
30
Dec
2011

අම්මෝ... ගුටි කන ඒව නම් මතක් කරන්න එපා කියලා ගොඩක් අය කියයි. මොකද සමහරු කියනවනේ කෑමෙන් කෑම හොඳම කෑම ගුටි කෑම කියලා. හොඳ හොඳ හෝටල් වලින් කාලා තියෙන අය නම් මේ ගැන දන්නවා. හැබැයි ඉතින් ඉකෝලේ කාලේ එහෙම මතක් වෙලා හිනා යන වෙලාවල් එහෙම අප්‍රමාණයි. ගුටි කන එකෙත් වර්ග කීපයක් ම තියෙනවනේ. එකක් තමයි ගෙදරින් ගුටි කෑම. ඒ නම් ආදරේට ලු. ස්කෝලෙදි ගහන්නේ අපිව හදන්නලු. හැබැයි ඉතින් සමාජයෙන් අපි ව හදන්න කලින් ස්කෝලෙන් හරි ගෙදරි හරි හැදෙන එක තමයි හොඳම දේ මට හිතෙන විදියට!!!හැබැයි මට නම්...
27
Dec
2011

දැන් කාලේ කොළඹ ටවුන් එකේ ඉන්න සෙනඟයි වාහන කන්දරාවයි අතරේ ඇඟිල්ලක් ගහන්න ඉඩ නැති වුනාට ඉස්සර කාලේ කොහොම තියෙන්න ඇතිද? ඉස්සර කාලේ කිව්වේ දැනට අවුරුදු 150 කට 200 කට කලින්. හිතාගන්න පුළුවන්ද? හිතාගන්න අමාරු නම් මේ ෆොටෝ ටික බලන්නකෝ, මට ඊමේල් එකකින් හම්බවුනේ, තරමක් දුර්ලභයි කියලා හිතුණ නිසා ඔයාලත් එක්ක බෙදාගන්න හිතුවා. බලන්නකෝ කොහොමද කියලා...මෙතනදි තමයි ප්‍රින්ස් වීදිය සහ යෝක් වීදිය හමුවෙන්නේ, ගෆූර් බිල්ඩින් එක සහ ග්‍රින්ඩ්ලේස් බැංකුව තමයි වම් පැත්තේ තියෙන්නේ. බ්‍රිස්ටල්...
23
Dec
2011

සොච්චම් පඩියකට වහල්ලු වගේ තමන්ගේ ශ්‍රමය ඈ කැප කරන්නේ මහා මාළිගාවක් හදන්න නම් නෙවෙයි. එහෙම කරන්නේ තමන්ගේ ජීවිතේ වැරහැලි වෙන්න නොදී යාන්තම් ඉරුණු තැන්වත් වහගන්න කියලා ගොඩාක් දෙනෙක් දන්නේ නෑ. මැෂිමක සද්දෙට වඩා හයියෙන් මහා සාගරය තරම් අඬන්න පුළුවන් වුනත් දුක් කරදර හමුවේ අඬලා පලක් නැති නිසාමයි ඈ අඬන්නේ නැතුව ඉන්නේ, නැතුව මැෂිමකට වගේ හැඟීම් දැනීම් නැතුව නම් නෙවෙයි! ඒ සාගරේ සැරින් සැරේ හමන කුණාටු හරියට ඇගේ හදවතින් නික්මෙන බලාපොරොත්තු සහගත සුසුම් කිව්වොත් වැරදි නෑ මම හිතන්නේ...ඊයේ...
17
Dec
2011

ටවුන් එකේ පේමන්ට් එකක ඇවිදගෙන යනගමන් බැරිවෙලාවත් පළතුරු ලෑල්ලක් දිහා බැලුවොත් ඇති , ඒ ලෑල්ලේ තියෙන පළතුරු දෙක තුනක් ෂොපින් එකකට දාලා දෙන මට්ටමට අපේ වෙළෙන්දෝ දියුණුයි දැන්. ඒ එයාලා අපේ පෝෂණය ගැන ගොඩාක් උනන්දු නිසාද කියලා කියන්න නම් මම දන්නේ නෑ. එයාලා හිතනවා ඇති නිරෝගී කෙනෙක් දවසකට පළතුරු 300g-400g වත් කෑමට ගන්නේ නැත්තම් හරිම වැරදියි කියලා! පළතුරු වෙළෙන්දෝ පැත්තකින් තියමුකෝ, මේ එළවළු වෙළෙන්දෝ එක්ක නම් මට හරිම තරහයි ඊයේ පෙරේදා දවසක ඉඳන් , ඒ මොකද දන්නවද? ඊයේ පෙරේදා දවසක...
13
Dec
2011

යාළුවෝ...මාළුවෝ අපි හැමෝටම ඉන්නවනේ. ඒ වුනත් විශ්වාසවන්ත යාළුවෝ ඉන්නේ කීදෙනාද නේද? එහෙම යාළුවෝ නම් ඉන්නේ බොහොම ටික දෙනයි. තව සමහරු පණ දෙන්න වගේ ඉන්නවා, මොනාහරි සිද්ධියක් වුණා ම තමයි එයාලගේ යාළුකම තේරෙන්නේ. හරියට කොකාගේ සුද පේන්නේ ඉගිලෙනකොට වගේ! ඇයි තව සමහරු ඉන්නවා අපේ හැමදේම අහගෙන ඉඳලා රට වටේ පතුරවන අය...අපි හැමෝටම ඔය වගේ අය අඩු වැඩි වශ්යෙන් ඉන්නවා. අද කතාව කියන්න යන්නෙත් මේ අපූරු යාළුකම ගැන. අපිට ඉන්න යාළුවන්ගෙන් හොඳම යාළුවෝ වෙන්නෙ පිරිමි අයද ගැහැණු අයද?? ලොකු ප්‍රශ්නයක්...
9
Dec
2011

අද පෝය දවස නිසා මට හිතුණා ටිකක් වෙනස් දෙයක් ගැන කතා කරන්නෝන කියලා. මේ බණ කතාවක්මත් නෙවෙයි, ඒත් ඉගෙන ගන්න දේවල් තියෙනවා කියලා හිතුණ නිසා කියන්න හිතුණා. හැමෝම දන්නවනේ ලංකාවේ බිහිවුණු ශ්‍රේෂ්ඨ නරපතියෙක් වුණ දුටුගැමුණු රජතුමා. එතුමාගේ පියා තමයි කාවන්තිස්ස රජතුමා. මෑණියන් තමයි වීර කාන්තාවක් වෙන විහාර මහා දේවිය. ඇගේ පියා තමයි කැළණිතිස්ස රජතුමා. ඔය කැළණිතිස්ස රාජ පරම්පරාවට අයිති කතාවක් තමයි මේ කියන්න යන්නේ.කැළණිතිස්ස රජතුමා, රහතන් වහන්සේ නමක් ව උණුතෙල් කටාරමක දාපු කතාව හැමෝම...
2
Dec
2011

මේ කතාව මම පත්තරේක දැක්ක එකක්. ඒත් ටිකක් විතර වෙනස් අත්දැකීමක් වේවී දෝ කියලා හිතුන නිසා ලියන්න හිතුවා. අපි පොඩි කාලේ හැසිරීමයි, දැන් කාලේ ඉන්න පොඩි වුන්ගේ හැසිරීමයි බලද්දි ලොකු වෙනසක් දැනෙනවා නේද... සමහරුන්ට හිතෙයි දැන් කාලේ ඉන්න එවුන් නම් ගන්න දෙයක් නෑ කියලා, ඒත් සමහරුන්ට නම් ඒක ගානක් නෑ. මට නම් හිතෙන විදියට ඒක තමයි පරම්පරා ඝට්ටනය කියලා කියන්නේ. මොකද අපි පොඩිකාලේ ඉද්දී අපේ වැඩිහිටියොත් එයාලගේ ළමාවිය අපෙත් එක්ක සංසන්දනය කරලා එහෙම ම කියන්න ඇති. ඒ නිසා ම අපිත් එහෙම කියනවා...
27
Nov
2011

මට ඊ මේල් එකකින් ආව ඡායාරූප ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න හිතුණා. ඒකේ තියෙන්නේ රේඩාර් තාක්ෂණය හොයාගන්න කලින් කොහොමද ගුවන්යානා හඳුනාගත්තේ කියලා. බලන්නකෝ කොහොමද කියලා, හිනායනවා නේද? හැබැයි ඉතින් මේ විදියටවත් බලන්නේ නැතුව සතුරු යානයක් ඇවිත් බෝම්බ දාලා ගියොත් එපා කියන්නයැ...ඒ නිසා මේක ඒකාලේ හැටියට ලොකු තාක්ෂණයක්. ඊට කලින් කියලා ඉන්නම්කෝ මේ රේඩාර් කියන්නේ මොකක්ද කියලා. රේඩාර් කියන්නේ චලනය වන හෝ නිශ්චල ව තියෙන වස්තූන් දුර ඉඳන් හඳුනාගන්නා ක්‍රමයක්! උදාහරණයක් කිව්වොත් ගුවන් යානා,නැව්,...
25
Nov
2011

අපේ පරිගණකයේ වේගයට බලපාන ප්‍රධාන උපාංගයක් තමයි RAM එක කියලා කියන්නේ. RAM එක කියන්නේ තාවකාලික මතකයක්, ඒක විදුලිය මත රඳා පවතිනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. අපි ගොඩාක් වෙලාවක් පරිගණකයත් එක්ක වැඩ කරද්දී, ඒ කියන්නේ අපි එක දිගට පරිගණකය පාවිච්චි කරන තරමට RAM එක මත තැන්පත් වෙන දත්ත ප්‍රමාණය වැඩිවෙනවා. ඒ හා සමානුපාතික ව පරිගණකයේ වේගයත් ටික ටික අඩුවෙනවා. ඒක සමහර වෙලාවට දැනෙන තරමකට වෙන්නත් පුළුවන්, නොවෙන්නත් පුළුවන්. ඒක රඳා පවතින්නේ තමන් පරිගණකයේ කරන්නේ මොන විදියේ වැඩද කියන...
19
Nov
2011

මම මේ කියන්න යන්නේ රැග් සීසන් එක ගැන කතාවක්. මේක මට මතක් වෙන්න හේතුව තමයි අපේ කැම්පස් එකට අළුතින් බැජ් එකක් මේ ළඟදි ගත්ත එක. කැම්පස් එකක රැග් සීසන් එක කියන්නේ මාර ම ජොලි කාලයක්නේ. ජූනියර්ස් ලාට කෙසේ වෙතත් සීනියර්ස්ලට. රැග් සීසන් එක විඳින කාලේ ඒක කොයිතරම් කට්ටක් උනත් පස්සෙ කාලෙක මතක් කර කර මැරෙනකල් හිනාවෙන්නේ ඒ දවස්වල එක එකාට වුන දේවල් කියකිය. හැමෝටම කියන්න දේවල් මොනාහරී තියෙනවනේ. ඒ නිසා ම රැග් සීසන් එක ගැන රස කථා ගොඩයි. ඒත් දැන් දැන් රැග් එක කියන එක අතීතයට එකතු වෙන...
9
Nov
2011

අද මම එද්දි දැක්කනේ මාර ලස්සන කෙල්ලෙක්.... හරියට නිකම් xxxx වගේ, ආයේ කියලා වැඩක් නෑ. මම දැක්කමයි ඒතරම් ලස්සන කෙල්ලෙක්!!!! අපි ඕනතරම් එහෙම කියලා ඇති නේද? ඒ වගේ ම ඕන තරම් ඇහිලත් ඇති. අපි පාරේ තොටේ එහෙ මෙහේ යද්දී අපි දකිනවානේ කොහොමත් එක සැරයක් දැක්කම ආයේ සැරයක් හැරිලා බලන්න තරම් හිතෙන ලස්සන ගැහැණු ළමයි. සමහරු සුදුයි, තළෙළුයි, උසේ හැටියට මහත, පිරිපුන් අඟපසඟ... තවත් අය කළුයි ඒත් හරි ප්‍රියමනාප ගතියක් තියෙනවා. ඒ කිව්වේ ගැහැණු ළමයින් ගේ රූමත් කම ගැන. පිරිමි අයත් ඉන්නවනේ අපි...
5
Nov
2011

හික්ස්... හදවත් රෝග වර්ග නම් ගොඩක් තියෙනවානේ එක එක අයට එක එක කාලෙට හැදෙන. සමහර ඒව නම් දවසින් දෙකෙන් හොඳ වෙනවා. සමහර ඒවා නම් සති, මාස ගණන් ගත වෙන ඒවත් තියෙනවා. ලේසියකට හොඳ කරන්න බැරි ඒවත් තියෙනවා. මම හිතන්නේ ඊටත් වඩා සමහර හදවත් තියෙනවානේ හැමදාම ලෙඩ වෙන ඒවා. ඒවා තමයි නඩත්තුව අමාරු ම !! හැමදාම බෙහෙත්දෙන්න ඕනනේ. ඒත් මම නම් අද කියන්න යන්නේ සිරුරේ තියෙන වැදගත් ම ඉන්ද්‍රියක් වෙන හෘදය ලෙඩ වෙන්නේ කොහොමද කියලයි. බලන්නකෝ කියවලා ඔයාලාටත් වැදගත් ද කියලා.හෘදය ආශ්‍රිත ව ඇතිවෙන ප්‍රධානතම...
29
Oct
2011

Windows 7 ඇවිල්ලත් දැන් අවුරුදු දෙකකටත් වැඩියි වගේ. ලබන අවුරුද්දේ Windows 7 එන්නත් තියෙනවා. ම්ම්ම්... ඔයාලට හිතෙනවා ඇති ඒ අස්සේ මොනවද මේ කියන්න යන්නේ කියලා නේද? හැබැයි ඉතින් එක අතකට මේකේ කාලින වැදගත්කමකුත් තියෙනවද මන්දා. දේශප්‍රේමය, ජාත්‍යාලය ගැන වැඩියෙන් කතා කරන කාලයක් නිසා!!!! හ්ම්... ඒවයින් කමක් නෑ, මම මේ කියන්න යන්නේ Windows 7 වල වැඩි දෙනෙක් දන්නේ නැති පහසුකමක් ගැනයි. Windows 7 OS එක සිංහලෙන් තිබුණොත් කොහොම හිටීද? එහෙම කිව්වට එහෙමම නෑ හැබැයි...Microsoft Windows...
26
Oct
2011

අද නම් තරමක් වෙනස් විදියේ දෙයක් ගැන කතා කරන්නයි මම ලෑස්ති. අපි හැමෝම විනෝදාංශයක් විදියට, එහෙමත් නැත්තම් සමහරු කාලේ ගෙවාගන්න කරන දෙයක් තමයි සින්දු අහන එක. සමහරු කැමති වේග රිද්ම, බයිලා, තවත් සමහරු කැමති ශාස්ත්‍රීය ඒවාට, තවත් සමහරු කැමති හින්දි, ඉංග්‍රීසී සින්දු වලට, සමහරු විරහ ගීත වලට. ඔය කොයි විදියට බැලුවත් අඩු වැඩි වශයෙන් ලොකු පොඩි භේදයක් නැතුව හැමෝම එක එක විදියේ සින්දු අහන්න ආසයිනේ. ගොඩක් දෙනා අහලා ඇති නේද අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන හන්තානට පායන සඳ සින්දුව....
21
Oct
2011

ඔන්න හා හා පුරා කියලා දෙවෙනි වතාවට මම කතන්දරයක් කියන්නයි යන්නේ. කතන්දරයක් කිව්වට මේක තාක්ෂණික කතන්දරයක්. සමහර අයට මතක ඇති මගේ පළවෙනි තාක්ෂණික කතන්දරේ දුරකථනය ගැන. ඒකෙයි මේකේ සම්බන්ධයක් නම් නෑ ...සමහර දේවල් තියෙනවා කොයිතරම් ඉගැන්නුවත් වැඩක් නෑ, අපිට උදාහරණ වලින් කිව්වම නම් නියමෙට තේරෙනවනේ, ගොඩාක් හොඳට මතක හිටිනවනේ! මමත් Trojan Horse ගේ ක්‍රියාකාරීත්වය ගැන හරියටම තේරුම් ගත්තේ ඒ විදියට. ඔයාලාට නම් ඒක කොයිතරම් දුරට හරියයි ද දන්නේ නෑ, බලන්නකෝ කතන්දරේ කියවලා ම!මේ ට්‍රෝජන්...
Subscribe to:
Posts (Atom)
11 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !