ලැජ්ජාවෙ සන්තෝසෙ බෑ....

මේ දවස් ටිකේදි කරන්න ලැබුණ ප්‍රොජෙක්ට් එකේ මගේ කොටස දඩ බඩ ගාලා ඉවර කරලා නිවාඩු පාඩුවේ ඉන්න ගමන් කරන්න දේකුත් නෑනෙ කියලා කල්පනා කරකර ඉද්දි (ඇත්තටම හිත හිත ඉන්නෙ හවස කොහොමද ටිකක් කලින් ඔපීසියෙන් පනින්නෙ කියලා ගෙදර යන්න! ) කැම්පස් එකේ එක වසර ඉද්දි වුණ සිද්ධියකුයි අපේ සැට් එක පිරිතකට ගිහින් වුණ සිද්ධියකුත් මතක් වුණා. එක වසර සිද්ධිය නම් මතක් වුණේ මධුරංග ගේ හා හොඳයි හොඳයි කියවද්දි.

ඒ දවස් වල දවල් කාලෙදි ලැබ්(පරිගණක ) වල ෆේස්බුක්, යූ ටියුබ් එහෙම බ්ලොක් කරලා තිබුණෙ නැහැ. ඉතින් ඕන කෙනෙකුට ඕන හැටියකට ෆේස්බුක්, යූ ටියුබ් යන්න ඉඩකඩ තිබුණා. පස්සෙ කාලෙක තමයි ශිෂ්‍යයන්ගේ කාර්යක්ෂමතාවය වැඩි කරන්න ඕන කියල පෙ.ව 8-4 කාලයේ ඕවා බ්ලොක් කළේ. සිස්සයන්ගේ කාර්යක්ෂමතාවය වැඩි වුණාද නැද්ද නම් කියන්න දන්නෑ හැබැයි... මෙන්න කතාව. අපේ ඩිපාට්මන්ට් එකේ සාමාන්‍යයෙන් ලැබ් දෙකක් පාවිච්චි කරනවා. ඔන්න දවසක් ලෙක්චර් එකක් නැති වෙලාවක අපි ලැබ් එකට ගිහින් ෆේස්බුක් චැට් එකක් එහෙම දාගෙන ඉන්නකොට එක සැරේටම මට එහා පැත්තෙ ඉන්න එකා මවුස් එක එහාට මෙහාට කරකව කරකවා උඩ පැන පැන දඟලනවා, එකම ජංජාලයයි. බැලින්නම් ඌත් එක්ක චැට් කරකර හිටිය එකා (ඌ හිටියෙ අනිත් ලැබ් එකේ ) මිනිහට ලින්ක් එකක් එවලා. මිනිහත් ක්ලික් කරලා. ඒකෙන් අභ්‍යාස වීඩියෝ එකක් (ඇනිමේෂන් එකක් ද මන්දා හරියටම මතක නෑ) ලෝඩ් වෙලා ස්ක්‍රීන් එක පුරා එහෙ මෙහෙ දුවනවා. ඒක ක්ලෝස් කරන්න ඒ ඇප්ලිකේෂන් එක අල්ලන්න තමයි මිනිහා මවුස් එක අරන් දැඟලුවේ. අන්තිමේට යූ පී එස් එකට ඇනලා රී ස්ටාට් කරගෙන තමයි වැඩේ නතර කරගත්තෙ. දැන් මිනිහට වස ලැජ්ජාවයි. හැමෝම දැනගත්තනෙ සීන් එක.

හැබැයි මිනිහත් ඇතෑරියෙ නැහැ නෙට් එකේ සර්ච් කරලා හොයාගත්තා ලින්ක් එකක්. පස්සෙ දවසක ආයෙම එදා අර ලින්ක් එක එව්ව යාළුවා එහා ලැබ් එකේ ඉඳන් මූත් එක්ක චැට් කරකර ඉද්දි ෂේප් එකේ කලින් අර හොයාගත්ත ලින්ක් එක යවලා. අර යාළුවත් අපරාදෙ කියන්න බෑ ක්ලික් කරලා. සාමාන්‍යයෙන් ලැබ් එකේ මැෂින් වල සවුන්ඩ් ඩිසේබල් කරලනෙ තියෙන්නෙ. මොකක් හරි හේතුවකට ඒ මැෂින් එකේ සවුන්ඩ් එනේබල් වෙලා තමයි තිබිලා තියෙන්නෙ. ඔන්න දැන් අර ලින්ක් එක ඒ ලැබ් එකෙත් කලින් වුණා වගේ ම ස්ක්‍රීන් එක පුරා දුවනවලු. ඒක ක්ලෝස් කරගන්න බැරිම තැන කලබලේට මිනිහා මොනිටරේ ඕෆ් කරලා. එතකොට ඔන්න රූප නෑනේ. සද්දෙ එනවලු ඌ........හ්, ආ.......හ්, ම්......හ්, ඈ...හ් වගේ සද්ද ලැබ් එක පුරා පැතිරිලා යනවලු. හැමෝම ඉන්න තැන් වලින් එබි එබී බලනවලු. අන්තිමේට කොහොමහරි යූ පී එස් එකට ඇනලා මැෂිම ඕෆ් කරගෙන, එළියට ඇවිත් ගොඩාක් දෙනා ව මතක් කලා ලු. ෆස්ට් ඉයර් ඉඳන් ෆෝත් ඉයර් දක්වා හැමෝම නැඟිට නැඟිට තමන් දිහා බලද්දි මිනිහට මොනවගේ හැඟීමක් එන්න ඇතිද... ඒ දවස් වල අපිට එච්චර තේරුමක් නෑනේ ඔය එක එකා එවන ලින්ක් ක්ලික් කරන්න හොඳ නෑ කියලා.

දෙවනි කතාව නම් ළඟදි වුණ එකක්. අපේ එකෙක් ගෙ ගෙදරක පිරිත් කියනවා කියලා අපිටත් එන්න කිව්වා. අපිත් ඉතින් කලින් දවසෙ ම ගිහින් පිරිත් කොටුව එහෙම ගහලා, එක එක වැඩ කරලා රෑ වෙද්දි පිරිත් අහන්නත් ලෑස්තියි කට්ටිය. හැබැයි කලින් වැඩ කරපු මහන්සියට හැමෝටම වගෙ නිදිමතයි. ඉතින් කට්ටිය කතාවුණා සැරින්සැරේ මාරුවෙන් මාරුවට නිදාගමු කියලා. එකක් හැමෝටම නිදාගන්න ඉඩත් නැහැ. අනිත් එක අපි හැමෝම එක සැරේ නැතිවුණොත් අනිත් අයට සැක හිතෙනවනෙ. මමත් ඇතුළු පහක් විතර ඉස්සරවෙලා ම ගියා නිදාගන්න, ඊට පස්සෙ 1ට විතර නැඟිටලා අනිත් අයට ඉඩ දුන්නා නිදාගන්න කියලා. පිරිත් ගෙවල් වල සැරින් සැරේ ඔය කෝපි, බිස්කට්, කේක්, දොදොල්, කෙසෙල් වගේ ජාති එනවනෙ පිරිත් අහන අයට කන්න. අපි ඉතින් ඒවා වට කිහිපයක් ඉවර කරලා, පාන්දර 5ට විතර නිදාගෙන ඉන්න වුන් පව් නෙ කියලා හිතලා අපි කිව්වා ඒවා අල්ලන්න ආව මල්ලිලාට කිව්වා නිදාගෙන ඉන්න සෙට් එකක් ඉන්නවා උන්ටත් දෙන්න කියලා. මල්ලිලා දන්නෙ නෑනෙ නිදාගෙන ඉන්න තැන. අපි ගිහින් කකුලෙන් ඇදලා ඇහැරෙව්වා. මල්ලිලා ටිකත් ඉන්නවා ට්‍රේ ටිකත් අල්ලගෙන ඇඳවල් වටේට. ඔන්න ඉස්සරවෙලා ම ඉන්න එකා කෙඳිරි ගගා නැගිට්ටා. ට්‍රේ ටික දැක්ක විතරයි සාදු සාදු කියලා ට්‍රේ ඔක්කොටම වැන්දා, මේක දැක්ක ඇහැරෙමින් හිටිය වුන් සෙට් එකත් පෝලිමට සාදු කිය කිය ට්‍රේ වලට වඳිනවා. මුන් හිතලා තියෙන්නෙ පිරිකර ගෙනත් අතගස්සවන්න කියලා. එදා උදේ ඉඳන් පිරිත් කෙසේ වෙතත් හැමෝටම හිනා වෙලා කෙළවරක් නැහැ.

48 comments:

  1. නිදාගෙන නැගිට්ටම ඔය වගේ පිස්සු වැඩ මාත් කරනවා. හික්ස් :)
    ඒක නෙමේ අර පලවෙනි කතාවේ තිබ්බ ලින්ක් ගැන නම් දන්නේ නෑ.. ඒ උනාට සොෆ්ට්වෙයාර් එකක් තිබ්බා අපි සිංදුවක් අහන හැම වෙලාවකම කෙල්ලෙක් ඇවිදින් කැබරේ නටන විදිහේ...
    ඒකට සිංදුවක් දාන්න විතරයි ඕනේ. ඩෙස්ක්ටොප් එකට කෙල්ලක් ඇවිත් නටනවා ! නටනවා විතරන් නම් මදෑ ඇඳුනුත් ගලෝනවා !

    ReplyDelete
  2. හික්. දෙවනි වැඩේ තමා පට්ටම

    ReplyDelete
    Replies
    1. තාමත් අපි මතක් කරකර හිනාවෙනවා!

      Delete
  3. deweni kathawanam shoi ayya........ :)

    ReplyDelete
  4. පිරිත් ගෙදර වුන දේ තමා නියමම..හයියෝ..

    ReplyDelete
    Replies
    1. පැය දෙක තුනක් නිදාගෙන ඇහැරෙද්දි හරි ම අවුල් නේ...

      Delete
  5. හික්ස්..දෙවෙනි එක නම් මරු.. හොඳට හිනා වුනා.. :D

    ReplyDelete
  6. හෙහ් හෙහ් පට්ට සිද්ධිය...අපේ ගමේ දවසක් එකෙක්ට ඔහොම සීන් එකක් වුනා. බණ ගෙවල් වලදී බණ අහන මිනිස්සුන්ට රෑට වතුර වීදුරුවක් අල්ලනවනෙ කෑමට ආරාධනා කරන්න. මේ යකා ඒකට වැඳලා දොහොත් මුදුන් දීලා. හෙහ් හෙහ් හෙහ්.

    ReplyDelete
  7. ෆට්ට ෆට ෆට ලොලේ ලොල්ය

    ReplyDelete
  8. නියමයි... දෙවනි එක තමා නියම...

    ReplyDelete
  9. හෆ්ෆා පළවෙනි කතාවෙනම් යාළුව නියම රිටන් එකක්නේ දීලා තියෙන්නේ... :)

    ReplyDelete
    Replies
    1. ඔව්, නැත්තම් සවුත්තුවනෙ...

      Delete
  10. හි හි,,,,,,,,හිනා ,,,,,,,,,,,,,,,,,,,, :) නියමයි :)

    ReplyDelete
  11. පළවෙනි වැඩේනම් මට වෙලා තියනවා ඔෆිස් එකේදි.. ඒකනම් දැක්කේ මගෙ ඇසිය විතරයි මන් හිතේ.. බය වෙච්ච පාර මම එකපාරටම මොනිටරේ අතින් වහගත්ත

    ReplyDelete
    Replies
    1. මදැයි එක්කෙනෙක් විතරක් දැකලා ෂේප් වුණා නම්...

      Delete
  12. ලොල් කේස් එකා නියමයි අද දවසටම හිනාවක් ගියේ දැන්

    ReplyDelete
    Replies
    1. ඒ මොකෝ ? කෝරලේ මහත්තයට වැඩ ගොඩ ගැහිලා වගේ....

      Delete
    2. කියල වැඩක් නැහැ ළමයෝ රාජකාරි රාජකාරි

      Delete
    3. පේනවා පේනවා ඒ බව නම්!

      Delete
  13. අර ජාතියෙ ලින්ක් තාම තියෙනවද දන්නෑ.පොඩ්ඩක් හොයලා බලන්ඩ ඕනෙ.

    ReplyDelete
    Replies
    1. අපොයි තියෙනවා. කොම්පීතරේ ෆ්‍රීස් වෙලා තමයි නවතින්නෙ ඕං!

      Delete
  14. මුල් එක මටත් උනා. දෙවියනේ කියල ගෙදර මැෂිමේදී, නැත්නම් වහ කෑව වගේ හිටී. මතක් වෙනකොටත් හිනා යනව.

    ReplyDelete
    Replies
    1. අහ්.. ගෙදර නම් කමක් නෑ ඉතින්!

      Delete
  15. හිකිස්.........හයියූ....මේ අයියේඔාට වෛයි නේද මෙව්වා උනේ...මම ඉතින් ඕවා කාටවත් කියන එකක්යෑ...

    ReplyDelete
  16. අපිටමයි වෙන්නෙ ;)

    ReplyDelete
    Replies
    1. මෙන්න එක්කෙනෙක් අහුවුණා ද මන්දා...

      Delete
  17. Replies
    1. මෙන්න තවත් එක්කෙනෙක් කියලා මම කියන්නෑ ඕං!

      Delete
  18. මරු කතා දෙක.වැඩියෙන්ම ආස දෙවැනි කතාවට තමයි

    ReplyDelete
  19. තාම හිනා වෙලා ඉවර නෑ..
    හපොයි මෙහෙමත් නිදිමතක්..

    ReplyDelete
  20. පිරිත් ගෙවල් වලදී නම් මරු වැඩ වෙනවා තමයි. මමත් අපේ පුන්චිලගේ පිරිත් ගෙදර ගිහින් නිදිමත වැඩි වෙලා නිදා ගත්ත. උදේ නැගිටලා බලනකොට නිදාගෙන තියෙන්නේ කෙල්ලෝ ගොඩක් මැද. මාස ගානක් යනකම් හොදටම බයිට් උනා පුන්චිලගෙන්.

    ReplyDelete
    Replies
    1. කරදරයක් නැතුව උදේ නැඟිට්ටා නේද? එහෙනම් කමක් නෑ...

      Delete
  21. පිරිත් කොටුව කියන්නේ පිරිත් මණ්ඩපයට නේද අයියා... හි හි... පිරිත් කතාව තමා එල...

    ReplyDelete
    Replies
    1. හ හා.. ඔව් ඔව්, ඒක දිග වැඩි නිසා අපි නම් ලේසියට කියන්නෙ එහෙම....

      Delete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !