මේ ලෝකෙ ඉපදෙන හැම ගෑණු ළමයෙක් ම පුංචි කාලෙ ඉඳන් ම සිහින මවන්නෙ ලස්සන අනාගතයකට. චූටි ම කාලෙ බෝනික්කොත් එක්ක සෙල්ලම් කරනවා, කවනවා, පොවනවා, නාවනවා. තව ටිකක් ලොකු වෙද්දි සෙල්ලම් ගෙවල් හදලා ඒකේ අම්මා වෙනවා. තවත් ටිකක් තේරෙන වයසට එද්දි නිදාගන්නෙත් හුරතල් ටෙඩියෙක් තුරුළු කරගෙන. වයසින් වැඩෙද්දි ඒ හීන ලෝකේ පුළුල් වෙලා හීන මවන්නේ ලස්සන විවාහයකට, යහපත් සැමියෙකුට, නිරෝගී දරු පැටවුන්ට. ඒක එහෙම නේද? ලස්සන විවාහයකුත් වෙලා, යහපත් සැමියෙකුත් ලැබිලා ඒත් තමන් අතේ කිසිම වැරැද්දක් නැති ව සැමියට තමන් ව එපා වුණොත්, විවාහය අසාර්ථක වුණොත් ගැහැණු ළමයෙකුට මොනවා හිතේවිද? වැඩිය හිතන්න යන්නෙපා, ඉස්සරත් මේ වගේ දේවල් වෙලා තියෙනවා ලෝකේ. ඒත් එහෙම වෙන්නෙ ඇයි කියලා කවදාවත් හිතුවෙ නැහැ නේද? එහෙනම් කියවන්නකෝ මේ කථාව...
කුසුම් පුරය නමින් යුතු පාටලී නගරය මේ මහ පොළොවට ආභරණයක්. ශාක්‍ය කුලයේ උපන් ගුණවත් භික්ෂුණීන් දෙනමක් ඒ නගරේ ඉන්නවා. එක් භික්ෂුණියක ගේ නම ඉසිදාසී. දෙවැනි සිල්වත් භික්ෂුණිය ගේ නම බෝධි තෙරණිය. ඒ දෙන්න ධ්‍යාන සැපයෙන් වාසය කරන්නෙ. බුදු සමිඳුන් ගේ ධර්මය ගොඩාක් අහල තියෙනව. ඒ වගේ ම නිකෙලෙස්. දවසක් ඒ භික්ෂුණින් දෙනම පිණ්ඩපාතෙ වැඩිය. දන් වැළඳුව. දෙපා සෝද ගෙන විවේක තැනක සුවසේ සිටිද්දි තමයි මේ කතාබහ ඇති වුණේ.
ආර්ය වු ඉසිදාසී ඔයා හරි ම ලස්සන කෙනෙක්. තව ම ඉන්නෙ තරුණ වයසෙ. ඔයා මහණ වෙන්ට කල්පනා කළේ ගිහි ගෙදර කොයි ආකාරයේ දෝෂයක් දැකල ද?
විවේක තැනක දී මේ විදියට අසද්දී දහම් දෙසීමෙහි දක්ෂ වු ඉසිදාසී භික්ෂුණිය මේ විදියට පිළිතුරු දුන්න. එහෙම නම්,පින්වත් බෝධි,මං මහණ වෙච්ච විදිය අහගන්න.
මගේ තාත්තා සිල්වත් කෙනෙක්,එයා උදේනි නගරයේ සිටුවරයෙක්. මං ඒ ගොල්ලන් ගෙ එක ම දුව. ඒ ගොල්ලන් ගෙ හැම ආදරයක් ම ලැබුණෙ මට. සාකේත නගරයේ උසස් කුලයකින් මට මංගල යෝජනාවක් ආව. ඒ සිටුවරයාට ත් ගොඩාක් වස්තුව තිබුණ. ඒ සිටුතුමා ගේ ලේලිය හැටියට මාව, මාගේ තාත්තා ඒ ගෙදරට පාවා දුන්න. ඉතින් මං නැන්ද යි මාම යි ලඟට උදේ සවස ගිහින් ඒ ගොල්ලන් ගෙ දෙපා වැන්ද. ඔවුන් කියන දේ විතරක් ම කෙරුව. මං මගේ ස්වාමිය හරි,සහෝදර සහෝදරියන් හරි, ඒ කවුරු හරි දැක්කොත් මං පුටුවෙන් නැගිටිනවා. මං ඒ ගොල්ලන්ට වාඩි වෙන්න දෙනව. කෑමෙන් බීමෙන් වුණත්, කැවිලි පෙවිලිවලින් වුණත් ඒ ගොල්ල කැමති දෙවල් හදල දීල සතුටු කරනව. මං ඒ ගොල්ලන්ට හොඳට සැලකුව. අවශ්‍ය දේවල් වෙලාවට හොයල බලල උපස්ථාන කරනව. මං මගේ අතින් සැමියා ගේ පා සෝදල යි ගෙට ගන්නෙ. ස්වාමියා ළඟට මං යන්නෙත් වැඳගෙන යි. මං පනාවත්, සුවඳ විලවුන් වර්ග ත්, වෙනත් දේවලුත්, කණ්ණාඩිය ත් අරගෙන සැමියා ළඟට යනව. මගේ අතින් ම යි මං එයා ව සැරසුවේ. මගේ අතින් ම බත් ඉව්ව. හැලි වලං හේදුව. අම්ම කෙනෙක් එක ම දරුවෙකුට සලකනව වගෙයි මං සැමියට කටයුතු කළේ.
එයාට මං කොයි තරම් ආදරෙන් වැඩකාර කම් කරගෙන හිටියත්, නිහතමානී ව සොයා බලා කටයුතු කරගෙන සිටියත්, කම්මැලි නැති සිල්වත් ජිවිතයක් ගෙවන මට ම යි එයා බණින්නෙ. අන්තිමේ දී එයා ඒ ගොල්ලන් ගෙ දෙමපියන්ට මෙහෙම කිව්ව. "මං යනව මේ ගෙදර අත් හැරල, මට මේ ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕන කමක් නෑ." "පුතේ එහෙම කියන්න එපා. ඔය ඉසිදාසී ඤාණවන්ත කෙනෙක් නේ. වාසනාවන්ත කෙනෙක් නෙ. විරියවන්ත යි නෙ. කම්මැලි නෑනෙ. ඉතින් පුතේ. ඔයා මොකද ඉසිදාසීට මේ තරම් අකැමැති?" "ඔව්! ඇය මට වරදක් කළේ නෑ. මට ඉසිදාසී ත් එක්ක ඉන්ඩ ඕන කමක් නෑ. මට ඈ ව අප්පිරිය යි. මට ඇගෙන් වැඩක් නෑ. මං එහෙනම් ඕගොල්ලන්ට ත් නොකියා ම මේ ගෙදරින් යන්ඩ යනව." නැන්ද යි මාම යි එයා ගෙ වචනෙ පිළිගත්ත. ඉතින් ඒ ගොල්ල මගෙන් ඇහැව්ව."දරුවො. ඔයා මොකක් ද අපේ පුතාට කරපු වැරැද්ද? සැක නැතිව කියන්න" මං එයාට කිසි ම වරදක් කළෙ නෑ. හිංසාවක් කළේ නෑ. වැරදි වචනයක් කියල නෑ. ආර්යාවෙනි, ඉතිං එයා මේ තරම් මාත් එක්ක තරහ වුණාට මං මොකද කරන්නේ? "අපේ පුතා ව රැක බලාගෙන හිටිය ලස්සන ලක්ෂ්මී ව අපේ පවුලට නැති වුණා." කියල ඒ දෙමාපියන් මාව ආයෙමත් අපේ තාත්ත ළඟට ඇරලුවා.
ඒ වතාවේ මගේ තාත්ත, අපට වඩා බදු ආදායම භාගයක් ලැබෙන ධනවත් පවුලකට මාව බන්ඳල දුන්න. මාසය යි මං ඒ ගෙදර හිටියෙ. මං කීකරු දාසියක් වගෙ උපස්ථාන කරද්දී, සිල්වත් ව සිටිද්දි, ඒ ගෙදරිනුත් මාව අයින් කළා. අන්තිමේ දී මගේ තාත්තා, සිඟමනේ ඇවිදගෙන ගිය ඉඳුල් කකා ඉන්න මිනිහෙක් එක්කගෙන ආව. "ළමයෝ, ඔය රෙදි කඩමාල්ල යි, ඔය තැටිය යි වීසි කරපන්. මගේ දියණිය ගේ ස්වාමිය බවට පත් වෙයන්." කියල කිව්ව. ඒ මනුස්සයා මම ත් එක්ක ටික කලක් හිටිය. එයත් මාව අත් හැරල ගියා. එයා යන දවසේ තාත්තට මෙහෙම කිව්ව. "මගේ රෙදි කඩමාල්ල යි මගේ තැටිය යි, මට ආපහු ඕන. මං ආයෙමත් සිඟා කන්ඩ පටන් ගන්නව." එතකොට අම්ම යි තාත්ත යි එයාට මෙහෙම කිව්ව. " මේ ගෙදරින් ඔයාට මොනව ද ලැබෙන්නෙ නැත්තෙ? ඕන දෙයක් කියන්න, හරි ගස්සල දෙන්නම්." එහෙම කියද්දි ත් එයා මෙහෙම යි කිව්වෙ. "නෑ මට ජීවත් වෙන්ඩ තාම හයිය තියෙනව. මට මේ ඉසිදාසී ගෙන් වැඩක් නෑ. මට ඉසිදාසී ත් එක්ක පවුල් කන්ඩ ඕනකමක් නෑ." ඒ ඉඳුල් කන මනුස්සය ත් මාව දාල ගියා. මං තනියම හිතන්න පටන් ගත්ත. එක්කෝ මං කාටවත් නො කියා දිවි නසා ගන්නව. එක්කෝ මං මහණ වෙනව.
විනයධර,බහුශ්‍රැත, සිල්වත් භික්ෂුණියක් හිටියා. ආර්ය වු ඒ ජිනදත්තා භික්ෂුණිය පිණ්ඩපාතෙ වඩින ගමන් අපේ ගෙදරට ත් වැඩිය.එතුමිය දැකල අපි සිටිය ආසනේ වාඩි වෙන්න පිළියෙල කළා. එතන හිඳ ගත්ත ඒ භික්ෂුණී ගේ දෙපා වැඳල දානෙ පුජා කරගත්ත. දන් පැන්වලිනුත්, කැවිලි පෙවිලිවලිනුත් ඇයට සැලකුව. "ආර්යාවෙනි, මාත් කැමැති යි මහණ වෙන්න," මං තාත්තා ළඟ වැඳ ගෙන හඬා වැටුණා. "නෑ, මං කරගත්තු පව් තමයි මේ. මම් ම ඒ පව් දිරවල අවසන් කරල දානව." ඊට පස්සෙ තාත්ත මෙහෙම කිව්ව. " නර ශ්‍රේෂ්ඨ වු බුදු රජාණන් වහන්ස් යම් උතුම් ධර්මයක් අවබෝධ කළා නම්, ඔයත් ඒ උතුම් ධර්මයට පැමිණිලා අවබෝධය ලබා ගන්න. නිවනට පත් වෙන්න." මං දෙමාපියන්ට ත්, නෑදැ පිරිසට ත් වන්දනා කළා. ඔන්න ඉතින් මාත් මහණ වුණා. මහණ වෙලා හත් දවසින් මාත් ත්‍රිවිද්‍යාව ලබා ගත්තා.
මට අතීත ජිවිතේ ආත්මභාව හතක් සිහි කරන්න පුළුවන්. මං මේ ජිවිතේ විපාක වින්ඳේ ඒ කාලේ කරපු පවක්. මං ඔයාට එක කියන්නම්. හොඳට අහගෙන ඉන්න. මීට ආත්මභාව හතකට කලින් ඒරකච්ජ නගරයේ ගොඩක් ධනය තියෙන රන්කරුවෙක් වෙලා මං හිටියෙ. මං තරුණකමින් මත් වෙලා හිටිය. මං නොයෙක් කාන්තාවන් පස්සෙ ගියා. මනුස්ස ලෝකෙන් චුත වෙලා මං කෙළින් ම ඉපදුනේ නිරයේ. මං ගොඩාක් කල් නිරයේ දුක් වින්ඳා. නිරයෙන් චුත වුණාට පස්සෙ උපන්නෙ වැඳිරියක ගේ කුසේ. එතකොට මං ඉපදිලා දවස් හත යි. එ වඳුරු රැළේ නායක වඳුරා මගේ පුරුෂ ලිංගය හුරල දැම්ම. පරස්ත්‍රීන් සේවනය කරපු කර්මවිපාක තමයි මං ඒ වින්ඳේ. මං එතැනින් චුත වුණා. සින්ධව වනයේ හිටියා එක ඇහැක් අන්ධ වෙච්ච කුදු ගැහිච්ච බුරු දෙනෙක්. ඒ ගමන මං උපන්නෙ ඇගේ කුසේ. මං කුඩා කාලේ මගේ රහසඟේ ඇට තැලුව. දොළොස් අවුරුද්දක් දරුවන් පිටේ තියාගෙන ඇවිද්දා. නමුත් අර ඇට තලපු තැන තුවාල වෙලා තිබුණේ. ඒ තුවාලෙට පණුවො ගහල මං ලෙඩ උණා. පර ස්ත්‍රීන් සේවනය කරපු එකේ විපාක තමයි.
මං එතනින් චුත වුණා. හරක් වෙළෙන්දෙක් ළඟ හිටපු ගව දෙනෙක ගේ කුසේ ඉපදුනා. මං රතුපාට වහු පැටියෙක්. දොළොස් වෙනි මාසෙ දී අර විදියට ම මාගේ ලිංගයේ ඇට තැලුව. මං නගුල් උස්සගෙන ගියා. ගැල් බර කර තියාගෙන ගියා. අන්ධයෙක් වගේ මං පරස්ත්‍රීන් සේවනය කළ නිසා මං අන්ධ වෙලා, ලෙඩ වෙලා ගියා. මං එතනින් චුත වුණා. නගරේ වීදීයේ දාසියක ගේ කුලයේ තමයි ඊළඟට උපන්නේ. පරස්ත්‍රීන් සේවනය කිරීමේ විපාක බලන්න. ඒ වතාවෙ මං ගැහැණියෙකුත් නො වේ, පිරිමියෙකු ත් නොවේ නපුංසකයෙක්! මං ගොඩාක් දුක් වින්දා, අවුරුදු තිහේ දී මැරුණා. ණය බරින් මිරිකිලා ගිය ගැල් බර ගෙනියන පවුලක යි මං ඊ ළඟට ඉපදුනේ. ඒ ගමන මං ස්ත්‍රියක්.අපේ ගෙදරට ණය ගෙවා ගන්ට බැරි වුණා. ගැල් නායකයා අපේ ගෙදරට ඇවිදින් මං හඬද්දී ම බලාත්කාරයෙන් මාව අරගෙන ගියා. එතකොට මට වයස දහසය යි. මං තරුණ යි. ඒ ගැල් නායකයා ගේ පුතෙක් හිටිය ගිරිදාස කියල. එයා මාව තමන් ගෙදරට කැඳව ගත්ත. එයාට හිටියා හොඳ සිල්වත්, ගුණවත්, ස්වාමිභක්තිය තියෙන බිරිඳක්. මට ඈ ගැන ඉරිසියා හිතුන. ඉතින් මං කළේ ඒ බිරිඳ ගැන කිපෙන විදියට කටයුතු කිරීම යි. මං දාසියක් වාගේ ස්වාමියා ට උපස්ථාන කරද්දී. ස්වාමියා මාව අත් හැරල යන්නෙ, ඒ අකුසල කර්මයේ විපාක වශයෙන්. මං දැන් ඒ කර්මය ත් අවසන් කළා.
අද ඇසළ පුන් පෝය දවසනේ. ඒ නිසා ම ලිව්ව විශේෂ සටහනක් තමයි මේ (දුටුගැමුණු බළකාය/ඊයකුත් උදව් කළා). බෞද්ධ ගිහියන්ගේ නිත්‍ය ශීලය වෙන පංච ශීලයේ එන කාමයේ වරදවා හැසිරීම සහ එහි විපාක ගැන තමයි කියන්න උත්සහ කළේ. ඔය කාමයේ වරදවා හැසිරීම කියන ශික්ෂා පදය සමහරු වැරදි විදියටත් අර්ථකථනය කරනවා වැරදි විදියට පසිඳුරන් පිනවීම කියලත්. නමුත් ඒක එහෙම නෙවෙයි, තමන්ගේ බිරිඳ/සැමියා හැරෙන්නට අන්‍ය ස්ත්‍රීන්/පුරුෂයන් අයථා ලෙස සේවනය තමයි එතනින් අදහස් කරන්නෙ. විස්තර වශයෙන් තවත් තියෙනවා ඒ ගැන දීර්ඝ ව. යන්න කලින් ඇසළ පෝයේ වැදගත්කමත් ඔයාලට මතක් කරන්නම්කෝ. අනිත් පෝය දින විශේෂ සටහන් බලන්න කැමති කෙනෙක් ඉන්නවානම් මෙතැනින් ගිහින් බලන්න පුළුවන්.

- අපමහ සිදුහත් බෝසතාණන් වහන්සේ පස්මහ බැළුම් බැලීමෙන් අනතුරුව මිනිස් ලොව උපදින්නට මහ මායා දේවියගේ කුස පිළිසිඳගත්තේ ඇසල පෝය දිනකයි.
- සිදුහත් බෝසතාණන් වහන්සේ ගිහිගෙය කලකිරී මහාභිනිෂ්ක්‍රමණය කරන්නේත්, රාහුල කුමරුගේ උපත සිදු වන්නේත් ඇසළ පුන් පෝ දිනකයි. එමෙන්ම මාරයා විසින් සිදුහත් බෝසතුන්ගේ ගිහිගෙය හැරයාම වළකා දින හතකින් සක්විති රජකම ලැබෙන බව පවසන්නේද මෙදිනයි.
- ගිහිගෙය හැරගොස් වසර හයකට පසුව ලොව්තුරා බුද්ධත්වයට පත්ව බරණැස ඉසිපතන මිගදායේදී ප්‍රථම වරට පස්වග තවුසන් උදෙසා ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කොට වදාළේද ඇසළ පොහොය දිනයකයි.
- තීර්ථකයන්ගේ මානය බිඳ, දමනය කරනු වස් ගෞතම බුදුරජාණන් වහන්සේ ගන්ධබ්බ රුක් මූලයේදී මහා පෙළහර පෑම ඇසළ පෝ දිනයක සිදුවිය.
- කීර්ති ශ්‍රී රාජසිංහ රජු සමයේදී ලක්දිව උපසපන් භික්ෂූන් නොවූයෙන් සියම් රටින් (තායිලන්තය) උපාලි තෙරුන් වහන්සේ ඇතුළු පිරිස ගෙන්වා ලංකාවේ උපසම්පදාව ප්‍රතිස්ථාපනය කිරීම සිදුවූයේද ඇසල පොහෝ දිනයකයි.
- විහාරස්ථාන වල වැඩ වසන භික්ෂූන් වහන්සේලා වස් විසීම ආරම්භ කරන්නේද (පෙර වස් විසීම) ඇසල පොහෝ දිනටයි.
පසුවදන : මේ ඉසිදාසී නම් රහත් තෙරණිය වදාළ ථේරි ගාථාවන්. ථේර ගාථා සියල්ල උපුටා ගන්නා ලද්දේ පූජ්‍ය කිරිබත්ගොඬ ඤාණානන්ද පින්වත් ස්වාමීන් වහන්සේ විසින් පරිවර්තනය කරන ලද 'ඒ අමා නිවන් දුටු රහතන් වහන්සේලා' නම් සදහම් ග්‍රන්ථයෙනි.
මෙය උතුම් ධර්ම දානයක් ම වේවා!!!
මේ කතා කාට කාටත් හොඳ පාඩම් කියලා දෙනවා.
ReplyDeleteබොහොම පින්!
ඔව් ඔව් සිහියේ තියාගන්නවනම්!!!
Deletepin sidda wewaaa!!!
ReplyDeleteමේ කථාවත් ජීවිතේ පළමු වතාවට ඇහුවේ.. වටින කථාවක්, ස්තුතියි ලහිරු
ReplyDeleteඒ වුණත් හැමදාමත් මතකයේ තියේවි...
Deleteමාත් අහල තිබුනෙ නෑ. පෝය දවසෙ හොඳ කතාවක්.
ReplyDeleteස්තූතියි අයියේ...
Deleteධර්ම කතාව ගොඩාක්ම සරලව පැහැදිලිව ලියල තියනවා මචන් ලහිරු හැමදාම වගේ. මම මීට කලින් මේ කතාව අහල නෑ. ඉතින් ගොඩක් පින්. කෙනෙක් කරන ඕනෙම අකුසල කර්මයක් ගොනා පස්සේ බැඳපු කරත්තයක් වගේ ආත්මයක් ආත්මයක් ගානේ හඹා ගෙන එනවා කියනවනේ. ඒවගේම තමයි කුසල කර්මයත්.
ReplyDeleteඔව් ඇත්තටම. කුසලය හරියට අපිව කිසිදා අත්හැරලා නොයන සෙවණැල්ල වගේ තමයි පසුපසින් එන්නෙ....
Deleteපින්සිද්ධ වේවා!!!
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
රජාටත් ඒ පින අනුමෝදන් වේවා! රජා කිව්වෙ.....
Deleteමේ කතාවෙන් මම් එක දෙයක් ඉගෙන ගත්තා අපි කොයියම්ම ආත්මෙක හරි පවක් කලොත් හරියට ගොනා පසු පස එන කරත්තය වගේ අපේ පස්සේ එලවනවා ඒ කර්මය ගෙවෙනකන්. ඒ නිසා අපි පුලුවන් හැටියට කුසලයේ යෙදෙන්ඩ ඕන.
ReplyDeleteඅද වගේ පුන් පෝය දවසේ ධර්ම දානයක් විදිහට මේ කරපු දේ ගොඩක් වටිනවා !!
පින් සිදු වේවා !!
අනිවාර්යෙන් ම. සියළු බුදුවරුන්ගේ අනුශාසනයත් සියළු පව් නොකිරීමත් කුසල් ම රැස්කිරීමත් නේ. "සබ්බ පාපස්ස අකරණං...." ආදී වශයෙන්. අපායට ගියත් අපේ පව ගෙවෙන තාක් නැවතත් එහි ම මැරි මැරී උපදිනවා. ඉතින් කොයින්ද ගැලවීමක්?
Deleteසාදු සාදු සාදු පෝය දවසේ වටිනා කියන කතාවක් දැනගන්න සැලැස්සුවාට පිං සිදුවේවා. පරදාර සේවනය කරන එකේ ඵල විපාක දැනගත්තු එක බොහෝ දෙනාගේ හිතසුව පිණිස පවතීවී, වර්තමානයේ පැතිරෙන ලිංගික රෝගවලින්වම ඒ තත්වයේ භයානක බව පැහැදිලියිනේ
ReplyDeleteකොහොමත් පවේ ආදීනව දැකලා වළකිනවට වඩා හොඳයි එකේ අයහපත තේරුම් අරන් වළකින්න පුළුවන් නම්! අපේ මිනිස්සුන්ට කොහොම කිව්වත් තේරුම් ගන්න ඕනකමක් නැහැනේ!
Deleteසාදූ සාදූ සාදූ!
ReplyDeleteඋතුම් වූ ශ්‍රී සද්ධර්ම චක්‍රය අප්‍රතිවර්ත්‍ය ලෙස කරකැවූ මේ උතුම් පොහෝ දිනයේ ඔබ කල මේ උතුම් ධර්ම දානය ඔබට උතුම් නිවන පිනිසම වවා!!
ඔබ සියළුදෙනාත් මේ පින එක සේ අනුමෝදන් වේවා! උතුම් වූ නිවනට මේ පින උපකාර වේවා! නමෝ බුද්ධාය!!!
Deleteයහපතක්ම වේවා......
ReplyDeleteඔබටත් එසේම වේවා!
Deleteජීවිතේට වටිනා කතාවක් ...
ReplyDeleteසම්බන්ධ කරගන්නවනම්....
Deleteගොඩක් වටිනා විස්තරයක් අයියේ.. පින් සිද්ද වෙනවා..
ReplyDeleteමල්ලිටත්!!!
Deleteහැමදාමත් වගේ ධර්ම දානයට ගොඩක් පින් ලහිරු..
ReplyDeleteමේ කතාව මම ඇහුවෙ මම භාවනා කරන්න යන හාමුදුරුවො පළවෙනියටම හමුවුනු දවසෙ..
එදා ධර්ම සාකච්ජාවට අරමුණු වුනේ මම නිසා උන්වහන්සේ මා නිසාම මේ කරුණු ටික ඉසිදාසි කතාව උදාහරණයකට අරන් දේශනා කලා..
ඔයා උඩ කතාව කියලා තියන නිසා මේ ටිකත් කොමෙන්ටුවෙන් බෙදාගත්තට වරදක් නෑ..
1. ඉසිදාසි කරලා තියන පුණ්‍යකර්මවල හැටියට එයා උත්සාහ කලා නම් ආත්ම හතකට කලින්ම නිවන් අවබෝධ කරගන්න තිබුනා. තමන් නිවන් අවබෝධ කරගන්න අවශ්‍ය කුසල් සපුරලා තිබුනත් ඒ වෙනුවෙන් මේ ආත්මයේ මහන්සි වෙන්නැත්තං ඉසිදාසි වගේ ආත්ම ගාණක් නොවිඳිනා දුක් විඳින්න වෙනවා.
2. ගෑණු කෙනෙක් වුනා කියලා ඉසිදාසි කවදාවත් නිවන් මගේ පස්සට ගියේ නෑ. පාප කර්ම නිසා නිර්වාණ අවබෝධය පරක්කු වුනත් ලිංග භේදය උතුම් සැපත ලඟාකරගැනීමට බාධාවක් නෙවි.
3. මේ ආත්මයේ කොච්චර දුක් විඳින්න වුනත් අටලෝ දහමෙන් ගැලවෙන්න බැරිවුනත් අපි නිවන් මාර්ගයේ යන්න කැමති නම් ඒ වෙනුවෙන් මාර්ගය විවෘත වෙනවා.
ස්තුතියි ලහිරු ආයෙත්..
බොහෝ බහුශ්‍රැත ස්වාමින් වහන්සේ නමක් වෙන්නෝන මම හිතන්නෙ ඒ.
Delete1. නිවනට විතරක් නෙවෙයි අනිත් හැමදේටමත් එහෙම වෙන්නැති නේද අක්කේ. අපිත් සසරේ මේ තරම් ඇවිදින්නෙත් ඒකද දන්නෑ නේද?
2. කාන්තාවක් වීම පැහැදිලිව ම නිවනට බාධාවක් වෙන්නෙ නැහැ අක්කේ. මතකද කොසොල් රජතුමාට ඒ ගැන දේශනා කරනවා අගබිසවට දියණියක් ලැබිලා රජතුමාගේ මුනුණ ඇඹුල් වුණ වෙලාවේ...
3. හැබැයි උත්සහය තියෙන්න ඕන නේද අක්කෙ පින වගේ ම ?
මමත් කලින් මේක අහලා තිබුනේ නැහැ .. කොහොම උනත් ස්තුතියි හ්ම්ම් ..
ReplyDeleteහ්ම්ම්... :)
Deleteබොහොම පින් ලහිරු. කවදාවත් අහලා නොතිබුණු කතාවක්. මේ ධර්ම දානය බොහොම වටිනවා...
ReplyDeleteස්තූතියි අක්කේ...
Deleteම්ම්ම්ම් ගොඩක් වටිනවාඅ,.,., එල ආ ,., ජයෙන් ජය ,.,අදමයි ආවේ,.,හැමදාම ගොඩ වෙන්නන් ආ
ReplyDeleteස්තූතියි සහෝ...
Deleteමේ කතාව මම කලින් අහල තිබුනා ස්වාමින් වහන්සෙ නමක් විසින් කරපු ධර්ම දේශනයකදි..ඇත්තටම ඔයා සරලව ලස්සනට එය පැහැදිලි කරල දීල තියෙනව..බොහොම පින් ඔබට..
ReplyDeleteඔබටත් පින්! කාලෙකින් නේද මේ පැත්තෙ ආවේ!!!
Deleteඉසිදාසි තෙරණිය ගැන මෙහෙම කතාවක් නම් දන්නෙම නැහැ. නම විතරක් යාන්තමට දැනගෙන උන්න... ස්තුතියි අයියා...
ReplyDeleteඅහා.. දැන් දන්නවනේ!
Deleteගොඩාක් පින් මේ දර්ම දානයට කවදාවත් නෑසු කථාවක්
ReplyDeleteඔබ කවුරුත් නෑසු කතා කියන්නත් ඒ මඟින් පණිවිඩයක් දෙන්නත් තමයි මගේ උත්සහය. එය සාර්ථක නම් එයයි මගේ සතුට!
Deleteඅදමයි ඇහුවේ...නියමයි...
ReplyDeleteඅහ්... :)
Deleteහරිම වටිනවා ලහිරු මේ ධර්ම දානය. බොහෝ පින් ඔබට. ඒ වගේම රූ ගෙ සටහනත් එයට එලියක් ගෙනාවා. නංගියේ ඔබටත් මේ සසර දිගු නොවේවා!
ReplyDeleteඅක්කටත් ගොඩක් පින්. කාලෙකින් නේද මේ පැත්තෙ ආවෙත්!!! රූ අක්කටත් ආයෙමත් ස්තූතියි ඔන්න!
Deleteනියමයි...
ReplyDelete