"මහත්තයෝ බහින්න, මෙතනින් බැහැලා අර පේන පාර දිගේ කිලෝමීටර් දෙකක් විතර ගියා ම ඔය කියන ඉස්කෝලෙ හම්බවෙනවා. පයින් තමයි යන්න වෙන්නේ. හැබැයි අත් ට්‍රැක්ටරයක් කාරිය මුලිච්චි වුණොත් නම් මහත්තයා ව දාගෙන යාවි" සීනුව නාද කළ කාරුණික කොන්දොස්තර මහතාගේ හඬින් නිදි ලොවින් පියවි ලොවට වන් මා වහා ගමන් මළු එකතු කරගන්නට යුහුසුලු වීමි. කොන්දොස්තර මහතාගේ සහයෙන් බිමට බට සැණෙකින් බසය මා තනිකර ඉගිල ගියේ තනියට දූවිලි වලාවක් පමණක් ඉතිරි කරමිනි. වලාකුලින් තොර වූ නිල්වන් අහස් කුසත් කේඬෑරී වී දුහුවිල්ලෙන් වැසී ගිය ගහකොළත් කියා පෑවේ බොහෝ කලෙකින් වැසි නොලද සෙයකි. කල්පනා ලොවින් මිදුණු මම ප්‍රධාන පාරෙන් හැරී, කුඹුරු අසබඩින් දිව ගිය ගම්සභා පාරේ සෙමින් පියනඟන්නට පටන් ගතිමි.
මහනුවර උසස් යැයි සම්මත පාසලක ඉගෙනුම ලැබූ මා හට දෙමාපියන් දෙදෙනා ම රජයේ සේවකයන් වූ නිසාවෙන් ම දෝ එතරම් ආර්ථික අහේනියක් නොවිණි. පාසල් සමය කිවයුතු විශේෂ දෙයකින් තොරව ම ගෙවී ගිය අතර උසස් පෙළ කලා විෂය ධාරාවෙන් සමත් වූ මා හට ලැබී තිබුණේ අල්ලපු වැටේ පිහිටා තිබුණු පේරාදෙණිය විශ්ව විද්‍යාලයයි. එහෙයින් නිවසේ සිට ම කැම්පස් යාමේ වරම මට හිමි විය. පාසලේ විවාද කණ්ඩායමේ සාමාජිකයෙක් ව සිට ලැබූ කීර්තිය මෙහිදීද නො අඩුව ලැබුණේ, පහසුවෙන් ම විශ්ව විද්‍යාලයේ ජනප්‍රිය කථිකයෙක් ලෙස නමක් දිනාගතිමි. නමුදු මතක් කළ යුතු එක කරුණක් ඇත. ඒ මා කිසි ලෙසකින් හෝ ශිෂ්‍ය දේශපාලනයට සම්බන්ධ නොවූ බව ය. විශ්ව විද්‍යාලයේ ජනප්‍රිය කථිකයෙක් වූ නිසාවෙන් ම දෝ පක්ෂ දේශපාලන වේදිකාවට ගොඩ වන්නට මා ලැබූ ඇරයුම් අපමණ ය. ශිෂ්‍ය දේශපාලනයේ හෙවත් යුනියන් කිරීමේ යටි අරුත් මනා ව වටහාගෙන සිටි මා ඒ ඇරයුම් එකහෙළා ප්‍රතික්ෂේප කළෙමි. විශ්ව විද්‍යාලයේ ගතකළ තුන් අවුරුද්ද අවසානයේ ඉංග්‍රීසී විෂයෙන් දෙවන පෙළ පහළ සාමාර්ථයක් දිනාගන්නට මට අවකාශ ලැබුණු අතර නොබෝදා අතිගරු ජනාධිපතිතුමන් විසින් ක්‍රියාත්මක කරන්නට යෙදුණු උපාධිධාරීන් ට රැකියා පිරිනමන වැඩපිළිවෙලේදී මට ද ඉංග්‍රීසි ගුරු පත්වීමක් ලැබී තිබූ අතර එය ලැබී තිබුණේ ලංකාවේ ඉතා දුෂ්කර ප්‍රදේශයක් වන මොණරාගල දිස්ත්‍රික්කයෙ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයටයි. දුප්පත් රජයේ සේවකයන් වූ මගේ දෙමව්පියන් ට දේශපාලනඥයෙකුට කියා පත්වීම වෙනස් කරගැනීමේ හැකියාවක් නොවූ අතර ඔවුන්ගේ එවන් සිතුවිල්ලකට පවා මම තරයේ විරුද්ධ වීමි.
නිතර යනෙන පාපැදි හැරෙන්නට ගම්සභා පාරේ යතුරු පැදියක් හෝ ඉඳහිට එහේ මෙහේ ගියේ කලාතුරකිනි. එහෙයින් ම මා පා ගමනින් ම ගමනාන්තයට සේන්දු වූ අතර කලින් දින මගේ පැමිණීම දන්වා එවූ විදුලි පණිවුඩය අනුව මා පිළිගන්නට පාසලේ රැඳී සිටියේ විදුහල්පතිවරයා හා තවත් තරුණ ගුරුවරයෙක් පමණි. විදුහල්පතිවරයා මගේ පියාගෙ තරම් වයසේ වූ අතර කාරුණික ප්‍රියමනාප අයෙක් විය. අනෙක් ගුරුවරයා විදුහලේ ගණිත ගුරුවරයා බව පසු ව දැනගන්නට ලැබිණි. මගේ නවාතැන්පල වූ ගුරු නිවාසයේ අනෙක් සගයා වූයේ අසිත හෙවත් පෙර කී ගණිත ගුරුවරයා ය. ඔක්කම්පිටිය ජනපද විද්‍යාලයේ සම්පූර්ණ ගුරු මඬුල්ල හත් අට දෙනෙකුට නොවැඩි වූ අතර සිසු පිරිස ද යටත් පිරිසෙයින් එකසිය පනහක් තරමේ විය. බොහෝ ළමෝ දෙපයට සෙරෙප්පු දැමූ අතර කහ ගැහී දුර්වර්ණ වී ගිය නිළ ඇඳුම් අධ්‍යාපනයේ සම අයිතීන් උලුප්පා පෙන්වූ කැඩපතක් බව මට හැඟුණි. හතේ පන්තියේ මා උගැන්වීම් කළ අතර ඇතැම් සිසුන් පාසැල් ආවේ දෙකට දෙවාරුවට ය. ඒ අතරින් ඉගෙනීමට දක්ෂ කෙසේ වෙතත් ඕනෑකමක් තිබූ සිසුන් අතරින් කුසුමාවතී, මා මතකයේ රැඳි චරිතයකි. ඇය පන්තියෙ සිටි පිරිසිදු මෙන් ම විනීත ම ශිෂ්‍යාව වූවා ය. උදෑසන ම පාසලට පැමිණ නෙළුම් මල් මිටියක් මල් බඳුනේ බහාලන ඈ විදුහලේ අන් ගුරුවරුන්ගේ පවා සිත් දිනා සිටියා ය. උගැන්වීමට එතරම් මහන්සියක් නොදැරිය යුතු පාසලේ මගේ කුළුපග මිතුරා වූයේ අසිත ය. විදුහල ඇරී හවස් යාමේ වැවට ගොස් නාගැනීමත් ගමේ ගොඩේ ඇවිදින්නට යාමත් අනතුරු ව රාත්‍රී ආහාරය සැකසීමත් අපගෙ දෛනික චර්යාව විය. උගැන්වීම් අතින් බැලූ කල කලාපයේ ප්‍රතිඵල අතරින් පහල මට්ටමක් පෙන්වූ ඔක්කම්පිටිය ජනපද විද්‍යාලය ඉහළ මට්ටමකට ඔසවා තැබීම මගේ එක් සිහිනයක් ව තිබුණි. ඒ උදෙසා ළමෝ වෙනුවෙන් අමතර පන්ති කිරීමට මා විදුහල්පතිතුමාගෙන් අවසර ඉල්ලූ කළ මට ලැබුණේ මා උදාසීන කරවන සුළු පිළිතුරකි.
"මම හිතන්නෙ නෑ මහත්තයෝ වැඩක් වෙයි කියලා. මේකේ උන් ට ඉගෙනගන්නවට වඩා කරන්න වැඩ තියෙනවනේ. අපි වුණත් පඩි ගන්නෙ නිස්කාරණේ. දැන් බලන්න ඉස්සර අපි වාර සටහන් ලිව්වා, වැඩක් වුණාද? නෑ. කවුද ඕවා බලන්න එන්නෙ? හරියට ඉස්කෝලෙට පොත් ටික, රෙදි ටිකවත් ලැබෙන්නෙ නෑනෙ මහත්තයෝ. අනිත් එක තරුණ කාලේ ඔහොම තමයි. ටිකක් රැඩිකල් අදහස් නෙ තියෙන්නෙ. අපිත් ඔහොම තමයි ඒ කාලේ. කමක් නෑ කරලා බලන්නකෝ.. "
අමතර පන්ති යෙදු මුල් දින දෙක තුන කිහිප දෙනෙක් උනන්දුවෙන් සහභාගී වුවද සති කිහිපයක් ගතවනවිට පන්තියෙ ඩෙස් බංකු පමණක් ඉතිරි වූයේ විදුහල්පතිතුමාගේ කීම මොනවට පසක් කරමිනි. එය එසේ වුවද ගුරු නිවාසය නම් රාත්‍රියට බොහෝ වාද විවාද වලින් පිරුණු තැනක් විය.
"මට නම් හිතෙන විදියට ලංකාවේ හැරුම් ලක්ෂ්‍ය දෙකයි තිබුණේ. එකක් හතළිස් හතේ සම්මත වුණ නිදහස් අධ්‍යාපන පනත. අනිත් එක පනස් හයේ රාජ්‍ය භාෂා පනත. අසිත, උඹ මොකද ඒ ගැන කියන්නෙ?"
"මම නම් හිතන්නේ හැත්තෑ එකේ කැරැල්ලයි හැත්තෑ හතේ විවෘත ආර්ථික ක්‍රමයයි අසූනමයේ කැරැල්ලයි කියලයි. මොකද ඔය අවස්ථා තුන තිබුණෙ නැත්තම් අපි සිංගප්පූරුවක් වෙන්න තිබුණා. නැහැ කියනවද?"
"උඹ අපි වගේ සාමාන්‍ය පවුල් වල එවුන් ඉගෙනගෙන රස්සා කරන්නෙ අර හින්දා නෙවේද? අපිත් නැත්තම් මෙලහකට ගස් බඩගායි, නැත්තම් කුඹුරු කොටයි."
"ඒක හරි, ඒ වුණත් උඹයි මමයි ඉතුරු වුණාට රටට වැඩක් කරන්න හිටිය තරුණ කොල්ලො කෙල්ලො කී දාහක් නම් මැරුණද භීෂණ කාලේ? රට අවුරුදූ ගාණකින් ආපස්සට ගියෙ නැද්ද? ඒ මදිවට ජේ ආර් ලොක්කා මේ රටට කළ විනාසෙ "
"අනේ මන්දා, අපි දෙන්නා රණ්ඩු වෙයි. කාටද දැනෙන්නේ ඒක? එක අතකට වැඩකට නැති කතා නේද? ඒක නෙවෙයි අනිද්දා පෝය, මොකද කරන්නෙ? "
"මේ ළඟ ප්‍රසිද්ධ පන්සලක් තියෙනවා දෙමටමල් විහාරය කියලා. අහලා තියෙනවද ඒ ගැන? පිටිනුත් ගොඩක් සෙනඟ එනවා වන්දනාවෙ හෙම "
"කවදා කොහේදි හරි ඔය නම අහලා තියෙනවා මතකයි, ඒත් මතක නැහැ කොහෙදිද කියලා "
"දුටුගැමුණු-සද්ධාතිස්ස යුද්ධය ගැන කතන්දරේ මතකයිද? ඒ කාලේ යුද්ධෙන් පැරදිලා සද්ධාතිස්ස කුමාරයා ඇවිත් හැංගුණේ මෙහේ ලු. දුටුගැමුණු කුමාරයා ඇවිත් විහාරය වට කරගෙන හිටියලු කුමාරයට පැනලා යන්න බැරිවෙන්න. අන්තිමේ ට අපවත් වුණ හාමුදුරු කෙනෙක් අරන් යනවා වගේ සද්ධාතිස්ස කුමාරයා ව ඇඳක තියලා සිවුරක් පොරවලා එළියට අරන් ගියාලු. ඒත් දුටුගැමුණු කුමාරයා තමන්ගෙ සහෝදරයා අඳුරාගෙන ස්වාමින් වහන්සේලාගේ කරපිටින් යනවා නේද කියලා තමන් ගෙ මලයට ඔච්චම් කරලා තියෙනවා."
"අහ්.. එහෙමද? මම දැනගේන හිටියෙ නැහැනෙ. එහෙනම් පෝය දවසෙ හවස යමු. "
දිනපතා පාසලට පැමිණෙන දැරියක වූ කුසුමාවතී දින දෙකක් තිස්සේ පාසලට නාවා ය. ඊයෙ ඒ ගැන කාගෙන් හෝ විමසන්නට සිතාසිටි මුත් එය අමතක විය. අද ද ඈ නොපැමිණි හෙයින් පන්තියෙ සිටි දැරියකගෙන් ඈ ගැන විමසීමි.
"සර්, එයා මැරිලා"
මා මොහොතකට ගල් ගැසුණෙමි. හුන් අසුණෙහි ම ඇන්දට බර වූ මා හට ප්‍රකෘති සිහියට ඒමට තවත් තත්පර ගණනක් ගතවිය. තමන්ගේ සිසුවෙකු අකාලයේ මියයෑම තරම් තවත් දුකක් ගුරුවරයෙකුට තිබිය හැකිද? ඇගෙන් ම මග විස්තර අසාගත් මා විදුහල්පතිතුමාටද ඒ බැව් දන්වා අසිත ද කැටුව කුසුමාවතී ගේ නිවස බලා පිටත්වීමු. නිවසක් ලෙස හඳුන්වනවාටත් වඩා එය මඩුවක් සේ හැඳින්වූයේ නම් මැනවැයි ඇගේ නිවස දුටු කල මට සිතුණි. ඇගේ දේහය නිවස තුළ තබන්නට ඉඩකඩ මද හෙයින් ගෙමිදුලේ තාවකාලික මඩුවක් තනවා බාල ලීයෙන් කරවූ පෙට්ටියක දුර්වර්ණ වූ පාසල් ගවුමක් ම අන්දවා තබා තිබුණි. අප යනවිටත් එහි සෙනඟ හත් අට දෙනෙකුට වඩා නොවූ අතර වඩාත් ම විශ්මයට තුඩු දුන් කරුණ වූයේ නිවසින් කිසිදු හැඬුමක් නෑසීම ය. ඒ සියළු කරුණු සිත් හී තබාගෙන ඇගේ පියා යැයි පෙනීගිය කෙනෙකුන් කරා අප දෙදෙන ළංවීමු. "මේ ඉන්නේ කුසුමාවතී ගේ පන්ති බාර ඉස්කෝලෙ මහත්තයා. ඇත්තටම ලොකු උන්නැහේ මොකද කුසුමාවතී ට හදිසියේ ම වුණේ? " අසිත, මා හඳුන්වා දෙමින් විමසීය.
"මේ කෙළී හැමදාමත් ඉස්කෝලෙ ගිහින් අහවර වෙලා හවහට වැවට යනවා මහත්තයෝ මල් කඩන්න, ඒ මල් පන්සල ළඟ තියාගෙන ඉඳලා එන මිනිස්සුන්ට විකුණලා තමයි ඉස්කෝලෙට ඕන කරන අඩුම කුඩුම ටික ගන්නෙ. තව ඉතුරු වුණොත් ගෙදරටත් කීයක් හරි දෙනවා. පෙරේදත් ඒකි වෙනදා වගේ ම ඉස්කෝලෙ අහවර වෙලා ඇවිත් වැවට ගිහින් තියෙනවා මල් කඩන්න. අනිද්දා පෝය හින්දා වැඩියෙන් මල් ටිකක් කඩාගන්න කියල හිතලා මේකි ටිකක් වැව මැද්දට ගිහින් තියෙනවා මහත්තයෝ. රෑ බෝ වෙනකල් ම ගෙදර ආවෙ නැති හින්දා අපි ගමේ මිනිස්සුත් එක්කලා රෑ පානේ හුළු අතු පත්තුකරගෙන වැව පුරා හෙව්වත් හම්බවුණේ නෑ මහත්තයෝ, පහුවදා නෙළුම් මල් ටිකත් තුරුළු කරගත්තු ඒකි ගේ මිනිය වැව ඉස්මත්තට ගොඩ ගහලා තිබුණා. පවුලක් ජිවත් කරවපු කෙල්ල මහත්තයෝ..... "

පසුවදන : ප්‍රවීණ ගීත රචකයෙක් වන රත්න ශ්‍රී විජේසිංහ මහතා විසින් පද රචනය කර පණ්ඩිත් අමරදේවයන් විසින් ම සංගීතවත් කරමින් ගයන්නට යෙදුණු "සුදු නෙළුම කෝ සොරබොර වැවේ " ගීතයේ වස්තු බීජය මෙම කෙටිකතාව සඳහා පාදක විය.
අහලා බලන්නකෝ මේ සින්දුවත්...
අහලා බලන්නකෝ මේ සින්දුවත්...
සුදු නෙළුම කෝ සොරබොර වැවේ...
සංවේදී කථාවක් ලස්සනට ලියලා... සින්දුවනම් තාම අහන්න බැරිඋනා..
ReplyDeleteසදාතිස්ස කුමාරය පන්සලක හැන්ගිච්ච කථාව අහල තිබ්බට පන්සලේ නම දැනගත්තේ අද
ජය !!
ස්තූතියි. සින්දුව අප්ලෝඩ් කරද්දි කරදර කළානේ, බැරිම තැන සබැඳිය විතරක් දාලා නිකම් හිටියා... එකයි සින්දුව බලන්න බැරිවෙන්න ඇත්තේ!!!
Deleteහද සසල කරවක කතාවක්. ඒ ගීතයත් කුඩා කාලයේ ඉදන්ම මගේ හිතට වැදුණු සිංදුවක්
ReplyDeleteමේ මම ලිව්ව "සුදු නෙලුම කෝ" සටහන
http://aagiyakatha.blogspot.com/2011/11/blog-post_26.html
මාතෘකාව දැක්කාම මටත් හසිතගෙ පෝස්ටුව මතක් වුනා..
Deleteමම නම් වැඩිය අහලා තිබුණෙ නැති සින්දුවක්. වැඩිය ජනප්‍රිය වුණෙත් නැහැ නේද? හැබැයි සංවේදී බව අතින් නම් උපරිමයි!
Deleteලස්සනට ලියලා තියනවා මල්ලි..
ReplyDeleteමේ වගේ පවුල ජීවත් කරන ළමයි අපමණයි..ඒත් අපිට මේ වගේ අකුරු කරනවා හැරෙන්න කරන්න වෙන දෙයක් නෑ..
ස්තූතියි අක්කේ... අක්කගේ කලින් පෝස්ට් එක වගෙ නේද?
Deleteවචන නැ බන් කියන්න..තදටම හිතට වැදුන...
ReplyDeleteඑදත් එහෙමයි නේද ?
Deleteහරිම දුක හිතෙන කතාවක් ...
ReplyDeleteඒ වගේ ම සංවේදි කතාවක්!!!
Deleteඅනේ මෙහෙම ලියනකොට කතා කොහොමද මොන වැඩ තිබුනත් බ්ලොග් නොබලා ඉන්නේ
ReplyDeleteස්තූතියි යාළු !!!
Deleteගොඩාක් දැනුනා කථාව .මේ හා සමාන සිද්දිය වුන කවි පන්තියක් මම කියවල තියෙනවා.
ReplyDeleteඅහා... ඒ කොහෙන්ද?
Deleteබුකියේ තිබුලා හොයාගන්න උත්සහ කලා ඒත් බැරි වුනා.
Deleteෂැහ්... අපරාදෙ! කමක් නැහැ සහෝ, මේක තියෙනවනේ :) :)
Deleteකතාව අහලා තියෙනවා.එක පාරක් අපේ ෆැකල්ටි එකේ මොකක් හරි කලා වැඩකදි ජයලත් මනෝරත්න මහත්මයා ඕක කිව්වා.
ReplyDeleteඅපේඉ කලා උළෙලෙදි රත්න ශ්‍රී විජේසිංහ මහත්තය කිව්ව කතාවකට අනුව තමයි ලිව්වෙ මමත්!
Deleteගොඩක්ම හිතට වැදුනා..ලස්සනට ලියලා තියනවා සහෝ!
ReplyDeleteඅනේ අර ගෑනු ළමයා නොමැරුනානම්........
නොමැරුණා නම් හැමෝම සතුටින් ඉඳීවි නේද? ඒ වුනත් අපි ඇත්තට මුහුණ දෙන්නෙපැයි යාළු....
Deleteහරිම අපුරුවට කතාව නිර්මාණය කරලා අයියේ.. හිතට දැනුනා..
ReplyDeleteඔයා තරම් නම් නැතුව ඇති මලයෝ... සංවේදීයි නම් තමයි!!!
Deletekathaawe anthima harima sanweediy..
ReplyDeleteeththa kathaawak wage denune.
well done...!
ස්තූතියි ඇනෝ සහෝ...
Deleteනියමයි ලහිරුවෝ... පට්ට..
ReplyDeleteසුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
හෙහ් හෙහ්... අපෝ මට නම් එපා!!!
Deleteමචං පොඩි වැඩක් කරහන්.. මේ කතාව තව ටිකක් අඩුම තරමේ කොටස් හය හතක්වත් ලියහන්..
ReplyDeleteමේ කතාව ගලාගෙන යන විදිහ මරු. මම හය වසරෙදි කියවපු කතා පොතක් මතක් උනා. කතාව නියමයි.. ඒ පොත කියවපු අතීතයට මම් නිරායාසයෙන්ම ගියා මේ කතාව තුල !!!
කතාව ඒ තරමටම උපරිමයි.
ම්ම්ම්... ලියන්න නම් ආසයි!!! ඒත් මෙගා සීරීස් ලියන්න ගිහින් අලවෙයිද කියලා හිතෙනවා, ඒකයි. අනිත් එක වෙලාව තමයි ප්‍රශ්නේ. ස්තූතියි සහෝ අදහසට!
Deleteතවටිකක් දික්උනානම්මොකෝ?
ReplyDeleteදික් කරන්න ගිහින් තියෙන රසයත් නැතිවෙයිද කියලා හිතෙනවා මට... ඒකයි ලිව්වෙ නැත්තෙ. අනේ මන්දා බලමුකෝ!
Deleteතව කතාවක් මරු...
ReplyDeleteහොදටම හොදයි අයියේ..හිතට වදින්න තියනවා...
තැන්කූ තැන්කූ මලයෝ!!!
Deleteකලින් මා රාජකරියේහි යෙදුන ආයතනයේ රාජකාරි කටයුත්තකට මා ඔය ප්‍රදෙශයේ චාරිකා කල අන්දම නැවත සිහි ගැන්වුනි....ඇත්තේන්ම ඔය කියන හරිය කොළනිය ලෙස හැඳින්වේ..ඔක්කම්පිටිය මහවිදුහලටද රජයේ ව්‍යපෘතියක් සඳහා ගොඩවැදී ඇත්තේමි. ඔබගේ රචනය අතිශ්‍ය සජීවි බවකින් යුක්තය
ReplyDeleteස්තූතියි අයියෙ, හැබැයි බිංදු තරම් නම් ලස්සනට ලියන්න බැහැ මට!!!
Deleteඇඩෙනවා ;( සිරාවටම දුක හිතෙනවා .
ReplyDeleteඔය සින්දුව අහං ඉන්නත් මට අමාරුයි. ඒ තරමට දුක සින්දුවක්. කතාවනම් ලස්සනට ලියලා තියනවා.
ReplyDeleteඔව්, ගොඩාක් දුක හිතෙන සින්දුවක්, තැන්කූ අක්කෙ!
Deleteශා....නියමයි කතාව යාලුවේ...ඔයාට ලියන්න හොඳ හැකියාවක් තියනවා...
ReplyDeleteහ හා... ස්තූතියි යාළු!
Deleteoya sabaragamu campus da ali... denne danne...hmm
ReplyDeleteම්ම්ම්... ඔව්! කොහොමද දැනගත්තෙ? යාළුවෝ ඉන්නවද එහෙ?
Delete