අපේ රැග් සීසන් එක...


මම මේ කියන්න යන්නේ රැග් සීසන් එක ගැන කතාවක්. මේක මට මතක් වෙන්න හේතුව තමයි අපේ කැම්පස් එකට අළුතින් බැජ් එකක් මේ ළඟදි ගත්ත එක. කැම්පස් එකක රැග් සීසන් එක කියන්නේ මාර ම ජොලි කාලයක්නේ. ජූනියර්ස් ලාට කෙසේ වෙතත් සීනියර්ස්ලට. රැග් සීසන් එක විඳින කාලේ ඒක කොයිතරම් කට්ටක් උනත් පස්සෙ කාලෙක මතක් කර කර මැරෙනකල් හිනාවෙන්නේ ඒ දවස්වල එක එකාට වුන දේවල් කියකිය. හැමෝටම කියන්න දේවල් මොනාහරී තියෙනවනේ. ඒ නිසා ම රැග් සීසන් එක ගැන රස කථා ගොඩයි. ඒත් දැන් දැන් රැග් එක කියන එක අතීතයට එකතු වෙන දෙයක් වේගන එනවා වගේ පේනවානේ, හැබැයි ඒ ගැන නම් එක එක්කෙනාට විවිධ ආකාරයේ මත තියෙන්න පුළුවන්. මොකද ඔය සුන්දර මතකයක් වෙන්නෝන රැග් එක එක එක්කෙනාගේ පටු අරමුණු වෙනුවෙනුත් සමහර වෙලාවට යොදාගන්න නිසා.

මේක අපේ බැජ් එකේ කෙල්ලෙකුට වුන දෙයක්. ඒ දවස්වල කෙල්ලෝ කොල්ලෝ කියලා භේදයක් නෑ, සීනියර්ස්ලා ට පණ බයයිනේ. අපිට තිබුණ මොනාහරි ප්‍රෝග්‍රෑම් එකක් අතරතුර දුන්න ඉන්ටර්වල් එකකදි කෙල්ලෙක් එලියට ගිහින් එන අතරතුරදි සීනියර් අයියා කෙනෙක් හම්බ වෙලා, මෙහෙමයි දෙබස...

සීනීයර්: තෝ කොහෙද ගියේ?

ගැහැණු ළමයා: ටොයිලට් එකට ගියා ජ්‍යෙෂ්ඨ උත්තමයා...

සීනියර් : ඈ... තොගේ කඩ්ඩ නේද? මෙච්චර දවසක් තොපිට ඕකද කියලා දුන්නේ?

ගැහැණු ළමයා: සොරි ජ්‍යෙෂ්ඨ උත්තමයා!!!!!!!!!!!

5 comments:

  1. අපි නම් කියන්නේ ජේෂ්ඨතුමා කියලා. මාඅත් දවසක් ඔහොම කඩ්ඩ වචනයක් දාලා අකුරු එක එක ගිල්ලා මතකයි !!!

    අර කිව්වත් වගේ විඳින කාලෙට එපා උනාට පස්සේ තමා ඒ කාලේ අගේ තේරෙන්නේ මරු කාලයක් !!!

    ReplyDelete
  2. ඇත්ත රෑග් කාලේ කොච්චර බයෙන් හිටියත් විවිදත්වයක් තිබුනා. දැන් ජීවිතේ ඒකා කාරියි. එපා වෙනවා. bucket එක දුන්නට පස්සේ තමයි රෑග් එකේ අගේ තේරුනේ

    ReplyDelete
  3. අපේ කැම්පස් එකේ නම් ඉතින් "අයියා" කිව්වම ඒ හොඳටම ඇති...ඉංග්‍රීසි වචන නම් අපිටත් තහනම්...

    ReplyDelete
  4. අපේ නම් ඉංග්‍රීසි තහනමක් තිබුණෙත් නැහැ, සින්නන්ට උත්තමයා කියලා කතා කෙරෙව්වෙත් නහැ

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !