Email Signature එකෙන් හැඩ වෙමුද?


ආහ්... කවුද අකමැති හැඩ වෙන්න නේද? අපිත් හැඩ වෙලා අපේ කියන දේවලුත් ලස්සන කරගත්තම කොයිතරම් අපූරුවට තියේවිද නේද? ඒ නිසාම මම අද කියන්න යන්නේ අපූරු දෙයක් ගැන. ඒ අපේ gmail account 1 ට ලස්සන Signature 1ක් එකතු කරන විදිය ගැන. අපි කාට හරි යවන e mail 1ක් ලස්සනට යවන්න පුලුවන් ක්‍රමයක් මේ. සමහරු නම් මේ ගැන දන්නවත් ඇති, ඒත් මේ නොදන්න යාලුවෝ වෙනුවෙනුයි.

…මුලින්ම කරන්න ඕන දේ තමයි ලස්සන Signature 1ක් නිර්මාණය කරගන්න එක. ඒ වැඩේ Photoshop වලින් තමයි කරගන්න වෙන්නේ. තමන්ට ඕන නම් අපි ගැන කෙටි හැඳින්වීමකුත් එක්කම මේ වැඩේ Photoshop වලින් ලස්සනට කරගන්න පුලුවන්. font size1 6pt/7pt වගේ දුන්නනම් ඇති. Image1 save කරනකොට .jpg විදියට save කරන්න අමතක කරන්නෙපා.(නැත්නම් Image quality 1 අඩු වෙන්න පුලුවන්! ).
ඊළඟ වැඩේ තමයි image 1 host කරගන්න 1. මේකට උවමනා වෙන්නේ free image hosting site1k. Picasa, Flicker වගේ sites මේ සඳහා සුදුසුයි. මම නම් පාවිච්චි කලේ Picasa. අපි blog වලට upload කරන images ගිහින් නතර වෙලා ඉන්නේ මෙතන තමයි!!! අපේ gmail account 1න්ම Picasa web album 1ට log වෙන්න පුලුවන් පහසුවෙන්ම. ඒ නිසා ආයේ අමුතුවෙන් accounts හද හදා ඉන්න ඕනෙත් නෑ. ඒක ලේසියි. Picasa 1 ට මෙතැනින් යන්න.

…ඉහළ මැද කෙළවරේ තියෙන Upload button1 click කරන්න. එතකොට එන window 1කේ අලුත් album 1ක් හදලා හෝ තියෙන album එකකට Image එක upload කරන්න. Image 1 upload වුනාට පස්සේ Image 1 මත right click කරලා Copy URL හෝ Page info ගිහින් එන URL එක Copy දෙන්න. දැන් වැඩේ හරි සෑහෙන දුරට! දැන් යන්න ඔයාගේ gmail account 1ට. Settings ගිහින් General tab එකේ Signature එක දෙන්න. ඊටපස්සේ Image icon 1 click කරන්න. පහළ රූපය බලන්නකෝ.

…දැන් එන dialog box එකේ URL 1 ඉල්ලන තැන right click කරලා Paste කරන්න. ඔයාලා වැඩේ හරියට කළා නම් ඒත් එක්කම පහළින් Image 1 දිස්වේවි! ඔයාලට ඕනෙනම් ඒ මත click කරලා ප්‍රමාණය එහෙමත් වෙනස් කරන්න පුලුවන්! දැන් OK කරලා Save Changes දෙන්න. දැන් වැඩේ ඉවරෙටම ඉවරයි!!!!!!! Compose mail ගිහින් බලන්නකෝ කොහොමද වැඩේ කියලා. නියමයි නේද!!!! මොනාහරි අවුලක් ආවොත් Comment 1 කින් ඒ ගැන කියන්නකෝ, මම උදව් කරන්නම්. වැඩේ නියමයි කියලා හිතෙනවානම් Comment එකක් දාන්න අමතක කරන්නෙපා!!!!!
…තෙරුවන් සරණයි.........

8 comments:

  1. නියමයි එලම කිරි වැඩ කෑලි ටික. දිගටම ලියන්න සහෝදරයා

    ජය වේවා !!!!

    ReplyDelete
  2. machan image ekata url ekak denna barida??
    e kiwwe api yodana image eka uda click karama ape blog eka load wenna wage..

    ReplyDelete
  3. තෑන්ක්ස් මචං.මේක මටත් ඕනෙ කරල තිබුනෙ.

    ReplyDelete
  4. @ dragon :
    එහෙම කරන්න නම් පුලුවන්, ඒත් එතකොට image 1 වටේට frame එකක් එනවා, ඒක click කරලා බ්ලොග් එකට යන්න පුලුවන් විදියට. එහෙම වුනාම අපි proffessional විදියට mail කරනකොට කැතයි. ඕනම නම් වෙනම link 1ක් දෙන්න නම් පුලුවන්. (මට නම් ඒකත් කැතයි වගේ!!!)

    ReplyDelete
  5. :b waw maru ban mama nam meeka kalin denagana hitiye na thanks.....
    apita hemadama mee wagee aluth ewa hoyala kiyanna..
    keep it up
    nice work bro...

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !