ඔහේ කොණක හිඳ
බලා හිඳිමි තව ම මම
අහෝ සෙනෙහස බිඳුණු සඳ
කෙලෙස සිත සනසාගම් ද කියා
අකලට බට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
සොවක් පමණි ඔබ ඉතිරි කළේ
හැමදා මා හා සෙනෙහසින් වෙලී..
පාසැල් මව් තුරුළේ පටන්
නුඹ හා බැඳි සොඳුරු ප්‍රේමයේ
අවසානය වෙයි ද හෙට
තව ම සිත දෙගිඩියාවෙන්..
සමාසිකයකින් මා හැර දමා යන
සමාසිකයකින් නැවත මා සොයා එන
විටෙක මෘදු වන විටෙක රළු වන
නුඹ විභාගය විභාගය විභාගය විභාගය විභාගය.....!
හෙට ට නියමිත සබ්ජෙක්ට් එක අමාරු වන්නට නියමිත හෙයින් ඒ වෙනුවෙන් මා හද පත්ළෙන් නැගෙන්නා වූ ශෝකාලාපයයි මේ......(හෙට එක්කෝ exam එක, නැත්තම් මම! )
ෆොටෝ එක : www.space4masti.com
පොත් පොත් පොත්
4 days ago
ශෝකාලාපය කියවද්දි ඇඬෙනවා අෆ්ෆා... විභාග නම් කීයක් පහු වෙන්න ඇතිද???
ReplyDeleteඒ වගේම තව කොයිතරම් ඉස්සරහට එන්න තියෙනවද...
Deleteසැලෙන්න එපා අයියේ.. මම හොද වෙලාවට ඕවා අත් ඇරලා දාලා ලංකාවෙන් එන්න ආවේ..
ReplyDeleteඒත් ඉතින් මේවත් කෙරෙන්නෙපැයි!
Deleteවිභාගේ ටිකක් භය දැනෙන වචනයක්නම් තමයි....ජය පතනව අයියෙ!!!
ReplyDeleteස්තූතියි මලයෝ!
Deleteගණන් ගන්ට එපා...අමාරු නම් කාටත් අමාරුයි..වැස්සොත් හැමෝම තෙමෙනවා :) ඒකත් මතක තියාගන්නකෝ...සුබ පතනවා ඔයාට..
ReplyDeleteඒ වුණාට මමත් කුඩ නැති අයගෙන් කෙනෙක්නේ අක්කේ....
Deleteඔව් ඔව්. දෙගිඩියාවෙන් ඉන්න එපා. මට නම් එපා වෙලා
ReplyDeleteඒත් ඉතින් මක් කරන්නද... කරන්නම වෙනවානේ!
Deleteදිගටම බ්ලොග් එකේම ඇලී ගැලී සිටිය නම් විභාගය ගොඩේ ගොඩ.
ReplyDeleteඋපදේශයක් පමණි - අත්හදා බැලීම, නොබැලීම, ඔබේ කැමැත්ත අනුවය.
ඔව් ඔව් ගොඩයයි වගේ මට පේන හැටියට!
Deleteහෆෝයි මටත් ඹහොමයි...
ReplyDeleteදුක තමයි මස්සිනා...
Deleteමටත් ඔහොම හිතුනා අවස්ථා දෙකකදිම !
ReplyDeleteබය වෙන්නේ නැතුව ලියහන් !
මාත් විභාග කාලේ තමයි වැඩි වැඩියෙන් බ්ලොග් කියවන්නෙත් ලියන්නෙත් !
මොනවද ඒ දෙසැරේ...? හෙහ් මම බ්බ්බ්...බයනෑ!
Delete