සොච්චම් පඩියකට වහල්ලු වගේ තමන්ගේ ශ්‍රමය ඈ කැප කරන්නේ මහා මාළිගාවක් හදන්න නම් නෙවෙයි. එහෙම කරන්නේ තමන්ගේ ජීවිතේ වැරහැලි වෙන්න නොදී යාන්තම් ඉරුණු තැන්වත් වහගන්න කියලා ගොඩාක් දෙනෙක් දන්නේ නෑ. මැෂිමක සද්දෙට වඩා හයියෙන් මහා සාගරය තරම් අඬන්න පුළුවන් වුනත් දුක් කරදර හමුවේ අඬලා පලක් නැති නිසාමයි ඈ අඬන්නේ නැතුව ඉන්නේ, නැතුව මැෂිමකට වගේ හැඟීම් දැනීම් නැතුව නම් නෙවෙයි! ඒ සාගරේ සැරින් සැරේ හමන කුණාටු හරියට ඇගේ හදවතින් නික්මෙන බලාපොරොත්තු සහගත සුසුම් කිව්වොත් වැරදි නෑ මම හිතන්නේ...
ඊයේ පෙරේදා දවසක හොස්ටල් එකට විකුණන්න ගෙනාව සඟරාවක (කැම්පස් එකේ ම යාළුවෝ වගයක් හදන සඟරාවක්!) තිබුණ අපූරු සින්දුවක් දැකලා තමයි මේ දේවල් හිතුණේ. සින්දුව තමයි සුනිල් එදිරිසිංහයන් කියන "රෑ වැඩ මුරය අවසන් වන කණිසමට..." ටිකක් පරණ සින්දුවක් වගේම ගොඩක් අය අහලත් ඇති මේ සින්දුව.
රෑ වැඩ මුරය අවසන් වන කණිසමට
නුඹේ රුව පෙනෙයි පරවුණු කුසුමක් ලෙසටරෑ වැඩ මුරය අවසන් වන කණිසමට
අරුණලු කැරලි වැටෙනා සඳ අළුයමට
නුඹේ ලොවට රෑ වෙයි පෙර කල පවට
ලෝකේ ජීවත් වෙන ගොඩක් මිනිස්සුන්ට උදෑසනක් කියන්නේ කුරුල්ලෝ කෑගහන, මල් පිපෙන සුන්දර වෙලාවක් වුනත් මේ යුවතියන් වැඩ ඉවරවෙලා රෑ බෝ වෙන ජාමේ එළියට බහින්නේ පරවුණු මල් වගේ තැලිලා පොඩිවෙලා. යන්තම් ජීවිතේ ගැට ගහගන්න ඕන කරන පුංචි බලාපොරොත්තුවක් විතරක් හිතේ ගුලි කරගෙන උදේ ඉඳන් රෑ වෙනකල් මහන මැෂිම කරකවන ඔවුන් දවස අන්තිම වෙද්දි හෙම්බත් වෙනවා. ඒ වගේ ම තමයි හැමදාමත් උදේට ඉර පායලා හවසට ඉර බැහැලා යන්නේ තවත් අඳුරු දවසක් මතකයන් ජීවිතේට එකතු කරමිනුයි!
තුන් තිස් පැයේ දෑඟිලි නිදි වරන්නේ
නිල් එළියටයි පෙති ගෝමර තැවෙන්නේ
මල්විය නොවෙද මේ දියකර හරින්නේ
මැෂිමද හිතද මහ හයියෙන් හඬන්නේ
…ඉස්කෝලේ ගිහින් ඉවර වුන ගමන් ම ඇඟලුම් කම්හලට එන අහිංසක මල් කැකුළු වගේ තරුණියන් සොච්චම් පඩියකට රෑ එලි වෙනකල් ම දෑත් වල කරගැට එනකල් ම මහන මැෂිමට තමන්ගේ යෞවනය දියකරල දාන්නේ වෙන කරන්න දෙයක් නැති නිසා ම මිසක් ආසාවකට නම් නෙවෙයි. ගොඩක් කෙල්ලෝ ගමේ ඉන්න දෙමව්පියෝ, සහෝදර සහෝදරියෝ ජීවත් කරන්නෙත් ඔය මැෂිම කරකවලා තමයි. ඒ නිසාමද මන්දා ඇගේ හිත මහ හයියෙන් හඬනවා කියලයි පද රචකයා කියන්නේ.
නුඹේ කඳුලැලි ද සයුරේ රැළි නඟන්නේ
හද සුසුමන් ද පවනක් වී හමන්නේ
තනි නොතනියට සෙවනැල්ලද සිටින්නේ
ඇඳුම ද නුඹේ ජීවිතය ද මහන්නේ
විවෘත ආර්ථිකයේ ප්‍රතිඵලයක් විදියට අපේ රටට ප්‍රේමදාස ජනාධිපතිවරයා ගේ කාලේ දි හඳුන්වා දුන්න ඇඟලුම් කම්හල් සංකල්පය නිසා ම සෘජු හා වක්‍ර ප්‍රතිඵල රාශියක් ලැබුණා. ඒකේ වාසි වගේ ම අවාසිත් නැත්තේ ම නෑ. ඉස්කෝලේ ගිහින් කැම්පස් යන්න රිසාල්ට්ස් මදි වෙලා හෝ දුප්පත් කම නිසා ම ඉහළට ඉගෙන ගන්න බැරිවෙන කෙල්ලොන්ට අන්තිමේට පිහිට වෙන්නේ ටවුන් එකේ තියෙන ඇඟලුම් කම්හල ම තමයි. නැත්තම් ඔය කෙල්ලෝ මහ පාරේ තමයි කියලයි මටනම් හිතෙන්නේ. සිහින ගොඩාක් මවලා අහසේ මාලිඟා හදන්න පෙරුම් පුරාගෙන ටවුන් එකේ ඇඟලුම් කම්හලට රැකියාවට එන කෙල්ලෝ අන්තිමේට කුකුල් කූඩු වගේ බෝඩිම් වල, හරියට කෑමක් නැතුව, ඇඟට ලස්සන ඇඳුමක් නැතුව ගෙවන ජීවිතේ හරියට මිහිපිට අපායක් වගේ. සමහර වෙලාවට සමහර කෙල්ලෝ හොරුන් ට කුඩුකාරයන් ට අහුවෙලා දුක් විඳින්නේ නොදැනුවත්කම නිසාම ද මන්දා. සමහර වෙලාවට අඩු වැටුපකට ශ්‍රමය විකුණනවා මදිවාට කෙල්ලන්ට තමන්ගේ සිරුර පූජා කරන්න වෙන්නෙත් ඔය පවතින කටුක පරිසරය නිසාද කියලත් වෙලාවකට හිතෙනවා.
ඔය දේවල් දැක්ක බන්දුල නානායක්කාරවසම් කියන විශිෂ්ඨ ගණයේ පද රචකයාගේ තෙළි තුඩින් නිමවුණු, රෝහණ වීරසිංහයන්ගේ අපූරු සංගීතයෙන් හැඩගැන්වුණු සුනිල් එදිරිසිංහයන්ගේ අපූරු කටහඬ මේ ගීතයට චමත්කාරයක් එක් කරනවා.
දැන් නම් පිටරට ආයෝජකයන්ට පින් සිද්ධ වෙන්න යහපත් ජීවන තත්වයක් තියෙන ඇඟලුම් කම්හල් අපේ රටෙත් තියෙනවා. එහෙම පහසුකම් වැඩ කරන අයට දුන්නේ නැත්තම් තමන්ගේ ඇඟළුම් ඇණවුම් ඒ ආයෝජකයන් ප්‍රතික්ෂේප කරන නිසාම තමයි එහෙම වෙලා තියෙන්නේ. ඉස්සර ටැප් එකෙන් වතුර බොන්න තිබුණු කම්හල් වල දැන් හොට් වෝටර්, කූල් වෝටර් පහසුකම්, ඉයර් ප්ලග්ස් තියෙන්නේ ඒ නිසාම තමයි. වටපිටේ ලස්සනට මල් වවලා තියෙන්නෙත් ඒ නිසාමයි. ඒ වුනත් ඒ පහසුකම් හැම තැනම ව්‍යාප්ත වෙලා නෑ කියන එකත් පිළිගන්න ඕන...ගොඩක්දෙනා පිලිගන්න අකමැති යථාර්තයක් තමයි ඇඟළුම් සේවිකාවොත් මේ රටේ කොටසක් කියන එක. සමහරවිට ඒ අය උගත් කමින් අඩු ඇති . නමුත් ඒ අයත් මිනිස්සු බව අමතක කරන්න නරකයි...
ගොඩක් සන්වෙදි කාරනවක් ලොක්ක..ගොඩක් වටින ලිපියක්..
ReplyDeleteසමාජයේ දෙයක් ගැන සංවේදිව ලියලා තියෙනවා.. නියමයි...
ReplyDeleteමං මේ දුක හොඳට දැකල තියෙනවා.කාලයක් ඇඟලුම් කර්මාන්තයට අයත් ආයතනයක වැඩ කරද්දී මේ වගේ පොඩි ළමයි හවස වැඩට එනවා.අපි උදේට වැඩට එද්දී එයාල ගෙවල් වලට යනවා.
ReplyDeleteජිවිතේ සුන්දර ටික දෙනෙකුට විතරයි
ඒක නම් එහෙම තමයි...ටික දෙනෙක් සැප විදින ගමන් බහුතරය දුක් විදිනවා!
ReplyDelete@Dinsh
ඒවගේම ගොඩක් අය දකින්න අකමැති පැත්තක්! ස්තූතියි ප්‍රතිචාරයට!
@Kanishka
ස්තූතියි ප්‍රතිචාරයට!
හ්ම්ම්...මට මතක උනේ "නිල් මහනෙල්" සින්දුව...
ReplyDeleteලාංකීය ජන සමාජේ තවත් වෙදනා බර පැත්තක්....ගැන කියවෙන තවත් සුන්දර ගීයක්...
ReplyDeleteමගේ ජීවිතයට ගොඩාක්ම ලඟ වෘත්තියක් තමා ඔය ඇඟලුම් කර්මාන්තය කියලා කියන්නේ. මට යාන්තම් තේරෙන කාලේ ඉදන්ම අපේ අම්මා ගාමන්ට් එකක ඇඳුම් මහනවා. එයා ඒ වැඩේ පටන් අරන් තියෙන්නේ බඳින්නත් ඉස්සර ඉදන්.
ReplyDeleteමාව ලැබෙන්න යනකොටත් අපේ අම්මා ගාමන්ට් එකේ වැඩ. දවසට පෑ දහයක් 12ක් විතර වාඩිවෙලා ඉන්න නිසා මයේ බෙල්ල වටේ පෙකණිවැල එතිලා තියෙනවා කියලා අම්මා කියලා තියෙනවා. ඊට පස්සේ ඔපරේශන් කරලා අයි සීයූ එකේ හිටන් ඉදලා තමයි ජීවත් වෙන්න පටන් ගත්තේ.
පොඩි කාලේ මැසිමේ සද්දෙට අම්මෑ බඩේ ඉදන් මම් නැලවෙන්න ඇති කියලා හිතෙනවා. :)
හරිම ලස්සන හිතට දැනෙන සින්දුවක් වගේම හරි පැහැදිලි ලියවිල්ලක්
ReplyDelete@හිස් අහස
ReplyDeleteඔව්...දැනෙන සින්දුවක්!ස්තූතියි ප්‍රතිචාරයට!
@Raj
වේදනාබර වගේ ම වැඩිදෙනා අමතක කරන්න කැමති පැත්තක් සහෝ! ස්තූතියි අදහසට
@සයුරි
"නිල් මහනෙල්" සින්දුව.. මොකක්ද?
නිල් මහනෙල්...
ReplyDeletehttp://www.youtube.com/watch?v=yNHZR4lGlKc
@සයුරි
ReplyDeleteඔව්, ඒකත් ඒ වගේම ලස්සන සින්දුවක් තමයි, ස්තූතියි කිව්වට ඒ ගැන!
මම ආස සිංදුවක් ලහිරැවෝ. මේක එලියට ඇදලා දැන් ඉන්න එවුන්ට ඉස්සර එවුන් සිංදු ලීවේ මෙහෙමයි කියලා පෙන්නපු එක පිනක්. දැන් ඉන්න එවුන් ගායකයින්ට බනිනවා. සිංදුවක් ලියන්න එකෙක් නැහැ.
ReplyDeleteජය ශ්‍රී !
යකෝ මම් මේකට මහන්සියෙන් කොටපු මගේ ජීවිත කතාව කෝ. එක බහිරවයා ගෙනිච්ච ද ?
ReplyDelete@මධුරංග
ReplyDeleteඒක ඊමේල් එකට නම් ඇවිල්ල තියෙනවා, ඒත් මෙතන පෙන්නන්නේ නෑනේ... කොහොම උනත් ස්තූතියි සහෝ...
@Sam
දැන් සින්දු ලියන එකත් ක්ෂණික වෙලානේ... ස්තූතියි සහෝ...
ගොඩක් ස්තූතියි ලහිරු. මං පොඩි කාලේ ඉඳන්ම මගේ හිතට කාවැදුණු ගීයක් මේක. ඇත්තටම ලස්සනයි. ගොඩක් සන්තෝසයි. දිගටම කරගෙන යන්න.
ReplyDelete