සැකයි මට ඔබේ කුමරි බඹසර...

කුමරි බඹසර, ධර්මචර්යාව, නිර්මලත්වය, පත්‍රව‍්‍රතාව, පතිවත, පතිව‍්‍රතය, පිරිසිදු බව, බඹසර, බ‍්‍රහ්මචර්යාව, ශතීත්වය ආදී එකී මෙකී නොකී විවිධාකාර නම් වලින් හඳුන්වන කුමරි බඹසර ගැන තමයි අද මාතෘකාව. ලෝකේ අනිත් රටවල කෙසේ වෙතත් පෙරදිග රටවල විශේෂයෙන් ලංකාවේ නම් හරිම වැදගත් දෙයක් කියලා සලකන දෙයක් තමයි මේ කුමරි බඹසර රැකීම. විවාහය වෙනකල් කුමරි බඹසර ආරක්ෂා කරගත්ත ගැහැණු ළමයෙක් දිහා සමාජය ගෞරවයෙන් බලනවා වගේ ම එහෙම බැරි වුණ කෙනෙකුට කඩු පොලු අමෝරාගෙන එන්නත් අපේ සුචරිතවත් සමාජය අමතක කරන්නේ නැහැ.

එහෙම කෙනෙක් දිහා බලන්නේ හරියට අයාලේ ගිය කෙනෙක් දිහා බලන අවඥා සහගත බැල්මකින් වගේ ම මීට පස්සෙ ඒ කෙනාගෙන් සමාජයට වැඩක් නැහැ වගේ හැඟීමකින් නේද? හරියට මීට පස්සේ කිසිම විශ්වාසයක් තියන්නේ නෑ වගේ. මේ හැඟීම සාධාරණ ද අසාධාරණයිද? මම නම් හිතන්නේ සමහර වෙලාවට එහෙම හරි කියලා. බ්ලොග් අවකාශයේ ඉන්න ගොඩක් දෙනෙක් මේ අදහසට එකඟ වෙන එකක් නැති වෙයි, ඒ වුණත් මේ වීඩියෝ එක බැලුවට පස්සේ හැමෝම වගේ මගේ අදහසට එකඟ වේවි මම හිතන්නේ... එහෙනම් බලලා ම ඉන්නකෝ!




මේ පද වැල...

තුමුල බල ඇති තෙදැති දෙවඟන සැකයි මට ඔබේ
කුමරි බඹසර
රජුගේ මිරිවැඩි ලකුණු තිබුණලු ඔබගෙ දෙවොලේ යහන පාමුල//

ඉරා සළු පට බැඳුන නෙතු යුග
තරාදිය ගෙන හෙලා ඝණ දිය
තලා අසිපත නසා එහි පණ
පසඳලිය හැකිවේද යුක්තිය

තුමුල බල ඇති තෙදැති දෙවඟන සැකයි මට ඔබේ
කුමරි බඹසර
රජුගේ මිරිවැඩි ලකුණු තිබුණලු ඔබගෙ දෙවොලේ යහන පාමුල

ධවල සළු පිලි සොරුන් ගත්තෙද
මිණි මෙවුල් දම් කඩා හැළුනිද
ඔබේ ගත ‍රැඳි දුහුල් සළු පට
හමන සුළඟට ඉගිල යාවිද

තුමුල බල ඇති තෙදැති දෙවඟන සැකයි මට ඔබේ
කුමරි බඹසර
රජුගේ මිරිවැඩි ලකුණු තිබුණලු ඔබගෙ දෙවොලේ යහන පාමුල...

ගායනය: අමරසිරි පීරිස්
පද රචනය: උපාලි ජයමාන්න
සංගීතය: ඩැනිස්ටර් පෙරේරා

වචන දාහකින් ප්‍රසිද්ධියේ කියන්න බැරි, කියලා කාටවත් ඒත්තු ගන්නන්න ලේසි නැති කතාවක් අමරසිරි පීරිස් මහත්මයා (පද රචකයා සහ සංගීතඥයා අමතක කරනවා නෙවෙයී විනාඩි තුන හතරක පද පේළි කිහිපයකින් අපූරුවට කියනවා. රටේ ඇතිවෙලා තියෙන අරාජික තත්වය වගේ ම එහෙම වෙන්න හේතුවත් හරියට ඔලුව අතගාලා ටොක්කක් අනිනවා වගේ කියනවා කියලා මට හිතෙනවා. ගෙදර වැඩකට මුහුදු වෙරළින් වැලි කොට්ටයක් අරගෙන යන මිනිහා ව අල්ලලා නඩු දාලා දඬුවම් දෙන ගමන් ම මහ යන්ත්‍ර සූත්‍ර යොදාගෙන ගං ඉවුරු කපලා යද්දී මිනිස්සුත් හප්පාගෙන යන වැලි ටිපර් දිහා නොදැක්කා වගේ ඉන්නේ නීතියෙ ඇස් බැඳලා නිසා වෙන්නෝන. එතනින් පටන් ගත්තම ඉහළට යනකල් ම සාමාන්‍ය මනුස්සයාට මේ යන විදියට නීතියෙන් සාධාරනයක් ඉෂ්ඨ වේවිද කියන ගැටළුව කටින් කතා කරලා ඇහුවේ නැතත් පොළවේ පය ගහලා ඉන්න හැම කෙනාට ම ඇති. එහෙම නේද? තාමත් මේ සින්දුව එතරම් ජනප්‍රිය වෙලා නෑ මම හිතන්නේ... අළුත් නිසා ම. කොහොමත් නිර්භීත ව මේ වගේ සින්දුවක් නිර්මණය කිරීමේ ගෞරවය උඩ ඉන්න තුන් කට්ටුවට ම හිමිවෙන්නෝන.

ප.ලි: ෆේස්බුකියේ එහේ මෙහේ රවුමක් යද්දී දැක්කා අපූරු සින්දුවක් තියෙනවා, අමරසිරි පීරිස් මහත්මයා ගායනා කරන. මම නම් මීට කලින් අහලා තිබුණේ නැහැ. විෂුවල් එකත් එක්ක බලද්දි තමයි සින්දුව ගැන නියමම හැඟීම එන්නේ කියලයි මටනම් හිතෙන්නෙ. දැන් කස්ටිය මොනාද කියන්නේ මගේ අදහස ගැන... මගේ පස්සෙනුත් පන්නයි ද දන්නෙ නෑ පොලු මුගුරු අරගෙන, කස්ටිය ව රැවැට්ටුවා කියලා!

39 comments:

  1. මේක Lakeesha Perera කියල කෙනෙක් දාල තිබුන මම දැක්කෙ ඊයෙ. තවම Youtube එකෙත් වැඩි දෙනෙක් බලල නෑ. හැබැයි ඕක ලංකාවෙ මාද්යවල යයි කියල නම් හිතන්න බෑ.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් එයා තමයි සින්දුව Facebook එකේ share කරලා තිබුණේ, එතනින් තමයි මමත් මේ සින්දුව ඉස්සරවෙලා ම ඇහුවේ සහ බාගත කරගත්තේ! ලංකාවේ මාධ්‍යවල යන එකක් නෑ කියලා හිතුණ නිසා තමයි විශේෂයෙන් ම මේ සින්දුව බ්ලොග් සටහනක් විදියට ලියන්න හිතුවෙත්...

      Delete
  2. බඩුත් එක්ක හොරු කියන්නද නැත්නම් හොරු සමඟ හෙළුවෙන් කියන්නද කියල නම් තේරුමක් නෑ..කොහොම වුනත් සින්දුවෙ කියලා තියන දේ නම් ඇත්ත..

    ස්තුතියි ලහිරු බෙදාගත්තට

    ReplyDelete
    Replies
    1. හොරකමක් නෙමෙයි මෙක. මෙ සිංදුව ප්‍රචරය කරන එක තමයි වැදගත්.

      Delete
    2. අක්කට වැරදි අදහසක්වත් ඇවිත් ද මේ ගැන? මුල් කමෙන්ට් එකෙන් කියලා තියෙන්නෙ සින්දුව Facebook එකේ share කළ කෙනා ගැනයි, මම හොරකමකට කියලා කළේ සින්දුව ඩවුන්ලෝඩ් කළ එක විතරයි අක්කේ එතනින්. අනිත් සියළුම දේවල් මගේ පුද්ගලික අදහස්!!! එහෙමත් නැත්තම් අක්කා කිව්ව දේ මම වැරදියට තේරුම් අරන්ද... මට දෙවිදියටම හිතෙනවා!

      Delete
  3. ගොඩක් ලස්සන සින්දුවක්..මේ සින්දුව අපෙ රටේ මාධ්‍යවල ගියොත් මම ඔලුවෙන් හිටගෙන ඇවිදිනව... :P

    ReplyDelete
    Replies
    1. සරමක් ඇදන් ද?

      Delete
    2. හ්ම්ම්ම්... මමත් එනවා තනියට!

      Delete
  4. නියම ටොක්කක්.ඔය සිංදුව විතරක් යැ. යදමින් බැද,රටකරවන්ට නම්,දගගෙයි දඩුවම්,දන්සල් දොරෙහි නැත යදියෝ ආදි එක ගීතයක්වත් අද අහන්න තියද?

    ReplyDelete
    Replies
    1. මතකද නන්දා මාලිනි මහත්මියගේ තහනම් වුණ කැසට් පටය...

      Delete
  5. සිංදුව නම් මීට කලින් අහලා තිබුනේ නෑ.
    සිංදුවේ තේරුම නම් මුලින් ඇහුවට එක පාරටම නොතේරුනත් ඒකේ විස්තරේ කියෙවුවම සිංදුවට ලොකු අර්ථයක් තියෙනවා නේද කියලා හිතුනා.

    මේ සිංදුව අහන්න ලබා දුන්නට ලහිරුට ගොඩක් ස්තූතී..
    :)
    අමරසිරි පීරිස් මහතාගේ සිංදුවල ගොඩක් ලොකු අර්ථයක් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. අර ලදුනේ සින්දුව ඒකට හොදම උදාහරනයක්..... ලදුනේ සින්දුව බිහි උන හැට්ත් හරිම ලස්සනයි.. මම ලගදි කියවපු එකකින් දැනගත්තේ....

      Delete
    3. ම්ම්ම්... මමත් පුද්ගලික ව ගොඩක් කැමති ගායකයෙක් තමයි අමරසිරි පීරිස් කියන්නේ. කොහොමද ළඳුනේ සින්දුව බිහිවුණෙ?

      Delete
    4. මචන් ඒක ටිකක් දිග ස්ටොරි එකක්... හොයාගන්න පුලුවන් උනොත් ඒ ලිපිය මගේ බ්ලොග් එකට දාන්නම්.

      Delete
    5. කිව්ව විදියට මම ඒගැන ලිපියක් ලිව්වා.පහත සබැදිය බලන්න
      http://sonduru-nimnaya.blogspot.com/2012/04/blog-post.html

      Delete
    6. නියමයි වගේ ම ස්තූතියි ඉල්ලීම ඉටු කළාට! මම බැලුවා ඒක!

      Delete
  6. මගේ අදහස නම් මේකෙ ගායනයටයි, සංගීතයටයි වඩා හදවත සලිත වෙන්නෙ පදරචනයට. පුලුවන්නම් බුකියෙ දාල තිබුන තැනට ගිහින් කමෙන්ට් ටිකත් කියවන්න.

    ReplyDelete
    Replies
    1. මට නම් ගොඩක් ම දැනුණේ ගායකයාගේ ගායනා විලාසයයි, ඒකට මම හැමදාමත් කැමතියි!

      Delete
  7. කාලෙටම ගැලපෙන සින්දුවක්...

    ReplyDelete
    Replies
    1. සුදු වෑන් එකක්වත් එයිද....

      Delete
  8. ඉදලා හිටලා මටත් ඇහෙන සිංදුවක් තමයි මේක.. යථාර්තය ගත්තොත් නම් අපේ අදහස් විවිධාකාර වේවි..

    ReplyDelete
    Replies
    1. හැබැයි පොදුවේ ගත්තොත් නම් යථාර්තය හරිම අමිහිරි කටුක එකක් මලේ!

      Delete
  9. අලුත් සින්දුවක් නේද?.

    ReplyDelete
    Replies
    1. ඔව්, මම හිතන්නේ අළුත් ම එකක්!

      Delete
  10. හුගක් ලස්සන අර්ථවත් සින්දුවක්...කලින් අහලා නම් තිබුනේ නෑ..කලින් පොස්ට් කියවල තිබ්බත් මේ මගේ මේ බ්ලොග් එකට දාන පලවෙනි කොමෙන්ටුව. හුගක් වැඩ ගොඩක හිර වෙලා ඉද්දී ඉතින් ෆෝන් එකෙන් කියවල යනවා.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අදහසට වගේ ම මේ පැත්තේ ඇවිත් ගියාට... ආයෙත් ඉතින් එන්න බැරියැ දිගටම!

      Delete
  11. ලස්සන සිංදුවක් වගේ...අහලා බලන්න ඕනේ....

    ReplyDelete
  12. සින්දුවනම් අහල නැහැ..අහලම බලන්න ඕනා..ඔෆිස් එකේ සිංදු අහන්න බැහැනෙ.. :S

    ReplyDelete
    Replies
    1. අයීයෝ බාගෙන පෝං එකට දාගත්තනම් හරිනේ!

      Delete
  13. ආසම ගායකයෙක්. සින්දුවේ තියෙන්නේ මාර වචන ටිකක්. අහලම බලන්න ඕනේ. ලින්කුව ලෝඩ් වෙන්නේ නෑ අප්පා ඔපීසියේ..

    ReplyDelete
    Replies
    1. හෆෝයි... බය හිතුණේ නෑ නේද වචන ටික ට!

      Delete
  14. ඕකත් ඉරාජ්ගෙ පොලිස් සින්දුව වගේ මිනිස්සුන්ට බලෙන්ම අමතක කරවලා දායි.කොහොම උනත් වචන ටිකනං හරි අපූරුවට ගලපලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අමතක කරවන්න අමාරු වෙන එකක් නෑ සහෝ එන්න කලින් ම තහනම් කරාවි සමහරවිට!

      Delete
  15. මාතෘකාව කියවද්දී නම් බයේ බයේ ආවේ... මගේ ආසම ගායකයෙක්... කාලෝචිත පදපෙලක්... හරිම අගෙයි අය්යා !!!

    ReplyDelete
  16. ආ... ඒ මාතෘකාව දැම්මෙත් ඒකටම තමයි නංගා!

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !