තව ම සිත දෙගිඩියාවෙන් - වියෝ ගීතය....!



ඔහේ කොණක හිඳ
බලා හිඳිමි තව ම මම
අහෝ සෙනෙහස බිඳුණු සඳ
කෙලෙස සිත සනසාගම් ද කියා
අකලට බට මහ වරුසාවක් සේ
අසුබ දිනෙක ආ සුබ පැතුමක් සේ
සොවක් පමණි ඔබ ඉතිරි කළේ
හැමදා මා හා සෙනෙහසින් වෙලී..

පාසැල් මව් තුරුළේ පටන්
නුඹ හා බැඳි සොඳුරු ප්‍රේමයේ
අවසානය වෙයි ද හෙට
තව ම සිත දෙගිඩියාවෙන්..
සමාසිකයකින් මා හැර දමා යන
සමාසිකයකින් නැවත මා සොයා එන
විටෙක මෘදු වන විටෙක රළු වන
නුඹ විභාගය විභාගය විභාගය විභාගය විභාගය.....!


හෙට ට නියමිත සබ්ජෙක්ට් එක අමාරු වන්නට නියමිත හෙයින් ඒ වෙනුවෙන් මා හද පත්ළෙන් නැගෙන්නා වූ ශෝකාලාපයයි මේ......(හෙට එක්කෝ exam එක, නැත්තම් මම! )

ෆොටෝ එක : www.space4masti.com

16 comments:

  1. ශෝකාලාපය කියවද්දි ඇඬෙනවා අෆ්ෆා... විභාග නම් කීයක් පහු වෙන්න ඇතිද???

    ReplyDelete
    Replies
    1. ඒ වගේම තව කොයිතරම් ඉස්සරහට එන්න තියෙනවද...

      Delete
  2. සැලෙන්න එපා අයියේ.. මම හොද වෙලාවට ඕවා අත් ඇරලා දාලා ලංකාවෙන් එන්න ආවේ..

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් මේවත් කෙරෙන්නෙපැයි!

      Delete
  3. විභාගේ ටිකක් භය දැනෙන වචනයක්නම් තමයි....ජය පතනව අයියෙ!!!

    ReplyDelete
  4. ගණන් ගන්ට එපා...අමාරු නම් කාටත් අමාරුයි..වැස්සොත් හැමෝම තෙමෙනවා :) ඒකත් මතක තියාගන්නකෝ...සුබ පතනවා ඔයාට..

    ReplyDelete
    Replies
    1. ඒ වුණාට මමත් කුඩ නැති අයගෙන් කෙනෙක්නේ අක්කේ....

      Delete
  5. ඔව් ඔව්. දෙගිඩියාවෙන් ඉන්න එපා. මට නම් එපා වෙලා

    ReplyDelete
    Replies
    1. ඒත් ඉතින් මක් කරන්නද... කරන්නම වෙනවානේ!

      Delete
  6. දිගටම බ්ලොග් එකේම ඇලී ගැලී සිටිය නම් විභාගය ගොඩේ ගොඩ.

    උපදේශයක් පමණි - අත්හදා බැලීම, නොබැලීම, ඔබේ කැමැත්ත අනුවය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ගොඩයයි වගේ මට පේන හැටියට!

      Delete
  7. හෆෝයි මටත් ඹහොමයි...

    ReplyDelete
  8. මටත් ඔහොම හිතුනා අවස්ථා දෙකකදිම !
    බය වෙන්නේ නැතුව ලියහන් !

    මාත් විභාග කාලේ තමයි වැඩි වැඩියෙන් බ්ලොග් කියවන්නෙත් ලියන්නෙත් !

    ReplyDelete
    Replies
    1. මොනවද ඒ දෙසැරේ...? හෙහ් මම බ්බ්බ්...බයනෑ!

      Delete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !