Pen එක RAM එකක් කරමු - ReadyBoost



කාලෙකින් ටෙක්නිකල් පෝස්ට් මුකුත් ම ලියන්න බැරිවුණා. මම බ්ලොග් එක පටන් ගත්තෙත් ටෙක්නිකල් මොනාහරි ගැන ලියන්න, ඒත් කම්මැලිකම තමයි ලොකුම හේතුව වෙලා තියෙන්නෙ මම හිතන්නේ. ඒ හින්දා අද හිතුවා ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක එහෙමත් නැත්තම් අපි හැමෝම දන්න පෙන් එක RAM එකක් කරන හැටි කියන්න. ඉස්සර කාලේ වගේ නෙවෙයි දැන් ලොකු, කුඩා, බාල, මහළු, තරුණ, වැඩිහිටි, ළමා ළපටි හැමෝම ළඟ ෆෝන් එකට අමතරව තියෙන දෙයක් තමයි පෙන් එක කියලා කියන්නෙ.

සමහරුන්ට වැඩක් නැති වුණත් පෙන් එකක් පේන්න තියාගෙන එකත් කාලයක් ෆැෂන් එකක් වෙලා තිබුණානේ. කොහොම වුණත් ඔය පෙන් එකට පුළුවන් ගොළුබෙලි ගමනෙන් යන පරිගණකයට අස්ප වේගයක් දෙන්නත්. ඒ නිසා පෙන් එකේ තියෙන හිස් ඉඩෙන් ප්‍රයෝජනයක් ගත්තොත් කොහොමද? මේක Windows 7 වල තියෙන සැකසුමක්. ඒ කියන්නෙ ටිකක් විතර පරණයි නේද? Windows 8 එන්නත් දැන් ළඟයිනේ. කමක්නෑ දන්නෙ නැති/ පාවිච්චි කරන්නේ නැති අය ඇතිනේ.

හැබැයි ඉතින් පෙන් එක ෆුල් කරගෙන ඉන්න අයට නම් මේක කරන්න බැරිවෙයි ඔන්න. ඒ නිසා වහා ම ක්‍රියාත්මක වන පරිදි 2GB වත් හිස් ඉඩක් තියාගන්න. මට මතක නැතිවුණානේ මේ මොකක්ද කියලා කියන්න. මේ සැකසුමට කියන්නේ ReadyBoost කියලා. පෙන් ඩ්‍රයිව් වලින් විතරක් නෙවෙයි SD Card වලින් වුණත් ReadyBoost කරන්න පුළුවන්. ගොඩක් ම ප්‍රයෝජනවත් වෙන්නේ පරිගණකය ගොඩක් ස්ලෝ අයට තමයි. ඒ කියන්නේ හාඩ් ඩිස්ක් එක ගොඩක් පිරිලා නම් එතකොට පරිගණකය හෙමීට තමයි වැඩ කරන්නේ. ReadyBoost පහසුකම එකතුකළා කියන්නේ හරියට අමතර RAM එකක් එකතු කළා වගේ තමයි. තිබුණට වඩා දැනෙන තරමකට වේගය වැඩි කරගැනීමේ හැකියාව තියෙනවා ලැබෙනවා මෙයින්.

දැන් බලමු කොහොමද කරන්නේ කියලා. පොඩි වැඩ ටිකක් තියෙන්නේ. මුලින් ම ෆ්ලෑෂ් ඩ්‍රයිව් එක පරිගණකයට සම්බන්ධ කරන්නකෝ. එතකොට ඒක Auto Play වෙලා මේ වගේ Window එකක් ඒවි. ඒකේ පහලින් ම තියෙන Speed up my system තෝරන්න.


එතකොට යන්නේ මේ වගේ තැනකට. එතනදී Use this device තේරීම දෙන්න. ඊටපස්සේ පහලින් කැමති ඉඩ ප්‍රමාණයක් දෙන්න. අඩුම තරමේ 2GB වත් දෙන්න උත්සහ කරන්න. නැත්තම් මේ වැඩෙන් තේරුමක් නැතිවේවි. මම නම් ලෝබ නැතුව අත දිග ඇරලා ම 5GB දීලා තියෙන්නෙ. ඊට පස්සෙ Apply->OK කරන්න. එච්චරයි වැඩේ.


Device එක Auto Play වෙන්නෙ නැති අයට කරන්න තියෙන්නේ …Computer ගිහින් device එක තෝරලා Properties->ReadyBoost යන එකයි. ReadyBoost ඕන නෑ කියලා හිතෙනවා නම් ආයෙම Computer ගිහින් device එක තෝරලා Properties->ReadyBoost ගිහින් Do not use this device දෙන්න. නැත්තම් පෙන් එක plug කරන සැරයක් ගානෙම පරිගණකය ඔයාගේ පෙන් එකෙන් ඔයා කලින් දුන්න ඉඩ ගන්නවා RAM එක විදියට. මතක තියාගන්න ඔයා RAM එක විදියට පෙන් එකෙන් දුන්න ඉඩ ප්‍රමාණය ඔයාට data store කරන්න පාවිච්චි කරන්න ගන්න බෑ.

4GB-8GB වගේ RAM එකක් තියෙන අයට නම් ReadyBoost වලින් වැඩක් නෑ. සාමාන්‍යයෙන් 1GB-2GB වගේ RAM එකක් තියෙනවා නම් ගොඩක් ප්‍රයෝජනවත්. ReadyBoost පහසුකම ගොඩක් active වගේ දැනෙන්නේ Games, Graphics වල වැඩ කරද්දි තමයි. බලන්නකෝ එතකොට ඒවා load වෙන්න යන කාලය ගොඩක් අඩුයි. හරියට මුල් කාලයෙන් 1/3ක් විතර ඉක්මනට load වෙනවා. අනිත් වැඩ වලදි නම් ලොකුවට දැනෙන එකක් නෑ! කරලා බලන්නකෝ මේ වැඩේ ඔයාටත් ප්‍රයෝජනවත් වේවි. එහෙනම් ඒ ගැන මොනාහරි කියලත් යන්න. වැඩ කරන්නෙ නැත්තම් ඒකත් කියන්න...........


ප.ලි: වැඩේ සැකයි වගේ නම් Start->Resource monitor ගිහින් බලන්න ReadyBoost active කරන්න කලින් සහ පස්සේ කොහොමද පෙන්නන්නේ කියලා!

38 comments:

  1. කලින් දැනං හිටියෙ නෑනෙ ලහිරු..
    ස්තුතිය්...දැන්ම කරලා බලන්න ඕන..

    ReplyDelete
    Replies
    1. කරලා බලලා ආයෙ ඇවිත් කියන්න මොනාද වුණේ කියලා...

      Delete
  2. මේකෙන් වෙන්නේ කොම්පියුටරේ තවත් slow වෙන එක..

    ReplyDelete
    Replies
    1. හැබැයි මට නම් එහෙම වුණේ නෑ, අත්දැකීමෙන් කියන්නේ...

      Delete
  3. windows xp walatath wedakaranawada

    ReplyDelete
  4. From what i know what ready boost does is to move the swap file to your pen drive.

    This will give you a boost provided that your pen drive and the USB port work faster than the hard disk.

    ReplyDelete
    Replies
    1. Thanks... I was not aware of it till I see your comment.

      Delete
  5. Usb port is hundred times slower than your HDD man :D

    ReplyDelete
    Replies
    1. The advantage of flash storage is that data can be accessed faster than on a hard drive since no hard disk head positioning is required. A disadvantage of flash memory is that the writing of data is relatively slow. But in combination with SuperFetch this shouldn’t be a problem. SuperFetch monitors which programs you use often and preloads them into the system memory. When you launch an app that is already in the RAM it will be started faster. If there is not enough system memory, SuperFetch can leverage ReadyBoost to use a flash drive to store its data there. Since it copies the data in the background to the USB stick, the poor writing performance of flash memory doesn’t matter......

      Delete
    2. Ah...I forgot to acknowledge you about your own views & suppose you will be here so forth.

      Delete
  6. Replies
    1. SuperFetch is a technology that can leverage ReadyBoost to use a flash drive to store its data there. Since it copies the data in the background to the USB stick, the poor writing performance of flash memory doesn’t matter. So please try it out and tell me about pros and cons. Also again and again I'm recommending you to observe your computer's resource monitor.

      Delete
  7. හෙට ට්‍රයි කර බලමි....

    ReplyDelete
    Replies
    1. ට්‍රයි කර ෆීඩ්බැක් එකකුත් දෙන්නේ නම් මැනවි!

      Delete
  8. බිරින්දෑගේ ලැපේ කරලා බලන්න ඕනෙ.මගේ එකේ රැම් එක මට වැඩිත් එක්ක.ඉස්තූතියි සහෝදරයා.

    ReplyDelete
  9. great work macho............!!!!!!!!!
    wish U all da best

    ReplyDelete
  10. කරලා බලන්නම්කෝ අයියා.... ස්තුතියි !!!

    ReplyDelete
  11. කණියා,නරකයා හරියටම හරි. හාඩ් එකෙන් 50MB/s කටත් වැඩි වෙනකොට USB 2.0 සාමාන්‍යෙයන් 20MB/s වත් නෑ. USB 3.0 නම් ටිකක් හිතල බලන්ඩ පුලුවන්.

    අනික, USB memory lifetime එක ඉක්මනින් අඩුවෙනවා. එච්චර ප්‍රශ්නයක් නොවුණට කාලයක් තිස්සෙ පාවිච්චිකළොත් ඉවරයි.

    ReplyDelete
  12. ඒක හරි. ඒකයි මම කිව්වේ ලොකු RAM අගයක් තියෙන පරිගණකයකට වැඩක් වෙන්නෙ නෑ කියලා(දැනෙන වෙනසක් ලැබෙන්නේ නෑ කියලා). සාමාන්‍යයෙන් ස්ලෝ, එහෙමත් නැත්තම් ග්‍රැෆික් වැඩ වලදි, ගේම්ස් ගහද්දි හිරවෙනවා නම් තමයි මේක වඩාත් ම සුදුසු. හාඩ් එකෙන් 50MB/s ක් ක් ලැබෙනවානම් ආයේ පිටින් උදව්වක් ඕන නෑ.
    …USB memory lifetime එක ඉක්මනින් අඩුවෙන එක ගැන නම් දැනගෙන හිටියෙ නෑ මම, ඒක හොයලා බලන්න වටිනවා. ස්තූතියි ඒ ගැන කිව්වට!

    ReplyDelete
  13. වැඩෙ නම් ගොඩ එත් ලයිෆ්ටයිම් එක අඩු වෙනව කිව්වම පිස්සු හැදුනා බන් :ඪ්

    ReplyDelete
    Replies
    1. USB memory lifetime එක අඩුවෙන එක නම් හරියටම දන්නේ නෑ. මටත් හරියටම කියන්න අමාරුයි ඒ ගැන. ස්තූතියි ප්‍රතිචාරයට!

      Delete
  14. බලමුකො..මොකක් හරි වුනොත් ඔයා තමයි.. :P

    ReplyDelete
    Replies
    1. හරි හරි මොනාහරි වුණොත් බලමුකෝ ඉතින්!

      Delete
  15. machan issella wada kara ita passe disable kara podi wadakata.dan device eka readyboost karanna bane.olz help

    ReplyDelete
    Replies
    1. පෙන් එකේ කොපියක් තියාගෙන පෙන් එක ෆෝමැට් කරලා බලන්න... එතකොට හරි. මමත් සැරින් සැරේ ඩිසේබල් කරකර තමයි පෙන් එක පාවිච්චි කරන්නේ ඒකට. හැබැයි මට නම් එහෙම වෙලා නෑ තාම. කරලා බලන්නකෝ!

      Delete
  16. මමත් මගෙ 4GB පෙන් එක පෝමැට් කරලා .. මේකට යොදලා බැලුවා ... [මුලු ප්‍රමාණයම... 3.70GB]
    ඒ වුනාට වැඩි වෙනසක් නෑනෙ. පරණ තිබුණ විදිහටම ස්ලෝ.
    ඉන්ටනෙට් ගිහිල්ල සින්ඩියට යන්නත් හෙන වෙලාවක් ගන්නවනෙ.
    ගේම් වලට යන්න කොහෙත්ම බැරිවෙයි වාගෙ.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. සෙවන් නේද? ස්ලෝ එකක් නම් අනිවා ටිකක්වත් ස්පීඩ් වෙන්නෝන. රැම් එක කීයද ?

      Delete
    2. 512 රැම් දෙකක් තියෙන්නෙ. Win 7 Ultimate/Service Pack 1 තියෙන්නෙ. [රැම් එක මදි හින්දද එහෙම වෙන්නෙ]
      8GB විතර පෙන් එකක් භාවිතා කළොත් මොනව වෙයිද ..?
      DDR 1 වලට එන රැම් ගිනි ගණන් නෙ අප්පා ....

      Delete
    3. රැම් එක මදි කේස් එකක් තමයි තියෙන්නෙ. අපි පෙන් එකෙන් 3GB allocate කළාට රැම් එකට 3GB ම එකතුවෙන්නෙ නෑ. සාමාන්‍ය ප්‍රමාණයක් තමයි එකතුවෙන්නෙ. මම 8GB නම් පාවිච්චි කරලා නෑ. පොඩ්ඩක් ට්‍රයි කරලා බලන්න. DDR1 1GB රැම් එකක් රු 2500ක් විතර වෙයි.

      Delete
  17. ස්තූති යාඵවා කරලා බලන්නම'

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !