සුප්‍රසිද්ධ වර්ණපාල තියරිය...


සාමාන්‍යෙන් කැම්පස් ඉන්න, හිටපු අය නම් මේ ගැන හොඳටම දන්නවා, සමහරු නම් පාවිච්චි කරලත් ඇති. කැම්පස් නොයන, නොගිය හරි යන්න බලාගෙන ඉන්න අයට දැනගන්නත් එක්කලා වර්ණපාල තියරිය කියන්නයි මේ හදන්නේ. මේ වර්ණපාල තියරියේ ඇත්තටම ප්‍රධාන චරිතය තමයි හිටපු උසස් අධ්‍යාපන ඇමති මහාචාර්ය විශ්වා වර්ණපාල මහත්තයා. ඒ කියන්නෙ මේක ඇත්තටම සිද්ධ වුණ දෙයක් හොඳද. ළඟදි දවසක පත්තරේක එතුමත් එක්ක තිබුණු සාකච්ඡාවක් දැකලා තමයි මේ කතාව මතක් වුණේ.

වර්ණපාල මහත්තයා ඇහැට කනට පේන කොල්ලා කාලෙ, පේරාදෙනිය කැම්පස් ‍එකේ තමයි ඉගෙනගන්න කාලෙ තමන්ගේ බැච් එකේම හිටිය ලස්සන කෙල්ලෙක් ගැන පොඩි අදහසක් වර්ණපාලගෙ හිතේ තිබුණලු. ඒත් ඒ ගැන කෙල්ලගෙන් අහන්න ටිකක් පස්ස ගැහුවලු (හික්ස්... බයට වෙන්න ඇතිනේ!). කොහොමහරි එක එක විදියෙ උපක්‍රම දාල උත්සහ කරලා බැලුවලු ගෑණු ලමයව යාළු කරගන්න. ම්ම්හ්... කෙල්ල නෙවෙයි කැමතිවුණේ. ඒ හැම සැරේකදිම ලැබුණු උත්තරේ වුණේ " අපි යුනිවර්සිටි ආවේ ඉගෙනගන්න මිසක් ලව් කරන්න නෙමෙයි" කියලා..

හෙහ්.. ඒත් වර්ණපාල නෙවෙයි උත්සහය අතෑරියෙ. ඔන්න ඔය සිද්ධිය තමයි වර්ණපාල තියරියට පදනම වෙන්නෙ. ඉතින් වර්ණපාල කරපු වැඩේ තමයි මේ කෙල්ල යාලුවො එක්ක එහෙට මෙහෙට යනකොට පැත්තකට වෙලා හැංගිලා වර්ණපාලම තනියම " වර්ණපාල .. හීහී වර්ණපාල .. හූ හූ වර්ණපාල " කියලා අර ගෑණු ළමයාට ඇහෙන්න කෑගහනවා. තව වර්ණපාලගෙ යාලුවෝ දෙතුන්දෙනෙකුට කියලත් මේ වැ‍ඩේම කෙරෙන්න සැලැස්සුවා. ඒත් කෙල්ලගේ හිත නම් වෙනස් වුනේ නැහැලු. එහෙම කියලා වර්ණපාල වැඩේ අතෑරලත් නැහැ, ගෑණු ළමයා යන යන තැන කෑගහනවලු. මේ කියන ගෑණු ළමයා යන්නෙ එන්නෙත් වර්ණපාල ඉන්න හොස්ටල් එක ළඟින්ලු. ඉතින් ගෑණු ළමයා එද්දි වර්ණපාල වැට අස්සෙ හැංගිලා යාළුවෝ කෑගහන විදියට කියනවලු "ආ... වර්ණපාල!!! අන්න වර්ණපාලගෙ කෙල්ල යනවෝ/ ඔය යන්නෙ වර්ණපාලගේ කෙල්ල නේද හී හී.. ආව් ආව් " කියලා. ඊට පස්සෙ යාලුවොත් එක්ක සෙට් වෙලා වර්ණපාලගේ නමයි ඒ ගෑණු ළමයාගෙ නමයි එකට දාලා පෝස්ටරයකුත් ගහලා. ඒ අතරෙදි අර හැමතැනදිම කෑගහන වැඩෙත් අතෑරලා නැහැ. ටික කාලයක් යද්දි කැම්පස් එක පුරා ම ප්‍රසිද්ධ වුණේ ඒ ගෑණු ළමයා වර්ණපාලගේ පෙම්වතිය විදියට. අන්තිමේට වර්ණපාලත් එක්ක යාළු නොවී බැරිතැනටම ආවලු. ගෑණු ළමයාට මේක මහා කරදරයක් වෙලා තිබුණත්, අන්තිමේට ටිකෙන් ටික වර්ණපාල ගැන හිතේ ඉඩක් වෙන්කරගන්න වුණාලු!!!!

කොහොම කොහොම හරි අන්තිමට කෙල්ලටත් බැරිම තැන වර්ණපාල එක්ක යාලු වුනා.. යාලුවෝ ටිකට හිතාගන්නවත් බෑ. "වර්ණපාලගේ තියරිය" විදියට හැමතැනම ප්‍රසිද්ධ වුණේ මේක තමයි. වර්ණපාල කොහොම හරි පස්සේ කාලෙක කසාද බැන්දෙත් ඒ කියන ගෑණු ළමය ම තමයි...ඒ කියන්නේ ආදරණීය බිරිඳ වුණෙත් ඒ විශ්වවිද්‍යාල ප්‍රේමයමයි!!!

පසුවදන : දැන් ඉතින් කස්ටිය වර්ණපාලගේ තියරිය පාවිච්චි කරයිද දන්නෑ, හැබැයි ඉතින් ඔන්න වර්ණපාල තියරිය අනුගමනය කිරීමෙන් ලැබෙන ප්‍රතිඵල ගැන මා විසින් වගකියනු නොලැබේ හොඳද!!!

50 comments:

  1. අහලා තිබ්බා... දැන් දැම්මොත් කෙල්ලෝ මොනවා කරයිද මන්දා.. :-)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. දාලා ම තමයි බලන්න වෙන්නේ...

      Delete
  2. හි හි..ප්‍රතිපල භයානක වෙන්නත් පුළුවන්..:)

    ReplyDelete
    Replies
    1. ඒකට ඉතින් එක සැරේම කැමති වුණා නම් ඔය ප්‍රශ්න නැහැනේ...!

      Delete
  3. වර්ණපාල නෙමෙයි මොන තියරිය දාලත් කාලයක් ගොඩ නොගිය උනුත් ඔය කැම්පස් එකේ හිටියා කියලා අමතක කරන්න හොද නෑ...

    මොනා උනත් වර්ණපාල දස්සයා !

    ReplyDelete
    Replies
    1. ගොඩ නොගියා කියලා කියන්නත් බෑ ඉතින් නේද? හැබැයි මධුරංගත් දස්සයා!

      Delete
    2. ඒක නෙමේ. මේ බ්ලොග් එක ලියන ලහිරු කියන එකා ගොඩ ගියපු එකෙක් ද ? දන්නේ නැති නිසයි අහන්නේ.

      Delete
    3. ඒකා ගොඩ ගිහින් දැන් අවුරුදු නමයකටත් කිට්ටුයි ඕං...

      Delete
    4. සතුටුයි බොලවු !!!!
      ඔය ගෑල්ලමයව කසාද බඳින දවසට අපිටත් කියහං. අපි සුබ පතන්න එකතු වෙන්නම් :)

      Delete
    5. හී හී අනිවා කියනවා!!!

      Delete
    6. මූණුපොතේ පොඩි පින්තූර කෑල්ලක් දාලා තිබ්බා ළඟදි, දැක්කද මන්දා, ඒ පැත්තේ ගියොත් බලන්නකෝ..

      Delete
  4. මාත් ඕක කරලා බලන්න ඕන :D

    ReplyDelete
    Replies
    1. ඔන්න හැබැයි මම නම් නැතෝ...(හරිගියොත් ඉන්නවා හැබැයි!)

      Delete
  5. මරුනේ...අත් හදා බලන්න ඕනි තියරියක් වගේ...

    ReplyDelete
    Replies
    1. හැබැයි තරුවෝ පරෙස්සමෙන්, ඕක හරියට දෙපැත්ත කැපෙන කඩුවක් වගේ තමයි ඔන්න!

      Delete
  6. ප්‍රතිපලය ඉතින් ලැබිලා තියෙන්නේ...ඕකට තමා කියන්නේ තට්ටු කරාම අර දොර ඇරේ කියලා...තව බයිබලේත් කියන්නේ...දෙයක් ඉල්ලන්න ඉල්ලන්නයි එක ලැබෙන්නේ කියලා..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් අඬන්න ඕනලුනෙ කිරි එරෙන්නත්!

      Delete
  7. වර්ණපාල මහත්තයට ඒකේ ප්‍රතිඵලේ සුභ උනාට අපි කලොත් ගුටි කන්න තමා වෙන්නේ.. :)

    ReplyDelete
    Replies
    1. නෑ නෑ තියරිය පොඩ්ඩක් අපිට හරියන විදියට මොඩිෆයි කරලා ගත්තනම් හරි!

      Delete
  8. අද කාලේ හැටියට පොඩ්ඩක් මොඩිෆයි කරලා ඔය තියරිය අත්හදා බැලුවොත් හොඳයි

    ReplyDelete
    Replies
    1. අන්න මොලේ තියෙන කොල්ලෙක්, අළුත් අළුත් දෑ නොතනන ජාතිය ලොව නොනඟී කියනවනේ!

      Delete
  9. ට්‍රයි ඇන්ඩ් ට්‍රයි ෆුල් ට්‍රයි කියල කවුදෝ කොහේදෝ කිවුවයි කියන්නේ ඕකට වෙන්ට ඇති...හිකිස් :)

    ReplyDelete
    Replies
    1. හ හා... ඔය කියලා තියෙන්නෙ සිංහලෙන්ම!!!

      Delete
  10. දැං ඉතිං කෙල්ලොත් ඕක දැක්ක හින්දා වැඩේ දැං කළාට හරියන එකක්නං නෑ

    ReplyDelete
    Replies
    1. නෑ නෑ එහෙම හිතන්න නරකයි, කෙල්ලො මේක දන්න නිසා ඉක්මනට ම කැමති වේවි!!!

      Delete
  11. ඇත්තටම සාර්ථක තියරියක්.

    ReplyDelete
    Replies
    1. අහ්.. ඇත්තද, එහෙනම් අත්දැකීම් එහෙමත් ඇතිනෙ නේද අයියට!

      Delete
  12. අපි කැම්පස් ඉද්දිත් වර්ණපාල තියරිය දාලා ගොඩයන්න ට්‍රයි කල අය හිටියා..ඒත් ගෑල්ලමයි වැඩේ දන්න නිසා අහුවුනේ නෑ..

    ඔය වගේ වර්ණපාල තියරිය දාන්න උදව් කල යාළුවෙකුට ඒ ගෑනුළමයා කැමතිවෙලා අන්තිමට ඒ දෙන්නා යාළුවුනා..වර්ණපාලට හුළං!!

    ReplyDelete
    Replies
    1. "ඔය වගේ වර්ණපාල තියරිය දාන්න උදව් කල යාළුවෙකුට ඒ ගෑනුළමයා කැමතිවෙලා අන්තිමට ඒ දෙන්නා යාළුවුනා..වර්ණපාලට හුළං!!" මෙව්වානම් අපරාධ..

      වෙන උන්ට අහන්න කියලා ගිහින් ඌටම අහගන්න එවුනුත් ඉන්නෙ..

      Delete
    2. ඒව නම් හෙළා දකින්නෝන වැඩ, කොහොම වුණත් චෑන්ස් එක තියෙන්නත් එපැයි නේද කොයිදේටත්!!!

      Delete
  13. ආ..දැන් කට්ටිය කියන්න බලන්න ගජනායක තියරිය දන්නවද කියලා..

    ReplyDelete
    Replies
    1. ඒ මොකක්ද ඒ? හැදුවා නේද බොරු එකක්?

      Delete
    2. බොරු නෙමෙ බොල.. හැබැයි ඒක කෙල්ලො දාගන්න එකක් නෙමෙයි.. කැම්පස් අවුරුදු 4 අඩු වියදමෙන් ගෙවාගන්න තියරියක්..

      Delete
    3. හැහ්... එහෙනම් කියමු බලන්න ගජනායක තියරිය! (ගජේ ගැහිල්ල සම්බන්ධ එකක්ද මන්දා!)

      Delete
    4. වෙන මොකක්ද ඒක තමයි.. හැබැයි ඉතින් ගජනායක ජීවත් වෙච්ච හැටිනෙ වැදගත්

      Delete
  14. අපි නොදනිම ඉස්කෝලේ කාලේ කරලා තියෙන්නේ මේ තියරියනේ. වැඩි පුර සිද්දි නතර වුනේ ප්‍රින්සිපල් ගේ වේවැල් පහරෙන්.

    ReplyDelete
    Replies
    1. පටන්ගැනීම නම් හොඳයි, ඒත් අවසානය වේවැලෙන් වුණ එක තමයි අවුල!!!

      Delete
  15. මරු සීන් ඒක බං. තියරිය වැඩ කලා කියන්නේ මාරම සීන් එකක් තමයි. මම අහල තියනවා "මෙන්ඩිස් තියරිය" නම්. අඩේ මේවගේ කතා පට්ට බං. තව හොයලා දාපන්කෝ.

    ReplyDelete
    Replies
    1. බලමු ටික ටික බැරියැ!

      Delete
  16. හිහි....දැන් ඉස්කෝලේ යන අයත් ඔය තියරිය දානවා නේද?

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් දැන් ඉස්කෝලෙ යන එවුන් ඔක්කොටම වැඩිය හපන් නේ!

      Delete
  17. ලහිරු දෑම්මෙත් මේ තියරියම වෙන්න ඇති මම හිතන්නේ

    ReplyDelete
  18. ඔය තියරිය පළමු සහ අවසාන වතාවට,ඒ කියන්නෙ One Shot පඩයක් වගේ පාවිච්චි කලේ උන්නැහේ විතරමයි මං දන්න විදියට.

    ReplyDelete
  19. හොය හොයා හිටිය කතාවක්. දැම්මට ස්තුති :)

    ReplyDelete
  20. http://uartss.blogspot.com/2017/01/blog-post_26.html

    ReplyDelete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !