පුංචි ම පුංචි බිළිඳියක්, දැරියක්, යුවතියක්, බිරිඳක්, මවක් වගේ එක එක විදියේ කඩයිම් කාන්තාවක් විසින් පසුකරනවා තමන් ගේ ජීවිත කාලයේ දී. සාමාන්‍යයෙන් අපි ජිවිතේ මුල් ම කාන්තාව විදියට සමීප ව දැනහඳුනාගන්නේ අපේ අම්මා ව. ඊට පස්සේ සොයුරියන්, මිතුරියන් වගේ එක එක කාන්තා චරිත අපිට අපේ ජීවිතයෙදි හම්බවෙනවා. හැබැයි අපි මොහොතකටවත් හිතුවෙ නැහැ නේද ශ්‍රේෂ්ඨ කාන්තාවක් කියන්නෙ කවුද කියලා. විවාදයක් නැහැ අපිට දැනට ජීවමාන ව ම ඉන්න ශ්‍රේෂ්ඨතම කාන්තාව අපේ අම්මා. කෙනෙකුට, අම්මා තමන්ගෙන් වෙන්වුණාට පස්සෙ බිරිඳ තමයි ඒ තැනට පත්වෙන්න ඊළඟට සුදුසු ම කෙනා. ඒ කියන්නෙ ඇයට පුළුවන් නම් මාතෘ භාර්යාවක් වෙන්න එහෙමත් නැත්තම් දාසි භාර්යාවක් හෝ ස්නේහවන්ත මිතුරියක් වෙන්න ඇය ඒ තැනට සුදුසු වෙනවා. අද කියන්න යන්නෙ සසර පුරාවට ම මේ හැම භූමිකාවක් ම රඟ දැක්වූ ශ්‍රේෂ්ඨ කාන්තාවක් ගැනයි. ඇය යශෝධරාව.
වෙනත් හැඳින්වීමක් කරනවා නම් සිදුහත් කුමාරයා මේ ලෝකෙට ජනිත වෙද්දි ම ඒත් එක්ක ම තවත් උපත් පහක් සිද්ධ වුණා. ඡන්න ඇමතියා, කාළුදායි ඇමතිවරයා, යශෝධරාව, ශ්‍රී මහා බෝධීන් වහන්සේ සහ කන්ථක අශ්වයා තමයි ඒ. එයින් එක උපතක් වුණ යශෝධරාව, සුප්‍රබුද්ධ පියරජතුමන්ට දාව අමිතා දේවියගේ කුසින් දෙව්දහ නුවරදී උපත ලැබුවා. වයස අවුරුදු 16 දී සිදුහත් කුමාරයා සමඟ විවාහ වෙන යශෝධරාව එතැන් පටන් අසීමිත ස්වාමි භක්තියෙන් වාසය කළා, වයස අවුරුදු 29 දී සිදුහත් කුමාරයා අභිනිෂ්ක්‍රමණය කරන තෙක් ම. බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයෙන් පස්සෙ කිඹුල්වත් නුවරට වැඩම කළා ම හැමෝම උන්වහන්සේ බැහැ දකින්න ආවත් යශෝධරාව නම් පැමිණියේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ විමසනවා සුද්ධෝදන රජතුමාගෙන් යශෝධරාව ගැන. එතකොට සුද්ධෝදන රජතුමා පිළිතුරු දෙනවා "ස්වාමිනි ඔබ වහන්සේ ගිහිගෙයින් නික්මුණු දා පටන් ඇය ඔබ වහන්සේ අනුගමනය කළා. සියළු කණකර රන් ආභරණ අතහැරියා, දිනකට එක් වේලක් පමණක් ආහාර ගත්තා, කසාවත් ඇන්දා, සියළු සුඛ විහරණයන් අතහැරියා, කොටින් ම අද වෙන තෙක් ඇය උඩුමහලින් බිමට බැස්සෙ නැහැ " යනාදි වශයෙන්.
තථාගතයන් වහන්සේ මහත් වූ අනුකම්පාවෙන් ම යශෝධරාව වාසය කළ මාළිගයේ මතු මහළට වැඩම කරනවා. තමන් ව සොයාගෙන වඩින බුදුරජාණන් වහන්සේ දකින යශෝධරාව උන්වහන්සේ ගේ දෙපා මුළ වැඳ වැටිලා හඬා වැළපෙනවා. මේ සියළු වැළපීම් අවසන් වෙනතෙක් ඉඳලා බුදුරජාණන් වහන්සේ ඇයට සඳ කිඳුරු ජාතකය දේශනා කරනවා මේ විදියටම අතීතයේදිත් තමන්ට ඉතාමත් භක්තිමත් ව ප්‍රිය බිරිඳක් ව සිටියා යනුවෙන්. ඔය කාලයේ දී තමයි රාහුල පුතු පිය දායාදය ඉල්ලාගන්න කියලා බුදුරදුන් වෙත යවන්නේ. ඊටත් කලින් තමයි යශෝධරාව, බුදුහිමියන් ඈත කිඹුල්වතේ වඩිද්දි රාහුල පුතුට බුදුහිමියන් ගැන විස්තර කරලා අපූරුවට නරසීහ ගාථා ගයන්නෙත්.
ප්‍රජාපතී ගෝතමිය ඇතුළු කාන්තාවන් පන්සියදෙනෙක් එක්ක පසුකාලයේ දී උතුම් වූ පැවිද්ද ලබාගන්නා යශෝධරාව කෙටිකලකින් ම සියළු කෙලෙසුන් කෙරෙන් මිදිලා උතුම් වූ අර්හත්වය සාක්ෂාත් කරනවා. කාලයක් ගතවුණා ම යශෝධරා රහත් මෙහෙණින් වහන්සේ කල්පනා කරනවා සාරිපුත්ත, මොග්ගල්ලාන, නන්ද, රාහුල, ප්‍රජාපතී ආදී රහතන් වහන්සේලා/ රහත් මෙහෙණින් වහන්සේලා බුදුරජාණන් වහන්සේට කලින් පිරිනිවන් පෑවා, ඉතින් තථාගතයන් වහන්සේ ජීවමාන ව වැඩ ඉද්දී ම පිරිනිවන් පාන්නට ඕන කියලා. ඉතින් යශෝධරා රහත් මෙහෙණින් වහන්සේ බුදුරජාණන් වහන්සේ හමුවට ගිහින් "ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, මම දැන් ජීවිතයේ අවසන් භාගයටයි ඇවිත් ඉන්නෙ, මම අද රාත්‍රියේ පිරිනිවන් පානවා. සසර පුරාවටම ඔබ වහන්සේ සමඟින් මමත් සෙවණැල්ල සේ පැමිණියා. එහිදී මගෙන් ඔබ වහන්සේට වරදක් වූයේ නම් සමාව දෙන සේක්වා " ආදී වශයෙන් ප්‍රකාශ කළා.
එවිට තථාගතයන් වහන්සේ ප්‍රකාශ කරනවා "ඔබ බුද්ධ ශාසනයේ අනුශාසනා අනුව ම කටයුතු කළ තැනැත්තියක්. ඔබ නිවන අවබෝධ කළ කෙනෙක්දැයි කියා මේ රැස් ව සිටින පිරිසට අල්පමාත්‍ර හෝ සැකයක් ඇති නොවන්නට ඍද්ධි ප්‍රාතිහාර්යය පා පෙන්වන්න" කියා. එවිට යශෝධරා රහත් මෙහෙණින් වහන්සේ "මහා වීරයන් වහන්ස, ශාක්‍ය කුලයේ උපන් ස්ත්‍රී ලක්ෂණයන්ගෙන් යුත් මම යශෝධරා වෙමි. ගිහිගෙයි ඔබ වහන්සේගේ බිරිඳ ව සිටියෙමි, තවද එක් ලක්ෂ අනූ සහසක් කාන්තාවන්ට නායිකා ව සිටියෙමි. මේ ලෝකයේ සුන්දරත්වය අතින් තථාගතයන් වහන්සේ හැරුණු කොට රූපයෙන් අග්‍ර වූයේ මමයි" ආදී වශයෙන් ප්‍රකාශ කරනවා. ඊළඟට ඇය සිරුර සක්වල, ඇත්, අස්, පර්වත්, හිරු, සඳු පියුම් ආදී වශයෙන් කොටගෙන මහත් වූ ප්‍රාතිහාර්යය දක්වනවා.
ඊළඟට බ්‍රහ්මරාජයෙකුගේ වෙස් ගෙන අනිත්‍ය ධර්මය දේශනා කරනවා. ඒත් එක්කම මේ වගේ උදානයක් කරනවා. "මහා මුනීන්ද්‍රයන් වහන්ස, මම දිවැසින් ද දිව්‍ය ශ්‍රවණයෙන් ද අනුන්ගේ සිත් දක්නා නුවණින් ද පෙර විසූ කඳ පිළිවෙල දක්නා නුවණින් ද යුක්ත වූ ක්ෂීණාශ්‍රව තැනැත්තියක් වෙමි. අර්ථ, ධර්ම, නිරුක්ති, ප්‍රතිභාන යන සතර පටිසම්භිදා ඥාණ බුදුසසුන තුළ ලැබූවෙමි. ඒ නිසා මහාවීරයන් වහන්ස මම බොහෝ පින් රැස්කරගත්තෙමි. මා විසින් අනාචාරය දුරු කොට ඔබ වහන්සේ උදෙසා කල්ප ගණන් ජීවිතය පූජා කළා. කල්ප දහස් ගණන් ඔබ වහන්සේ පාරමිතා පුරද්දී මම ඔබ වහන්සේට බිරිඳ වෙලා සිටියා. ඒ බොහෝ අවස්ථා වලදී මාව දන් දුන්නා, නමුත් ඒ කිසිම අවස්ථාවකදී වත් මම තරහා සිතක් ඇතිකරගත්තේ නැහැ. යක්ෂ රාක්ෂයන්ට මාව දන් දෙද්දී නපුරු සිතක් ඇතිකරගත්තේ නැහැ. සිංහයන්ගෙන්, ව්‍යාඝ්‍රයන්ගෙන් උවදුරු ඇති වූ අවස්ථා වල මම ඔබ වහන්සේ වෙනුවෙන් ඒ සතුන්ට බිලිවෙලා තියෙනවා. ඔබ වහන්සේ සසර පුරා පාරමිතා පුරන විට යාචකයන්ට බොහෝ දන් දුන්නා. මම මගේ ඇති සියළු වස්ත්‍ර, ආභරණ ඔබ වහන්සේ ඉදිරියේ තබා ස්වාමිනි මෙයත් පූජා කරන්නැයි කියා තිබෙනවා. දරුවන්, මුතු මැණික්, ධන ධාන්‍ය, කෙත්වතු, දැසි දස්සන් ආදිය පරිත්‍යාග කරද්දි ඒ හැමදේටම මම එකඟ වුණා. කිසිදු දොම්නසක් ඇතිකරගත්තේ නැහැ. ඔබ වහන්සේ බුද්ධත්වය පතා පාරමී පුරද්දි ඒ නිසා බොහෝ ගැහැට වින්දත් කිසිදා ඔඅබ වහන්සේ කෙරෙහි තරහා සිතක් ඇතිකරගත්තේ නැහැ. "
මේ විදියට යශෝධරා රහත් මෙහෙණින් වහන්සේ තමන්ගේ ජීවිත කථාව විස්තර කරමින්, තමන් උතුම් වූ නිවන මේ බුදු සසුනෙහිදීම ලබා ගත් බව පසක් කරමින් පිරිනිවන් පෑවා. තම දරුවන් වූ ජාලිය, කෘෂ්ණජිනා දන් දෙනවිටත් එය දරාගත් යශෝධරාව, බ්‍රහ්මදත්ත රජුගේ හී පහරින් මරුමුවට පත් තම හිමි සඳකිඳුරාට නැවත ජීවිතය ලබාගන්නට සත්‍යක්‍රියා කරන යශෝධරාව ඇත්තෙන් ම ශ්‍රේෂ්ඨ කාන්තාවක්. ඇය හා නූතන කාන්තාව සමකර බැලීමෙන් වැඩක් නැති වුණත් මෙයින් ගන්න තියෙන පාඩම් නම් බොහෝමයි....
පසුවදන : පූජාවලියෙ නම් තියෙන්නෙ "මෙසේ යශෝධරා දේවිය, කන්ථක නම් අශ්වරාජයා, ඡන්න නම් අමාත්‍යවරයා ය, අනඳ මහ තෙරුන් වහන්සේ ය, කාළුදායි නම් අමාත්‍යාණෝ ය, සතර මහා නිධාන ය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ ය, යන මේ වස්තු සත එක දා ම උපන." කියලයි. බ්ලොග් සටහන සකස් කළේ පූජ්‍ය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ සමඟ කළ සාකච්ඡාවක් තිබුණ බුදුසරණ පත්තරෙනුයි. පින්තූරෙ ගත්තේ දුකා අයියගෙ බ්ලොගෙන්!
සිංහල තේරුමත් එක්කම අපූරු නරසීහ ගාථා අහන්න මෙතනින් . කොයිතරම් විචිත්‍රවත් හැඟීමක් එනවද කියලා අහලා ම බලන්න .......

නරසීහ ගාථා ටිකත් අහලා බලන්ඩ ඕනා...
ReplyDeleteමේ වගේ දේබ්වල් කියවන්ඩ ලැබීමට සැලැස්මත් ලොකු පිනක් !
ගාථා ටික අහලා බලන්න, හරිම ලස්සනයි...
Deleteඇත්තටම ආසාවෙන් කියවපු ලිපියක්...යසෝදරාව තරම් ශ්‍රේෂ්ඨ කාන්තාවක් මේ ලොව ඉපදිලා ඇති කියල හිතන්න අමාරුයි.නරසිහ ගාථා ටික වෙලාවක අහන්න ඕනි.දැන්නම් වෙලා මදි..
ReplyDeleteස්තූතියි... මමත් හිතනවා එහෙම. මතක් කරලා ගාථා අහන්න!
Deleteආසාවෙන් කියෙව්ව. ස්තුතියි මලේ බෙදාගත්තට.
ReplyDeleteතැන්කූ අයියේ...
Deleteaththamai yalu math godak asawen kiyuwa watin lipiyak
ReplyDeleteම්ම්ම්... ස්තූතියි!
Deleteනරසීහ ගාථා ඉස්සර දහම් පාසල් යද්දී පාඩම් කළා... බුදු සරණ පත්තරෙත් මම ඉඩක් ලැබෙන වෙලාවට බලනවා... මොකෝ අයියා මේ පාර පෝය ඩේ ස්පෙෂල් එක කලින්ද? මේ මාසේ තව පෝයක් තියෙනවනේ...
ReplyDeleteඅමතක වේගන යන සමහර දේවල් නැවත මතක් කරලා දෙනවට අයියට පිං...
නැහැ, මම හිතුවා මේ වගේ දේවල් ගැන දාන ලිපි ප්‍රමාණය වැඩි කරන්න, කමෙන්ට් අඩු වුණත්. ගොඩක් දෙනා මේ වගේ ලිපි කියවනවා අඩුයිනේ, ඒ වුණත් කියවන එක්කෙනා දෙන්නාට වුණත් වැදගත් වේවිනේ කියලා තමයි මම හිතන්නේ...
Deleteසුන්දර සිතුවිලි ලොවට දෙන තරමටම
ReplyDeleteඔබත් සුන්දරයි මේ ලොවත් සුන්දරයි
ජයම පතනෙමි සහෝ ඔබෙ පෝස්ටුව අගේ!:)
හ හා ස්තූතියි.
Deleteයශෝධරා චරිතයේ මම කැමතිම ගුණය නම් උත්සාහවත් බවයි..තමන්ගේ ස්වාමියා වෙනුවෙන් කැපවුනත් තමන්ගේ දක්ෂතා කුසලතා නංවාගන්න ඈ පසුබට නොවුන නිසයි කෙලවර රහත් බව අවබෝධ කරගන්න තරම් නුවණැසක් ලැබෙන්නේ....
ReplyDeleteහැමදාම සමතැන ඉල්ලන ගොඩක් අයට යශෝධරා චරිතයෙන් බොහෝ ආලෝකයක් දැකිය හැකියි..
ඇත්ත අක්කේ, ලිප්ටන් වටරවුමට, කාන්තා දිනේට විතරක් ඇවිත් සමතැන ඉල්ලන අයට නම් හොඳම පාඩමක්. ඒත් කාටවත් එහෙම දේකට ඕනකමක් තියේවිද කියන එක නම් සැකයි. මම නම් යශෝධරා චරිතයේ විස්මිත ස්වාමි භක්තියක් දකිනවා අක්කෙ. ඒ ගුණය ම සමහර විට නිවනට මඟ සැකසෙන්න තරම් පිනක් වෙන්නත් ඇති උත්සහය වගේ ම. ස්තූතියි අක්කේ නොහිතුව පැත්තක් ගැන කිව්වට!
Deleteme post eka asawen kiyewwa lahiru ayye......kohomada ayyage job eka hodaida?
ReplyDeleteම්... හොඳයි වරදක් නැහැ!
Deleteඉස්සර දහම් පාසල් කාලේ ඉගෙන ගත්තු පාඩම් මතක් වුනා. ආත්ම ගානක් පෙරුම් පුරලා පතාගෙන එන සංසාරික බැඳීම් අදටත් වලංගුයි කියන එක තව දුරටත් ස්ථීර වශයෙන්ම කිවහැකි.
ReplyDeleteසහතිකව ම උතුම් වූ බැඳීමක් !
Deleteයශෝධරාව ඇත්තටම උතුම්.. ඒ ගැන කියන්න දෙයක් නෑ අයියේ..
ReplyDeleteසෑහෙන්න මහන්සි වෙලා ලිව්ව ලිපියක් වගේ නියාමයි
ReplyDeleteඔව්, ටිකක් මහන්සි නම් වුණා. ඒත් කවුරුහරි කියවලා සතුටු වෙනව නම් මහන්සිය දැනෙන එකක් නැහැ සහෝ!
Deleteඅපි දන්න ආදර්ශමත් කාන්තා චරිතය තමයි යශෝධරා.
ReplyDeleteනූතන කාන්තාවෝත් එක්ක සම කිරීම ප්‍රායෝගික නැහැ. පිරිමින්ටත් එහෙමයි.
ගැහැණු පිරිමි භේදයක් නැහැ ඒකට. ඒ වගේ ම ඒක නිවනට බාධාවක් නෙවෙයි කියන එකටත් හොඳම උදාහරණයක්...
Deleteඉස්සර ඉස්කෝලේ ඇරෙනකොට නරසීහ ගාථා කියලා තමා අපි යන්නේ :)
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
මම හිතන්නෙ ඒ ඡත්ත මානවක ගාථා නේද? මාරුවෙලා වගේ රජාට ටිකක්...
Deleteගොඩාක් ලස්සනයි !
ReplyDeleteඉස්කෝලෙ ගිය කාලෙ නම් මේ වගේ කරුණු ගැන සාමාන්‍ය දැනීමක් තිබ්බ. ඒත් පසු කාලීනව ටිකටික අමතක වෙලා ගිහින් ඒ මතකය.
ReplyDeleteඉතින් මෙහෙම බ්ලොග් එකකින් කියවන්න ලැබෙන එකත් හරි වටිනව. අනික මේක ලොකු පිනක්.
"ධර්ම දානය සියලු දානයන් ට වඩා උතුම් " කියනවනේ. නේද ? කමෙන්ට් අඩු වෙන එකක් නෑ මට නම් හිතෙන්නේ. හිමින් හිමින් උනත් කට්ටිය එනව මේ වගේ බ්ලොග් කියවන්න.
"සබ්බ දානං ධම්ම දානං ජිනාති" කමෙන්ට් අඩු වුණත් සහෝ මම ඒ ගැන වැඩිය හිතන්නෙ නැහැ..
Deleteෂා..මරුනේ...
ReplyDelete8 හෝ 9 වසර සිංහල පොතේ තිබුණු "යසෝදරාවත" කාව්‍ය සංග්‍රහයේ කවි මතක් වුණේ.... ඒකේ පද කීපයක් මතකයි "කැලේ තිබෙන කොයි දේවත් රසවේවා, ගව්වෙන් ගව්ව දිව මාළිගා ඉදිවේවා"....
ReplyDeleteකැලේ තිබෙන කොයි දේවත් රසවේවා
Deleteමලේ බමරු ලෙස පිරිවර ඇති වේවා
අව්වේ තිබෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාළිගා ඉදිවේවා
කියලා තමයි කියන්නේ...
මම කොහොමත් මේ වගේ කතා වලට අසයි එත් කියවන්න ලැබෙනවා අඩුයි ස්තුතියි යාලු අපිත් එක්ක බෙදා ගත්තට
ReplyDeleteබොහොම හොඳ ලිපියක් සහෝ.. විකාර වැඩිපුර තියෙන බ්ලොග් ඇතුලේ මේ වගේ ලිපියක් දැක්කාමත් හිතට සන්තෝසයි.
ReplyDeleteනරසිහ ගාථා නම් හරි ලස්සනයි තමයි. මම පොඩි කලේ ඕව පාඩම් කල දහම් පාසලේදී . දැන් නම් මතක නැහැ හරියට එකක්වත්.
ReplyDeleteභාවිතයක් නැතිවුණාම ඉක්මනටම අමතක වෙනවනේ...
Deleteඉස්සර නම් ගාථා කොච්චර මතක තිබුනද? දැන් ඒව ගොඩක් අමතක වෙලා ගිහින්...
ReplyDelete