අපි නොදන්න EPF...!


ගොඩක් දෙනා වැටුප අඩු වුණත් රජයේ සේවයට කැමති වෙන්නේ විශ්‍රාම ගත්තට පස්සේ ලැබෙන පැන්සොන් එක නිසානේ. ඒ වුණත් හැමෝටම රජයේ සේවයට එකතු වෙන්න වාසනාව නෑ කියන එක අපි හැමෝම දන්න දෙයක්නේ. රජයේ සේවයට එන්න ඉස්සර නම් ඕන වුණේ බුද්ධිමත්/උගත්කමයි, හැකියාවයි තමයි, ඒත් ලංකාව දියුණු වෙන්න වෙන්න ඒකට තවත් දේවල් එකතු වෙලා තියෙන බව පේනවා. දේසපාලුවන් ට කඩේ යෑමේ හැකියාව, සල්ලි මිල මුදල් විසි කිරීමේ හැකියාවා, ඕනෑම ආකාරයක අල්ලස් දීමේ හැකියාව වගේ වටිනා කියන අංග රාජ්‍ය සේවයේ ගුණාත්මක බව ඉහළ දැමීමට දැන් භාවිතා වෙනවා.

රජයේ සේවකයන් ට විශ්‍රාම වැටුප වගේම පුද්ගලික අංශයේ සේවකයන් ට සැනසීමකට තියෙන්නේ EPF එකනේ. ඒත් ගොඩක් අය අවධානය යොමු කරනවා අඩුයි මේ ගැන. ඒ නිසා ම ගොඩක් වංචා, දූෂණ නම් සිද්ධ වෙන බව පේන්න තියෙනවා. අන්තිම සෙමෙස්ටර් එකේ සබ්ජෙක්ට් එකක් තිබුණා අපිට HRM ගැන. ඒකෙදි දැන කියාගත්ත දෙයක් ගැන තමයි මේ කියන්න යන්නේ. මම දන්න විදියට මේ බ්ලොග් අවකාසේ ඉන්න ගොඩක් අයත් වැඩ කරන්නේ පුද්ගලික අංශයේ නිසා ගොඩක් අයට වැදගත් වේවි කියලා හිතනවා.

පුද්ගලික අංශයේ සේවකයන්ගේ සේවා සුරක්ෂිත භාවය ගැන අණ පනත් ගොඩක් තියෙනවා. ඒකෙදි ගොඩාක් ම වැදගත් වෙන පනතක් තමයි කාර්යාල සහ කඩ සාප්පු පනත. සිංහලෙන් කියනවා නම් Shop & Office Act. කර්මාන්ත ශාලා වල වැඩ කරන අය ඇරෙන්න සාමාන්‍ය පුද්ගලික සේවකයන් මෙමඟින් ආවරණය වෙනවා. අපි ලේසියට EPF කියලා කිව්වට ඒකේ ආකාර තුනක් තියෙනවා.

1. EPF (Employees' Provident Fund)- සේවක අර්ථසාධක අරමුදල
2. EPF (Employee's Trust Fund)- සේවා නියුක්තිකයන්ගේ භාරකාර අරමුදල
3. Gratuity- පාරිතෝෂික දීමනා

අපි බලමුකෝ මේවා වෙන වෙන ම අරගෙන,කොහොමද මේවා ක්‍රියාත්මක වෙන්නේ කියලා.

1. EPF -සේවක අර්ථසාධක අරමුදල…


මේ මුදල තැන්පත් වෙන්නේ වෙන්නේ සේවකයා සහ සේවා යෝජකයා ගේ ඒකාබද්ධ අරමුදලක් විදියටයි. මෙහිදී සේවකයාගේ මුළු වැටුපෙන්, ඒ කියන්නේ Net Salary එකෙන් 8% ක් සහ සේවා යෝජකයාගෙන්, සේවක වැටුපෙන් 12% ක මුදලක්,ඒ කියන්නේ සම්පූර්ණයෙන් ම 20% ක් EPF අරමුදලට බැර වෙනවා. උදාහරණයක් කිව්වොත් රු 40,000 ක මුළු වැටුපක් ලබන සේවකයෙකු ගේ EPF අරමුදලට මාසය අන්තිමේට රු 8,000 ක් බැර වෙන්නෝන. කෙනෙක් පුද්ගලික අංශයේ සේවයට බැඳුනා ම සේවා යෝජකයා අනිවාර්යෙන් ම ඔහු වෙනුවෙන් EPF ගිණුමක් ආරම්භ කරන්න බැඳිලා ඉන්නවා. ඒ නිසා හැමෝ ම විමසිලිමත් වෙන්නෝන තමන් වෙනුවෙන් ගිණුමක් ආරම්භ වෙලා තියෙනවද කියලා. ශ්‍රී ලංකා මහ බැංකුවේ තමයි මේ සියළුම මුදල් තැන්පත් වෙන්නේ.

දැන් අපි බලමුකෝ මුදල් මේ විදියට තැන්පත් වුණේ නැත්තම් මොනාද වෙන්නේ කියලා. තමන් ට ගිණුමක් ආරම්භ වෙලා නැත්තම් අපිට පුළුවන් මේ ගැන කම්කරු කොමසාරිස් ට පැමිණිලි කරන්න. එතකොට අනිවා හොයලා බලනවා, ගොඩක් කල් පහු වෙලා නම් සේවා යෝජකයාට දඩ නියම කරන්නත් හැකියාව තියෙනවා. අපි හිතමු මාස ගානක් යනකල් ගිණුමට මුදල් යවලා නෑ කියලා. එතකොටත් කම්කරු කොමසාරිස් ට පැමිණිලි කළා ම මාසෙකට 5% ගානේ අධි භාරයකුත් එක්ක ම අදාළ මුදල් ගෙවන්න සේවා යෝජකයාට සිද්ධ වෙනවා. එහෙමත් නැත්තම් අවුරුදු ගාණක් ම හිතාමතා ම EPF ගෙවන එක පැහැර හැරලා නම් සේවකයාගේ 8% ත් එක්කම සම්පූර්ණ 20% ක මුදල ම සේවා යෝජකයා ට තනියෙන් ගෙවන්න සිද්ධ වෙනවා. දරුණුයි නේද වැඩේ!

පුද්ගලික අංශයේ සේවකයන් ට B card එක හරි ම වැදගත් දෙයක්. මොකද EPF හිමිකම ඔය කාඩ් එක මත රැඳිලා තියෙන නිසා. කාර්යාල සහ කඩ සාප්පු පනත මඟින් ආවරණය වෙන හැම සේවකයාට ම B card එක තියෙන්න ඕන. ඒකට තමන් සේවය කරන ආයතනය කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕන. ( හැම පුද්ගලික ආයතනයක් ම අනිවා කම්කරු දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕනා.) ලියාපදිංචි කළාට පස්සෙ ඒකේ ඉන්න හැම සේවකයා ම ලියාපදිංචි කරන්න ඕන සේවා යෝජකයා විසින්. එතකොට කම්කරු දෙපාර්තමේන්තුව එවනවා B card එක සේවා යෝජකයාට. අපි ආයතනයෙන් ඉවත් වෙලා යද්දි අනිවාර්යෙන් ම B card එක ඉල්ලගෙන යන්න ඕන ඊළඟ ආයතනයට දෙන්න. එතකොට තවත් EPF ගිණුමක් ආරම්භ නොකර පරණ එක ම දිගට ම පවත්වාගෙන යන්න පුළුවන්. අනිත් එක B card එක නිසා අපේ EPF හිමිකම ලේසියෙන් ම තහවුරු කරන්නත් පුළුවන්.

සාමාන්‍යයෙන් ආයතනයකින් අයින් වෙලා යද්දි EPF මුදල් අතට ලැබෙන්නේ නෑනේ. ඒ වුණත් එහෙම ගන්න පුළුවන් අවස්ථා කිහිපයක් තියෙනවා.

1. පිරිමි නම් අවු 55 දි සහ ගැහැණු නම් අවු 50 දී සේවයෙන් විශ්‍රාම යෑමේදී
2. නැවත නො එන අරමුණින් පිටරට පදිංචියට යෑමේදි
3. කාන්තාවක් නම් විවාහයේ දී
4. පූර්ණ ආබාධිත තත්වයකදී
5. රජයේ රැකියාවකට මාරු වීමේදී

කියන අවස්ථා වල අදාළ ලියවිලි මඟින් සනාථ කරලා මුදල් අතට ගන්න පුළුවන්. පෙන්ෂන් එකත් එක්ක බලද්දි නම් EPF, ETF, Gratuity අවස්ථා අවාසිදායකයි. ඒ ඇයි කියලා සහ ETF, Gratuity ගැන තියෙන කතන්දර ඊළඟ ලිපියෙන් දාන්නම්, මේ ලිපිය දිග වැඩි වෙන ලයින් එකක් පෙනෙන නිසා....අමාරුවෙන් කියවන්නත් එපැයි නේද! ඔයාලට මේ ගැන මොනාහරි ගැටළු තියෙනවා නම් අහන්න මම පුළුවන් විදියට උත්තර හොයල දෙන්න උත්සහ කරන්නම්. ඒ වගේ ම මේ ගැන ඔයාලාගේ අදහස් එහෙමත් පහලින් කුරුටු ගාලා යන්න වෙලාවක් තියෙනව නම්. ඊළඟ ලිපියට මට ඒක උදව්වක් වේවි....

26 comments:

  1. ශා...නියම කුප්පිය මචො.විභගෙටත් වටිවි වගෙ.හමොටම ගොඩක් වටින දෙයක් වේවි.ජොබකට යන්න ඉන්න අය කියවන්නම වටිනව.තැන්ක්යු වෙවා!!

    ReplyDelete
    Replies
    1. :) එසේම වේවා! තැන්කු මේ පැත්තේ ආවට!

      Delete
  2. මමත් මේ ගැන කාලයක් හෙව්වා. දැන් මතක නෑ. ඔය EPF එකට ගන්නෙ net salary එකද basic salary එකද කියන එක පොඩ්ඩක් හොයල කියන්න. මට මතක නම් මූලික වැටුප කියලයි.

    රජයේ වුණත් තියෙනවා Public service provident fund (PSPF) කියල එකක්. ඒකෙන් ප්‍රතිලාභ ලැබෙන්නෙ රජයේ සේවයේ ස්ථිර නොවෙන අනියම් සේවකයින්ට. එයාලගෙ මූලික වැටුපෙන් 8%ක් ඔය අරමුදලට මාසිකව බැර වෙනවා.

    පුද්ගලික අංශයේ වැඩ කරනවනම් මේ පිළිබඳ තියෙන දැනුවත්කම සෑහෙන්න වැදගත්. මගේ මිත්‍රයෙක් ඉන්නවා මම කලින් වැඩ කරපු ආයතනයේ තවමත් වැඩ කරන. එයා ඉන්නෙ තව මාස කීපයක් සම්පූර්ණ වෙනකල් අයින් වෙන්න. මොකද gratuity පාරිතෝෂිකය ගන්න පුළුවන් විධි ගැන එයා හොයල බලල තියෙනවා.

    මොනව වුණත් රජය කැමතියි මේ වගේ අරමුදල් පිහිටුවන්න. මොකද ප්‍රතිලාභ විධියට ලබා‍ ගන්නෙ නැති සෑහෙන්න මුදලක් ඔය අරමුදල් වල ඉතිරි වෙනවා. ඒව ඉතිං රජයේ ගිණුමටනේ. මතකයිනෙ පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප. ඕක වෙන්නෙ මිනිස්සු මේ ගැන හොයන්නෙ නැති නිසා. අර කිව්වත් වගේ කන්ඩ දෙනවනං අපිට.... :P

    සෑහෙන වැදගත් මේව ගැන ලියන එක. ඉතිරි ටිකත් දාන්ඩ!

    ReplyDelete
    Replies
    1. basic salary+ allowances තමයි ගන්නේ. PSDF ගැන දැනගෙන හිටියේ නෑ මම, ස්තූතියි දැනුවත් කළාට. පුද්ගලික අංශයේ විශ්‍රාම වැටුප ගැනත් මම ඊළඟ ලිපියෙදි ලියන්නම්කෝ මොකද වුණේ කියලා...

      Delete
  3. එල අයියේ මම ඔක ගැන හරියටම දැනගත්තේ අද......
    අහලා තිබ්බට මෙච්චරදෙයක් දැනගෙන හිටියෙ නෑ

    ReplyDelete
  4. අප්පට සිරි..මම ලංකාවෙන් එද්දි ඔය සල්ලි ටික අරන් ආවේ නැහැ නේ..ආපහු ගිය දවසක් ඒ ගිණුමම කන්ටිනිවූ කරන්න පුළුවන් වෙයි නේද? :(

    ReplyDelete
    Replies
    1. ආයේ ආව දවසක එතෙන්ට ගිහින් HR manager හම්බ වෙලා කතා කරන්න, හැබැයි ගොඩක් කල් ගියොත් නම් අමාරු වෙයි! account 1 වහලා දායි!

      Delete
    2. මහ බැංකුවෙන් එම ගිණුම නම් වහලා දාන්නේ නෑ.ඒත් ඉක්මණට සල්ලි ගැනීම සහ පහුවෙනවනම් ඊට අදාල ලේඛන ළග තබා ගැනීම වැදගත්.

      Delete
    3. හ්ම්ම්..බලන්නම්කෝ..ස්තුතියි මේ ගැන කිව්වට..

      Delete
  5. ඇත්තටම වටින කරැණු ටිකක් ඔයා දාලා තියෙන්නේ. පෞද්ගලික අංශයේ වැඩ කරාට මේ දේවල් නොදන්න අයට ගොඩක් වැදගත් වෙනවා. මටත් සෑහෙන්න වැදගත් උනා. ETF, Gratuity මේ ගැනත් අනිවාරයෙන්ම ලියන්න. අපි බලාගෙන ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඔව්, ඉක්මනටම ඊළඟ ලිපිය දාන්නම්!

      Delete
  6. නියම කුප්පියක් !!!
    මාත් සමහර දේවල් දැනගෙන හිටියේ නෑ.
    ඒ කියන්නේ අපිටත් අනාගතේ යම්කිසි මුදලක් ඉතුරු වෙනවා කියන එකනේ. මරු මරු !

    ReplyDelete
    Replies
    1. ඉතුරු නම් වෙනවා, ඒත් ඒවාට නියම වටිනාකම ලැබෙයිද කියන එකයි ප්‍රශ්නේ!

      Delete
  7. බොහොම වැදගත් ලිපියක්.....

    ReplyDelete
  8. // එහෙමත් නැත්තම් අවුරුදු ගාණක් ම හිතාමතා ම EPF ගෙවන එක පැහැර හැරලා නම් සේවකයාගේ 8% ත් එක්කම සම්පූර්ණ 20% ක මුදල ම සේවා යෝජකයා ට තනියෙන් ගෙවන්න සිද්ධ වෙනවා// අපේ පඩියෙන් කපාගෙන එත එක ගෙවල නැහැ.එතකොටත් ඒ ආයතනයට මොනවගේ ක්රියමර්ගයක්ද ගන්නේ.

    මගේ බී කාර්ඩ් එක විතරයි තියෙන්නේ.දන ඉන්නෙත් රට අනිත් විස්තර දන්නේ නැහැ.මට කොහොමද ගන්න පුළුවන ඒ සල්ලි.

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් ම කම්කරු කොමසාරිස් ට පැමිණිලි කරන්න, ඒක බරපතල වැරැද්දක්!
      …B card එකත් අරගෙන කම්කරු දෙපාර්තමේන්තුවට ගිහින් කම්කරු නිළධාරියෙක් හමුවෙලා, ස්ථීරව පිටරට රැකියාව කරනවා කියලා සනාථ කරන්න පුළුවන් ලියවිලි පෙන්නුවොත් ඉක්මනට ම සල්ලි ගන්න පුළුවන් වෙයි!

      Delete
  9. වැදගත් දෙයක්.. මම ලංකාවේ ඉද්දි ජොබ් එකක් කලේ නෑනේ.. මුල්ම රස්සාව ඉතාලියේ..

    ReplyDelete
    Replies
    1. දැන කියාගෙන ඉන්න එක කෝකටත් හොඳයිනේ!

      Delete
  10. තාම නම් ඒ ගැන අත්දැකීම්වත් අදහස්වත් නෑ මා ළඟ... දැනුවත් කළාට ස්තුතියි අයියා !!!

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්.. සමහරවිට දවසක ඕනවෙයි නංගියෝ!

      Delete
  11. ඔන්න ලහිරු, මාත් නොදන්නා දේ දැනගත්තා. ස්තුතියි ! සටහනට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි අක්කේ ඇවිත් ගියාට! !

      Delete
  12. මල්ලි ..
    දැන් අර අලුතෙන් සම්මත වුන 30% කේස් එක ගැනත් විස්තර ටිකක් දාපංකො.

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !