
28
Jun
2012

පසුගිය දවසක එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා විසින් පුද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදියට ගේන්න සූදානම් වෙන පූජ්‍ය පක්ෂයට දේශපාලනය තහනම් කරන අදහස ගැන සමාජයේ ගොඩක් කතාබහට ලක්වුණා නේ. මේකෙන් ගොඩක් ම කලබල වෙලා තියෙන්නෙ ධර්ම රාජ්‍ය සංකල්පයෙන් දේශපාලනයට පිවිසුණ ජාතික හෙළ උරුමයනේ. ඒ අය රට පුරා අදහස් විමසමින් සහ ජනතාව දැනුවත් කරමින් යනවා කියලා පත්තර වලත් තිබුණා. ඇත්තටම භික්ෂූන් වහන්සේලා ට දේශපාලනය සුදුසු ද? එක එක්කෙනාට මේ ගැන විවිධ අදහස් තියෙනවා, සමහරු...
21
Jun
2012

මොනවද මේ පරමාණුක ඔරලෝසු එහෙමත් නැත්තම් Atomic Clocks කියලා කියන්නෙ? ඒ ගැන කතාකරන්න කලින්, ඔරලෝසු ගැන කිව්වම මතක්වෙනවනේ නොයෙක් ජාතියෙ ඒවා නේද? අතේ බඳින ඒවා, බිත්තියෙ එල්ලන ඒවා, වයින් කරන ඒවා, බැටරි තියෙන ඒවා, එලාම් ඔරලෝසු, ඔරලෝසු කණු වල තියෙන විශාල ප්‍රමාණයේ ඒවා... වගේ. හැමෝටම මතක ඇතිනේද ඉස්සර පරණ ගෙවල් වල තිබුණා බට්ටා ඔරලෝසු. අර හැම පැයකටම සැරයක් කෑගහන්නෙ. ඒවායේ කාලය ගණනය කරන්නෙ සාමාන්‍යයෙන් ඒකේ මැද ඉන්න බට්ටා එහෙමත් නැත්තම් අවලම්බයේ දෝලනය මුල් කරගෙනයි. අපේ සාමාන්‍ය...
15
Jun
2012
Windows 8 Beta version එකත් ඇවිල්ලා තියෙන කාලෙක අහවල් දේකට Win 7/Vista/XP ගැන කියනවද මන්දා කියලා ඔයාලට හිතෙනවා ඇති නේද? ඒත් සමහරු ඉන්නවනේ කොයිතරම් අළුත් ඒවා ආවත් පරණ OS එක දාලා යන්න අකමැති අය. උදාහරණයක් විදියට Microsoft සමාගමේ මෙතෙක් බිහි වුණ හොඳම OS එක විදියට ගොඩක් දෙනා සලකන්නේ Windows XP. ඒකට විවිධ හේතු තියෙනවා. Win XP ගොඩක් stable සහ reliable වීම, ගොඩක් මෘදුකාංග සමඟ හොඳින් ක්‍රියාකිරීම වගේ ඒවා. Windows 2000, me වගෙ ඒතරම් සාර්ථක නොවුණ OS වලින් පස්සෙ කැපී පෙනෙන වෙනස්කම්...
12
Jun
2012

වැරදීමකින් රජවුණ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා -01මහනුවර රාජධානියේ ඇදවැටීම සනිටුහන් කළ ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා වැරදීමකින් වගේ රජවුණ හැටි කියන කතාවේ දෙවෙනි කොටස තමයි මේ. කලින් කොටස කියෙව්ව නැති කවුරුහරි ඉන්නවානම් උඩින් තියෙන සබැඳියෙන් ගිහින් කියවලා ම එන්න. ශූර වීර කපටි බුද්ධියකින් සහ ස්ථානෝචිත ප්‍රඥාවෙන් යුක්ත වුණ මහාධිකාරම, රජතුමා තමන්ට ඇටවූ උගුල ආපසු රජතුමාට කරකවන්න සමත් වුණේ මෙහෙමයි. කන්නසාමි කුමාරයා සමඟ රහසේ ම සාකච්ඡාවක යෙදුණු මහාධිකාරම කන්නසාමි කුමාරයාට මෙහෙම...
9
Jun
2012

කනා චාන්ස් එකකින් ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා රජවුණ හැටි කියන්නයි යන්නේ මේ. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ව රජ වෙන්න කලින් හැඳින්වූයේ කන්නසාමි කුමාරයා විදියටයි. ඒ දවස්වල හිටිය මිනිස්සු තියා කන්නසාමි කුමාරයා වත් හිතුවෙ නැහැ කවදාවත් ඔහුට රජකමට පත්වෙන්න පුළුවන් වෙයි කියලා. ඒකට හේතුව කන්නසාමි කුමාරයාට රජකමට ළඟින් යන්න තරම්වත් උරුමයක් නොතිබුණ එකයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා ට කලින් රජවෙලා හිටියේ රාජාධි රාජසිංහ රජතුමායි. ඒ රජතුමාගේ අපූරු මරණය තමයි කන්නසාමි කුමාරයාට රජකමට...
4
Jun
2012

‘පව් කරන හැමෝ ම දුක් විඳිනව ද..?’, කියල ඇහුවොත් සමහර කෙනෙක් කියයි, “අපෝ නැහැ ඔය ඕන තරම් ඉන්නේ පව් කර කර සැප විඳින අය...” කියලා.. බොහෝ විට ඒ අය ඒ දේ කියන්නේ මේ ජීවිතයේ පින් පව් වල විපාක නැහැ කියන අදහසේ පිහිටල වගේ ම, මේ ජීවිතය ගැන විතරක් කල්පනා කරල යි. ඒ විදියට පව් කම් කරමින් මේ ජීවිතය තුළ සැප සේ ජීවත්වන බව පෙනෙන සිය දහස් ගණන් පිරිස් නිසා, සමහර උදවිය කර්ම-කර්මඵල විශ්වාසයෙන් පවා බැහැර වෙන අවාසනාවන්ත සිදු වීම් ඕනතරම් තිබෙනවා...ප්‍රශ්නේ තියෙන්නෙ අපිත් එහෙම වෙන්න ඕනද කියන...
2
Jun
2012

අද ඔන්න කතාවක් කියන්නයි යන්නේ. මේක ඇත්ත ම සත්‍ය කතාවක්. කතාව කියවලා ඔයාලට හිතෙන දෙයක් ඒ විදියටම කියලා යන්නත් අමතක කරන්නෙපා කියලා මුලින් ම කියනවා ඔන්න. ඒ අක්කගේ නම ගීතිකා. අයියාගේ නම සුනෙත් කියමුකෝ. ගීතිකා අක්කා හිටියෙ, අපේ ගෙවල් වලට ප්‍රධාන පාරෙන් හැරෙන පාරෙ පළවෙනි ගෙදර. ඒ අක්කට ලස්සන දිග කොණ්ඩයක් වගේ ම සැරයක් දැක්කොත් ආයේ හැරිලා බලන්න තරම් ප්‍රියමනාප හැඩරුවක් තිබුණ නිසා ම මටත් පොඩි කාලේ ඉඳන් ම හොඳට මතකයි. එයා ඉස්කෝලෙ ගියෙ මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලෙකට. අම්මා...
Subscribe to:
Posts (Atom)
39 දෙනෙකුට හිතුණ දේවල්:
Post a Comment
කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !