දෙන දේ හරියට දැනගෙන දෙන්න......


මේ සටහන කියවන්න පටන් ගන්න ඔයාට වඩා වෙනස් ම කෙනෙක් සටහන කියවලා ඉවර වෙද්දි ඉඳියි කියලා මට හිතෙනවා. අපි අපේ ජීවිතේ කරන සමහර දේවල් හරියට දැනගෙන කරන්න මේ සටහන උපකාරී වේවි කියලා හිතෙන නිසයි. අපි හැමෝම දානයක් පූජා කරලා ඇතිනේ නේද? නැත්නම් අඩුම තරමේ දානයකට සහභාගී වෙලා හරි ඇතිනේ. ගොඩක් දෙනෙකුට දානයක් කිව්වම මතක් වෙන්නේ ස්වාමින් වහන්සේලාට දෙන දානයක්නේ. එහෙම නේද? ඒත් ඒක එහෙමම විය යුතු නෑ. අපි සතෙකුට කෑම ටිකක් දුන්නත් හිඟන්නෙකුත්ට යම් මුදලක් දුන්නත් ඒකත් එක්තරා විදියක දානයක්. ඒක එහෙම වෙන්නේ අපි ඒ ගැන හිතන විදිය අනූව තමයි.

මේ ගැන ලස්සන කතාවක් තියෙනවා. මේක වුනේ බුදුරජාණන් වහන්සේගේ කාලේදී. උන් වහන්සේ කපිලවස්තුවේ නිග්‍රෝධාරාමයේ වැඩ ඉඳිද්දි සුළු මෑණියන් වන මහා ප්‍රජාපති දේවිය ඇවිත් වන්දනා කරලා උන්වහන්සේට මෙහෙම කිව්වා. "ස්වාමිනී, මේ වස්ත්‍ර යුගල මගේ අතින්ම නූල් කැටලා, වියලා මා විසින්ම පිළියෙල කළේ ඔබ වහන්සේටමයි, ඒ නිසා අනුකම්පා කරලා මේ වස්ත්‍ර පිළිගන්නා සේක්වා" එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. "පින්වත් ගෞතමිය සංඝයාට පූජා කරන්න, එවිට එය මටත් සංඝයාටත් පිදුවා වෙනවා" එවිට දෙවන තෙවන වතාවටත් ප්‍රජාපතිය වස්ත්‍ර පිළිගන්නා ලෙස ඉල්ලා සිටියා. එවිට ද බුදුරජාණන් වහන්සේ පෙර පරිදිම වදාළා.

ඒක අහගෙන ළඟ හිටිය ආනන්ද ස්වාමින් වහන්සේ ප්‍රජාපතියගේ ගුණ සිහි කළා. "ස්වාමිනි, ප්‍රජාපතිය ඔබ වහන්සේට බොහෝ සේ උපකාරී උන කෙනෙක්, ඔබ වහන්සේ කුඩා කාලේදී කිරි පෙව්වා, හැදුවා වැඩුවා පෝෂණය කලා. ඒ වගේම ඔබ වහන්සේත් එතුමියට බොහෝ සේ උපකාර කලා. ඇය තෙරුවන් සරණ ගියේ ඔබ වහන්සේ නිසයි. ඇය පංච ශීලය ආරක්ෂා කරන්නේ ඔබ වහන්සේ නිසයි. ඇය චතුරාර්‍ය සත්‍යය ගැන සැකයෙන් මිදුනේ ඔබ වහන්සේ නිසයි. ඒ නිසා අනුකම්පා උපදවා එතුමියගේ මේ දානය පිළිගන්නා සේක්වා. " එවිට එවිට බුදුරජාණන් වහන්සේ මෙසේ වදාළා. "පින්වත් ආනන්දය ඒක එහෙමම තමයි කෙනෙක් යම් පුද්ගලයෙක් කරා පැමිණිලා තෙරුවන් සරණ ගියානම්, පංච ශීලය ආරක්ෂා කළානම්, චතුරාර්‍ය සත්‍යය ගැන සැකයෙන් මිදුනා නම් ඒ කෙනා විසින් අර පුද්ගලයාට මොනම ආකාරයකින් වත් කළගුණ දක්වලා අවසන් කරන්න බෑ "
බුදුරජාණන් වහන්සේ එහෙම දේශනා කරලා තවත් විග්‍රහ කරනවා ඒ ගැන මේ විදියට.

"පින්වත් ආනන්දය වෙන වෙනම දිය හැකි පුද්ගලික දාන දහ හතරක් තියෙනවා. ඒවා මේ විදියයි.

1. බුදුරජාණන් වහන්සේ උදෙසා දන් දෙනවා,
2. පසේ බුදුරජාණන් වහන්සේ උදෙසා දන් දෙනවා,
3. තථාගත ශ්‍රාවක රහතන් වහන්සේලා උදෙසා දන් දෙනවා,
4. අරහත් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් උදෙසා දන් දෙනවා,
5. අනාගාමි ශ්‍රාවකයන් උදෙසා දන් දෙනවා,
6. අනාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් උදෙසා දන් දෙනවා,
7. සකදාගාමි ශ්‍රාවකයන් උදෙසා දන් දෙනවා,
8. සකදාගාමි මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් උදෙසා දන් දෙනවා,
9. සෝවාන් ශ්‍රාවකයන් උදෙසා දන් දෙනවා,
10. සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් උදෙසා දන් දෙනවා,
11. ශාසනයෙන් බැහැරව සිටින කාමයෙන් ඈත් වූ වීතරාගී කෙනෙකු උදෙසා දන් දෙනවා,
12. පෘථග්ජන සිල්වත් කෙනෙක් උදෙසා දන් දෙනවා,
13. පෘථග්ජන දුශ්ශීල කෙනෙක් උදෙසා දන් දෙනවා,
14. තිරිසන්ගත සතුන් උදෙසා දන් දෙනවා."

"පින්වත් ආනන්දය, දානය දෙන පුද්ගලයා තිරිසන්ගත සතුන් උදෙසා දන්දීලා සියගුණයක දාන ආනිසංසයක් කැමති විය යුතුයි. පෘථග්ජන දුශ්ශීල කෙනෙක් උදෙසා දන්දීලා දහස් ගුණයක දාන ආනිසංසයක් කැමති විය යුතුයි. පෘථග්ජන සිල්වත් කෙනෙක් උදෙසා දන්දීලා ලක්ෂ ගුණයක දාන ආනිසංසයක් කැමති විය යුතුයි. ශාසනයෙන් බැහැරව සිටින කාමයෙන් ඈත් වූ වීතරාගී කෙනෙකු උදෙසා දන්දීලා කෝටි ලක්ෂ ගුණයක දාන ආනිසංසයක් කැමති විය යුතුයි. සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් උදෙසා දන්දීලා අප්‍රමාණ දාන ආනිසංසයක් කැමති විය යුතුයි....ඒ ඒ ආකාරයෙන් බැලූ විට බුදුරජාණන් වහන්සේ උදෙසා දන් දීලා ලැබෙන ආනිසංස ගැන කවර කතාද? "

හිතාගන්නත් අමාරුයි නේද? හොඳම දේ දැනගන්න වෙන්නේ ඊළඟ කොටස කියවලයි.

"පින්වත් ආනන්දය, සංඝගත දක්ෂිණා හතක් තියෙනවා. ඒවා මෙසේයි.

1. බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂු භික්ෂුණී මහා සංඝයාට,
2. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑ විට භික්ෂු භික්ෂුණී මහා සංඝයාට,
3. භික්ෂු මහා සංඝයාට,
4. භික්ෂුණී මහා සංඝයාට,
5. මට සංඝයාට උදෙසා මෙපමණ භික්ෂු භික්ෂුණී සංඝයා වඩමවා දෙන්නැයි කියා දන්දීම,
6. මට සංඝයාට උදෙසා මෙපමණ භික්ෂු සංඝයා වඩමවා දෙන්නැයි කියා දන්දීම,
7. මට සංඝයාට උදෙසා මෙපමණ භික්ෂුණී සංඝයා වඩමවා දෙන්නැයි කියා දන්දීම

මේ තමයි සංඝගත දක්ෂිණා හත"

මේත් එක්කම බුදුරජාණන් වහන්සේ හරිම අපූරු දෙයක් දේශනා කරනවා. අනාගතයේදී මේ ශාසනය අපවිත්‍ර කරන කසාවත පමණක් දරා සිටින පවිටු ගුණ ඇති දුස්සීලයන් පහළ වෙනවා. ඉතින් ඒ දුසිල් සංඝයා උදෙසා පවා මිනිස්සු දන් දෙනවා. ඒ අතීතයේ සාරිපුත්ත, මොග්ගල්ලාන, මහා කාශ්‍යප ආදි මහ තෙරවරුන්ගේ පටන් පැවත එන භික්ෂු භික්ෂුණී මහා සංඝයා උදෙසා මේ දානය පූජා කරනව කියන අදහසින් එකල වුනත් දෙන දානය අප්‍රමාණ ආනිසංස සහිතයි කියලා. වැදගත් ම දේ උන් වහන්සේ දේශනා කරන්නේ මේ විදියට.

"පින්වත් ආනන්දය, මම කිසින ක්‍රමයකින් සංඝයා උදෙසා දෙන දානයට වඩා පෞද්ගලික දානයක් මහත්ඵල මහානිසංසයි කියලා කියන්නේනෑ. "

එතකොට බුදුරජාණන් වහන්සේ ප්‍රජාපතිය යොමු කරවන්න හැදුවේ මහත්ඵල මහානිසංස ලැබෙන දානයකටයි. ඒ බුදුරජාණන් වහන්සේ මහා කාරුණික නිසයි. අපි වුනත් දානයක් පූජා කරද්දී පුද්ගලිකව පූජා කරනවට වඩා මේ කරුණු ගැන දැනගෙන ඒ දේ පින් ගොඩක් රැස් වෙන ආකාරයට මහා සංඝයා වෙනුවෙන්ම පූජා කරන එක තමයි වඩා සුදුසු. අපි උනත් සතෙකුට ,මනුස්සයෙකුට යමක් දෙනකොට ඒ දේ මේ වගේ ආනිසංස තියෙනවා කියලා සිහිකරගෙන දෙන්න. පසුවත් ඒ පින සිහි කරලා සතුටු වෙන්න. ඒ සතුට කවදාවත් මුදලට ගන්න බෑනේ නේද? ඒ වගේම තමයි අපි ඒ රැස් කරන පින අපේ සංසාර ගමන සැපවත් කරන්න බොහෝ සේ හේතුවෙනවා.( අපි මේ විදියට මනුෂ්‍ය ආත්මයක් ලබලා මේ විදියට මේ මොහොත ගත කරන්නෙත් සංසාරේ අපි විසින් කළ පින් නිසයි, හැබැයි මේ පින් කියන දේ ක්ෂය වෙනවා කියලත් මතක තියාගන්න. )

මම මේ වටිනා දහම් කරුණු උපුටා ගත්තේ පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේ විසින් සිංහලයට පරිවර්තනය කරන ලද සූත්‍ර පිටකයට අයත් මජ්ඣිම නිකායේ උපරි පණ්ණාසකයට අයත් දක්ඛිණාවිභංග සූත්‍ර දේශනාවෙන්. උන් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා...! සටහන නම් ට්කක් දිග වැඩි වුනා, කමක්නෑ ඔයාලා මොනවාහරි අළුතින් ඉගෙනගන්න ඇතිනේ. ඔයාලට මොනාහරි දෙයක් දැනගන්න තියෙනවානම් Comment 1ක් විදියට එකතු කරන්නකෝ. මේ සටහන ගැන ඔයාලගේ අදහස් දක්වන්නත් අමතක කරන්නෙපා හොඳද.......
ඔයාලට තෙරුවන් සරණයි...!

8 comments:

  1. අගේ ඇති ඒ වගේම වැදගත් ලිපියක්!
    නමුත් අද වර්ථමාන සමාජය දිහා බැලුවොත් සහෝ අපේ ගොඩක් අය දානයක් දෙන්න ගිහින් රැස්කරගන්නෙ කුසල්වලට වඩා අකුසල්. මම හරි නේද සහෝ? ඒ ගැනත් අලුත් ලිපියකින් කතාකලොත් වැදගත්වෙයි කියල මං හිතනවා.

    ReplyDelete
  2. ස්තූතියි අදහස් දැක්වීමට....
    …ඒක නම් ඇත්ත, සමාජයේ බහුතරයක් දෙනා ඔහේ යන්නන් වාලේ යන පිරිසක් බවට පත් වෙලා. නිවැරදි මගපෙන්වීමක් ලැබිලා නෑ කගෙන්වත්. ඒකයි පිනට වඩා පවට අද සමාජය නැඹුරු වෙලා තියෙන්නේ කියලයි මට හිතෙන්නේ .....

    ReplyDelete
  3. මේ වගේ දානම‍ය කටයුතුවල නිරතවීමට අපහසු අය ඉන්නවා නම් , රැකියාකටයුතු නිසා. ඒ අයට කියන්න පුලුවන් ‍‍‍‍යමක් තියනවද? ‍‍‍

    ReplyDelete
  4. කවුරුහරි ඒ වගේ පිනක් කරනවා දැකලා තමන්ට සතුටු වෙන්න, ඒ පින තමන්ට අනුමෝදන් වෙන්න පුලුවන්. අග්‍ර දායිකාවක් වෙන විශාඛාවගේ දුප්පත් යෙහෙළියක් හිටියා, විශාඛාව පූර්වාරාමය පූජා කරනවා දැකලා ඒ පින අනුමෝදන් වෙලා ඒ හේතුවෙන් විශාඛාවට වඩා දිව්‍ය සැප ලබාගන්න හැකි වුන. ඒ නිසා රැකියාව කියන එක ඔබේ ලෞකික දියුණුවට බාධාවක් කරගන්න එපා...

    ReplyDelete
  5. ane lahiru yanna hadanakota mekatah comment danna hithuna honda kiyanavata vada adu padu thamai kiyanna one.
    Mama devudath nevi anukampa karapan!
    Danaya gana niyametma thiyenava
    Eth oya kiyana buddhath sangath dekama apen hangila.
    Darunuma vade eka nevi oya 7,8 k gana kiyanavane
    Ea asse danaya gana hondama tika halila.

    Oya thanaka thiyena valu “mama paudgalikawa bana pada thiyena than mathaka thiya ganne naa hondata danna kenekgen thiyenne koheda kiyala ahanna”….
    “budu pasebudu marahathan siyalu denatama ekthan karala dan denavata vadiya hondailu hithin mithreeya vadanava nam…..”
    Oya chakkareth ohoma gihin anthimata kiyanava
    “asi piya helana mohothak anithya menehi kireema okkotama vada hondalu”
    Ohoma kiyala thamai oya “Aamisayata” vadia thava mokakdo ekak hondaya kiyanne..
    Ane hoya gaththoth matath kiyanna mata dan ova mathaka naa.

    ReplyDelete
  6. Kiyanna thiyena vadagathma de “DANAYA kiyanne ‘Athhareemata’ koi kata dunnath vadak naa eka thman hithin ath hariye nathnam”
    Oya velavata thamai appa bana potha aphu balanna hithenne.ithin ekane ara man kiyuve okkotama vadiya honadai anithya therumgena athharina eka kiyala.

    Pin kala kiyala vadak thiyenavaya? oyama kiyanavane, pin gevenava kila,
    Gevenava kiyala mahathpala mahanisansa dana deela apahu alla ganillako pinak.
    Okath me sansare kavada hari gevala ivara venavane! Thava thava mahnisansa ras kara pallko ithin ayeth.
    Huta..ea para api pina allagena raskoranava dane denava Ath hariinne naa.
    Aye arhen pina ras koranava.Bahu butha..
    Navtha kiyanava niyama danaya nam Athhareemai
    Ea Danedi pina pava meana meana denneth naa searama athharinava.
    Ara man nokiya hitapu hithata koranna oneth oya tikamai.
    « « Athharapalla mokatada ath harinne mokatada dane denne
    Naa mokuth naa thava thava athharinna.>>

    Pin ras koroth sapa vidinna venva
    Pau raskoroth duk vidinna venava
    Niyama dane denne duk vidinnavath sapa vidinna vath nevi
    Athharinna athharala oya api pin ras korala labana manushya athmaya,sapa labanna nevi
    Dukath nathi sapath nathi mokuth nathi thanata yanna eka thamai nivana.

    Ehenam oya raskorala dena dana(පින් ගොඩක් රැස් වෙන ආකාරයට මහා සංඝයා වෙනුවෙන්ම පූජා කරන) hondai pin karana kusal hamilatai bath gilina kanada suthatharayo(අනාගතයේදී මේ ශාසනය අපවිත්ර කරන කසාවත පමණක් දරා සිටින පවිටු ගුණ ඇති දුස්සීලයන් පහළ වෙනවා. ඉතින් ඒ දුසිල් සංඝයා.. )tai.


    Oya kiyana de Hari : “බුදුරජාණන් වහන්සේ මහා කාරුණිකයි”.

    « eth varadi:“…එතකොට බුදුරජාණන් වහන්සේ ප්රජාපතිය යොමු කරවන්න හැදුවේ මහත්ඵල මහානිසංස ලැබෙන දානයකටයි. .”
    Budu hamuduruvo maha karunikanam me pin ras kar kara inna kiyane?
    Naha ethuma kiuve ovain vadak naha “ath harapalla” kiyala.
    Nathnam oka dethun sare prethikshapa koranne, maga kiya dena uthumekuta hanganna oneda ? “oka mata vitharak nodee katath andagahala mulu sasaneama aththanata pujavevai kiyala deepiya” kiyala kiyanna thibunane?
    Rata jathiyata seth patha korana evama koranna kiyala desanna thibunaneda?

    Naha aththa eka nevi,anada therunata mole naa,oya gothamiyatath naa
    Aththatama mata mole thiyenava kiana eka nevi, ea aya langa thibuna punci punchi
    Bandeem buduhamuduruva apeya kiyala eka nathikarannai prethikshapa kale
    Ananda hamuduruvanta budun pirinivenakanuth rahath venna bari una….

    Anthimedi mokada une anada hamuduruvo gihin sirivaddana kiyana hamuduruvanta sivura denava. ea hamuduru eken viyanak hadala budunta pooja karanava. ethanadi thamai mithreeya boasathun niyatha vivarana ganne.meve halala thamai lahiruth patalava gaththe.

    Anna budu hamuduruvo dane piligannava.ea athharima purudu karana eka vatina bava kiyanna
    “pin kamathi atthanta thama oya mehema kiyanna oni…..”

    “අපි වුනත් දානයක් පූජා කරද්දී පුද්ගලිකව පූජා කරනවට වඩා මේ කරුණු ගැන දැනගෙන ඒ දේ පින් ගොඩක් රැස් වෙන ආකාරයට මහා සංඝයා වෙනුවෙන්ම පූජා කරන එක තමයි වඩා සුදුසු.”

    Avabodayen danaya gana kiyanavanam danaya kiyanne “SIYALLA ATHHAREEMATA” kiyala liyanna.maa ekka thrka nokara ara varadiyata avaboda karana hithath ekkama tharka karala Avaboda karaganna.

    Eth kiyanna oni Avabodaya kiyanne oyaa hari kiyana detavath mama kiyana deyatavath nevi “Apita thavamath notherena Sathyakata”

    ReplyDelete
  7. ස්තුතියි මල්ලි සටහනට..
    මම ආවේ ඔයා දුන්න ලින්ක් එකෙන්..
    ඔබ කියන දේවලට 100%ක් එකඟ වෙන්න මට කරුණු මදි..

    //"පින්වත් ආනන්දය, දානය දෙන පුද්ගලයා තිරිසන්ගත සතුන් උදෙසා දන්දීලා සියගුණයක දාන ආනිසංසයක් කැමති විය යුතුයි. පෘථග්ජන දුශ්ශීල කෙනෙක් උදෙසා දන්දීලා දහස් ගුණයක දාන ආනිසංසයක් කැමති විය යුතුයි. පෘථග්ජන සිල්වත් කෙනෙක් උදෙසා දන්දීලා ලක්ෂ ගුණයක දාන ආනිසංසයක් කැමති විය යුතුයි. ශාසනයෙන් බැහැරව සිටින කාමයෙන් ඈත් වූ වීතරාගී කෙනෙකු උදෙසා දන්දීලා කෝටි ලක්ෂ ගුණයක දාන ආනිසංසයක් කැමති විය යුතුයි. සෝවාන් මාර්ගයේ ගමන් කරන ශ්‍රාවකයන් උදෙසා දන්දීලා අප්‍රමාණ දාන ආනිසංසයක් කැමති විය යුතුයි....ඒ ඒ ආකාරයෙන් බැලූ විට බුදුරජාණන් වහන්සේ උදෙසා දන් දීලා ලැබෙන ආනිසංස ගැන කවර කතාද? "//

    මෙහෙම ආනිශංසය වෙනස්වීමට හේතුව මොකක් කියලාද ලහිරු හිතන්නේ? බුදු දහම ගැන කිසිම දෙයක් නොදන්නා කෙනෙක් කරන දානය උදාහරණයක් ලෙස ගන්න.

    ReplyDelete
    Replies
    1. මේ මම කියන දෙයක් නම් නෙවෙයි අක්කේ...

      …ආනිශංසය වෙනස් වීමට ප්‍රධාන ම හේතුව ඒ ඒ කෙනා සතු ව පවතින ශිලාදී ගුණයි!

      Delete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !