හික්ස්... හදවත් රෝග වර්ග නම් ගොඩක් තියෙනවානේ එක එක අයට එක එක කාලෙට හැදෙන. සමහර ඒව නම් දවසින් දෙකෙන් හොඳ වෙනවා. සමහර ඒවා නම් සති, මාස ගණන් ගත වෙන ඒවත් තියෙනවා. ලේසියකට හොඳ කරන්න බැරි ඒවත් තියෙනවා. මම හිතන්නේ ඊටත් වඩා සමහර හදවත් තියෙනවානේ හැමදාම ලෙඩ වෙන ඒවා. ඒවා තමයි නඩත්තුව අමාරු ම !! හැමදාම බෙහෙත්දෙන්න ඕනනේ. ඒත් මම නම් අද කියන්න යන්නේ සිරුරේ තියෙන වැදගත් ම ඉන්ද්‍රියක් වෙන හෘදය ලෙඩ වෙන්නේ කොහොමද කියලයි. බලන්නකෝ කියවලා ඔයාලාටත් වැදගත් ද කියලා.
හෘදය ආශ්‍රිත ව ඇතිවෙන ප්‍රධානතම ලෙඩක් තමයි හෘදයාබාධ කියලා කියන්නේ. ඊට ප්‍රධාන හේතුව තමයි සරලව ම ගත්තොත් හෘදයෙ හි ක්‍රියාකාරිත්වයේ යම් වෙනසක් ඇති වීමයි. ඒ දේ වෙන්නේ මෙහෙමයි. සාමාන්‍යයෙන් අපේ ඇඟේ තියෙන අනිකුත් මාංශ පේශි ටික වෙලාවක් එකදිගට වැඩ කලා ම මහන්සියට පත් වෙනවානේ. ඒත් හදවත් එහෙම නෑ. ජීවිත කාලය පුරාවට ම මහන්සියකින් තොරව එක දිගට වැඩ කරනවා. ඒ නිසා ම හෘත් පේශි වලට සාපේක්ෂ ව තරමක් වැඩි රුධිර සැපයුමක් ඕන කරනවා. ඒ හෘත් පේශි වලට අවශ්‍ය රුධිරය ලබාදෙන්නේ කිරීටක ධමනි කියලා විශේෂිත රුධිර නාළ වර්ගයක් මඟින්. ප්‍රධාන කිරීටක ධමනි වර්ග දෙකක් තියෙනවා. ඒ ලෙවල් වලට ජීව විද්‍යාව කල අය නම් මේ ගැන හොඳට දන්නවා. මම නම් කලේ ගණන් හදපු එකනේ!!
මම අර කලින් කිව්ව කිරීටක ධමනි කුඩා වීමක් හරි පටු වීමක් හරි වුනොත් තමයි ඒ මඟින් නඩත්තු වෙන හෘත් පේශි කොටස යම් මන්දපෝෂණ තත්වයකට ලක්වෙන්නේ. මේ කිරීටක ධමනියක් දළ වශයෙන් කිව්වොත් කාබන් පෑන් කූරකට වඩා පොඩ්ඩක් ලොකුයි. මේ රුධිර නාල තුලින් කාලයක් තිස්සේ රුධිරය ගමන් කරද්දී යම් යම් හේතු නිසා ඒ තුළ ඉරිතැලීම් ඇතිවෙන්න පුළුවන්. වයසට ම යන්න ඕන නෑ, කෙනෙකුට තරුණ වයසේ දි වුනත් ඇතිවෙන්න පුළුවන් මේ තත්වය. කාලයක් යද්දි මේ ඉරිතැලීම් මත තෙල්(මේදය) තැම්පත් වීමක් වෙන්න පුළුවන්. කාලයත් එක්ක තෙල් ටික ටික එකතු වෙලා ගුලියක් බවට පත්වෙන්න හැකියාව තියෙනවා. ඒත් එක්කම මේ තෙල් ගුලිය වටකරමින් ආවරණයක් ඇතිවෙන්න පටන් ගන්නවා. එතකොට මේ ගැටය අතරින් රුධිරය ගමන් කිරීමේදී වේගය අඩුවීමක් සිද්දවෙනවා. (Physics වල තිබුණා වගේ මතකයි P1V1=P2V2 වගේ තියරියක් ). ඒ කියන්නේ වේගයට අනුව පීඩනය වෙනස් වීමක් ඇතිවෙනවා.
උදාහරණයක් කියන්නම්කෝ, හිතන්නකෝ අපි දුවනවා, ව්‍යායාම් කරනවා වගේ සිරුර මහන්සි වෙන දෙයක් කරනවා කියලා. එතකොට හෘදයට සාමාන්‍ය අවස්ථා වලට වඩා වැඩි ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒ ශක්තිය ලබාගන්න හෘද ස්ඵන්දනය වැඩිවෙනවා, ඒත් එක්කම ලේ ගමනාගමනය වැඩිවීමක් සිදුවෙනවා ඊට හරියන්න. අර කලින් සඳහන් කල ආකාරයේ තෙල් ගුලියක් සහිත රුධිර නාලයකට මේ කාර්යය කාර්යක්ෂම ව කරන්න බෑ, ඒ වෙලාවට තමයි පපුවේ මහන්සිය ඇතිවෙනවා කියන්නේ. හරියටම කිව්වොත් මේ ඇන්ජයිනා තත්වයක්. මේ තත්වය විවේක ගන්නකොට අඩුවෙන්නේ හදවත නැවත් සාමාන්‍ය මට්ටමට පත්වෙන නිසයි. සමහර අයට මේ වේදනාව පපුවෙන් පටන් අරන් බෙල්ලට, උගුරට, හනු වලට, අත්වලට, කොන්දට පැතිරෙන්න පුළුවන්. මේ තත්වය නම් බලාගෙන ඉන්න හොඳ දෙයක් නෙවෙයි. මේකෙන් තේරුන් ගන්නෝන දේ තමයි අපේ කිරීටක ධමනි වල මොනාහරි ගැටළුවක් කියන එක. වහා ම වෛද්‍ය ප්‍රතිකාර වලට යොමුවෙන එක තමයි නුවණට හුරු.
ඊළඟ අවස්ථාව තමයි තරමක් දරුණු. මොනාහරි හේතුවක් නිසා අර කලින් සඳහන් කල තෙල් ගුලිය සහිත ආවරණය පුපුරලා තෙල් තට්ටුව රුධිරයට නිරාවරණය වෙන්න පුළුවන්. අපේ ඇඟේ බාහිර තුවාලයක් ඇතිවුනාම ලේ ගැලීම නවත්වන්න ලේ කැටිගැසීමක් වෙනවා හැමෝම දන්නවානේ.(එහෙම නොවෙන එකත් එක්තරා රෝගයක් හිමෝෆීලියාව කියන! ). ඒ වගේම අර තෙල් ගැටය මතත් රුධිර කැටියක් ඇතිවෙනවා. ඒ කියන්නේ අර තෙල් ගුලිය වහලා දාන්න හැදෙන ලේ කැටිය මඟින් මෙතෙක් වෙලා බාගෙට වැහිලා තිබුණ කිරීටක ධමනිය තවදුරටත් අවහිර වෙනවා. බැරිවෙලාවත් මේ නාලය සම්පූර්ණයෙන්ම අවහිර වුනොත් ඇතිවෙන්නේ හෘදයාබාධයක්. ඒ කියන්නේ බොහෝවිට මරණීය තත්වයක්! මේ අවදානම තියෙන අයටත් කලින් අයට වගේ ම පපුවේ මහන්සිය ඇතිවෙන්න ඉඩ තියෙනවා ක්‍රියාකාරකමක් නොකර නිකම් ඉද්දිත්. ඒක තමයි මෙතනදි මතුවෙන බරපතල ම තත්වය. මොකද හැමවෙලාවෙම බෙහෙත් අතේ ම තියාගෙන ඉන්න එපැයි.
සාමාන්‍යයෙන් පිරිමියෙකුට අවුරුදු තිහ ඉක්මවනවත් එක්කම මේ අවදානම එනවා. ඊට හේතුව පරම්පරාවෙන් එන රෝගී තත්ව වගේ ම දියවැඩියාව, කොලෙස්ටරෝල්, අධික රුධිර පීඩනය හැරුණු විට දුම් පානයයි. කාන්තාවන් ටත් නම් අක්‍රිය දුම්පානයට නිරාවරණය වුනොත් මේ අවදානම තියෙනවා. දැන් දැන් විකෘති වෙමින් යන ආහාර රටාවත්, ඒ කියන්නේ ක්ෂණික ආහාර, ප්‍රමිතියෙන් තොර ආහාර වර්ග ත් මේ තත්වයට යම් තරමකින් හරි දායකත්වය සපයනවා. දන්නවද... අපි සාමාන්‍යයෙන් අවුරුද්දකට සීනී 50kg ට ආසන්න ප්‍රමාණයක් පරිභොජනයට ගන්නවා කියලා පරීක්ෂණයකින් හොයාගෙන තියෙනවා. කොහොමද වැඩේ!!!
මේ වේදනාව ගොඩාක් දරුණුයි කියලා මම පුද්ගලිකව ම දැකලත් තියෙනවා. ඒ නිසා ම හිතට මේ දේවල් තදින් ම හිතට වැදුනා. …ඒ දේවල් කොහොම වුනත් මේ දේවල් සම්පූර්ණයෙන් ම නවත්වන්න බැරිවුණත් උපරිම වශයෙන් පාලනය කරන්න පුළුවන් තරම් වෛද්‍ය විද්‍යාව දියුණුයි. ඒ නිසා හොඳම වැඩේ තමයි පුරුද්දක් විදියට නිශ්චිත කාලයකට සැරයක් වෛද්‍ය පරීක්ෂණයක් කරගන්න එක. ඒ වගේම නොමිලේ ම කරන්න පුළුවන් දුම් පානයෙන් වළකින එක. ඒ වගේ ම සරල අහාර රටාවකට පුරුදු වෙන එක. මේ දේවල් ක්‍රියාත්මක කරන්න හෘදයාබාදයක් හැදෙනකල් ම බලාගෙන ඉන්නෝන නෑ නේද!
ප. ලි: Google හඳුන්වලා දීලා තියෙන hidden trick එක දැක්කාද? Google ගිහින් Do a Barrel Roll කියලා type කරලා බලන්නකෝ....!
වටින ලිපියක්...අපිටත් කවදාහරි වැදගත් වෙයි නේ මේවා...:)
ReplyDelete@සයුරි
ReplyDeleteකවදාහරි නෙවෙයි.. දැන් ඉඳන් ම වැදගත්! :)
ස්තූතියි ප්‍රතිචාරයට! !
ඕවා කොහොම වෙතත් ආදරේ නිසා අපේ හදවත කොච්චරනම් ලෙඩ වෙනවද???
ReplyDeleteමාර වැදගත් ලිපියක්. මේ ලිපිය අපේ මලයට කියවන්න දෙන්න ඕනේ.
ReplyDeleteහුගාක් වැදගත් ලිපියක් :k
ReplyDeleteලිපිය නම් වටිනවා මචෝ ඒත් ඉතින් .. අපි කෝමද ...
ReplyDelete@හිස් අහස, මලිති, දිනේෂ්, මධු...
ReplyDelete:මට නම් හිතෙන්නේ මේ දේවල් ගැන දැන් ම හිතුවෙ නැත්තම් ලෙඩක් වෙයි කියලා. ස්තූතියි ප්‍රතිචාර වලට!
වැදගත් වෛද්‍ය කරුණු බොහොමයක් අන්තර් ගත් වෙලා තිබ්බා, ඒ වගේම ඉතා ක්‍රමවත්ව හා අලංකාරව පැහැදිලි කරල තිබ්බා.. ගොඩක් හොද ලිපියක්
ReplyDeleteවැදගත් වෛද්‍ය කරුණු බොහොමයක් අන්තර් ගත් වෙලා තිබ්බා, ඒ වගේම ඉතා ක්‍රමවත්ව හා අලංකාරව පැහැදිලි කරල තිබ්බා.. ගොඩක් හොද ලිපියක්
ReplyDeleteහොද වැඩක්,
ReplyDelete