අද මම එද්දි දැක්කනේ මාර ලස්සන කෙල්ලෙක්....


අද මම එද්දි දැක්කනේ මාර ලස්සන කෙල්ලෙක්.... හරියට නිකම් xxxx වගේ, ආයේ කියලා වැඩක් නෑ. මම දැක්කමයි ඒතරම් ලස්සන කෙල්ලෙක්!!!! අපි ඕනතරම් එහෙම කියලා ඇති නේද? ඒ වගේ ම ඕන තරම් ඇහිලත් ඇති. අපි පාරේ තොටේ එහෙ මෙහේ යද්දී අපි දකිනවානේ කොහොමත් එක සැරයක් දැක්කම ආයේ සැරයක් හැරිලා බලන්න තරම් හිතෙන ලස්සන ගැහැණු ළමයි. සමහරු සුදුයි, තළෙළුයි, උසේ හැටියට මහත, පිරිපුන් අඟපසඟ... තවත් අය කළුයි ඒත් හරි ප්‍රියමනාප ගතියක් තියෙනවා. ඒ කිව්වේ ගැහැණු ළමයින් ගේ රූමත් කම ගැන. පිරිමි අයත් ඉන්නවනේ අපි අතර කැපී පෙනෙන ලස්සනක් තියෙන අය. හරියට නිකම් අර අහවල් නළුවා වගේ කියලා කියන. ඒ වගේ ම තමයි ගැහැණු පිරිමි භේදයක් නැතුව ම එතරම් දැක්කම ප්‍රියමනාප ගතියක් නැති අයත් අපි අතරේ ඉන්නවානේ.....

කොහොමද මේ ලෝකේ ඉන්න සමහර අය ලස්සන වෙලා තවත් සමහරු කැත වෙන්නේ???? ප්‍රශ්නයක් නේද? ඒකට හේතුව තමයි මේ පැහැදිලි කරන්න හදන්නේ. මේ ලෝකේ ජීවත් වෙන සමහර මිනිස්සු ඉන්නවා නිතරම ඉන්නේ තරහින්, ඒ වගේ ම පොඩි දේටත් තරහ ගන්න බලාගෙන ඉන්නේ. අපි කියන්නේ හොස්ස ලඟින් මැස්සා යන්න බෑ කියලා! හැම වෙලේ ම හිතේ තද ගතියෙන් ඉන්න ඒ අය ඒ නිසා ම හැමවෙලේම ජීවත් වෙන්නේ සිත්තැවුලෙන්. ඒ නිසා එයාලා රැස්කර ගන්න කර්ම විපාකයෙන් මරණින් පස්සේ ගොඩාක් දුක් සහිත අපායේ ඉපදෙනවා. බැරිවෙලාවත් මිනිස් ලෝකේ ඉපදුනොත් දුර්වර්ණ වුන කැත රූපයක් එක්ක ඉපදෙනවා.

ඒ වගේ ම තවත් සමහර මිනිස්සු ඉන්නවා පොඩි දේකටවත් තරහා ගන්නෙ නෑ, එහෙනම් ලොකු දේවල් ගැන මොන කතාද? අඩුම තරමේ අසතුටු බවක්වත්, තරහා ගත්ත බවක් වත් පෙන්නන්නේ නෑ. අනිත් අය කරන වැරදි වලට සමාව දෙන ගමන් ම හැමෝටම මෙත් සිතින්මයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ අය කරන කර්මය නිසා ම මැරුණාට පස්සේ සැප ඇති දිව්‍යලෝකයේ ඉපදෙනවා, හෙමත් නැත්තම් මිනිස් ලෝකෙ ඉපදුනොත් ඉතාම ලස්සන සිත් ඇදගන්නා සුළු රූපයක් සහිත කෙනෙක් වෙනවා.

සමහරු කැත විදියටත් සමහරු ලස්සන විදියටත් ඉපදෙන මේ ගැටළුව ඇති වුණේ සුභ මානවකයාට. බුදුරජාණන් වහන්සේ චූල කම්ම්විභංග සූත්‍රය දේශනා කරලා ඔය විදියට ඒ ගැටළුව නිරාකරණය කරනවා. ඒ වගේම මිනිස්සු අඩු වයසින් මැරෙන්නේ ඇයි?, නිතර ලෙඩ වෙන්නේ ඇයි?, දුප්පත් ඇයි?, සමහරු තනිවෙන්නේ ඇයි?, හැමෝම බුද්ධිමත් නැත්තේ ඇයි?...ආදි වශයෙන් ගොඩාක් ගැටළු වලට හේතු උන්වහන්සේ පහදලා දුන්නා. අපිට මේ ලැබුණු ගොඩාක් දේවල් මේ විදියට ලැබුණේ අපේ පෙර කර්ම නිසානේ. අපි මිනිස් ලෝකේ ඉපදෙන්නත් ගොඩාක් ලොකු පිනක් රැස්කරලා තියෙනවා. ඉතින් අපි හිතන්න ඕන අපි කොහොමද අපේ ඊළඟ ඉපදීම සාර්ථක කරගන්නේ කියලා නේද? මොකද අපි බෞද්ධයන් විදියට පුනර්භවය පිළිගන්න නිසා. ඒ නිසා තරහා යන නරක ගතිය අඩු කරගන්න හිතාගත්තොත් කොහොමද.....පෝය දවස නිසා තමයි මෙහෙම දෙයක් ලියන්න හිතුනේ. ඔයාලා මොනවද මේ ගැන හිතන්නේ කියලත් කියලා ම යන්න අමතක කරන්න එපා!

7 comments:

  1. වටින පාඩමක් නේ...අද පෝයද ඇත්තට?

    ReplyDelete
  2. ගොඩක් වටින කතාවක්.
    ඔය ලස්සන කියන සාපේක්ෂ සාධකය හන්දනේ ගොඩක් එවුන් නැහෙන්න හදන්නේ.

    ReplyDelete
  3. සම්පූර්ණ ඇත්ත කතාව .. මමත් ඕක ගැන සමහර වෙලාවට කල්පනා කරල තියෙනවා. කොලු කාලෙ නම් ඕව විශ්වාස කලෙත් නෑ.
    නමුත් දැන් අපි දන්නවා බුදුන් වදාළ දේවල් හුඟක් ඇත්ත බව.

    ReplyDelete
  4. මාත් එකගයි ඒ කතාවට.. ලස්සන වෙන්න ඔය මොනම දෙයක් වත් කලාට වැඩක් නෑ තමන්ගේ හිත ලස්සන නැත්නම්..

    ReplyDelete
  5. @Dinesh, සයුරි, මධු, මලිති, කුමාරයා
    ජීවිතේ හැමදාමත් අපිට තිසරණය විතරයි පිහිටට ඉන්නේ යාළු...

    ReplyDelete
  6. ගිය භවයෙ පින් කරලා ලස්සන වෙලා, එත් මෙ භවයෙදි එ ලස්සනින් උඩඟු වෙච්ච අහංකාර කෙල්ලො කිදෙනෙක් අද ලංකාවෙ ඉන්නවද?

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !