ඔන්න හා හා පුරා කියලා දෙවෙනි වතාවට මම කතන්දරයක් කියන්නයි යන්නේ. කතන්දරයක් කිව්වට මේක තාක්ෂණික කතන්දරයක්. සමහර අයට මතක ඇති මගේ පළවෙනි තාක්ෂණික කතන්දරේ දුරකථනය ගැන. ඒකෙයි මේකේ සම්බන්ධයක් නම් නෑ ...සමහර දේවල් තියෙනවා කොයිතරම් ඉගැන්නුවත් වැඩක් නෑ, අපිට උදාහරණ වලින් කිව්වම නම් නියමෙට තේරෙනවනේ, ගොඩාක් හොඳට මතක හිටිනවනේ! මමත් Trojan Horse ගේ ක්‍රියාකාරීත්වය ගැන හරියටම තේරුම් ගත්තේ ඒ විදියට. ඔයාලාට නම් ඒක කොයිතරම් දුරට හරියයි ද දන්නේ නෑ, බලන්නකෝ කතන්දරේ කියවලා ම!
මේ ට්‍රෝජන් අශ්වයාගේ කතාව. ඔන්න එකමත් එක කාලෙක පුරාණ නගරයක් තිබුණා බටහිර ආසියාවේ කෙළවරට වෙන්න, ග්‍රීසිය කිට්ටුව (ග්‍රීසිය මුහුදෙන් එහා පැත්තේ තියෙන්නේ ) ට්‍රෝයි පුරය කියලා. උඩ map එකේ රතු පාට රවුමකින් තියෙන්නේ ට්‍රෝයි පුරය තමයි. ග්‍රීක් වරු කියන්නේ රණකාමි ජාතියක් කියලා ඔයාලා දන්නවා ඇතිනේ, සූර පප්පා එහෙම බැලුව අය!!! ග්‍රීක් වරු කොයිතරම් රණකාමී ජාතියක් වුනත් එයාලට ට්‍රෝයි පුරය නම් ජයගන්න බැරිවුනා. ඒකට හේතුව තමයි ට්‍රෝයි වැසියෝ සතුරු ආක්‍රමණයන්ට එරෙහිව නගරය වටේට ශක්තිමත් ප්‍රාකාරයක් බැඳලා තිබුණා. යුද්ද කාලේ මේ ප්‍රාකාරයේ දොරටු වහලා තිබුණා පිටතින් සතුරන් එන එක වළක්වන්න. ඒ වගේම දුනුවායෝ ඒක උඩ ඉඳන් සතුරු හමුදා වලට විදලා පලවා හරිනවා නගරයට ඇතුළු වෙන්න කලින්. ග්‍රීක්වරු කොයිතරම් නගරය යටත් කරගන්න මහන්සි වුනාද කිව්වොත් අවුරුදු දහයක් පුරා ඔවුන් යුද්ධ කලා. ඒකට හේතුව තමයි එයාලගේ නම්බුව වෙනුවෙන් පරාජය පිළිගන්න අකමැති වුන එක. ඒ කොහොම උනත් දෙපැත්තෙම අය හෙම්බත් වෙලා හිටියේ අවුරුදු දහයක් යුද්දෙන්.
එක දවසක් ග්‍රීක ජෙනරාල්වරයා වුන ඔඩිසිස් ට නියම අදහසක් පහළ වුනා යුද්දේ දිනන්න පුලුවන් විදියේ. ඔහු තීරණය කලා ට්‍රෝයි නගරය අතහැරලා යන්න, ඒ වගේම ට්‍රෝයි නගර වැසියන් ට සාමයේ ත්‍යාගයක් යවන්නත්. ඒ තමයි දැවයෙන් කල විශාල ප්‍රමාණයේ ලස්සන අශ්වයෙක්. කොහොමත් ග්‍රීක්වරු රණකාමි වගේ ම ගොඩාක් කලාකාමී ජාතියක් නිසා ම සිත් ඇදගන්නා සුළු විදියට දැව අශ්වයා හදන්න ඔවුනට පුළුවන් වුනා. ඒ අශ්වයා ව එක් පුද්ගලයෙක් මඟින් ට්‍රෝයි පුරයට යවන ගමන් ම ග්‍රීක් වරු ට්‍රෝයි පුරයෙන් ඈතට යන්න ගියා. ට්‍රෝයි වැසියෝ, ග්‍රීක් වරු යනවා දැකලා ඉතා ම සතුටට පත් වුනා වගේ ම ආඩම්බරයට පත් වුනා ඔවුන් යුද්දේ දිනුවා කියලා. ඒ නිසා ම අර තෑග්ග සතුටින් පිළිගත්තා. "හරි ම අපූරු අශ්වයෙක්, අපේ ජයග්‍රහණයේ සැමරුම තමයි මේ" කියලා උදම් අනලා ප්‍රීති උත්සව පවත්වන්න පටන් ගත්තා.
දැන් තමයි නියම වැඩේ වුනේ. ප්‍රීති වෙමින් හිටිය ට්‍රෝයි වැසියෝ රාත්‍රිය බොහොම සතුටින් නිදාගත්තා. ඔවුන් නින්දට යනකල් ඉඳලා අර ලී අශ්වයා ඇතුලේ හංගලා හිටිය ග්‍රීක් සෙබළු එලියට ඇවිත් නගර ප්‍රාකාරය උඩට නැඟලා නගරයේ දොරටු විවෘත කලා ග්‍රීක් හමුදාවට. ග්‍රීක් හමුදාවත් යනවා වගේ පෙන්නුවත් ටිකක් දුරට ගිහින් ආයෙත් ඇවිත්. ඉතින් හිතාගන්න පුලුවන් නේ ට්‍රෝයි පුරයේ අවසානය ගැන. ඔන්න ඔහොම තමයි ග්‍රීක් වරු ට්‍රෝයි පුරය ජයග්‍රහණය කරලා තමන්ගේ කීර්ති නාමය ආරක්ෂා කරගත්තේ. "Beware of Greeks bearing gifts!" කියන අපූරු කියමන හැදුනෙත් ඔය විදියට තමයි.
ඔය තමයි Trojan Horse ගේ කතාව. ඒ වුනත් අපි Trojan Horse ව දන්නේ ප්‍රසිද්ධ malicious program එකක් විදියට නේ. මේ විදියට තමයි කතා දෙක සම්බන්ධ වෙන්නේ. Trojan Horse වයිරස් වගේ ස්වයං පුනරාවර්තනය වෙන්නෙ නම් නෑ. ඒත් ඊට වඩා විනාශකාරී විදියට අපේ පරිගණකය ඇතුලේ ක්‍රියාත්මක වෙනවා. මොනයම් විදියකින් හරි Trojan Horse වැඩසටහනක් පරිගණකයේ ස්ථාපනය වුනා කියලා හිතන්නකෝ, වෙනත් තැනක ඉන්න hacker කෙනෙකුට ඒ වැඩසටහන යොදාගෙන අපේ information access කරන්න පුළුවන්. ඒ වගේම විවිධ ආකාරයේ හානි කරන්න පුළුවන් පරිගණකයේ දත්ත වලට. මේ තමයි Trojan Horse ට කරන්න පුළුවන් දේවල්.
1. අපේ පරිගණකය botnet එකක සාමාජිකයෙක් කරන එක.
2. දත්ත සොරකම් කිරීම.
3. Third-party malwares install කිරීම.
4. Files Downloading or uploading.
5. Data Modification.
6. Crashing the computer.
7. Keystroke logging
Trojan Horse ගෙන් බේරෙන්න කරන්න පුළුවන් හොඳම දේ තමයි අපි අන්තර්ජාලයෙන් මෘදුකාංග බාගත කිරීමේ දී පිළිගත් අඩවි වලින් විතරක් ගන්න එක. ඒ වගේ ම ස්ථාපනය කිරීමේදිත් සැලකිලිමත් වෙන්නෝන. මෘදුකාංග බාගත කරන්න කලින් ඒ ගැන තියෙන Comments එහෙමත් බලන්න. කතන්දරේ කොහොමද කියලා ප්‍රතිචාරයක් දාලා ම යන්න අමතක කරන්න එපා.
ඔය කතාව ට්‍රොයි කියන ෆිල්ම් එකෙත් දකින්න තිබුනා. ගොඩක් වටිනවා මේ දේවල් සිංහලෙන් පෝස්ට් එකක කිව්වට !!!!
ReplyDeleteට්‍රෝජන් වයිරස් වලත් කෙරෙන්නේ මේ වගේ කාර්යයක් කියලා මම් අහලා තියෙනවා.
මටත් මේ ලිපිය කියවද්දී මතක් උනේ ට්‍රෝයි ෆිල්ම් එකේ අවසානය...
ReplyDeleteවටිනවා මචන්,,,
ReplyDeleteජය..
කතාවෙන් කතාවෙන් වටිනා දේවල් ගොඩක් කියලානේ
ReplyDelete