කාලයේ වැලි තලාවෙන් වැසී ගිය උතුම් මැණික...

සාමාන්‍යයෙන් අපි කවුරුත් නිතර කතා කරන්නේ උපතත්, මරණයත් අතර තිබෙන ජීවිතයේ ලෙඩ රෝග සුවපත් කිරීම ගැනනේ. රැකියාවක් වෙනුවෙන් අධ්‍යාපනය ලැබීම, ඉඩකඩම් ගේ දොර දියුණු කරගැනීම, විවාහ වීම, දරුමල්ලන් තැනීම, නොයෙකුත් විනෝදජනක දේ තුළින් සතුටක්/ ආශ්වාදයක් ලැබීම ආදී දේ ගැන තමයි අපි සාමාන්‍යයෙන් ජීවිත කාලය ඇතුළත මහන්සි වෙන්නෙ. ඒ අය අතරට මේ කියවන ඔබත් ලියන මමත් අඩුවැඩි විදියට ඇතුළත්. කෙටියෙන් ම කියනවනම් ගිහි පැවිදි බොහෝ දෙනා කතාබස් කරමින් සිටින්නේ මේ ලෞකික ජීවිතය සාර්ථක කරගැනීම ගැන පමණයි. ඒ අතරෙදි කෙනෙක් පව් කරලා සතර අපායට යන අතරතුර තවත් කෙනෙක් පින් රැස් කරලා සුගතියට යනවා. මෙහෙම වෙන හැටි, මේ චක්‍රය ලෝකයට එළිදරව් කරන්නෙ උතුම් වූ බුදුවරයෙක් ම විතරයි. ඒ නිසා මේ සටහන ඇයි බුදුවරයෙක් ලෝකයට පහළ වෙන්නෙ කියන එක ගැනයි කියන්නයි.

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලොවට බිහිවන්නේ එකම එක පරමාර්ථයකිනි. ඒ පරමාර්ථය තමයි චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ නොකළ සත්ත්වයාට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කොට සසර දුකින් එතෙර කරවීම. භාග්‍යවතුන් වහන්සේ පළමුවන ධර්ම දේශනාව වන ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනාවේ දී චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීමෙන් එය මැනවින්, පැහැදිලි වෙනවා. නමුත් ඒ චතුරාර්ය සත්‍ය ධර්මයට උන්වහන්සේ පාවිච්චි කළා විශේෂ නමක්. ඒ තමයි ධර්ම චක්‍රය. පළමු ධර්ම දේශනාව අවසන් වුණාට පස්සේ මේ පොළොවවාසී දෙව්වරුන් ගේ සිට අකනිටා බඹලොව දෙවිවරු දක්වා දහම් ඝෝෂා පැවැත්වූවා. භාග්‍යවතුන් වහන්සේ විසින් බරණැස ඉසිපතනාරාමයේ දී ධම්මචක්කය පවත්වා වදාළා. එය ලෝකයේ ශ්‍රමණයකුට හෝ දෙවියකුට හෝ බමුණකුට හෝ මාරයකුට හෝ කිසිවෙකුට හෝ නැවත වෙනස් කළ නොහැකි අනුත්තර වූ ධම්මචක්කය ලෙස හැඳින්වෙනුයේ චතුරාර්ය සත්‍ය ධර්මය යි. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය ඒ ආකාරයෙන්ම ප්‍රකාශ කරන ශ්‍රාවකයෙක් සිටියා. ඒ තමයි උතුම් වූ රහතන් වහන්සේලා අතුරින් අග්‍ර ම වෙන සාරිපුත්ත මහ රහතන් වහන්සේ. උන්වහන්සේ දහම් සෙනෙවි ලෙස භාග්‍යවතුන්වහන්සේ ම හඳුන්වා දී තිබුණා.

ධම්මචක්කපවත්තන කියන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය ප්‍රකාශ කිරීම යි. චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කිරීමෙන් කොණ්ඩඤ්ඤ හිමියන් පළමුවෙන්ම සෝතාපන්න වුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණව අවබෝධ කර ගන්න ලැබුණා ඒ පස්වග හිමිවරුන්ටත්. ඒ අනත්තලක්ඛණ සූත්‍ර දේශනාවෙන්.

ඊළඟට යසකුල පුත්‍රයා ප්‍රධාන අනිකුත් ශ්‍රාවක හැටනමක් රහතන් වහන්සේ බිහිවුණා. භාග්‍යවතුන් වහන්සේ වදාළා, ‘මහණෙනි, ඔබත් මමත් මේ දීර්ඝ සංසාරේ ඉපදෙමින් මැරෙමින් ගමන් කළේ කරුණු සතරක් අවබෝධ කර ගන්නට නොහැකි වීමෙන්. ඒ තමයි චතුරාර්ය සත්‍ය ධර්මය. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය අප දැන් අවබෝධ කරගෙන මේ සංසාරෙන් මිදුණා. එනිසා පින්වත් මහණෙනි, ධර්ම චාරිකාවේ වඩින්න. දෙනමක් එක මඟ වඩින්න එපා. ධර්ම චාරිකාවේ යෙදිලා මුල, මැද, අග කල්‍යාණ වූ මනා ප්‍රකාශයෙන් යුක්ත වූ අර්ථ සහිත වූ පිරිසුදු නිවන්මඟ දේශනා කරන්න. මෙයයි භාග්‍යවතුන් වහන්සේ භික්ෂූන්ට කළ අනුශාසනාව. රහතන් වහන්සේ හැට නමට භාග්‍යවතුන් වහන්සේ වදාළේ සමාජ සේවය කරමින් යන්නට නොවේ. උන්වහන්සේ දේශනා කළේ ඔබත් මමත් මේ දුක් විඳින සංසාරෙන් අත් මිදුණා. ඒ චතුරාර්ය සත්‍ය ධර්මය දුක් විඳින සත්ත්වයන්ට දේශනා කරන්න කියලා.

එයින් අපට පැහැදිලියි, චතුරාර්ය සත්‍ය දේශනා කරගෙන යාමෙන් පමණයි, මේ ධර්මය අවබෝධ කර ගන්නා ශ්‍රාවකයන් පහළ වන්නේ කියා. එම ධර්මය දේශනා කළේ නැත්නම් අවබෝධ කර ගන්න හැකියාව තිබෙන අයත් පිරිහිලා යන්න පුළුවන් බව. බුදුන් වහන්සේගේ අනුශාසනාවේ සඳහන් වනවා ඉතාම පැහැදිලි කරුණ තමයි භාග්‍යවතුන් වහන්සේ ලොවට පහළ වන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරවීම පිණිසම බව. වෙන කිසිම දෙයක් සඳහා බුදුරජාණන්වහන්සේ ලොවට පහළ වන්නේ් නැහැ.

ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා මේ ශාසනයේ තමයි පළමු වන, දෙවන, තුන්වන, හතරවන ශ්‍රමණයන් සිටින්නේ. බාහිර සියලු ශාසන ශ්‍රමණයන්ගේන් හිස්, ශ්‍රමණයෝ නැහැ කියලා. මෙහි පළමු ශ්‍රමණයා කිව්වේ සෝතාපන්න වූ තැනැත්තාටයි. දෙවැනි ශ්‍රමණයා ලෙස සඳහන් කළේ සකෘදාගාමි වූ තැනැත්තාටයි. තුන්වැනි ශ්‍රමණයා අනාගාමි වූ තැනැත්තායි. හතරවැනි ශ්‍රමණයා රහතන් වහන්සේ යි. එහෙම නම් පැහැදිලි යි මේ සියලු මාර්ගඵල ලැබෙන්නේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් මිස වෙන කිසිම දෙයකින් නොවන බව. එනිසා බුදුරජාණන් වහන්සේ නමක් ලොව පහළ වන්නේ, චතුරාර්ය සත්‍ය ධර්මය දුක් විඳින සත්ත්වයන්ට දේශනා කිරීමට පමණයි.

ලොවට බුදුරජාණන් වහන්සේ නමක් පහළවීමට පෙර සීල, සමාධි යන ප්‍රතිපත්ති මේ ලොකේ සොයාගන්නට නැතිතරම්. එයට හේතුව තමයි සීලය කියන්නේ ආර්ය මාර්ගයේ මාර්ග අංගයක් වීම. සීලය සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ පමණයි පරිපූර්ණ දේශනාවක් කරන්නේ. බුදුවරු ලොව පහළ වී නැති කාලවලදී සීලය හැටියට ලොව තිබූ ප්‍රතිපත්ති දීඝ නිකායේ දේශනාවල සඳහන් වෙනවා. අවුරුදු ගණන් කතා නොකර සිටීම, පිණ්ඩපාතයේ වැඩිය විට ගැබිණි මවු දෙන දානය ප්‍රතික්ෂේප කිරීම, කිරිදෙන මවක් දෙන දානය ප්‍රතික්ෂේප කිරීම, දානය පූජා කරන ස්ථානයේ බල්ලන් වැනි සතුන් සිටියොත් ඒ දානය ප්‍රතික්ෂේප කිරීම වැනි ප්‍රතිපත්ති තමයි, බුදුරදුන්ට පෙර යුගයේ සීලය යනුවෙන් හඳුන්වා තිබුණේ.

භාග්‍යවතුන් වහන්සේ නමක් ලෝකයට පහළ වනවිට මනාකොට සීලය ගැන දන්නා කෙනෙක් ලෝකයේ සිටියේ නැහැ. එයින් පැහැදිලියි අබුද්ධෝත්පත්ති කල සීලය ප්‍රකාශ නොවන කාලයක් බව. බුද්ධ කාලයේ ලැබෙන දුර්ලභම දේ තමයි දිගින් දිගටම යන සංසාරේ ගමන් කරන සත්ත්වයාට සතර අපායේ වැටි වැටී ගමන් කරන සත්ත්වයාට එයින් මිදිලා නිවන් මඟට පැමිණිලා සදාකාලික රැකරණය ලබන්න පුළුවන් වීම. මෙය ලැබෙන්නේ ඉතා කලාතුරකින්.

දුක් විඳින සත්ත්වයා ආර්ය අෂ්ටාංගික මාර්ගයට අයත් සීල, සමාධි, ප්‍රඥා කියන අංග දියුණු කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමයි ලොව තිබෙන දුර්ලභම දේ. ඊට උපමාවක් සංයුක්ත නිකායේ නගර සූත්‍රයේ තිබෙනවා. විශාල ඝන කැලෑවක් මැදින් මිනිසෙක් ගමන් කරන විට මේ මනුස්සයාට දකින්න ලැබෙනවා නටඹුන් සහිත පැරැණි නගරයක්. එය දැක මේ තැනැත්තා රටේ රජතුමාගේ අවසර අරගෙන ඒ නගර සැලසුම සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කරලා පැරැණි නගරය තිබූ ලෙස ඒ ආකාරයෙන්ම ගොඩ නැගුවා. චතුරාර්ය සත්‍ය ධර්මය බුදුවරයෙක් විසින් සොයා ගැනීමත් එවැන්නක්.

කාලයක් යනවිට ශ්‍රාවකයන්ට මේ ධර්මය ඕන නැති වෙනවා. එය එපා කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මයට ගරහන්න පටන් ගන්නවා. එවිට මේ ධර්මය ඉගෙනීමට කැමැති පිරිස ලෝකයේ නැතිවෙලා යනවා. පිරිසුදු ලෙස සීලය, සමාධිය, ප්‍රඥාව දියුණු කිරීමට කැමැති පිරිස අඩු වෙනවා. ඒ වනවිට බුදුරජාණන් වහන්සේගේ් ධර්මය සහ ශාසනය අතුරුදන් වී යනවා. මේ දුක් විඳින සත්ත්වයාට සංසාරයෙන් එතෙර වීමට තිබෙන අවස්ථාව සම්පූර්ණයෙන්ම අහිමි වී යනවා.

තවමත් අපිට උතුම් වූ ශ්‍රී සද්ධර්මය තිබෙන නිසා තවමත් කෙනෙකුට සසරින් එතෙර වෙන්න හැකියාව තියෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළවෙලා උන්වහන්සේ දේශනා කළ ඒ සුන්දර ශ්‍රී සද්ධර්මය ලොව පවතින මේ අවධියේදී එයින් ප්‍රයෝජන ගැනීමට, චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාර ගමනින් නිදහස් වීමට අධිෂ්ඨානයක් මේ උතුම් නිකිණි පෝය දවසේ ඇතිකරගනිමු!!!

නිකිණි පුර පසළොස්වක පෝය දිනය, ආනන්ද හිමියන් රහත් භාවයට පත්වීම,අජාසත් රජුගේ දායකත්වයෙන් රජගහ නුවර දී ප‍්‍රථම ධර්ම සංගායනාව පැවැත්වීම,බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුව නිදන් කර සේරුවිල මංගල චෛත්‍යරාජයා තැනීම ආරම්භ කිරීම,පෙර වස් මඟ හැරි ගිය භික්ෂූන් වහන්සේලා පසුවස් සමාදන්වීම වගේ කරුණු නිසා අපට වැදගත් වෙනවා.(E කොළම)

පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ ගේ දේශනාවක් ඇසුරින් තමයි මේ සටහන.

පසුවදන: කොයිතරම් බිසී වෙලා හිටියත් පෝ දින විශේෂ සටහන නොදා ඉන්නෙ කොහොමද? ඒ වුණත් අයෙමත් සති කිහිපයක විරාමයක් ගන්නවා මං !!!!

40 comments:

  1. සුඛෝ බුද්ධානං උප්පාදෝ - සුඛා සද්ධම්ම දේශනා

    ReplyDelete
    Replies
    1. සබ්බ පාපස්ස අකරණං- කුසලස්ස උපසම්පදා
      …සචිත්ත පරියෝදපනං- ඒතං බුද්ධානුශාසනං

      Delete
  2. වටිනවා.

    ඉක්මනට ආයෙත් ලියන්න.

    ReplyDelete
  3. attatama godak vatina post ekak ayya......

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මල්ලිද නංගි ද මන්දා!

      Delete
    2. ayyo......ayye mama nangiyek ane......araliya kiyala pirimi lamainuth innawada?mama malliyekda,nangiyekda kiyala adunaganna bari una 3 weniya tama ayya.:)

      Delete
    3. පිරිමි ළමයිනුත් ඉන්නවනෙ එහෙම, මගෙ යාළුවෙකුත් හිටියා! ඒකනෙ තව දෙන්නෙක් ඉඳලා තියෙන්නෙ මං වගේ, හා හා කමක් නෑ දැන් දන්නවනේ නංගියෝ! සිංහල යුනිකෝඩ් නැද්ද ඔයා ලඟ?

      Delete
    4. අයියෝ දාගත්ත නම් සිංහලෙන් ම කමෙන්ට් කරන්න තිබුණා සිංග්ලිෂ් නැතුව!

      Delete
  4. අද පෝය දවසෙත් වැදගත්කම කියලා කාර්යබහුල වෙලා තියෙද්දීත් ලිපියක් ලියල පලකලාට පින් අයිති වේවා

    ReplyDelete
    Replies
    1. ඔබටත් එසේම වේවා යාළු!

      Delete
  5. සමාවෙන්න මගේ නොදැනුවත් කමට කියන දේට.ඇත්තටම මට දැනිච්ච දෙයක් කියන්නේ.මේ ලිපියේ තියෙන විදිහට බුදුවරයෙක් පහල වෙන්නේ අනිවාර්යයෙන් යම් නිශ්චිත අරමුණකින්.නමුත් මට ඒ ගැන පැහැදිලි අදහසක් ථේරවාදයේ ඇතියි කියලා හිතෙන්නේ නෑ.මේක මහායානික අදහසකට ළඟින් යන අදහසක් නේද?

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... එහෙම හිතෙනවද? පුළුවන් නම් අරිය පරියේෂණ සූත්‍රය හොයාගෙන කියවන්න. මට මතක විදියට ඒකේ තියෙනවා!

      Delete
  6. අදත් පෝයට වටින ලිපියක්..

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  7. වැදගත් ලිපියක්.
    ලංකාවට වෙලා තියෙන දේ හොඳටම පැහැදිලි වෙනවා නේද?

    ReplyDelete
    Replies
    1. ලංකාවට විතරක් නෙවෙයි මුළු ලෝකෙටම නේද?

      Delete
  8. ගොඩක් පින් මේ ධර්ම දානයට ලහිරු..කාර්ය බහුල වෙලා හිටියත් පින් කරගන්න ඒවා අදාල වෙන්නෙ නෑනේ...

    ලහිරුගෙ පෝස්ටුවේ තියන බුදුවරු උපදින්නේ නිර්වාණය සාක්ෂාත් කරගන්න ලෝක සත්වයාට මග පෙන්වන්න කියන එකට මමත් එකඟයි..ඒත් පසු කාලෙක එකතු වුනු ධර්ම කරුණු නිසා අද ගොඩක් වෙලාවට බණ ඇසීම/කියැවීම නිසා මිනිසුන් සසර දික්කර ගැනීම දුකට කරුණක්..

    ReplyDelete
    Replies
    1. කාලා පිඟාන හෝදන සුළු වෙලාවටත් කෙනෙකුට ඕන නම් පිනක් කරගන්න පුළුවන් නේ. ඒ නිසා පිනට නම් කාලයෙ වැදගත්කමක් නැහැ තමයි. ධර්මය වැරදි විදියට අල්ලගත්තොත් ඒක පහසුවෙන් ම දෙපැත්ත කැපෙන කඩුවක් වෙනවා අක්කේ!

      Delete
  9. කලිනුත් බිසී කියපු නිසා මම හිතුවේ අද පෝයට ලියන එකක් නැති වෙයි කියලා.. ලියපු එක ගොඩක් වටිනවා අයියේ..

    ReplyDelete
    Replies
    1. කවදා නොලියුවත් මේක නම් ලියන්නම ඕන සටහනක්නෙ. ඒකයි ලියන්න හිතුවේ!

      Delete
  10. පෝය දවසේ මේ වගේ ධර්මදානයක් කරපු එකට පින් සිද්ද වෙනවා !

    ReplyDelete
  11. හරිම අපූරුයි! හැමෝම නොලියන වැදගත් ලිපි!

    ReplyDelete
    Replies
    1. එක්කෙනෙක් හරි කියවාවි නේ!

      Delete
  12. කොහෙන්ද මල්ලි මේවා හොයා ගන්නේ? බොහොම වටිනවා...

    ReplyDelete
    Replies
    1. ගොඩක් ඒවා මම ම ලියනවා, සමහර ඒවා ඊයෙන් එනවා. අක්කගෙ ඊය දුන්නොත් එවන්න පුළුවනි....

      Delete
  13. හැමදාම පොයදවසට ලහිරුගෙන් මේ වගේ පොස්ට් එකක් බලාපොරොත්තුවෙන් ඉන්නේ.

    ReplyDelete
    Replies
    1. ඒකයි මම කොයිතරන් කාර්යබහුල වුණත් පෝස්ටුවක් දාන්නෙ සහෝ...

      Delete
  14. පින්සිඳු වේවා !. මට පොඩි ප්‍රශ්ණයක් තියෙනවා කාලේක ඉදලා 'පසේ බුදුවරුන් ' පිලිබදව . ඒ සම්බන්ධ විස්තරයක් කොහෙවත් නෑනේ. ඇහුවට කව් රුත් දන්නේ නෑ. ඔයා මේ ගැන කියවලා තියෙනවාද ? පහදලා දෙන්නකෝ .

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්...මම එහෙනම් ලබන පෝය දවසට පසේ බුදුවරු ගැන පෝස්ටුවක් දාන්නම්. (මේ දවස් වල ටිකක් කාර්ය්ය බහුල නිසා). කෙටියෙන් ම කියනවා නම් අනෙක් බුදුවරුන් වගේ උන්වහන්සේලා ලෝකයට ධර්මය දේශනා කරන්නෙ නැහැ, ඒ ගැන උත්සහ කරන්නෙ නැහැ. හරියට කැලේ මල් පිපිලා පරවෙලා යනවා අපි කවුරුවත් දන්නෙ නැහැනේ, ඒ වගේ උන්වහන්සේලා බුද්ධත්වයට පත්වෙලා කාලයක් ගියා ම පිරිනිවන් පානවා ලෝකය ඒ ගැන දන්නෙ නැහැ. දෙව්දතුන් කර්මය ක්ෂය කරලා අවසානයේ පසේ බුදුවරයෙක් වෙලා පිරිනිවන් පානවා කියලා ගෞතම බුදුන් වහන්සේ දේශනා කළා වරක්.

      Delete
  15. අයියගේ පෝය ඩේ ස්පෙෂල් එක කියවන්නමයි ආවේ... ඔයා ඉතින් කොහොමත් ඒක දාන බව දන්නවනේ... ඇත්තට ඒ පසේ බුදුවරු ගැන ලියන එක නම් හොඳයි තමා අයියේ...

    ReplyDelete
    Replies
    1. හ හා.. සෑහෙන කාලෙකින් නේද!

      Delete
  16. මම කැමතිම විෂයයක්..ස්තුති මේ පොස්ටුව දැම්මට...

    ReplyDelete
    Replies
    1. අන්න ඒ වගේ කැමති දේවල් ගැන කිව්වනම් හොයලා දාන්න තිබුණානේ!

      Delete
  17. ගොඩාක් පින්! ලහිරු පුතා. අපිත් කාලයක්ම මහමෙව්නාවෙ ධර්ම දේශනා වලට සහභාගි උනා පුතාල තුන්දෙනාත් එක්ක. දැන් මහත්තයා භාවනා උපදේශකයෙක් විදිහට කටයුතු කරනවා. ආරාධනා ආවට වැඩිය තැන් වලට යන්නේ නෑ. නිහඬවම සේවයක් කරනවා. අපි හැම පෝයටම ගෙදර හැමෝම සිල් සමාදම් වෙනවා. කොහොම හරිම මාත් එක පෝස්ට් එකක්වත් ධර්මය ලියනවා සතියකට දෙකකට පාරක්වත්. ඔබ වැනි දරුවන් අපේ රටට වාසනාවන්!

    ReplyDelete
    Replies
    1. කොයිතරම් වටිනවද නැන්දේ ඒක. පුළුවන් විදියට අපේ මාර්ගය හදාගන්න ඕන, ඒක වෙන කාටවත් හදලා දෙන්න බැහැනේ. කොහොම උණත් මේ හැමදේකම ගෞරවය හිමිවෙන්නෝන කළ්‍යාණ මිත්‍ර පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේට කියලයි මට නම් හිතෙන්නෙ...

      Delete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !