location without decoding those signals????? A GPS receiver, which can be a small, hand-held device, decodes the timing signals from several of the satellites, interpreting the arrival times in terms of latitude, longitude, and altitute with an uncertainty which may be as small as 10 meters. ගිහින් ආයෙත් කියවලා බලන්න මම කියලා තියෙන්නෙ දත්ත වල නිවැරදි බව වැඩිකරගන්න තමයි sattelite 3ක් වත් ඕන කිව්වෙ. එකකින් ගන්න ඒවත් තියෙනවා.
DeleteI suppose you better to follow the below link and contact me if you couldn't understand something.
http://hyperphysics.phy-astr.gsu.edu/hbase/gps.html#c1
වටිනා ලිපියක් ........
ReplyDeleteනොදන්නා කරුණු බොහොමයක් දැන ගත්තා. මේ වගේ ඔරලෝසුවක ප්‍රයෝජන ගැන කියපු එකත් හරිම වැදගත්. එතකොට රුබිඩියම් ඔරලෝසුව අච්චර ගණන් නැද්ද?
ReplyDeleteඅපෝ අර ටැස් කිරිල්ලනම් කරලා තියනවා...හොරෙන්
රුබීඩියම් එක එච්චර ගණන් නැහැ සිසියම් එක වගේ දෙගුණයක් විතර තමයි මිල වෙන්නෙ. අපේ රට සුඛෝපභෝගී ආශ්චර්යයට යන රටක් නෙ. ඉතින් මිල දෙගුණ වුණත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි .... :P
Delete"open link in new tab" වල අව්ලක් තියනව. එක හැදුවනම් ලින්ක් බලන අය කැමති වෙයි
ReplyDeleteඒක හදාගන්න මටත් බැරුව තමයි ඉන්නෙ අයියෙ... මම තවටිකක් උත්සහ කරන්නම්කෝ. වෙලාව තමයි ප්‍රශ්නේ!
Deleteතත්පරයකිනුත් පංගුවක වැදගත්කම අපේ වගේ රටකට කොහොම දැනෙයිද මන්දා...
ReplyDeleteඅනධ්‍යන කාර්ය මණ්ඩල වැඩ වර්ජනය ගැන නම් කියන්න තියෙන්නෙ ඕක කැම්පස් කාලෙදි විඳිය යුතුම අත්දැකීමක් කියලා තමයි..
ඒක විඳිය යුතු එකක් නම් තමයි, ඒත් අපි දැන් ඒවා තුන හතරකම රහ විඳලා ඇතිවෙලා තියෙන්නෙ!
Deleteවටින ලිපියක්....
ReplyDeleteමං හිතන්නෙ ලංකාව වෙනුවෙන්ම කරපු නිෂ්පාදනයක්.. අපේ රටේ තරම් කාලය ගැන සැලකිලිමත් ජාතියක් ලොවෙත් නෑනේ
ඉන්තේරුවෙන් ම හරි නොවැ! ටක්කෙටම කිව්වා!
Deleteහී.........අනීමන්ඩ තිං.............^_^
ReplyDeleteඇයි හලේ මොකක් අලි අවුලක් ඩ?
Deleteහා හා බොලව්... ඔය Cs සමස්ථානික විකිරණශීලීයි.. නැතත් හම්බු උනොත් වතුරේ දාන්න එපා, Cs-137 සංශුද්ධව ග්රෑම් එකක් විතර දාල හදන සෝස් එකක් රුපියල් ලක්ෂයකටත් වැඩියි.
ReplyDeleteහැහ්.. ඇත්තද? වෙලාවට ඉස්කෝලෙ ලැබ්වල ඕවා අතට අහුවන මානයේ නොතියන්නෙ! එහෙනම් අපේ ජානත් විකෘති වෙලානේ!
Deleteහම්මා...මරු ඈ...
ReplyDeleteඑහෙනම් ඵල!
Deleteවැදගත් තොරතුරු ටිකක්... අපේ වැලාවට වැඩ කරන කට්ටියට කෝකත් එකයි නේ ඉතින්.. :)
ReplyDeleteඅපිනෙ වෙලාවටම වැඩ කරන කස්ටිය ඉතින්!
Deleteවැදගත් ලිපියක් සහෝ... ස්තුතියි තොරතුරු වලට
ReplyDeleteස්තූතියි මේ පැත්තේ ආවටත්. කාලෙකින් නේද?
Deleteමරු විස්තර ටික !!
ReplyDeleteමම් ඇහුවෙත් අදමයි....
ම්ම්ම්ම්.... එහෙනම් කමක් නැහැ!
Deleteඕන් බලාපන් තව ටික දවසකින් පිටකොටුවේ බෝ ගහ යට මේ ඔරලෝසුව නැද්ද කියල. නැවෙන් පන්නපුවා කියල කියාවි. 200 ක් කියල 150 ගෙදර ගෙනියන්න දෙනවා. මහත්තයාගේ මුණ බලල ගණන් කියන්න බහ නේ.
ReplyDeleteවැදගත් විස්තරයක්. කලින් දැනගෙන හිටියේ නැහැ ඔරලෝසුවක් මෙතරම් සංකීර්ණ එකක් කියල.
එහෙම වුනොත් මමත් එකක් ගෙදර ගේනවා. එක්කෝ එපා, ගෙනාවා කියලා වෙලාව බලන්න පුළුවන් එකක්යැ!
Deleteනියමයි. දැනගන්න ගොඩක් දේවල් තිබුන .
ReplyDelete(strike එක ඉවරවෙන කතාවක් තියනවා. මම යන පාරෙම ගිය කෙනෙක් හදුනාගැනීම සතුටක්. )
අනේ මන්දා ඉවරවෙන පාටක් නම් නැහැ වගේ. ඒත් ලෙක්චරර්ස් ලා ඊළඟ 4 වෙනිදා ඉඳන් පටන්ගන්නවනේ! ඇයි මම ගිය පාරෙම කිව්වෙ ?
Deleteපරිගණක හින්ද. ;)
Deleteම්ම්ම්...ඇත්ත තමයි!
Deleteහොද විස්තරයක් ලහිරු අයියේ..නොදන්න ගොඩක් දේවල් දැනගත්තා..ඇත්තටම ඔරලෝසුව හදන්න කලින් මිනිස්සුන්ට පිස්සු වගේ තියෙන්න ඇති නේද වෙලාව හරියකට බලාගන්න නැතුව..හී හී...:)
ReplyDeleteනෑ නෑ ඔරලෝසුව ඇවිත් වෙලාවට වැඩ කරන්න වුණා ම තමයි පිස්සු හැදෙන්න ඇත්තෙ!
Deleteෂා...
ReplyDelete