වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා (18+)


කනා චාන්ස් එකකින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජවුණ හැටි කියන්නයි යන්නේ මේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ව රජ වෙන්න කලින් හැඳින්වූයේ කන්නසාමි කුමාරයා විදියටයි. ඒ දවස්වල හිටිය මිනිස්සු තියා කන්නසාමි කුමාරයා වත් හිතුවෙ නැහැ කවදාවත් ඔහුට රජකමට පත්වෙන්න පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව කන්නසාමි කුමාරයාට රජකමට ළඟින් යන්න තරම්වත් උරුමයක් නොතිබුණ එකයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ට කලින් රජවෙලා හිටියේ රාජාධි රාජසිංහ රජතුමායි. ඒ රජතුමාගේ අපූරු මරණය තමයි කන්නසාමි කුමාරයාට රජකමට පාර කිව්වෙ.

ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තමයිනේ අන්තිම සිංහල රජතුමා. ඔහු තමයි දකුණු ඉන්දියාවෙන් නායක්කර් වංශික බිසෝවරු ගෙනල්ලා ඉතිහාසය වෙනස් කළේ. ඒකට හේතුවක් තිබුණනෙ, ඔයාලා දන්නවා ඇතිනෙ ඒ මොකක්ද කියලා. ඒ නිසා ඒක නොකියා කතාව පටන්ගන්නම්. රාජාධි රාජසිංහ රජතුමාට හිටියා නායක්කර් වංශික බිසෝවරු තුන්දෙනෙක්. එයින් දෙවන බිසවගේ සොහොයුරිය හිටියෙ දැනට ඔය මල්වතු මහා විහාරේ පිහිටලා තියෙන තැනට ළඟින් පිහිටලා තිබුණ පොඩි මන්දිරයක. රාජාධි රාජසිංහ රජතුමා තමන්ගේ අනියම් භාර්යාවක් විදියට තමයි මේ කුමරිය තියාගෙන හිටියෙ. ඒ අතරෙදි රාජාධි රාජසිංහ රජතුමාගේ මහාධිකාරම වුණ පිළිමතලව්වේ මහාධිකාරමටත් ඔය කුමාරිය එක්ක පොඩි පළහිලව්වක් තිබුණා. ටික කාලයක් ගියාම මේ කුමරියට පුතෙක් ලැබුණා, නම තිබ්බෙ කන්නසාමි කියලා. මේ කන්නසාමි කුමාරයා ලැබුණේ පිළිමතලව්වේ මහාධිකාරමට දාව කියලා කුමරිය දැනගෙන හිටියත් රජතුමා හිතාගෙන හිටියෙ මේ ඉන්නේ තමන්ගේ ම පුත්‍රයා කියලයි.


කන්නසාමි කුමාරයාගේ වයස අවුරුදු දහ අටකටත් කිට්ටුවෙන්න ආවත් රජතුමාගේ සහ පිළිමතලව්වේ මහාධිකාරමගෙ ගම නම් පොඩ්ඩක්වත් අඩුවෙලා තිබුණෙ නැහැ. රජතුමා කුමරිය වෙතට එනවා කියලා මහාධිකාරම දැනගෙන හිටියට රජතුමා නම් මහාධිකාරමගේ ගමන ගැන දැනගෙන හිටියෙ නැහැ. (දැනගෙන හිටියානම් මහාධිකාරමගේ බෙල්ලත් නෑ... ) මේ දෙන්නගෙන් කුමරිය ගොඩක්ම ප්‍රිය කළේ ඒ කාලේ තරුණ වයසෙ හිටිය මහාධිකාරමටයි.

රජතුමා කුමරිය හම්බවෙන්න අශ්වයා පිටින් ආවත් මහාධිකාරම ආවේ හොර රහසේ පයින්මයි. කන්නසාමි කුමාරයා සහ කුමරියට හැරෙන්නට සෙසු ලෝකයාට මේ ගමන රහසක් වෙන්න ඒකත් බලපෑවා. ඔන්න දවසක් රජතුමා අශ්වයා පිටින් කුමරිය හම්බවෙන්න එද්දි කුමරියත් එක්ක හිටිය මහාධිකාරම ඉක්මනටම සැඟවිලා පලා ගියා. නමුත් රජතුමාට සැකයක් ඇතිවුණා කවුරුහරි කෙනෙක් මන්දිරය ඇතුළේ ඉඳල ගියා කියලා. රජතුමා එක සැරේටම කුමරියගෙන් මේ ගැන අහන්නෙ නැති ව කන්නසාමි කුමාරයාගෙන් විමසුවා මේ ගැන. කන්නසාමි කුමාරයා ඒ ගියේ මහාධිකාරම බව දැනගෙන හිටියත් ඒ බව නොකියා කවුදෝ පුරුෂයෙක් පැමිණි බවත්, ඔහු නොහඳුනන බවත් කිව්වා.

මේක අහලා රජතුමාගේ හිත කෝපයෙන් පිරිලා ඉතිරිලා ගියත් කුමරියට තිබුණ බලවත් ආදරය නිසා ම ඇයට දඬුවම් දෙන්න රජතුමා මැලි වුණා විතරක් නෙවෙයි ඇගෙන් මේ ගැන අහලා හිත තලන්නවත් රජතුමා කැමති වුණේ නැහැ. කොහොම උනත් මේ එන කෙනා ව මරලා දාන්න ඕන කියලා හිතුව රජතුමා තමන්ගේ මඟුල් කඩුව කන්නසාමි කුමාරයා අතට දීලා ආයෙත් අකවුරුහරි ආවොත් ඒ එන කෙනා ව මරලා දාන්න අණ කළා. කුඩා කාලයේ ඉඳලා ම රජතුමාට වඩා වැඩි සෙනෙහසක් මහාධිකාරමට පෑව කන්නසාමි කුමාරයා වුණ සිද්ධිය අකුරක් නෑර මහාධිකාරමට කිව්වා වගේ ම තමන්ට දුන්න මඟුල් කඩුව පෙන්නලා ඒ බව තහවුරු කළා. ඒ වගේ ම කන්නසාමි කුමාරයා මේ සිද්ධිය තමන්ගෙ මවට නොකියන්නත් ප්‍රවේශම් වුණා.

ශූර වීර කපටි බුද්ධියකින් සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වුණ මහාධිකාරම, රාජාධි රාජසිංහ රජතුමාගේ ඉරණම දක්ෂ විදියට විසඳු හැටි, කන්නසාමි කුමාරයා රජවුණ හැටි වගේ ම පිළිමතලව්වේ මහාධිකාරමට අන්තිමට මොකද වුණේ කියලත් ඊළඟ කොටසින් කියවමු...

55 comments:

  1. අර කඩුවෙන්ම රජාගේ බෙල්ලට තියලා අදින්න ඇති රජා එකපාරින්ම සෙත්තපෝච්චි වෙන්ඩම !!!
    කොහොම උනත් ඉතුරු ටික එනකන් බලාගෙන ඉන්නේ. ඉක්මනට ලියන්ඩ !!!

    ReplyDelete
    Replies
    1. නෑ නෑ වැරදියි වැරදියි. එහෙම නෙවෙයි වුණේ! පාඩම් කරලා නෑ නේද? ඔහොම ගියොත් නම් පහළ පංතියට දාන්න වෙයි...

      Delete
    2. මේක සුළු ප්‍රශ්න නෙ... :)
      තව දවස් දෙකකින් තුනකින් මම් හරි උත්තරේ දෙන්නේ නෑද කියලා බලහන්කෝ. (උබ ඉතුරු කොටස ඉක්මනටම ලියනවා නෙහ්)

      Delete
    3. හෙහ්... හිතං ඇති! දාන්නෙම නෑ ඉතිරි කෑල්ල!

      Delete
  2. නියමයිනේ....ඉතුරු ටිකත් ඉක්මනට ඕන. බෑ නේ ඉතින් කරන්න...දෙකට කඩනවනේ :-|

    ReplyDelete
    Replies
    1. මමත් දෙකට කඩලා බැලුවා කොහොමද කියලා... ලියාගෙන යද්දි ටිකක් දිග වැඩිවුණානෙ අක්කේ!

      Delete
  3. ගොඩාක් වැදගත් ලිපියක් අයියෝ....ඉක්මනත ඉටිලි කොටසට් ඩාන්න.....

    ReplyDelete
    Replies
    1. බෑ බෑ දාන්නෙම නෑ... සඳුදට බලාපොරොත්තු වන්න!

      Delete
  4. හහහා...... මං වගේනේ මෙයත් රජ වෙලා තියෙන්නෙ...
    හොරා.. :-)

    සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ඉතිහාසයම නොවැ වර්තමානයෙත් ප්‍රතිනිර්මාණය වෙන්නෙ! ඉතින් හොරු ම තමයි ඉන්නෙ!

      Delete
  5. එල එල ඉතුරු ටිකත් ඉක්මනට දාන්න ..

    ReplyDelete
  6. සැහ්... 18+ රජ කථාවක් කිව්වහම මම හිතුවෙමෙ කියුබානු ප්‍රබෝධයේ වගේ දරුණු සටන් පවතීවි කියලා.....

    ලහිරුවෝ ප්‍රෂ්නයක්....

    කන්දසාමි කුමාරයට වයස 18ක් වෙනකොට..අර ඉම්පොර්ටඩ් අම්මන්ඩිට 40ක් වත් වෙන්න ඇතිනේ... ඉතින් කොහොමද බං එයා කුමාරිකාවක් උනේ...

    අලි අලි ඉතුරු ටිකත් ලියන්ඩකෝ.. ඒකෙවත් දරුණු සටන් ටිකක් දාන්න ඈ

    ReplyDelete
    Replies
    1. හපෝයි කියුබානු ප්‍රබෝදය නම් හොඳටම දරුණු වැඩියි! කන්දසාමි කුමාරයට වයස 18ක් වෙනකොට මම හිතන්නේ 30ක් වත් වෙන්න ඇති, ඒ කාලේ එහෙමනේ! ඔව් ඔව් ඊළඟ කොටස පටන් ගන්නේ දරුණු පයිට් කෑල්ලකින් තමයි!

      Delete
    2. ඔය කියුබානු ප්‍රබෝධය මරු කතාව ඈහ්. මතක් උනත් ඇති හිනාවෙන්ඩ !!

      Delete
  7. ඒ කාලේ නෙ ඉන්න තිබ්බෙ අයි ඩෝන්ට් නෝ වයි! :D

    ReplyDelete
    Replies
    1. ඒත් රජ පවුලක වෙන්නෝන හැබැයි, නැත්තම් වැඩක් නැහැ!

      Delete
  8. මම නම් කතාවෙ ඉතුරු ටිකත් දන්නව.... එත් ඔයා ලියල තියෙන විදියට කතාව කියොගෙන යන්න ආසයි........ ඉතුරු ටිකත් ලියන්න කො..... ඔබට ජය

    ReplyDelete
    Replies
    1. එහෙනම් කතාව කියලා ඉවරවෙනකල් සද්ද නැතුව ඉන්නෝනෙ...

      Delete
  9. වැඩේනම් මරු............ දැනන් හිටියට් මු දෙමල රජෙක් කියල දන්නෙ නැ එ කොහොමද උනේ කියල..........
    ඉක්මනට දාන්න අනිත් කැල්ලත්............

    ReplyDelete
    Replies
    1. ආ... එහෙනම් ඒ කතාවත් ඉක්මනටම දාන්නම්කෝ!

      Delete
  10. නියමයි මමත් ලියන්නෙ ඉතිහාසය ගැන ඇවිත් බලන්නකෝ

    ReplyDelete
    Replies
    1. මම උදේ ඇවිත් ගියා මලයා...

      Delete
  11. බලමුකෝ ඉතුරු ටිකත්.මමනං අහලා තියෙන්නෙ වෙන දෙයක්.පිළිමතලව්වේ උගේ වාසියට රූකඩ රජෙක් විදිහට රාජසිංහව රජ කෙරෙව්වා කියලා.

    ReplyDelete
    Replies
    1. ඔව්, මුලින් එහෙම තමයි වුණේ. ඒත් දිගටම එහෙම නටවන්න බැරිවුණා රජතුමා ව. මහාධිකාරම ගෙ ඉරණම ඊළඟ පෝස්ට් එකෙන් බලන්නකෝ!

      Delete
  12. ඊලග කොටසත් ලියන්න තිබුනනේ මේකටම ... හ්ම්ම්.. කමක් නැහැ,,ලියන්නකො ඉක්මනට..:)

    ReplyDelete
    Replies
    1. ටිකක් දිග වැඩියි වගේ දැනුණා ඒකයි...

      Delete
  13. අයියු..මොකද අප්පා දෙකඩ කලේ.. ඉක්මනට දාන්ඩ අප්පා.. :)

    ReplyDelete
    Replies
    1. අලේ.... සුට්ටක් ඉතර දිග වැඩි වුණානේ ඉක්මනටම දානම්කෝ!

      Delete
  14. මේ කතාව නම් කලින් දැනගෙන හිටියේ නෑ... ඉතුරුටිකත් දානකම් අපි බලන් ඉන්නවා ඕන්...!!

    ReplyDelete
    Replies
    1. ඒකනේ... ඉක්මනටම දාන්නම්කෝ!

      Delete
  15. කතාව නියමයි,,, ඉතිරිය කෝ??

    ReplyDelete
    Replies
    1. ඉතිරිය බලාපොරොත්තුවන්න... හෙට අනිද්දා දිහාට!

      Delete
  16. කතාවේ නියම හරියෙදීම නවත්තුවා නේ. එහෙම කරන්න එපා වස් වදිනවා...

    ReplyDelete
    Replies
    1. හපෝයි.. කලින් කියන්නෙපැයි, දැන් ඉතින් මොනා කරන්නද ?

      Delete
  17. ඕකනේ ඉතින් කියන්නේ හොදම ටික පස්සට දාන්නවා..

    ReplyDelete
    Replies
    1. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියන්නෙ ඕකනෙ මලයෝ...

      Delete
  18. එළ එළ වැදගත් මචං... මේවා හොයා ගත්ත හැටිත් දාපන් ඊළග පාර (reference)

    ReplyDelete
    Replies
    1. මේවා අහන කතා, කියවන කතා කැටගරියට තමයි වැටෙන්නෙ...

      Delete
  19. අඩේ මම ආස නැතිම දෙයක් තමයි ඉතිහාසේ කියවන එක. එත් උඹේ කතා විලාසයෙන් මට ඉතිහාසේ කියවන්න මාර ආසාවක් අවා මචෝ. ඉතුරු හරිය ඉක්මනට දාමු.

    ReplyDelete
    Replies
    1. අහ්.. ඒකනම් අහන්නත් සතුටුයි! අනිත් එක ඉතිහාසයත් නැතුව අපට වර්තමානයක් කොයින්ද...

      Delete
  20. කතාව පොඩ්ඩක් අහල තියනවා වගේ මතකයි.....ඒත් හරියටම මතක නෑනේ...ඉක්මනට දාන්නකෝ අනිත් කොටසත්...

    ReplyDelete
    Replies
    1. එහෙනම් මගෙ වෙලාව! ඊළඟ කොටස කියවන්න එන්න ඕන නේ මේ පැත්තේ!

      Delete
  21. ඊළඟ කොටසත් කියවලාම කොමෙන්ටුවක් දාන්නම්කෝ..

    ReplyDelete
  22. "ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා තමයිනේ අන්තිම සිංහල රජතුමා. ඔහු තමයි දකුණු ඉන්දියාවෙන් නායක්කර් වංශික බිසෝවරු ගෙනල්ලා ඉතිහාසය වෙනස් කළේ"

    දකුණු ඉන්දියාවෙන් බිසෝවරුන් ගෙන්නන එක පටන් ගන්නේ සෙනරත් රජතුමා. තමන්ගේ දරුවන් වුණු කුමාරසිංහ, විජයපාල, රාජසිංහ සූර්ය වංශිකයන් නිසා ගොවි කුල කාන්තාවන් ලංකාවෙන් හොයලා දෙන්නේ නැතුව දකුණු ඉන්දියාවෙන් නායක්කර් බිසෝවරු ගේන්නේ ඒක නිසා. නායක්කර්වරුත් සූර්ය වංශිකයන් කියනවානේ

    ReplyDelete
    Replies
    1. ඒ විදියට බැලුවොත් ඊටත් කලින් ඉඳන් නේ දකුණු ඉන්දියාවෙන් බිසෝවරු ලංකාවට ආනයනය කළේ. නමුත් එහෙම ගෙන්නුවා කියලා රාජ්‍යත්වයට ඍජු බලපෑමක් ඇතිවුණේ නැහැ. නමුත් ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා එහෙම ඉන්දියාවෙන් ගෙන්නලා රජකම බිසවගේ සහෝදරයට යන්න වෙනස් කළ එක එකෙන් ලංකාවට ලොකු බලපෑමක් සිද්ධ වුණා...

      Delete
    2. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ දවස ඒ විදිහට නායක්කර් වංශිකයන් අතට බලය යන්න පසුබිම සෙනරත් රජ දවස ඉදන් හැදිලා තිබුණේ...

      …බිසෝවරුන් එක්ක ඒ කාලේ ඉදන්ම ලංකාවට ආපු නායක්ක‍ර් වංශිකයෝ ක්‍රමයෙන් රාජ සභාවේ බලවතුන් වුණා වගේම රදළයන්ගේත් හිතවතුන් වුණා. වාණික කටයුතුවල යෙදිච්ච නායක්කර්වරුන්ගෙ උඩරට රදළයෝ සල්ලි පොළියට ගැණීම පවා කරලා තියෙනවා...

      …ඒ තත්වයත් එක්ක තමා උඩරට රාජ සභාව නායක්කර් විරෝධී සහ නායක්කර් හිතවත් කියලා කණ්ඩායම් දෙකකට බෙදෙන්නේ.

      …අන්තිමට නරේන්ද‍්රසිංහ රජතුමාගේ කාලේ තමන්ගේ අයෙක්ට රජකම ලබාදෙන්න රදළයන් බහුතරයක් කැමති කරවගන්න නායක්කර්වරුන්ට පුලුවන් වුණේ ඒ විදිහට කාලාන්තරයක් තිස්සේ ඔවුන්ගේ බල ව්‍යාප්තිය උඩරට කරලා තිබුණු නිසා.

      …ඒක තමා ඔවුන්ගේ උච්චතම අවස්ථාව

      Delete
  23. මේ කියන දේටත් වඩා එතනදි සිද්ධ වුණේ මෙහෙම දෙයක්. වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමාට හිටියා මුතුකුඩේ බිසව කියලා ඉතාම ආදරය කළ ගොවිකුළ බිසවක්. ඒ බිසව ව මරන්න අගබිසව කල කුමන්ත්‍රණයක් රජතුමාට අහුවෙලා අගබිසවට නඩු විභාගයක් තියලා මරලා දැම්මා. ඒ බිසව දෙනුවර සිඳුරුවාණ රටේ. ලංකාවෙ ඒ වෙද්දි උභයකුල පාරිශුද්ධ කාන්තාවෝ හිටියෙ දෙනුවර සිඳුරුවාණ රටේ විතරයි. අර දේ නිසා නැවත අගබිසවක් විදියට පාවා ගන්න එහෙන් බිසවක් ඉල්ලන්න රජතුමාට විදියක් තිබුණෙ නැහැ. ඒ නිසා තමයි ඉන්දියාවෙන් අගබිසවක් ගෙනාවෙ....

    …ඔබ කිව්ව තත්වයත් කාලයක් එක්කම හැදුණු දෙයක් බව මම පිළිගන්නවා. ස්තූතියි දැනුවත් කිරීමට!

    ReplyDelete
    Replies
    1. මුතුකුඩේ බිසව හිටියේ දෙවෙනි විමලධර්මසූරිය රජතුමාට. මුතුකුඩේ දේවියගේ පුතා වුණු කුණ්ඩසාලේ කුමාරයා තමා වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ නමින් රජවෙන්නේ.

      Delete
    2. අහ්... එහෙමද? මට වැරදිලා එහෙනම්. මම හොයලා හරියටම කියන්නම්කෝ!

      Delete
  24. ටික දවසකින් එන්ඩ බැරි උනා.. 2 වැනි කොටසත් දාල නේ... එකේ ඉදන් කියවන් ගිහින් 2 දී දාන්නම් Comment එකක්...

    ReplyDelete
  25. රසවත් ඉතිහාස කතාවක්

    ReplyDelete
  26. ඉතුරු ටිකත් ඉක්මනට කියන්නකො අනේ

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !