Radar (රේඩාර් ) නැති කාලේ ප්ලේන් ආව හැටි....



මට ඊ මේල් එකකින් ආව ඡායාරූප ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා. ඒකේ තියෙන්නේ රේඩාර් තාක්ෂණය හොයාගන්න කලින් කොහොමද ගුවන්යානා හඳුනාගත්තේ කියලා. බලන්නකෝ කොහොමද කියලා, හිනායනවා නේද? හැබැයි ඉතින් මේ විදියටවත් බලන්නේ නැතුව සතුරු යානයක් ඇවිත් බෝම්බ දාලා ගියොත් එපා කියන්නයැ...
ඒ නිසා මේක ඒකාලේ හැටියට ලොකු තාක්ෂණයක්. ඊට කලින් කියලා ඉන්නම්කෝ මේ රේඩාර් කියන්නේ මොකක්ද කියලා. රේඩාර් කියන්නේ චලනය වන හෝ නිශ්චල ව තියෙන වස්තූන් දුර ඉඳන් හඳුනාගන්නා ක්‍රමයක්! උදාහරණයක් කිව්වොත් ගුවන් යානා,නැව්, මෝටර් රථ, මිසයිල වගේ දේවල්. මේ සඳහා යොදාගන්නේ විද්‍යුත් චුම්බක කිරණ, විශේෂයෙන් ම රේඩියෝ තරංග. ඇන්ටෙනාවක් හරි ඩිෂ් එකකින් හරි නිකුත් කරන රේඩියෝ තරංග අදාළ වස්තුවේ ගැටිලා පරාවර්තනය වන කිරණය නැවත ග්‍රහණය කරලා ඒ පිළිබඳ ව යම් යම් ගණනය කිරීම් කරලා අදාළ වස්තුවේ පරාසය, වේගය, දිශාව, උස වගේ දේවල් පහසුවෙන් ම නිර්ණය කරන්න පුළුවන්. A/L වලට Science කළ අයට නම් Physics වල ඩොප්ලර් ආචරණය මතක් වෙනවා ඇති නේද? දෙවෙනි ලෝක යුද්ධ කාලේ ඇමෙරිකානු හමුදාව තමයි මේ තාක්ෂණය ගොඩක් දියුණු කරලා ගත්තේ සතුරන්ගේ ඔත්තු බලන්න. දැන් නම් මේ තාක්ෂණය ගොඩාක් වෙලාවට පාවිච්චි කරනවා අමතර ව traffic පාලනය කරන්න, ප්‍රති මිසයිල පද්ධති වලට, ගුවන් ආරක්ෂක පද්ධති වලට වගේ දේවලටත්. මම හිතන්නේ දැන් ඇති වගේ නේද කියෙව්වා මේ ගැන, තවත් කිව්වොත් නම් එපා වෙයි. එහෙනම් ෆොටෝස් බලන්නකෝ....















කොහොමද වැඩේ... මරු නේද? එහෙනම් මේ ගැන මොනාහරි කියලා යන්නත් අමතක කරන්න එපා හොඳද!

9 comments:

  1. පිස්සු හැදෙනවා...හිතල තිබුනෙත් නෑ කොහොම තියෙන්න ඇත්ද කියලා!

    ReplyDelete
  2. හප්පේ මාරයිනේ....අර කන් දෙකේ ගහගෙන සද්දෙ අහගෙන ඉන්න බුවාටනං එළ ජොබ් එකක් වෙන්න ඇති....

    ReplyDelete
  3. අප්පා...මේ මිනිස්සුන්ට එපා වෙන්නේ නැද්ද දන්නේ නැහැ මේ ජොබ් එක...

    ReplyDelete
  4. හොද වෙලාවට ඒ කාලෙ ගුවන් යානා හෙමින් ගියේ . මේ ගැන හොද ලිපියක් කලින් සත් සමුදුරේ පල උනා මෙන්න ඒ ලින්ක් එක ,
    http://sathsamudura.blogspot.com/2011/04/locating-device-before-radar-invented.html

    ReplyDelete
  5. ස්තූතියි හැමෝටම ප්‍රතිචාර වලට!

    ReplyDelete
  6. නියමයි.. ඒ දවස් වල මේ ජොබ් එක කල මිනිස්සුන්ට සෑහෙන කට්ටක් කන්න වෙන්න ඇති...

    ReplyDelete
  7. ඔක්කොම මැනුවල් එව්වා නේද? ඒ කාලෙ මාර දේවල් මිනිස්සු කරලා තිබ්බෙ.යුද්ධෙට බැන්නට ලෝක යුද්දෙ හින්දා ලෝකෙ සෑහෙන්න දියුණු උනා.

    ReplyDelete
  8. @දිනුක ජයකොඩිආයෙත් අහලා...පට්ට ම මැනුවල්!

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !