Marketing නම් මාකටින්...

දුප්පත් දෙම්ව්පියන් යුවළකගේ පුතෙක් වුණ පුංචි බ්‍රැඩ් ඉස්කෝලේ ගිහින් ඉවරවෙලා ලොකු සමාගමක සේල්ස්මන් ජොබ් එකකට අයැදුම් කළා. රස්සාව ලැබුණේ සමාගමේ ගම්බද පළාතක තිබුණ ශාඛාවකට. ටික කාලයක් ගියා ම බ්‍රැඩ් ගේ වැඩ හොඳ නිසා සමාගමේ නගර ශාඛාවකට මාරු වීමක් ලැබුණා. එහේ වැඩට ගිය මුල් දවසෙම ලොක්කා බ්‍රැඩ් ව කැඳවලා සද්දයක් එහෙම දාලා කිව්වා එයාට බ්‍රැඩ් ගේ හැකියාව චෙක් කරන්නෝන කියලා. "මම තමාට ට්‍රයල් දවසක් දෙනවා අද. හවසට එනවා මම තමන්ගේ සේල්ස් බලන්න" එහෙම කිව්ව ප්‍රධානියා යන්න ගියා.

ඉතින් බ්‍රැඩ් ගිහින් වැඩ පටන් ගත්තා. ටික ටික හවස් වේගනත් ආවා. කිව්වා වගේ ම ලොක්කා මෙන්න එනවා හවස් වෙද්දි බ්‍රැඩ් ව බලන්න. ලොක්කා එද්දිත් බ්‍රැඩ් කස්ටමර් කෙනෙක් එක්ක කතා කරලා Shakehand කරනවා. ඉතින් ලොක්කට හරි සතුටුයි මේක දැකලා.

ප්‍රධානියා : ආ.. බ්‍රැඩ් හොඳට වැඩ කරගෙන යනවනේ. අද දවසට කොච්චර සේල්ස් කළා ද?

බ්‍රැඩ් : එකයි සර්!

ලොක්කට ටිකක් තදවුණා.

ප්‍රධානියා : සාමාන්‍යයෙන් මගේ ස්ටාෆ් එක දවසට සේල්ස් 20-30 ක් වත් කරනවා. ඒ නිසා තමුන් ට මීට වඩා හොඳට වැඩ කරන්න වේවි දිගටම ඉන්න නම්. ඒකට කමක් නෑ කියන්න ඔයාගේ සේල් එකේ වටිනාකම?

බ්‍රැඩ් : ඒක ඩොලර් 365,452 ක් වෙනවා සර්.

ලොක්කා හොල්මන් වුණා. අඩියක් දෙකක් පස්සට ගිහින්...

ප්‍රධානියා : ආ... එහෙමද? කොහොමද කියන්නකෝ ඔයා එච්චර සේල්ස් කළේ කියලා?

ඔන්න බ්‍රැඩ් කියන්න පටන් ගත්තා කතාව. ලොක්කත් වශී වෙලා වගේ අහගෙන ඉන්නවා. "සර් හවස එද්දි මෙතන හිටිය කස්ටමර් උදේ ම ෂොප් එකට ආවේ. මම එයාට විකිණුවා කුඩා ප්‍රමාණයේ බිලී කොක්කක්. ඊට පස්සෙ මධ්‍යම ප්‍රමාණයේ එකක්. ඊටත් පස්සේ ලොකු එකක්. අයේ මම එයාට දුන්නා spear gun එකක්, wetsuit එකක්, scuba gear එකක්, මාළු දැලක්, ශීතකාරක " වගේ මාළු අල්ලන්න ඕන කරන සේරම දේවල් වගේ ම බියර් කෑන් එකකුත්.

මම ඇහුවා එයාගෙන් කොහාටද මාළු අල්ලන්න යන්නේ කියලා. එයා කිව්වා මේ එහා පැත්තේ තියෙන ගඟට කියලා. ඉතින් මම කිව්වා හොඳට විනෝද වෙන්න පුළුවන් ගඟ මැදට ම ගිහින් මාළු ඇල්ලුවොත් කියලා. එයා තීරණය කළා අපෙන් බෝට්ටුවකුත් ගන්න. ඉතින් මම එයාව යැව්වා අපේ බෝට්ටු අංශෙට. එයා එතනින් එන්ජින් දෙකේ පොඩි බෝට්ටුවක් තෝරගෙන තිබුණා. ඊට පස්සේ එයා එළියට ගිහින් ඇවිත් කිව්වා මට, එයාගේ පරණ කාර් එක බෝට්ටුව ගඟ ළඟට අරන් යන්න තරම් ලොකු මදියි කියලා. ඊට පස්සේ මම එයා ව යැව්වා අපේ මෝටර් රථ අංශෙට. එහෙදි එයා අපේ තියෙන නැවක් වගේ ලොකු, TV එකක්, හීටරයක් එහෙම තියෙන සුඛෝපභෝගී කාර් එක ට මුදල් ගෙවලා තිබුණා"

ප්‍රධානියා : ඔයා ඒ ඔක්කොම විකුණුවේ බිලී කොක්කක් ගන්න ආව මනුස්සයෙකුට නේද? හරි පුදුමයි! අනර්ඝයි බ්‍රැඩ්!

බ්‍රැඩ් : නෑ සර්, ඒ මනුස්සයා ආවේ බ්ලැන්කට් එකක් ගන්න.

ප්‍රධානියා : ඈ... බ්ලැන්කට් එකක් ගන්න. ඉතින් මොකටද එයාට බිලී කොක්කක් දුන්නේ?

බ්‍රැඩ් : එයා බ්ලැන්කට් එකක් ඕඩර් කළේ කවිච්චියට දාගෙන නිදාගන්න. එයා වයිෆ් එක්ක තරහා වෙලා වලියකුත් දාගෙන ඇවිත් තියෙන්නෙ. රෑට නිදාගන්න තමයි කවිච්චියට බ්ලැන්කට් එකක් ඉල්ලුවේ. ඉතින් මම එයාට කිව්වා වයිෆ් නිසා සති අන්තේ නාස්ති කරගන්නේ නැතුව කොහෙහරි ගිහින් විනෝද වෙන්න කියලා. ඒ සැරේ තමයි මිනිහා ගඟට ගියේ මාළු බාන්න.....


ප.ලි: මේ දවස් වල දිගටම දාන්න වෙන්නේ ඊමේල් වලින් එන කතන්දර තමයි. මොනවත් නොදා ඉන්න කම්මැලිකමට යන්තම් translate කරලා දැම්මා. එක්සෑම් නම් ඉවරයි, ඒත් mini project එකේ presentation එක ඉවරවෙනකල් විවේකයක් නෑ කිසිම ඕං. ෆොටෝ එක (www.staycationnation.net)

34 comments:

  1. ඇත්තටම මේ විදියට මාකටින් කරන්න පුළුවන් අය ඉන්නවා...ඒ අයටනම් උපතින්ම ඒ හැකියාව තියනවද කොහෙද..

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් , එයාලා ඉපදිලා තියෙන්නෙත් ඒකටමද මන්දා...

      Delete
  2. කැරකෙන දඟර හුලන් කිවුවලු.... හප්පද බොළ මාර වැඩ කාරයෙක්නේ !!! ඇත්තටම මේ ලෝකේ ඒ වගේ වැඩකරයොත් ඉන්නවා තමා සහෝදරයා... :) එල කතාව

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, අපිත් සමහරවෙලාවට අහුවෙනවා එහෙම අයට!

      Delete
  3. වැඩි හරියක් ඉන්නෙ සල්ලි පාවිච්චිය හරියට කරන්න බැරි කට්ටිය ඉතින් බඩු විකුනනවා කියන එක තමයි තියන ලෙසිම වැඩෙ හැබැයි හරි තැනට හරි වෙලාවට හරි ඇනෙ පවිච්චි කරන්න ඕනෙ. මාර්කටිං කියන්නෙ ඕන පොල් බූරුවෙකුට කරන්න පුලුවන් වැඩක් හැබැයි තමන් පොල් බූරුවෙක් නොවන වගත් බඩු ගන්න එකා පොල් බූරුවෙක් නොවනවග දැනගෙන බඩුගන්න එන කෙනාව පොල්බූරුවෙකු තත්වයට පත් කරන්නත් හැකියාව තියන්න ඕනෙ

    ReplyDelete
    Replies
    1. සහතිකවම, ආයේ කියන්න දෙයක් ඉතුරු කරලා නෑ ඕං!

      Delete
  4. අර ඇස්කිමෝලටත් ෆ්‍රිජ් විකනපු අය හිටියය කියන්නේ..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් මමත් අහල තියෙනවා ඒ කතාව!

      Delete
  5. තමන්ගේ වචනවලින් මිනිසුන්ගේ අදහස් වෙනස් කරන්න, අලුත් අදහස් දෙන්න පුළුවන්නම් ඒ පුද්ගලයා හොද සේල්ස්මන් කෙනෙක් තමයි...
    :)

    ReplyDelete
    Replies
    1. ඔව්, හැබැයි වංචා නොකර!

      Delete
  6. අර මනුස්සයව සම්පුර්ණයෙන්ම සුද්ද කරලා..හැබැයි ඉතින් ඒකත් දක්ශකම තමයි..

    ReplyDelete
    Replies
    1. ඒක තමයි වයිෆ් එක්ක රණ්ඩු වෙන්නෙපා කියන්නේ!

      Delete
  7. මුංගෙ ලඟ ගෑනුත් විකුණන්න හිටියනං මේකා ගැනියෙකුත් අර යකාට විකුණනවා ශුවර්

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වලියක් දාගෙන නේ ඇවිත් තිබුණේ!

      Delete
  8. හොඳ ගණුදෙනුවක්...බ්‍රැඩ්ටත් සතුටුයි.කස්ටමර්ටත් සතුටුයි...

    ReplyDelete
    Replies
    1. බලාගෙන හිටිය අපටත් සතුටුයි, හැබැයි වයිෆ් ට ආරංචි වුණොත් නම්.. බ්ලා බ්ලා බ්ලා...

      Delete
  9. කතාව ට්‍රන්ස්ලේට් කලාට පාඩු නෑ !!!
    සුපිරි කතාවක් !!! මම් මේ කතාව කට්ටිය තරේ ෂෙයාර් කලාට කමක් නැද්ද ?

    ReplyDelete
  10. අත් දැකීමෙන් කියන්නෙ එහෙම අය ඉන්නවා.... නිකන් හිතන්න රුපියල් පන්සීයක Computer Hardware පාඨමාලාවකට බැදෙන්න ආපු කෙනෙක් ( වයස 40 - 50 ) විතර රුපියල් 120000 ක් ගෙවන්න වෙන Multimedia පාඨමාලාවකට ලියාපදිංචි කලොත්....... ඒ වගේ අවස්තා සිය ගානක් මං දැකලා තියනවා.......
    සයිඩ් එකෙන් සපොර්ට් කරලත් තියනවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත, සමහරු පුදුම විදියට අහුවෙනවා!

      Delete
  11. නියම කතාව ඒවගේම ඒ සේවකයා හොඳ වැඩ කාරයෙක්.ගන්න පුළුවන් දේවල් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව්, ඒ වගේ අය සම්පත් අයතන වලට!

      Delete
  12. ඔව් මේක බ්‍රෑඩ්ගෙ දක්ෂකම..කස්ටමර්ස්ලගෙ කැමත්ත සම්පූර්නයෙන්ම වෙනස්කරන්න සේල්ස්මන් කෙනෙක්ට පුලුවන්..ඒ වගේම මේක ට්‍රාන්ස්ලේට් කරල ලස්සනට ලියපු ඔයත් ගොඩක් දක්ෂයෙක්.. :)

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා මං ගැන නම්! ඒ වුණත් බ්‍රැඩ් නම් දක්ෂයෙක් තමයි!

      Delete
  13. සිරාවටම නියම කතාවක්. සිරාවටම එහෙම වෙන්නත් බැරි කමක් නෑ නේද හැබෑටම ?

    එස්කිමොවරුන්ටත් අයිස් පෙට්ටි විකුනනවා කියනවනේ මේවගේ මාකටින් කරන අය.

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් වෙන්න බැරිකමක් නෑ සහෝ, මාකටින් වල හැටි එහෙම තමයි!

      Delete
  14. මැක්ස කතාව බං. මේල් වලින් ආවත් කමක් නෑ මේවගේව.

    ReplyDelete
    Replies
    1. මම හිතුවේ කවුරුත් ඒ තරම් කැමති වෙන එකක් නෑ කියලා!

      Delete
  15. නියමයිනෙ බ්‍රැඩ්.. පව් අප්පා අර අහිංසක මනුස්සයා..

    ReplyDelete
  16. මරුනේ අයියා...සිරා කතාව... කස්ටව නැති වෙන්නම දීල... ඔන්න වයිෆ් එක්ක රණ්ඩු කර ගත්තම වෙන වැඩ !!!

    ReplyDelete
    Replies
    1. ඔන්න ඔන්න නංගා වැරදි පොයින්ට් එක අල්ලගෙන!

      Delete

කමෙන්ටුවකින් දෙන්න පොඩි තල්ලුවක්. පෝස්ටුව ගැන හිතට හිතෙන දැනෙන ඕනෙ ම දෙයක් ලියන්න මෙතැන තමයි තැන ඔන්න.... හිතේ සතුට තමයි වටින්නේ !