සීහ කියන්නේ හරිම දක්ෂ සේනාපතියෙක්. සීහ සේනාපති කිව්ව ම ඒ කාලේ දඹදිව අස්සක් මුල්ලක් නෑර ම දන්නවා. ඒ තරමට ප්‍රසිද්ධයි. ඔන්න දවසක් බුදුරජාණන් වහන්සේ වැඩම කරනවා සීහ සේනාපතියා ඉන්න නගරෙට. හැම තැන ම ප්‍රසිද්ධ වුණා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මෙච්චර කාලෙකට කවුරුවත් නොකියන ධර්මයක් කියලා. ඒ නිසා මිනිස්සු හැම අතින් ම වැළ නොකැඩී ඇදිලා යනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න. ඉතින් මේ මහ සෙනඟ දකින සීහ සේනාපතියාටත් හිතෙනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇහුවා නම් හොඳයි කියලා.
හැබැයි පොඩි ප්‍රශ්නයක් තිබුණා. සීහ සේනාපතියා ව හැමෝම දැනගෙන හිටියේ නිඝණ්ඨනාථපුත්ත ගේ ශ්‍රාවකයෙක් විදියට. ඉතින් ඒ නිසා සීහ සේනාපතියා තීරණය කළා ඉස්සරවෙලා ම ගිහින් නිඝණ්ඨනාථපුත්ත තුමාගෙන් අහන්න, තමන් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යන්න ද එපා ද කියලා. එතකොට නිඝණ්ඨනාථපුත්ත කියනවා බුදුරජාණන් වහන්සේගේ නුගුණ විස්තර කරලා යන්න එපා කියලා. මොකද සීහ සේනාපතියා කියන්නේ නිඝණ්ඨනාථපුත්තගේ ප්‍රධාන පෙළේ දායකයෙක්, ඔහු තමන්ගෙන් ගිළිහුණොත් නම් වෙන්නේ ලොකු පාඩුවක් නිසා.
හැබැයි ආයෙත් ටික දවසකින් සීහ සේනාපතියාට හිතෙනවා බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යන්න. දෙවෙනි වතාවටත් නිඝණ්ඨනාථපුත්ත සීහ සේනාපතියා ව වළක්වනවා. එතකොට ආයෙත් සීහ සේනාපතියා අදහස වෙනස් කරගන්නවා. නමුත් ආයෙත් ටික දවසකින්, බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න තිබ්බනම් කියලා හිතෙනවා සීහ සේනාපතියාට. මේ සැරේ සීහ සේනාපතියා හිතනවා යන්න ද කියලා අහන්න ගියොත් නම් අනිවාර්යෙන් ම මේ සැරෙත් එපා කියනවා. ඒ නිසා අහන්නේ නැතුව හොරෙන් ම යනවා කියලා.
ඉතින් සීහ සේනාපතියාත් බුදුරජාණන් වහන්සේගෙන් බණ අහන්න යන සෙනඟ අතරෙම බණ අහන්න යනවා විහාරෙට. බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා පැහැදෙනවා. සීහ සේනාපතියා සෝවාන් ඵලයට පත්වෙනවා වගේ ම බුදුරජාණන් වහන්සේ ගැන පැහැදිලා ඊළඟ දවසෙ දවල් දානයට ආරාධනා කරනවා. ඒකට සීහ සේනාපතියා සේවකයෙකුට අණ කරනවා වෙලඳපලට ගිහින් දානෙට ඕන කරන මස් අරගෙන එන්න කියලා. ඔන්න දවල් වෙද්දි බුදුරජාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නය දානයට වැඩම කළා. මේ අතරෙදි නිඝණ්ඨනාථපුත්තට ආරංචි වෙනවා තමන්ගේ ප්‍රමුඛ පෙළේ ශ්‍රාවකයෙක් වුණ සීහ සේනාපතියා බුදුරජාණන් වහන්සේගෙන් ධර්මය අහලා පැහැදිලා ඔන්න දානෙකුත් දෙන්න යනවා, ඒකට මස් එහෙමත් තියෙනවා කියලා. බුදුරජාණන් වහන්සේ දානය වළඳන අතරතුර නිඝණ්ඨනාථපුත්තගේ ශ්‍රාවකයෝ හන්දි ගාණේ ගිහින් කෑගහන්න පටන් ගත්තා "ඔන්න බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ උදෙසා ලොකු සතෙක් මරවලා ඔන්න දානය වලඳනවෝ... "කියලා. මේ ගැන දැනගත්ත සීහ සේනාපතියාගේ සේවකයෝ හොඳට ම බයවෙලා දානය පූජා කරමින් හිටිය සීහ සේනාපතියාට මේ ගැන ගිහින් කිව්වා. එතකොට සීහ සේනාපතියා කියනවා "ඒ අය ඉස්සර කළෙත් බුදුරජාණන් වහන්සේට නිග්‍රහ කරන එකයි, දැනුත් කරන්නේ ඒක ම තමයි. අපි පංච ශීලයේ පිහිටලා ඉන්න අය, අපි කවදාවත් සතුන් මරන්නෙ නෑ" කියලා.
ඒ සිද්ධිය මුල් කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා "මහණෙනි... තමන් උදෙසා මරණ බවට තමන් දැක්කෙ නැත්තම් (අදිට්ඨ), තමන් උදෙසා මැරුවා කියලා ඇහුවේ නැත්තම් (අසුත), තමන් උදෙසා මරණ ලද බවට සැකයක් නැත්තම් (අපරිසංඛිත) අන්න ඒ කෙළවර තුනකින් පිරිසිදු 'ත්‍රිකෝටි පාරිශුද්ධ මාංශය' වැළඳීම අනුදනිමි" ආදී වශයෙන්.
බුදුරජාණන් වහන්සේ තවදුරටත් මේ ගැන විස්තර කරනවා, කවුරුහරි කිව්වොත් 'බුදුරජාණන් වහන්සේ හෝ ශ්‍රාවකයන් ගේ දානය උදෙසා අර සතුන් අල්ලන්න/ අල්ලලා අරගෙන එන්න/ මරන්න' කියලා, ඒ පුද්ගලයාට එය කියූ සැණින් පව් රැස්වෙනවා. ඊලඟට ධාර්මික ව දන් වලඳන බුදුරජාණන් වහන්සේට හෝ ශ්‍රාවකයන් වහන්සේට චෝදනා කළොත් 'තමන් උදෙසා මැරූ සතුන්ගේ මස් කියා දැන දැන ම වලඳනවා' කියලා, ඒකත් ඒ සැණින් ම පව් රැස්වෙන පාපයක්.
ඔන්න ඔය විදියට තමයි බුදුරජාණන් වහන්සේ මාංශ වැළඳීම ගැන විග්‍රහ කළේ. මේ ගැන තියෙනවා විස්තර වශයෙන් මට මතක විදියට මජ්ඣිම නිකායේ සීහ සූත්‍රයේ වගේ ම ජීවක සූත්‍රයේත්. මම වැරදි නම් කවුරුහරි මාව නිවැරදි කරන්න. ඒ වගේ ම මේ සටහන ලියන්න පූජ්‍ය කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමින් වහන්සේ ගේ "ගෞතම සසුනේ පිහිට ලබන්නට" පොතත් උදව් වුණා. අද උදාවුණ මැදින් මස පුර පසලොස්වක පෝය දවස වෙනුවෙනුයි මේ සටහන ලිව්වේ. මැදින් පෝය දවසේ වැදගත්කම විදියට බුද්ධත්වයෙන් පසු බුදුරජාණන් වහන්සේ පළමුවරට ස්වකීය නෑයන් බැලීමට කිඹුල්වතට පැමිණීමට ගමන් ආරම්භ කිරීම සිද්ධ වුණේ මැදින් පෝය දවසකයි. කලින් ලිව්ව පෝය ඩේ ස්පෙෂල් සටහන් බලන්න ඕන නම් මෙතනින් යන්න.

පෝයට නේද? හොද පෝස්ටුවක්. පිං සිද්ධ වෙච්චාවෙ.
ReplyDeleteඅයියාටත්...
Deleteබොහොම පින් ලහිරු මල්ලි. නොදැන සිටි දෙයක්...
ReplyDeleteඅක්කටත්...
Deleteමස් මාළු කෑම ගැන නම් එක එක මත එමටයි..
ReplyDeleteහොඳම දේ බුද්ධ දේශනා කියවලා තේරුම් ගන්න එකයි, එතකොට ආයේ සැකයක් නෑනේ!
Deleteසාදු සාදු සා.....දු !!
ReplyDeleteඑතකොට මෙහෙම එකක් තියෙනවා. මස් මරන්නා කියනවා කන හන්දයි මරන්නේ කියලා. මස් කන එවුන් කියනවා මරහ හන්දයි කන්නේ කියලා. එතකොට කාටද පවු ?
මරන එක කොහොමත් පව් නේ සහෝ.. අනිත් එක නම් මටත් තේරෙන්නෙ නෑ...
Deleteගොඩක් ලස්සන ලිපියක් අයියේ....
ReplyDeleteතැන්කූ මලේ..
Deleteමේ ප්‍රශ්නයට හරි උත්තරයක් දෙන්න අමාරුයි. සූකර මද්දවය පිලිවෙල කල දේශයේ තවමත් ඒ නමින් බිම් මල් ජාතියක් තියෙනව. බුදු රජාණන් වහන්සේ වැනි උතුම් කාරුණික මනුශ්‍ය රත්නයක් මස් මංශ අනුභව කලා කියන එක හිතන්න අමාරුයි. ඒ වගේම පින්ඩපාත වඩිද්දී ලැබෙන දෙයක් අනුභව කරනු විනා තෝරා බේරා ගෙන අනුභව කිරීමත් අපහසු දෙයක්. මගේ ජීවිතයේ මම හාමුදුරු වරු තුන් නමකගෙන් මේ ප්‍රශ්නය අහල හියෙනව. එක් නම්ක් තමයි තමයි අපවත් වී වදාල කොටගම වාචිස්සර හිමි. උන්වහන්සේ කියනවා, බුදු රජානන් වහන්සේ වැලඳුවේ චුන්ඩ පූජා කරපු ඌරු මස්ම කියලා. ඊලඟට මම ඒ ප්‍රශ්නය ඇහැව්වා නාරද හාමුදුරුවන්ගෙන්. උන්වහන්සේ කියනවා සූකර මද්දවය කියන්නේ හතු ජාතියක් කියල. අවසාන වශයෙන් අපවත් වී වදාල මහාචාර්ය ධම්ම විහාරී හාමුදුරුවන්ට නවසීලන්තයට වැඩම කිරීමට ගුවන් ප්‍රවේශ පත් සැකසීමේදී උන්වහන්සේ ප්‍රකාශ කලා නිර්මාෂ ආහාර පමණක් පරිහරණය කරන බව. උන්වහන්සෙ තවත් ප්‍රකාශ කලා, පිඟානෙ කුකුල් කකුල දැක දැක සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා කියල ප්‍රාර්ථනා කරන්න පුලුවන්ද කියල. ඒ නිසා මම තීරනය කලා නිර්මාංශ වීමෙන් සීලය රැකෙන බව. ඒ නිසා මස් මාංශ ප්‍රශ්නය පැත්තක තිබියදී බුදු හාමුදුරුවන්ගෙ ධර්මය පිලිබඳව සාකච්ඡා කිරීම ඊට වඩා ප්‍රයෝජනවත් බව.
ReplyDeleteඅන්තිමට කිව්ව දේ ට නම් මම ගොඩක් එකඟ වෙනවා, මොකද අපිට නිවන සඳහා කරන්න දේවල් තව ඕන තරම් තියෙනවා. අනිත් දේ තමයි සමහර වෙලාවට එක එක්කෙනා ධර්මය වෙනුවට තමන්ගේ මතවාද ප්‍රචලිත කරන්න හදනවා. ඒ හැමදේටම වඩා හොඳ ම දේ තමයි සැකයක් ඇතිවුණ ගමන් ඒක ධර්ම/ විනය දෙකේ බහා බලන එක. ස්තූතියි ප්‍රතිචාරයට!
Deleteචුන්ද කර්මාර පුත්‍රයා සහ චින්ද සූකර කියන්නෙ දෙදෙනෙක් ......... එතනින්ම ඒ ගැටලුව අවසන් ගොඩ දෙනෙක් චුන්ද නම ඇසූ පමණින් චුන්ද ඌරු මරන්නා යයි සැක කරනවා..........
ReplyDeleteසීහ සේනාපති කියන්නෙ විශාලා මහනුවර සිටි හමුදා ප්‍රරධානියා ..... ඔහු එවකට ගණ ත්‍රන්ත්‍ර පාලනයක් ( සමූහාණ්ඩුවක් ) තිබූ තක්ශීලාවේ සියලු සටන් සහ ශිල්ප හදාරා නැවත තම උපන් දේශය වූ එවැනිම සමූහාන්ඩු පාලනයක් තිබූ තම උපන් දේශය වන විශාලාවට පැමිනෙන්වා.., එහිදී ඔහු අසල්වැසි මගද රාජ්යයේ බිම්බිසාර රජුගේ ආක්‍රරමණය දක්ශ ලෙස වලක්වමින් නැවත මගධ රජදානියත් ආක්‍රමනය කරමින් මගධයේ ප්‍රදාන සෙන්පති මරාදමා බිම්බිසාර රජුගේ මංගල හස්තියාත් අල්ලා ගෙන කීර්තියට පත් වෙනවා නමුත් මගද රාජධානියේ ප්‍රදාන බලකොටුව වන රාජගිරි පර්වතය අත්පත් කර ගැනීමට නොහැකි බව දන්නා ඔහු මගධය සමග සම්මුතියකට එලෙබෙනවා.... පසු කාලීනව බුදුන් සරණ යන නිඝණ්ඨ ශ්‍රාවකයෙක්.... . නමුත් ඔහුට පෙර ඔහුගේ බිරිද ( තක්ශිලාවේ ඔහුගේ ගුරුවරයාගේම දියණිය ) ඇතුලු නෑයින් බුදුන් සරන ගිය ශාවකයින් බව ඉතිහාස පොත් වල සදහන්.
එවකට පිරිසිදු ආර්යය ජාතීන් වු ඔවුන් ප්‍රදාන ලෙස ආහාරයට මස් තිරිගු මිදි වයින් එකතු කර ගත් පිරිසක් එබැවින් සිංහ සේනපති බුදුන් වහන්සේට තම දානයේදී මස් පිලිවෙල කිරීම සාමන්‍ය දෙයක්....
මම නොදන්නා දේවල් ගොඩයි, ස්තූතියි දැනුවත් කළාට ඒ දේවල් පිළිබඳව.
Deleteත්‍රයිකෝටි මාංසයම කැපයි ! ප්‍රණිතයි !!
ReplyDeleteඔව් ඔව්! තම තම නැණ පමණින් එය දැනගත යුතු.......
Deleteනොදැන හිටපු කරුණක් අයියේ.. ගොඩක් පිං මේ ගැන ලිව්වට..
ReplyDeleteදහම් කරුණක් කියලා දෙන්න ලැබුණ එක මටත් සතුටක් මල්ලි!
Deleteබොහොම හොඳ ලිපියක් පෝය දා රෑ කියවන්න ලැබුණේ...
ReplyDeleteපෝය දවසේ මගෙන් ධර්ම දානයක්!
Deleteධර්ම දානය උතුම්ම දානයයි
Deleteමම මෙහෙම කතාවක් අහල තියෙනව.
ReplyDeleteමහණ කෙනෙක් ට ඔහොම මස් මාංශ අනුභව කරන්න අවසර දීලා තියෙන්නෙ නොකා ඉන්න බැරි අවස්ථාවක වළඳන්න. මේකට හොඳ උපමාවක් තියෙනවා. මාංශයක් වලඳන්න ඕනෙ කාන්තාරෙක අතරමං වුනු දෙමව්පියො දෙන්නෙක් කාන්තාරෙදි මැරුනු තමන්ගෙ දරුවගෙ මස් කනවා වගේ. බොහොම අප්‍රසන්න දෙයක් උනාට දැන් දරුවා මැරිලා ඉවරයි. මස් කෑවද නොකෑවද කියල වෙනසක් නැහැ. හැබැයි කෑමෙන් ජීවිතය බේර ගන්න හැකියාවක් තිබෙනව. ඒ නිසා පමණමයි කන්නෙ.
මමත් ඔය උපමාව අහලා තියෙනවා. දරුවා ඇවිදලා වෙහෙසින් ම තමයි මැරෙන්නේ. එතනදි කොහොමත් ගැටළුවක් නෑ මැරුණු දරුවෙක් නිසා. ඒත් මම හරියටම දන්නෙ නෑ පැවිදි වුණ ස්වාමින් වහන්සේ නමකට ඒ සඳහා අවසර තියෙනවද කියන එක ගැන නම්. කොහොම වුණත් ස්තූතියි මේ ගැන දැනුවත් කළාට!
ReplyDeleteඔන්න පිං.... ගොඩක් වටිනවා මේ කාලෙට ...
ReplyDeleteඔයාටත්!
Deleteබොහොම වැදගත් කතාවක් කියවන්න ලැබුනාට සතුටුයි ..
ReplyDeleteස්තූතියි සහෝ!
Deleteපීඩිත පන්තිය රදළයින්ගේ යකඩ සපත්තු වලට යට වෙලා අමාරුවෙන් හුස්ම ගන්නවා. පීඩිත පන්තියේ මිනිස්සු හෙලන දා බින්දුවක් රටක් රාජ්‍යක් වටිනවා. එහෙව් මිනිස්සුන්ට අසාධාරනකම් කරලා හම්බකරන සල්ලි වලින් කෑවට යාදින්නේ නෑ
ReplyDelete