Notepad එකෙන් RAM එක Clean කරන්න.....


අපේ පරිගණකයේ වේගයට බලපාන ප්‍රධාන උපාංගයක් තමයි RAM එක කියලා කියන්නේ. RAM එක කියන්නේ තාවකාලික මතකයක්, ඒක විදුලිය මත රඳා පවතිනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අපි ගොඩාක් වෙලාවක් පරිගණකයත් එක්ක වැඩ කරද්දී, ඒ කියන්නේ අපි එක දිගට පරිගණකය පාවිච්චි කරන තරමට RAM එක මත තැන්පත් වෙන දත්ත ප්‍රමාණය වැඩිවෙනවා. ඒ හා සමානුපාතික ව පරිගණකයේ වේගයත් ටික ටික අඩුවෙනවා. ඒක සමහර වෙලාවට දැනෙන තරමකට වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒක රඳා පවතින්නේ තමන් පරිගණකයේ කරන්නේ මොන විදියේ වැඩද කියන එක මතයි. ඒ නිසාම මම හිතුවා ලේසියෙන් ම RAM එක clean කරගන්න විදියක් කියලා දෙන්න. හැබැයි මේ දේ කරන්න software එහෙමත් තියෙනවා හොඳද! (උදා: Ram Cleaner 6.7). ඒත් ඊට වඩා ලේසියෙන් අපිට මේ විදියට RAM එක clean කරගන්න පුළුවන්.

1. ගන්න Notepad එකක්.

2. Type කරන්න මේ විදියට(quotes නැතුව ). "FreeMem=Space(10240000000)"

3. Save කරන්න “CLEANER.VBS" කියලා (quotes නැතුව )ඔයා කැමති තැනක.

4. ඔයාගේ RAM එක 512MB නම් 1024 වෙනුවට 512 replace කරන්න. 2GB නම් 2048 replace කරන්න.

5. දැන් Save කළ තැනට ගිහින් file එක Run කරන්න.

වැඩේ හරිගියාද කියලා Comment කරලා යන්නත් අමතක කරන්නෙපා හොඳද!

9 comments:

  1. මාත් කරලා බලලම කියන්නම්.
    අර මක්කෙන් මකලා ක්ලීන් කරන වැඩේ අපේ යාලුවෙකුත් කලා. ඒකා කිව්වේ ඔක්සයිඩ් පටල මකලා ඉවත් කරන්න පුලුවන් කියලා.

    ReplyDelete
  2. ට්‍රයි කරලා බලලා කියන්නම්...

    ReplyDelete
  3. වටින උපදෙසක්..අර මකනෙන් මකන්නේ මොනවද...මටනම් තාම RAM එකෙන් ප්‍රශ්න නැහැ...8GB ම තියෙනවා නේ..(මගේ එකක් නම් නෙමෙයි..මට ඔපිසියෙන් හම්බ වෙච්ච ලැප)

    ReplyDelete
  4. සමහර වෙලාවට RAM ලෙඩ දැම්මා ම ගලවලා ඔය විදියට සුද්ධ කලා ම ගොඩාක් වෙලාවට හරියනවා. 8BG නම් මරු... Sharepoint කරන්නත් පුළුවන්!

    ReplyDelete
  5. @Hasitha වෙන්න ඕන යාළු....ආයෙත් සැරයක් ට්‍රයි කරලා බලන්න...

    ReplyDelete
  6. Replies
    1. ඇත්ත, මේක එන්නේ Win7 වලටයි. Win7 වලට code එක හොයාගෙන දාන්න උත්සහ කරන්නම්. ස්තූතියි කිව්වට මේ ගැන.

      Delete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !