සොරකම් කරන්න කරන්න සල්ලි දෙන රජතුමා...!


ලෝකයේ ඉන්න ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි පරලොවක් තියෙනවද නැද්ද, අපි කරන කියන දේවල් වල විපාක තියෙනවද, මරණයෙන් පස්සෙ අපිට මොකද වෙන්නෙ කියන එක. එහෙම වෙනවා නම් කෝ ඒවට සාක්ෂි? මේ ප්‍රශ්නය ම ඒ කාලේ හිටිය පායාසි කියන උප රජතුමාටත් ඇතිවුණා. ඒ ගැන විමසුවා ම කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ අපූරු උපමාවක් කියනවා. අපරාධ කළ කෙනෙක් රාජපුරුෂයන්ට අහුවෙලා රජතුමා හිසා ගසා දැමීම නියම කලාට පස්සෙ ඒ කෙනා රාජපුරුෂයන්ට කිව්වොත් "අසවල් තැන මම දන්නා කියන අය ඉන්නවා, මම ඒ අයට කියලා එන්නම් අපරාධ කිරීමේ විපාක ගැන" කියලා, රාජපුරුෂයෝ ඒකට ඉඩදෙන්නෙ නැහැ, කවුරුත් නොදැනීම ඔහු දුකට(මරණයට) පත්වෙනවා කියලා, අන්න ඒ වගේ තමයි අකුසල් කළ අයත් දුක් විඳිනවා සතර අපායේ, හැබැයි කවුරුවත් දන්නෙ නැහැ, කාටවත් ඒ ගැන කියන්න ඉඩක් ලැබෙන්නෙත් නැහැ....

ගොඩාක් ඉස්සර කාලෙක ඉතා ම ධාර්මික, ලෝකයට ම අධිපති වුණ දළ්හනෙමි කියලා සක්විති රජකෙනෙක් හිටියා. මේ රජතුමාට චක්‍රරත්නය, හස්තිරත්නය, අශ්වරත්නය, මාණික්‍යරත්නය, ස්ත්‍රිරත්නය, ගෘහපතිරත්නය, පරිණායක රත්නය විදියට මාණික්‍යරත්නයන් හතකුත් තිබුණා. මේ මාණික්‍යරත්නයන් හත ගැන විස්තර වශයෙන් දැනගන්න කැමති නම් කලින් සතියක තිබුණ අහසින් යන ඇතෙක් සහ අශ්වයෙක් ! සටහන කියවන්න. දළ්හනෙමි රජතුමා ට දිව්‍ය ශරීර හා සමාන ශරීරයන්ගෙන් යුතු පුත්තු දහසක් දෙනා හිටියා. රජතුමා ධාර්මික ව රාජ්‍ය පාලනය කළ නිසා ම සමගියෙන්, දඬුවම් දීමක් නැතුව ම කාලය ගෙවන්න පුළුවන් වුණා. රජතුමා සුව සේ බොහෝ කාලයක් රාජ්‍යය විචාරීමෙන් අනතුරුව එක දවසක් කෙනෙකුට කතාකරලා කියනවා "පින්වත, දිව්‍ය චක්‍රරත්නය තිබූ තැනින් යම් සෙලවීමක් දුටුවොත් කියන්න" කියලා. ඊට පස්සෙ තවත් බොහෝ කාලයක් ගියා ම මේ චක්‍රරත්නය තිබුණ තැනින් සෙලවුණා. මේක දැක්ක අදාල කෙනා ඒ බව රජතුමාට ගිහින් කිව්වා. ඊටපස්සෙ දළ්හනෙමි රජතුමා, තමන්ගේ වැඩිමහළු පුත්‍රයා ව රජකමට පත්කරලා, කෙස් රැවුළු කපලා, සිවුරු පෙරවාගෙන ගිහිගෙයින් නික්මිලා තාපසයෙක් බවට පත්වුණා. රජතුමා තාපස බවට පත්වෙලා දවස් හතකින් චක්‍රරත්නය අතුරුදන් වුණා. මේ බව දැක්ක අලුතින් පත්වුණ රජතුමා ගිහින් තමන්ගේ පිය රජතුමා වුණ තාපසයාට මේ බව කිව්වා. එතකොට තාපසතුමා "පුතණුවෙනි, මේ චක්‍රරත්නය ඔබට පිය උරුමයෙන් ලැබුණු දෙයක් නොවෙයි, එනිසා ශෝක නොකරන්න, වහා ම උතුම් සක්විති වත් සම්පූර්ණ කරන්න" කියලා උපදෙස් දෙනවා. මේ සක්විති වත් මොනවද කියලා දැනගන්න ඕන නම් ඔයාලට සක්විති රජකෙනෙක් කියන්නෙ මොනවගේ කෙනෙක් ද? සටහන කියවන්න ම වෙනවා. ඉතින් පුත්‍ර රජතුමා මේ අවවාදය ඒ ආකාරයෙන් ම පිළි අරගෙන සක්විති වත් සම්පූර්ණ කළා ට පස්සේ චක්‍රරත්නය ඇතුළු මාණික්‍යරත්න පහළ වෙලා ඒ රජතුමාටත් ලෝකයේ ම ඉන්න පාලකයෝ අවනත වෙනවා කලින් වගේ ම.

මේ විදියට සක්විති රජවරුන් සත්දෙනෙක් එකදිගට පහල වෙනවා. සත්වෙනි සක්විති රජතුමාත් තමන්ගේ වැඩිමහල් පුත්‍රයා ව රජකමේ පිහිටුවලා ගිහිගෙයින් නික්මෙනවා වගේ ම දවස් හතකින් චක්‍රරත්නය අතුරුදහන් වෙනවා. ඒත් මේ රජතුමා ඒ බව විමසන්න පිය රජතුමා වෙන තාපසයා ළඟට යන්නෙ නැහැ. සක්විති වත් අනුගමනය කරන්නෙත් නැහැ, තමන්ගේ මතය අනුව තමයි රට පාලනය කරන්නෙ. ඉතින් මේ රට දවසින් දවස පරිහානියට යද්දි වැසියෝ ඇවිත් කියනවා, රජතුමා සක්විති වත් අනුගමනය නොකරන හින්දා තමයි මෙහෙම රට පිරිහෙන්නෙ කියලා. එතකොට රජතුමා වැසියන්ගෙන් විමසලා දැනගන්නවා මොනවද සක්විති වත් කියලා. ඊටපස්සෙ රජතුමා සක්විති වත් පිළිපදිනවා එකක් හැර. ඒ තමයි දුප්පතුන්ට ධනය දිය යුතුයි කියන එක. දුප්පතුන් ට ධනය ලබා නොදීමෙන් දිළිඳු බව රට පුරා ම වේගයෙන් පැතිරිලා යනවා. මේකේ උච්ඡතම අවස්ථාවෙදි එක්තරා පුද්ගලයෙක් තව කෙනෙකුගෙන් නුදුන් ධනය සොරකම් කරන්න පටන් ගන්නවා. රාජපුරුෂයන්ට අහුවෙන මේ පුද්ගලයා ව රජතුමා ඉදිරියට ගෙන්නලා අහනවා ඇයි සොරකම් කළේ කියලා. එතකොට ඒ පුද්ගලයා කියනවා ජීවත්වෙන්න විදියක් නැතිනිසා සොරකම් කලා කියලා, රජතුමා මේ කෙනා කෙරෙහි අනුකම්පාවෙන් ජීවත් වෙන්න ධනය දෙනවා.

එතකොට මිනිස්සුන්ට අදහසක් ඇතිවෙනවා සොරකම් කරන අයට රජතුමා ධනය දෙනවා කියලා, ඉතින් නැවතත් රටේ සොරකම් ඉහල යනවා. ඒ වෙද්දි රජතුමා තේරුම් ගන්නවා සොරකම් කරන අයට මා විසින් ධනය දෙන නිසා ම රටේ සොරකම පැතිරෙනවා කියලා. ඊටපස්සෙ රජතුමා රාජපුරුෂයන්ට අණ කරනවා සොරකම් කරන අය අල්ලාගෙන දෑත් පිටුපසට කරලා බැඳලා, හිස මුඩු කරලා, වද බෙර හඬ මැදින් විදි හරහා නුවර දකුණු වාසල් දොරින් එළියට අරන් ගිහින් නැවත සොරකම් නොකරන ලෙසට හිස ගසා දාන්න කියලා. එහෙම දඬුවම් දෙන්න පටන් ගත්තත් රජතුමා දිළින්දන්ට ධනය නොදෙන නිසා ම තවදුරටත් රටේ සොරකම පැතිරෙනවා, ඒත් එක්ක ම ප්‍රාණඝාතයත් වැඩිවෙනවා. ඒත් එක්ක ම ඒ අයගේ ආයුෂ, වර්ණය පිරිහෙන්න පටන් ගන්නවා. ඒ අයගේ දරු පරම්පරාවේ ආයුෂ අවුරුදු 80,000 ඉඳන් අවුරුදු 40,000 දක්වා අඩුවෙනවා.

මේ විදියට ප්‍රාණඝාතය වැඩිවෙද්දි එයින් ගැලවෙන්න බොරු කියන්න මිනිස්සු පටන් ගන්නවා. මේ බොරු කියන එක වැඩි වුණ කාලෙදි නැවතත් ආයුෂ, වර්ණය පිරිහෙන්න පටන් ගන්නවා. ඊළඟ පරම්පරාවේ ආයුෂ අවු 40,000 ඉඳන් 20,000 දක්වා අඩුවෙනවා ඒ නිසා ම. බොරු කීම වැඩි වුණාට පස්සෙ ඒත් එක්ක ම කේලාම් කියන එක වැඩිවෙන්න පටන්ගන්නවා. කේලාම් කීමේ ආදීනවයක් විදියට නැවතත් සත්වයාගේ ආයුෂ, වර්ණය පිරිහිලා ආයුෂය අවුරුදු 10,000 ක් තරමට අඩුවෙනවා. මේ අතරෙදි පරදාර සේවනය, ඒ කියන්නේ විවාහක සැමියා හෝ බිරිඳ වෙනත් කාන්තාවන්/ පුරුෂයන් සොයාගෙන යෑම වැඩිවෙලා ඒ හේතුවෙන් ම සත්වයාගේ ආයුෂ අවුරුදු පන්දහස-දෙදහස් පන්සියය තරමට ම අඩුවෙනවා. දෙදහස් පන්සියයක් ආයුෂ තියෙන සත්වයා තුළ ඇතිවෙනවා තද ආශාව- ක්‍රෝධය. මේ හැඟීම් අතිශයින් පැතිරිලා ගියා ම මේ ආයුෂ නැවතත් අවුරුදු දහසක් දක්වා අඩුවෙනවා. ඔය විදියට ඒ කාලේ අවුරුදු 80,000ක් වෙලා තිබුණ මිනිස් ආයුෂ ක්‍රමයෙන් අවුරුදු දහස කරා ළඟා වෙනවා මිනිස්සු තුළ ම තිබුණ ළාමක හැඟීම් උත්සන්න වීම හින්දා ම. අද කාලේ අපි තුළත් තියෙන්නෙ ඔට විදියට සසර පුරාවට ම අපි පුරුදු කරගෙන ආව හොඳ/ නරක පුරුදු තමයි.

ඔන්න පොරොන්දු වුණ විදියටම මිනිස් ආයුෂ ගැන සටහන් පෙළ පටන් ගත්තා. ඊළඟට ලියැවෙන්නෙ මිනිස් ආයුෂ අවුරුදු දහයකට අඩුවෙලා අවුරුදු පහක කෙනෙක් විවාහ වෙන කාලය ගැනයි. වම් පැත්තේ උඩ කෙළවරේ පූංචි poll එකකුත් දැම්මා, වෙලාවක් තියෙනවා නම් එතනත් ඔබලා යන්න! එතකොට මට ලේසියි ඔබේ කැමැත්ත ගැනත් දැනගන්න.....

39 comments:

  1. ඔන්න ළහිරු අයියේ මම ඡන්දයක් දැම්මා :)

    අද ලිපියත් නියමයි. ජය!

    ReplyDelete
  2. ඔන්න මමත් චන්දයක් දැම්මා.
    අපේ ඉස්කෝලේ බණකට වැඩිය ස්වාමීන් වහන්සේ කෙනෙක් මේ ගැන කිව්වා මතකයි. වැදගත් ලිපියක්.

    ReplyDelete
    Replies
    1. එහෙනම් ආයෙත් මතක් වෙන්න ඇති නේද මේ දේවල්!

      Delete
  3. ළහිරු හැමදාමත් වගේ අදත් උපරිමයි... ඔන්න මේකත් මට අලුත් විස්තරයක්

    ReplyDelete
    Replies
    1. සතුටුයි මටත් යමක් අලුතින් දැනගත්තනම් සහෝ...

      Delete
  4. අඩේ ඕම අඩු වෙන එක හොදයි අප්පා....
    මට මේ තියෙන ටිකත් වැඩි වෙලා ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... අනේ මන්දා! හැබැයි නරක වැඩ නොකර ඉන්නතාක් කල් ඇඟට ගුණයි!

      Delete
  5. වෙන්දා වගෙම අසාවෙන් කියෙව්වා... අපුරුයි අය්යට මහන වෙන්න වත් හිතිලද තියෙන්නෙ?

    ReplyDelete
  6. හොඳ සටහනක්. අදයි මේ කතාව ඇහුවෙ.. :)

    ReplyDelete
  7. ලහිරු පුතා මම මේ කතාව ආසාවෙන් කියෙව්වා. අපි සසර පුරුදු කියල හැමදේම හිතුවොත් ඒක වැරදියි. අපි නිතරම බලන්න ඕනෙ නරක පුරුදු ඉවත් කරල හොඳ පුරුදු ඇති කරගන්නයි. ලබන සතියෙ දඹදිව වන්දනාවේ යන්නයි ඉන්නෙ. ටික දවසකට එන්න වෙන්නේ නෑ. තරහා වෙන්ට එපා. තෙරුවන් සරණයි!.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, අපි අපේ ජීවිත සසර පුරුදු වෙනුවෙන් කැප කරන්න ඕන නැහැ. හොඳ දේ තෝරා බේරාගන්න බුද්ධිය පාවිච්චි කරන්න අපි දැනගන්න ඕන. හරිම සතුටුයි දඹදිව වන්දනාවේ යන එක ඇහුවම. අපේ නමිනුත් ඒ හැමතැනක් ම වන්දනා කරන්න. කිසිම කරදරයක් නැතුව ඒ ගමන ගිහින් එන්න ඔබතුමියට අවස්ථාව ලැබේවා!

      Delete
  8. හරිම රසවත් ලිපියක් අයියේ..!!

    ReplyDelete
  9. අවුරුදු 80,000 ක් කියන්නේ සෑහෙන කාලයක්නෙ, හිතාගන්න බෑ. හැමදාම වගේ කතාව ගොඩක් වටිනවා. චන්දෙකුත් දැම්මා, ඊගාව කතාව බලන්න නොයිවසිල්ලෙන් ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. ඉක්මනට ම දාන්නම්කෝ, විවේකය තමයි අඩු!

      Delete
  10. කදිම ලිපියක් අයියේ!
    ජයම වේවා!

    ReplyDelete
  11. හ්ම්ම්...අවු. 5 දී විවාහ වෙන එක ගැන හිතා ගන්නත් අමාරුයි. බලමුකෝ ඒ කොටසට එද්දී. මම හිතන්නේ වර්ධන වේගයත් සමානුපාතිකව වැඩි වෙනවා ඇති...

    ReplyDelete
    Replies
    1. ඔව්, වර්ධන වේගය ඒ හා සමානුපාතික වෙනවා, ඒ කියන්නේ පරිණත වෙනවා. බලමුකෝ වැඩි විස්තර ඊළඟ ලිපියෙන්!

      Delete
    2. මට නම් හිතාගන්න බැරි වුනේ අවුරුදු 80,000ක් ජීවත් වෙන එක ගැන..
      එච්චර කල් ජීවත් වෙන්න ගිහාම මුළු ලෝකෙම එපා වෙයි අප්පා..

      Delete
    3. ඒ වුණාට කවුද ජීවත්වෙන්න අකමැති, මැරෙන්න කැමති ඉක්මනට?

      Delete
  12. ළහිරු , මේ කාලේ ලංකාවේ නං පරම ආයුෂ අවුරුදු 75 -80 විතර වගේ නේද ? එහෙම වෙන්නේ සියලුම දුශ්චරිතයන් මැද මැතිඇමැතින්ට අනුබල දෙමින් රජතුමා, මහජනතාව කොල්ල කන නිසා වෙන්න ඇති නේද ? ඉතාමත් කාලොචිත ලිපියක් ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. රටේ පාලකයා ධාර්මික නැත්තම් ඒ රට දවසින් දවස පරිහානියට පත්වෙන එක කාටවත් වළක්වන්න බැහැ සහෝ.... පරමායුෂ නම් 70-75 විතර වගේ නේද!

      Delete
  13. හ්ම්.. ඒ ලිපියත් මරු.මට යාන්තම් මතකයි ඔය කතාව.ජයවේවා !

    ReplyDelete
  14. ඔය ආයුෂ ඉස්සරහට අවු. 10 දක්වා අඩු වෙනව නේද?

    හොඳ ලිපියක්!

    ReplyDelete
    Replies
    1. ඔව්, ඒ ගැන ඊළඟ ලිපි වලින් කියන්නයි ඉන්නෙ!

      Delete
  15. //ලෝකයේ ඉන්න ගොඩක් දෙනෙකුට තියෙන ප්‍රශ්නයක් තමයි පරලොවක් තියෙනවද නැද්ද, අපි කරන කියන දේවල් වල විපාක තියෙනවද, මරණයෙන් පස්සෙ අපිට මොකද වෙන්නෙ කියන එක. එහෙම වෙනවා නම් කෝ ඒවට සාක්ෂි?//

    අනේ මචං මේකනං බොරු.හොඳට හොයලා බලන්ඩ කීයෙන් කීදෙනාටද මේක ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ?මම දන්නෑ මටනං එහෙම එක්කෙනෙක් දෙන්නෙක්ට වඩා හම්බවෙලා නෑ.අනිත් හැමෝටම මේක ගැන හොඳටම විශ්වාසයි.කවුරුත් ඒක ගැන ප්‍රශ්න කරන්නේවත් හොයන්ඩ යන්නෙවත් නෑ.තමුන්ට උපතින් උරුම වෙච්ච ආගමේ කියලා තියෙන දේ ඉස්මුදුනින් පිළිඅරගෙන ඉන්නවා මිසක්

    ReplyDelete
    Replies
    1. එහෙම නෙවෙයි, මට දැනෙන විදියට මේ සිතුවිල්ල ගොඩක් දෙනෙකුට ක්ෂණික ව හිතිලා නැතිවෙන ජාතියේ එකක්. වැඩි ආයුෂ නැති එකක්. වෙන මොනාහරි තවත් දෙයක් හිතිලා ඒක යටපත් වෙලා යනවා. හැබැයි තරමක් හරි සිත පාලනය කරගන්න පුළුවන් කෙනෙකුට පුළුවනි මේ ඔස්සේ හිතන්න. හැබැයි ඉතින් එහෙම නොහිතන අය වැටෙන්නේ ඔබ ඔය කියන ගොඩට තමයි. ඒක ඇත්ත!

      Delete
  16. හොඳ ලිපියක් ලහිරු. පහුගිය ලිපි ගනනාවක් මිස්වුනා. ඒවත් බලල කියන්නං.

    ReplyDelete
    Replies
    1. ම්ම්ම්... ඒක තමයි මමත් බැලුවේ අයියා කාලෙකින් නාවේ මොකෝ කියලා!

      Delete
  17. බොහොම අපූරු ඉසව්වකටනේ අහම්බෙන් වුවත් ඇවිත් තියෙන්නේ.ආයිත් එනවා.

    ReplyDelete
    Replies
    1. එන්න එන්න. සාදරයෙන් පිළිගන්නවා!

      Delete
  18. ලිපිය බලන්ට බැරි වුණෝ... සමා වෙන්ටෝ... ආයෙම ඇවිත් බලන්නම් වෙලාව තියෙන වෙලාවක... කමක් නැ නේ?

    ReplyDelete
    Replies
    1. ආ... ඒකට කමක්නෑ, ඒ තරම් බිසී ද ඈ?

      Delete
  19. හරිම රසවත්,අයෙත් එනවෝ...

    ReplyDelete
    Replies
    1. එන්න එන්න, දොර ඇරලයි තියෙන්නෙ!

      Delete
  20. හොඳ විස්තරයක්.. මග අරුණු පොස්ට් ටික කියවන්න එන්නම් ආයේ..!!

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !